Sinhala SMS

75 views
Skip to first unread message

virtua...@gmail.com

unread,
Jun 30, 2006, 7:18:24 AM6/30/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
As you guys discussed in some ofyour previous topics Im really
intersting in developing Sinhala sms software using java but I don't
have much idea about how to start it becasue Im new to this Unicode
stuffs. So could you please let me know how should I start that kind of
application and what are the requirements I have to have. I have
installed Sinhala Unicode packs and all related stuffs as I think.
Also pls let me know is there any site which I can get some sample
codes. The link which was provided in some previous posts is not
working(openweb.org)

Thanks in advance

Im applogizing for not use Sinhala to type this message coz Im not much
familier with sinhala typing yet.

Pathum

නිරංජන්෴

unread,
Jun 30, 2006, 7:49:44 AM6/30/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
මිතුර
ඔබගේ වෑයම ඉතා අනර්ඝයි.
සමහර තාක්‍ෂණ දේ සිංහලෙන්
ලිවීම අපහසු නිසා
Sinhala Unicode Developers of Sri Lanka : Tech Stuff Only

http://groups.google.lk/group/Unicode-Developers-of-Sri-Lanka-Tech-Stuff-Only?lnk=oa&hl=en
සමූහයේ මෙයට පිළිතුරක්
දෙමි.

බුද්ධික ජයසිංහ (Buddhika Jayasinghe)

unread,
Jul 1, 2006, 11:41:14 AM7/1/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
හිතවත් පැතුම්,

ඔබට නිරංජන් දුන් පිලිතුරද
බැලුවා.
ඔබගේ අදහස ඉතාමත් වැදගත්. මේ
කරුනු ගැනත් මදක්
සිතනවානම් හොඳයි.

සිංහල යුනිකෝඩ් සඳහා සහාය
දක්වන ජංගම දුරකථන තවම අප
සතුව නැහැ. එමනිසා වැඩසටහන
තුල අනිවාර්යයෙන්ම
යුනිකෝඩ් යොදාගත යුතු යැයි
මම සිතන්නේ නැහැ. ඔබ කැමති
සම්මතයක් මේ සඳහා යොදාගන්න
පුලුවන්. ඒත් ඔබගේ
වැඩසටහනෙන් පිටතට යන
සියලුම දත්ත යුනිකෝඩ් වීම
වැදගත්.
පනිවුඩ යැවීමේදී අනෙක්
අන්තයේ ඇති දුරකථනය ගැනද
සිතිය යුතුයි. ඔබ යවන පනිවුඩ
බැලීමට ඔබගේ වැඩසටහන අනෙක්
අන්තයේද තිබිය යුතුයි. එවිට
මෙම තාක්ෂනයේ යෙදීම සීමා
වෙනවා. මේ සඳහා විකල්ප ලෙස
පික්චර් මැසේජ් සහ ඊ.එම්.එස්
ගැනද අවධානය යොමු කරන්න.

ඊලග කරුන තමයි සිංහල අකුරු
රෙන්ඩර් කිරීම. අකුරු ගබඩා
කිරීමට සහ දර්ෂනය කිරීමට
වෙක්ටර් ඩේටා ක්‍රමය
යොදාගැනීම හොඳ බවයි මගේ
පෞද්ගලික අදහස. එය
බ්‍රව්සරයක් නිර්මානය
කිරීමේදීත් පිටුවහලක්
වෙයි. රෙන්ඩරින් වලදී ඔබ
යොදාගන්නා ක්‍රම හැකිතාක්
කෙටි කරගැනීම වැදගත්.
වෙළඳපොලේ ඇති බොහෝ දුරකථන
සඳහා ජාවා රන්ටයිම් හීප්
සයිස් එක කිලෝ බයිට් 195ට වඩා
අඩුවෙන් තබාගතයුතු වෙනවා.
මෙය ඇත්තටම අභියෝගයක්.

බ්‍රව්සරයක් නිර්මානයේදී
එය සහාය දක්වන ටැග්
තෝරාගැනීම වැදගත්.
ආරම්භයේදී එය WML තුල ඇති ටැග්
වලින් පටන්ගන්න පුලුවන්.

වැඩේ කරගෙන යනකොට තව අභියෝග
එයි. පටන්ගැනීම තමයි වැදගත්.
මේ සම්බධ ඕනෑම කටයුත්තකට
අපගේ වෘත්තීය සීමාවන්ට
යටත්ව සහාය දීමට මම කැමතියි.

අප නිර්මානය කල එස්.එම්.එස්
සහ බ්‍රව්සර් වැඩසටහන්
දෙකක් තිබෙනවා. එහි පරීක්ෂන
අනුවාදයන් ඕනෑම අයෙකුට
නොමිලේ ලබාගත හැකියි. ඔබගේ
ජාවා සහිත ජංගම දුරකථනයෙන්
පහත සඳහන් ලින්ක්
පරීක්ෂාකර බලන්න.

SMS - http://www.thibusme.com/smsnew
Browser - http://www.thibusme.com/wap
(අවසාන අනුවාදය නිකුත්
කරනතුරු කිසිදු ආකාරයක
පාරිභෝගික සේවයක් අප ආයතනය
විසින් ලබා නොදෙන බව
කරුනාවෙන් සලකන්න)

තව ගැටලු තිබේනම් පසුව කතා
කරමු.

ඔබ සැමට ස්තුතියි.
බුද්ධික ජයසිංහ
http://profiles.yahoo.com/ubjayasinghe

Pathum Herath

unread,
Jul 3, 2006, 1:03:33 AM7/3/06
to Sinhala...@googlegroups.com
‍ඔබගේ‍ ‍‍‍‍දිරි‍‍ගැ‍න්වීම්‍ට ස්තුතියි.

As Niranjan and Buddhika mentioned in their posts I can understand the
difficulties which can occur when using unicode for the sms
application. So Im thinking of writing my application to send my
message as a MMS. I think that way is better. I have started R&D on
those stuffs now. Thank you very much for your encouragements and
supports. Please Keep In Touch.

ස්තුතියි.

පැතුම්

On 6/30/06, නිරංජන්෴ <uni...@info.lk> wrote:
> මිතුර

> ඔබගේ වෑයම ්ඝයි.


--
Pathum

වසන්ත දේශප්‍රිය෴

unread,
Jul 5, 2006, 9:23:25 AM7/5/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
පළමුව මේ සඳහා MIcroimage හා තිබස්
නිපදවා ඇති ජංගම දුරකථන
කෙටි පණිවුඩ විසඳුම්
පරීක්ෂා කිරීම සුදුසුයි.

නිරංජන්෴

unread,
Jul 6, 2006, 6:56:10 AM7/6/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
මෙවැනි නිදහස් මුදුකාංග ජන
ව්‍යාපෘති සඳහා රජය, ජනතාව
හෝ යම් ආයතනයක් යම්
ආයෝජනයක් කරනවානම් හොඳයි. ඒ
සඳහා නිසි රාමුවක් නැතිවීම
අඩුවක්. පවතින ආර්ථික තර්වය
තුල ස්වේච්චා දියුණු
කිරීම් වලින්ම එය
බලාපොරොත්තු වීම අපහසුයි.

ස්වේච්චා පදනම යටතේ වැඩක්
පටන් ගත්තාම හුඟක් විට සෝඩා
බෝතලයක් වගේ, මුලදී ඉතා
උද්යෝගීයි, පසුව ටික ටික
උනන්දුව අඩුවෙනවා, සමහර විට
ඇතිවන ප්‍රශ්න වලදී හිත්
කැඩී උදාසීන වීම සරළ මිනිස්
ස්වභාවයක්. බලාපොරොත්තු
ඇතිකර පොරොන්දු කඩකිරීම
වැලක්වීමට නීතිමය රාමුවක්
අවශයි. නිදහස් මුදුකාංග
දියුණු කිරීම ප්‍රේම කරනවා
වගේ අවුරුදු හතක් ආලය කරළත්
දුක් දී අත හරින්න පුලුවන්.
විවාහයකදී නම් තරමක නීතිමය
බැඳීමක් හා ලබාදිය යුතු
යමක් සඳහන් වෙනවා.

මෙතන්හිදී තමා ආයතන 2 ක් අතර
ඇතිවන ගිවිසුමක වටිනාකම.
ලංකාව වැනි කුඩා රටක වාණිජ
මුදුකාංග ඉදිරියෙන් සිටීමට
මෙය හේතුවක් හේතුවක්.

සපුමල් ජයරත්න

unread,
Jul 6, 2006, 8:04:02 AM7/6/06
to Sinhala...@googlegroups.com
On 7/6/06, නිරංජන්෴ <uni...@info.lk> wrote:
> මෙවැනි නිදහස් මුදුකාංග ජන
> ව්යාපෘති සඳහා රජය, ජනතාව
> හෝ යම් ආයතනයක් යම්
> ආයෝජනයක් කරනවානම් හොඳයි. ඒ
> සඳහා නිසි රාමුවක් නැතිවීම
> අඩුවක්. පවතින ආර්ථික තර්වය
> තුල ස්වේච්චා දියුණු
> කිරීම් වලින්ම එය
> බලාපොරොත්තු වීම අපහසුයි.

අැත්ත කතාව. ක්ෂේත්‍රයේ වැඩකරන බොහෝ දෙනෙකුට ස්වේච්ඡාවෙන් වැඩකිරීමට
කාලයක් නැතිවීමයි ලොකුම ගැ‍ටලුව. නමුත් කාලය තියන කෙනෙකුට යමක් කලමණාකරණය
කරගෙන ඇදගෙන යන්න පුලුවන්නම් හැමෝගෙන්ම උදව් ගන්න පුලුවන්. හැමෝම
පුලුපුලුවන් වෙලාවට උදව් පදව් කරයි.

මේ දවස් ටිකේ යුනිකේතිත සිංහල ජංගම කෙටිපණිවිඩ තාක්ෂණය ගැන බොහො දෙනෙක්
උනන්දුවෙනවා වගේ පේනවා. මේ ලිපි හූයේත් පස් දෙනෙක් ඉන්නවා. තවත්
කීපදෙනෙක්ම මේ සඳහා උනන්දු වෙන බව මම දන්නවා. වෙනත් ලිපි හවුල් වලත් සමාන
අදහස් මම දැක්කා. එනිසා නිදහස් මෘදුකාංගයක් විදියට මෙවැන්නක් දියුණුකරන්න
පෙරමුණ ගන්න ‍පුලුවන් කෙනෙක් ඉන්නවානම් කේතකම්මලේ හරි වෙනත් එවැන්නක
වැඩක් පටන්ගන්න. ලිපි හවුලක් මගින් දැනුම හුවමාරු කරගෙන් යමක් කරන්න
පුලුවන්. ඇදගෙන යන්න කෙනෙක් තමයි ඹින. ඒකට තමයි හැමෝටම වෙලාවක් නැත්තේ.
වැඩ ටික නම් අනිත් අය කරයි.

නිදහස් මෘදුකාංගයක් නැතිව වෙනත් විදියක‍ට මෙවැන්නක් කරන්න කාටහරි අදහසක්
තියනවානම් ඒ සඳහාත් නොමිලේ උදව් කරන්න මම ලැහැස්තියි. පරිඝණක සිංහලකරණය
ඉක්මන්කිරීම පමණයි මම සලකන්නේ. මගේ ‍අදහස නම් මෙවැනි මූලික යටිතල පහසුකමි
ස්වරෑපයේ දේවල් නිදහස්ව හා ප්‍රචලිතව තිබිය යුතුයි කියලයි. මොකද එවිට
සියලු දෙනා වඩාත් හොඳ හා නිවැරදි පාරේ යනවා. එකමුතු කම තුලින් වඩාත් හොඳ
දෙයක් ලැබෙනවා. එය පසුවට වානිජ පදනමින් මෘදුකාංග නිර්‍මාණය කරන්න පහසුවක්
වේවි. දැන් බලන්න සිංහල කෙටි පණිවිඩ තාක්ෂණ කිහිපයක්ම තියනවා. වසන්ත
සඳහන් කරපු ඒවාට අමතරව තවත් ඒවා මම දැකලා තියනවා. නමුත් අද කීයෙන් කී
දෙනාද සිංහලෙන් කෙටි පණිවිඩ යවන්නේ. නමුත් සියලුදෙනා එකතුවෙලා හොඳ
ක්‍රමයක් හදාගත්තොත් ඒ මත පදනම් වෙලා නොයෙකුත් නව වැඩසටහන් නිමෘණය කරන්න
පුලුවන්.

ස්තූතිය්,
සපුමල්.

නිරංජන්෴

unread,
Jul 6, 2006, 3:43:37 PM7/6/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
සිංහල SMS නොයැවනවා නොවෙයි,
වැඩි එස් එම් එස්
ප්‍රමාණයක් යන්නේ singlish වලින්
:), මම SMS තක්‍ෂණයට එතරම්
ලැදියාවක් නෑ මොකද බයිට ගණන
සීමා සහිතයි.

නමුත් සිංහල ජංගම වාහකයක්
තියනවානම් පුංචි
මිනිස්සුත් අන්තර්ජාලයට
ඒවි. හැම තැනකදීම අපට එන්නේ
රෙන්ඩරින් ප්‍රශ්නය. අපට
මුලටම යන්න වෙනවා

අපේ හොඩිය ගැන මහාචාර්ය ජේ
බී ලියපු පොතේ අකුරු
ප්‍රමිතියක් තියනවා. ඒ අනුව
අපට සිංහල අක්‍ෂර දෛශික
කණ්ඩාංඛ පද්ධතියක් තමා
හදාගත යුත්තේ. ඒ සඳහා අකුරක්
දෛශිකව නිරූපණය කිරිම ගැන
තීරණය කරන්න වෙනවා.

සිංහල අකුරු පේලි පහකින්
ඔහු ලියා දක්වන්නේ. පහත
සිටඋස ප්‍රමාණ 2x,4x,x,2x බැලූ
බැල්මට. අපට මීට වඩා
නිරවද්‍ය වන්නට පුළුවන්.
ඒවා ඔහු යටි,මැද,අතුරු හා
උඩු පෙළ ලෙසින් හඳුන්වනවා.

අකුරු වර්ග තුණකි
මධ්‍ය - ග (මැද හා අතුරු පෙළ)
ආරෝහණ - ට (මැද,අතුරු හා උඩු
පෙළ දක්වා උසයි)
අවරෝහණ - ද (යටි,මැද හා අතුරු
පෙළ දක්වා උසයි)
බැඳි අක්‍ෂර වලදී
මධ්‍ය+ආරෝහණ - ඣ
මධ්‍ය+ආරෝහණ - ඤ
අකුරුවල පළල ගැන විශේෂ යමක්
කියා නැහැ. එහෙත් නිදසුන්
අනුව ඒවා ප්‍රමාණාත්මක වීම


සුදුසුයි.

පරිගණක වලට චඩා ජංගම අකුරු
කුඩා නිසා, වෘත්තාකාර බවට
වඩා සරල රේඛා ලෙස අකුරු ඇඳීම
කළ හැකියි. ඒ අප පහතම මට්ටමේ
වැඩ කරණ විට.

නමුත් සරළ සිංහල බිට් මැප්
අකුරක් හදාගන යන්නත්
පුළුවන් j2me පෝලිෂ් කියන ජාවා
ජංගම මුදුකාංගයේ එවන්නක්
මා දුටුවා. මා ජංගම
ක්‍ෂේත්‍රයට ආධුනික නිසා
මෙතනින් එහාට යමෙක් නිවැරද
කරනවාද ?

Pathum Herath

unread,
Jul 7, 2006, 12:16:00 AM7/7/06
to Sinhala...@googlegroups.com
සැබව්න්ම ඔබගේ අදහස සත්තයකි.
නමුත් පරිගණ කය හා අන්තර්ජාලය තුල නිකරුෙණ් ගෙවි යන කාලය
ෙමවැනි කාර්යයක් සදහා වැය ෙකාට අතර මගදි නතර කර දැමුවද ඉන් ලැෙබන දැනුම
ෙකදිනක ෙහා් නිසි රාමුවක් තුල සිදු කරන මුදුකාංග
සංවර්දනයකදි ප්ර ෙයා්ජනවත් වනු ෙනාඅනුමානය.
පැර දු න ප්රේම යන් සාර්ථක විවාහයකට ප්ර ෙයා්ජනවත් වන බව මගේ අදහසයි

මට ෙමම ලිපිය සිංහලෙන් ලිවි මට හැකි වුයේ මම පැරදිමට බිය නොවි SMS වෙත
සිංහලෙන මගේ ප්රේම ය ප්රකාශ කල බැවිනි.


ස්තූතියි
පැතුම්

On 7/6/06, නිරංජන්෴ <uni...@info.lk> wrote:


--
Pathum

Reply all
Reply to author
Forward
0 new messages