සිංහල යුනිකෝඩ් සමූහයට යෝජනා කිහිපයක්

29 views
Skip to first unread message

නිරංජන්෴

unread,
Jun 3, 2007, 4:43:41 PM6/3/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
අප සමූහයේ වූ සංවාද සලකා බලා පහත යෝජනා කිහිපයක් සමුලුවට ඉදිරිපත් කරනවා.
සියලු අදහස් කණ්ඩියපිටවැව හමවේදී සාකච්චාවට ගැනෙනවා

1. සිංහල යුනිකෝඩ් භාවිතය සංවර්ධනය
2. සිංහල යුනිකෝඩ් විවෘත මුදුකාංග සංවර්ධනය
3. සිංහල යුනිකේතය භාවිත ප්‍රශ්න වලට විසඳුම්/ක්‍රියාමාර්ග හඳුනාගැනීම
4. සිංහල යුනිකෝඩ් සමූහය භෞතික ලෙස ක්‍රියාත්මක වීමේ ව්‍යුහය

කරුණාකර එක් එක් අංගය සඳහා යෝජිත ක්‍රම, මුදුකාංග, ක්‍රියාමාර්ග, යෝජනා
කරන්න
ස්තූතියි.

නිරංජන් මීගම්මන෴
www.sinharaja.com
www.shilpasayura.org
www.kaputa.com

දසුන් සමීර

unread,
Jun 5, 2007, 1:44:42 AM6/5/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ඒක හොද අදහසක් මොකද ඒදාට සාකච්චා නියමිත වැඩ පිලිවෙලක සැකසෙනවා. මෙහි
අඩංගු කරුනවලට අමතරව ශ්රී ලංකා තාක්ෂණික ප්රජාව දැනුවත් කිරීමත් මෙයට
ඇතුලත් වියයුතු යැයි මා සිතනවා. එවිට තවත් තාර පැටව් ඇතිවීම වලැක්වෙනවා.

-සිංහල යුනිකෝඩ් භාවිතය සංවර්ධනය -
සිංහල දන්නා හා සිංහල ප්රජාව ගැන හැදෑරීමට අවශ්ය පුද්ගලයනට සිංහල
යුනිකේත භාවිතය අත්යාවශ්ය වන ලෙසට ජාලයතුල වාතාවරනයක් ගොඩ නැගිය යුතුයි.
ඒ අතර සාමාන්ය ප්රජාව දනුවත් කිරීම මෙය පාසල් මට්ටමින් පටන් ගත යුතු යැයි
මා සිතනවා.

-සිංහල යුනිකෝඩ් විවෘත මුදුකාංග සංවර්ධනය-
මේ ගැන සිතනවිට ර්ශීශානු අදහස් ඉතාවටිනවා.
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/dcead15d3ad75b53/d5cd87ad599c52b6
නමුත් මෙහිදී අප යම් පරිගණක මෙහෙයුම් පද්ධතියකට වහල් වන්නේද යන්න සලකා
බැලිය යුතුය. සිංහල මෙහෙයුම් පද්දතියක් තිබීම ඉතා හොදය නමුත් ඕනෑම
මෙහෙයුම් පද්ධතයක් තුල සිංහලෙන් වැඩ කරන්නට අවස්තාව ලබා දිය යුතුය.

Anandawardhana

unread,
Jun 5, 2007, 2:35:23 AM6/5/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ඉහත 1) යටතේ යෝජනාවක්.
මට පෙනෙන විදිහට මෙය 4) යටතේ ක්‍රියාවට නැගිය හැකියි වගේ :-)

සිංහල ලේඛකයින්ට හා මධ්‍යවේදීන්ට‍ යුනිකේත, සිංහලෙන් පරිගණක භාවිතය හා
ප්‍රකාශනය පිළිබඳ වැඩසටහන්/වැඩමුළු සංවිධානය කිරීමේ හැකියාවක් තිබේ නම්
අගෙයි. හිතන්න, නිතිපතා ලිවීමේ යෙදෙන ප්‍රධාන පෙළ් ලේඛකයින්ගේ,
මාධ්‍යවේදීන්ගේ බ්ලොග් අඩෙවි/වෙබ් අඩෙවි සිංහලෙන් පළ වෙනවා නම් එය ලොවවටා
සිටින අනෙක් සිංහල පරිශීලකයින්ටත් තම පරිගණක තුළ යුනිකේත සක්රීය කරගන්න
හේතුවක් වෙනවා. උදාහරණයක් හැටියට එවැනි වැඩසටහනක ප්‍රතිඵලයක් හැටියට
ගුණදාස අමරසේකර, ගාමිණී වියන්ගොඩ, ලියනගේ අමරකීර්ති, උපුල් ශාන්ත
සන්නස්ගල (මේ නම් මම මේ දැන් අහඹු ලෙස විවිධ ක්ෂේත්‍රවලින් ගත් ඒවා
පමණයි) වැනි ජනප්‍රිය ලේඛකයින් සිය ලිපිලේඛනවල අන්තර්ජාල නිකුතුවක් කරන්න
පොළඹවන්න පුළුවන් නම් අගෙයි නේද? අඩුතරමේ තරුණ පරම්පරාවේ ලේඛකයින් වත්
මෙයාකාර දැනුමකින් සන්නද්ධ කරන්න පුළුවන් නම් ඔවුන් බ්ලොග්/වෙබ් පිටු කරා
යෙමු කරන්න පුළුවන් නම් එය විශාල උත්තේජනයක් වේවි භාවිතය හා සංවර්ධනය
පැත්තෙන්. සිංහලෙන් හොඳ වෙබ් අන්තර්ගතයක් තිබීම සිංහල යුනිකෝඩ් ඔස්සේ
අන්තර්ජාලයේ වැඩ සිදු වීමට වැදගත් පූර්වාවශ්‍යතාවක්. ස්තුතියි.

ආනන්දවර්ධන෴

නිරංජන්෴

unread,
Jun 5, 2007, 3:03:10 AM6/5/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ආනන්දවර්ධන

වැදගත්, නාමික බ්ලොග් සයිට් එකක් තිබීම හොඳද, නිර්නාමිකට අමතරව,
නිර්මාණකරනය දියුණු වන්න

උදා: දිනපතා පලවන නවකතාවක් (කොටස් වශයෙන්)

නිරංජන්෴
www.kaputa.com

Dhammike Mendis

unread,
Jun 5, 2007, 3:03:29 AM6/5/07
to Sinhala...@googlegroups.com
ආනන්දවර්ධන කියූ ලෙස විවිධ ක්ෂේත්‍ර වල සිටින අයට සිංහල යුනිකේතය ගැන දැනුවත් කිරීම ඉතා. වැදගත්. විවිධ ආයතන හා සංවිධාන සඳහා සිංහලෙන් වෙබ් අඩවි නිරිමාණය කිරීමෙදී අප හැකිතාක් යුනිකේතය යොදා ගැනීමට උත්සාහ කලත් තවමත් පරණ "ෆොන්ට්" මනසිකත්වයෙන් මිදීමට ඔවුන් මැලි කමක් දක්වනවා. ඔවුන් උදාහරණයක් ලෙස ගෙන හැර දක්වන්නේ www.lankaenews.com . මෙමෙ වෙබ් අඩවිය EOT ක්‍රමය හාවිතයෙන් සකසා තිබෙනවා. නමුත් එය ෆයර් ෆොක්ස් හි එම ප්‍රථිපල දක්වන්නේ නැහැ.
 
මුද්‍රණ ක්ෂේත්‍රය අප විසින් අවධානය යොමු කල යුතු තවත් වැදගත් හා විශාල ක්ෂේත්‍රයක්. ඔවුන්ට ඇති ගැටලුව යුනිකේතයෙහි විවිධ අකුරු රටා ලබා ගත නොහැකි වීම. පුෂ්පානන්ද මහතා වැනි අකුරු රටා නිර්මාණකරුවෙකු මෙම කාර්‍යයටෙ සම්බන්ධ කර ගත හැකි නම් හොද යුනිකෝඩ් අකුරු රටා සාදා ගත හැකිය.

 
--
ධම්මික මෙන්ඩිස්
Dhammike Mendis

M:+94-77-781-0899
E: dham...@mail.ru, dhammik...@gmail.com
W: http://dhammike.blogspot.com

දසුන් සමීර

unread,
Jun 5, 2007, 3:16:07 AM6/5/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
මුද්‍රණ ක්ෂේත්‍රය තවමත් සිංහල යුනිකේතයට දුරය. ප්‍රදානම ගැටළුව ඇත්තේ
එහිදී භාවිතා කරන CorelDRAW, Photoshop, Illustrator, Indesign වැන
මෘදුකාංග සිංහල යුනිකේතයට සහය ‍නොදැක්වීමයි. පලමුව කලයු‍ත්තේ එසදහා
විකල්ප මෘදුකාංග හදුන්වාදීම හෝ යුනිකේතයට සහය දක්වන ලෙස නිර්මාණය කිරීමය.
නමුත් කිසිදිනක මුද්රණ කරුවන් යුනිකේ භාවිතය සදහාම මෙම මෘදුකාංග වෙනුවට
ආදේශක මෘදුකාංග භාවිතයට එන්නේ නෑ. ඒනිසා කලහැකි එකම දෙය එම මෘදුකංග සිංහල
සදහා අපගේ සහයෝගය හා බලකිරීම් කරීමය. වෙනත් යෝජනා ඇතිනම් දක් වන්න.

නිරංජන්෴

unread,
Jun 5, 2007, 3:30:25 AM6/5/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
සිංහල යුනිකෝඩ් අන්තර්ජාලය සන්නිවේදනයට තමා වඩාත් සුදුසු.

සිංහල යුනිකේතය ඉගනගැනීමට හා පරීක්‍ෂණයකට සහභාගී වී, සමත්වී, සහතිකයක්
ලබාගැනීමට ඇත්නම් හොඳයි නේද?

දසුන් සමීර

unread,
Jun 5, 2007, 3:43:35 AM6/5/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ඒක හොදය. එතකොට එක වෘතිමය සුදුසුකමක් වනවා. මෙහිදී පරිශිලක හා තාකෂණ වෙදී
යන අංශ දෙකක කින් සහතික ලබාදය හැකියි නේද? තාක්ෂන වේදීනට ගැලපෙන ලෙස එකක
කුත් සමාන්‍ය භාවිතයට තවත් එකක්. මොකද පරිශිලකයට අවශ්‍ය වන්නේ අ යන්න
හිමි යුනි‍ කේතය නොව අයන්න පරිගණක තිරයයෙන් (වියුණු සැරියෙන්) බලන්නේ
කේසද යන්න, සිංහලෙන් රී-ලියමනක් යවන්න, සිංහලෙන් මාර්ගගත සන්නිවේදනයේ
යෙදීමට වැනි කරුනු වලට යි.

නිරංජන්෴

unread,
Jun 5, 2007, 4:11:19 AM6/5/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
මේ පිළිබඳව ඉදිරියේදී තීරණ ගනිමු.
නැණසල හා පාසැල් ICT ගුරුන් තමා අපට මුලින්ම වැදගත්. පසුව සිසුන්ට හා
ප්‍රජාවට, රජය අන්තිමේට.


Pathum Herath

unread,
Jun 5, 2007, 4:19:40 AM6/5/07
to Sinhala...@googlegroups.com
යුනිකෙත ගද්‍ය හා පද්‍ය රචනා තරඟයක් සංවිධානය කරන අදහස මොකද?

ස්තූතියි...
පැතුම්..

--
෴පැතුම්/Pathum෴

Asanka Wasala

unread,
Jun 5, 2007, 6:31:58 AM6/5/07
to Sinhala...@googlegroups.com
මතක්වූ යෝජනා සහ ගැටලු කීපයක්,

1. විකිපීඩියාවේ සිංහල අන්තර්ගතය වැඩි කිරීමට අපට කළ හැක්කේ කුමක්ද ?

2.මුද්‍රණ ක්ෂේත්‍රයේ නියැලෙන්නන් යුනිකේතයට හුරුකිරීම අත්‍යාවශ්‍ය
කරුණක් කියලයි මට හිතෙන්න. මුද්‍රණ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා apple පරිගණක
භාවිතා කරයි. එහෙත් apple මෙහෙයුම් පද්ධතියේ සිංහල යුනිකෝඩ් support
කරන්නේ නැ. වාණිජමය මෘදුකාංගයක් ඇතත් os මට්ටමින් sinhala unicode සහාය
තිබීම තමයි උචිත.යථෝක්ත adobe මෘදුකාංග සිංහල යුනිකේත support නොකිරීමත්
ඉතා විශාල ගැටලුවක්.

විවධ මෘදුකාංගවල සිංහල යුනිකේත භාවිතයේදී ඇතිවන දෝෂ මගහරවාගත යුතුයි.
උදා.

i. java swingවල සිංහල යුනිකේත render නොවීම දැනට සිංහල මෘදුකාංග
සංවර්ධනයට පවතින බාධාවක්
ii. firefoxවල (windows) සහ gmailවල zero width joiner (ZWJ) අතහැරීම
නිසා සිදුවන rendering ගැටලු මග හරවා ගත යුතුයි
iii. vistaවල KB driver එකේ දෝෂ

3. දැන් සිටම ජංගම දුරකථන හා අනෙකුත් embedded devices භාවිතය වැඩිවීම,
ප්‍රචලිතවීම සිදුවෙනවා. මේ නිසා එවැනි උපාංගවල සිංහල යුනිකේත support සහ
implement කළයුතු වෙනවා. (e.g. Sinhala Unicode implementation in pocket
Uniscribe). එවැනි උපාංග සඳහා අන්තර්ගතය සකස් කිරීම ගැනත් සිතන්න වෙනවා.

4. සිංහල හෝ සිංහල නොවන ඕනැම මෘදුකාංග හෝ වෙබ් අඩවිවල ප්‍රවේශ හැකියාව
(accessibility) වර්ධනය කිරීමත් අත්‍යවශ්‍ය කරුණක්.

5. සිංහල යුනිකේත භාවිතයේදී මතුවන ගැටලු නිරාකරණය කරගැනීමට සහයදීමට
(tech-support) කණ්ඩායමක් තිබීමත් සුදුසුයි(phone line එකක් සමග).

6. හැකිතාක් ඉක්මනින් තව Sinhala Unicode fonts නිපදවන්න අවශ්‍යයි,
මෙහිදී එක ෆොන්ටයක් හෝ touching letters වැනි sls 1134 හි සඳහන් සියලු
කාරණා support කල යුතුයි.

7. විවිධ මෘදුකාංගවල අතුරු මුහුණත් යෙදුම් සඳහාත් locale definitions
සඳහාත් සම්මතයකට පැමිණිය යුතුයි.


-අසංක

ඩනිෂ්ක නවින්

unread,
Jun 5, 2007, 6:48:24 AM6/5/07
to Sinhala...@googlegroups.com
හිතවත් අසංක,

On 6/5/07, Asanka Wasala <was...@gmail.com> wrote:

7. විවිධ මෘදුකාංගවල අතුරු මුහුණත් යෙදුම් සඳහාත් locale definitions
සඳහාත් සම්මතයකට පැමිණිය යුතුයි.

මෙය අවශ්‍යම දෙයක්, දැනටත් ප්‍රමාදයි..
හැකි ඉක්මනිම්ම කළ යුතුයි.

තවද මෘදුකාංගවල අතුරු මුහුණත් සිංහලට
පරිවර්තනයට ස්වාදීන පරිවර්තකයින්
යොමුවීම අවශ්‍යයි. දමිල භාෂව සඳහා
දායකත්වය ඉතා ඉහලයි.

--
Danishka Navin
dani...@gmail.com
"Free as in Freedom"

Anuradhee Kirinda

unread,
Jun 5, 2007, 7:39:52 AM6/5/07
to Sinhala...@googlegroups.com
මෙය ඉතාමත්ම වටිනවා.. බොහෝ දෙනෙකුට යුනිකේතය පිළිබඳව ඇති දැනුම ඉතාමත් අල්පයි. තමාට ඒ පිළිබඳව දැනගැනීමට මෙය කදිම අවස්ථාවක්... ඒවගේම මේ සඳහා හොඳ සහභාගිත්‍වයක් තිබේවි..

අනුරාධී කිරින්ද

On 6/5/07, නිරංජන්෴ <uni...@info.lk> wrote:
--
~Anuradhee~

නිරංජන්෴

unread,
Jun 5, 2007, 12:24:32 PM6/5/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
අසංක සිංහල යුනිකේත ප්‍රශ්න පිළිබඳව දක්වා ඇති කරුණු වැදගත්. මේ අනුව අප
නිති පතා දැනට තියෙන අඩුපාඩු ලැයිස්තුවක් පවත්වා ගත යුතු වෙනවා.

ඒ මෙන්ම සිංහල තාක්‍ෂණි වචන ලැයිස්තුව සැකසීම සඳහා නවමු ආරම්භයක් ගත
යුතුයි නේද?
වාසලලා හදපු අඩවිය මේ සඳහා භාවිතා කිරීමට මා යෝජන කරනවා. පුලුළ් ප්‍රජා
සහභාගීත්වයක් සඳහා එක වචනයකට වැඩි වචන ගණනක් එකතු කිරීමටත්, ප්‍රජාවට තම
රුචිය ප්‍රකාශ කිරීමටත් හැකි වන පරිදි වෙනස් කම් කිහිපයක් කල හැකියි.
එවිට දැනට තියෙන වචන නැවත නැවතත් සළකා බැලිය හැකියි.

යුනිකේත නිර්මාණ තරඟය අගෙයි. ඒ සඳහා අප මුලින්ම ධාරිතාවය ගොඩ නගා ගත
යුතුයි. පාසැල් ජාලය හා නැණසල මීට වැදගත්.

නිරංජන්෴

unread,
Jun 5, 2007, 3:09:13 PM6/5/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අප සංවාද අපගේ මුල් අදියර වෘත්තීය ලෙස තාක්‍ෂණය පරිසරය සකසා ගැනීම.
තාක්‍ෂණය ඇර අනිකුත් තොරතුරු නිර්මාණය ප්‍රජාවේ වගකීමක් ලෙසයි මා
දකින්නේ. විකියට අපට තව කල් තියනවා. එය ප්‍රජාවෙන් ඉබේ හැදෙන දෙයක් නේද?

මුලින්ම අවශ්‍ය දෑ
1. නිල වෙබ්නාමයක් (sinhalaunicode.org සිංහල බිහිදොරක් ලෙස සාදමු
www.gov.lk)
සිංහලෙන් தமிழ் යුනිකෝඩ් ගැනත් දාමු. (රමේෂ් තිරුචෙලවම් අපට ඉන්න හොඳම
විද්වතා)

2. ප්‍රජා අඩවි මුදුකාංගයක් (drupal, nuke, jumala, ... කුමක්ද සුදුසු
විශාල ගණනකට

3. mass CMS
සිංහල තාක්‍ෂණ දැනම පිටු දහස් ගණනක් දමන්න පුලුවන් එකක්

4. ඉසවි අධ්‍යයනට මුදුකාංගයක් (Moodle -UCSC)
5. වචන නිර්මාණයට මුදුකාංගයක් (LTRL/ලිනක්ස් මොන්ස්ටර්/මොරටුව එකතු
කරමුද )
6. ගූගල් සමූහය (තියනවා)
7. පහසුකම් සපයන්නෙක් (ICTA, UCSC යන දෙකම)
8. Hosting (පොදු එකක් හා තියෙන තැන්වලම)
9. අඩවිකරණ කණ්ඩායමක් (වැඩ දන්නා හැමෝටම වැඩක්)
10. පොදු අඩවිය සඳහා PHP/MYSQL ගමුද ? (Windows/Linux දෙකම ඉලක්ක කර)
11. කාර්යාලයක් (online ඉමුද ? - sugar crm/web ERP) - ෂා සෙකට්රි කෙනෙක්
නැතිවෙනවා..

11. තාක්‍ෂණ demo server
projects hosted by experts/ Learners/enables download localased
version
ex. joomala (dhammika++), drupal (anuradha++), wordpress (me++),moodle
(ltrl++) etc.,

මෙම සර්වරයේ ඇති වාසිය එක් එක් මුදුකාංගයට දේශීය සංවර්ධකයින් හා
භාවිතයින් සමූහ ඇතිවීම. ඉන් තාක්‍ෂණ සහය වෙළඳ පළක් ඇතිවෙනවා.

12. කෙටි පුහූණු සැසි පැවැත්වීමේ ක්‍රමයක් (php, mySQL, foss), පහසුකම්
සපයන ස්ථානයක්

තව මොනවද ?
....

dilan damith

unread,
Jun 6, 2007, 12:12:15 AM6/6/07
to Sinhala...@googlegroups.com
මමත් මේ අදහස අනුමත කරනවා. අපේ සමූහය අන්තර්ජාලයෙන් එළියට ගන්න පුළුවන් නම් මේ ක්‍රියාව සාර්ථක කර ගන්න පුළුවන්. විශේෂයෙන් පිළිගත් සහතිකයක් ලබා දෙන එක තමයි වැදගත්. රාජ්‍ය අංශයේ පරිගණක ආශ්‍රිත රැකියාවකට යනවා නම් යුනිකේතය භාවිත කිරීමට හැකිවීම අනිවාර්යය අංගයක් වෙනවා නම් වඩාත් හොදයි. මොකද ඒකෙන් අපිට පුළුවන් යුනිකේතයට තවත් වැඩියෙන් පුචාරයක් ලබා දෙන්න පුළුවන්.
 


 
On 6/5/07, නිරංජන්෴ <uni...@info.lk> wrote:
--
Dilan Damith Prasanga
Weemansha Creations
51' Junction,
Deniyaya.
Tel : + 94 0779 317 897
       + 94 0786 446242
http://dilandamith.googlepages.com

Asanka Wasala

unread,
Jun 6, 2007, 12:50:43 AM6/6/07
to Sinhala...@googlegroups.com
(සිංහල යුනිකේතය පිළිබඳව) සහතිකයක් ලබා දීමට කෙනෙක් ඇගයීමට ලක් කළයුතු
කරුණු මොනවාද? හරිහැටි අගයන්නේ කෙසේද ?

හිතට ආ අදහස් කීපයක් (ඇගයීමට ලක් කළයුතු කරුණු),

1. සිංහල යුනිකේතය ස්ථාපනය කිරීමේ හැකියාව (කුමණ මෙහෙයුම් පද්ධතියේද)
2. යතුරු පුවරුව දැනගැනීම (කුමණ යතුරු පුවරුවද? phonetic/wijesekara)
3. යුනිකේතයේ තාක්ෂණික පසුබිම දැනගත යුතුද (unicode code points,
rendering, unicode fonts etc)
4. යුනිකේත යොදාගනිමින් වැඩසටහන් නිර්මාණය කිරීමේ හැකියාව programming
(කුමණ පරිගණක භාෂා ඇසුරෙන්ද?)
5. අනාගතයේදී මෙහෙයුම් පද්ධතිවල(e.g. Ubuntu, Vista) සිංහල යුනිකේත පෙර
නිමියෙන් එන නිසා මෙවැනි සහතිකයක අවශ්‍යතාවය
6. සහතිකය පිරිනමන ආයතනය කුමක්ද?

ඉතින් මේ පිළිබඳව ඔබ දක්වන අදහස් යෝජනා මොනවාද?

- අසංක වාසල
භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය.

ඩනිෂ්ක නවින්

unread,
Jun 6, 2007, 1:17:37 AM6/6/07
to Sinhala...@googlegroups.com
ASCII වලින් පටන් ගත්තනම් හොඳයි (Character Encoding)

  Fonts Specifications
  Font Development
  Defining Open Type Rules

* භාවිතා වන මෙවලම්
* යුනිකේත යොදාගනිමින් තිරමුහුණත් සැකසීම (පරිවර්තනය)


>5. අනාගතයේදී මෙහෙයුම් පද්ධතිවල(e.g. Ubuntu, Vista) සිංහල යුනිකේත පෙර
>නිමියෙන් එන නිසා මෙවැනි සහතිකයක අවශ්යතාවය

Fedora Core 6 සඳහා දැනටමත් ඇත

ඩනිෂ්ක නවින්

නිරංජන්෴

unread,
Jun 6, 2007, 7:43:18 PM6/6/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සාමාන්‍ය භාවිතයට යුනිකෝඩ් තමා අපගේ අවශ්‍යතාවය

1. සිංහල යුනිකෝඩ් ඉතිහාසය
2. සිංහල යුනිකෝඩ් හෝඩිය
3. යතුරු පුවරු ක්‍රම
4. තෝරාගත් සිංහල යුනිකෝඩ් මෙවලම්
5. සිංහල යුනිකෝඩ් ස්ථාපනය (විනඩෝස්/ලිනක්ස්)
6. සිංහල යුනිකෝඩ් ලිවීම
7. සිංහල යුනිකෝඩ් සම්පත් (අඩවි)
8. සිංහල යුනිකෝඩ් පළකිරීම (අන්තර්ජාලය)
9. සිංහල යුනිකෝඩ් ඊමේල් (ජී :)
10. සිංහල යුනිකෝඩ් භාවිතයේ සදාචාරය :)

පැය 3-6 අතර අධ්‍යයනයක්

සිංහල යුනිකෝඩ් සහතිකය සඳහා online විභාගය
1. බහුවරණ ප්‍රශ්න 40 කට උත්තර (ඉහත ඉගන ගත් දෑ)
2. දෙන ලද පිටුවක් යතුරු ලිවීම
යුනිගුරු බැලූ පසු e- සහතිකය නිකුත් කිරීම.

සරළයි! පුංචි ළමයි ගැන පවා සිතමු.

මුද්‍රිත සහතිකයක් තැපෑලෙන්ද ලබාදිය හැකියි
අවශ්‍යනම් ඊට පුංචි මුදලක් ගමු,

මුල් දස දහස නොමිලේ දෙන්නත් පුළුවන්

කියවීම
අවබෝධය
හුරුව
විභාගය
සහතිකය
යුනිකේතයෙන් සන්නිවේදන

මුදුකාංග සංවර්ධකයන්ට නම් තරමක් ඉහල දැනුම ලබාගත යුතුයි. එය සඳහා අප
පුහූණු වැඩ සටහනක් කිරීම කළ යුතුයි. යුනිකෝඩ් තාක්‍ෂණයේ අති දක්‍ෂයකු වන
UCSC හි හර්ෂගෙන් මේ පිළිබඳ උපදෙස් ලබාගැනීම සුදුසුයි. එයට ඔහු කැමැත්ත
ප්‍රකාශ කළා. ඇපල් හා ෆයර් ෆොක්ස් වින්. ප්‍රශ්න විසදීමට ඔහුගේ අවධානය
යොමුවීද තියනවා.

නිරංජන්
www.kaputa.com
www.shilpasayura.org

> > On 6/6/07, dilan damith <dilandam...@gmail.com> wrote:
> > > මමත් මේ අදහස අනුමත කරනවා. අපේ සමූහය අන්තර්ජාලයෙන් එළියට ගන්න පුළුවන් නම්
> > මේ
> > > ක්රියාව සාර්ථක කර ගන්න පුළුවන්. විශේෂයෙන් පිළිගත් සහතිකයක් ලබා දෙන එක
> > තමයි
> > > වැදගත්. රාජ්ය අංශයේ පරිගණක ආශ්රිත රැකියාවකට යනවා නම් යුනිකේතය භාවිත
> > කිරීමට
> > > හැකිවීම අනිවාර්යය අංගයක් වෙනවා නම් වඩාත් හොදයි. මොකද ඒකෙන් අපිට පුළුවන්
> > > යුනිකේතයට තවත් වැඩියෙන් පුචාරයක් ලබා දෙන්න පුළුවන්.
>

> > > On 6/5/07, නිරංජන්෴ <unic...@info.lk> wrote:
> > > > සිංහල යුනිකෝඩ් අන්තර්ජාලය සන්නිවේදනයට තමා වඩාත් සුදුසු.
>
> > > > සිංහල යුනිකේතය ඉගනගැනීමට හා පරීක්ෂණයකට සහභාගී වී, සමත්වී, සහතිකයක්
> > > > ලබාගැනීමට ඇත්නම් හොඳයි නේද?
>
> > > > --
> > > > Dilan Damith Prasanga
> > > > Weemansha Creations
> > > > 51' Junction,
> > > > Deniyaya.
> > > > Tel : + 94 0779 317 897
> > > >        + 94 0786 446242
> > > >http://dilandamith.googlepages.com
>
> --
> Danishka Navin

> danis...@gmail.com
> "Free as in Freedom"- Hide quoted text -
>
> - Show quoted text -

Reply all
Reply to author
Forward
0 new messages