සිංහල යුනිකෝඩ් වලදී පස්සෙන් දාන කොමිබුව

23 views
Skip to first unread message

Niranjan

unread,
Feb 1, 2006, 3:41:39 PM2/1/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
සිංහල යුනිකෝඩ් සමූහයේ
සිංහලෙන් සන්නිවේදනයට
කිරීමට අප ගත් තීරණය ගැන
විරුද්ධතාවයක් අද මතුවුනා.
එම තීරණය අප විසින් ගනු
ලැබුවේ ඉංග්‍රීසි භාශාවට
වරදක් කිරීමට නොව්. ඒ අප
ඉංග්‍රීසියෙන් සන්නිවේදනය
කරන තුරු සිංහල යුනිකෝඩ්වල
දියුණුවක් ඇති නොවන නිසාය.

සිංහල යුනිකෝඩ්වල කොම්බුව
ගැන තරමක මත භේදයක් ඇති නිසා
ඒ පිළිබඳව අදහසක් පළකරනු
කැමැත්තෙමි. සුද්දන්
කොම්බුව භාවිතා කරන්නේ
පස්සෙනි. සිංහලේ කොම්බුව
දාන්නේ ඉස්සරහින්ය.
උදාහරණයක් නම් Gona කියා
සුද්දන් ලියන විට අප
ලියන්නේ ගොනා කියාය.

යුනිකෝඩි වලදී කොම්බුව
දාන්නේ පස්සෙනි. විහිලුවක්
වගේ පෙනුනත් මෙහි තාක්ෂණ
වාසියක් ඇත. එනම් වදන්
අනුක්‍රමයේදීය. අප තිරයේ
කෙසේ දුටුවද අප ලියන අකුරු
යුනිකෝඩිවල ඇතුලත තබා
ගන්නේ පිලිගත්
ප්‍රමිතියකටය. කොම්බුව
අනුක්‍රමයේදී ඉදිරියෙන්
තිබුණහොත් පෙත්තට පසුව
එන්නේ තෛලය මිස පොත්ත නොවේ.
නමුත් අප අනුක්‍රමයේදී
කොම්බුව සලකනුයේ අවමයෙන්ය.
අ ආ ක ග ඦ වැනි ප්‍රධාන අකුරැ
මත අප අනුක්‍රමය කිරීම
සමිප්‍රදායයි.

ලියන්නා කෙසේ ලීවද බලන්නාට
නිවැරදිව පෙන්වීමට
යුනිකෝඩි අකුරුවැල් සකසා
ඇත. මේ අනුව සිංහල යුනිකෝඩි
ලියන විට නිවැරදිව අකුරු
ඇතුල් කිරීම වැදගත්.

උදාහරණ ලෙස පෙත්ත කියා ලියන
විට පලමුව පයන්නද දෙවනුව
කොම්බුවද ලිවීම යුනිකෝඩි
ක්‍රමයයි. සාමන්‍ය විදියට
ලිවීමෙන් අපට ලැබෙන්නේ
ෙපත්ත යනුෙවනි. මෙය
ගෝලීයකරණයේ අවාසියක් ලෙස
පෙනුනද තාක්ෂණය මගින් මේවා
මගහැර ගත හැක.

තවද ේ ෛ ො ෝ ෞ ද මෙම රීතියටම
අනුකූල වේ.

මේ සෑම අංගයක්ම ප්‍රධාන
අකුරට පසුව ලිවීමෙන්
නිවැරදි අකුර ලැබෙන පරිදි
යුනිකෝඩි ප්‍රමිතිය සකසා
ඇත.

Anuradha Ratnaweera

unread,
Feb 1, 2006, 10:11:37 PM2/1/06
to Sinhala...@googlegroups.com
On 2/2/06, Niranjan <uni...@info.lk> wrote:
>
> සිංහල යුනිකෝඩ් සමූහයේ
> සිංහලෙන් සන්නිවේදනයට
> කිරීමට අප ගත් තීරණය ගැන
> විරුද්ධතාවයක් අද මතුවුනා.
> එම තීරණය අප විසින් ගනු
> ලැබුවේ ඉංග්රීසි භාශාවට
> වරදක් කිරීමට නොව්. ඒ අප
> ඉංග්රීසියෙන් සන්නිවේදනය
> කරන තුරු සිංහල යුනිකෝඩ්වල
> දියුණුවක් ඇති නොවන නිසාය.


මෙය ඉතා හොඳ තීරණයකි. එමගින්, යුනිකෝඩ් සිංහල සන්නිවේදනයේ ඇති ගැටළු
තැන් හඳුනාගැනීමට අවස්ථාව සැළසෙන බැවිනි.


> සිංහල යුනිකෝඩ්වල කොම්බුව
> ගැන තරමක මත භේදයක් ඇති නිසා
> ඒ පිළිබඳව අදහසක් පළකරනු
> කැමැත්තෙමි. සුද්දන්
> කොම්බුව භාවිතා කරන්නේ
> පස්සෙනි. සිංහලේ කොම්බුව
> දාන්නේ ඉස්සරහින්ය.
> උදාහරණයක් නම් Gona කියා
> සුද්දන් ලියන විට අප
> ලියන්නේ ගොනා කියාය.


යුනිකෝඩ් යනු අකුරු යතුරු කිරීම පිලිබඳ ප්‍රමිතියක් නොව, අකුරු විද්‍යුත්
මාධ්‍යයකින් නිරූපණය කිරීම පිලිබඳ ප්‍රමිතියකි. එම නිසා, කොම්බුව පසුව
ලියන යතුරු ක්‍රමයක් (keyboard driver) සැකසීමට ද ඉන් බාධාවක් ඇති නොවේ.
සියේට සීයක් විජේසේකර යතුරු පුවරුව වැනි යතුරු ක්‍රමයක් සැකසීමට අපි දු
බලාපොරොත්තුවෙන් සිටින අතර, එයට අවශ්‍ය තාක්‍ෂණ යටිතල පහසුකම් මේ දිනවල
සකසමින් සිටිමු.

සිංහල යුනිකෝඩ් කණ්ඩායම ආරම්භ කිරීම පිලිබඳව අප හිතවත් නිරන්ජන් ඇතුලු දෑ
හිතකාමී එම කණ්ඩායමට අපගේ ගෞරව පූර්වක ප්‍රණාමය පුද කිරීමට ද මම මෙය
අවස්ථාවක් කර ගනිමි.

අනුරාධ
--
http://www.linux.lk/~anuradha/
http://anuradha-ratnaweera.blogspot.com

WasanthaD

unread,
Feb 3, 2006, 7:50:54 AM2/3/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
එතරම් තාක්‍ෂණික දැනුමක්
නැති මට නම් කොම්බුව
පස්සෙන් ඇති බව පෙනෙන්නේ back
space භාවිතයේ දී පමණි,
කියවන්නාටත් ලියන්නාටත්
අපහසුතාවයක් නොදැනේ නම් හා
භාෂා මහැදුරන් නොකිපේ නම්
එහි ඇති අඩුව කිම? යුනිකෝඩ්
භාෂා විසඳුම ද මෙවලමක් පමණි.
එය අප බහුතරයක් ජනතාවට
තොරතුරු සමාජයට දොරටුව හැර
දෙන යතුර කර ගනිමු!
වසන්ත දේශප්‍රිය
Reply all
Reply to author
Forward
0 new messages