bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

බැලීම් 48
පළමු නොකියවූ පණිවිඩය දක්වා මඟ හරින්න

Kalinga Athulathmudali

නොකියවූ,
2009 නොවැ 15, 22.54.102009-11-15
සිට Sinhala Bloggers
ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික
කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී.
lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල,
ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී.
අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට
සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව
පිලිබඳවය.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ
පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල
භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට
එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.

ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප
වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන්
ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters
Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු
3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර,
ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.

ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට
පෙර අසා නැත්තෙමු.

BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික
පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය
කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත්
මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ
(http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක්
(ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම
තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය
අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක්
ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද
අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට
කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන
සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා
.LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු
ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු
එකක් ලෙස ය).

තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල
බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most
Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා
අස්කරගනු ලැබේ.

මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.

bestweb_lk and myblog_lk notice.pdf
email_sent_to_us.jpg

wasala

නොකියවූ,
2009 නොවැ 15, 23.02.292009-11-15
සිට sinhala-...@googlegroups.com
නියමයි.....එහෙම තමයි කරන්න ඔන....

2009/11/16 Kalinga Athulathmudali <kali...@gmail.com>

Prabhash Rajarathne

නොකියවූ,
2009 නොවැ 15, 23.06.132009-11-15
සිට sinhala-...@googlegroups.com
ශ්‍රී ලංකාවේ වගකිවයුතු ආයතන මෙසේ කටයුතු කරයි නම්, අනෙ‍කුත් ආයතන ගැන කවර කථාද???


T.S. Gunatilaka

නොකියවූ,
2009 නොවැ 15, 23.08.412009-11-15
සිට sinhala-...@googlegroups.com
ඇත්තටම මේක අවමානයක්. යනු සැබැවින්ම ලාංකික බ්ලොග් කරුවන් වෙනුවෙන් නොමිලයේ සැපයූ සේවාවක්. කිසිදු විවාදයක් නෑ මෙහි බ්ලොග් කරුවන් රාශියක් තම බ්ලොග් අඩවි පවත්වාගෙන යනවා. ඇත්තටම එය සේවාවක්. නමුදු මෙම තරඟයට මෙයට කලින් .LK ඩොමේන් නොතිබුනු අය පවා හදිසියෙම .LK ඩොමේන් ගෙන තරඟයට ඉදිරිපත් වී තිබෙනු අයුරු දුටිමු. කෙසේ හෝ සම්මානයක් සහතිකයකට පෙරේත කමින් මෙම ක්‍රියාවෙහි යෙදුනු අයුරු දුටිමු. නමුත් මෙවැනි තරඟයකින් ලබා ගන්නා සම්මාන සහතික නොවටී. සුවහසක් බ්ලොග්කරුවන්ට සපයන්නා වූ සේවය අමිල කොට තැකීම වටී.

2009/11/16 Kalinga Athulathmudali <kali...@gmail.com>



--
                 \\|%|//
                 | ~ ~ |
              ^( @ @ )^
     -----o000o-\_/-o000o----------
        Tilantha Gunatilaka
        Web : http://www.tilantha.com
        Blog : http://blog.tilantha.com


T.S. Gunatilaka

නොකියවූ,
2009 නොවැ 15, 23.10.302009-11-15
සිට sinhala-...@googlegroups.com
ඇත්තටම මේක අවමානයක්. myblog.lk යනු සැබැවින්ම ලාංකික බ්ලොග් කරුවන් වෙනුවෙන් නොමිලයේ සැපයූ සේවාවක්. කිසිදු විවාදයක් නෑ මෙහි බ්ලොග් කරුවන් රාශියක් තම බ්ලොග් අඩවි පවත්වාගෙන යනවා. ඇත්තටම එය සේවාවක්. නමුදු මෙම තරඟයට මෙයට කලින් .LK ඩොමේන් නොතිබුනු අය පවා හදිසියෙම .LK ඩොමේන් ගෙන තරඟයට ඉදිරිපත් වී තිබෙනු අයුරු දුටිමු. කෙසේ හෝ සම්මානයක් සහතිකයකට පෙරේත කමින් මෙම ක්‍රියාවෙහි යෙදුනු අයුරු දුටිමු. නමුත් මෙවැනි තරඟයකින් ලබා ගන්නා සම්මාන සහතික නොවටී. සුවහසක් බ්ලොග්කරුවන්ට සපයන්නා වූ සේවය අමිල කොට තැකීම වටී.

2009/11/16 T.S. Gunatilaka <tsguna...@gmail.com>

chamilacreation

නොකියවූ,
2009 නොවැ 15, 23.16.242009-11-15
සිට sinhala-...@googlegroups.com
මමත් කියන්න හිටියේ යන්න එපා ඕකට කියලා..... කොහොම වුණත් මේ කරපු දේ හොදයි....

Thejan Rathnayake

නොකියවූ,
2009 නොවැ 16, 05.43.042009-11-16
සිට sinhala-...@googlegroups.com
.lk විකුණ ගන්න කරපු තුට්ටු දෙකේ marketing වැඩක්ද මේක කියලා හොයලා බලන්න ඕන.
 
thejan...

Amila Ranasinghe

නොකියවූ,
2009 නොවැ 16, 06.36.112009-11-16
සිට sinhala-...@googlegroups.com
සංවිධායකයින් කර ඇති මෙම වැරැද්ද පිළිගෙන, ජයග්‍රාහකයින්ට මේ සඳහා නොමිලේ සහභාගි වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

මොකද myblog.lk අඩවිය විසින් නොමිලේ කරනු ලබන මෙහෙය අප වැන්නවුන්ට ලොකු සහනයක්. තරගයේ සංවිධායකයින් කර ඇති මෙම වැරැද්ද හෙළා දකිනවා.

ඔවුන් අනිවාර්යෙන් වැරැද්ද පිළිගත යුතු යයි මා කියා සිටිනවා.

2009/11/16 Thejan Rathnayake <thejan.r...@gmail.com>

නොකියවූ,
2009 නොවැ 16, 08.49.472009-11-16
සිට sinhala-...@googlegroups.com
ඩොමේන් එක 3000 යි සහතිකේ 3500 මේ කරන වැඩේ ගැන නම් ෆුල් පබ්ලිසිටියක් දෙන්න ඕනේ.
මේ මහත් (හොරුන්ගේ) වස්තර ගැලවෙන්න

2009/11/16 Amila Ranasinghe <nuwanrana...@googlemail.com>:

--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/

Manushan

නොකියවූ,
2009 නොවැ 16, 09.07.482009-11-16
සිට sinhala-...@googlegroups.com
හොදයි තරගයෙන් අයින් කරගත්ත එක
මේක nic.lk එකේ .lk ඩොමේන් වලට ප්‍රාචාරනයක් ගන්න කරපු වැඩ සටහනක් වගේයි පේන්නේ
එහෙම අරමුණකින් කරත් ඔව්න්ට මේ කරන වැඩේ සාදාරන විදියට කරන්න තිබ්බා
වෙන තැනක් වගේ නම් මේ වගේ තරගයක් තියලා කරගන්න බැරි තැන නය වෙලා හරි කරනවා ( මුන්ට අනුග්‍රාකයොත් ගොඩක් ඉදලත් හිඟා කනවානේ )

--
මනුශාන් - Manushan
වෙබ් අඩවියට- http://manushan.net/
බ්ලොග් අඩවියට - http://blog.manushan.net
Photo Blog - http://photoblog.manushan.net

දර්ශන4it

නොකියවූ,
2009 නොවැ 16, 09.37.242009-11-16
සිට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
අයින් වුන එක හොදයි ඇත්තටම. තරගයක් නෙමෙයි මේක විහිලුවක් නෙ.

"ජයග්‍රාහකයින්ගෙන් මුදල් ලබාගෙන ත්‍යාග පිරිනැමීම!!!!"
මොන ලෝකෙ කරපු වැඩක්ද????

Supun Sudaraka

නොකියවූ,
2009 නොවැ 16, 10.33.012009-11-16
සිට sinhala-...@googlegroups.com
පාඩම් කරල පාඩම් කරල විභාග පාස් කරල ඕය වගේ තැනකට යන අයට සමාජ සම්බන්ධතා පවත්න විදිහ ගැන අහන්නත් දෙයක්ද. කණගාටුයි. ඕනෙමනං. අපි එකතු වෙලා කීය කීය හරි දාලා අනුග්‍රාහක දායකත්වය ලබා දෙමු. නැද්ද මං අහන්නෙ...

2009/11/16 දර්ශන4it <darsh...@gmail.com>

අයින් වුන එක හොදයි ඇත්තටම. තරගයක් නෙමෙයි මේක විහිලුවක් නෙ.

"ජයග්‍රාහකයින්ගෙන් මුදල් ලබාගෙන ත්‍යාග පිරිනැමීම!!!!"
මොන ලෝකෙ කරපු වැඩක්ද????




--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com

Idda ඉද්දා

නොකියවූ,
2009 නොවැ 16, 11.50.062009-11-16
සිට sinhala-...@googlegroups.com

Detective iDda
http://iddasthoughts.blogspot.com
http://winxphints.blogspot.com



2009/11/16 Supun Sudaraka <ssud...@gmail.com>

පාඩම් කරල පාඩම් කරල විභාග පාස් කරල ඕය වගේ තැනකට යන අයට සමාජ සම්බන්ධතා පවත්න විදිහ ගැන අහන්නත් දෙයක්ද. කණගාටුයි. ඕනෙමනං. අපි එකතු වෙලා කීය කීය හරි දාලා අනුග්‍රාහක දායකත්වය ලබා දෙමු. නැද්ද මං අහන්නෙ...

ඔව් එහෙම තමයි කරන්න වෙන්නෙ. නැත්තං අපි කීයක් හරි එකතු කරල ලංකාවේ මෙතෙක් පැවැත්වූ හාස්‍ය ජනකම තරඟවලියට ඒක තෝරගෙන ඒකට සහතිකයක් දෙමු :D

chamara jayakody

නොකියවූ,
2009 නොවැ 16, 11.50.042009-11-16
සිට sinhala-...@googlegroups.com
ඒක නම් ඇත්ත. අයින් උන එකමයි හොද ඔය වාගේ වැඩ වලින්.

2009/11/16 Supun Sudaraka <ssud...@gmail.com>

S.D Buthpitiya

නොකියවූ,
2009 නොවැ 16, 12.17.402009-11-16
සිට sinhala-...@googlegroups.com
Dear Kalinga ,I am proud about u and all our members regarding this award ceremony.this is a true motivation to put people in to right way.when we meet at the first  meeting -December,Bestweb.lk will be a bite and there r many examples come to the seen.
Sathyajith Buthpitiya
University Of Vocational Technology

 

Kalinga Athulathmudali

නොකියවූ,
2009 නොවැ 16, 12.27.202009-11-16
සිට Sinhala Bloggers
if any one is looking, here the English version of our statement.
===============================================

The official statement of Sinhala Bloggers' Union concerning
bestweb.lk and myblog.lk

Few weeks ago .LK Domain Registry of Sri Lanka started a competition
called The Most Favorite Sri Lankan Website. Websites that are under
.LK domains were eligible to enter 3 competition categories under
Sinhala, Tamil and English languages. The best websites under each
category was elected by viewer’s votes. This is about the absurd part
that is going to happen in the latter stage of this competition.

We at Sinhala Bloggers Union who runs the free blogging serving called
Myblog.lk registered to the above mentioned competition under Sinhala
category. We were informed that myblog.lk blog has made it to the top
5 websites in the category as the voting period ended.

Afterwards the organizers of the competition sent us an email under
the name Sasika Ranasinghe saying that the prize giving ceremony will
be held on 20th November 2009 at Waters Edge hotel, Battaramulla. The
letter further says that those who attend to the ceremony should
purchase tickets, each priced at Rs. 3,500/= and it also contains
details about methods of purchasing tickets.

We have never heard of a competition that charges money from its own winners.

The winners of BestWeb.lk are presented certificates and the personnel
who attend representing these sites to the ceremony should buy
tickets. As publicized in the competitions official website
(http://www.bestweb.lk), many institutions and companies (ICTA,
Dialog, Sirasa, MTV, Sunday Times, Daily Mirror) are sponsoring the
event; In fact it is financial sponsoring. Hence, is it fair and
reasonable to charge sums from the winners (not viewers) of this
competition?

We consider this as an insult to the Sinhala Bloggers Union. We would
also like to stress out the fact that we do not have any requirement
of acquiring a certificate paying money. Moreover had we knew that
this competition was such a one, we wouldn’t have even entered it in
the first place (Since this competition was organized by .LK domain
registry and sponsored by responsible agencies such as ICTA, we
thought it was a dignified and a significant event).

We, Sinhala Bloggers Union are withdrawing MyBlog.lk from The Most
Favorite Sri Lankan Website – 2009 – Sinhala Category to express our
displeasure due to the insult done to us by the organizers of the
event.

We sincerely hope that this kind of award ceremonies will not happen
again as those will definitely de-motivates site owners.


Sinhala Bloggers Union


2009/11/16 Kalinga Athulathmudali <kali...@gmail.com>:

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

bestweb_lk and myblog_lk notice_en.pdf

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

නොකියවූ,
2009 නොවැ 16, 12.56.592009-11-16
සිට sinhala-...@googlegroups.com
මේක ලංකාවනෙ. ඒකෙනුත් කීයක් හරි ගරාගන්න හදන්නෙ. ඉතින් දියුනු වෙයිද?
Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.com
blog.malindaprasad.com


Maduranga Prabath

නොකියවූ,
2009 නොවැ 17, 04.00.192009-11-17
සිට sinhala-...@googlegroups.com
වෙලා තියෙනදේ අනුමත කරන්න බැහැ හැබැයි ඔයාගෙ කතාවත් 100% නිවැරදි නැහැ. මොරටුව විශ්ව විද්‍යාලය මඟින් මෙය පාලනය කලත් විශ්ව විද්‍යාල සිසුන්  මේකෙ පරිපාලනයට සම්බන්ධ නැහැ මම දන්න විදිහටනම්.

2009/11/16 Supun Sudaraka <ssud...@gmail.com>
පාඩම් කරල පාඩම් කරල විභාග පාස් කරල ඕය වගේ තැනකට යන අයට සමාජ සම්බන්ධතා පවත්න විදිහ ගැන අහන්නත් දෙයක්ද. කණගාටුයි. ඕනෙමනං. අපි එකතු වෙලා කීය කීය හරි දාලා අනුග්‍රාහක දායකත්වය ලබා දෙමු. නැද්ද මං අහන්නෙ...



--
තෙරුවන් සරණයි.
මධුරංග ප්‍රභත්

Chanaka Munasinghe

නොකියවූ,
2009 නොවැ 17, 06.31.102009-11-17
සිට sinhala-...@googlegroups.com

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය තමන්ගෙ බ්ලොග් අඩවියේ ලිපියක් විදිහට පළ කලේ නැත්තන් ඒ අඩවිය දේශද්‍රෝහී අඩවියක් විදිහට සළකනවද ? මොකද දැන් සින්ඩිය පුරාම ඒ නිල ප්‍රකාශය 

~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2009/11/17 Maduranga Prabath <m3m...@gmail.com>

Kalinga Athulathmudali

නොකියවූ,
2009 නොවැ 17, 07.04.402009-11-17
සිට sinhala-...@googlegroups.com
2009/11/17 Chanaka Munasinghe <chanak...@gmail.com>:

>
> සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය තමන්ගෙ බ්ලොග් අඩවියේ ලිපියක්
> විදිහට පළ කලේ නැත්තන් ඒ අඩවිය දේශද්‍රෝහී අඩවියක් විදිහට සළකනවද ? මොකද දැන්
> සින්ඩිය පුරාම ඒ නිල ප්‍රකාශය

අපි එහම කාටවත් බල කරලා කියනේ නෑ ඒක දාන්න කියලා, නොදැම්මා කියලා අපි
මොකුත් කියනේ නෑ. :) අපිට කියන්න බෑ නේ තමන්ගේ බ්ලොග් එකේ ලියන්නේ මොනවද,
එපා මොනවද කියලා.

එහම දාලා සහයෝගය දක්වන එක සිය කැමැත්ත.

Pravin Indranama

නොකියවූ,
2009 නොවැ 17, 08.51.032009-11-17
සිට sinhala-...@googlegroups.com
2009/11/17 Chanaka Munasinghe <chanak...@gmail.com>


සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය තමන්ගෙ බ්ලොග් අඩවියේ ලිපියක් විදිහට පළ කලේ නැත්තන් ඒ අඩවිය දේශද්‍රෝහී අඩවියක් විදිහට සළකනවද ? මොකද දැන් සින්ඩිය පුරාම ඒ නිල ප්‍රකාශය 



මම නම් ඒ ලිපිය මගේ බ්ලොග් එකේ පල කලේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට සහාය දැක්වීමක් වශයෙන් සහ bestweb.lk එක සිදුකල නීච ක්‍රියාවට විරෝධය පල කිරීමක් ලෙස. නැතුව කවුරුත් මට එහෙම කරන්න කියලා බලපෑම් කලේ නම් නැහැ. අපි දෙන්න පුලුවන් සපෝට් එක දෙනවා SBU එකට !


--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama

Chanaka Munasinghe

නොකියවූ,
2009 නොවැ 17, 09.48.362009-11-17
සිට sinhala-...@googlegroups.com
මම නිකම් විහිළුවටනෙ ඇහුවෙ. සින්ඩිය පුරා එකම ලිපිය හැම බ්ලොග් එකේම තියෙනකොට තමයි මම බැලුවෙ මේ මොකද කියලා. සිදු වෙලා තියෙන දේට මගේත් විරෝධය


~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2009/11/17 Pravin Indranama <indr...@gmail.com>

Ruwan Dileepa

නොකියවූ,
2009 නොවැ 17, 09.13.392009-11-17
සිට sinhala-...@googlegroups.com
I'm waiting for English version of that statements.

Kalinga Athulathmudali

නොකියවූ,
2009 නොවැ 17, 11.10.232009-11-17
සිට sinhala-...@googlegroups.com
2009/11/17 Ruwan Dileepa <ruwandi...@gmail.com>:

>  I'm waiting for English version of that statements.

check the last few massages, i have published it. "Mon, Nov 16, 2009
at 10:57 PM"

Ruwan Dileepa

නොකියවූ,
2009 නොවැ 17, 13.55.492009-11-17
සිට sinhala-...@googlegroups.com
Sory, I didn't see it, I published it my site.

http://bit.ly/35YOhZ

2009/11/17 Kalinga Athulathmudali <kali...@gmail.com>:

Kalinga Athulathmudali

නොකියවූ,
2009 නොවැ 17, 21.57.272009-11-17
සිට sinhala-...@googlegroups.com
2009/11/18 Ruwan Dileepa <ruwandi...@gmail.com>:

> Sory, I didn't see it, I published it my site.

Thank you for the support.

sasan...@gmail.com

නොකියවූ,
2009 නොවැ 26, 01.00.372009-11-26
සිට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
සමාවෙන්න ‍ඕනේ පරක්කු වෙලා මේක දැක්කේ.

ඇත්තටම වේලා තියෙන වැඩෙ නින්දා සහගතයි

සියල්ලට පිළිතුරු දෙන්න
කර්තෘට පිළිතුරු දෙන්න
ඉදිරියට යවන්න
නව පණිවිඩ 0