Sinhala Input method

208 views
Skip to first unread message

Bhikkhu Mettavihari

unread,
Oct 28, 2007, 1:54:31 PM10/28/07
to Sinhala...@googlegroups.com
I wonder if this is the correct input method
When I type මෙ  then I have to input the ම first and after that the ෙ
Is that the correct input method ?

මෙත්තාවිහාරි


නිරංජන්෴

unread,
Oct 28, 2007, 4:37:42 PM10/28/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අවසරයි හාමුදුරුවනේ

යුනිකෝඩ් වල අනුක්‍රමය ප්‍රධාන අක්‍ෂර වලට තියාගන්නට හා කොම්බුව
අනුක්‍රමයට පටලවා නොගැනීමටත්, ඇතුලේ සංකේත තියාගන්නේ ෙ ේ ො ෝ ප්‍රධාන
අක්‍ෂරයට පසුව, නමුත් යතුරු ධාවක වලින් ඒක අනිත් පැත්තට ලීවත් හදලා
දෙනවා. තාක්‍ෂණික අවශ්‍යතාවයන්ට අප හදාගත් යුනිරයිටරයේ නම් කොම්බුව
ඇතුල්කරන්නේ පසුව. අපට නම් එය දැන් පුරුදුයි.
කෙසේ සංකේත ඇතුල් කළත් අක්‍ෂර අනුක්‍රමය හරියට තිබේනම් සිංහල යුනිකෝඩ්.

ඔබ වහන්සේ අප සමග එකතු වීම අපට ගෞරවයක්, පිරිවෙන්වලට සිංහල යුනිකෝඩ්
හඳුන්වා දීමට ඔබ වහන්සේට සහය විය හැකිද ?

නිරංජන්෴

සපුමල් ජයරත්න

unread,
Oct 29, 2007, 11:29:54 AM10/29/07
to Sinhala...@googlegroups.com
On 10/29/07, නිරංජන්෴ <uni...@info.lk> wrote:

තාක්ෂණික අවශ්යතාවයන්ට අප හදාගත් යුනිරයිටරයේ නම් කොම්බුව
ඇතුල්කරන්නේ පසුව. අපට නම් එය දැන් පුරුදුයි.

මම යුනිරයිටරය නම් අත්හදා බලලා නෑ. නමුත් යතුරු ලියනයේදී කොම්බුව පසුව ඇතුලුකිරීමට ක්‍රියාකිරීම නම් කිසිසේත්ම අනුමත කරන්න බෑ. මක්නිසාද සිංහල යුනිකේතයට ප්‍රවේෂ වන නවකයන්ට ඒක මහත් හිසරදයක් වේවි. ඔබ කියන තාක්ෂණික අවශ්‍යතාවය කුමක්ද? මම සිංහල ලිවීමට භාවිතා කරන්නේ වින්ඩෝස් එක්ස් පී මත පිහිටවාගත් සිංහල අකුරුවැල් හා යතුරු ධාවකය ( http://sapumal.jayaratne.googlepages.com/sinhalainwindows). මෙහිත් සුලු සුලු අඩුපාඩුකම් තිබුනත් සමස්තයක් ලෙස හොඳින් ක්‍රියාකරනවා. ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුලත් සිංහල හොඳින් ක්‍රියාත්මක වෙනවා. යුනිරයිටරයේ කොම්බුව ඇතුල්කරන්නේ පසුව නම් මේතාක් දුරට එය ප්‍රචලිත කිරීමේදී සිංහල යුනිකේතයට නවකයන් ඇදගැනීම මෙන්ම සිංහල යුනිකේතයෙන් සමහරු ඈත් කිරීමටත් එය ක්‍රියාකරන්න ඇති බවයි මගේ හැඟීම. එමනිසා විශේෂ හේතුවක් නොමැතිනම් යුනිරයිටරය නිවැරදි කිරීම කල යුතු බවයි මම හිතන්නේ. ඔබට http://sourceforge.net/projects/jsinhalization ඇති ඇල්ගොරිදමය සුදුසු ලෙස භාවිතා කල හැකියි. මම එහිදී මගේ පහසුවට යොදාගත් රූපසටහනක් දෙකක් මේ සමඟ අමුනා තිබෙනවා. සිංහල ඉන්පුට් මෙතඩ් එකක් ලියන ඕනෑම කෙනෙකුට ඉහත ව්‍යාපෘතියේ කේත සමඟ මෙම රූපසටහන් භාවිතා කිරීමෙන් එම කේත තේරුම්ගැනීම පහසුවේවි.

සැරදේවා,
සපුමල්.


keyseq.jpg
imflow.pdf

නිරංජන්෴

unread,
Oct 29, 2007, 3:33:17 PM10/29/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මිතුර
හරි වමෙන් පැදවීමද ? දකුණින් පැදවීමද ?
සැතපුම්ද , කි.මී.ද ?
යුනිකේතයේ කොම්බුව තියෙන්නේ පස්සෙනි, එමෙන්ම සුද්දාගේ කොම්බුව දාන්නේද
පස්සෙනි,

බලන්න
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/8b0b81d21283046f

රාජ්‍ය සම්මතය නම් විජේසේකරය, ඒත් වෙනත් ආකාරද ඇත, සිංග්ලිෂ් ඔබට හොඳ
සේම, යුනිරයිටරය මටද හොඳය, ගාර්ප්ද තවත් ඒවාද භාවිතා කෙරේ, අපේ නෝනා
විජේසේකරය, මම ලියන්නේ කපුටාය :), අවසාන ප්‍රතිඵලය අක්‍ෂර යුනිකෝඩ්වීමය.
ඒ මදිද ? විවිධත්වය එපාද ? අප අකමැති දේ වැරදිද ? නවකයන්ට කැමති දේ
තෝරාගන්නට ඔබ ඉඩ නොදෙන්නේද ?

අප නවකයන්ට හඳුන්වා ප්‍රථමයෙන් හඳුන්වා දෙන්නේ විජේසේකරය. ඒ ඒක ආණ්ඩුවේ
වැඩක් නිසාය. ආණ්ඩුවට මුල් තැන දී වැඩේ හරි නොගියොත් එය බලෙන් පටවනවාද ?
අනිත් ක්‍රම පෙන්නනවාද ?

යුනිරයිටරයේ ඩෙස්ක්ටොප් ක්‍රමය කොම්බුව පෙර දැමීමය, තාක්‍ෂණ අවශ්‍යතා
නිසා හදාගත් වියුණේ යුනිරයිටරය මෙසේය, දූරියන් වලට සමහරු කැමතිය, සමහරු
පෙරේතය. අනේ මේ දක්වා අපි ශිල්ප සයුරට පිටු 6000 ක් විතර ලියූ
යුනිරයිටරේට ඔහොම බනින්න එපා ! ඒක අපේ පෞද්ගලික පාවිච්චියට හකුලා ගන්න
හිතෙන්නේ එතකොටය. සිංග්ලිස් අපට බැරිය, එය වෙනස් කිරීමට අප නොකියමු.

මේ දචස්වල දසුන් පොඩි විජේ හදයි? එය නැවැත්වීම සුදුසුද ? විවිධත්වයට ඉඩ
දෙන්න, අකමැති දේ වැරදිම නැත, ඒකත් සිරස සුපර් ස්ටාර් වගේය, මං නම් ඒකට
හරි කැමතිය.. :)

නවකයින්ට නවක වදයක් නොදෙමු!

නිරංජන්෴

tidalbobo

unread,
Oct 29, 2007, 11:28:55 PM10/29/07
to Sinhala...@googlegroups.com
please take a look at SLS1134. that happens to be the Sinhala Unicode standerd.

The keyboard is given at  http://www.fonts.lk/doc/sin-kbd-layout5.pdf
Also some examples of typing is given in at http://www.fonts.lk/doc/Representation%20of%20Sinhala%20in%20Unicode.pdf

This says that   "K"+"commbuwa"   is the OFFICIAL meathod
corect me if im wrong pls

On Vista, this is how sinhala works, with SI + wijesekara keyboard

නිරංජන්෴

unread,
Oct 30, 2007, 1:51:26 AM10/30/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මිතුරනි
සම්මතයන් මෙන්ම අසම්මතයන්ගේද සම්මතයක් තිබේ. සමහරුන්ට ඉරාජ් අසම්මතයි
අමරදේව සම්මතයි ? දැන් ජෝතිපාල හැමෝටම සම්මත උනාට ඉස්සර එයා ඉතා
අසාශ්ත්‍රීයයි , බොළඳයි කීවා. "ටජ් මහලක් තනවන්න", "ඇස්දෙක වාගේ හිටිය"
ගීත එපා කීවා ? දැන් කවුද හරි? අනාගතය සියල්ල විසඳයි.

සම්මතයක් කියන්නේ වැඩිදෙනා පිළිගත් දෙයක්, ඊට පරිබාහිරව ප්‍රජාව විවිධ
සම්මතද හදාගන්නවා. ඒවා මුල් සම්මතයෙන් බිඳී එන්න පුලුවන්, සමහරවිට වඩා
සංවර්ධනය වී වන්න පුලුවන්, මිනිසා සංවර්ධනය වූයේ වානරයාගේ සිටයි (ලු).
එකම සම්මතය තිබුනානම් ?

විස්ටා ක්‍රමය පිලිගන්න අපේ ලිනක්ස් මිතුරන් කැමැතිද ?

එමනිසා ඉතා වැදගත් වන්නේ ජාත්‍යන්තරව පිලිගත් යුනිකේත සම්මතයෙන් සියල්ලෝම
වෙලීමයි

http://unicode.org/charts/PDF/U0D80.pdf

අප කර ඇත්තේ මෙයම නොවේද ?

ප.ලි.
කුඩා කමිටුවක සිතැඟි මත ගොඩ නැගෙන, ඒ තුලත් සෑම 100% සෑම දෙනාම එකඟ නොවන
දේ තමා සම්මතයන් ලෙස පලවන්නේ. එක් අයකු ඊට එකඟ නොවුනත් වැඩි චන්දයෙන් හෝ
සභාපති අණින් එය සම්මත වෙනවා. බලන්න අපේ මැතිවරණ, පණත් සම්මත වීම, සමහර
නීති, බදු සමහර දේ අප මත බලෙන් පැටවෙනවා.

උදාහරණයක් වශයෙන් : විජේසේකර පුවරුවේ කොමාව තියන තැන වෙනස් වී "ඟ" "ඳ"
වලට සෘ අක්‍ෂරය පස්සට යාම පොඩිවිජේගෙන් සිදුවන්නේ. කපුටා පුවරුවට
හුරුවන්නේ දැනට ඉංග්‍රීසි පුවරුවට ඇබ්බැහි වූ අයයි.

මා සිංහල දෙමළ හා ඉංග්‍රීසි තුනම භාවිතා කරන්නේ US හා අප විසින්ම
නිර්මාණය කරගත් කපුටා හා කාකම් ක්‍රමයටයි.

එය අන් අය සමගද අප බෙදා හදාගන තිබෙනවා.
එය වරදක්ද ?

ආණ්ඩුව පිලිගන්නාදේ අපද පිළිගමු. ඒ වුනාට ආණ්ඩුව කරන සියලු දේ සමහරවිට අප
නොකරමු.

"ආණ්ඩුව වැරදිවිට ඔබ හරි වීම භයානකය"
වෝල්ටෙයාර්.

නිරංජන්෴
www.kaputa.com
www.queen.lk
dv.info.lk

සපුමල් ජයරත්න

unread,
Oct 30, 2007, 2:10:47 AM10/30/07
to Sinhala...@googlegroups.com
හිතවත් නිරන්ජන්,

මම කලේ දොස් දැකීමක් නොව සාධාරණ විවේචනයකි. සාධාරණ විවේචනයක් තුලින් යුනිරයිටරය තවත් ශක්තිමත් වේවා යනු මගේ පැතුමයි.

විවිධත්වය යහපත් යන අදහස නිරපේක්ෂව පිලිගත නොහැක්කක් වන අතර සමහර අවස්ථා වලදී විවිධත්වය යහපත් වන අතර වෙනත් අවස්ථාවකදී එය එසේ නොවිය හැක. ඉන්පුට් මෙතඩ් එකක් සම්බන්ධයෙන් නම් විවිධත්වය අවාසියක් විය හැකි බව මගේ හැඟීමයි. සිංහල යුනිකේත ප්‍රමිතියේදී ඉන්පුට් මෙතඩ් එක සඳහා නිශ්චිත ක්‍රමයක් යොජනා නොකර එය මෘදුකාංග නිර්මාණකරුවාට තීරණය කිරීම සඳහා යම් ඉඩක් සලසා තිබීමේ අරමුණ මා නොදන්නා නමුත් මට අනුමාන කල හැක්කේ යම් යම් තාක්ෂණ සීමා තුල එක් ක්‍රමයකට අනුගත වීමට නොහැකි විටදී යම් වෙනස්කම් කිරීමට ඉඩක් තැබීමත්, භාවිතයේදී ඇතිවන ප්‍රායෝගික ගැටලු සලකා නිශ්චිත ක්‍රමයක් යෝජනා කිරීම පසුවට කල් තැබීමත් ය.

ඔබ සඳහන් කල සංවාදයේ අනුරාධ සඳහන් කරන්නේ ද යුනිකෝඩ් යනු අකුරු යතුරු කිරීම පිලිබඳ ප්‍රමිතියක් නොව, අකුරු විද්‍යුත් මාධ්‍යයකින් නිරූපණය කිරීම පිලිබඳ ප්‍රමිතියක් බවයි. සිංහල යුනිකේත ප්‍රමිතියටද එය එලෙසම වලංගු වේ. එහි නමෙන් හා SCOPE කොටසෙන් එය පැහැදිලිව දැක්වෙයි. නමුත් එම විශය පරාසයට අමතරව යතුරු ලියනය, යතුරු පුවරුව ආදිය සම්බන්ධයෙනුත් යම් යම් අනුමැතීන් හා යෝජනා එහි සඳහන් කර ඇත. එනිසා හැකි පමනින් ඒවාටද අනුගත වීම තුලින් දිගුකාලීන ව නිවැරදි ඉලක්ක කරා ලඟාවිය හැකි බව මගේ විස්වාශයයි.

සිංහල යුනිකේත ප්‍රමිතියේ යතුරුකරනය සඳහා මූලික වශයෙන් අනුගමනය කල යුතු පිලිවෙල පහත පරිදි දක්වා ඇත.

This section specifies the recommended key sequences for generating Sinhala
characters on a standard computer keyboard. One recommended keyboard layout,
based on the Wijesekara keyboard, is specified in 7.

Key sequences are defined on the principle " type as you write". Each symbol is typed
in the order it is written in, which may be different to the encoding sequence or the
display order.

NOTE: This standard does not specify the symbols which are displayed during the
intermediate stages in the construction and deletion of letters.

කොම්බුව ඇතුලු කිරීමේදී අනුමත කරන යතුරු පිලිවෙල දක්වා ඇත්තේ මෙසේයි,

e modifier - 2 keys: kombuwa + cons. e.g. ‍ෙ + ක = කෙ

NOTE: The kombuwa key is pressed before the consonant, in writing order .

ee modifier - 3 keys: kombuwa + cons + al-lakuna. e.g. ‍ෙ + ක + ්   = කේ,

ඉතහ උපුටනයන්ට අනුව සිංහල යුනිකේත ප්‍රමිතියේ අනුමත කරන ක්‍රමය කොම්බුව පලමුවද ව්‍යාඤ්ඤනය දෙවනුවද යතුරු කිරීමයි.

නමුත් ප්‍රමිතිගත සිංහල යතුරුපුවරුව හැරුනුකොට වෙනත් යතුරු පුවරුවක් භාවිතා කිරීමට හෝ විවිධාකාර යතුරුකරන පිලි‍වෙත් යොදාගැනීමට ප්‍රම්තියෙන් කිසිදු බාධාවක් නොමැත.

ප්‍රමිතිගත සිංහල යතුරුපුවරුවට ඉතා සමීප විජේසේකර යතුරු පුවරුව මම භාවිතා කරන අතර අනෙකුත් යතුරු ලියන ක්‍රම, සිංග්ලිෂ්, ෆොනටික් ආදිය තාවකාලිකව යම් පිරිසකගේ අවශ්‍යතා සම්පූණී කලද දීර්‍ඝකාලීනව එක් ක්‍රමයකට අනුගත වීම සුදුසු බව විස්වාශ කරමි. මා විශ්වාස කරන පරිදි එම ක්‍රමය නම් type as you write ලෙස ප්‍රමිතියේ දක්වා ඇති best practice එකයි.

ඔබ සඳහන් කල පරිදි නවකයෙකු ප්‍රථමයෙන් විජේසේකර යතුරු පුවරුවට හුරුකිරීමේදී ඔහු යම් පැකිලීමක් හා කම්මැලි කමක් දක්වන බව සත්‍යයකි. නමුත් ලෙහෙසි ක්‍රමය තුලින් දිගුකාලීනය කෙරෙන්නේ හැකියාවන්‍ට සීමාවන් ඇතිවීමයි. මුලින්ම ඇඟිල් දෙකෙන් යතුරු ලියනය කිරීම ලෙහෙසියි නමුතු ඇඟිලි 9 කින් නිවැරදි ක්‍රමයට යතුරු ලියනය කිරීම ඉතා වෙහෙසකරයි. නමුත් ඇඟිලි දෙකෙන් දීර්ඝ කාලයක් යතුරු ලියනක කරපු කෙනෙකුට නිවැරදි ක්‍රමයට හුරුවෙන්න ඉතා අපහසු අතර නිවැරදිව යතුරු ලියනය කරන කෙනෙකුගේ වේගය ට ලඟාවෙන්න ඔහුට කිසිසේත් බැහැ. එලෙසම සිංහල යතුරු ලියනයේදී type as you write නැතිව වෙනත් ක්‍රමයක් භාවිතා කලහොත් යමක් බලාගෙන යතුරු ලියනය කිරීමේදී type as you write ක්‍රමය තරමට ප්‍රථිඵලදාගක නැහැ. ඉහත අදහස් හුදෙක් මාගේ පෞද්ගලික අදහස් වන අතර වෙනත් කෝණයකින් බැලීමේදී ඒවා නිවැරදි නොවිය හැක.

සිංහල යුනිකේතයේ ප්‍රධාන ගාමක බලවේගයක් බවට ඔබ ඇතුලු කපුටා කණ්ඩායම පත්ව ඇති මොහොතක ඔබගේ ගමන් මග නිවැරදිවත් ශක්ත්මත්වත් ස්ථාපිත වේවා යනු මාගේ බලාපොරොත්තුවයි.

SRIshanu

unread,
Oct 30, 2007, 6:59:30 AM10/30/07
to Sinhala...@googlegroups.com
තාක්ෂණය පැත්තෙන් නොව, මගේ හිතට ආ පුංචි අදහසක් කියන්නම්...

මා අසා තිබෙනවා යුනිකේත තාක්ෂණික වශයෙන් ලිවීමේදී සිදුවන්නෙ අකුර මුලින් ලියා පිලි (කොමුබුව ආදිය) පසුව ලිවීම බවත් එවා දර්ශනය කරන මෘදුකාංග තුළින් කොම්බුව මුලට යොදා පෙන්වන බවත්. මේ ගැන තර්ක කරන්න හෝ මා දන්නෙ නෑ...

නමුත් සිංහල අකුරු අතින් ලියන විදිහට ලියන්න හැකි විදිහට (එනම් කොම්බුව මුලින් ලියා අකුර ලිවීම) මේ "ලියනයන්" (writers) සැකසෙනව නම් හොඳ බවයි මගේ හැඟීම. සමාන්‍ය ජනතාවට, සිංහල පර්ගණකයේ භාවිතයේදී එය පහසුවක් වේවි. අතින් එක විදිහකටත්, පරිගණකයේ තව විදිහකටත් ලිවීම තුළින් අපහසුතාවයකට පත්වේවි. කොහොම උනත් මම දැන් මේ ලියන විජේසේකර පුවරුවේ ඇත්තෙ අතිල් ලියන රටාවයි. සමහර විට යුනිරයිටරය තුළිනුත් පරිෂීලකයාට විකල්ප දෙකක් ලෙස ක්‍රම දෙකම ලබා දෙන්න පුළුවන් කමක් ඇති.

අදහසක් පමණයි.

--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com

දසුන් සමීර

unread,
Oct 30, 2007, 12:08:02 PM10/30/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
තාක්ෂණික පැත්තෙන් ගත් විට ‍‍කොම්බුව පසුව තිබීම අත්‍යාවශ්‍ය කාරනයක්.
නමුත් යතුරු ලියනයේ දී තමන් කැමති ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. මම
ලියන්නේත් විජේසේකර ක්‍රමයටයි. විනාඩි කීපයක උත්සහ යකින් කොම්බුව පසුව
ලියන ආකාරයට හුරුවිය හැක. එහෙත් කාලයක් මුළුල්ලේ කොම්බුව පලමුව ලියන
ආකාරයට හුරුවි ඇති අයෙක්ට හෙය මහත් කරදරයක් විය හැක. මම යෝජනා කරන්නේ අපි
මේ සෑම ආකාරයකම පොවරු ලබා දිය යුතුයි. එයින් ගැලපෙන හෝ නොගැලපෙන ඒවා
ක්‍රමයේන් ඉවත් වේවි. නමුත් විවිද ආකරයේ යතුරු පොවරු ක්‍රම ගණනාවක්
තිබීමත් ආධුනිකයාට ගැටළුවක් විය හැක.

කෙසර

unread,
Oct 30, 2007, 1:03:45 PM10/30/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

කොම්බුව පසුව යෙදීම සිංහල ඉංග්‍රීසිකරනය කිරීමක්ද? මන්ද ඉංග්‍රීසියෙන්
යතුකරනයට පුරුදු අයකුට මෙය ඉතා පහසුය. මෙය ඉංග්‍රීසියෙන් යතුකරනය කිරීම
හා සමානය එනම් constant එකකට පසු owel එකක් යෙදීමයි.

කෙසේවෙතත් මමත් කොම්බුව පසුව යෙදීමට හුරව සිටී. එය පහසුවක් ලෙස දකී.
නමුත් මා ඉංග්‍රීසියෙන් යතුකරනයට හුරුව සිටී. :-)
මේ පිලිබඳ අදහස් ලබාගතයුත්තේ කාලාන්තරයක සිට දිනපතා සිංහල යතුකරනය කරන
අයගෙන් හෝ ඉංග්‍රීසි යතුකරනයට හුරු නොවූ අයගෙනි.
යුනිකෝඩ් සාමාන්‍ය ජනයා අතර ප්‍රචලිත කිරීමට නම් එය ඔවුනට භාවිතයට පහසු
විය යුතුය.
ක්‍රම කීපයක් තිබීම හොදයි, නමුත් එය නවකයින්ට සමහරවිට ප්‍රශ්නයක් වනු
ඇත.

ජය ශ්‍රී!
෴ කෙසර ෴
-----
හේලියන්ස් - http://helians.blogspot.com/

නිරංජන්෴

unread,
Oct 30, 2007, 3:37:08 PM10/30/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අපි කවදත් විකල්ප අදහස් දැරුවේ, ඒකනේ කපුටා කියලා නමක් දාගත්තේ, අපේ
හුඟක් වැඩ විකල්ප, සංවාදයෙන් අවශ්‍ය තැන් ව‍ලදී අප වෙනස් වෙනවා, සමහර
තැන්වල අදීන ලෙස කෙලින් සිටිනවා, සෑමදේම කියා විස්තර කල නොහැක, අනාගතය
සමහරවිට මේ ප්‍රශ්න වලට උත්තර දේවි, යුනිරයිටරය තාක්‍ෂණක අවශ්‍යතා සඳහා
වූ නිර්මාණයක්, සිටිනවා. මේ අඹ ගසද, ඒ අඹ ගසද හැර තවත් අඹ ගස් තිබෙනවා,
තවත් රසැති අඹ ගස් වැවේවා!

බලන්න තුසිතගේ යුනිරෝමනය
http://www.kaputa.com/uniwriter/roman.htm
අමුතු බට් අඹ ගසක්!

නිරංජන්෴
www.kaputa.com
www.queen.lk
dv.info.lk

rala.info.lk

හර්ෂණ වීරසිංහ

unread,
Oct 30, 2007, 11:45:08 PM10/30/07
to Sinhala...@googlegroups.com
මමත් සිතනවා පරිශීලක හට තෝරා ගැනීමේ හැකියාව ලබාදිය යුතු වුවත් අපි පොදුවේ  පොදු දෙයක් වැඩිපුර භාවිතා කල යුතු බවයි. මන්දයත් යුනිරයිටරයට හුරුවූ පුද්ගලයාට එය අනිවාර්යයෙන්ම අවෂයයි. විජේසේකර යතුරුපුවරුව‍‍ට හුරුවූ පුද්ගලයාට එය අනිවාර්යයෙන්ම අවෂයයි. අනිකුත් ඒවාද එසේමැයි. මේ නිසා මේවා  සෑම මෙහෙයුම් පද්දතියකම  අන්තර්ගතද ? අපි සම්මතයක් ලෙස මෙවායින් එකක්  සෑම මෙහෙයුම් පද්දතියකම සාමාන්‍ය ලෙස මෙම යතුරු පුවරුව තිබිය යුතුයි.  මොකද ශ්‍රී ලංකාවේ පරිගණක භාවිතා කරන සෑම පුද්ගලයාටම අන්තර්ජාලයට සම්බන්ධවීමේ හැකියාව නෑ. අඩුම කරමින් තව අවු  6 - 7 ක් වත් යනකල් 70% කටවත් හැකියාව ලැබේද ? මේ නිසා අපි සිංහල යුනිකේත මෙහෙයුම් පද්දතිය ස්ථාපනයේදීම අන්තර්ගත කලේනම් සියළුදෙනාහට භාවිතය පහසුයි. එසේම ප්‍රචලිතද වේ.
(නි.ද: මයික්‍රෝසොෆ්ට් විස්ටා)

අදහසක් පමණි.

හර්ෂණ | Harshana
www.harshana.info
www.blog.harshana.info

නිරංජන්෴

unread,
Oct 31, 2007, 12:12:07 PM10/31/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මං පුංචි උදාහරණයක් දෙන්නම්
1. සිංහල තාක්‍ෂණික පාරිභාෂික වචන මාල‍ාවක් හැදූ ඒලියන් ද සිල්වා මහතා
රෑපවාහිනියට කියන්නේ තෙලිදසුන, මයික්‍රෝස්ෆ්ට් එතුමාගේ වදන් (ලු) පිලි
අරන් තියෙන්නේ.

2. හෙළ හවුල කොන්දොස්තරට දාපු නම බස්පලුවා

3. ආණ්ඩුවේ සම්මත යතුරු පුවරුව විජේසේකර, විස්ටාහි කොම්බුව පස්සෙන්ලු

මේ සෑම දෙයක්ම සාධාරණීකරණයට සමාජයීය, සංස්කෘතිමය හෝ තාක්‍ෂණික හේතු
තියනවා, යුනිරයිටරයට zwj හා zwnj සිංහල අක්‍ෂර , zwj හරිස්චන්ද්‍රටත්
වැදගත්, එය අපට ඏ ඐ ඍ අක්‍ෂර වලට වඩා තාක්‍ෂණිකව වැදගත්, රේපය නැතිව පාලි
නොලියයි (චර්‍ම , සර්‍ප , ලඬකා බැංකුව චර්ම, සර්ප, ලංකා බැංකුව ලෙසද
ලිවිය හැක.

මේවා ගැන කෙස් පැලෙනකන් සංවාද කල හැක්කේ උණ හපුළුවාට උගේ දරුවා මැණිකක්
බැවිනි. එම නිසා හොඳම දෙය ප්‍රායෝගිකව යමක් නිර්මාණය කර ඉදිරිපත්
කිරීමයි. භාවිතා කරන්නාගේ කැමත්ත අනුව තෝරාගැනීම කරනු ඇත. යුනිරයිරඋටරයේ
විජේසේකරද ඇත, පොඩි විජේ හැදෙමින් පවතී. ග්‍රීකයෝ පොළව රවුම් කී
සොක්‍රටීස්ට වස බොන්නට කීහ. පසුව ලෝකය රවුම් විය.

ආණ්ඩුව විජේසේකරය, අප කපුටා හා විජේසේකර දෙකමය , අනුරාධ රෝමන්ය (හරිද?),
සපුමල් ගෙනාවේ සිංග්ලිෂ්ය, මේ හැමදේකින්ම වැඩුනේ සිංහලය. ඉතිං මොකද ?
ලෝකය ඇත්තෙන්ම රවුම්ද නැත. තමන්ගේ මැට්ටම තම්මැට්ටමය. අපි මොකෙන් හරි
සිංහල යුනිකේතයෙන් කාටත් නම ලිවීමට කියා දුනිමු.

දැන් සියල්ලෝ මොකෙන් හෝ A4 පිටුවක් ලියා යුනිකේත සමත් බව පෙන්විය යුතු
කාලයයි. හරිස්චන්ද්‍රගේ අභියෝගයද එයයි.

නිරංජන්෴
www.kaputa.com
www.queen.lk

http://dv.info.lk
http://rala.info.lk
http://www.kaputa.com/uniwriter/

Nilantha M Pathiranage

unread,
Nov 1, 2007, 4:23:12 AM11/1/07
to Sinhala...@googlegroups.com
භාෂාවක් යනු අතිශය දීර්ඝකාලයක් පුරා නවීකරණය වෙමින් සැකසුන සන්නිවේදන ක්‍රමයකි. එහි අඩුපාඩු ඇත්නම් නිවැරදි කරගැනීම සුදුසුය. නමුත් මෙම සංශෝධන වලදී  එහි මූලික ස්වරූපය ඇතිවූයේ ඇයි ද යන්නත් ‍සංශෝධනයෙන් පසු එම කාරණය සාර්ථකව ඉෂ්ඨවෙදැයි යන්නත් පරීක්ෂාකාරී විය යුතුය. ‍කෙසේ වුවද විජේසේකර යතුරුපුවරුව සුළු පරිශ්‍රමයකින් පුහුණුවූ පසු ඉතා කාර්යක්ෂමව භාවිතා කළ හැකි යතුරුපුවරුවකි. මා ද එය පරිහරණය කරන්නෙක් වන අතර ස්පර්ෂක ක්‍රමයෙන් (touch system)  එය මනාව භාවිතාකිරීමේ හැකියාව මා සතුය.
 
හෙළවදන නැමති මෘදුකාංගය සමග එය ඉතා පහසුවෙන් භාවිතා කළ හැක. මේ සදහා www.fonts.lk වෙත පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
 
ස්තුතියි


 
Doragamuwa Road
Polgolla
20250
Sri Lanka

Res    : 0094-81-5670960
Mobile : 0094 - 71 - 6661564

nilanthap...@gmail.com
nilanth...@yahoo.com
nilanth...@esrilanka.lk

සපුමල් ජයරත්න

unread,
Nov 1, 2007, 9:48:26 AM11/1/07
to Sinhala...@googlegroups.com
හිතවත් නිරංජන්,

ඔබ කිහිප වතාවක් සඳහන් කලේ මා සිංග්ලිෂ් නම් මෘදුකාංගයක් හඳුන්වාදුන් බවයි. සිංග්ලිෂ් මෘදුකාංගය හා මා අතර කිසිදු සම්බන්ධකමක් නොමැති අතර මා කිසිදා එය අත්හදා බලා ද නැත. මා කලින් ද සඳහන් කල පරිදි  type as you write යන්නට වෙනස් ආකාරයේ යතුරුකරන විධික්‍රම ගැන මගේ එතරම් ප්‍රසාදයක් නොමැත. ඔබ දන්නා පරිදි 2004 වර්‍ෂයේ මැද භාගයේදී පමණ තමයි සිංහල ප්‍රමිතිය අනුමත වුනේ. ප්‍රථමයෙන් එය යොදාගත්තේ GNU Linux තුල එහි භාවිතාවක් නිර්‍මාණය කිරීමෙන්. එහි යතුරුලියන විධික්‍රමය type as you write ක්‍රමයට නොවෙයි සකසලා තිබුනේ. එනිසා මම ජාවා තුල එහි භාවිතාවක් නිර්මාණය කලේ 100% ක්ම ප්‍රමිතිය අනුගමනය කරමින්. යොදාගත්තේ ප්‍රමිතියෙන් යෝජනා කරලා තිබුන සිංහල ප්‍රමිතිගත යතුරුපුවරුව. පසුව මයික්‍රොසොෆ්ට් එක්ස් පී සඳහා සිංහල පහසුකම ආවා. එහි විජේසේකර යතුරු පුවරුව තිබූ නිසා එය වඩාත් පහසු බව මට හැඟී ගිය නිසා මම එය අද දක්වා භාවිතා කරනවා. පසුව ලිනක්ස් සඳහාත් විජේසේකර යතුරු පුවරුව ආවා. එනිසා වෙනත් කිසිදු යතුරු පුවරුවක් අවශ්‍යතාවයක් මට දැනුනේ නෑ. බහුලව භාවිතා කරන මෙහෙයුම් පද්ධති සඳහා මෙහෙයුම් පද්ධති තුලින්ම සිංහල පහසුව ලබාදේ නම් බොහෝ දේ සඳහා එය ප්‍රමාණවත්. නමුත් වෙනත් අවශ්‍යතාවයන් සඳහා විවිධ උපක්‍රම භාවිතා කිරීමට සිදුවිය හැකියි. උදාහරණයක් ලෙසට සිංහල යුනිකෝඩ් භාවිතා කර වියුන අඩවියක් සෑදුවාට පසු සිංහල ස්ථාපනය නොකල පරිඝණක වල සි‍ට එය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැටලුවක්. එයට ඔබ ඇතුලු කණ්ඩායම ‍හොඳ විසඳුමක් ඉදිරිපත් කලා. තවත් ගැටලු රාශියක් තියනවා. කාලයත් සමඟ ඒවාටත් විසඳුම් ලැබේ යයි බලාපොත්තු වෙමි.

චිරස්ථායී සංවර්ධනයක් සඳහා අවශ්‍යවන්නේ වඩාත් ප්‍රතිථලදායක හා ප්‍රායෝගික විසඳුම් බව මාගේ හැඟීමයි. ඔබට සමහරවිට කොම්බුව පසුව ලිවීමේ යතුරුකරන විධික්‍රමයක් පහසුවෙන් හුරුවිය හැකිලෙසත් එනිසා එය භාවිතාකරන්නන් ඒ සඳහා යොමුකිරීම වඩාත් පහසු බවත් එනිසා එය වඩාත් ප්‍රායෝගික ලෙසත් පෙනෙනවා වන්නට පුලුවන. යම් කිසි පරාසයක පරිඝණක භාවිතාකරන්නන් පිරිසකට මෙය සත්‍ය විය හැකි නමුත් සමස්තයක් වශයෙන් එම නිගමනය සත්‍ය නොවිය හැකිය. යම් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක නිලධාරියෙක් තම ආයතනයේ සිංහල යුනිකේතය යොදාගන්නට සිතා තොරතුරු සොයාබලන විට කොම්බුව පසුව ලියන ක්‍රමයක් ඉදිරිපත් කලහොත් ඔහු සිතනු ඇත්තේ තාමත් සිංහල නිසි පරිදි පරිඝණක ගත වී නොමැති බවයි.

විජේසේකර යතුරු පුවරුව දශක ගනනාවක් තිස්සේ සමාජයේ විවිධ පුද්ගලයන් භාවිතා කලා. අද වි‍ජේසේකර යතුරු පුවරුව භාවිතයෙන් යතුරුලියනයක හෝ පරිඝණකයක යතුරු ලියනය කලහැකි පුද්ගලයන් කොපමණ සි‍ටීදැයි මම දන්නේ නැහැ. නමුත් කොම්බුව පසුව ලියන යතුරුලියන, ඉංගිරිසියෙන් ගැහුවාම සිංහලෙන් ලියවෙන යතුරුලියන ආදී වශයෙන් විවිධාකාරයේ යතුරුලියන තිබුනානම් සිංහල යතුරුලියන පවා කාර්යාලවල නොතිබෙන්නට තිබුනා. සමහර විට එහෙනම් අපි තාමත් කාර්යාලවල අතින් ලිපි ලියනවා. සිංහල යතුරුලියනයේ ජනප්‍රියතාවයත් එහි ප්‍රයෝජනයත් අපට ලැබුනේ ඉතා සැලසුම් සහගත ලෙස type as you write ආකාරයට එය නිර්මාණය කල නිසයි. අප නමින් නොදැන සිටියත්, ඒ යුගයේ දී ඉංග්‍රීසි යතුරුපුවරු සමඟ කරට කර සිටින්නට සමත් යතුරුලියනයක් නිර්මාණය කල සැමට අපගේ ප්‍රනාමය හිමිවිය යුතුයි.

සිංහල යතුරු පුවරු හා සිංහල යතුරු ලියන විධික්‍රම නිර්මාණය කලහැකි ආකාර ගනන අප්‍රමාණයි. එනිසා අපි පරිස්සම් නොවුව හොත් සිංහල අකුරුවැල් වලට වුනදේම යතුරු ලියන විධික්‍රම වලටත් වේවි. මට මතකයි කාලයක් තිබුනා එක එක අකුරුවැලේ අකුරු පිහිටා ඇති තැන වෙනස්. කපුටා අකුරුවැල ඔබ භාවිතා කල නිසා ඔබලා එයින් ප්‍රයෝජන ගත්තා. නමුත් මට තෝරාගන්න අකුරු වැල් ගනනාවක් තිබුනා. කපුටා භාව්තා කර ලිපියක් ලියා එය වෙනත් පරිඝණකයකට ගියාම කපුටා නෑ තියෙන්නේ වෙන එකක්. සෑම වියුන අඩවියක්ම එය බලන්න නම් ඔවුන්ගේ අකුරු බාගත කරගන්න කියනවා. අන්තිමට මම කලේ පරිඝනකයෙන් සිංහල ලියන එක අල්ලලා දාන එක. නමුත් ඒ යුගය දැන් අවසානයි. සිංහල පරිඝණක භාවිතාව ගැන ඒ යුගයේදී සිංහලෙන් පරිඝණක භාවිතා කරන්නන් ලැබූ අද්දැකීම් අමිහිරියි. වෙබ් අඩවි කිහිපයක් හා පුද්ගලන් කිහිපයක් අකුරු වැල් හඳුන්වා දී තමන්ගේ ක්‍රමය සෑමදේනාම භාවිතා කලහොත් ප්‍රශ්ණය විස‍ඳෙනවා කියනවා. නමුත් හැමෝම කලේ තමන්ගේ අකුරුවැල තමන්ගේ වෙබ් අඩවියේ යොදාගන්න එක. සමහරු ඉංග්‍රීසි අකුරට සමාන සිංහල අකුර අදාල යතුරට ‍යොදාගත්තා සමහරු විජේසේකරට ලේඅවුට් එක යොදාගත්තා. කොහොම උනත් අන්තිමට හුදී ජනයාගේ අදිදැකීම උනේ එකම පටලැවිලි ගොඩක්.

නමුත් දැන් අපි ඉන්නේ සිංහල යුනිකේත යුගයේ. ප්‍රමිතියක තිබෙන වටිනාකම අපිට අවබෝධ කරගන්න අපේ අතීත අදිදැකීම් හොඳටම ප්‍රමාණවත්. එනිසා මම යතුරුකරන විධික්‍රම ගනනාවක් ඇතිවෙනවා‍ට පෞද්ගලිකව විරුද්ධයි. ක්‍රම කිහිපයක් තිබුනත් ඒවා type as you write ලෙස නිර්මාණය කරනවානම් වඩාත් හොඳ බවයි ම‍ගේ හැඟීම. මෙහිදී ප්‍රමිතිය මෘදුකාංග නිර්මාණ කරුවාට මෙතර‍ම් නිදහසක් නොදී නිෂ්චිත ක්‍රමයක් යෝජනා කලානම් සුදුසුයි කියා මා සිතනවා.

තාක්ෂණික කරුණු කිසිසේත්ම සාමාන්‍ය භාවිතාකරන්නන් හට ඉගෙනීමට අවශ්‍ය නොවන ආකාරයට විසඳුම් නිර්මාණය කිරීමට අවශ්‍ය මඟපෙන්වීම ප්‍රමිතිය ලබාදී තියනවා. එනිසා zwj ආදී දේ හා කේත අනුපිලිවෙල ආදී දේවල් පිළිබඳව කිසිම දෙයක් දැනගැනීම භාවිතාකරන්නන්ට අවශ්‍ය නොවන පරිදි විසඳුම් ඉදිරිපත් කලයුතු බව මාගේ හැඟීමයි. සරලව මගේ අදහස නම් ප්‍රමිතිය අනුගමනය කරන්න, ප්‍රමිතියෙන් යම් ලිහිලක් දී ඇතිවිටදී පවා ප්‍රමිතිය යම් මඟපෙන්වීමක් කර තිබෙයි නම් එයත් අනුගමනය කරන්න. මක්නිසාද සිංගල යුනිකේත ආධුනිකයාට නිරවුල් මනසකින් සිංහල යුනිකේතයෙන් වැඩගැනීමට පහසුකම් සැලසීම අපගේ වගකීම බැවිනි.

සැරදේවා,
සපුමල්.

--
ThAnKs,
සපුමල් ජයරත්න.

නිරංජන්෴

unread,
Nov 1, 2007, 10:39:11 AM11/1/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අන්තර්ජාලයේ සිංහල නොතිබුණු කාලෙක කැන්ඩි ආචා, පසුව වඩා සරළ වී කපුටා
උනා, දැන් යුනිකෝඩ් අප අලුතින් නිර්මාණය කළ සියලු අඩවි යුනිකෝඩ්,

www.gov.lk
www.queen.lk
http://rala.info.lk
http://dv.info.lk

පරණ තොරතුරු ගොඩක් කපුටාගෙන් තියනවා, අදටත් යුනිකෝඩ් වැඩනොකරන Flash
ආදියට අප භාවිතා කරන්නේ කපුටා, සෑම පද්ධතියකම, සෑම යෙදුමකම සංවර්ධන
කටයුතු කරන්න පෞද්ගලිකව අපහසුයි, අප අන්තර්ජාලය තමා තෝරාගෙන ඉන්නේ. ජාවා
ව‍ල‍ දර්ශනය ආදිය තවම අපගේ පරාසයේ නෑ,

යුනිකේතයේදී අප ප්‍රමිතියේ සිටිනවා, වියුණේ ලිවීම සම්බන්ධව යුනිරයිටරය
අපට පහසුයි, එය දැන්ම වෙනස් නොවේ, සමූහයයක් ලෙස කටයුතු කිරීමේදී ආණ්ඩුවේ
ප්‍රමිතිය වූ විජේසේකර තමා අප හඳුන්වාදෙන්නේ,
එත් පෞද්ගලිකව අපේ අදහස් වෙනස්ව තබාගැනීමට අවසර දෙන්න.
Dont buldozer anyone to the pit ...

සිංග්ලිෂ් සම්බන්ධව මා සිතා සිටියේ එය ඔබ පතල කල නිර්මාණයක් කියා
http://groups.google.com/group/Sinhala-Unicode/search?q=singlish&start=30&sa=N&

සමාවන්න Memory Leak ekak :)

කෙසේ උනත් යුනිකේතය කියන්නේ අක්‍ෂර ස්ථාන ප්‍රමිතියක් මිස යතුරු ලියන
ප්‍රමිතියක්. මා එසේ කියන්මේ කටහඬින් යුනිකේත ලියන තාක්‍ෂණයද , පරිගණක
යතුරු පුවරුව නොමැති ජංගම පුවරුව ආදියද සමග

අපගේ මූලික අවශ්‍යතාවය යුනිකේත තොරතුරු නොවේද ?

සිංහ‍ල කතා කරන්න, කියවන්න පමණක් දන්නා ජොන් කීල්ස් සභාපතිට, ඉන්දියානු
ජාතික රජීච් රංජන්ට, අත් අහිමි රණවිරුවකුට යුනිකේත අකැපද ?

පරිගණකය හෝ යතුරු පුවරුවකට පමණක් යුනිකේතය සීමා නොවේ.
එය තොරතුරු සඳහා විශ්ව සිංහල ප්‍රමිතියක් බව ඔබ පිළිගන්නේ නැද්ද ?

විවිධ ක්‍රම වලට ලියන අප දකින්නේ එකම යුනිකේතයක් නොවේද ? සාමුහිකත්වයට
අවම අවශ්‍යතාවය එයම නොවේද ? හරිස්භන්ද්‍ර ඔබ සිතන්නේ කුමක්ද ?


නිරංජන්෴
www.kaputa.com

විශ්ව කුමාර

unread,
Nov 1, 2007, 11:45:18 AM11/1/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අපිට දැන් යුනිකේත වෙනස් කරන්න බැහැ. මම දන්න ඩොනල්ඩ් කියලා මහත්මයෙක්
තොරතෝංචියක් නැතිව මේ යුනිකේත වලට බනිනවා. එයාට යුනිකේත හසුරුවන්න උදවු
දෙන්න ඇහුවත් ඒක බාරගන්නේ නැතිව දිගටම යුනිකේතයට බනිනවා. අපිට යුනිකේතය
වෙනස් කරන්න බැරි නිසා අපි යුනිකේතයට අනුව වෙනස් වෙන්න ඕනෑ. මේ කොම්බුවේ
ප්‍රශ්නය සිංහලට විතරක් නෙවෙයි, බොහෝ පෙරදිග භාෂා වලට වුනු අලුත් වෙනසක්.
මේ ක්‍රමයේත් යම් යම් හොඳ පැතිකඩයන් තියනවා.
සිංහල Input කරන්න නම් දහසක් ක්‍රම හැදෙයි. අපිට තියෙන්නේ මේ එක් එක්
ක්‍රම ගැන (සියලුම ක්‍රම ගැන) ජනතාව දැනුවත් කරන එක.

අන්තිමේදී මමනම් දැන් පාවිච්චි කරන්නේ මගේම බ්‍රව්සරයක්. ඒකේ ෆෝර්ම වලට
සිංහල ඇතුලු කරන්න හදනකොට Singlish උදවු දෙනවා. මේ වගේ අලුත් ක්‍රම
අනාගතයේදිත් හැදෙයි ඒ මොකක් හෝ තමාට ගැලපෙන විදිහට හොයාගෙන පාවිච්චි
කරන්න පුරුදුකලොත්, අපි වැරදි නොසොයා පරිනාමය වුනොත් දියුනු වෙතැහැකි.

මේ කොම්බු ප්‍රශ්නයනම් මට කවදාවත්ම ඇතිවෙලා නැහැ. මම Programming නිසා
ඉංග්‍රීසි යතුරුලියනයට ඇත්තටම ඇබ්බැහි වෙලා ඉවරයි.

විශ්ව කුමාර

unread,
Nov 1, 2007, 11:49:44 AM11/1/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Singlish?
ආ ඒ මමනේ! : )
මටනම් ඒක නැතුවම බැහැ.

කපුටා හෝ විජේසේකර DL වලින් තියන තොරතුරු සිංහල යුනිකේතයට හැරවීමේ විශල
අවශ්‍යතාවයක් තියනවාද?

නිරංජන්෴

unread,
Nov 1, 2007, 2:35:35 PM11/1/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
විශ්ව
ඔබ හමුවීම සතුටක්
පෝග්‍රෑමර්ස්ලාගේ ලෝකය ටිකක් වෙනස්
හිතෙන දේ, හිතෙන චිදියටයි ලියන්නේ
එකම ඇලෝගරිතමයක් නොවේ
අවසාන ප්‍රතිඵලය තමා භාවිතය
මේ සමූහයේ ගොඩක් ඉන්නේ විවිධ මත තියන අය
ප්‍රධානම සමානකම 0D80-0DFF පිළිගැනීම
ඉතිරිවා ඉතිං කැමත්ත පරිදි වේවි!
අප තාක්‍ෂණ ප්‍රජාවක් මිස ආයතනයක කන්තෝරුවක් නොවීම නිසා අපට හුඟක් නිදහස
තියෙනවා.
ඒක දිගටම තියාගමු

ආපෝ! අතීත තොරතුරු පරිවර්ථනය කර කර ඉන්න පුලුවන්ද,කී දෙනෙක්, කී පොලක, කී
අවුරුද්දක් කරපුවාද? ඒ ඉතිහාසය, එහෙනම් සෙල් ලිපිත් ආපහු යූනිකේතයෙන්
කොටන්න වෙයි! :)

අපිට පස්සේ පරම්පරාව ඔවුනට වඩාත්ම සුදුසු දේ තෝරාගනියි, අපිට සමහර දේ
වෙනස්කරගන්න අමාරුයි, කිව්චා වගේ ඇබ්බැහි වෙලා වගේ!
ඒවත් වෙනස් කරගන්න පුලුවන් අවශ්‍යනං
ඔය දුම්පානය නතර කරන්නේ!

එක පැත්තකින් සපුමල් සමගත් මා එකඟ වෙනවා
අනිත් පැත්තෙන් අපි කැමති දේත් කරනවා
ඕනෑම දේක දෙපැත්තක් තියනවානේ

"ඔබ අදහසට මා විරුද්ධ වුවද, එම අදහස ඔබට දැරීමට ඇති අයිතිය මා දිවි
හිමියෙන් රකිමි."


වෝල්ටෙයාර්

http://www.කපුටා.com
http://www.queen.lk
http://rala.info.lk
http://dv.info.lk

Nalaka Jayasena

unread,
Nov 2, 2007, 3:10:30 AM11/2/07
to Sinhala...@googlegroups.com
සපුමල්,
+1

විජේසේකර යතුරු පුවරුව ඉතාමත් විශිෂ්ඨ නිර්මානයක් බ‍ව මගේත් පෞද්ගලික හැගීමයි.

විකල්ප තිබීම හොද දෙයක් වුනත් වැඩිපුර විකල්ප තිබීම නවකයෙකු නොමග යවන්නට
හේතු වෙන්නට පුළුවනි.

අප බැලිය යුත්තේ, අපේ අද පහසුවට වඩා, දී‍ර්ග කාලීන "පරිගනකමය සිංහල
භාෂාවේ" උන්නතියට හේතුවන දේ දෙසයි.


--
නාලක ජයසේන (Nalaka Jayasena)

Malinda Siriwardana

unread,
Nov 2, 2007, 4:46:30 AM11/2/07
to Sinhala...@googlegroups.com
හිතවත් සපුමල්

ඔබ අදහස් මනාව ගලපා
ඇති අතර මාද එය සමග
එකඟ වෙනවා. මක් නිසාද
යත් සිංහල සිංහලෙන්ම
සිතනවා විනා එය වෙනත්
භාෂාවකින් සිතා
කරන්නට යාමෙන් ගැටළු
රාශියක් ඇතිවන
බැවිනි.

බොහෝ විට මා දැක ඇති
කරුණක් වන්නේ
ඉංග්‍රීසි පසුබිමක
සිට සිංහල කරන්නට
යාමෙන් ඇතිවූ
ගැටළුවක් ලෙසයි මෙය.

මාලින්ද

--- සපුමල් ජයරත්න
<sapumal....@gmail.com> wrote:

=== message truncated ===


__________________________________________________
Do You Yahoo!?
Tired of spam? Yahoo! Mail has the best spam protection around
http://mail.yahoo.com

සපුමල් ජයරත්න

unread,
Nov 2, 2007, 8:31:23 AM11/2/07
to Sinhala...@googlegroups.com
හිතවත් නිරංජන්,

මම යුනිරයිටරය භාවිතා කර බැලුවා. එහි කපුටා ඉන්පුට් මෙතඩ් එකේ පමණක් නොව විජේසේකර ක්‍රමයේදී පවා කොම්බුව පසුව ඇතුලු කලයුතුයි නේද? විජේසේකර ක්‍රමයේදී කො හා කෝ යන අකුරු යතුරු කරන විධිය මට සොයාගැනීමට නොහැකිවුනා. එය කලහැක්කේ කෙසේද?

විජේසේකර යනු කී බෝඩ් ලේඅවුට් එකක් පමණක් වුවත් එය නිසර්‍ගයෙන්ම type as you write ක්‍රමයට අනුගත වෙනවා. එනිසා කොම්බුව පසුව යොදාගන්නා ක්‍රමයක් විජේසේකර යතුරු පුවරුව සමඟ භාවිතා කිරීම කොතරම් දුරට සාධාරණදැයි සිතාබලන්න.

මම මේ කාරණාව සිංහල යුනිකේතය ගැන නොදන්නා මිතුරෙක් සමඟ කතාකලා. අමාරු ප්‍රශ්ණ වලදී උපදෙස් ලබාගන්නේ ඔහුගෙන් තමා. ඔහුගේ තර්කය වූයේ මෙයයි. ඉංග්‍රීසි යතුරු පුවරුවත් කෙනෙකුට අවශ්‍ය වුනානම් විවිධ ක්‍රමවලට සකස් කරන්න තිබුනා. විවිධත්වයට තැන දිය යුතු තැන තැන දීමත් විවිධත්වය අනවශ්‍ය තැන එය අවබෝධ කරගැනීමත් කලයුතු බවයි ඔහුගේත් අදහස. තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඉංග්‍රීසි යතුරු පුවරුවක් සෑදීමේදී  ලෙහෙසිම ක්‍රමය තමයි ආකරාදී පිලිවෙලට එය සැකසීම. එතකොට මුලින් හුරුවෙන කෙනෙකුට බී අකුර ඉහල වම් කෙලවරට සමීපවත් වයි අකුර පහල දකුණු කෙලවරට සමීපවත් තිබිය යුතු බව තේරුම් ගත හැකියි. සමහර විට එහෙම යතුරු පුවරු මුලදී හදන්නට ඇති. නමුත් අවසානයේ බහුලව භාවිතා වන්නේ එක් යතුරු පුවරුවක් පමණයි. එයින් අනවශ්‍ය සංකීර්‍ණතාවයක් වලක්වන්න හැකිවුනා. සිංහලයටත් මෙය වලංගුයි නේද?

මම යුනිරෝමන් ක්‍රමයත් අත්හදා බැලුවා. මෙහිදී භාවිතා වන transliteration scheme එක කුමක්ද? එය ඔබම නිර්‍මාණය කරගත්තක්ද? සිංහල යුනිකේතයට පෙර පටන් සමනල නමින් එවැන්නක් තිබුනා. නමුත් එය ටිකක් භාවිතයේදී දුශ්කර වුනේ ~ හා ^ අකුරු දෙක නිතර යතුරු කිරීමට සිදුවීම නිසයි. GNU Linux වලට ප්‍රථමයෙන් හඳුන්වාදුන්නේ වෙනත් එකක්. තවත් කිහිපයක් භාවිතයේ තිබෙන බව මා දන්නවා. යුනිරයිටරයේ වාසිය තමයි ඔබ වියුණ අඩවියක් නිර්‍මාණය කිරීමේදී එය යොදාගැනීමෙන් එහි පිවිසෙන අයට තම පරිඝණකයේ සිංහල ඇතත් නැතත් සිංහලෙන් දත්ත ඇතුල් කලහැකිවීමයි. නමුත් වෙනත් ආයතනයක කෙනෙක් වෙනස් transliteration scheme එකක් යොදාගෙන එමදෙයම කලොත් වන්නේ එක් එක් වෙබ් අඩවියෙන් අඩවියට එක එක ක්‍රම ඉගනගන්නට සිදුවීමයි. මා කලින් සඳහන්කර පරිදි ප්‍රාග් සිංහල යුනිකේත යුගයේ අප අත්විඳි අකුරුවැල් සම්බන්ධ ගැටලුවේම අලුත් ස්වරූපයක් නේද මෙය.

කොම්බුව පසුව ලිවීම ගැන කෙසේවත් එකඟවීමට නොහැකි වුනත්, type as you write යන්න අනුගමනය කල යුතුයි කියා විස්වාශ කලත්, සිංහල යතුරුලියනය නොදන්නා අයෙකුට ඉක්මනින් සරල වැඩක් කරගැනීම සඳහා transliteration scheme එකක අවශ්‍යතාවය මම පිලිගන්නවා. නමුත් ඒවා බොහෝ ගනනක් තිබීමෙන් මම කලින් මතුකල ගැටලුව ඇතිවෙනවා. මෙයට විසඳුමක් යෝජනා කරන්න.

භාවිතාකරන්නාට යුනිරයිටරය යොදා දත්ත ඇතුල්කලහැකි පරිදි සකස්කල වියුණ අඩවි මොනවාද? මම කොපමණ තර්ක කලත් භාවිතා කරන්නාගේ පරිඝණකයේ සිංහල ස්ථාපනය නොකර වියුන හරහා ඔහුට සමීපවන්නේ කෙසේද යන ගැටලුව ප්‍රථමයෙන් ජයගත්තේ යුනිරයිටරය බවයි මම හිතන්නේ. එනිසා එය තව තවත් දියුණුවේවායි පතමි.

විශ්ව කුමාර

unread,
Nov 3, 2007, 1:52:52 AM11/3/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඇත්තටම ඉංග්‍රීසි යතුරු පුවරුව මුලින්ම බිහි වුනේ අකාරාදී පිලිවෙලට. මෙසේ
කලවම් අකුරු පිලිවෙලක් සැකසුනේ යතුරුලියන්නන්ගේ වේගය හිතා මතා අඩු
කරීමට. ;) මුලදී තිබුනු යාන්ත්‍රික යතුරුලියන වලට ඉතා වැඩි වේගයෙන්
යතුරුලියනය කිරීම දරාගත නොහැකි නිසාලු මෙසේ කලේ.
ඒත් නැවත තාක්ශණය දියුනු වූ පසුව වැඩිපුර භාවිතාවන අකුරු පහසු තැන් වලටත්
නිතර භාවිතා නොවන අකුරු ඈතටත් වන පරිදියි මේ QWERTY ක්‍රමය තනා ඇත්තේ.
මෙහිදී නිතර භාවිතා වන අකුරු මැද පේලියේත් ඊලඟට වැඩිපුර භාවිතා වන අකුරු
ඉහල පේලියේත් ඉතිරි අකුරු පහල පේලියේත් දැම්මාලු. සිංහලට යතුරු පුවරුවක්
තැනීමේදී මෙසේ වැඩියෙන් භාවිතා වන අකුරු ගැන සිතා බලා ඇත්නම් හොඳයි.

මම සිංග්ලිශ් ක්‍රමය පාවිච්චි කරන්නේ එක් එක් අකුරු වර්ගය (font), භාෂාව
හා ක්‍රමයට (unicode) වෙන වෙනම පුරුදුවෙන්න ඕනෑ නැති නිසා. මොකද මොන
භාෂාව අකුරු පෙල ක්‍රමය භාවිතා කලත් ඔබන්නේ එකම අකුරු පිලිවෙල.
ඒත් මේ ක්‍රමයේත් පැටලිලි ගොඩාක් තියනවා. ඇත්තටම ගත්තොත් ඔබන අකුරු
ප්‍රමාණය (key strokes) ගනන 10% කින් පමණ වැඩියි. 'ට', 'ඩ', 'ඟ', 'ඹ' වගේ
අකුරු ගන්න Shift ඔබන්න වෙනවා.

මගේ තව යාලුවෙක් මේ ක්‍රමය ඉදිරියටම ගෙන ගිහිල්ලා ඕනෑම අකුරු පෙලක්, ඕනෑම
යතුරු පුවරුවකින්, ඕනෑම ක්‍රමයට ගන්න ක්‍රමයක් හැදුවා. එතනදී අතරමැදි
දත්ත ක්‍රමයකට හරවලා ඒක අවශ්‍ය අකුරු පෙල ක්‍රමයට හරවාගන්නවා. එතකොට මොන
යතුරු පුවරුව භාවිතා කලත් ඕනෑම පෙලක් ගන්න පුලුවන්.

රෝමන් සිංහල හැදුවේ කවුද?

නිරංජන්෴

unread,
Nov 4, 2007, 2:37:47 AM11/4/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
යුනිරෝමන් හැදුණේ දෙමළ බසට භාවිතා කළ කේතනයක අදහසක් ගෙන, එය ඉතාම හොඳුන්
නිම කරළා අපට දුනිනේ තුසිත, පසුව අප ඊට තවත් යමක් එකතු කළා, ඒකෙන් තමා
අපි ඉස්සෙල්ලාම යුනිකේත ලියා රාජ්‍ය අඩවිය හදාගත්තේ, ලංකාවේ ප්‍රථම පූරීණ
යුනිකේත අඩවිය www.gov.lk. වසන්ත දේශප්‍රිය තමා ඒකට අපට බර දැම්මේ.

http://www.kaputa.com/uniwriter/roman.htm

ඒත් දිග ලිපි ලියන්න ඒක එතරම් හොඳ මදි නිසාත් න, ණ,ල, ළ, මහප්‍රාණ අවුල්
නිසාත් සමහරක් අපි යුනුරයිටරයට හදාගන ඉස්සුනා, තාමත් සමහරක් යුනිරෝමනයේ.

http://www.kaputa.com/uniwriter/roman.htm

විජේසේකරද භාවිතා කරන අයද අප අතර සිටිනවා.
කපුටා ලියලා යුනිට හරවන අයත් ඉන්නවා

අපි සතුටින් යුනිකේත ලියනවා :)

නිරංජන්෴

Reply all
Reply to author
Forward
0 new messages