2012/8/15 Madura
<pasa...@gmail.com>
මම හදපු App එකක Database එක විදියට තියෙන්නෙ Access db එකක්. මේකට දාන data දිනපතාම Internet server එකක තියෙන Mysql database එකක් එක්ක Synchronize කර ගන්න ඕන. මේක කර ගන්නෙ කොහොමද. මේක කර ගන්න වෙනම Application එකක් හදාගන්න පුළුවන්නම් හොඳයි .NET වලින්.
වෙනසක් නෑ, ඔයාට තියෙන්නෙ App එකක් ලියන්න හෝ තියෙන App එකේ sync කරන්න පහසුකම දෙන්න.
"PROVIDER=Microsoft.ACE.OLEDB.12.0;Data Source=Database_v1.mdb;Jet OLEDB:Database Password=myPassword;"
MySQL server එක shared hosting service එකක් වගේ නම් ඔයාට කෙලින්ම connect වෙන්න පහසුකම සපයන්නෙ නෑ. ඒ වගේ වෙලාවට කරන්න වෙන්නෙ වෙනස් වූ දත්ත script එකකට ලියල FTP folder එකකට upload කරන්න වෙනව. ඒ වගේම server එකේ cron job එකක් ලියන්න ඒ scripts ටික mySQL database එකට execute කරන්න.
sync කරන logic එක ඔයාගෙ දත්ත අනූව හදාගන්න වෙනව. insert, update, delete කරපු දේවල් වෙනම හදුනාගන්න ක්‍රමයක් ඔයා maintain කරන්න ඕනි.