http://blog.sinhalabloggers.com/web-feeds-revealed/
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
ඔබේ බ්ලොග් අඩවිය WordPress එකක්නම්, අඩවියේ URL එකේ අගට /feed/ කොටස එකතු කිරීමෙන් එහි RSS feed එක ලබාගත හැකියි.
උදා:
http://example.wordpress.com/feed/
WordPress බ්ලොග් එකක Atom feed එක ලබාගැනීමට අවශ්‍ය නම් URL එකේ අගට /feed/atom/ ලෙස ලබාදෙන්න.
උදා:
http://example.wordpress.com/feed/atom/
ඔබේ බ්ලොග් අඩවිය Blogger එකක් නම් එහි Atom feed එක ලබාගැනීමට URL එක අගට /feeds/posts/default යනුවෙන් එක්කරන්න.
උදා:
http://example.blogspot.com/feeds/posts/default
එහි RSS feed එක ලබාගැනීමට නම් URL එකේ අගට /feeds/posts/default?alt=rss ලෙස එකතු කල යුතුයි.
උදා:
http://example.blogspot.com/feeds/posts/default?alt=rss
දැන් ඔබේ බ්ලොග් එකේ feed එකේ ලිපිනය සොයාගැනීම තවදුරටත් ගැටලුවක් නොවෙයි.
ඔබට වෙනත් අඩවියක feed ලිපිනය සොයාගැනීමට අවශ්‍ය නම්, ඒ අඩවිය web feeds සපයයි නම්, එහි Feed ලාංඡනය හෝ “RSS” “Feed” “XML” “Subscribe to Feeds” වැනි වදනක් සහිත ලින්ක් එකක් තිබේ දැයි බලන්න.
Feeds හා සින්ඩිකේටරය ක්‍රියාකරන අයුරු
මුලින් සඳහන් කල ආකාරයට අපේ පරිගණකයේ ඇති වැඩසටහනකින් අපට පුලුවන් web feed කියවා බලා එහි ඇති අලුත් දේ ගබඩා කර තබාගන්නට. සින්ඩිකේටරය සිදුකරන්නේත් මේ ආකාරයේම ක්‍රියාවලියක්. අප සින්ඩිකේටරය වෙත ලබාදී ඇත්තේ සියලුම බ්ලොග් වල web feed වල ලිපිනයන්. සින්ඩිකේටරය නිශ්චිත කාල ප්‍රාන්තරයකට වරක් අර feed සියල්ලම කියවා බලා අලුත් යමක් ඇත්නම් එය ලබාගෙන සින්ඩිකේටරයේ මුල් පිටුවේ දර්ශණය කරනවා.
අපට සින්ඩිකේට් කිරීමේ කර්තව්‍යයේදී වඩාත් වැදගත් වන්නේ ඔබේ feed එකේ ලිපිනය නිසා තමයි අප නිරතුරුවම feed ගැන කතා කරන්නේ. සින්ඩියට බ්ලොග් අඩවියක් ඇතුලත් කිරීමේදී අප feed ලිපිනයත් ඉල්ලා සිටියත්, ඔබේ බ්ලොග් අඩවිය WordPress, Bloggger වැනි ජනප්‍රිය බ්ලොග් සේවාවක එකක් නම් එහි feed ලිපිනය සඳහන් කිරීම අවශ්‍ය නැහැ. එය අපට සොයාගත හැකියි. ඔබ එතරම් ප්‍රචලිත නොවන වෙනත් බ්ලොග් සේවාවක් භාවිතා කරනවානම් පමණක් ඔබේ feed ලිපිනයද සඳහන් කිරීම අපට පහසුවක් වනු ඇති.
ඇසුරු කල ලිපි:
1. WordPress Codex – WordPress Feeds
2. Blogger Help – Blogger Feed URLs
3. Wikipedia – Web Feed
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.