සිංහල හෝඩියේ නැති අකුරු යතුරු කල හැකි ක්‍රමයක් තිබේද?

බැලීම් 148
පළමු නොකියවූ පණිවිඩය දක්වා මඟ හරින්න

ධනික කෞශල්‍ය පෙරේරා

නොකියවූ,
2009 මැයි 2, 15.06.422009-05-02
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මා විසින් පාසල් ජාලය තුල කෙරීගෙන යන පසුගීය විභාග ප්‍රශ්නොත්තර ජාල ගත
කිරීමේ ව්‍යාපෘතියකට දායකත්වය සපයයි. ඒ සඳහා පසුගිය විභාග ප්‍රශ්නොත්තර
මේ දින වල යුනිකෝඩ් භාවිතයෙන් යතුරුකරණය කිරීම සිදුකෙරෙමින් පවතී. එම
යතුරුකිරීම් අතරතුරදී මතුවුන ගැටළුවකි මේ.

සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍ර‍යේ නිවැරදි අක්‍ෂර වින්‍යාසය තේරීම
සඳහා ප්‍රශ්න ඇති බව අපි කවුරුත් දනී. ඒවායේදී වැරදි අක්‍ෂර වින්‍යාස ද
සහිත වචනද පිළිතුරු ලෙස දෙයි.
එසේ තිබූ එක් ප්‍රශ්නයක් යතුරුකරණය කිරීමේ දී "‍ෙඖෂධ" යන්න යතුරු කරන්නට
අවශ්‍ය වූ නමුත් '‍ෙඖ' යන්න IME මගින් render නොකරයි.

මීට හේතුව ලෙස මම දකින්නේ සිංහල හෝඩියේ '‍ෙඖ' ලෙස අක්‍ෂරයක් නොමැති වීම
නිසා යුනිකෝඩ් අක්‍ෂර පද්ධතියේද එවැනි අක්‍ෂරයක් නොමැති වීම විය හැක. එසේ
මෙසේ කෙසේ හෝ මෙවන් අවශ්‍යතාවයන් සඳහා එවැනි අකුරු යුනිකෝඩ් මගින් යතුරු
කල හැකි ක්‍රමයක් නැතිද?


(මේ පිළිබඳ ICTA හි අවධානය යොමු කරනු මැනවි)


ධනික කෞශල්‍ය පෙරේරා
http://dhanikauom.blogspot.com

සුපුන් පෙරේරා

නොකියවූ,
2009 මැයි 4, 01.15.012009-05-04
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මාර ප්‍රශ්නයක් තමයි!
මධුර ලියපු සිංහල යුනිකෝඩ් එකේ තියෙන code.txt ෆයිල් එකට ඔබට අවශ්‍ය
යුනිකෝඩ් අංක ටික දාලා බැලුවොත්?
[මධුරගෙ සිංහල යුනිකෝඩ් tool එක:
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/2b3392c682d973f6?hl=si]

On May 3, 12:06 am, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
wrote:

ධනික කෞශල්‍ය පෙරේරා

නොකියවූ,
2009 මැයි 4, 04.02.412009-05-04
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මදුරගෙ ඔය කියන මෘදුකාංගය දැන් භාගත කරන්න දෙන්නෑ වගේ.
පොඩ්ඩක් ගිහිල්ලම බලන්නකො ඔය thread එකේ තියෙන link එකට.

සුපුන් පෙරේරා

නොකියවූ,
2009 මැයි 4, 09.24.162009-05-04
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඔව් ඔව්. සමා වෙන්න ඕන! පොඩ්ඩක් ඉවසලා බලමු. මධුර අළුත් version එකක්
දාන්නයි ඉන්නෙ.


On May 4, 1:02 pm, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
wrote:

Vishva Kumara

නොකියවූ,
2009 මැයි 4, 11.14.372009-05-04
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මීට ඇති එකම විසඳුම සියලු පිලිතුරු පින්තූර ලෙස සකසා ඇතුලත් කිරීමයි.

On May 3, 1:06 am, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
wrote:

Upali Kohomban

නොකියවූ,
2009 මැයි 4, 21.50.452009-05-04
සිට Sinhala...@googlegroups.com


2009/5/4 Vishva Kumara <vishva...@gmail.com>

මීට ඇති එකම විසඳුම සියලු පිලිතුරු පින්තූර ලෙස සකසා ඇතුලත් කිරීමයි.


ඒක නම් ඒ හැටි තේරුමක් ඇති විසඳුමක් නෙවෙයි මා හිතන හැටියට. කිලෝ බයිට් තුනකින් හතරකින් කරන්න පුලුවන් දේකට කිලෝ බයිට් දෙතුන් සියයක් යනවාට අමතරව, සෙවීමේ, ගූගල් වැනි අඩවි වල ඇතුලත් කිරීමේ, පිටපත් කිරීමේ පහසුකම් නැති වෙනවා පින්තූර භාවිතයෙන්. ඊට හොඳයි අකුරු කිහිපයක් වරද්දා හෝ text format එකකින් තිබීම.



Vishva Kumara

නොකියවූ,
2009 මැයි 6, 05.52.062009-05-06
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මේ ගැටලුවේදී වරද්දා text format එකට සකස් කිරීමෙන් නිවැරදි උත්තරය
පහසුවෙන්ම වෙන් කර හඳුනා ගත හැකියි. එම නිසා "අකුරු කිහිපයක් වරද්දා හෝ
text format එකෙන්ම" තැබීම කිසිම තේරුමක් නැති වැඩක්.

ප්‍රශ්න පත්‍රයක ඇති පිලිතුරු ආදිය search engine index කිරීමේ කිසිම
අවශ්‍යතාවයක් මා දකින්නේ නැහැ. අනෙක පිටපත් කිරීමට අවශ්‍යනම් පහසුවෙන්
screen print එකක් ගත හැකියි. අවශ්‍යමනම් පින්තූර පවා සෙවුම් යන්ත්‍රයකට
පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස ටැග් යෙදිය හැකියි!

gif වැනි compression එකක් භාවිතා කලහොත් එක් පිලිතුරක් සඳහා කිලෝ බයිට
එකකට වඩා අවශ්‍ය නොවේ!

මෙවැනි වැරදි අක්ශර වින්‍යාස සිංහල යුනිකේතයෙන් යතුරු ලියනය කිරීමට බැහැ.

On May 5, 7:50 am, Upali Kohomban <kohom...@gmail.com> wrote:
> 2009/5/4 Vishva Kumara <vishva8kum...@gmail.com>

සුපුන් පෙරේරා

නොකියවූ,
2009 මැයි 6, 10.58.002009-05-06
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
පින්තූර හැටියට තබන එකත් හොඳ පිලිතුරක්.

මධුරගෙන් අහල බැලුවොත් නරකද ඔය වගේ වැඩකට සපෝට් එකක් දෙන්න පුලුවන්ද
කියලා? මොකද, code.txt ෆයිල් එක වෙනස් කරලා ඔය වැඩේ කර ගන්න පුලුවන්
කියල තමයි මට නම් හිතෙන්නෙ.

ධනික කෞශල්‍ය පෙරේරා

නොකියවූ,
2009 මැයි 6, 12.23.152009-05-06
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මගේ ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න මහන්සි වෙන සුපුන්, විශ්ව සහ උපාලි
සොයුරන්ට ස්තූතියි!

මං හිතනවා මේ වගේ ප්‍රශ්නෙකට පිළිතුරු හොයලා තියාගන්න එක වටිනවා කියලා.
මොකද මෙවැනි ගැටළු ඉස්සරහටත් මතු වෙන්න පුළුවන්. පසුගිය සිංහල විභාග
ප්‍රශනොත්තර යුනිකේත ගත කරන ප්‍රථම අවස්ථාව මෙය නිසයි මේ ගැටළුව මතු උනේ.
ඉස්සරහටත් මෙවැනි ව්‍යාපෘතීන් වලදි භාවිතා කරන්න ක්‍රමයක් ඕනා වෙයි. ඒ
නිසා ඔබේ මහන්සිය අපතේ යන එකක් නෑ.

ස්තූතියි!

--


ධනික කෞශල්‍ය පෙරේරා

මේ පැත්තෙ ඇවිල්ලා යන්න: http://dhanikauom.blogspot.com

Sapumal Jayaratne

නොකියවූ,
2009 මැයි 7, 05.41.222009-05-07
සිට Sinhala...@googlegroups.com
හිතවත් මිතුරනි,
 
වැරදි අක්ෂර වින්‍යාසයක් සහිතව යතුරු කල නොහැකිවීම වරදක් නොව පහසුකමක් විදියටයි මා දකින්ෙන්.
 
සැරෙද්වා,
සපුමල්.

2009/5/6 ධනික කෞශල්‍ය පෙරේරා <dhanik...@gmail.com>

Ajith Manjula

නොකියවූ,
2009 මැයි 7, 08.03.462009-05-07
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මටත් මේ ගැටලුවටම මුහුණ දෙන්න සිද්ධ වුණා. මම සිංහල අක්ෂර වින්‍යාස
සම්බන්ධ ලිපි පෙළක් බ්ලොග් එකක් ලෙස පළ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ
සඳහා සමහර තැන් වලට අක්ෂරා‍ණු ඇතුල් කරන්න අවශ්‍ය වුණත් දාන්න බැහැ. ‍ඉහත
සිද්ධිය නිසා.

යූත්මැක්ස්

On May 7, 2:41 pm, Sapumal Jayaratne <sapumal.jayara...@gmail.com>
wrote:


> හිතවත් මිතුරනි,
>
> වැරදි අක්ෂර වින්‍යාසයක් සහිතව යතුරු කල නොහැකිවීම වරදක් නොව පහසුකමක් විදියටයි
> මා දකින්ෙන්.
>
> සැරෙද්වා,
> සපුමල්.
>

> 2009/5/6 ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>


>
>
>
> > මගේ ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න මහන්සි වෙන සුපුන්, විශ්ව සහ උපාලි
> > සොයුරන්ට ස්තූතියි!
>
> > මං හිතනවා මේ වගේ ප්‍රශ්නෙකට පිළිතුරු හොයලා තියාගන්න එක වටිනවා කියලා.
> > මොකද මෙවැනි ගැටළු ඉස්සරහටත් මතු වෙන්න පුළුවන්. පසුගිය සිංහල විභාග
> > ප්‍රශනොත්තර යුනිකේත ගත කරන ප්‍රථම අවස්ථාව මෙය නිසයි මේ ගැටළුව මතු උනේ.
> > ඉස්සරහටත් මෙවැනි ව්‍යාපෘතීන් වලදි භාවිතා කරන්න ක්‍රමයක් ඕනා වෙයි. ඒ
> > නිසා ඔබේ මහන්සිය අපතේ යන එකක් නෑ.
>
> > ස්තූතියි!
>
> > --
> > ධනික කෞශල්‍ය පෙරේරා

> > මේ පැත්තෙ ඇවිල්ලා යන්න:http://dhanikauom.blogspot.com- Hide quoted text -
>
> - Show quoted text -

දසුන් සමීර

නොකියවූ,
2009 මැයි 7, 11.12.562009-05-07
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ධනිකට මෙයට පිලිතුරු මම ටෙක්කතා සමූහයේ දුන් නිසයි මුකුත් නොකීවේ. අනිත්
අයකේ දැන ගැනීම පිනිස නැවත පළකරන්නම්.

1වන ප්‍රතිචාරය
යුනිකේත වලන් එසේ වැරදි ලෙස ලිවීම කරන්න බෑ. මොකද ඔබ සිතූ පරිදිම යුනිකේත
සකස් කරල තියෙන specification එකේ එවැනි පහසු කමක් ගැන සඳහනක් නෑ. මෙවැනි
අවස්තාවක legacy ‍font එකක් හෝ පිංතූරයක් භාවිතා කිරීම හැර වෙන විසඳමක්
නෑ. මෙය යුනිකේත වල දෝෂයක් ලෙස සලකන්නත් බෑ.

2වන ප්‍රතිචාරය
මුලින්ම කියන්න ඕනා මේකට IME එකේ අදාලත්වයක් නැතිබව.

මේක ගැටළුවක් වෙන්නේ ඔබ කියන විදියට හිතාමතා වැරදි (‍ෙඅ / ෙඋ / ෙආ අදී..)
ලෙස ටයිප් කිරීමටඅවශ්‍ය වූවිටයි. මේ ගැටළුව දෙමළ ආදී අනෙකුත් ඉන්දික්
අක්ෂර වලට වුවද පොදුයි. ඒනිසා මේක සිංහල යුනිකේත වීම නිසා හටගත්ත
ගැටළුවක් නොවන බව තේරුම් ගත යුතුයි. යුනිකේත අක්ෂර දර්ෂකය මගිනුයි මෙය
කරන්නේ. කෙසේ වුවත් සිංහල යුනිකේත සකස් ක‍රල තියෙන්නේ සිංහල භාෂාවගැන හොඳ
අධ්‍යයනකින් පසුවයි. වැරදි ලෙස අක්ෂර යතුරුලියන කිරීමට හැකිවන අයුරින්
යුනිකේත සකස් කලොත් ඇති වන ගැටළුව. මෙවන් අවස්තාවකදී ඇතිවන ගැටළුවට වඩා
විශාලයි. ඒ නිසා ඉදිරියේදීහෝ ඔබ කියන පරිදි හිතාමතා වැරදි ලෙස ටයිප්
කරීමට අවශ්‍ය පහසුකම් සලසා දේවියැයි සිතිය නොහැක.

ඔබගේ මේ අවශ්‍ය තාවයට වෙනත් විසඳුමක් සොයාගන්නට අනෙත් අය උදව් කරයි. :)

Dilan

නොකියවූ,
2009 මැයි 8, 00.48.232009-05-08
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මෙය යුනිකෝඩ් හදපු අයට වුන අතපසු වීමක් විය හැකිය. මෙය හදන්න නිවැරදි කල
හැක්කේ ඒ අයටම පමණයි

On May 3, 1:06 am, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
wrote:

madurax86

නොකියවූ,
2009 මැයි 8, 04.25.592009-05-08
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මා විසින් සාදන ලද මෘධුකාංගයද unicode මත යැපෙන නිසා හා සම්මත අකුරු
පමණක් unicode මගින් output ලෙස ලැබෙන නිසා මෙවන් දෑ කිරීමට නම් අකුරු
පින්තූර ලෙස edit කිරීමට සිදුවෙයි. එසේ කිරීමට අපහසුනම් kaputa, kandy
වැනි ෆොන්ට් වල unicode නොවන සංස්කරණ යොදාගෙන ඔය වැඩේ කරන්න පුළුවනි.

On May 3, 12:06 am, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
wrote:

ධනික කෞශල්‍ය පෙරේරා

නොකියවූ,
2009 මැයි 8, 10.40.492009-05-08
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
යුනිකෝඩ් නොවන සංස්කරණ යොදාගෙන කොහොමද යුනිකෝඩ් මගින් යතුරුකරණය කරන්නේ?

අජිත් මංජුල සඳහන් කල පරිදි ඔහුටත් මෙම ගැටළුව මතු වී තිබෙනවා. එයින්
ගම්‍ය වෙනවා මේ සම්බන්ධ ගැටළු ඉදිරියෙදිත් මතු වෙන්න පුළුවන් බව. රූප
මගින් මෙය සිදුකර ගැනීම තැනේ හැටියට ඇනේ ගැසීමක් ලෙස තාවකාලික විසඳුමක්
වුවත් ඉදිරියෙදිත් මෙවැනි ගැටළු මතු විය හැකි නිසා මෙයට ඊට වඩා සාර්ථක
විසඳුමක් අප සියලු දෙනා එක් වී සොයා ගත යුතු බවයි මගේ අදහස.

--


ධනික කෞශල්‍ය පෙරේරා

ඇවිත් යන්න එන්න: http://dhanikauom.blogspot.com

දසුන් සමීර

නොකියවූ,
2009 මැයි 8, 11.07.312009-05-08
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
කොම්බුව යුනු 'එ' යන ස්වරය වෙනුවට යොදන සංකේතය යි. කෙම්බුවා හා යෙදිය
හැක්කේ ගත කුරු පමණි. * (ඓ අක්ෂරය ව්‍යාතිරේඛයකි - නමුත් වර නගන්නේ අයි
ලෙසය.) ඉතින් මේක වරදක් වෙන්නේ කොහොමද? යතුරුලියන කිරීමේදී අතිවෙන දෝෂ,
නොදන්න කම නිසා ඇතිවෙන දෝෂ මග හැරීමට හා සිංහල අක්ෂර සම්බන්ධ මෘදුකාංග
ක්‍රමලේඛනයේදී මෙම ලක්ෂනය ගොඩක් ප්‍රොයෝජනවත්. ඉතින් මේක වරදක් වෙන්නේ
කොහොමද?

ධනික කෞශල්‍ය පෙරේරා

නොකියවූ,
2009 මැයි 8, 16.11.012009-05-08
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මම යතුරුකල ප්‍රශ්නයේ වරණ මේවායි. (2003 සා.පෙ. සිංහල - ප්‍රශ්න අංක 12)

1. ලේඛනය, ප්‍රතිපත්තිය, ‍ෙඖෂධාලය, දෙපාර්තමේතුව
2. දෘශ්‍යකාව්‍යය, සංස්ථාව, සජ්ක්ධායනය, සංදර්ශනය
3. අන්තරාය, චන්දදායකයා, සෞන්දර්්‍යය, ප්‍රභලයා
4. සමස්තය, වර්දනය, විෂේශණය, සම්ප්‍රධාය

මෙහිදී 'ෙඖෂධාලය' වගේම 'සෞන්දර්්‍යය' යන වරණයේදීද ගැටළුව මතුවුනා. එවගේම
ඉහත තිබෙන 'සජ්ක්ධායනය' යන වරණය ඇත්තේ 'ක' යන්න සහ 'ධා' යන්න බැඳි ලෙස
ලියලා. එයත් ගැටළුවක්.

මම ‍මෙතනිදි කියන්නෙ නෑ මෙම ගැටළුව නිසා අපි සිංහල යුනිකේත පද්ධතිය
සංශෝධනය කරන්න ඕනා කියලා. මොකද සිංහල භාෂාවෙ ඇති අක්‍ෂර වැරදි ලෙස
යතුරුකරණය කිරීමට නොහැකියාව ඇත්තටම හොඳ දෙයක්. නමුත් මගේ තර්කය නම්, අපිට
මේ වගේ අවස්ථා වලදි භාවිතා කරන්න යම් ක්‍රමයක් තිබිය යුතුයි යන්නයි.
මෙවැනි විශේෂිත වූ අවස්ථා සඳහා පමණක් භාවිතා කරන්නට ඕනෑම අක්‍ෂර
සංයෝජනයක් යතුරුකල හැකි සිංහල යුනිකෝඩ් හි අනු වෙළුමක් නිර්මාණය කරන්න
බැරිද?

--


ධනික කෞශල්‍ය පෙරේරා

Vishva Kumara

නොකියවූ,
2009 මැයි 10, 05.11.112009-05-10
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මෙය සිංහල යුනිකේතයේ ඇති වැරැද්දක් හෝ අතපසු වීමක් නොවේ. හොඳ ගුනාංගයක්.
මෙහි නිවැරදි කිරීමට දෙයක් නැහැ.

> > ධනික කෞශල්‍ය පෙරේරාhttp://dhanikauom.blogspot.com- Hide quoted text -

Vishva Kumara

නොකියවූ,
2009 මැයි 10, 05.13.322009-05-10
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
බ්හෞතික විද්‍යාව, ගනිතය වැනි ප්‍රශ්න පත්‍ර සඳහා අනිවාර්යයෙන්ම පිලිතුරු
සඳහා පින්තූර යෙදීමට සිදු වෙනවා. එම නිසා පිලිතුරු සඳහා පින්තූර යෙදීම
තැනේ හැටියට ඇනේ ගැසීමක් නොව කොහොමටත් කරන්න වෙන දෙයක්.

On May 8, 8:40 pm, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
wrote:

Vishva Kumara

නොකියවූ,
2009 මැයි 10, 05.15.232009-05-10
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
"සජ්ක්ධායනය" යැයි ලිවීමේ වරදක් නැහැ...

On May 9, 2:11 am, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
wrote:

Vishva Kumara

නොකියවූ,
2009 මැයි 10, 05.23.292009-05-10
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
"සෞන්දර්්‍යය" වචනය වැරදියි.

මෙවන් අවස්ථා වලදී අපට Legacy ෆොන්ට වලට පසු බසින්න වෙනවා. නැතිනම් තවත්
එකම එක විසඳුමක් තිබෙනවා, යුනිකේත Unscibe නොකර Render කිරීම සඳහා ටැග
දෙකක් හඳුන්වා දිය හැකියි, එම ටැග දෙක අතර Uniscribe නොවන ලෙස. නමුත්
මෙවන් වෙනස් කිරීමක් කල යුත්තේ යුනිකේතයට නොව අප භාවිතා කරන සියලුම Word,
Internet Explorer, Open Office, Firefox ආදී සියලුම මෘදුකාංග නැවත වෙනස්
කල යුතු වනවා. එම නිසයි නිවැරදිව යුනිකේත පදනම සකසා ඒ මත පිහිටා අනෙකුත්
මෘදුකාංග තනා ඇත්තේ. එය දැන් පදනම ලෙස ගෙන තට්ටු කිහිපයක ගොඩනැගිලි එම
පදනම මත ඉදි කර අවසානයි. Microsoft මෘදුකාංග සඳහානම් Uniscriber.dll
ගොනුව පමනක් Satellite Assembly එකක් ලෙස Modify කිරීමෙන් ගැටලු නිරාකරනය
කර ගත හැකියි. Chrome සඳහාත් මෙය වලංගුයි. නමුත් අනෙක් මෘදුකාංග වලට මෙම
යෝජිත ටැගය හඳුනාගත නොහැකි වේවි.

On May 9, 2:11 am, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
wrote:

Rajith Vidanaarachchi

නොකියවූ,
2009 මැයි 10, 08.09.232009-05-10
සිට Sinhala...@googlegroups.com
"සජඣායනය" යන වදනේ තිබෙන්නේ "ක්" සහ "ධ" නොව, මහප්‍රාණ ජ යන්න. (ඣ) මෙය "ක්ධ" ලෙස ලිවීම සම්පූර්‍ණයෙන් ම වැරදි යි.

එහෙත් එතැන මතුවී තිබෙන්නේ යතුරු කළ තැනැත්තාගේ සිංහළ දැනුමේ අඩුවක් මිස, යුනිකේතයේ වරදක් නො වේ.

වැරදි අකුරු සංයෝජන ලිවීමට බැරි වීම, අඩුවක් ලෙස දකින්නේ කොහොමද? , වැරදීමකින් හෝ එසේ කළ හැකි නම් , එතැන දී ගැටළුවක් මතු වීම අනිවාර්‍ය්‍යයි. වැරදීම් කිරීමට ඇති නොහැකියාව, යුනිකේතවල ඉතා හොඳ ගුණාංගයක්.

2009/5/10 Vishva Kumara <vishva...@gmail.com>



--
රජිත් විදානආරච්චි
Rajith Vidanaarachchi
(http://rajith.org)

madurax86

නොකියවූ,
2009 මැයි 11, 08.40.122009-05-11
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
විසදුම් නම් unicode තුලින් සොයා ගැනීමට හැකිවෙන එකක් නෑ.
එහෙත් ඔය පරණ සිංහල ෆොන්ට් වලින් ඔය වැඩේ කරගන්න ඉතා පහසුයි, word වගේ
එකක නේ ඕවා ලියන්නේ? ඉතින් unicode වලින් පුළුවන් ටික ලියලා ෆොන්ට් එක
මාරු කරන්න kaputadotcom වගේ ෆොන්ට් එකකට ඒකෙන් සාමාන්‍ය යතුරු පුවරුවේ
ඉංග්‍රීසි අකුරු භාවිතයෙන් ව්‍යාකරණාකුල නොවන වචන ලියාගන්න පුළුවන් මගේ
මෘධුකාංගය unicode නොවන ෆොන්ට් සදහා වැඩ කරන්නේ නෑ ඒනිසා ඒ ෆොන්ට් වලින්
ලියනවෙලාවට එක්කෝ මගේ මෘධුකාංගය වසා දමන්න නැත්නම් SCROLL LOCK ඔබා
english typing mode එකට පිවිසෙන්න

On May 8, 7:40 pm, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
wrote:

madurax86

නොකියවූ,
2009 මැයි 11, 08.46.552009-05-11
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඔතන නම් තියෙන්නේ සිංහල unicode හී ප්‍රධානතම නීතීන් 2ක්. ඒවාගේම ඒම
නීතීන් සිංහල තුලද තියෙනවා
හල් කරන ලද අකුරක් සමග යංසය යෙදීම කරීමට unicode විසින් ඉඩ ලබා නොදෙන්නෙ
එවැනි සංයෝජන අතහැර ඇති නිසා
ඖෂධාලයේ ප්‍රශ්නය වෙන්නේ ඖ යන්න සිංහල හෝඩියේ අක්ෂරයක් වීමයි, එය ගතකුරක්
වී නම් සෞ,හෞ ... ආකාරයට ලිවීමට හැකිව තිබුනා
මං නම් හිතන්නේ unicode වැන්නක් වෙනස් කිරීමට යාමට පෙර මෙය වෙනත්
ක්‍රමයකින් විසදාගත යුතු බවයි.

On May 9, 1:11 am, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
wrote:

ධනික කෞශල්‍ය පෙරේරා

නොකියවූ,
2009 මැයි 11, 11.40.042009-05-11
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
@Vishva Kumara
ඔබට ප්‍රථමයෙන් ස්තූතිවන්න වෙනවා මෙම ගැටළුවට විසඳුමක් සෙවීමට දායකත්වය
සැපයීම පිළිබඳව. වැරදි අක්‍ෂර වින්‍යාස යතුරුකල නොහැකි වීම සිංහල
යුනිකෝඩ් වල ඇති විශිෂ්ට ගුණයක්. එය මාද අවිවාදයෙන් පිළිගන්නවා. මට මතු
වූ ගැටළුව නිසාවෙන් සිංහල යුනිකෝඩ් පද්ධතිය වෙනස් කලහොත් මුහුණපාන්නට වන
ගැටළු බොහොමයි යන්නත් මං පිළිගන්නවා. මට මතුවූ ගැටළුව ඒ සඳහා රූප යොදාගෙන
මට විසඳා ගත හැකියි. නමුත් මෙවැනි ගැටළු ඉදිරියෙදිත් මතුවෙන්න පුළුවන්.
(ඉහතදි අජිත් මංජුල ටත් මතුවූ බව කියා තිබුණා) ඒ නිසයි මං යෝජනා කලේ දැනට
තිබෙන සම්මත සිංහල යුනිකෝඩ් පද්ධතිය පොදු භාවිතය සඳහා එලෙසම තියා මෙවැනි
විශේෂිත අවශ්‍යතා සඳහා භාවිත කිරීමට සිංහල යුනිකෝඩ් හි උප වෙළුමක්
හැදුවොත් නරකද කියලා. එය යෝජනාවක් පමණයි. එසේ කල හැකි නම් සිංහල යුනිකෝඩ්
ඕනෑම පරිගණක කාර්යයක් සඳහා භාවිත කරන්න පුළුවන් වේවි. මේ යෝජනාව පිළිබඳ
ඔබේ අදහස් දැනගන්න කැමතියි.

@madurax86
මෙම ගැටළුවට විසඳුමක් සෙවීමට දායක වීම පිළිබඳ ඔබටත් ප්‍රථමයෙන් තුති
පුදනවා. කරුණාකර මෙහි මුල්ම ලිපිය කියවන්න. මෙම විභාග ප්‍රෂ්නෝත්තර
පරිගණකගත කරන ව්‍යාපෘතියේදී සිංහලෙන් යතුරුකිරීම සිදුකරනු ලබන්නේ
schoolnet moodle හි ඇති application එකකයි. මන්ද එය නිර්මාණය කරන්නේ
Quizes ලෙසයි. එහි ANSI ලෙස භාවිත කල හැක්කේ ඉංග්‍රීසි fonts කීපයක්
පමණි. යුනිකෝඩ් වලින් විසඳුමක් සොයන්නේ ඒ නිසයි.

@Rajith Vidanaarachchi
ඉහත සඳහන් කර ඇත්තේ පසුගිය සා.පෙ. සිංහල විභාග ප්‍රශ්න පත්‍රයක තිබූ
නිවැරදි අක්‍ෂර වින්‍යාසය තෝරන ප්‍රශ්නයක වරණ හතරය. මෙම ගැටළුව මතු වුනේ
කෙසේදැයි දැනගැනීමට කරුණාකර මෙම සංවාදයේ මුල්ම ලිපිය කියවන්න.

දසුන් සමීර

නොකියවූ,
2009 මැයි 11, 11.57.012009-05-11
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මෙ‍හිදී අනවශ්‍ය කරදර කාරි අකුරක් ලෙස දික්වෙන තිත් රව්මට dotted circle
කියා කියයි. මේ ඩොටඩ් සර්කල් එක ෆොන්ටය තුල ඇති අතර එක එක අකුරු වලට
අවශ්‍ය පරිදි ඉස්පිලි පාපිලි ආදී සංකේත(maker) නිවැරදි ලෙස ස්තාන ගත කරන්න
(kerning and positioning) භාවිතා කරනවා. රෙන්ඩරින් එන්ජිම මගින් මෙම
ඩොටඩ් සර්කල් එක දිස්කිරීම මගින් maker එක තව අක්ෂරයක් සමග සංයොජනය විය
යුතු බව දක්වනවා. සිංහල වැනි ඉන්දික් භාෂාවන්(දෙමළ, දේවනාගරී අදී)
අක්ෂරවලදීත් මෙසේ ඩොටඩ් සර්කල් එක භාවිතා වෙනවා. කොහොම වුනත් සමහර
පුද්ගලයන් මෙය කරදයක් ලෙස දක්වනවා. ඒපිලිබඳ විවිද මත බේදතියෙනවා.

වැඩි විස්තර අවශ්‍ය නම් http://unicode.org/mail-arch/unicode-ml/y2006-m07/subject.html
හී dotted circle යටතේ ඇති සංවාද කියවන්න.

දසුන් සමීර෴
http://www.sigma.lk
http://dasunsameera.blogspot.com/

Rajith Vidanaarachchi

නොකියවූ,
2009 මැයි 11, 12.05.502009-05-11
සිට Sinhala...@googlegroups.com
මා පැවසුවේ ඣ යනු ක යනු බැඳි ධ යන්න නොව, මහාප්‍රාණ අකුරක් බවත්, එම නිසා, ඔබ ඉදිරිපත් කරන ගැටළුවට මෙය සම්බන්ධ නැති බවත් පමණි.

@Rajith Vidanaarachchi
ඉහත සඳහන් කර ඇත්තේ පසුගිය සා.පෙ. සිංහල විභාග ප්‍රශ්න පත්‍රයක තිබූ
නිවැරදි අක්‍ෂර වින්‍යාසය තෝරන ප්‍රශ්නයක වරණ හතරය. මෙම ගැටළුව මතු වුනේ
කෙසේදැයි දැනගැනීමට කරුණාකර මෙම සංවාදයේ මුල්ම ලිපිය කියවන්න.

2009/5/11 ධනික කෞශල්‍ය පෙරේරා <dhanik...@gmail.com>

Dilan

නොකියවූ,
2009 මැයි 12, 03.50.282009-05-12
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මෙහිදී හැමෝටම වැරදීමක්, නිවැරදිව ඖෂධ ලිවීමේ දී කොම්බුවක් ඉදිරියෙන්
නොයෙදේ. Unicode හදපු අය නිවැරදිය.

http://www.silumina.lk/2008/03/30/_art.asp?fn=af0803309


On May 3, 12:06 am, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>


wrote:
> මා විසින් පාසල් ජාලය තුල කෙරීගෙන යන පසුගීය විභාග ප්‍රශ්නොත්තර ජාල ගත
> කිරීමේ ව්‍යාපෘතියකට දායකත්වය සපයයි. ඒ සඳහා පසුගිය විභාග ප්‍රශ්නොත්තර
> මේ දින වල යුනිකෝඩ් භාවිතයෙන් යතුරුකරණය කිරීම සිදුකෙරෙමින් පවතී. එම
> යතුරුකිරීම් අතරතුරදී මතුවුන ගැටළුවකි මේ.
>
> සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍ර‍යේ නිවැරදි අක්‍ෂර වින්‍යාසය තේරීම
> සඳහා ප්‍රශ්න ඇති බව අපි කවුරුත් දනී. ඒවායේදී වැරදි අක්‍ෂර වින්‍යාස ද
> සහිත වචනද පිළිතුරු ලෙස දෙයි.
> එසේ තිබූ එක් ප්‍රශ්නයක් යතුරුකරණය කිරීමේ දී "‍ෙඖෂධ" යන්න යතුරු කරන්නට
> අවශ්‍ය වූ නමුත් '‍ෙඖ' යන්න IME මගින් render නොකරයි.
>
> මීට හේතුව ලෙස මම දකින්නේ සිංහල හෝඩියේ '‍ෙඖ' ලෙස අක්‍ෂරයක් නොමැති වීම
> නිසා යුනිකෝඩ් අක්‍ෂර පද්ධතියේද එවැනි අක්‍ෂරයක් නොමැති වීම විය හැක. එසේ
> මෙසේ කෙසේ හෝ මෙවන් අවශ්‍යතාවයන් සඳහා එවැනි අකුරු යුනිකෝඩ් මගින් යතුරු
> කල හැකි ක්‍රමයක් නැතිද?
>
> (මේ පිළිබඳ ICTA හි අවධානය යොමු කරනු මැනවි)
>

> ධනික කෞශල්‍ය පෙරේරාhttp://dhanikauom.blogspot.com

දසුන් සමීර

නොකියවූ,
2009 මැයි 12, 09.30.332009-05-12
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

> මෙහිදී හැමෝටම වැරදීමක්, නිවැරදිව ඖෂධ ලිවීමේ දී  කොම්බුවක් ඉදිරියෙන්
> නොයෙදේ. Unicode හදපු අය නිවැරදිය.
කව්ද කිව්වේ "ඖෂධ" වැරදියි කියලා. නැවත මුල සිට හිමින් කියවන්න :)

ධනික කෞශල්‍ය පෙරේරා

නොකියවූ,
2009 මැයි 23, 12.10.382009-05-23
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මා විසින් මතු කල ගැටළුවට විසඳුමක් සෙවීමට මෙම සංවාදයට එක් වූ සියළුම
දෙනා හට ස්තූතියි!

දැනට නම් මෙවැනි ගැටළුවකට රූප යොදා ගැනීම හැර වෙනත් විසදුමක් නොමැති බවයි
මෙම සංවාදයෙන් පෙනෙන්නෙ.
මෙවැනි ගැටළුවකට ඉදිරියේදී හෝ පිළිතුරක් සොයාගත හැකි වුවහොත් කරුණාකර මා
දැනුවත් කරන්න.

දසුන් සමීර

නොකියවූ,
2009 මැයි 24, 07.56.052009-05-24
සිට සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ධනික යම් විසඳුමක් තියෙනවා. http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/fb60bde043825081
බලන්න. නමුත් පිංතූර භාවිතය වඩාත් හොඳයි.

On May 23, 9:10 pm, ධනික කෞශල්‍ය පෙරේරා <dhanikaper...@gmail.com>
wrote:

සියල්ලට පිළිතුරු දෙන්න
කර්තෘට පිළිතුරු දෙන්න
ඉදිරියට යවන්න
නව පණිවිඩ 0