VGA Card එකක්

47 views
Skip to first unread message

Tharindu Lakshitha

unread,
Aug 18, 2012, 7:02:09 AM8/18/12
to techkatha
මම අලුතින් VGA Card එකක් ගන්න හිතන් ඉන්නෙ. නමුත් පොඩි ප්‍රශ්ණයක්
තියෙනව. මගේ මැෂින් එක Pentium 4, 3.00 GHz. RAM - 1.25 GB

මේ Conditions යටතේ 1 GB වගේ VGA Card එකක් අරගෙන වැඩක් නැති වෙයිද ?
මගේ processor සහ RAM එක මදි වගේ නිසා.

ඒ වගේම අලුතින් එන VGA Card මේ වගේ මදර් බෝඩ් වලට සපෝර්ට් කරනවද ? මදර්
බෝඩ් එක Intel Desktop Board D102GGC2

අලුතින් එන VGA Card මේ බෝඩ් එකට හරි යයිද ? ඒ වගේම මගේ මොනිටර් එකේ
තියෙන්නෙ VGA port එකක් විතරයි. අලුතින් එන VGA Card වල VGA port
තියෙනවද ?

සාමාන්‍යෙයන් මේ Conditions වලට හරියන උපරිම VGA මෙමරි කැපසිටි එක කොපමණද ?

ස්තුතියි.....

Tharindu Lakshitha

unread,
Aug 21, 2012, 4:12:39 PM8/21/12
to techkatha
අයියෝ මගේ ප්‍රශ්නේ.... :-(

Chamli Karunasekara

unread,
Aug 21, 2012, 4:55:47 PM8/21/12
to tech...@googlegroups.com
මේ Conditions යටතේ 1 GB වගේ VGA Card එකක්  අරගෙන වැඩක් නැති වෙයිද ?
මගේ processor සහ RAM එක මදි වගේ නිසා.
එහෙම අව්ලක් නෑ 

ඒ වගේම අලුතින් එන VGA Card මේ වගේ මදර් බෝඩ් වලට සපෝර්ට් කරනවද ? මදර්
බෝඩ් එක Intel  Desktop Board D102GGC2
ඔව ඔයාගේ බෝර්ඩ් එක PCI express II වලට සහය දක්වනවා, අලුතෙන් එන VGA එන්නේ PCI express II වලින්.

 අලුතින් එන VGA Card මේ බෝඩ් එකට හරි යයිද ? ඒ වගේම මගේ මොනිටර් එකේ
තියෙන්නෙ VGA port එකක් විතරයි.  අලුතින් එන VGA Card වල VGA port
තියෙනවද ?
අලුතෙන් එක VGA නම් බෝර්ඩ් එකට හරියනවා, ගන්නකොට VGA,DVI,HDMI සේරම තියෙන VGA එකක් ගන්න එතකොට හරි. 

සාමාන්‍යෙයන් මේ Conditions වලට හරියන උපරිම VGA මෙමරි කැපසිටි එක කොපමණද ?
1GB නම් අව්ලක් නැති වේවි

Tharindu Lakshitha

unread,
Aug 21, 2012, 5:08:05 PM8/21/12
to tech...@googlegroups.com
ස්තූතියි චම්ලි.....:-)

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

Ashen Janath

unread,
Aug 21, 2012, 10:56:05 PM8/21/12
to tech...@googlegroups.com
Oygae Bord Ekta pci experss gahanna puluwan card eka ganna kota 2.0
ekak ganna 2.1 oya bord ekata weda ne yalu baya wenna epa bprd ekata
weda

Tharindu Lakshitha

unread,
Aug 22, 2012, 1:41:07 AM8/22/12
to tech...@googlegroups.com
තව ප්‍රශ්නයක් තියෙනවා. VGA Card වර්ග වලින් සාමාන්‍යයෙන් වඩා හොඳ මොකක්ද
? ATI ද ? Nvidea ද? මීට අමතරව තවත් බ්‍රෑන්ඩ් තියෙනවද ? ඔයාල රෙකමන්ඩ්
කරන්නෙ මොකක්ද ?

ස්තූතියි.

Tharindu Lakshitha

unread,
Aug 22, 2012, 1:42:10 AM8/22/12
to tech...@googlegroups.com
ස්තුතියි අශේන්

Akila DJ

unread,
Aug 22, 2012, 10:54:32 AM8/22/12
to tech...@googlegroups.com

මම නම් කියන්නෙ nVidia එකක් ගන්න කියල.

වර්ග දෙකම හොඳයි.
එක එක model එක, ඒ වගේම borard එකේ manufacturer අනුව හොඳ නරක වෙනස් වෙනව.

ATi gaming වලටත් nVidia graphics වලටත් හොඳයි කියල මතයක් තියනව. ඒත් ඒකෙන් ATi graphics වලට නරකයි කියලවත් nVidia gaming වලට නරකයි කියලවත් කියවෙන්නෙ නෑ!

මම nVidia ගන්න කියල කිවුවෙ විදේෂ හේතු කීපයක් නිසා. (මා ගාව දැනට තියෙන්නෙ ATi එකක්)
ගොඩක් Application වල මම දැකල තියනව nVidia CUDA icon එක ගහල තියනව.
ඒත් ඊට සමාන්තරව යන ATi Stream icon එක ගහල තියන software මම දැකල නැති තරම්!

ඒ වගේම දැන් x264 වගේ video play කරද්දි සාමාන්‍යයෙන් DXVA තාක්ෂණය භාවිතා කරනව. එතකොට CPU එක use නොවී කෙලින්ම VGA එකෙන් video handle වෙන්නෙ. විශේෂයෙන් ඔය P4 වගේ පරණ slow CPU තියෙද්දි හොඳ VGA කාඩ් එකක් තියනව නම් DXVA ඉතා හොඳයි.
MPC-HC වගේ players වගේම FFDShow, LAV splitter වගේ ඒව එක්ක DXVA යොදා ගන්න පුලුවන්.
මෙතනදි කිසි ගැටලුවක් නෑ ATI ඒවත් DXVA support කරනව. ඒත් ATi ඒවගෙදි අපිට use කරන්න වෙන්නෙ සාමාන්‍ය DXVA හෝ DXVA copy-back වගේ ඒව විතරයි. වෙනම ATi ඒවට කියල වෙන් වෙච්ච ඒව නෑ. ඒත් nVidia ඒව ඔය සාමාන්‍යය ඒවට අමතරව nVidia CuVid කියන විශේෂ DXVA mode එකත් support කරනව. ඒ වගේම Intel ලටත් වෙනම එකක් තියනව Intel QuickSync කියල, ATi වලට වෙනම එකක් නැති උනාට!!
තවත් දෙයක් තමයි සාමාන්යයෙන් ATi කාඩ් වල DXVA එක support එක nVidia වලට වඩා limited. හරියටම සීමාව දන්නෙ නෑ. ඔතනදි බලපාන්නෙ x264 AVC video එකේ Profile Level එකයි Reference Frame ගාණයි. Level එක skip කරන්න පුලුවන් ඒත් Re.Frames වලට බොරු කරන්න බෑ. සාමාන්යයෙන් ATi එකවගෙ High 4.1 ට වැඩි profile සහ #Re.Frames 8-10 ට වඩා වැඩි ඒව DXVA වලින් play කරන බෑ. එතකොට CPU එක use වෙනව. ඒත් nVidia වල max Level එකයි max #Re.Frames limit එකයි ඊට වඩා වැඩියි.

ඒ මොනව උණත් කාඩ් එකෙන් කාඩ් එක compare කරන්නෙ නැතුව හොඳ නරක brand එකෙන් බලන්න බෑ.
මට මතක විදිහට එක කාලෙ නිකුත් කරපු nVidia GeForce GT 420 සහ ATi Radeon HD 5770 වගේ සලකල බලද්දි ATi එක performance අතින් සෑහෙන්න වැඩියි. ඒත් එහෙම උණා කියලත් වඩා හොඳ එක තෝරන්න බෑ. හේතුව performance අඩු ඒවගෙ මිලත් අඩුයි. සහ Power Consumption එකත් අඩුයි!

www.hwcompare.com
මෙතනින් දළ අදහසක් ගන්න පුලුවන්. ඒත් ඕකෙ RAM size, RAM type (DDR2<GDDR3<DDR3<GDDR5) වගේම card manufacturer (EVGA,XFX > MSI,EAGLE) වැනි සාධක වෙනස් වෙන නිසා ඕක මතම තීරණ ගන්න බෑ.

.

Tharindu Lakshitha

unread,
Aug 22, 2012, 1:30:36 PM8/22/12
to tech...@googlegroups.com
ස්තූතියි Akila DJ. ඔයාගෙ දීර්ග විස්තරයෙන් හොඳ අවබෝධයක් ලැබුණ.

Ranuka Perera

unread,
Aug 22, 2012, 3:22:23 PM8/22/12
to tech...@googlegroups.com
සමහර වෙලාවට, DXVA\hardware decoding වල video corruption තියෙනවා. Software decoding ඊට වඩා හොඳයි. Atom\Fusion වල නම් ඉතින් hardware decoding තමයි හොඳ.

ප්‍රශ්නෙට අදාලව- Windows වල දෙකම එක වගේ. GNU\Linux වල නම්, hardware acceleration වලට nvidia වල compatibility වැඩී. යාලුවෙක් ළඟදී බලද්දී unity එකේ ගන්න තිබුණා කියලා කිව්වේ amd 6450, nvidia 520 වගේ low performance ඒවා විතරයි.

Regards,
Ranuka Perera



2012/8/22 Akila DJ <aki...@gmail.com>

.

--

Tharindu Lakshitha

unread,
Aug 23, 2012, 12:31:21 AM8/23/12
to tech...@googlegroups.com
ස්තූතියි රනුක.

මම ලබන සතියෙ විතර වගේ මොනිටර් එකක් ගන්න ගමන් VGA Card එකකුත් ගන්න කියල
බැලුවෙ. මේ දෙක ගන්න පුළුවන් හොඳ තැන් කීපයක් කියනවද ?

මේ ගෘප් එකේ කතා වෙන විදියට unity එකේ බඩු ඒ තරම් කොලිටි නෑ කියල නෙ
කියන්නේ. ඒ නිසා ඩීලර් කෙනෙක්ගෙන්ම ගන්න කියල බැලුවෙ. Samsung, LG,
Viewsonic, Acer මේ බ්‍රෑන්ඩ් වලට අදාළ ඩීලර්ස්ල ගේ විස්තර ටිකක් කියනවද
?

dushan chanuka

unread,
Aug 23, 2012, 5:25:28 AM8/23/12
to Techකතා
Nvidia gaththath AMD gaththat ekayi. Dekema eka eka adupadu ha vasi
thiyenava. Oya habai echchara loku VGA ekak aragena vadak naha.Mokada
CPU bottleneck ekak venava.

Akila DJ

unread,
Aug 23, 2012, 11:16:02 AM8/23/12
to tech...@googlegroups.com


2012/8/23 Ranuka Perera <ran...@gmail.com>

සමහර වෙලාවට, DXVA\hardware decoding වල video corruption තියෙනවා. Software decoding ඊට වඩා හොඳයි. Atom\Fusion වල නම් ඉතින් hardware decoding තමයි හොඳ.


@Ranuka
මොන වගේ corruption ද?
මට නම් එහෙම වෙලාම නෑ. කොහොමත් මම දැකල නම් තියනව net එකේ DXVA අවුල්, ඒක නිසා SD video වලදි DXVA disable කරන option එක යොදා ගන්න කියල HD ඒවගෙදි විතරක් DXVA භාවිත වෙන විදිහට.
Software වලට වඩා හොඳයි වගේ මට නම්!.. මොකෝ ළඟදි LAV එකෙන් decode වෙන වෙලාවට මම එක දිගට පට පට ගාල Jump Forward 10ක් විතර කරාම stuck උණා. DXVA වල කවදාවක්වත් වෙලා නෑ. හැබැයි LAV එක කචල් උණාට FFDSHOW, DivX h264 decoders අවුලක් නෑ :)


ඒත් මෙතනදි Tharindu ගෙ CPU එක P4 එකක් නිසා DXVA සෑහෙන්න වටිනව!


@Tharindu
දැනට 1080p videos අවුලක් නැතුව play වෙනවද?

.
 

Ranuka Perera

unread,
Aug 23, 2012, 7:39:21 AM8/23/12
to tech...@googlegroups.com
Bottleneck එක CPU එකට වැඩියේ, Harddisk\RAM.

Regards,
Ranuka Perera



2012/8/23 dushan chanuka <dush...@gmail.com>
Nvidia gaththath AMD gaththat ekayi. Dekema eka eka adupadu ha vasi
thiyenava. Oya habai echchara loku VGA ekak aragena vadak naha.Mokada
CPU bottleneck ekak venava.

Tharindu Lakshitha

unread,
Aug 23, 2012, 6:17:46 AM8/23/12
to tech...@googlegroups.com
@dushan, e kwwe ? Oya recomend karanne kyak vthara wageda? Awama memory eka.

Tharindu Lakshitha

unread,
Aug 23, 2012, 2:22:03 PM8/23/12
to tech...@googlegroups.com
1080p videos කියල ඔයා අදහස් කළේ .mkv ෆයිල් නේද ? ඒව නම් අවුලක් නැතුව
ප්ලේ වෙනව. සමහර වෙලාවට විතරක් සීක් කරද්දි පොඩ්ඩක් හිර වෙනව. ඒත් ඒක
ආපහු හරියනව.

On 8/23/12, Ranuka Perera <ran...@gmail.com> wrote:

Akila DJ

unread,
Aug 24, 2012, 5:27:47 AM8/24/12
to tech...@googlegroups.com
@Ranuka
HDD වලදි IDE උණත් 50mbps වත් read කරනවනෙ අවුලක් නැතුව. ඒක නිසා video බලන්න ඒක අවුලක් නෑ....
හැබැයි Games, OS, Software load වෙන්න නම් සෑහෙන්න බලපානව.
RAM එක ගත්තොත් ram එක 'වැඩිපුර' බලපාන්නෙ Software Decoding වලට නේද?
Hardware Decoding වලදි (Intel Quick Sync වලදි හැර) මුල ඉඳන් VGA card එක use වෙද්දි VGA memory එක speed නෙ!


@Tharindu
නෑ නෑ... MKV ගැන නෙමෙයි!
Container එක, file format එක විතරක් සම්බන්ධ දෙයක් නෙමෙයි!

1080p/i කියන්නෙ සාමාන්‍යයෙන් නම් video resolution එකේ height එක 1080 වෙන ඒව. (1920×1080).
බොහෝ විට අපිට ලැබෙන්නෙ HD rip නිසා ඒවගෙ video එකේ කලු පටි crop කරන නිසා උස 1080 ට වඩා අඩු වෙනව. ඒක නිසා දිග 1920 ද කියල බලන එක ඊට වඩා ලේසියි :)
720p (HD ready) කියන්නෙ අපට(මට) දැනට වඩා ගැලපෙන size එක. ඒවගෙ width 1280 pixels. සාමාන්‍ය අඟල් 21ට අඩු මොනිටර් වලට 720p ට වැඩි ඒව එච්චරම තේරුමක් නෑ!

.

Tharindu Lakshitha

unread,
Aug 24, 2012, 6:21:07 AM8/24/12
to tech...@googlegroups.com
@ Akila,

මෙන්න මේ විදියට ෆූල් ස්ක්‍රීන් පෙන්වන ඒව නේද ? ( ඇමුණුම බලන්න) මේක
තමයි මම අදහස් කළේ.

Untitled.jpg

Akila DJ

unread,
Aug 24, 2012, 2:40:14 PM8/24/12
to tech...@googlegroups.com
@Tharindu
හරියටම කියන්න බෑ ඕක 1080p ද කියල. වත් අනිවාර්යයෙන් 720p හෝ ඊට වැඩි එකක් කියල නම් පේනව :)
ඕව උණත් අවුලක් නැතුව පේනව නම් ඒ ඇති...
හරියටම දැන ගන්න ඕනෙ නම් ඔය player එකේ නම් video එක මැද Right Click කරල Properties ගිහින් video size, width, height බලන්න :)

.

Tharindu Lakshitha

unread,
Aug 25, 2012, 12:45:34 PM8/25/12
to tech...@googlegroups.com
ස්තූතියි උදව් කළ සියලු මිතුරන්ට.

Ranuka Perera

unread,
Aug 27, 2012, 5:38:44 AM8/27/12
to tech...@googlegroups.com
@Akila DJ

(Unrelated to the actual topic),
Corruptions in DXVA. 720P, L 3.1 video. Intel Quicksync. (It is similar in nvidia cuda.)
Could be a x264 encoder problem, but sw decoding works.

Regards,
Ranuka Perera



2012/8/25 Tharindu Lakshitha <thari...@gmail.com>
info.png
dxva.png
sw.png
Reply all
Reply to author
Forward
0 new messages