ජංගම දුරකථන සඳහා සිංහල යුනිකෝඩ්

153 views
Skip to first unread message

Dhammike Mendis

unread,
Mar 6, 2008, 2:27:16 AM3/6/08
to sinhala...@googlegroups.com
මිතුරනි,

සිංහල යුනිකෝඩ් පරිඝනක ක්ෂේත්‍රයේ ඉතා සාර්ථක ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. සිංහල ඇස්කි ෆොන්ට් භාවිතා කල බොහොමයක් වෙබ් අඩවි දැන් යුනිකෝඩ් වලට පරිවර්තනය වෙමින් පවතී. නමුත් අප රටේ සියලුම මට්ටම් වල ජනතාවගේ අත්‍යාවශ්‍යම හා ජනප්‍රියම තාක්ෂණික මෙවලම වන ජංගම දුරකථන සඳහා තවමත් සිංහල යුනිකේතය භාවිතා නොවේ. වැඩි පිරිසක් ජංගම දුරකථනයේ ඇති ඉංග්‍රීසි අකුරු මගින් සිංහල පනිවුඩ යවති. අපට මෙය සිංහලෙන්ම කල හැකි නම් අහෙයි නේද?

මා හට ජංගම දුරකථනයන්හි යුනිකේත ක්‍රියා කරන ආකාරය ගැන දැනුමක් නැත. රුසියානු වැනි යුනිකේතය භාවිතා කරන අනෙකුත් භාෂා සාර්ථකව ජංගම දුරකථන වල දර්ශණය වේ. එමෙන්ම ඔවුන් තම මවු භාෂාවෙන් පනිවුඩ හුවමාරු කර ගනිති.

මෙම පහසුකම ජංගම දුරකථන නිෂ්පාදකයා විසින් සකසා එවිය යුතුද? එසේත් නැතිනම් එය මෘදුකාංගයක් නිපදවීමෙන් කල හැකිද? නිෂ්පාදකයන් විසින් ඉලක්ක ගත වෙලඳපොලක් සඳහා ඒ ඒ රටවලට වෙනම දේශීය භාෂා සහය සහිත ජංගම දුරකථන නිපදවනු ලබයි. මෑතකද සිංහල සහිත NOKIA දුරකථනයක් ඩයලොග් සමාගම හඳුන්වා දුන්නද එයින් යවන පනිවිඩය කියවීමටනම් ලබන්නාටද එම වර්ගයේම ජංගම දුරකථනයක් තිබිය යුතුය. මෙහිදී යොදාගත් තාක්ෂණය කුමක්ද?

ගයාන් ගේ ගාප් සිංහල, විශ්ව කුමාරගේ සිංග්ලිෂ් වැනි ක්‍රමයක් ජංගම දුරකථන සඳහා උචිත යැයි හැඟේ. ජංගම දුරකථන කී පෑඩයේ ඇති සීමිතභාවය හේතුවෙන් "ෆොනටික්" වර්ගයේ යතුරු පුවරුවක් ගැලපෙන බව මගේ අදහසයි. ඔබ සැමගේ අදහස් කෙසේද?

එමෙන්ම තවමත් අපරටේ පැරණි ජංගම දුරලථන භාවිතයේ පවතී.ඒවාටත් ගැලපෙන හා භාවිතා කල හැකි අයුරින් විසඳුමක් සොයා ගත හැකිනම් සමූහයක් වශයෙන් අප හට ලබා හත හැකි විශාල ජයග්‍රහනයකි.

අප රටේ ජනතාවට ජංගම දුරකථන මගින් සිංහලෙන් සන්නිවේදනය කිරීම සඳහා ඇති තාක්ෂනික හා වෙනත් ගැටලු පිලිබඳ පුලුල් සංවාදයක් අත්‍යාවශ්‍යය. මේ පිලිබඳව තාක්ෂණික දැනුම ඇති අය හා සියලු දෙනාගේම අදහස් / යෝජනා සඳහා මෙයින් අපගේ සාකච්ඡාව ආරම්භ කරමු. ඔබ සැමගේ අදහස්/යෝජනා දක්වන්න


ස්තුතියි

--
ධම්මික මෙන්ඩිස්෴
Dhammike Mendis
Blog   : http://dhammike.blogspot.com

ගයාන් රාජ්පක්ෂ්‍ය

unread,
Mar 7, 2008, 11:02:53 PM3/7/08
to සිංහල යුනිකෝඩ් සමූහය
ධම්මික,

ඔබ යන මාර්ගය හරි, මෙය මම අවුරුදු තුනකට ඉහතදි මතු කල ප්‍රශ්ණයක්,
විජේසේකර ලේ අවුට් එක ග්‍රැමෆෝන් යන්ත්‍රයක් වැනිය, එය සීඩී තැටියට පළමු
පියවරක් පමණයි! ඉතිං අප එයින් මිදිය යුතු කාළය එළඹ ඇත,

අද හෝ හෙට හෝ අප ශ්‍රී ලංකාව ෆෝනටික් ක්‍රමයක් ස්ථීර කරගත යුතුමය,

මෙය අනාගත පරම්පරාවට වැදගත් වන මාතෘකාවකි,.

ගයාන්

Sapumal Jayaratne

unread,
Mar 8, 2008, 2:23:45 AM3/8/08
to Sinhala...@googlegroups.com
හිතවත් ගයාන්,

විජේසේකර යතුරු පුවරුව සම්බන්ධයෙන් ඔබගේ මතය හා මම එකඟ නොවෙමි. ඉංග්‍රීසි වලට අමතරව වෙනත් බොහෝ භාෂා සඳහා එම භාෂාවෙන්ම යතුරු පුවරු නිර්‍මාණය කොට ඇති අතර එකී භාෂාවලට සරිලන සේ සෑදූ යතුරු පුවරු ද වෙළඳපොලෙන් ලබාගත හැක. සිංහල භාෂාව සඳහා ද එවැනි යතුරු පුවරු සෑදීම හා විකිණීම ලංකාවේ එක්තරා ආයතනයක් ආරම්භ කල ද එය එතරම් ම ප්‍රචලිත නොවීය. නමුත් අනාගතයේදී ඉංග්‍රීසි හා සිංහල අකුරු අඩංගු යතුරු පුවරු භාවිතයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කල හැක.

ෆොනටික් ක්‍රමයක් අපට අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි යතුරු පුවරුවක් භාවිතයෙන් සිංහල යතුරුලියනය කිරීමේදීය. එයද අත්‍යාවශ්‍ය නොවේ. තරමක පුහුණුවකින් පසු යතුරු පුවරුව දෙස නොබලා යතුරුලියනය කිරීමට කෙනෙකුට පුහුණු විය හැක. එවිට යතුරු පුවරුවේ සඳහන් අකුරු එතරම් වැදගත් නොවේ. නමුත් සිංහල යතුරු පුවරුවක් භාවිතයේදී ෆොනටික් ක්‍රමයක් කිසිසේත් ම නොගැලපේ.

මගේ තර්කයට හොඳම උදාහරණය සිංහල යතුරුලියනයයි. සිංහල යතුරුපුවරුවක් හා කඩදාසියක් මත ලියන ආකාරයටම ලිවිය හැකි සේ සැකසුනු විජේසේකර යතුරු කරන ක්‍රමයත් භාවිතයෙන් ඉතා සාර්ථක ලෙස සිංහල ලිපි යතුරුකරණය කිරිමට සිංහල යතුරුලියනය සමත් වී ඇත. මෙම සාර්ථකත්වය පරිඝණක සඳහා අදාල නොවන්නේ කෙසේදැයි මට නොවැටහේ.  සිංහල යතුරුලියනය නිර්‍මාණයේදී ද ෆොනටික් ක්‍රමයක් භාවිතා කලානම් එම මෙතරම් සාර්‍ථක වනු ඇතිද?

මගේ අදහස නම් ගැටලුව ඇත්තේ විජේසේකර යතුරු පුවරුව හෝ විජේසේකර යතුරුකරන ක්‍රමවේදය තුල නොව වෙනත් තාක්ෂණික හා අනෙකුත් අංශ වල බවයි.  එනිසා අනාගත පරපුරට අප දායාද කල යුත්තේ සිංහල යතුරුලියනය මෙන් සාර්ථක හා චිරස්ථායී ක්‍රමයක් විනා වෙනත් භාෂාවක් මත පදනම් වූ තාවකාලික පැලැස්තර විසඳුම් නොවන බවයි.

නමුත් ජංගම දුරකථන සඳහා සුදුසු යතුරු පුවරුවක් හා යතුරුලියන ක්‍රමවේදයක අඩුව තවම පවතී. එනිසා ඒ සඳහා සුදුසු ක්‍රමයක් ගැන ඔබ සැමගේ අදහස් කෙබඳුද?

සැරදේවා,
සපුමල්.

ගයාන් රාජ්පක්ෂ්‍ය

unread,
Mar 8, 2008, 2:59:19 AM3/8/08
to සිංහල යුනිකෝඩ් සමූහය
සපුමල්,

මම ඔබගේ මතය හීන මානයකට ලක් කරනවා නොවේ නමුත්,
මටද ඔබගේ මතයට එකඟ විය නොහැක, කිමෙක්ද කිව හොත් ෆොනෙටික් ක්‍රමය යතුරු
පුවරුවේ දිස්වන අකුරු
පිළිබද ප්‍රශ්ණයක් නොවේ,

සිංහළ අකුරු ඉංග්‍රීසි අකුරු වලට වඩා වැඩි ප්‍රාමාණයක් ඇත. එය කවුරුත්
දන්නා දෙයකි,
සිංහල අකුරු සියල්ලටම එක කී එක ගානේ දීමට අපට නොහැක

හේතු 1. කීබෝඩ් එක විශාල කිරීම එයට පිළිතුර නොවීම
2. එය හැදැරීමට සැහෙන කාල සීමාවක් යා හැක ( මොකද මිනිසුන් එක
හා සමාන ලෙස බුද්ධි මට්ටමේ නොවන නිසා)
3. ශ්ෆ්ට් කිරීම් ඕල්ට් කිරීම් නිසා ලිවීමේ වේගය අඩුවීම

ෆොනටික් ක්‍රමය ලෝකයට අලුත් දෙයක් නොවේ

ජපානය භාවිතා කරන අයි එම් ඊ එක ෆොනෙටික් ක්‍රමයට නිර්මාණය කර ඇත, එය
නොමැති නම් අද ජපන් අකුරු කියන දෙය නොමැත. හේතුව
ප්‍රින්ට් කිරීම හා වේගයෙන් ලිවීමට හැකියාව දුර්වළ මට්ටමක පැවති නිසා හා
එම වකවානුවේ එම හේතුව නිසා ජපන් පත්‍ර ඉංග්‍රීසි අකුරෙන් පළවන්නට පටන්
ගත්තේය,
අප ලංකාවේ ද සමහරක් අය පරිගණකයේ ලියන විට එලෙස ලියයි. කෙසේ හෝ එම අර්බුදය
ජය ගැනීමට ජපනුන් "හෙන්කන් සොෆුටෝ" (ෆොනෙටික් ක්‍රමය + අකුරු හැරවීමෙ
ක්‍රමය) ක්‍රමය
හඳුන්වා දුනි.

මෙම අර්බුදය අප ලංකාවේ පටන් ගෙන තිබේ උදා: රිද්මය.කොම් වැනි වෙබ් අඩවි
සිංහල ඉංග්‍රීසි අකුරින් ලියයි මෙයට හේතුව

ඔබ වැනි අය බේසික් එක අතහැර යාමට අකමැති කමේ ප්‍රතිපළයක් යැයි සිතමි.

සොයා ගැනීම සැමදා ඒ මතයේම රඳා පවතින්නේ නැහැ ලෝකය පැතලියි කිවු කාලයක් ද
තිබුනි නමුත් අද ලෝකය රවුම් ය.

නිදහස් ව සැමට සාධාරණව සිතන්න හැම අයකුටම විජේසේකර කීබෝඩය බැරිය ගාර්ප්
සිංහල ප්‍රචලිත වීමට හේතුවද මෙයයි!

ගයාන්,

දසුන් සමීර

unread,
Mar 8, 2008, 2:59:28 AM3/8/08
to සිංහල යුනිකෝඩ් සමූහය
සපුමල්,
ඔබ කියන‍දේ ඉතා නිවැරදියි. මුලින්ම ඉංගිරීසි යුතුරුලියන ආකෘතිය
හුරුවූකෙනෙකුට විජේසේකර හෝ වෙනත් ෆොනටික් නොවන ක්‍රමයකින් යතුරුලියන
අපහසු විය හැකියි. ඒ අයට තමන්ට කැමති වෙනත් ඕනෑම ක්‍රමයකින් යතුරුලියන
කිරීම නොකරනවාට වඩා හොඳය. නමුත් වේගය ගැන සලකා බලන විට විජේසේකර යතුරු
පොවරුව වේගවත්. ඒ කියන්න් සාපේක්ෂව ෆොනටික් ක්‍රමයට වඩා අඩු යතුරු
පහරවල්(key stroke) ගණනකින් එකම වචනය යතුරුලියනය කල හැකියි. කෙසේවුවත්
දැනට පවතින ‍විජේසේකර පොවරුව 100%ක්ම නිවැරදියි කියා කියන්න බෑ. යුනිකේත
ක්‍රමයට අනුව එය තවදුරටත් දියුනු කර හැකියි. ‍ඒ කියන‍නේ අඩු යතුරු
පහරවල්(key stroke) ගණනකින් කල හැකි ආකාරයට සංවර්දනය කල හැකියි. වරක ඔබ
ඉදිරිපත් කල කොම්බුව මැකීමත් ඇතුළුව.‍
දසුන් සමීර෴
http://astrology.sigma.lk/

Malinthe Samarakoon

unread,
Mar 8, 2008, 3:07:25 AM3/8/08
to Sinhala...@googlegroups.com
මම නම් පාවිච්චි කරන්න කැමති විජේසේකරම තමයි. shift+alt භාවිතය වළක්වන්නට මෘදුකාංගද රැසක් තිබෙන නිසා ඒක ගැටළුවක් නෙවෙයි.
--
Malinthe Samarakoon
www.malinthe.com | blog.malinthe.com

Sapumal Jayaratne

unread,
Mar 8, 2008, 4:01:02 AM3/8/08
to Sinhala...@googlegroups.com
හිතවත් ගයාන්,

මටද ඔබගේ මතයට එකඟ විය නොහැක, කිමෙක්ද කිව හොත් ෆොනෙටික් ක්‍රමය යතුරු
පුවරුවේ දිස්වන අකුරු
පිළිබද ප්‍රශ්ණයක් නොවේ,

සිංහල අකුරු සහිත යතුරුපුවරුවක ෆොනටික් ක්‍රමයට යතුරුකරණය කරන්නේ කෙසේද?
 
සිංහළ අකුරු ඉංග්‍රීසි අකුරු වලට වඩා වැඩි ප්‍රාමාණයක් ඇත. එය කවුරුත්
දන්නා දෙයකි,
සිංහල අකුරු සියල්ලටම එක කී එක ගානේ දීමට අපට නොහැක

මෙම ගැටලුව විජේසේකර යතුරු පුවරුවට කිසිසේත් ම අදාල නොවේ.  මන්ද එය තිබෙන යතුරු ප්‍රමාණය මනා සේ ප්‍රයෝජනයට ගෙන ඇත.

හේතු 1. කීබෝඩ් එක විශාල කිරීම එයට පිළිතුර නොවීම

විජේසේකර යතුරු පුවරුවේදී කී බෝඩ් එක විශාල කිරීමක් අවශ්‍ය නැත.

         2. එය හැදැරීමට සැහෙන කාල සීමාවක් යා හැක ( මොකද මිනිසුන් එක
හා සමාන ලෙස බුද්ධි මට්ටමේ නොවන නිසා)

සිංහල අකුරු යතුරුපුවරුව මත සඳහන්ව ඇතිනම් කිසිදු හැදෑරීමකින් තොරව යතුරු කිරීමට විජේසේකර යතුරු පුවරුවෙන් හැකිය. නමුත් ෆොනටික් ක්‍රමයකදී යතුරු ලියන අනුපිලිවෙල ගැන වෙනමම හැදෑරිමට සිදුවේ. එනිසා මෙහිදී ද විජේසේකර යතුරු පුවරුව ෆොනටික යතුරු පුවරුවට වඩා ඉදිරියෙන් සිටී.


      3. ශ්ෆ්ට් කිරීම් ඕල්ට් කිරීම් නිසා ලිවීමේ වේගය අඩුවීම

ශිෆ්ට් අකුර භාවිතය ඉංග්‍රීසියෙන් ටයිප් කිරීමේදීද අවශ්‍ය වේ.  ඔබට පරීක්ෂණයක් ලෙස එකම ලිපිය ඉංග්‍රීසියෙන් හා සිංහල විජේසේකර යතුරු පුවරුවෙන් ලියා ශීෆ්ට් හා වෙනත් අකුරු වල භාවිතය සන්සන්දනය කල හැක. ඉංග්‍රීසියෙන් ලිවීමේදී සෑම වාක්‍යයකම මුලටත් නම් හා වෙනත් අවශ්ථාවලදීත් කැපිටල් අකුරු යතුරු කිරීමට ශිෆ්ට් භාවිතා කිරීමට සිදුවේ. විජේසේකර යතුරු පුවරුවෙන් සිංහල යතුරු කිරීමේදී වෙනත් අකුරු ටයිප් කිරීමට සිදුවීම ඉංග්‍රීසි වලදී මෙන් 2.5 ගුණයකට වඩා වැඩි නොවේ. දසුන් පවසන පරිදි විජේසේකර යතුරු පුවරුව තවත් සංවර්‍ධනය කිරීමෙන් මෙය තවදුරටත් අඩුකරගත හැක. නමුත් 2.5 ද එතරම් වෙනසක් ඇති නොකරයි.

විජේසේකර යතුරු පුවරුවට වඩා අඩුවෙන් ශිෆ්ට් හා ඕල්ටර් භාවිතා කරන ෆොනටික් ක්‍රමය කුමක්ද? එකම ලිපිය ක්‍රම දෙකෙන් යතුරු කිරීමේදී එවායේ භාවිතයන් අතර වෙනස උදාහරණයක් මඟින් ඔබට පැහැදිලි කල හැකිද?

ෆොනටික් ක්‍රමය ලෝකයට අලුත් දෙයක් නොවේ

මම පවසන්නේ ද එයයි. ෆොනටික් ක්‍රමය පරණ පැලැස්තරයකි.

ජපානය භාවිතා කරන අයි එම් ඊ එක ෆොනෙටික් ක්‍රමයට නිර්මාණය කර ඇත, එය
නොමැති නම් අද ජපන් අකුරු කියන දෙය නොමැත. හේතුව
ප්‍රින්ට් කිරීම හා වේගයෙන් ලිවීමට හැකියාව දුර්වළ මට්ටමක පැවති නිසා හා

ලිවීමේ වේගය අතින් විජේසේකර ක්‍රමය අන් සියලු ක්‍රම අභිබවා සිටී.

එම වකවානුවේ එම හේතුව නිසා ජපන් පත්‍ර ඉංග්‍රීසි අකුරෙන් පළවන්නට පටන්
ගත්තේය,
අප ලංකාවේ ද සමහරක් අය පරිගණකයේ ලියන විට එලෙස ලියයි. කෙසේ හෝ එම අර්බුදය
ජය ගැනීමට ජපනුන් "හෙන්කන් සොෆුටෝ" (ෆොනෙටික් ක්‍රමය + අකුරු හැරවීමෙ
ක්‍රමය) ක්‍රමය
හඳුන්වා දුනි.

මෙම අර්බුදය අප ලංකාවේ පටන් ගෙන තිබේ උදා: රිද්මය.කොම් වැනි වෙබ් අඩවි
සිංහල ඉංග්‍රීසි අකුරින් ලියයි මෙයට හේතුව

ඔබ වැනි අය බේසික් එක අතහැර යාමට අකමැති කමේ ප්‍රතිපළයක් යැයි සිතමි.

මම යමක් අලුත් වුවත්. පැරණි වුවත්, බේසික් වුවත් නැතත් නිවැරදි දේ සැමවිටම අගය කරමි.

සොයා ගැනීම සැමදා ඒ මතයේම රඳා පවතින්නේ නැහැ ලෝකය පැතලියි කිවු කාලයක් ද
තිබුනි නමුත් අද ලෝකය රවුම් ය.

හෙට ලෝකය නැවතත් පැතලි විය හැක, පැතලි වේවායි ද පතමි. (http://en.wikipedia.org/wiki/The_World_is_Flat)

නිදහස් ව සැමට සාධාරණව සිතන්න හැම අයකුටම විජේසේකර කීබෝඩය බැරිය ගාර්ප්
සිංහල ප්‍රචලිත වීමට හේතුවද මෙයයි! 

මම ඔබගේ අදහස් තේරුම් ගැනීමට ඉතා අවංක උත්සාහයක් ගනිමි. නමුත් ඔබගේ හේතු දැක්වීම් සාධාරණ ලෙස මට නොහැඟේ. 


ගයාන්,



ගයාන් රාජ්පක්ෂ්‍ය

unread,
Mar 8, 2008, 4:40:43 AM3/8/08
to සිංහල යුනිකෝඩ් සමූහය
සියලු දෙනාටම,

ඔබලාගේ තර්ක සාධාරනයි, ඒ ඔබලාගේ මතයයි, මේ මාගේ මතයයි,

කෙසේ හෝ තව අවුරුදු කිහිපයකින් ශ්‍රී ලංකාවට අයි එම් ඊ ක්‍රමයක් එයි, එහි
අනිවාර්‍යයෙන්ම අඩුංගු වන දේ නම්
ෆොනෙටික් ක්‍රමයයි එයට වචන වෙනස් තොරා ගැනීමේ ඔප්ෂන් එකත් ඇතුල්වේ.

ඉන්දියාව මෙම ක්‍රමය හඳුන්වා දී අවසන් ය,

http://www.bhashaindia.com/DownloadsV2/

තරහා නොගන්න

""""""""""""හෙට ලෝකය නැවතත් පැතලි විය හැක, පැතලි වේවායි ද පතමි. (
http://en.wikipedia.org/wiki/The_World_is_Flat)

නිදහස් ව සැමට සාධාරණව සිතන්න හැම අයකුටම විජේසේකර කීබෝඩය බැරිය ගාර්ප්

> සිංහල ප්‍රචලිත වීමට හේතුවද මෙයයි!


මම ඔබගේ අදහස් තේරුම් ගැනීමට ඉතා අවංක උත්සාහයක් ගනිමි. නමුත් ඔබගේ හේතු
දැක්වීම් සාධාරණ ලෙස මට නොහැඟේ. """""""""""

මේවා තර්ක නොවනේය එවා පදනම් කරගෙන තර්ක වලින් ජයග්‍රහානය කරන්න උත්සහා
නොකරන්න


තව සිතන්න,
බෙසික් එක විජේසේකර ක්‍රමය වැරදි යැයි කවුරු හෝ ප්‍රකාශ කරන්නේ නම් ඔහුට
ඔහු හෝ ඇය වැර්දි බව මම්ත් පිළිගන්නවා
නමුත් එය එසේ නොවේ, විජේසේකර කීබෝඩ් එක ලේඅවුට් එකක් පමණයි ඒ මත්තෙම අපි
ජිවත් විමට අව්ශ්‍ය නොවේ එය කිරීමට විකල්ප ක්‍රම තියෙනාවානම්
එවා භාවිතා කිරීමට පහාසුයි නම් ඇයි එයට අකුල් හෙලන්නේ??

වැසිකිළියට යන මිනිහා කැලෑවට ගියත් එකයි නවීන පන්නයේ වැසිකිළියකට ගියත්
එකයි කෙරෙන්නෙ එකම දෙයයි නේ??
නමුත් පහාසුව ගැන සළකණ විට නවීන පන්නයේ වැසිකිළියක් තමා මට නම්
ගැලපෙන්නේ! (මෙයද තර්කයක් නොවේ මෙය යොදාගෙන තර්කයක් පටන් නොගන්න)

සිංහළ යුනිකෝඩ් ආපු කාලේ එය ප්‍රචලිත කරන විට මුහුණ දුන් ගැටලු නේ??
මතකද? භාවිතා කරන්න මෘඳුකාංග නැහැ සිංහළ ලියන්න කට්ටිය නැහැ!
දැන් ඒ ගැටලු කෝ, ඒ කාඒ කපුටා ටෲ ටයිප් අකුරු මත්තේම සිට වෙබ් පිටු සෑදු
කාලයක්ද තිබුනි දැන් ඒ ප්‍රශණ තිබෙනවාද??
නැහැ නේ

සිංහළ ජංගම දුරකතනයක් භාවිතා කරන විට ඔබලා මොන ක්‍රමය ද භාවිතා කරන්න
සිතන්නේ?? එක අකුර එක අකුර ටයිප් කිරීමටද??
බබා හම්බවෙයි වගේ

ඔබලා මොන තර්ක ඉදිරිපත් කළත් ඉදිරියේ එන අයි එම් ඊ එක මා කියූ ආකාරයට එනු
ඇත.
ඊට පසු එය වෙන රටක් නිර්මාණය කර ගැටලු ආ විට එයට ඇද කීමට අප ඉතා දක්ෂය.
කමක් නැහැ ඔබලාට හරි නම් මට මොකද?
මමත් තව අවුරුදු 30 කින් 40 කින් මැරිලා යයි . ඔබලා සමඟ තර්ක කර මටද
පලක් නැත කාලය කා දැමීම්ක් යයි මා සිතමි.

යුනිකෝඩ් හෝ ෆොනෙටික් ලංකාවට අලුත් විය හැක නමුත් මා අවුරුදු 17 සිට
සිටින රටට මේවා මැජික් නොවේ

ගයාන්

Prasan (ප්‍රසාන්)

unread,
Mar 8, 2008, 5:44:15 AM3/8/08
to සිංහල යුනිකෝඩ් සමූහය
නැවතත් ධම්මිකගේ මාතෘකාවට,

ජංගම දුරකථන සඳහා දැනටමත් සිංහල මෙන්ම අනෙකුත් ඉන්දීය භාෂා සහාය දැනටමත්
තියෙනවා. නමුත් ඒ java MIDP හරහායි. මෙතන බලන්න http://www.microimage.com/mobile/
. සිංහල අකුරු දිස්වන්නේ MIDP ටෙක්ස්ට් රෙන්ඩරින් එන්ජිම භාවිතා කර
නෙවෙයි. J2ME MIDP කෙසේවෙතත් තවම J2SE වත් හරිහැටි සිංහල සහාය දක්වන්නේ
නැහැ. මේ ගැන අපි මීට ඉහත කතා කලා.

http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/231c3a56a9d6dfcb/36ac586f67f78303?

java MIDP තුල ඉතින් එක එක අය තම තමන්ගේ ටෙක්ස්ට් රෙන්ඩරින් සහ IME
භාවිතා කරනවා. (මම හිතන්නේ භාවිතා කරනවා ඇත්තේ බිට්මැප් ෆොන්ට් වෙන්න
ඕනැ) වැඩේ හංගගෙන පේටන්ට්ත් ගන්නවා. (හොඳයි නරකයි දෙකම තියෙනවා) හබැයි
තාක්ෂණය ඉදිරියට යන්නේ නැහැ.

ඉතින් ජංගම දුරකතන වගේම සියලුම එම්බෙඩඩ් සිස්ටම්ස් සඳහා සිංහල සහාය
ලැබෙනවානම් නියමයි. රූපවාහිනියේ හෝ dvd යන්ත්‍රයේ සිංහල සහායත් අපිට
අවශ්‍යයි.

අනාගතය ගැන සිතුවොත් ජංගම දුරකතනයක වගේම ඕනෑම එම්බෙඩඩ් සිස්ටම් එකකත් IM
එක ෆොනටික් ආකාරය ග්නියි. iTap ක්‍රමයට ශබ්දකෝෂයකුත් එක්වූ විට ෆොනටික්
ක්‍රමයක් ඉතා ඵලදායියි. සිංහල රෙන්ඩරින් සඳහානම් තව දිගු ගමනක් ඇති හැඩයි
පේන්නේ. මම හිතන්නේ දැනට භාවිතා කරන ජංගම දුරකතන මෙහෙයුම් පද්ධති
බොහොමයක්ම තියෙනවා. ඉතින් ඒවායේ සිංහල සහාය වෙන වෙනම පිහිටුවිය යුතු බවයි
පේන්නේ. (මෙතනදි තමයි ජාවා ඉදිරියෙන් ඉන්නේ)


ෆොනටික් කීබෝඩ් ගැන: මාත් භාවිතා කරන්නේ ෆොනටික් කීබෝඩ් එකක් තමයි.
ලිනක්ස් වල නම් සමනල, වින්ඩෝස් වල ගාර්ජ්. හේතුව මට සිංහල අකුරු මුද්‍රණය
කරපු යතුරුපුවරුවක් ඇත්තේ නැහැ. ඉතින් විජේසේකර වලට හුරුවීම දුෂ්කර වුණා.
එක් එක් වෙලාවට භාවිතා කරන්නේ එක් එක් පරිගණක. මේකත් බලපෑවා. අනේ ඉතින්
වැඩිපුර අකුරු කෙටුවත් පුරුදු සමනල හොඳයි කියලා හිතෙනවා. කොහොමටත්
විවධත්වය හොඳයිනේ. හැබැයි ඉතින් සිංහල යතුරුලියනය බොහෝවෙලාවක් කරන්නෙකුට
නම් විජේසේකර පුරුදුවීම හොඳබවයි මටත් හැඟෙන්නේ.

ප්‍රසාන්

http://linux.wellassa.org


On Mar 8, 2:40 pm, ගයාන් රාජ්පක්ෂ්‍ය <gcrajapak...@gmail.com> wrote:
> සියලු දෙනාටම,
>
> ඔබලාගේ තර්ක සාධාරනයි, ඒ ඔබලාගේ මතයයි, මේ මාගේ මතයයි,
>
> කෙසේ හෝ තව අවුරුදු කිහිපයකින් ශ්‍රී ලංකාවට අයි එම් ඊ ක්‍රමයක් එයි, එහි
> අනිවාර්‍යයෙන්ම අඩුංගු වන දේ නම්
> ෆොනෙටික් ක්‍රමයයි එයට වචන වෙනස් තොරා ගැනීමේ ඔප්ෂන් එකත් ඇතුල්වේ.
>
> ඉන්දියාව මෙම ක්‍රමය හඳුන්වා දී අවසන් ය,
>
> http://www.bhashaindia.com/DownloadsV2/
>
> තරහා නොගන්න
>
> """"""""""""හෙට ලෝකය නැවතත් පැතලි විය හැක, පැතලි වේවායි ද පතමි. (http://en.wikipedia.org/wiki/The_World_is_Flat)

දසුන් සමීර

unread,
Mar 8, 2008, 5:44:19 AM3/8/08
to සිංහල යුනිකෝඩ් සමූහය

ගයාන් රාජ්පක්ෂ්‍ය
ජංගම දුරකතන වල ෆොනටික් හෝ විජේ සේකර කියා දෙයක් නොමැත. මම nokiya විසින්
අවුරුද්දකට පමණ පෙර හඳුන්වා දුන් දුරකතනයක යතුරුලියන කර ඇත්තෙමි. කිසිදු
ගැටඵවක් නැත බබෙක් හමුබවුනෙත් නෑ. :P ෆොනටික් යන්න අවශ්ය එක කීඑකට එක
ඉංග්‍රීසි අකුරක් ඇති පද්ධතියකට වෙනත් භාෂාවක් ආගමනය කරීමේදීය. ‍ඒත්
සපුමල් පවසන පරිදි සංහල අකුර යතුරු පොවරුව මත ලියා ඇතිවිට එක ඇසක් සහ එක
ඇඟල්ලක් ඇති පුද්ගයෙකුට වුවද සිංහල යතුරුලියන කල හැකි ය. නමුත් ඉංගිරීසි
යතුරු‍ මුද්‍රණය කර ඇති යතුරුපොවරුවක් භාවිතා කරන අයට යම්කිසි පුහුණු වක්
නැතුව යතුරු ලියනය අපහසු විය හැකියි. කෙසේ නමුත් ෆොනටික් ක්‍රමය වෘතීමය
වශයෙන් පිළිනොගන්නේ එහි ඇති වේගය මද කම නිසාමය. ඔබ ලංකාවට පැමිණිදිනක
වෘතීමය වශයෙන් යතුරුලියනයේ යෙදෙන අයකුගේන් අසා දැන ගන්න.

කෙසෙවුත් පරිගණකය තුල කුමණ ක්‍රමයට හෝ සිංහල යතුරුලියනය කල හැකිනම් එයමම
ප්‍රමාණවත්. නමුත් අළුතින්ම ඉගන ගන්න කෙනෙක්ට නම් මම නිර්දේශ කරන්නේ
විජේසේකර පොවරුව. සිංහල අකුරු මුද්‍රණය කරන ලද යතුරු පොවරුවක් සපයා ගත
හැකිනම් වඩාත් හොඳයි.
දසුන් සමීර෴
http://dasunsameera.blogspot.com/

Rajith Vidanaarachchi

unread,
Mar 8, 2008, 4:09:45 AM3/8/08
to Sinhala...@googlegroups.com
තමන් පාවිච්චි කරන යතුරු පුවරුව ප්‍රශ්නයක් කරගැනීම අවශ්‍ය බව මම නම් දකින්නෙ නැහැ. උදාහරණයක් විදියට වම් අතින් ලිවුවත් දකුණු අතින් ලිවුවත් අකුර හරියට ලියනවා නම් ගැටළුවක් නැහැනේ. ඒ වගේම අපි හැමෝම දන්නවා පෑන පැන්සල අල්ලන විදිය ගැන ලෝක සම්මතයක් තිබුණත් වෙනස් විදියට පෑන භාවිතා කරන අයත් ඉන්නවා

පරිගණකයේ යතුරු ලියනයත් මේ හා සමානයි. ඉංග්‍රීසි යතුරු ලියනය සඳහා පමණක්ම dvorak/qwerty යන යතුරු පුවරු දෙකක්ම ප්‍රධාන වශයෙන් භාවිතා වෙනව. ඒ නිසා ෆොනටික් ක්‍රමය වුණත් විජේසේකර ක්‍රමය වුණත් කැමති කෙනාට කැමති ක්‍රමයකට යොදා ගන්න හැකියාව අපි ලබා දෙන්න ඕනෙ. එවිට තමයි නව තාක්‍ෂණයේ නිදහස ලැබෙන්නෙ. අනික එක එක කෙනා ලියද්දි (සිංහල සඳහා පමණක් මෙය වලංගුයි) භාවිතා වෙන වචන වෙනස් - උදාහරණයක් ලෙස හෙළ හවුලේ රචකයන් බොහෝ දෙනෙක් භාවිතා කලේ ශුද්ධ සිංහළ හෝඩියේ අකුරු පමණයි. එසේම තවත් සමහරෙක් ඇකාරය වැඩියෙන් භාවිතා කරනවා. මේ නිසා විවිධ අයගේ අවශ්‍යතා විවිධයි - ඒ නිසා තමන්ට කැමැති අයුරකින් රිසිකරණය(customize) කරගෙන යතුරු පුවරුව භාවිතා කළාට ගැටළුවක් ඇතැයි මම සිතන්නෙ නෑ. උදාහරණයක් ලෙස මම මට පහසු වෙන විදියට සිංහළ යතුරු පුවරුව වෙනස් කරගෙන පාවිච්චි කරනවා.

ෆෝනටික් හා විජේසේකර යතුරු පුවරු ගැන තව දුරටත් සඳහන් කළොත්:-

යතුරු පුවරුව දෙස නොබලා ලිවීමේ(touch typing)දී යතුරු පුවරු දෙකක් සඳහා හුරු වීම අපහසුයි. එමනිසා ඒ අතින් ෆොනටිම් වල වාසියක් තියෙනබව පේනවා
එසේම දැනට යතුරු ලියනය භාවිතා කරන අයට වඩාත් සුදුසු වන්නේ විජේසේකර ක්‍රමයයි. එහෙත් මම දන්නා තරමින් බැඳි අකුරු ලිවීමට මෙය භාවිතා කිරීම අපහසුයි. ෆොනටික් භාවිතයෙන් ඇතැම් බැඳි අකුරු පහසුවෙන් භාවිතා කළහැකියි.

එබැවින් සිංහළ යතුරු පුවරුවේ අවශ්‍යතාව භාවිතාව අනුව වෙනස් වේ. ඒනිසා වඩාත් සුදුසු පුද්ගලික නිදහස අගය කොට තමන් කැමැති ආකාරයකට යතුරු පුවරුව රිසිකරණය කිරීමට ඉඩ සැලසීමයි.

බුදුසරණයි
--
රජිත් විදානආරච්චි
Rajith Vidanaarachchi

   .-  - .
  | o_o |
  | :_ /  |
 / /      \ \
( |         | )
/' \_      _/`\
\___)=(___/

Rajith Vidanaarachchi

unread,
Mar 8, 2008, 5:00:10 AM3/8/08
to Sinhala...@googlegroups.com
සියලු දෙනාටම,

මම ගයාන්ගේ මතය සමඟ එකඟයි. ඒ කියන්නෙ ime භාවිතා කිරීම ගැන. scim වැනි පැකේජ මඟින් තමාට අවශ්‍ය ආකාරයට යතුරු ලිවීමට සකසා ගත හැකියි. ime යනු කිසි සේත්ම විජේසේකර යතුරු පුවරුවට එරෙහිව යන්නක් නොවේ - ඒ වගේම ලංකාවටද අලුත් දෙයක් නොවේ.
scim/skim සඳහා වසරකට අධික කාලයක් පුරා සිංහල input methods තිබුණා - ඒ අතර විජේසේකර යතුරු පුවරුවද තිබෙණවා

විශේෂයෙන්ම ජංගම දුරකථන වලට නම් ෆෝනටික් ලේසි බව සක් සුදක් සේ පැහිදිලි බව කිව යුතු නැහැ - බොත්තම් දහයකින් පමණ විජේසේකර පුවරුව භාවිතා කිරීමට සිතුවහොත් එය මහ අවුලක් වනවා පමණක් නොව - ජංගම දුරකථනයෙන් සිංහළ ඈත්වන්නටද එය හේතුවක් වෙන්න පුලුවන්

ඒ නිසා පරණ මත වල ගැලී නොසිට නව තාක්‍ෂණය ඔස්සේ සැමට තෝරාගැනීමේ නිදහස සහිතව සිංහළ යුනිකෝඩ් ඉදිරියට ගෙන යා යුතුයි.

ime - තමාට අවශ්‍ය පරිදි රිසි කරණය කර ගත හැකි නිසා එය ඉතා සුදුසුයි. ගයාන්ට අවශ්‍ය නම් ෆෝනටික් ද, සපුමල්ට අවශ්‍ය නම් විජේසේකර පුවරුවද, ime තුළින් භාවිතා කළ හැකියි.

බුදුසරණයි

පලි.

:-

සොයා ගැනීම සැමදා ඒ මතයේම රඳා පවතින්නේ නැහැ ලෝකය පැතලියි කිවු කාලයක් ද
තිබුනි නමුත් අද ලෝකය රවුම් ය.

හෙට ලෝකය නැවතත් පැතලි විය හැක, පැතලි වේවායි ද පතමි. (http://en.wikipedia.org/wiki/The_World_is_Flat
)

මෙවැනි තර්ක අපට අවශ්‍යද? මට නම් එසේ නොසිතේ

ගයාන් රාජ්පක්ෂ්‍ය

unread,
Mar 8, 2008, 6:38:17 AM3/8/08
to සිංහල යුනිකෝඩ් සමූහය
රජිත් මල්ලි,

මා කියන්න හැදූ දේ ඔබ තේරුම් ගත්තාට ස්තූතියි

ගයාන්

Sapumal Jayaratne

unread,
Mar 8, 2008, 6:39:18 AM3/8/08
to Sinhala...@googlegroups.com
හිතවත් ගයාන්,

කෙසේ හෝ තව අවුරුදු කිහිපයකින් ශ්‍රී ලංකාවට අයි එම් ඊ ක්‍රමයක් එයි, එහි
අනිවාර්‍යයෙන්ම අඩුංගු වන දේ නම්
ෆොනෙටික් ක්‍රමයයි එයට වචන වෙනස් තොරා ගැනීමේ ඔප්ෂන් එකත් ඇතුල්වේ.

ඔබට අයි එම් ඊ යනු කුමක්ද යන්න ගැන පැහැදිලි අවබෝධයක් නැතිබව හැඟේ. කෙටියෙන් අයි එම් ඊ යනුවෙන් හඳුන්වන්නේ ඉන්පුට් මෙතඩ් එඩිටර් යන්නයි. ඉන්පුට් මෙතඩ් එඩිටරයක් විජේසේකර හෝ ෆොනටික් වියහැක. විජේසේකර ක්‍රමය හා අයි එම් ඊ යන්න එකිනෙකින් ස්වායත්ත නොවේ. දැනටත් විජේසේකර හා ෆොනටික් දෙකින්ම සෑදූ ඉන්පුටි මෙතඩ් එඩිටර් ගනනාවක්ම සිංහල සඳහා ඇත.

""""""""""""හෙට ලෝකය නැවතත් පැතලි විය හැක, පැතලි වේවායි ද පතමි. (
http://en.wikipedia.org/wiki/The_World_is_Flat)

නිදහස් ව සැමට සාධාරණව සිතන්න හැම අයකුටම විජේසේකර කීබෝඩය බැරිය ගාර්ප්
> සිංහල ප්‍රචලිත වීමට හේතුවද මෙයයි!

මෙය මා ඉදිරිපත් කලේ විහිලුවක් ලෙසට සංවාදය තරමක් රසවත් කිරීමටයි. The World is Flat යනු මෑතකදී ජනප්‍රිය වූ පොතකි. ලෝක ආර්ථික ආධිපත්‍යය බටහිර රටවලින් ඉන්දියාව, චීනය වැනි රටවලට මාරුවීමත් එහි ප්‍රතිථලයක් ලෙස සෑම රටකටමත් සෑම පුද්ගලයෙකුටත් සමාන තරඟකාරීත්වක් තුල වර්ධනය වීමට හැකියාව ලැබීමත් ගැන අලුත් අදහස් රැසක් මෙහි අඩංගුයි.  ඉදිරියේදී කිහිප දෙනෙකුගේ ආධිපත්‍යයට යට නොවී සමාන තරඟකාරීත්වයක් තුල දියුනුණු වීමේ අවශ්ථාව පුලුල් වන බව කතෘ සඳහන් කරනවා. ලෝකය පැතලි වේවා යනුවෙන් මම අදහස් කලේ එබඳු සාධාරණ වටාපිටාවක් ලෝකය තුල ඇතිවේවා යන්න විනා ඔබගේ අදහස් විවේචනය කිරීමක් නොවේ.

තව සිතන්න,
බෙසික් එක විජේසේකර ක්‍රමය වැරදි යැයි කවුරු හෝ ප්‍රකාශ කරන්නේ නම් ඔහුට
ඔහු හෝ ඇය වැර්දි බව මම්ත් පිළිගන්නවා

ඔබ ප්‍රථමයෙන් ම පැවසුවේ
<උපුටාගැනීම>

විජේසේකර ලේ අවුට් එක ග්‍රැමෆෝන් යන්ත්‍රයක් වැනිය, එය සීඩී තැටියට පළමු
පියවරක් පමණයි! ඉතිං අප එයින් මිදිය යුතු කාළය එළඹ ඇත,

අද හෝ හෙට හෝ අප ශ්‍රී ලංකාව ෆෝනටික් ක්‍රමයක් ස්ථීර කරගත යුතුමය,
</උපුටාගැනීම>
කියා යි.

නමුත් එය එසේ නොවේ, විජේසේකර කීබෝඩ් එක ලේඅවුට් එකක් පමණයි ඒ මත්තෙම අපි
ජිවත් විමට අව්ශ්‍ය නොවේ එය කිරීමට විකල්ප ක්‍රම තියෙනාවානම්
එවා භාවිතා කිරීමට පහාසුයි නම් ඇයි එයට අකුල් හෙලන්නේ??

වෙනත් ක්‍රමවලට අකුල් හෙලීමක් මම නොකෙලෙමි. නමුත් ඔබ ප්‍රථමයෙන් පැවසූ දෙයින් ගම්‍ය වූයේ අප සැම දෙනාම විජේසේකර ක්‍රමය පැරණි යැයි බැහැර කර ෆොනටික් ක්‍රමයක් ස්ථිර කරගතයුතු බවයි.  එනිසා විකල්ප ක්‍රම වලට අකුල් හෙලුවේ මා නොව ඔබයි.

සිංහළ ජංගම දුරකතනයක් භාවිතා කරන විට ඔබලා මොන ක්‍රමය ද භාවිතා කරන්න
සිතන්නේ?? එක අකුර එක අකුර ටයිප් කිරීමටද??
බබා හම්බවෙයි වගේ

ජංගම දුරකථන වලට විජේසේකර ක්‍රමය කවුරුත් යෝජනා කර නොමැත. එනිසා මාගේ තර්තය ජංගම දුරකථන වලට අදාල නොවේ. විජේසේකර ක්‍රමට කිසිසේත්ම ජංගම දුරකථන වලට යොදාගත නොහැක. මන්ද එය යතුරුලියන හා පරිඝණක යතුරු පුවරුව සඳහා විනා කුඩා යතුරු සංඛ්‍යාවක් ඇති ජංගම දුරකථන සඳහා නිපද වූවක් නොවන නිසයි. නමුත් ජංගම දුරකථන සඳහා ද ෆොනටික් නොවන ලියන ආකාරයටම ටයිප් කල හැකි ක්‍රමයක් සෑදීමට හැකියයි සිතමි.

ඔබලා මොන තර්ක ඉදිරිපත් කළත් ඉදිරියේ එන අයි එම් ඊ එක මා කියූ ආකාරයට එනු
ඇත.
 
ඔබ පවසන අයි එම් ඊ එක කුමක්ද. එවැනි ඒවා බොහෝමයක් දැනටත් තිබේ. උදාහරණයක් ලෙස SCIM ඉන්පුට් මෙතඩ් පද්ධතිය සලකන්න. එහි පහත සඳහන් ඉන්පුට් මෙතඩ් ඇත. එනිසා අවශ්‍ය අයෙකුට තමා කැමත් ක්‍රමය තෝරාගෙන භාවිතා කල හැක.

si-phonetic-dynamic
si -phonetic-static
si-samanala
si-wijesekara
si-wijesekara-preedit

යුනිකෝඩ් හෝ ෆොනෙටික් ලංකාවට අලුත් විය හැක නමුත් මා අවුරුදු 17 සිට
සිටින රටට මේවා  මැජික් නොවේ

පිටරට සිටින බොහෝ දෙනෙක් සිතන්නේ එම රටවල සාමාන්‍ය දේ අපට මැජික් කියායි. ඔබට එබඳු කෙනෙක් නොවේයැයි සිතමි.

Buddhika Jayasinghe

unread,
Mar 8, 2008, 7:12:44 AM3/8/08
to Sinhala...@googlegroups.com

මෙම සංවාදයට තරමක් සමාන සංවාදයන් මීට කලකට පෙරත් ඇතිඋනා මතකයි. ඒ සිංහල SMS සහ java ගැන.

http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/f9b532b9d9f98d6?tvc=2

මේ java සහ සිංහල යුනිකෝඩ් ගැන.
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/92cde8f31352ed73?tvc=2

එකගතාවයක් ඇති කරගෙන කවුරුන් හෝ වැඩේ පටන් ගන්නවානම් සහය වෙන්න පුලුවන්.
මගේ අත්දැකීම අනුවනම් මෙවැනි තාක්ෂනයක් සංවර්ධනය කිරීමට වඩා අපහසු එය ප්‍රචලිත කිරීමයි.
java application එකක් ඩවුන්ලෝඩ් කර එය  ක්‍රියාත්මක කිරීම ගැන තවමත් බොහෝ දෙනෙක් දැනුවත් නැහැ.
භාවිතා කිරීමේ පහසුකම් කොතරම් ලබා දුන්නත් මෙතනදි හිර වෙනවා :(

සංවාදය තුලින් අලුත් වෑඩකට පාර කැපෙනවනම් හොදයි. ඉදිරියටත් වැඩ කරන ගමන්ම කතා කරමු :D


බුද්ධික ජයසිංහ
--
Buddhika Jayasinghe
බුද්ධික ජයසිංහ
http://profiles.yahoo.com/ubjayasinghe

ගයාන් රාජ්පක්ෂ්‍ය

unread,
Mar 8, 2008, 7:24:56 AM3/8/08
to සිංහල යුනිකෝඩ් සමූහය

සපුමල්,

සමාවන්න මට ඔබට පිළිතුරු දීමට නොසිතෙයි,

ගයාන්

දසුන් සමීර

unread,
Mar 8, 2008, 7:46:35 AM3/8/08
to සිංහල යුනිකෝඩ් සමූහය
ගයාන්,
පිළිතුරක් දිය හැකිකේ පිළිතුරක් දන්න කෙනෙකුට පමණි!
>අද හෝ හෙට හෝ අප ශ්‍රී ලංකාව ෆෝනටික් ක්‍රමයක් ස්ථීර කරගත යුතුමය,
ඔබගේ නියොගයට අනුව ‍ලංකාවේ සියළුම වෙළඳ ප්‍රචාරක ආයතන, පුවත් පත් සමාගම්
වල සිටින සියළුදෙනාට ෆොනටික් ක්‍රමයට මාරුවීමට සිදුවේ. නමුත් එයට හේතු
දැක්වීමට ඔබට නොසිතීම නම් කනගාටුවට කරුණක්.

රජිත්,
>විශේෂයෙන්ම ජංගම දුරකථන වලට නම් ෆෝනටික් ලේසි බව සක් සුදක් සේ පැහිදිලි බව කිව
>යුතු නැහැ - බොත්තම් දහයකින් පමණ විජේසේකර පුවරුව භාවිතා කිරීමට සිතුවහොත් එය
>මහ අවුලක් වනවා පමණක් නොව - ජංගම දුරකථනයෙන් සිංහළ ඈත්වන්නටද එය හේතුවක් වෙන්න
>පුලුවන්
මම ඉහතදීත් සඳහන් කල ආකාරයටම මට පුද්ගලිකව 'නොකියා' ජංගම දුරකථනය
භාවි‍තයේදී ගැටළුවක් ඇතිවුනේ නෑ. වෙනසකට තිබුනේ සාමාන්‍ය Input method
එකක් භාවිතා නොකරන කෙනෙකුට යුනිකේතනය කරන විටදී මෙන් කොම්බුව පසුව යෙදීමට
සිදුවීම යි. නමුත් එම දුරකථනය සමාජ ගතනොවුයේ අනේක් දුරකථන මාදිලි
යු‍නිකේතවී නැතිනිසා යැයි සිතමි. කෙසේ වුවත් ප්‍රයෝගිකව අනෙක් අයට මෙම
ක්‍රමය අපහසු වුනාද කියා කියන්න මම දන‍නේ නෑ.

Sapumal Jayaratne

unread,
Mar 8, 2008, 8:07:35 AM3/8/08
to Sinhala...@googlegroups.com
On Sat, Mar 8, 2008 at 5:54 PM, ගයාන් රාජ්පක්ෂ්‍ය <gcraja...@gmail.com> wrote:

සපුමල්,

සමාවන්න මට ඔබට පිළිතුරු දීමට නොසිතෙයි,

හිතවත් ගයාන්,

ඔබේ පිලිතුර සාධාරණ ලෙස මටද හැඟෙයි. තවද ඔබ මතුකල දේ ඇසුරින් මා ඇසූ පහත සඳහන් ප්‍රශ්ණ වලට පිලිතුරු සැපයීමට නොසිතීම කෙසේවෙතත් පිලිතුරු සැපයීමට නොහැකිවීම  මට තේරුම් ගතහැක.

ඔබට ඒවාට පිලිතුරු දීමට හැකිනම් පිලිතුරු දිය හැකි ආකාරය සම්බන්ධයෙන් යම් මඟපෙන්වීමක් ද වරහන් තුල දක්වා ඇත.

1) විජේසේකර ක්‍රමයේත් ෆොනටික් ක්‍රමයේත්  ශිෆ්ට් වැනි අකුරු භාවිතයේදී ෆොනටික් ක්‍රමය ඉදිරියෙන් සිටින බව පෙන්වා දීම.

( භාවිතා කරන ෆොනටික් ක්‍රමයෙන් හා විජේසේකර ක්‍රමයෙන් එකම ලිපිය ටයිප් කර ෆොනටික් ක්‍රමයට වඩා සැලකිය යුතු ආකාරයට ශිෆ්ට් හා ඕල්ටර් විජේසේකර ක්‍රමය තුල යෙදෙන බව පෙන්වා දීම.)

2) සිංහල අකුරු ඇති යතුරුපුවරක් ඇතිවිට විජේසේකර ක්‍රමයට වඩා ලෙහෙසියෙන් ෆොනටික් ක්‍රමය ඉගනගැනීම හා භාවිතා කිරීම  පහසු බව පෙන්වාදීම.

( යතුරු පුවරුව දුටු පමණින් වෙනත් කිසිදු දෙයක් නොහදාරා යතුරු කරනය කලහැකි ෆොනටික් ක්‍රමයක් හඳුන්වාදීම)

3) විජේසේකර ක්‍රමයට වඩා ෆොනටික් ක්‍රමයකින් යතුරුලියනය කිරීම වේගවත් බව පෙන්වාදීම.

(එකම ලිපිය ක්‍රම දෙකින් යතුරුලියනය කිරීමේදී විජේසේකර ක්‍රමයට වඩා අඩු යතුරුපහරවල් ගනනකින් ලිපිය නිමකල හැකි ෆොනටික් ක්‍රමයක් හඳුන්වාදීම)

4) අවසානයේදී විජේසේකර ක්‍රමය බැහැරකර ඔබ කියනාපරිදි ෆොනටික් ක්‍රමයක් ස්ථිර කරගැනීම සාධාරණීකරණය කිරීම.

( විජේසේකර ක්‍රමයට වඩා ෆොනට්ක් ක්‍රමයක් භාවිතයේදී දීර්ඝ කාලීනව සිංහල භාෂාවටත්, සිංහල පරිඝණකකරණයටත් වඩා යහපත් හෙට දවසක් උදාවන බව පෙන්වාදීම )

මම කිසිදු ක්‍රමයක් නුසුදුසු යැයි නොකියමි. භාවිතාකරන්නාට පහසු ක්‍රමයක් තෝරාගැනීමට ඉඩකඩ තිබිය යුතුබවත්, සියලු ක්‍රමවල වාසි මෙන්ම අවාසිද ඇතිබවත්, තව තවත් අලුත් ක්‍රම බිහිකරගතයුතු බවත් විශ්වාස කරමි. අන් ක්‍රමවලට ගරහා එක් ක්‍රමයක් පමණක් ස්ථිර කරගතයුතුය යන ඔබගේ මතයේ ඇති අධිපතිවාදී ස්වභාවයත් මට පිලිතුරු දීමට ඔබට නොසිතේ යැයි පවසා ඔබ පෙන්වන අහංකාර හා උද්ධච්ච ස්වභාවයත් පිලිකුලෙන් යුතුව බැහැර කරමි.

යථාර්තය වනාහි පක්ෂාස්‍රයෙන් දුෂ්ප්‍රාප්‍යය ය. එනම් එක් පක්ෂයක් ගෙන කල්පනාකිරීමෙන් යථාර්තයට සමීප වීමට නොහැක.

රුගා

unread,
Mar 8, 2008, 9:35:37 AM3/8/08
to සිංහල යුනිකෝඩ් සමූහය
ෙම් කථා බහ ටිකක් ෙවන අතකට හැරවුෙවාත්...
ෙල්සිෙයන් ටයිප් කිරීම විතරක් ෙනාෙවයි,
කථාබහ ෙපළ (text) බවට හරවන ක්‍රම...
කථා බහ ඒෙලසින් ම යැවිය හැකි ක්‍රම...
සිංහල ජංගම දුරකථනයට උගන්නමු ද?

විශ්ව කුමාර

unread,
Mar 9, 2008, 4:23:19 AM3/9/08
to සිංහල යුනිකෝඩ් සමූහය
ඕනෑම Platform එකක් සඳහා දත්ත ඇතුල් කිරීමට එක් ක්‍රමයක් පමනක් (විජේසේකර
හෝ ෆොනොටික් වලින් එක් ක්‍රමයක්) තිබීම අවාසියක්. මක්නිසාද එක් එක් අයගේ
කැමැත්ත සහ හුරුව වෙනස් වීමයි. විජේසේකර ක්‍රමයට හුරු වූ කෙනෙක් තවත්
අලුත් ක්‍රමයක් අත් හදා බලන්න අකමැති වෙන්න පුලුවන්, වැඩසටහන්කරනය
තුලින්ම යතුරුලියනයට හුරුවූ මම වැනි කෙනෙක් විජේසේකර අමුතුවෙන් ඉගෙනගන්න
මැලි වෙන්නත් පුලුවන්. එම නිසා ඕනෑම platform එකකට දත්ත ඇතුල් කිරීමට
විවිධ වූ ක්‍රම ගනනාවක් තිබීමයි හොඳ. එවිට ඕනෑම පුද්ගලයෙකුට තමා කැමති
ක්‍රමය තෝරාගත හැකියි.

එක් ක්‍රමයක් සම්මත කර ගන්නවාය කියා සියලු දෙනාම එකම ක්‍රමයකට හරවා ගැනීම
සහ තමාට පහසුයැයි සිතෙන ක්‍රමයට අනිත් අයත් කල යුතුයැයි නියම කිරීමත්
හරියට ආගමකට හරවාගන්නවා වගේයි. :)


දසුන්,
ෆොනොටික් ක්‍රමයට වඩා විජේසේකර ක්‍රමය වේගවත් යන්න කිසි සේත් ම පිලිගත
නොහැකියි. = 87 Keystrokes
fonoTIk kramayaTA vaDAA vijeeseekara kramaya veegavat yanna kisiseetma
piligata nohaekiyi. = 90 Keystrokes (87 + 3)

ඉහත උදාහරනයෙන්ම පෙනන පරිදි 96 % ක්ම ෆොනොටික් ක්‍රමය විජේසේකර ක්‍රමය
තරම්ම වේගවත්. (ඉහත උදාහරනයේදී Alt සහ Shift කිරීම අමතක කර ගනන් කර ඇත.
Alt සහ Shift සමග ෆොනොටික් ක්‍රමය විජේසේකර ක්‍රමයට වඩා වේගවත් ය.)

ෆොනොටික් ක්‍රමයේදී මොලයේ සිදු විය යුතු දත්ත සැකසුම් බොහෝමයක් පරිගනකයට
භාර දෙනවා. අකුරු වැඩි ගනනක් පිහිටන තැන් මතක තබා ගත යුතු නැහැ.

අපට යුනිකේතයේ දියුනු ලක්ශන භාවිතා කර විජේසේකර කීබෝඩය තවත් දියුනු කල
හැක. උදාහරනයක් වශයෙන් පාපිලි දෙකක් සඳහා යතුරු දෙකක් වෙන් කිරීමට අවශ්‍ය
නොවේ, බැඳි අකුරු යන්ශය රකාරාංශය රේපය යතුරු පුවරුවෙන් ඉවත් කර ZWJ,
ZWNJ, එක් කල හැකියි. එවිට වඩාත් විද්‍යාත්මක ආකාරයකට යතුරුලියනය කල හැකි
වනු ඇත.

දැන් සිංග්ලිශ් JavaScript හරහා ඕනෑම වෙබ් පිටුවකට එක් කල හැකියි
අනාගතයේදී ජංගම දුරකථන වලටත් නිපදවන්න අදහසක් තියනවා.
http://vishva.awardspace.com/SinglishAddOn.php
http://www.google.com/search?q=singlish+web+page+addon

විශ්ව කුමාර

unread,
Mar 9, 2008, 4:28:12 AM3/9/08
to සිංහල යුනිකෝඩ් සමූහය
> යතුරු පුවරුව දුටු පමණින් වෙනත් කිසිදු දෙයක් නොහදාරා
> යතුරු කරනය කලහැකි ෆොනටික් ක්‍රමයක් හඳුන්වාදීම

http://vishva.awardspace.com/SinglishAddOn.php
භාවිතා කර ඔබේ නම ඉංග්‍රීසි අකුරෙන් ටයිප් කර බලන්න එය දිස් විය යුතු
ආකාරයෙන්ම සිංහල යුනිකේතයෙන් දිස් වනු ඇත.


> එකම ලිපිය ක්‍රම දෙකින් යතුරුලියනය කිරීමේදී විජේසේකර
> ක්‍රමයට වඩා අඩු යතුරුපහරවල් ගනනකින් ලිපිය නිමකල
> හැකි ෆොනටික් ක්‍රමයක් හඳුන්වාදීම

මගේ කලින් Post එක බලන්න...

රුගා

unread,
Mar 9, 2008, 4:33:38 AM3/9/08
to සිංහල යුනිකෝඩ් සමූහය
ltrl මගින් සොයා ගත් සිංහල අත් අකුරු හඳුනා ගැනීමේ ක්‍රමයත් මේ ගමනේ එක්
සංධිස්ථානයක්.
voice message උගන්නන්න දෙයක් නැහැ. දැනටමත් අත් විඳිනවා.
අනික ඒක යුනිකේතයට සම්බන්ධයකුත් නැහැ. මේ ලැයිස්තුවට ඒක ආවෙ වැරදීමකින්.

කොහොම වුණත්, සමූහය කාගේත් අදහස් ඉවසනවා නම් හොඳයි.
එක් එක් පුද්ගලයා තනිව ගෙන ඇඟිල්ල දික් කිරීමෙන් අයහපතක් මිස යහපතක්
වෙන්නේ නැහැ.
පහුගිය කථා බහ වේගයෙන් වැරදි මගක ගියා.
බොහෝ වටින කරුණු ඒවායෙ තිබෙනවා - මඩ ඉවත් කර මැණික් මතු කර ගනිමු.

ඉදිරියට කොහොමත් මඩ එපා. කොටින් ම වෙනත් කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්නෙ
නැතිව, අත වාරුව දෙමු.
එතකොට විතරක් මෙය බලන්න හිතෙන සංවාද මණ්ඩපයක් වෙයි. තවත් අය එක් වෙයි.
සමාජයේ අතොරක් නැතිව තිබෙන අමනාපකම්, කෙණෙහිලිකම්, අන්තර්ජාලයට එපා...
මෙය භෞතික සමූහයක් නොවී අතත්‍ය සමූහයක් වනවා නම් මා බොහොම කැමතියි.
මොකද එතකොට එකිනෙකා අතර උස්මිටිකම් කළු සුදුකම් නොසලකා,
අනවශ්‍ය තරගයකින් තොර ව එක් අරමුණක් කෙරෙහි යා හැකි නිසා.

ඔබ සැමට ජය!

Sapumal Jayaratne

unread,
Mar 9, 2008, 9:38:24 AM3/9/08
to Sinhala...@googlegroups.com
හිතවත් විශ්ව,
 
ෆොනොටික් ක්‍රමයට වඩා  විජේසේකර ක්‍රමය වේගවත් යන්න කිසි සේත් ම පිලිගත
නොහැකියි. = 87 Keystrokes
fonoTIk kramayaTA vaDAA vijeeseekara kramaya veegavat yanna kisiseetma
piligata nohaekiyi. = 90 Keystrokes (87 + 3)

ඉහත උදාහරනයෙන්ම පෙනන පරිදි 96 % ක්ම ෆොනොටික් ක්‍රමය විජේසේකර ක්‍රමය
තරම්ම වේගවත්. (ඉහත උදාහරනයේදී Alt සහ Shift කිරීම අමතක කර ගනන් කර ඇත.
Alt සහ Shift සමග ෆොනොටික් ක්‍රමය විජේසේකර ක්‍රමයට වඩා වේගවත් ය.)

ඔබගේ පැහැදිලි කිරීම ඉතා අගෙයි. නිකම්ම අදහසක් දෙනවාට වඩා උදාහරණයක් මඟින් පැහැදිලි කලවිට සියල්ල නිරවුල් වෙනවා. නමුත් මගේ ගනනය කිරීම ටිකක් වෙනස් වගේ.  මගේ ගනනය කිරීමේ යම් වරදක් ඇතොත් පෙන්වාදෙන්න. අනුක්‍රමයෙන් අකුරු ගාන වැඩිවන ලෙස මම සඳහන් කලා.

ෆොනොටික් 11 ක්‍රමයට 17 වඩා 21 විජේසේකර 32  ක්‍රමය 37 වේගවත් 45 යන්න 50 කිසි 55 සේත් 61 ම 63 පිලිගත 70 නොහැකියි 80

මුලු යතුරුපහරවල් ගනන = 80
ශිෆ්ට් හෝ alt භාවිතා කලයුතු වාර ගනන = 1

fonoTIk  8 kramayaTA 18 vaDAA 24 vijeeseekara 37 kramaya 45 veegavat 54 yanna 60 kisiseetma 71 piligata 80 nohaekiyi 90

මුලු යතුරුපහරවල් ගනන = 90
ශිෆ්ට් හෝ alt භාවිතා කලයුතු වාර ගනන = 7

80 * 100 / 90 =  89%

මාගේ ගනනය කිරීමේ වරදක් ඇතොත් පෙන්වා දෙන්න. alt හා ෂිෆ්ට් සමඟ ගත්කල ෆොනටික් වේගවත් යැයි ඔබ අනුමාන කලත් ඔබේ උදාහරණයට ඔස්සේ මම කල ගනනය කිරීම්වලට අනුව එය එසේ නැහැ නේද?

කෙසේවුවුත් මේ දෙක අතර වෙනස එතරම් සැලකිය යුතු නොවේ යන ඔබේ අදහසට මම එකඟයි. උදාහරණයක් මඟින් පැහැදිලි කලාට ස්තූතියි.

ෆොනොටික් ක්‍රමයේදී මොලයේ සිදු විය යුතු දත්ත සැකසුම් බොහෝමයක් පරිගනකයට
භාර දෙනවා. අකුරු වැඩි ගනනක් පිහිටන තැන් මතක තබා ගත යුතු නැහැ.

මෙහි පොඩි පරස්පර විරෝධයක් තිබෙනවා.  මා දකින්නේ මෙය අර්ධ සත්‍යයක් ලෙසයි. යතුරු පුවරුව හුරු නැති කෙනෙකුට නම් විජේසේකර ක්‍රමයේදී කලයුතු මානසික ව්‍යායාමය ෆොනටික් ක්‍රමයට වඩා වැඩියි. එනිසා එවැන්නෙකුට ෆොනටික් ක්‍රමය සුදුසුයි. නමුත් හොඳින් යතුරු පුවරුව හුරුවූ විට වෙන්නේ මෙහි අනෙක් පැත්ත. එනම් විජේසේකර ක්‍රමයේදී කිසිදු මොලය වෙහෙසීමක් කරන්න සිදුවන්නේ නෑ මොකද කඩදාසියක ලියන ආකාරයටමයි ටයිප් කරන්නේ. හොඳින් පුහුණු වූ සිංහල යතුරු ලේඛිකාවකයෙන් මෙහි සත්‍ය අසත්‍යතාවය අසා දැනගත හැකියි. යතුරු පුවරුව හුරුවූ කෙනෙක් කිසිදා අකුරු ඇත්තේ කොතනද කියා මතක තබාගන්නේ නෑ. හරියට වාහන එලවන්න ඉගනගන්නකොට වගේ. ක්ලච් එක මේක බ්‍රේක් එක මේක කියලා මතක තියාගෙන මුලින් එලෙව්වට පස්සේ ඉබේම එවා පෑගෙනවා. එනිසා වඩා හොඳ හා තමාට වඩා ප්‍රායෝගික හා වේගවත් ක්‍රමය තෝරාගැනීමේදී තමා කොයි තරමි දුරකට සිංහල යතුරුලියනය කිරීමට බලාපොරොත්තු වෙනවාදැයි යන්නත් වැදගත්.

අපට යුනිකේතයේ දියුනු ලක්ශන භාවිතා කර විජේසේකර කීබෝඩය තවත් දියුනු කල
හැක. උදාහරනයක් වශයෙන් පාපිලි දෙකක් සඳහා යතුරු දෙකක් වෙන් කිරීමට අවශ්‍ය
නොවේ,

විජේසේකර ක්‍රමයේ යොදාගන්නේ එක් පාපිල්ලයි නේද? මේක බලන්න, http://sapumal.jayaratne.googlepages.com/sinhalastandardkeyboard
කු, පු, රු යන තෙආකාරයේ පාපිලි වලටම යොදාගන්නේ q යතුර පමණයි.
 
බැඳි අකුරු යන්ශය රකාරාංශය රේපය යතුරු පුවරුවෙන් ඉවත් කර  ZWJ,
ZWNJ, එක් කල හැකියි. එවිට වඩාත් විද්‍යාත්මක ආකාරයකට යතුරුලියනය කල හැකි
වනු ඇත.

මගේ චන්දය නම් කඩදාසියක අකුරු ලියන ආකාරයෙන්ම අකුරු ලිවීමේ හැකියාව පරිඝණක යතුරු පුවරුවෙන් ලබාදිය යුතු බවටයි. ZWJ වැනි තාක්ෂණික අංග භාවිතාකරන්නාට අවශ්‍ය වන්නේ නෑ. දැනට රේපය හා රකාරාංශය ~ යතුර භාවිතයෙන් ඉතා පහසුවෙන් ඇතුලු කල හැකියි.

Sapumal Jayaratne

unread,
Mar 9, 2008, 9:46:41 AM3/9/08
to Sinhala...@googlegroups.com
On Sun, Mar 9, 2008 at 1:58 PM, විශ්ව කුමාර <vishva...@gmail.com> wrote:
> යතුරු පුවරුව දුටු පමණින් වෙනත් කිසිදු දෙයක් නොහදාරා
> යතුරු කරනය කලහැකි ෆොනටික් ක්‍රමයක් හඳුන්වාදීම

භාවිතා කර ඔබේ නම ඉංග්‍රීසි අකුරෙන් ටයිප් කර බලන්න එය දිස් විය යුතු
ආකාරයෙන්ම සිංහල යුනිකේතයෙන් දිස් වනු ඇත.

මගේ නම නම් ඉතා සරල නිසා මේ පරීක්ෂණයට යෝග්‍ය නෑ.  මම මෙම ක්‍රමයේ යතුරු පුවරුවක ලේඅවුට් එක අධ්‍යනය කරලා නෑ. උදාහරණයක් ලෙස ලේඅවුට් එක දෙස බලා යංශය, රකාරාංශය ආදියත් සඤ්ඤක අකුරුත් යතුරු කරන්නේ කෙසේදැයි තේරුම් ගත හැකිද? මෙම ෆොනටික් ක්‍රමයේ  ලේඅවුට් එක ඇතොත් එවන්න.

Nalaka Jayasena

unread,
Mar 9, 2008, 1:45:48 PM3/9/08
to Sinhala...@googlegroups.com
ෆොනටික් ද විජේසේකරද වඩා කාර්යක්ෂම මාතෟකාව යටතේ මේ සංවාදයේ මතු නොවුන කරුනක් දක්වන්නට කැමැතියි.

මා මේ කියන කාරණය වඩාත් වැදගත් වෙන්නේ ස්පර්ශයෙන් යතුරු ලියන විටයි.

දෙවිදියෙන් යම් ලිපියක් යතුරු ලියනයේදී යෙදෙන යතුරු ගණන ගැන කතාවෙලා තිබෙනවා.
තවත් වැදගත් පරාමිතියක් තමයි "ඇගිලි ගමන් කරන මුළු දුර"

විජේසේකර ක්‍රමයේදී "ඇගිලි ගමන් කරන මුළු දුර" ඕනෑම ෆොනටික් ක්‍රමයකඩ වඩා අනිවාර්යයෙන්ම අඩුයි. දවසම යතුරු ලියනයේදී මෙය කිලෝමීටර ගණනක වෙනසක්.

මෙය හරියටම ඉංග්‍රීසි බස සදහා QWERTY  හා Dvorak යතුරු පුවරු අතර වෙනස වගෙයි.
QWERTY පුවරුව හදා තිබෙන්නේ අවුරුදු සියයකටත් එහා යාන්ත්‍රික යතුරු ලියනවල මුල් අවදියේදියි. නිර්මාපකයන්ගේ අවශ්‍යතාවය වුනේ  යාන්ත්‍රික යතුරු ලියනයේ යතුරු එකිනෙක හිරවීම වලක්වන්නයි. ඒ සදහා ඔවුන් නිතර වචන වලදී එක ලඟින් භාවිතාවෙන අකුරු එකිනෙකින් ඈත් කලා.
Dvorak පුවරුව වඩා අළුත්- එය හදා තිබෙන්නේ වේගයෙන් ලියන්නයි.
එහි සියළුම ප්‍රාණාක්ෂර (A E I O U)  මුල් පේලියේ (home row) වම් පැත්තේත් වඩාත් සුලභ ගාත්‍රාක්ෂර මුල් පේලියේ දකුණු පැත්තේත් පිහුටුවා තිබෙනවා. නිතරම භාවිතා වෙන අකුරු (E වැනි) තිබෙන්නේ වඩාත්ම ශක්තිමත් ඇගිලි යටයි.

විජේසේකර ක්‍රමයත් ඒ වගෙයි.
Dovorak ඉංග්‍රීසියට කලා වගේම විජේසේකරය සිංහල භාෂාවේ අකුරු භාවිතයේ සංඛායත ගැන අධ්‍යනයක් මත තැනූවක්.

මගේ පෞද්ගලික අත්දැකීම නම් දසකයට වැඩි කාලයක් දිනපතා යතුරු ලියනය කල ඉංග්‍රීසියට වඩා වේගයෙන් මාස කීපයක සිට යතුරු ලියනය කරන සිංහලෙන් මම වැඩ කරන බවයි.
ඊට හේතුව සිංහලය මගේ මව් බස වීම නොවේ- විජේසේකරයේදී මගේ ඇගිලි බොහෝවිට තිබෙන්නේ මුල් පේලියේම නිසායි.

සති තුනකදී පමණ A4 පිටු 10 කට අඩු ගණනක් යතුරු ලියනයෙන් තමා මම සිංහල ස්පර්ශ ලියනය ඉගෙනගත්තේ.
දැන් කෙනෙක් ඇසුවොත් 'ක' අකුරට අදාල යතුර ‍කුමක්දැයි කියා මට එක් විට කියන්නට බැහැ. හැබැයි එය හිතන වෙලාවේ මට කයන්න තිබෙන වචන පේලියක් යතුරු ලියනය කරන්න පුළුවනි.
එහෙම වෙන්නේ පුරුදු වුන පසු යතුරු ලියන‍ය වෙන්නේ සචින්තක විඥානයකින් තොරව (using only motor skills) නිසා.

ඉංග්‍රීසි ස්පර්ශ යතුරු ලියනය දන්නා කෙනෙකුට සිංහල ස්පර්ශ යතුරු ලියනය හුරුවීම අපහසුද?
කිසිසේත්ම නැහැ.
මමත් මුලින් පුරුදු වුනේ  ඉංග්‍රීසි ස්පර්ශ යතුරු ලියනය- භාෂා දෙක කොහෙත්ම පැටලවෙන්නේ නැහැ. මම  හිතන්නේ මොළයේ වෙන වෙනම පද්ධති ඒ සදහා පුරුදු කෙරෙනවා.

තවත් දෙයක්: යතුරු පුවරුවේ සිංහල අකුරු සදහා ලේබල අවශ්‍යද?
නැහැ.
ඇත්තටම ලේබල තිබෙන එක කරදරයක්. එය ඉගෙනීම පමා කරනවා.

ගොඩක් අය වගේ මමත් පොඩි කාලේ "උපුල් ඉතින් නැගිට ගිහින් ..." කවියෙන් තමා දිශා අට ඉගෙන ගත්තේ. ගිණිකොන හොයාගන්න තවමත් මට උපුල් නැතුව බැහැ... :)

මම දැක තිබෙනවා යතුරු පුවරු තිබෙනවා කිසිම ලේබලයක් නැති. උදා-http://www.daskeyboard.com/


ෆොනටින් ක්‍ර‍මය කියන්නේත් "උපුල් ඉතින් නැගිට ගිහින් ..." වගේ ලේබල් ඇලවීමක්.
උතුරට ලේබලය උපුල්, ඊශානට ලේබලය ඉතින් ...

කයන්නට ලේබලය k, සයන්නට ලේබලය s ...
--
Nalaka Jayasena (නාලක ජයසේන)
http://nalakajayasena.wordpress.com

Dhammike Mendis

unread,
Mar 10, 2008, 2:06:35 AM3/10/08
to Sinhala...@googlegroups.com
දවස් කිහිපයකට පසුව අදයි කාර්‍යාලයට ආවෙ. "ජංගම දුරකථන සඳහා සිංහල යුනිකෝඩ්" යන මතෘකාවෙන් සංවාදය බොහෝ දුර ගොස් ඇතත් මාතෘකාවට අදාලව සාකච්ඡා වී ඇත්තේ ඉතාම ස්වල්පයක් බවයි  පෙනෙන්නේ. ඉතින් යතුරුකරනය ගැන කතාව පසෙකින් තබා මා විසින් ඇරඹූ මුල් ලිපියෙන් නැවත මාතෘකාවට පිවිසෙමුද ?

විශ්ව කුමාර

unread,
Mar 10, 2008, 12:15:48 PM3/10/08
to සිංහල යුනිකෝඩ් සමූහය
සිංග්ලිශ් වල ෆොනොටික් ක්‍රමයේ අඩුපාඩු තිබෙන බව පිලිගන්න වෙනවා (ණ, ළ,
ඤ, ඥ සඳහා මවුසය භාවිතා කිරීමට සිදු වීම එකක්). විජේසේකර ක්‍රමය බොහෝ
දෙනෙකුට පහසු බවත් පිලිගන්නවා.

එය, නිතර ඉංග්‍රීසියෙන් යතුරු ලියනය කරන අයට ඉඳ හිට සිංහල ලිවීමටයි
වැදගත් වන්නේ. නමුත් දැනට එය රටවල් විස්සකට අධික ප්‍රමානයක භාවිතා වෙනවා.

එහි ලේ අවුට් එක අති විශාලයි! දැනට මෙය බලන්න. සම්පූර්ණ ලේ අවුට් එක තැනූ
පසුව දන්වන්නම්.
http://groups.google.com/group/singlish-typewriter/msg/7207738e9598465c
http://groups.google.com/group/singlish-typewriter/web/SinglishXPhonDB.xml

මේ ක්‍රමයේදී යංශය රකාරාංශය අවශ්‍ය තැන් වලට "ස්වයංක්‍රීයව යෙදෙනවා".
රේපය අවශ්‍ය විට ZWJ සඳහා Click කිරීමට සිදු වෙනවා.
ඟ = NGA, ඹ = MBA, ඳ = NDA ...

මෙහිදී වැඩියෙන්ම භාවිතා වන්නේ "a" අකුරයි, ඒ සඳහා සුලැඟිල්ල අනවශ්‍ය ලෙස
වෙහෙස වෙන නිසා දබරැඟිල්ල භාවිතා කිරීමට හුරු වීමක් වෙනවා.


--
<~..:: [විශ්ව කුමාර] ::..~>
http://feedblendr.com/blends/24952.rss

Prasan (ප්‍රසාන්)

unread,
Mar 12, 2008, 3:31:18 AM3/12/08
to සිංහල යුනිකෝඩ් සමූහය
J2ME වල සිංහල අකුරු පෙන්වීමට ක්‍රමයක් නැත්ද?

On Mar 10, 9:15 pm, විශ්ව කුමාර <vishva8kum...@gmail.com> wrote:
> සිංග්ලිශ් වල ෆොනොටික් ක්‍රමයේ අඩුපාඩු තිබෙන බව පිලිගන්න වෙනවා (ණ, ළ,
> ඤ, ඥ සඳහා මවුසය භාවිතා කිරීමට සිදු වීම එකක්). විජේසේකර ක්‍රමය බොහෝ
> දෙනෙකුට පහසු බවත් පිලිගන්නවා.
>
> එය, නිතර ඉංග්‍රීසියෙන් යතුරු ලියනය කරන අයට ඉඳ හිට සිංහල ලිවීමටයි
> වැදගත් වන්නේ. නමුත් දැනට එය රටවල් විස්සකට අධික ප්‍රමානයක භාවිතා වෙනවා.
>
> එහි ලේ අවුට් එක අති විශාලයි! දැනට මෙය බලන්න. සම්පූර්ණ ලේ අවුට් එක තැනූ
> පසුව දන්වන්නම්.http://groups.google.com/group/singlish-typewriter/msg/7207738e9598465chttp://groups.google.com/group/singlish-typewriter/web/SinglishXPhonD...

දසුන් සමීර

unread,
Mar 14, 2008, 5:25:17 AM3/14/08
to සිංහල යුනිකෝඩ් සමූහය
මම හිතන්නේ ඒක කරන්න බෑ. සපුමල්, බුද්ධික අපිව දැන්වත් කරනවද? තාක්ෂණික
බාදක(technical barriers) ගැන.

On Mar 12, 12:31 pm, Prasan (ප්‍රසාන්) <prasanhe...@gmail.com> wrote:
> J2ME වල සිංහල අකුරු පෙන්වීමට ක්‍රමයක් නැත්ද?
>
> On Mar 10, 9:15 pm, විශ්ව කුමාර <vishva8kum...@gmail.com> wrote:
>
> > සිංග්ලිශ් වල ෆොනොටික් ක්‍රමයේ අඩුපාඩු තිබෙන බව පිලිගන්න වෙනවා (ණ, ළ,
> > ඤ, ඥ සඳහා මවුසය භාවිතා කිරීමට සිදු වීම එකක්). විජේසේකර ක්‍රමය බොහෝ
> > දෙනෙකුට පහසු බවත් පිලිගන්නවා.
>
> > එය, නිතර ඉංග්‍රීසියෙන් යතුරු ලියනය කරන අයට ඉඳ හිට සිංහල ලිවීමටයි
> > වැදගත් වන්නේ. නමුත් දැනට එය රටවල් විස්සකට අධික ප්‍රමානයක භාවිතා වෙනවා.
>
> > එහි ලේ අවුට් එක අති විශාලයි! දැනට මෙය බලන්න. සම්පූර්ණ ලේ අවුට් එක තැනූ
> > පසුව දන්වන්නම්.http://groups.google.com/group/singlish-typewriter/msg/7207738e959846......
>
> > මේ ක්‍රමයේදී යංශය රකාරාංශය අවශ්‍ය තැන් වලට "ස්වයංක්‍රීයව යෙදෙනවා".
> > රේපය අවශ්‍ය විට ZWJ සඳහා Click කිරීමට සිදු වෙනවා.
> > ඟ = NGA, ඹ = MBA, ඳ = NDA ...
>
> > මෙහිදී වැඩියෙන්ම භාවිතා වන්නේ "a" අකුරයි, ඒ සඳහා සුලැඟිල්ල අනවශ්‍ය ලෙස
> > වෙහෙස වෙන නිසා දබරැඟිල්ල භාවිතා කිරීමට හුරු වීමක් වෙනවා.
>
> > --
> > <~..:: [විශ්ව කුමාර] ::..~>http://feedblendr.com/blends/24952.rss

http://www.lyricslk.com
දසුන් සමීර෴

Sapumal Jayaratne

unread,
Mar 14, 2008, 5:51:05 AM3/14/08
to Sinhala...@googlegroups.com
මට නම් ජංගම දුරකථන තාක්ෂණය සම්බන්ධයෙන් හරි අවබෝධයක් නෑ. නමුත් දින කීපයකට කලින් මගේ මොබිටෙල් දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබුනා ඔවුන‍්ගේ වෙබ් අඩවියෙන් නොමිලේ සිංහල කෙටි පණිවිඩ මෘදුකාංගයක් බාගතකරගන්න පුලුවන් කියලා. මම උත්සාහකල නමුත් එය බාගතකරගන්න නොහැකිවුනා. නමුත් නම හැ‍ටියට එහි සඳහන් වුනේ ThibusMe SMS යනුවෙන්. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද? මීට පෙරත් විවිධාකාරයේ සිංහල කෙටි පණිවිඩ මෘදුකාංග නිර්‍මාණය වුනා. ඒවා සිංහල යුනිකෝඩ් ද නැද්ද යන්න මා දන්නේ නෑ. නමුත් මා දන්නා තරමින් සමහර ඒවා J2ME යොදාගෙන නිර්‍මාණය කරපුවා.


සැරදේවා,
සපුමල්.

sinhaputthra

unread,
Mar 14, 2008, 5:52:31 AM3/14/08
to සිංහල යුනිකෝඩ් සමූහය

Sorry I do not have the software to type in Sinhala. I read this
discussion from the beginning to end and I would like to say something
about the Wijesekara vs. Phonetic battle.

Think about an English keyboard having letter A on top left corner,
letter B next (your keyboards letter W) and so on. What I mean is a
keyboard having keys in an alphabetical order. This order may ease the
typing for the newbies. But the keyboard will be inefficient. letters
like e, d, k, etc. are typed often but will be hard to reach.

I think phonetic method (Phonetic keyboard or whatever, i do not know
the exact name) is similar to the imaginary keyboard I just talk
about. This method is very easy for beginners since they are quite
comfortable with the English keyboard. (And they can see the letters
also). But it is very inefficient compared with the Wijesekara
Keyboard.

Ask a Sinhala typist (You can find many from government offices) which
layout he/she would like to use. the answer will be WIJESEKARA. (I do
not know whether Sinhala typewriters have the same layout. But I think
the layout is quite similar to Wijesekara keyboard)

Somebody had said Wijesekara is a gramophone. No guys, its not that
bad. Most people like the phonetic method because they began with the
English keyboard even before seeing a Sinhala letter from a screen.
But there will be a day, the Sri Lankan Children will begin learning
about computers with a sinhala keyboard. If we had a phonetic method
in that time, it will be a total mess.

No one will have to fear about WIjesekara layout. In fact, most
English speaking people do not know the English keyboard layout. (That
is the reason why those typing tutor software are very popular) What
we have to do is, write some tutorials or something about this
efficient keyboard layout. then very soon everybody will follow.

Guys, do not try to promote anything because it is easy for YOU.
Always promote what is CORRECT. And I this Wijesekara layout is BETTER
(certainly not EASIER) and EFFICIENT.

Budu Saranai

Malinthe Samarakoon

unread,
Mar 14, 2008, 6:07:37 AM3/14/08
to Sinhala...@googlegroups.com
+1 totally agreed!

Sapumal Jayaratne

unread,
Mar 14, 2008, 6:44:03 AM3/14/08
to Sinhala...@googlegroups.com
well written.

සිංහල යතුරුලියනය පුහුණුවීමට යතුරුලියන පුහුණු වැඩසටහනක් සෑදීමේ අදහස කදිමයි. පරිඝණක සඳහා සිංහල සහය ලබාදීමේදී බොහෝ දෙනෙකුගේ ලැයිස්තුවල තිබූ එක් අංගයක් තමයි මේක. නමුත් මෙවැන්නක් තාම එලියට ආවෙ නැති එක පුදුමයි. මෙම අවශ්‍යතාව වෙනදාටත් වඩා කාලීන වශයෙන් වැදගත් වී තිබෙනවා. මෙවැන්නක් නිර්‍මාණය කලොත් ඒක සිංහල යුනිකේත භාවිතයට හා ප්‍රචාරණයට මහඟු පිටුවහලක් වේවි.


සැරදේවා,
සපුමල්.

Prasan (ප්‍රසාන්)

unread,
Mar 15, 2008, 11:25:58 PM3/15/08
to සිංහල යුනිකෝඩ් සමූහය
මමත් දන්න විදිහට මීට පෙර නිර්මාණය වූ සිංහල කෙටි පණිවිඩ මෙවලම් සියල්ලම
පාහේ J2ME යොදාගෙන තියෙනවා. එහිදී ඔවුන් තමන්ගේම IM (ඉන්පුට් මෙතඩ්) එකක්
භාවිතා කර තියෙනවා. පණිවිඩය සටහන් කිරීමේදී අකුරු දිස්වීම කරන්නේ J2ME
මෘදුකාංගය තුල ඇති ඔවුන්ගේම රෙන්ඩරර් එකක් භාවිතායෙනුයි. (ජාවා ස්වින්
භාවිතා කර නෙවෙයි).

පණිවිඩය ලැබෙන්නේ
.
1. EMS (enhanced sms): මෙහිදී පණිවිඩය ලබන්නාට සාමාන්‍ය දුරකථනයක් මගින්
EMS පින්තූරයක් ලෙස පණිවිඩය ලබාගත හැකියි. (ජාවා අවශ්‍ය නැහැ)
2. MMS එකක එබ්බූ පින්තූරයක් ලෙස (ජාවා අවශ්‍ය නැහැ)
3. නොකියා වලට පමණක් සීමා වූ sms පණිවිඩ වර්ගයක් මගින්(???)

තේරෙන විදිහට සිංහල යුනිකේත භාවිතා වෙනවානම් එය සිදුවන්නේ පණිවිඩය ගබඩා
වීමෙදී සහ සන්නිවේදනයේදී පමණයි. ප්‍රශ්නය ඇත්තේ j2me I18N වලට අවශ්‍ය
සහාය හරි හැටි නොදැක්වීම විය යුතුයි.

විසඳුම: මා දකින විදිහට විසඳුම ඇත්තේත් J2ME වලම තමයි. මොකද J2ME හි ඇති
CLDC සහ MIDP තරම් අන් කිසිම ක්‍රමයක් (උදා .NET Compact) ජංගම දුරකථන
සහාය දක්වන්නේ නැහැ. ටිකක් පරණ ලිපියක් වුනත් මෙතන J2ME වල i18n සහාය ගැන
තොරතුරු සමහරක් තියෙනවා.

http://www.ibm.com/developerworks/library/wi-global/

ප්‍රසාන්

http://linux.wellassa.org


On Mar 14, 3:44 pm, "Sapumal Jayaratne" <sapumal.jayara...@gmail.com>
wrote:
> well written.
>
> සිංහල යතුරුලියනය පුහුණුවීමට යතුරුලියන පුහුණු වැඩසටහනක් සෑදීමේ අදහස කදිමයි.
> පරිඝණක සඳහා සිංහල සහය ලබාදීමේදී බොහෝ දෙනෙකුගේ ලැයිස්තුවල තිබූ එක් අංගයක්
> තමයි මේක. නමුත් මෙවැන්නක් තාම එලියට ආවෙ නැති එක පුදුමයි. මෙම අවශ්‍යතාව
> වෙනදාටත් වඩා කාලීන වශයෙන් වැදගත් වී තිබෙනවා. මෙවැන්නක් නිර්‍මාණය කලොත් ඒක
> සිංහල යුනිකේත භාවිතයට හා ප්‍රචාරණයට මහඟු පිටුවහලක් වේවි.
>
> සැරදේවා,
> සපුමල්.
>
> On Fri, Mar 14, 2008 at 3:37 PM, Malinthe Samarakoon <malin...@gmail.com>
> wrote:
>
> > +1 totally agreed!
>
> > On Fri, Mar 14, 2008 at 3:22 PM, sinhaputthra <sampaths...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages