සිංහල යුනිකොඩ් සමූහයට පෙරවදනක්‌

44 views
Skip to first unread message

uni...@info.lk

unread,
Jan 13, 2006, 1:24:03 PM1/13/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode - சின்கல உனிcஓடெ
සිද්ධි රස්‌තු
පළමුව 21 වැනි සිය වසදී විශ්ව
බසක්‌ ලෙස පිලිගැනුණු
සිංහල බස එතනට ගෙන එන්නට
යුනිකොඩ් ප්‍රමිතිය සැකසූ,
තාක්‍ෂණ්‍ය දියුණු කල සැම
දෙනට අපගේ @ගෘරවය


සිංහල යුනිකෝඩ් ප්‍රමිතිය
සමිමතයක්‌ බවට පත්වීම
සිංහලෙන් වැඩ කරන අප ලද
භාග්‍යක්‌. ඉන් සිංහල බස
විශ්ව භාෂාවක්‌ ලෙස
ජාත්‍යන්තර පිලිගැනීමකටද
ලක්‌ව ඇත. මේ සමගම අපට මුහඋණ
දෙන්නට සිදුවන ප්‍රධාන
අභියෝගය නම් ජනතාව අතර
සිංහල යුනිකෝඩ් භාවි]තය
ප්‍රචලිත කිරීමය. මේ සඳහා
ප්‍රායේ`ගික වැඩ පිළිවෙලකට
මුල පිරීම ඉන් ප්‍රධානය.

එම වැඩ පිළවෙල සැකසීමේදී ජන
සහභාගීත්වය ඉතාම වැදගත්ය. ඒ
සඳහා යුනිකෝඩ් ප්‍රමිතිය
පිළිබඳව සියල්ලන් දැනුවත්
කිරීම, රාජ්‍ය කටයුතු හා ජන
සන්නිවේදනය කෙරහි යුනිකෝඩ්
ප්‍රමිතිය ආරෝපණය කිරම,
අළුත් සිංහල මෘදුකාංග
දියුණු කිරීම, අළුත් අකුරු
වැල් නිරමාණය, පැරණි ලේඛණ හා
දත්ත

සිංහල යුනිකෝඩ් ගත කිරීම, නව
ලේඛණ යුනිකෝඩ් මගින්
සැකසීමට දිරි දීම මෙහිලා
වැදගත් වේ. වසර 14 ක්‌ පමණ
විවිධ ප්‍රමිතීන් වල වැඩ
කරන්නන් යුනිකෝඩ්
ප්‍රමිතියට හුරු කරවීම
හුදෙක්‌ පුහුණුව සහ මෙවලම්
පමණක්‌ නොව ආකල්පවල
වෙනසක්‌ කිරීම අවශ්‍ය වේ.
යුනිකෝඩ් ප්‍රමිතිය
දේශයක්‌ වශයෙන් අපට විශාල
මුදල් ප්‍රමාණයක්‌ හා
කාළයක්‌ ඉතිරි කරනු ඇත. එය
අප විසින් අනිවාර්යෙන්ම
ඉදිකළ යුතු තාක්‍ෂණ
අත්තිවාරමකි.

මෙහිදී අනිවාර්යෙන්ම
සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා
භාෂා අවශ්‍යතාවයන්ද,
අධ්‍යාපනය හා රාජ්‍ය
කටයුතුද, බැංකු හා පුද්ගලික
අංශයේ සන්නිවේදනයන් කෙරෙහි
සැලකිලිමත් විය යුතු සේම
රාජ්‍ය අනුග්‍රහය සේම
දේශපාලන නායකත්වක්‌ද
අනිවාර්ය වේ. මේ සඳහා දීප
ව්‍යාප්ත වැඩ පිළවෙලකට
අනුග්‍රහය ලැබීම වැදගත්ය.

සිංහල යුනිකෝඩ් ප්‍රමිතිය
හා විවෘත මුදුකාංග කෙරෙහි
කරන ආයෝජනයන් ප්‍රායෝගික
හා ජනසෙත උදෙසා කරන්නක්‌
වීම ඉතා වැදගත්. ජනමාධ්‍ය
කරුවන්, අන්තර්ජාල
ප්‍රකාශකයන්, රජයේ කාර්යාල,
පාසැල් සිසුන්, විධායකයින්,
පොත් සහ පුවත්පත්
ප්‍රකාශකයන්ගේ විවිධ
අවශ්‍යතා සහ වෙනස්‌ කම්
පිළිබඳ අවබොධයකින් මේ සඳහා
කැපවීම වැදගත්.

අනිවාර්යෙන්ම මෙම වැඩ
පිලිවෙල දීප ව්‍යාප්ත
කඩිනම් වැඩ පිළිවෙලක්‌ විය
යුතුය. රාජ්‍ය පරිපාලන,
අධ්‍යාපන, ජනාධිපති, අගමැති,
දිසා ලේකම්, ප්‍රාදේශීය
ලේකම් කාර්යාලද නැණසල හා
පාසැල්ද ප්‍රථම අදියර තුල
සිංහල යුනිකෝඩ් භාවිතය
සඳහා ආරෝපණය කල යුතුය. එක්‌
එක්‌ ආයතන වල අවම වශයෙන්
සිංහල යුනිකෝඩ පුහුණුව ඇති
අය තිදෙනකුවත් සිටීම
අනිවාර්ය වේ.

සෑම ආයතනයක්‌ම ඒ සඳහා
අවශ්‍ය මුදුකාංග සහ
තාක්‍ෂණික සහය ලබා ගැනීමට
පහසුකමි සැලසිය යුතු අතර, නව
තාක්‍ෂණය හා ප්‍රචාරණ
ක්‍රම වේදයන් යොදාගත යුතුය.
උපක්‍රමශීලි ලෙස සැම
සහයෝගය ලබාගත යුතුය. මේ සඳහා
ජාතික ප්‍රමුඛතාවයක්‌
ලබාදී පහසුකම් නොඅඩුව
සැපයීම වැදගත්.

සාමාන්‍ය ජනයා වෙත
යුනිකෝඩ් ආරොපණය කිරීමෙදී
දැනටමත් ඔවුන් භාවිතා කරන
අකුරුවැල් හා විවිධ යතුරු
ක්‍රම පිළිබඳව සෙනේහයෙන්
බලා, අවසාන ප්‍රතිපලය
යුනිකෝඩ් වන පරිදි එවන්
අකුරු වැල් වලින් නිර්මිත
ලේඛණ යුනිකෝඩ් වලට හැරවීමෙ
මෙවලම්ද ලභාදිය යුතුය.
කිසිවක්‌ අතහරින්නට බල
නොකල යුතුවා සේම, යුනිකෝඩ්
වලට මග පෑදු විවිධ
තාක්‍ෂණයන්ට නිගා නොකල
යුතුය.

අපට අවශ්‍ය වන්නේ යුනිකෝඩ්
පිළිබඳ ජාතික සම්මුතියකට
මග පෑදීමය. ලංකාවේ අදත්
නිවාස සැලසුම් අඳින්නේ අඩි
අඟල් වලිනි. කොලඹ සිට
මහනුවරට සැතපුම් 72 කි. නමුත්
තියෙන්නේ කිලෝ මීටර් කණුය.
අළුත් ගීත ආවාට පරණ තැටි ගීත
තාම ජනප්‍රියය. ප්‍රායෝගික
තත්වය අවබෝධයෙන් මහපොළව මත
සිටිමින් මේ වැඩ පිලිවෙල
ක්‍රියාත්මක කරන්නට උත්සාහ
ගත යුතුය. අළුත් ශ්‍රී
ලංකාවක මග එයයි.

සිංහල යුනිකෝඩ්
අන්තර්ජාලයේ ස්‌තාපිත
කිරීමට සියලුම රජයේ වෙබ්
අඩවි සිංහල යුනිකෝඩ්
භාවිතා කිරීමට අනිවාර්ය වන
පරිදි දින නියම කල වැඩ
පිළිවෙලක අවශ්‍ය වෙ].
අන්තර්ජාල පුවත් ආයතන
සිංහල යුනිකෝඩ් භාවිතයට
දිරිදීම සඳහා මෙවලම් හා
පුහුණුව ලබාදෙන
දිරිගැනවීම් වැඩ
පිලිවෙලක්‌ ආරම්භ කල යුතුය.

ජනමාධ්‍ය වේදීන්ට
අන්තර්ජාලයේ නිදහස්‌
ප්‍රකාශණ පහසුකමක්‌ සලසා
දෙමින් සිංහල යුනිකෝඩ්
භාවිතය ජනප්‍රිය කල යුතුය.

සිංහල යුනිකෝඩ්
ස්‌තාපනයේදී අපට පාඩම් ඉගන
ගත හැකි හොඳම උදාහරණය නම් 1978
පමණ ක්‍රියාත්මක කල
මෙට්‌රික්‌කරණ වැඩ
පිළිවෙලයි. අප රාත්තල්
වලින් කිලෝග්‍රෑම් වලටද,
අඟල් වලින් සෙන්ටිමීටරයටද,
ගැළුමෙන් ලීටරයටද පහසුවෙන්
මාරු වූයේ ඉතා පහසුවෙනි.
මිනින්දෝරු, වාරිමාර්ග,
මහාමාර්ග, ඉංජිනේරු, ගණිත,
විද්‍යා වැනි හැම විෂයක්‌ම
වෙනස්‌ වුයේ තාක්‍ෂණය හා
ආකල්පන් සමගිනි.

මෙයත් එවැනි වැඩ පිළිවෙලකි.
තාක්‍ෂණය හා ආකල්ප සමගින්
අපද වෙනස්‌ විය යුතු බව මගේ
නිහතමානී අදහසයි.

ඔබගේ පිළිතුරු සිංහල
යුනිකෝඩ් වලින් පමණක්‌
ලියන්න.

නිරන්ජන් මීගම්මන
සිංහල තාක්‍ෂණ පර්යෙෂණ සහ
නිර්මාණකරු
වෙබ් අඩවි විශේෂඥ

WasanthaD

unread,
Jan 16, 2006, 1:23:20 AM1/16/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
නිරන්ජන්,
ඔබේ ණුවනැති සහ නිර්භය
ප්‍රයත්නයට මගේ ස්තුතිය සහ
සහය පුද කරමි.
(මෙහි අඩුපාඩු දුරැලීමට ඔබ ද
පියවර ගනු ඇතැයි සිතමි)

වසන්ත දේශප්‍රිය

Reply all
Reply to author
Forward
0 new messages