singlish

40 views
Skip to first unread message

Thusitha Hettige

unread,
Mar 2, 2006, 10:04:38 PM3/2/06
to Sinhala...@googlegroups.com
can anyone tell me where and how to download and install singlish

Chathura Jayarathne

unread,
Mar 2, 2006, 10:12:08 PM3/2/06
to Sinhala...@googlegroups.com
Singlish - Unicode enable version  : http://people.apache.org/~ajith/tools/singlish/

 
On 3/3/06, Thusitha Hettige <thusi...@gmail.com> wrote:


 



--
Chathura Jayarathne®

නිරංජන්෴

unread,
Mar 31, 2006, 6:04:43 PM3/31/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode

> Original Singlsih : http://www.geocities.com/naturalsinglish/
> Chathura Jayarathne(r)

හිතවත් චතුර
සින්ගිලිශ් නැවත බැලුවා
මම JDK 1.4 කේතනය කරනවා,

සිංහල යුනිකේතයට swing සහය
අගෙයි, අපට සිංග්ලිෂය ඇපලට්
එකක් කිරීමට පුලුවන්ද ?
එතකොට වියුණේම ඉඳගන ලියන්න
පුළුවන්,

import javax.swing.*;
import java.awt.*;

public class MainPanel extends JFrame {
private JTextArea sinhalaText;
private Font font;
public static final String DEFAULT_FONT_NAME_PREFIX = "Malithi";
public static final float DEFAULT_FONT_SIZE = 14f;

}

ඉහත කේතනය අපට පහදනවද ?
ඇපලට් එකකදී අකුරු එයටම
ඔබන්න වෙනවද ?
වියුණදී යුනිකුරු තියන
අයකුට එසේ නැතිව පේනවද ?
properties ගොනුව ගැනත් කියන්න

ජාවා ඇපලට් ඉතා ආර්කෂිත
නිසා , සිංහල යෙදවුම් වලට
ඉදිරියේදී ගොඩක් යෙදෙයි ,

ජාවාහි දසුන් යන්ත්‍රයක්
හැදේවිද ?
මම පුංචි දේ අගය කරන්නේ අපට
ඒවා මුල්ම පාඩම් කියාදෙන
නිසා... නිතර නොවෙන නිසා අපට
ජාවා 2 ටිකක් බ්ලර් ...
ශිල්පසයුරට විද්‍යා හා
ගණිත සජීවී අත් දැකීම්වලට JDK
1.4 ඇපිලිති යෙදෙනවා,
සිංහලත් ඇත්නම් ඒවා තවත්
හැඩවෙයි


නිරංජන්෴

සපුමල් ජයරත්න

unread,
Mar 31, 2006, 9:59:30 PM3/31/06
to Sinhala...@googlegroups.com
On 3/31/06, නිරංජන්෴ <uni...@info.lk> wrote:

> සිංහල යුනිකේතයට swing සහය
> අගෙයි,

සිංහල යුනිකේතය කියලා විශේෂ සහායක් නෑ. ජාවා සමිපූණීයෙන්ම යුනිකෝඩිත
භාෂාවක්. ඒ නිසා මූලික දේවල් හොඳට වැඩ කරනවා.

> ජාවාහි දසුන් යන්ත්රයක්
> හැදේවිද ?

ජාවා වලට සිංහල දසුන් යයාන්ත්‍රනයක් නැතුව swing වලින් සිංහල පාවිච්චි
කරන්න අමාරැයි (අකුරු හකුරු වෙනවා). කලකට ඉහතදී තායි බාසාව ජාවා වලට එකතු
වුනා. මූලිකව වැඩකලේ තායිලන්තයේ IBM නියෝජිත ආයතනය. මම සිංහල input
methos එකක් යන්තම් කරකවගෙන සිංහල දසුන් යනුත්‍රනයක් හදන්න එයාලගෙන් උදවි
ඉල්ලුවා. හොඳ ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. පස්සේ මමම පටන්ගත්තා. මට ජාවා වල
දසුන් යාන්ත්‍රණය සෑදීම ගැන යම් අවබෝධයක් තියනවා. ටිකක් අමාරැයි. input
method එත වගේ ලේසියෙන් ලියලා දාන්න බෑ. ප්‍රධානම ප්‍රශ්ණය තමයි වේලාවක්
නැති එක. වැඩේ පටන්ගත්තොත් මටත් කියන්න. මමත් පුලුවන් උදව්වක් දෙන්නම්.

Suwit Srivilairith කියන්නේ ජාවා වලට තායි එක් කිරීමේ ප්‍රබල චරිතයක්.
හොයලා බලලා උදව්වක් ගන්න පුලුවන්නම් ඉල්ලගන්න.

ජාවා දසුන් යාන්ත්‍රනය හදාගත්තොත් සිංහලෙන් වැඩසටහන් නිර්‍මාණයට ඇති හොඳම
විදිය ජාවා වනවාට කිසි සැකයක් නෑ. උදාහරණයකට මෙය බලන්න.
https://sourceforge.net/project/screenshots.php?group_id=132259&ssid=7789
අකුරැ හකුරැ වෙලා නැතිනම් කෙතරම් අගේද?

ස්තූතිය්,
සපුමල්.

Buddhika Jayasinghe

unread,
Apr 1, 2006, 4:06:48 AM4/1/06
to Sinhala...@googlegroups.com

මීට වසරකට පෙර මෙවැනි දෙයක් අප J2ME සඳහා නිර්මානය කලා.
අවාසනාවකට ඒක යුනිකෝඩ් නෙමෙයි :(

කෙසේ නමුත් අප කලේ J2ME සඳහා අවශ්‍ය කොටස් (text field, list, alert box ආදිය) සිංහල සඳහා සහාය දක්වන ආකාරයට නැවත ලිවීමයි. අකුරු ගබඩා කලේ වෙක්ටර් ඩේටා ආකාරයටයි. කෙසේ හෝ මේ සියලු කොටස් (sinhala/english fonts + symbols + components + rendering engine) 32KB පමනට ගෙන ඒමට අපට හැකිඋනා.

සපුමල්, swing සඳහා දර්ෂන යන්ත්‍රයක් ලිවීමේදී එම කොම්පොනන්ට් නැවත ලිවිය යුතුද? එසේ නැතිනම් එය කරන්නේ කෙසේද?

නිරන්ජන්, මෙවැනි කාර්යයක් පටන්ගන්නවා නම් මටත් කියන්න. සහයෝගයක් දෙන්න පුලුවන් වෙයි කියා හිතනවා.

ස්තුතියි

--
Buddhika Jayasinghe
බුද්ධික ජයසිංහ
http://profiles.yahoo.com/ubjayasinghe

නිරංජන්෴

unread,
Apr 1, 2006, 3:47:18 PM4/1/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
>මීට වසරකට පෙර මෙවැනි දෙයක් අප J2ME සඳහා නිර්මානය කලා.
>අවාසනාවකට ඒක යුනිකෝඩ් නෙමෙයි :(


බුද්ධික
සන්නිවේදනයට අකුරු සිංහල
වීමයි අවශ්‍ය. බලන්න ගුවන්
තොටුපොළ, දුම්රිය ඉසවි කාල
සටහන්, වෙක්ටර් ක්‍රමය වඩා
පහසුයි. අපි එන/යන හරවන
යුනිකේත පෙරහණක් හදමු ඔය
ජංගම වාහකයට,

දත්ත ගබඩාවල යුනිකේත ගමු.
හරවා දාගමු. හරවා පෙන්වමු.
හරවන තා්කෂණ ගුරු තුසිත, මම
දෙන්නමි යුනිකේතිත
මොබයිල් සමූහ යෙදවුමක්,

---


>Suwit Srivilairith කියන්නේ ජාවා වලට තායි එක් කිරීමේ ප්‍රබල චරිතයක්

සපුමල්
එවන් යමක් හොඳට පිඹුරු පත්
කරලා,කාලය සහ සම්පත් සපයා ගන
කල යුතුයි, සාකච්චාව නිසා
අපට ප්‍රශ්න හඳුනාගන්න
පුළුවන්, ,

බලන්න මේ තායි යුනිකේත දෙස
අකුරු සඳහා
http://www.alanwood.net/unicode/thai.html

oฯ oฯ oะ oั oา oำ oิ oี oึ oื เo แo โo ใo
ไo oๅ oๆ o็ o่ o้ o๊ o๋ o์ oํ o๎

සිංහල වගේ ඉස්පිලි පාපිලි,
කොමිබු තියන බසක්,
පාලිගාථා කියන්න ශබ්දත්
තියනවා,

Three-keystroke sequence: 0xB9 (No Nu) 0xE9 (Mai Tho) 0xD3 (Sara Am)
http://mozart.inet.co.th/cyberclub/trin/thairef/saraam1.gif

යුනිකේත නෙමේ නමුත් ඉතා හොඳ
දසුන් උදාහරණයක්
http://www.fedu.uec.ac.jp/ZzzThai/thailang/index.html

http://software.thai.net/
http://www.i18ngurus.com/index.html
http://www.fedu.uec.ac.jp/ZzzThai/

බුද්ධිකට වැඩේ ගැන වඩා
දැනුමක් තියන නිසා අපට
ඉදිරියට පුළුවන්, ඔය වචන
වැඩෙත් දුවන්නේ,
පටන් ගන්න යනකොට කටිටිය එයි.
මාත් swing ඉගන ගන්න ඕනි.

අපි දසුන්කරණය ගැන වැඩ කරන
එකට පෙණේකරන අයත් කැමති
වෙයි ?

නිරංජන්෴

සපුමල් ජයරත්න

unread,
Apr 3, 2006, 6:36:50 AM4/3/06
to Sinhala...@googlegroups.com
On 4/1/06, Buddhika Jayasinghe <ubjaya...@gmail.com> wrote:

> සපුමල්, swing සඳහා දර්ෂන යන්ත්රයක් ලිවීමේදී එම කොම්පොනන්ට් නැවත ලිවිය යුතුද?
> එසේ නැතිනම් එය කරන්නේ කෙසේද?

සියලු කොම්පොනන්ට් ලිවීම අවශ්‍ය නොවේ. මෙම උපුටාගැනීම බලන්න.
http://www-306.ibm.com/software/globalization/topics/jdk_thai/rendering.jsp

<උපු‍ටාගැනීම>Unlike text rendering on AWT components, Text rendering
on Swing components is Thai enabled itself and platform-independent.
Java applications using Swing components do not require Thai operating
system to handle Thai rendering. The JTextComponent base class is
designed to support character position and character composition for
Thai text. These features are also propagated to its subclasses such
as JTextArea, JTextField, etc.</උපුටාගැනීම>

වැඩිවිස්තර හා ජාවා දේශීයකරණය ගැන හොඳ සාරාංශයක් සඳහා
http://www-306.ibm.com/software/globalization/topics/jdk_thai/index.jsp
බලන්න.

කවුරුහරි වැඩේ පටන්ගන්න යනවා නම් මුලින්ම ජාවා 2D Tutorial හදාරන්න.
http://java.sun.com/developer/onlineTraining/Media/2DText/index.html#TOC

තව විස්තර ඕනනම් කියන්න. ගොඩාක් තොරතුරු මගේ ලඟ තිබුනා. නමුත් ටිකක්
අමාරුයි දැන් හොයාගන්න.

Reply all
Reply to author
Forward
0 new messages