සිංහල යුනිකේත හා අනාගතය

15 views
Skip to first unread message

dasun dasun

unread,
May 19, 2007, 4:47:46 AM5/19/07
to Sinhala...@googlegroups.com
සමූහයේ සියළු මිතුරු මිතුරියන් ගේ අවදානය පිනිසයි.

අප සමූහයේ පළමු ලිපිය පලවී දැනට අවු 1 කට වඩා විඩිකලක් වෙනවා.
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/973949baec1e0274

මේ ටික කලට අපි කල කීදේ ගැන අවංකවම සතුටු විය හැක. අප සමූහය ‍තවත් එක් ඔපාදූප සමූහයක් නොවන්නේ අපගේ අරමුන හා ක්‍රියා කාරීත්වය සියල්ල සාමුහික නව මගකට අප සමූහය දුන් පූර්වාදර්ශය නිසාමය.මූලික වශයෙන් අප අරමුනු වී‍තිබුනේ සිංහල ‍යුනිකේත ජනප්‍රිය කිරීම හා ඒ ආශ්‍රිත ගැටළු නිරාකරනයටය. එය එදාට ප්‍රමානවත් වුවද අප සංගමය‍ ඉන් එහාට යායුත බව මගේ අදහසයි. ‍යුනිකේත සමූහය ‍අන්තර්ජාලයෙන් එලියට ගතයුතු කාලය එලඹ ඇති බව මගේ අදහසයි. එවිට තවදුරටත් මෙම සමූහයේ ක්‍රියාකාරිත්වය ඵලදායි ‍ලෙස යොදා ගන්න හැකිවේවී. මේ සදහා නිරංජන් ඇතුළු ජ්‍යෙෂ්‍ඨ සාමාජාකයන් මේ සදහා මූලිකත්වය ගනු ඇතැයි බලාපෙරොත්තුවේමි.



Send instant messages to your online friends http://uk.messenger.yahoo.com

Asanka Wasala

unread,
May 19, 2007, 11:27:58 PM5/19/07
to Sinhala...@googlegroups.com
> මූලික වශයෙන් අප අරමුනු වීතිබුනේ සිංහල යුනිකේත
> ජනප්රිය කිරීම හා ඒ ආශ්රිත ගැටළු නිරාකරනයටය. එය එදාට ප්රමානවත් වුවද අප සංගමය
> ඉන් එහාට යායුත බව මගේ අදහසයි. යුනිකේත සමූහය අන්තර්ජාලයෙන් එලියට ගතයුතු කාලය
> එලඹ ඇති බව මගේ අදහසයි. එවිට තවදුරටත් මෙම සමූහයේ ක්රියාකාරිත්වය ඵලදායි ලෙස
> යොදා ගන්න හැකිවේවී.


යුනිකේත සමූහය අන්තර්ජාලයෙන් ඔබ්බට ගෙනයාමට ගත හැකි පියවර මොනවාද කියා
අපි සාකච්ඡා කරමුද? industry එකේ බොහෝ දෙනෙකුට මෙන්ම රජයේ ආයතන, පෞද්ගලික
ආයතනවලත් තවමත් මේ පිළිබඳව අවබොධයක් නැහැ. ඉතින් සිංහල/දමිළ යුනිකේත
ප්‍රචලිත කිරීමට ඔබට සහායවිය හැක්කේ කෙසේද?


අසංක වාසල.

pujithadimuthu

unread,
May 20, 2007, 1:22:06 AM5/20/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode

It will change when people use new Operating Systems.
The common problem is illegal copies.

Who will develop new systems when they when they face lost.

දසුන් සමීර

unread,
May 20, 2007, 9:32:23 AM5/20/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
අප රටේ එදාවේල කන්න බැරිමිනිසුත් ඉන්නවා. එතකොට ඒ අයට පරිගනක භාවිතා
කරන්න බැරිද? කොහොම හරි පරිගණක‍යක් ගත්තා කියමුකෝ. Operating Systems
එකටම 20,000 ක් විතර වියදම් කිරීම කල හැකිද? විකල්පයක් ලෙස Linux
තියෙනවා. ඒවා නීතිවිරෝදී නෑනේද? ඒ අයටවත් සිංහලෙන් වැඩකරගෙන යන්න අවස්තාව
හා අවභෝදය ලබා දිම අපගේ යුතකමක් කියලයි මම හිතන්නේ.

නිරංජන්෴

unread,
May 20, 2007, 3:31:31 PM5/20/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode

On May 19, 2:47 pm, dasun dasun <d_da...@yahoo.com> wrote:
> සමූහයේ සියළු මිතුරු මිතුරියන් ගේ අවදානය පිනිසයි.

> මේ ටික කලට අපි කල කීදේ ගැන අවංකවම සතුටු විය හැක. අප සමූහය ‍තවත් එක් ඔපාදූප සමූහයක් නොවන්නේ අපගේ අරමුන හා ක්‍රියා කාරීත්වය සියල්ල සාමුහික නව මගකට අප සමූහය දුන් පූර්වාදර්ශය නිසාමය. මූලික වශයෙන් අප අරමුනු වී‍ තිබුනේ සිංහල ‍යුනිකේත ජනප්‍රිය කිරීම හා ඒ ආශ්‍රිත ගැටළු නිරාකරනයටය. එය එදාට ප්‍රමානවත් වුවද අප සංගමය‍ ඉන් එහාට යායුත බව මගේ අදහසයි. ‍යුනිකේත සමූහය ‍අන්තර්ජාලයෙන් එලියට


>  ගතයුතු කාලය එලඹ ඇති බව මගේ අදහසයි. එවිට තවදුරටත් මෙම සමූහයේ ක්‍රියාකාරිත්වය ඵලදායි ‍ලෙස යොදා ගන්න හැකිවේවී. මේ සදහා නිරංජන් ඇතුළු ජ්‍යෙෂ්‍ඨ සාමාජාකයන් මේ සදහා මූලිකත්වය ගනු ඇතැයි බලාපෙරොත්තුවේමි.
>


වසරකට පසු අප සිංහල යුනිකෝඩ් සමූහය පිළිබඳව නැවත සළකා බැලීමට දසුන් දක්වන
අදහස අගෙයි..

අපගේ මූලික පරමාර්ථයන් වශයෙන්
- මෙවන් සමූහයක් ගොඩනැගීම
- එහි ගෞරවනීයව පවත්වාගන යාමත්
- අප එකතුවෙන් සිංහල තොරතුරු තාක්‍ෂණය නැංවීමටත්
- එහි ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලැබීමත් අදහස් කරණු ලැබුවා

ඒ අතරම අප සිංහල තාක්‍ෂණික වදන් සැකසීම
ලිනක්ස් සිංහල කරණය
සිංහල තොරතුරු සැකසීම
ජංගම දුරකථන සිංහලකරණය
සිංහල යුනිකෝඩ් මුදුකාංග සැකසීම
තාක්‍ෂණික දැනුම සිංහලෙන් වගා කිරීම
පරිවර්ථක, අකුරින් හඬ නැංවීම
ආදී අදහස් සංවාදයට ලක් කළා

සිංහල යුනිකේත ලිවීම, දර්ශනය, වෙබ් අඩවි තැනීමාදිය දැන් සෑහෙන ප්‍රගතියක්
අත්කරගන තිබෙනවා.

ශිල්ප සයුර සිංහල තොරතුරු සැකසීම, සිංහල මුදුකාංග යන දෙවගටම අදාලයි. එය
දැනට සපුරාගෙන ඇති අතර, ඉදිරියට ප්‍රසාරණය වීමට අදහස් කරනවා.

මයික්‍රෝඉමේජ් සිංහල දෙමළ පරිවර්ථකයක් දියුණු කරනවා. කොළඹ විශ්ව
විද්‍යාලයෙන් සිංහල හඬ දියුණු කර තිබෙනවා. හර්ෂුල ලිනක්ස් සිංහලකරණය
සාර්ථක කරගෙන. හැම තැනකම පුංචි පුංචි දේ වෙනවා.

ඒ අනුව ප්‍රථම වසරේ ප්‍රගතිය ගැන සතුටු වෙමු. තවත් විය යුතුදේ තියනවා.
සාර්ථකව නිමවූ සෑම නිර්මාණයක්ම සළකා බලන කල ඒ පිටුපසම යම් තාක්‍ෂණ
සමූහයකුත්, කළමණාකරණයක්ද සිටිනවා. ඒ සඳහා ආයෝජනයන්ද කර තිබෙනවා. මේ අනුව
අපට ඉදිරිය සැලසුම් කරගත හැකියි.

අප සමූහයට සාර්ථකව භෞතිකව ක්‍රියාත්මකවීමට බලපාන කරුණු සලකා බැලුවහොත්.

1. අප කලයුතු සමාජ කාර්යයන් හඳුනාගැනීම
2. එම කාර්යයන් සඳහා ව්‍යාපෘති හඳුනාගැනීම
3. ඒ ව්‍යාපෘති තාක්‍ෂණික මඩුලු පිහිටවා ගැනීම
4. අවශ්‍ය සම්පත් සඳහා අරමුදල් සපයා ගැනීම
5. ව්‍යාපෘති අධීක්‍ෂණය හා ඇගයීම
6. ගිණුම්, නීතිමය කරුණු ආදිය සපිරීම

මෙවැනි ක්‍රියාවලියක් ආරම්භ කිරීමේදී නීතිමය පදනමක් අවශ්‍ය නොවුනද, මුදල්
සම්බන්ධ වූ විට ලියාපදිංචි කළ ආයතනයක් වන්නට සිදුවෙනවා.

උදාහරණයක් ලෙස ශිල්ප සයුරට ICTA මුදල් ලබාදුන්නේ e-SDI තුළින්.
එයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සිදුවූ අතර, ඊට වසර තුනක පරීක්‍ෂා කළ
ගිණුම්, අපගේ ඉතිහාසය, ව්‍යාපෘතියේ සහභාගිවන්නන්, ව්‍යාපෘති සැලසුම ,
මුදල් සැලසුම ආදිය ඉදිරිපත් කළ යුතුව තිබුණා,
තරඟකාරීව තෝරාගැනීමෙන් පසුව, ගිවිසුමකට එකඟවීම සිදුවෙනවා.
එහිදී ලබාගත යුතු ඉලක්ක නියම කිරීම සිදුවන අතර මුදල් ලබාදුන්නේ ඉලක්ක
සපුරාගැනීම ගැන ඔවුන් සෑහීමකට පත්වූ පසු.

ICTA ට අමතරව මෙවන් ප්‍රදාන ලබාදෙන ආයතන තිබෙනවා. ඒවාද ක්‍රියාත්මක වන්නේ
නිළ සමාජ ආයතන සමගයි.

මේ අනුව අප පළමුව මූලික සැලසුම් සකස් කිරීම සිදුකරගත යුතු වෙනවා. එහිදී
අවශ්‍යතා හඳුනාගැනීමද, එම අවශ්‍යතා සපුරා ගැනීමට හැකි රාමුවක් සකසා ගැනීම
අවශ්‍යයි.

උදාහරණයක් ලෙස LSF හඳුන්වන්න පුළුවන්. එහෙත් ඔවුන්ගේ පරමාර්ථය අපගේ
පරමාර්ථ වලට වඩා වෙනස්. ඔවුන් ජාත්‍යන්තරය දෙසට යොමූවී සාර්ථක වී
තිබෙනවා. LKLUG නිළ වශයෙන් ලියාපදිංචි වන්නේ නම් එයට එවැනි කාර්යයන්
කරන්න පුළුවන්.
තාක්‍ෂණිකයින්ගේ කුඩා සංවිධාන මගින් බොහෝ වැඩ කරනවා. Apache Foundation
එවැන්නක්
CSSL හි පරමාර්ථ අපගේ පරමාර්ථ නොවේ. එය වෘත්තිමය සංවිධානයක්. ප්‍රතිලාභ
සාමාජිකයින්ට.

අප සාමාන්‍ය ප්‍රජාව ඉලක්ක කරගත් සමූහයක්, ප්‍රතිලාභ පහළ සමාජයට. සිංහල
අවශ්‍ය ඉංග්‍රීසි නොදන්නා අයට.
මෙය නව ප්‍රවණතාවයක්.


සිංහල මුදුකාංග නිපදවන්නන්, විශ්ව විද්‍යාල, රාජ්‍ය අංශය, පාසල් සිසුන්,
ග්‍රාමීය ප්‍රජාව, ආධාර කරුවන් ආදිය අප නියෝජනය කරනවා, ඉදිරියේදී එය
පුළුල් වේවි. සැම දෙන ආවරණය වන පරිදි මෙය පිහිටුවීම කළ යුතුයි. පසුව එක්
එක් අංශයට කුඩා කණ්ඩායම් සාදා තම ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක කළ
හැකියි.

මෙසේ කපුටා කණ්ඩායම පිහිටවාගත් කුඩා ආයතන ව්‍යුහයක් http://www.info.lk/aip/
හි තිබෙනවා.
එහි සිටින්නේ සාමාජිකයින් අතලෝස්සයි. අප කරන බොහෝ වැඩ කෙරෙන්නේ මේ
එකතුවෙන්.

සිංහල යුනිකෝඩ් සමූහය ඊට වඩා විවෘතයි, එහි ප්‍රජාව විවිධයි. ගමරාළ මෙන්
නැණසලෙන් එකතු වන අය මෙන්ම රජයේ ඉහළ නිළධාරීන්ද, ඉතා අග්‍ර ගණයේ
වෘත්තිකයින්ද අප සමග සිටිනවා. එමනිසා අප භෞතික ක්‍රියාවලියකට සැලසුම් කරන
සංවිධානයේ පරමාර්ථ සාකච්චා කළ යුතුව තිබෙනවා. aip පරමාර්ථවලට වඩා එය
පුළුල් විය යුතු බවත්, තොරතුරු තාක්‍ෂණ ප්‍රජාවට වඩා විවෘත විය යුතු බවත්
මා සිතනවා.

භෞතිකව ක්‍රියාත්මක වීමට අපට කළමණාකරන, මුදල්, නීති පිළිබඳ ගැටලු
සම්බන්ධව උපදෙස්ද අවශ්‍ය නිසා ඒවාට පහසුකම් සපයාගැනීම වඩාත් හොඳයි.
වෘත්තීය මාර්ගෝපදේශක්වය ලබාගනිමින් නිළ සමූහයක් පිහිටුවා ගැනීමෙන්
සාර්ථකත්වය ලබා ගැනීමට අපට අවස්ථාව ලැබෙනවා.

සමූහයේ සහයන් ලැබේ නම් ඊට උරදීමට අප කණ්ඩායම සූදානම්.

නිරංජන් මීගම්මන
www.sinharaja.com
www.kaputa.com

SRIshanu

unread,
May 25, 2007, 7:09:47 AM5/25/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
දසුන්ගේ සිහි කැන්දවීම ඉතා කාලෝචිතයි. මොකද අප රට මේ සම්බන්ධව දැනටමත්
ප්රමාදව ඇති බවයි මගේ අදහස. විශේෂයෙන්ම ඉන්දියාව උදාහරණයට ගතහොත්, ඔවුන්
ස්වදේශීය භාෂා සාර්ථකව පරිගණක තාක්ෂණය හා මුසු කර ඇත. (හින්දි, බෙංගාලි,
දෙමළ, කන්නදා ආදී) එහි ප්රතිඵල ලෙස ඉන්දියාවේ බොහෝ ග්රාමීය ප්රදේශවල
පරිගණක තාක්ෂණය ස්වභාෂාවෙන්ම භාවිතා කරන බව පෙනේ.

නිරංජන් පෙන්වා දෙන ලෙසට අප සමූහයේ මූලික අරමුණු 4න් පළමු කරුණු දෙක ඉතා
සාර්ථක බව පෙනීයයි. අප දැන් අවධානය යොමුකළ යුත්තේ අනෙක් කරුණු දෙක ගැනය.
එනම්;
- සිංහල තොරතුරු තාක්ෂණය නැංවීම.
- එහි ප්රතිඵල ග්රාමීය සහෝදර ජනතාවට ලබාදීම.

මෙම කරුණු සාක්ෂාත් කරගනු වස්, අප සූදානම් විය යුත්තේ කෙසේද යන්න
පිළිබන්ද "මගේ අදහස්" පහත සටහන් කරමි. :)

ග්රාමීය ජනතාවට පරිගණක තාක්ෂණය ගෙන යෑමට නම්, මූලික වශයෙන් පහත මෘදුකාංග
අත්‍යවශ්‍ය ද්රව්‍ය වනු ඇති.

1. මෙහෙයුම් පද්ධතියක්
2. ඔෆිස් පැකේජයක් (Word/PowerPoint/Excel/Access)
3. Drivers සහ ඊට අදාල මෘදුකාංග
4. වෙබ් බ්රවුසරයක් සහ email client මෘදුකාංගයක්
5. විනෝදාස්වාදය පිණිස මීඩියා ප්ලේයර්, කුඩා games කීපයක්


1. මෙහෙයුම් පද්ධතිය
සම්පූර්ණයෙන්ම සිංහලට පරිවර්තනය කරන ලද මෙහෙයුම් පද්ධතිය මෙහිලා මූලිකම
අවශ්‍යතාවයයි. මේ සන්දහා හොන්දම භාවිතය වන්නේ ලිනක්ස්ය. විනඩෝස් හැරදා
ලිනක්ස් වෙත ඒමට ජාත්‍යන්තරයෙහි පවා දෙගිඩියාවක් තවම ඇත්තේ එහි සංස්කරණ
(Editions) සහ බෙදාහැරීම් (Distributions) රාශියක් තිබීමයි. සිංහල
ලිනක්ස් සන්දහාද මෙය සිදුවීමට ඉඩ නොතැබිය යුතුය.

එක් ලිනක්ස් සංස්කරණයක් තෝරාගෙන (Fedora/Mandriva/Ubuntu/Suse or even
Thaprobane) පරිපූර්ණ - අංග සම්පූර්ණ සිංහල ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක්
ස්ථාපිත කළ යුතුය. (හර්ෂුලගේ ලිනක්ස් සිංහල සංස්කරණය ගැන වැඩි විස්තර
නොදනිමි. ඔහුගේ අදහස් බලාපොරොත්තු වෙමි.) මෙය සිංහල පරිගණක පරිශීලකයන්ගේ
සම්මතයක් - සම්මුතියක් ලෙස ගොඩනැගිය යුතුය. රටපුරා ව්‍යාප්ත වන්නේ මෙම
සම්මත (එකම) සිංහල ලිනක්ස් සංස්කරණය බැවින් ගැටළු සහගත තත්වයක් උදානොවනු
ඇති. වින්ඩෝස් වෙනුවෙන් වැයකරණ අති විශාල මුදලද රටට ඉතිරි කරගත හැකි වනු
ඇති.

2. ඔෆිස් පැකේජය
සිංහල ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සමග Ms Office වලට අනුප්රාප්තිකයක්
අවශ්‍යවේ. එයට සුදුසු යැයි මා සිතන්නේ Open Office ය. මෙයද සම්පූර්ණයෙන්
සිංහලෙන් ගොඩනැගිය යුතුය. එවිට සිංහල මොහයුම් පද්ධතිය තුල සිංහල Word
විවෘත කර සිංහලෙන් ලිපියක් ටයිප් කර මුද්රණය කරවා ගත හැකි වනු ඇත.

3. Drivers සහ ඊට අදාල මෘදුකාංග
සිංහල ලිනක්ස් තුල ඇති සහ පසුව ස්ථාපනය කරගන්නා Drivers වලට අදාල අතුරු
මුහුණත් (Inteface) ‍සියල්ලද සිංහලෙන් තිබිය යුතුය. විශේෂයෙන්ම Printer
Driver මෘදුකාංගය නිතර භාවිතා වනු ඇති.

4. වෙබ් බ්රවුසරයක් සහ email client මෘදුකාංගයක්
මෙයද අත්‍යාවශ්‍ය මෘදුකාංග 2කි. Mozilla ගේ Firefox සහ Thunderbird මෙයට
උචිත යැයි සිතමි.

5. මේ සියල්ලටම අමතරව විනෝදාස්වාදය සන්දහා මීඩියා ප්ලේයර් (MP3/DVD etc;)
සහ කුඩා games කීපයක් සිංහලෙන් සැකසිය යුතුය.

මෙම අංගෝපාංග සියල්ල එක්තැන් කළ පරිගණකයක් ග්රාමීය ජනතාවට ලබාදිය හැකිනම්
එය අපගේ ඉලක්කය සපුරා ගැනීමක් වේවි!

(මෙහි ඇති සමහර කාරණා දැනටමත් විවිධ ව්‍යාපෘති මගින් අරඹා ඇති බව දනිමි.
මා මෙහි දක්වා ඇත්තේ සමස්තයක් ලෙස සිදුවිය යුතු යැයි මා සිතන ඇයරුයි.
සියල්ලන්‍ගේම, විශේෂයෙන් ජ්‍යෙෂ්‍ඨ සාමාජිකයින්ගේ අදහස් බලාපොරොත්තු
වෙමි.)

--
ර්‍ශීශානු

dasun dasun

unread,
May 25, 2007, 9:49:54 AM5/25/07
to Sinhala...@googlegroups.com
ඔබගේ අදහස් ඉතා වටිනවා. අපට මේගැන කණ්ඩියපිටවැව දී වැඩිදුරටත් සාකච්චා කර හැකියි. අනුරාධ සහෝදරයත් පැමීනීමට අදහස් කර සිටින නිසා මේය අපගේ ඉදිරි වැඩ සටහනට ඉතා හොද ආරම්භයක් වේව.

නිරංජන්෴

unread,
May 25, 2007, 11:38:01 AM5/25/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode

On May 25, 7:49 pm, dasun dasun <d_da...@yahoo.com> wrote:
> ඔබගේ අදහස් ඉතා වටිනවා. අපට මේගැන කණ්ඩියපිටවැව දී වැඩිදුරටත් සාකච්චා කර හැකියි. අනුරාධ සහෝදරයත් පැමීනීමට අදහස් කර සිටින නිසා මේය අපගේ ඉදිරි වැඩ සටහනට ඉතා හොද ආරම්භයක් වේව.
>
> Send instant messages to your online friendshttp://uk.messenger.yahoo.com


මිතුරනි

මේ අදහස් එකින් එක ගෙන ඒ සඳහා, ව්‍යාපෘති සැකසීම හා ඒවා දැනට කරගන යන අයට
ප්‍රතිපාදන ලබාදීම අවශ්‍යයි. ඉලක්ක ගත වැඩසටහනක් සැකසීමට ඔබේ අදහස් ඉතා
අගෙයි.

කණ්ඩියපිටවැවදී අපි ක්‍රියාත්මක වන අයුරු ගැන එකඟතාවයකට එමු. නොදන්නා
මුහුණු හඳුනාගැනීම, යම් භෞතිකව ක්‍රියාකාරී කමිටුවක් හඳුනාගැනීම. මූලික
කාරණා කතා කරගැනීම ආදිය ඉතා වැදගත්.
ඔබද එදාට එන්න. මේ අහස යට අප කාටත් ඉඩ තියනවා.

ලෝකය වෙනස් කල හැක්කේ කුඩා කංඩායම් වලටය. එය කවදත් එ‍සේම වී ඇත.
-කීවේ කවුද ?-

Every really new idea looks crazy at first.
Alfred North Whitehead (1861-1947)


නිරංජන්෴

dilan damith

unread,
May 25, 2007, 11:18:23 PM5/25/07
to Sinhala...@googlegroups.com
සිංහල වෙබ් බ්‍රවුසරයක් සහ විද්‍යුත් තැපැල් මෘදුකාංගයක් දැනටමත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් නිර්මාණය කර ඇති බව මා‍ට ආරංචි වුනා. මේ පිළිබදව වැඩි විස්තර සොයා කියන්නම්. මෙම වැඩපිළිවෙළ සදහා අපට එය යොදා ගත හැකියි.
 
පහත දුරකථන අංක වලින් වැඩි විස්තර ලබා ගත හැකියි..
 
0112651567

 

 
--
Dilan Damith Prasanga
Weemansha Creations
51' Junction,
Deniyaya.
Tel : + 94 0779 317 897
       + 94 0786 446242
http://dilandamith.googlepages.com

dilan damith

unread,
May 25, 2007, 11:24:14 PM5/25/07
to Sinhala...@googlegroups.com


 
 
‍මේ සයිට් එකෙන් ඩවුන් කර ගන්න පුළුවන්.
 

 
 

 
--
Dilan Damith Prasanga
Weemansha Creations
51' Junction,
Deniyaya.
Tel : + 94 0779 317 897
       + 94 0786 446242
http://dilandamith.googlepages.com

SRIshanu

unread,
May 26, 2007, 1:49:07 AM5/26/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode

On May 25, 6:49 pm, dasun dasun <d_da...@yahoo.com> wrote:
> ඔබගේ අදහස් ඉතා වටිනවා. අපට මේගැන කණ්ඩියපිටවැව දී වැඩිදුරටත් සාකච්චා කර හැකියි. අනුරාධ සහෝදරයත් පැමීනීමට අදහස් කර සිටින නිසා මේය අපගේ ඉදිරි වැඩ සටහනට ඉතා හොද ආරම්භයක් වේව.
>

ස්තූතියි!

කණ්ඩියපිටවැව උළෙලට සහභාගීවීමට ආශාවක් ඇතත්, විශේෂ රාජකාරී කටයුතු එම
දිනවලත් ඉන් පසුවත් යෙදී ඇති බැවින් ඒමට නොහැකි වනවා.

කෙසේවෙතත් මා සිංහල යුනි‍නේත සහ ඒතුලින් දියුණුවන සිංහල පරිගණක තාක්ෂණය
ගැන උනන්දුවන්නෙක් මිස තාක්ෂණික දැනුමක් ඇත්තෙක් නොවේ. :) Programming
පිළිබන්ද තරමක අවබෝධයක් ඇතත්, වෘත්තීමය වශයෙන් මා graphic designer
කෙනෙක්.

අනාගතයේදීද සමූහය හරහා අදහස් හුවමාරු කරගනිමු. කණ්ඩියපිටවැව උළෙලට
උණුසුම් සුභපැතුම්!

නිරංජන්෴

unread,
May 28, 2007, 3:09:14 PM5/28/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode

මිතුර
තාක්‍ෂණිකයකු වශයෙන් යමෙක් හැඳින්වීමට මේ දක්වා නිල නිමාන නැහැ,
තාක්‍ෂණයේ විවිධ අංශ ඇති අතර,
චිත්‍රණ තාක්‍ෂණයද එහි එක් වැදගත් අංගයක්, ඔබේ හැකියාවන් අපට වටිනවා

අප උලෙළේ තරුණයන් සඳහා ICT යටතේ, "පරිගණක චිත්‍රණ සහ සජීවීකරණ" සැසියක්
තිබෙනවා, ඔබට හැකිනම් ඊට සහභාගී වන්න. ගම්බද කලාවට දක්‍ෂ තරුණයින්ට ඉතා
පහසුවෙන් එළඹිය හැකි වෘත්තියක් පරිගණක චිත්‍රණය. චිත්‍රණ සැලසුමේ
වෘත්තිකයකු වී සාර්ථක වූ ඔබගේ උපදෙස් ඔවුනට ප්‍රයෝජනවත්.

දැනට නැණසල බොහෝමයක චිත්‍රණය ඉගැන්වීම ඉතා අඩුයි, ඒනිසා ඔවුන්ද මේ ගැන
උනන්දුයි.
පරිගණක චිත්‍රණය, පළකිරීම් පිළිබඳ මූලික අවබෝධය, විවිධ මුදුකාංග හා එහි
භාවිතා ඔවුනට ඉදිරිපත් කිරීම අපගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා අපේ දක්‍ෂයින්ට
පුලුවන් සහය වන්න.

ස්තූතියි

නිරංජන් මීගම්මන
www.sinharaja.com

Anuradha Ratnaweera

unread,
May 29, 2007, 12:40:30 AM5/29/07
to Sinhala...@googlegroups.com
dilan damith wrote:
> සිංහල වෙබ් බ්‍රවුසරයක් සහ විද්‍යුත් තැපැල් මෘදුකාංගයක් දැනටමත් මොරටුව විශ්ව විද්‍යාලයෙන්
> නිර්මාණය කර ඇති බව මා‍ට ආරංචි වුනා.

සිංහල සඳහා වෙනම වෙබ් බ්‍රවුසරයක් අවශ්‍ය නොවේ. ෆයර්ෆොක්ස් සහ තන්ඩර්බර්ඩ් වලින් වසර
කිහිපයක සිටම සිංහල කියවීමට සහ ලිවීමට පුලුවන්. මෙම ලිපිය ලියන්නේ තන්ඩර්බර්ඩ් වලිනුයි.

අනුරාධ
--
http://anuradha-ratnaweera.blogspot.com
http://www.linux.lk/~anuradha/

සපුමල් ජයරත්න

unread,
May 29, 2007, 12:58:07 AM5/29/07
to Sinhala...@googlegroups.com
On 5/29/07, Anuradha Ratnaweera <anur...@taprobane.org> wrote:
dilan damith wrote:
> සිංහල වෙබ් බ්රවුසරයක් සහ විද්යුත් තැපැල් මෘදුකාංගයක් දැනටමත් මොරටුව විශ්ව විද්යාලයෙන්
> නිර්මාණය කර ඇති බව මාට ආරංචි වුනා.

සිංහල සඳහා වෙනම වෙබ් බ්රවුසරයක් අවශ්ය නොවේ.  ෆයර්ෆොක්ස් සහ තන්ඩර්බර්ඩ් වලින් වසර
කිහිපයක සිටම සිංහල කියවීමට සහ ලිවීමට පුලුවන්.  මෙම ලිපිය ලියන්නේ තන්ඩර්බර්ඩ් වලිනුයි.

හිතවත් මිතුරනි,

මම හිතන්නේ ‍ෆයර්‍ෆොක්ස් හා තන්ඩ‍ර්බර්ඩ් වල මුහුනත සිංහලට හැරවීම තමයි මේ සිංහල වෙබ් බ්‍රව්සරය හා ව්ද්‍යුත් තැපැල් මෘදුකාංගය ලෙස හඳුන්වනවා ඇත්තේ. මාසයකට දෙකකට කලින් ගිහාන් ඩයස් මහතාගේ වැඩසටහනක් මා රූපවාහිනියේ දුටුවා. ඔහු මෙය විස්තර වශයෙන් සඳහන් කලා.

ස්තූතියි,
සපුමල්.

dilan damith

unread,
May 29, 2007, 1:15:13 AM5/29/07
to Sinhala...@googlegroups.com
සපුමල් කීවා හරි. ෆයර් ෆොක්ස් සහ තන්ඩර්බර්ඩ් තමයි සිංහලට හරවා තිබෙන්නේ.
මමත් දැන් පාවිච්චි කරන්නේ මේ මෘදුකාංග දෙක තමයි. විශේෂයෙන් මේ මෘදුකාංග වල මුහුණත තමයි සිංහලට හරවා ඇත්තේ.

SRIshanu

unread,
May 29, 2007, 3:10:38 AM5/29/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
On May 29, 12:09 am, නිරංජන්෴ <unic...@info.lk> wrote:
> මිතුර
> තාක්‍ෂණිකයකු වශයෙන් යමෙක් හැඳින්වීමට මේ දක්වා නිල නිමාන නැහැ,
> තාක්‍ෂණයේ විවිධ අංශ ඇති අතර,
> චිත්‍රණ තාක්‍ෂණයද එහි එක් වැදගත් අංගයක්, ඔබේ හැකියාවන් අපට වටිනවා
>
> අප උලෙළේ තරුණයන් සඳහා ICT යටතේ, "පරිගණක චිත්‍රණ සහ සජීවීකරණ" සැසියක්
> තිබෙනවා, ඔබට හැකිනම් ඊට සහභාගී වන්න. ගම්බද කලාවට දක්‍ෂ තරුණයින්ට ඉතා
> පහසුවෙන් එළඹිය හැකි වෘත්තියක් පරිගණක චිත්‍රණය. චිත්‍රණ සැලසුමේ
> වෘත්තිකයකු වී සාර්ථක වූ ඔබගේ උපදෙස් ඔවුනට ප්‍රයෝජනවත්.
>
> දැනට නැණසල බොහෝමයක චිත්‍රණය ඉගැන්වීම ඉතා අඩුයි, ඒනිසා ඔවුන්ද මේ ගැන
> උනන්දුයි.
> පරිගණක චිත්‍රණය, පළකිරීම් පිළිබඳ මූලික අවබෝධය, විවිධ මුදුකාංග හා එහි
> භාවිතා ඔවුනට ඉදිරිපත් කිරීම අපගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා අපේ දක්‍ෂයින්ට
> පුලුවන් සහය වන්න.
>
> ස්තූතියි
>
> නිරංජන් මීගම්මන


ස්තූතියි! ඔබගේ උනන්දු කිරීමට!
මම නියත වශයෙන්ම ඔබ සමග ඉදිරියේදී සම්බන්ධ වෙමි. ‍මා වෙත දැනුම ඇත්තේ
යම්තාක්ද, එය අප රටේ දුෂ්කර ගම්මානවල සිටින මිතුරන් සමග බෙදාහදාගැනීමට
සූදානම්.

නමුත් පෙර කී පරිදි කණ්ඩියපිටවැව උළෙලට සහභාගීවීමට නොහැකි වන්නේ, එම
දිනවලට යෙදී ඇති රාජකාරි කටයුත්තක් නිසාය. (http://lankapackaging.com/
news.htm - මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ අප අයතනයෙනි.)

ඉදිරියේදී ඔබ කී පරිදි "පරිගණක චිත්‍රණ" අංශයෙන් දායකත්වයක් නියත ලෙසම
ලබා දෙමි.

--
ශ්‍රීශානු

Reply all
Reply to author
Forward
0 new messages