DSLR කැමරාවක් මිලදි ගැනිම

219 views
Skip to first unread message

Gayan Dias

unread,
Jan 14, 2011, 1:00:54 AM1/14/11
to Techකතා
මට කැමරාවක් මිලදි ගන්න ඕන වෙලා තියෙනවා Canon තමයි ගන්න හිතන්
ඉන්නේ.මුලින් හිතාගෙන හි‍ටියේ 550D කියන එක ගන්නවා කියලා එත් මට
ආරන්චියක් ආවා Canon 60D හොදයි කියලා.ඉතින් මට තාම තේරෙන්නනේ නැ කොයි
කැමරාවද හොද කියලා?‍(මම කැමරාවක් ගන්නේ විනොදාංශයට පිංතුර ගන්න)ගානත් දැන
ගන්න තිබුනොත් හොදයි....

ස්තුතියි

KAPILA

unread,
Jan 14, 2011, 9:20:01 AM1/14/11
to Techකතා
මමත් විනෝදාංශයට පින්තුර ගන්න කෙනෙක්. මගේ තියෙන්නේ Nikon D90 එක සහ
Tamron 18-200mm ලේන්ස් එක ඇතුළු අනෙකුත් gears . මම ගත්තේ කැමරාව සහ
ලෙන්ස් එක LKR 120,000/- කට. මම කියන්නේ එක එක කෙනා කියන ඒවාට වඩා, ඔයා
youtube එකේ තියෙන camera reviews බලල, තව internet ඒකෙන හොයල ඔයාගේ
වැඩේට ගැලපෙන කැමරාව ඔයාම තීරණය කරන එක හොඳයි. මම ඉන්නේ ජපානයේ. මෙහෙ
කැමරා ෂොප් එකකට ගියාම හැම දේම විස්තර ඇතිව කියල දෙනවා. ගාන වැඩිම එක අපේ
ඇඟේ ගහන්න හදන්නේ නැහැ ලංකාවේ වගේ. Nikon වලට වඩා canon හොඳයි කියලවත්,
canon වලට වඩා nikon හොඳයි කියලවත් කිසි කෙනෙක් කියන්නේ නැහැ. එහෙම
කියන්නේ අපේ ලංකාවේ ඉන්න දැනුම අඩුම අයයි.එහෙම කැමරා වර්ග කරන්න බැහැ හොඳ
නරක කියල. මෙහෙ ඉතා ජනප්‍රිය models කියනවනම්, Nikon, Canon, Pentax,
Sony, Panasonic සහ තවත් වර්ග.ඔබ වනන්තර, තෙත් කලාප වගේ ප්‍රදේශ වල
පින්තුර ගන්න නම් හදන්නේ, අපට අඩු මුදලට weather proof කැමරාවකට තියෙන්නේ
Pentax කැමරා තමයි. ඒක body එක තෙතමනයට ඔරොත්තු දෙනවා. Nikon D90 හෝ,
Canon 60D මේ දෙකම එහෙම weather proof නැහැ. මම Canon 60D එක සැහෙන්න try
කරලා බැලුව. ජපානේ showrooms වලට් ගියාම හැම camera එකම try කරලා බලන්න
පුළුවනි. මගෙනම් එච්චර හිත ගියේ නැහැ 60D එකට. හේතුව කියනවනම්, පිටුපස
LCD එක කරකවන එකක් නිසා ඉක්මනින් කැඩෙන්න පුළුවනි. අනික තමා, photo එකක්
ගන්න කැමරාවේ settings හදනකොට, ඒවා පහසු ස්ථාන වල පිහිටුවා නොතිබීම Nikon
වලට සාපේක්ෂව. canon වලට වඩා, nikon වලට මම පෞද්ගලිකව කැමති හේතුව තමයි,
අතට හොඳට අහුවෙන විදියට grip එක සහ, camera operating buttons සහ දේවල්
D90 එකේ හරිම user friendly විදියට design කරලා තියෙනවා. ඒ ඇරෙන්න CMOS
සෙන්සර් එකේ quality එක ඔය LKR 150,000/- අඩු හැම මොඩෙල් එකකම එකයි. Mega
Pixel කියන මායාවට අහුවෙන්න එපා ඔයා විනෝදාංශය ට පින්තුර ගන්න නම්
හදන්නේ. 10 Mega pixel හොඳටම ප්‍රමාණවත් මම ලබාගත්ත දැනුම හැටියට වෙනත්
රටවල professional photographers ලත් එක්ක කතා කරලා. පෞද්ගිකව මම Nikon
වලට කැමතියි, එත් Canon නරකයි කියලනම් කොහෙත්ම කියන්න බැහැ. Nikon ලඟදි
release කරපු D7000 එකනම් weather proof හරිම quality කැමරාවක්. ගන්න
හැකිනම් ඒක ඉතා අනර්ගයි. හැබැයි ඔය ඒක model එකක්වත් professional නම්
නෙවේ, ලංකාවේ professional විදියට පාවිච්චි කලාට. professional එකක් LKR
350,000 න් එහා.

මේ link එකේ තියෙනවා මම Nikon D90 ඒකෙන් ගත්ත photos set එකක්. බලන්න
හොඳද කියලා.
http://www.flickr.com/photos/56430870@N04/5213999110/in/photostream/
ස්තුතියි.

luchina kaluarachchi

unread,
Jan 14, 2011, 9:56:32 AM1/14/11
to tech...@googlegroups.com
මෙතන වටින තොරතුරු ගොඩක් දීල තියෙනවා......ලිපියක් වගේ ගොඩාක් පැහැදිලි කරල නියමයි.........

2011/1/14 KAPILA <kapila...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
අපේ බ්ලොග් අඩවියත් සමග එක වන්න.........හැම දෙයක්ම සරලව පලකිරීම අපගේ උත්සහායයි............දන්න සිංහලෙන් කියවන්න.........
http://internetmonys.blogspot.com/

නොලික්ස්

unread,
Jan 14, 2011, 10:59:36 AM1/14/11
to tech...@googlegroups.com
ඒ කතාව නම් සහතික ඇත්ත...

Thilina Jayanath

unread,
Jan 14, 2011, 11:07:53 AM1/14/11
to tech...@googlegroups.com


2011/1/14 KAPILA <kapila...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
ගොඩක් වටින තොරතුරු ටිකක්. බොහොම ස්තූතියි මේව විස්තර කරල ලිව්වට

Dhanushka Samarakoon

unread,
Jan 14, 2011, 2:42:04 PM1/14/11
to tech...@googlegroups.com
Sinhalen type karanna dan welaa naa. ee hinda english walinma gahannam.

I'm using a Canon 450D, since I'm used to Canons and most of my friends have Canons, we could exchange lenses. Both Canon and Nikon are good. But I can't say the same about other brands.

450D, 550D series is targeted towards the consumer market and 60D series is more towards the Pro-sumer market. I think processing capabilities are pretty similar. The major difference is the build quality. I think 60D has a metal body, while 550D does not.

My advice is if the price difference is huge, save your money and go for a 550D.

If you can buy only the body (without the kit lens) then do it and buy lenses based on your needs.
28-135mm one could easily replace the kit lens. Another lens I would advice to give a try is the 50mm 1.8 prime lens.

2011/1/14 Gayan Dias <gdicre...@gmail.com>

KAPILA

unread,
Jan 15, 2011, 8:38:14 AM1/15/11
to Techකතා
ඉහත ලියපු ඒක ඔයාල අගය කලාට ස්තුතියි. ඒ නිසාම තවත් ටිකක් ලියන්නම්
ස්තුතියක් වශයෙන්. පොඩි දෙයක් තියෙනවා තව, ඉහතින් ලියල තියෙනවා "I think
60D has a metal body". ඒක නම් නිවැරදි නැහැ. 60D එකේ තියෙන්නේ plastic
body එකක් අනෙකුත් mid-range කැමරා වල වගේම. එකයි මම කිවේ D7000 ඒක අගය
කරන්න වටිනා කැමරාවක් කියල ඒක Magnesium Alloy වලින් body ඒක හදල
තියෙන්නේ. ඒක නිසාම විතරක් නෙවේ. සාමාන්‍යයෙන් viewfinder එකට ඇහැ තියල
බලපුවම පෙනෙන Focus Selectors points 50 කට වඩා තියෙන්නේ high level
කැමරා වලයි. නමුත් D7000 professional නෙවේ. නමුත් එකේ professional
qualities ගොඩක් තියෙනවා. 60D එකේ viewfinder ඒකෙන් බලල පින්තුර ගන්නකොට
අපිට පෙන්නේනේ අපි ගන්න පින්තුරෙන් 96% ක ප්‍රමාණයක්. 4% ක් අපිට පෙන්නේ
නැහැ, නමුත් කැමරාව capture කරනවා. ඒ 4% පින්තුරයේ හතර වටින්ම අඩු වෙලා
තමයි පෙනෙන්නේ. මගේ D90 යෙත් එහෙමම තමයි. නමුත් D7000 එකේ 100% පෙනෙනවා.
ඒක නිසාමයි මම professional level ඒකෙන මෙහා එකක් නම් ගන්නේ, D7000 එක
හොඳයි කියන්නේ. එක release උනේ 2010 ඔක්තෝබර් මාසෙදි. සාමාන්‍යයෙන් canon
lens වලට සාපේක්ෂව Nikon lens ටිකක් මිල අධිකයි. ඒක නිසා Nikon body ඒක
අරන් Tamron, Sigma වගේ ජපානයේ lens company වලින් හදන lens එකක් ගොඩක්
අඩු මුදලට ගන්න පුළුවනි. quality එකේ වෙනසක් නැහැ. මෙහෙ ඉන්න
professional photographers ලත ඔය හැම මොඩලයක්ම පාවිච්චි කරනවා. හැබැයි
ලංකාවට මම අපු වෙලාවේ Tamron lens ගැන කතා කලාම photographers ල බයයි.
මොකද ලංකාවේ ඒ මොඩලය ජනප්‍රිය නැති නිසා. ඉතින් කැමරා ගැන තවත් ප්‍රශ්න
තියෙනවනම් අහන්න මම reply කරන්නම්.

ස්තුතියි.


On Jan 15, 4:42 am, Dhanushka Samarakoon <dhan...@gmail.com> wrote:
> Sinhalen type karanna dan welaa naa. ee hinda english walinma gahannam.
>
> I'm using a Canon 450D, since I'm used to Canons and most of my friends have
> Canons, we could exchange lenses. Both Canon and Nikon are good. But I can't
> say the same about other brands.
>
> 450D, 550D series is targeted towards the consumer market and 60D series is
> more towards the Pro-sumer market. I think processing capabilities are
> pretty similar. The major difference is the build quality. I think 60D has a
> metal body, while 550D does not.
>
> My advice is if the price difference is huge, save your money and go for a
> 550D.
>
> If you can buy only the body (without the kit lens) then do it and buy
> lenses based on your needs.
> 28-135mm one could easily replace the kit lens. Another lens I would advice
> to give a try is the 50mm 1.8 prime lens.
>

> 2011/1/14 Gayan Dias <gdicreati...@gmail.com>


>
>
>
>
>
>
>
> > මට කැමරාවක් මිලදි ගන්න ඕන වෙලා තියෙනවා Canon තමයි ගන්න හිතන්
> > ඉන්නේ.මුලින් හිතාගෙන හි‍ටියේ 550D කියන එක ගන්නවා කියලා එත් මට
> > ආරන්චියක් ආවා Canon 60D හොදයි කියලා.ඉතින් මට තාම තේරෙන්නනේ නැ කොයි
> > කැමරාවද හොද කියලා?‍(මම කැමරාවක් ගන්නේ විනොදාංශයට පිංතුර ගන්න)ගානත් දැන
> > ගන්න තිබුනොත් හොදයි....
>
> > ස්තුතියි
>
> > --
> > Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> > Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> > ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >http://www.techkatha.com/rules-and-regulations/
>
> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> > ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> > Teckකතා හින් ඉවත්වීම සඳහා

> >http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.

P K T Sampath

unread,
Jan 16, 2011, 8:47:25 AM1/16/11
to tech...@googlegroups.com
Mamat Camera Ekak Ganna Hadanne.

Mata Salli Nam Thiyenne LKR 40000 Witara Thamai

Mama Baluwa Nikon L110 And Panasonic FZ35 Camara Dekama

Me Deken Wadiya Hoda Mokadda Kiyala Kiyanna Puluwannda ?

--
P K T Sampath Siriwardana

KAPILA

unread,
Jan 17, 2011, 8:21:51 AM1/17/11
to Techකතා
Nikon සහ Panasonic කැමරා දෙකේ specifications වලට අනුව නම්, Nikon එකේ
තියෙන්නේ point and shoot තත්වයයි. Panasonic එකේනම් DSLR qualities
තියෙනවා. මා Nikon D90 user කෙනෙක් හැටියට ඉහත කැමරා දෙකෙන් Panasonic
එකට කැමතියි. කැමරා වල auto කියල තියෙන දේවල් පරිස්සමින් පාවිච්චි කරන්න
කියල මම කියනවා. හැබැයි මේකයි, මේ වගේ එකක් අරන් ටික කාලයක් පාවිච්චි
කරද්දී photography ගැන තියෙන අවබෝධය වැඩි වෙන්න ගන්නවා. එතකොට මේ කැමරාව
ඔයාට මදි වෙන්න ගන්නවා. අඩුම තරමින් lens මාරුකරගෙන, filters දාගෙන
පාවිච්චි කරන්න පුළුවන් එකක්වත් ගන්න try කරන්න. මම හිතන්නේ LKR 40,000
කට Nikon D40, D60 වගේ එකක් ගන්න බැරි වෙන එකක් නැහැ. Canon කැමරාත්
තියෙනවා අඩු මුදලට. මම කියන්නේ DSLR එකක් ගන්න පුළුවනි නම් හොඳයි.
Panasonic කැමරා වල මම අකමැතිම දේ තමයි Digital Viewfinder ඒක. Optical
Viewfinder ඒක තමා photography කරනවානම් වටින්නේ. හැබැයි ඔයා කැමරාවක්
ගන්නේ Photography නැතිව සාමාන්‍ය එදිනෙදා පින්තුර ගන්නනම් Panasonic එක
හොඳටම ප්‍රමාණවත්.

ස්තුතියි.

PKT Sampath

unread,
Jan 17, 2011, 9:05:43 AM1/17/11
to Techකතා

On Jan 17, 8:21 am, KAPILA <kapila.sud...@gmail.com> wrote:
> Nikon සහ Panasonic කැමරා දෙකේ specifications වලට අනුව නම්, Nikon එකේ
> තියෙන්නේ point and shoot තත්වයයි. Panasonic එකේනම් DSLR qualities
> තියෙනවා. මා Nikon D90 user කෙනෙක් හැටියට ඉහත කැමරා දෙකෙන් Panasonic
> එකට කැමතියි. කැමරා වල auto කියල තියෙන දේවල් පරිස්සමින් පාවිච්චි කරන්න
> කියල මම කියනවා. හැබැයි මේකයි, මේ වගේ එකක් අරන් ටික කාලයක් පාවිච්චි
> කරද්දී photography ගැන තියෙන අවබෝධය වැඩි වෙන්න ගන්නවා. එතකොට මේ කැමරාව
> ඔයාට මදි වෙන්න ගන්නවා. අඩුම තරමින් lens මාරුකරගෙන, filters දාගෙන
> පාවිච්චි කරන්න පුළුවන් එකක්වත් ගන්න try කරන්න. මම හිතන්නේ LKR 40,000
> කට Nikon D40, D60 වගේ එකක් ගන්න බැරි වෙන එකක් නැහැ. Canon කැමරාත්
> තියෙනවා අඩු මුදලට. මම කියන්නේ DSLR එකක් ගන්න පුළුවනි නම් හොඳයි.
> Panasonic කැමරා වල මම අකමැතිම දේ තමයි Digital Viewfinder ඒක. Optical
> Viewfinder ඒක තමා photography කරනවානම් වටින්නේ. හැබැයි ඔයා කැමරාවක්
> ගන්නේ Photography නැතිව සාමාන්‍ය එදිනෙදා පින්තුර ගන්නනම් Panasonic එක
> හොඳටම ප්‍රමාණවත්.
> ස්තුතියි.
>
>


බොහොම ස්තුතියි සහොදරයා

අරවින්ද

unread,
Jan 17, 2011, 7:51:36 PM1/17/11
to Techකතා
DSLR වල මිල ගණන් ගැන පොඩ්ඩක් කියන්නම්.
දැනට Nikon D40 D60 වගේ කැමරා නිෂ්පාදනය කෙරෙන්නේ නෑ. අලුතෙන්ම ගන්නවා
නම් Mid Rang එකෙන් D90 හෝ D7000 Entry Level නම් D3000 හෝ D3100 තමයි
ගන්න වෙන්නේ.
D90 මිළ දැනට රු 1,20ත් රු 1,35ත් අතර වෙයි. D3000 එක ‍රු70000-රු80000
අතරත් D31000 එක රු80000-රු90000ත් අතර වෙයි. Canon ගැන බැලුවොත් ගන්න
තියන අඩුම කැමරාව 1000D. රු65000ක් විතර වෙයි. මේක Entry Level එකටත් පහල
මට්ටමේ එකක්. Entry Level එක ගත්තොත් 550D එක 18-55mm Lens එකත් එක්ක
1,20ක් වෙයි. Canon Mid Range එක නම් 1,75 පනිනවා. Canon ද Nikon ද හොඳ
කියනවට වඩා ‍ඔබේ අතේ ඇති මුලදට වැඩි පහසුකම් ඇති කැමරාවක් බලන්න. Canon
නම් ටිකක් ගණන් වැඩියි. ලංකාවේ එච්චර තාමත් ජනප්‍රිය නැති උනත් ලෝකයේ
වේගයෙන් ජනප්‍රිය වෙන Sony Alfa කැමරාත් මිල අඩු ඉතාම හොඳ කැමරා
වර්ගයක්. Canon ගැන බලන්න බොරැල්ලේ Metropolitan එකට, Sony ගැන බලන්න
Seedles එකට ගිහින් බලන්න. Nikon ගැන බලන්න Photo Technika යනවට වඩා නම්
පිටකොටුවේ බතික් සෙන්ටර් හෝ හෙළදිව එකට යන එක ඇඟට ගුණයි.

Gayan Dias

unread,
Jan 17, 2011, 8:35:48 PM1/17/11
to tech...@googlegroups.com
Sorry Singlish Type Kalata Me Computer eke Sinhala Dala Na.anywy Thanks Kapila............Mara Watina Pilithurak mata godak watina dewal eke thiyenawa.....thanx again.

Gayan Dias

unread,
Jan 17, 2011, 8:36:26 PM1/17/11
to tech...@googlegroups.com
Thank Sahodaraya....watina Pilithurak

Pravin ඉන්දරේ Indranama

unread,
Jan 17, 2011, 9:18:12 PM1/17/11
to tech...@googlegroups.com
1. Sony බලයලත් වෙළඳ නියෝජිතයා Siedles උනාට එයාලා DSLR ගෙන්නවන්නේ නෑ කිව්වා. මම සීඩිල්ස් ප්‍රධාන ෂෝරූම් එකටම ගිහින් අහලයි දැනගත්තේ.

2. Photo Technica එකේ තියෙන අඩුම මිල DSLR එකත් රු 95,000 ක්.

3. Metropoliton එකේ තියෙන අඩුම මිල DSLR එක (550D) රු 110,000 ක්.

4. Canon 1000D එක හොයාගන්න නෑ දැන් කොහෙවත්, Abans එකේ ඇරෙන්න. මොකද ඒක නිෂ්පාදන කරන්නෙ නැති නිසා. අබාන්ස් එකේ ඒක රු 76,000ක් වෙනවා. (හැබැයි සමහර විට වොරන්ට් නැතුව පිටකොටුවෙන් නම් හොයාගන්න පුලුවන් වේවි)



2011/1/18 අරවින්ද <achand...@gmail.com>

DSLR වල මිල ගණන් ගැන පොඩ්ඩක් කියන්නම්.
දැනට Nikon D40 D60 වගේ කැමරා නිෂ්පාදනය කෙරෙන්නේ නෑ. අලුතෙන්ම ගන්නවා
නම් Mid Rang එකෙන් D90 හෝ D7000 Entry Level නම් D3000 හෝ D3100 තමයි
ගන්න වෙන්නේ.
D90 මිළ දැනට රු 1,20ත් රු 1,35ත් අතර වෙයි. D3000 එක ‍රු70000-රු80000
අතරත් D31000 එක රු80000-රු90000ත් අතර වෙයි. Canon ගැන බැලුවොත් ගන්න
තියන අඩුම කැමරාව 1000D. රු65000ක් විතර වෙයි. මේක Entry Level එකටත් පහල
මට්ටමේ එකක්. Entry Level එක ගත්තොත් 550D එක 18-55mm Lens එකත් එක්ක
1,20ක් වෙයි. Canon Mid Range එක නම් 1,75 පනිනවා. Canon ද Nikon ද හොඳ
කියනවට වඩා ‍ඔබේ අතේ ඇති මුලදට වැඩි පහසුකම් ඇති කැමරාවක් බලන්න. Canon
නම් ටිකක් ගණන් වැඩියි. ලංකාවේ එච්චර තාමත් ජනප්‍රිය නැති උනත් ලෝකයේ
වේගයෙන් ජනප්‍රිය වෙන Sony Alfa කැමරාත් මිල අඩු ඉතාම හොඳ කැමරා
වර්ගයක්.  Canon ගැන බලන්න බොරැල්ලේ Metropolitan එකට, Sony ගැන බලන්න
Seedles එකට ගිහින් බලන්න. Nikon ගැන බලන්න Photo Technika යනවට වඩා නම්
පිටකොටුවේ බතික් සෙන්ටර් හෝ හෙළදිව එකට යන එක ඇඟට ගුණයි.



--


PKT Sampath

unread,
Jan 17, 2011, 10:19:47 PM1/17/11
to Techකතා

On Jan 18, 5:51 am, අරවින්ද <achandrapa...@gmail.com> wrote:
> DSLR වල මිල ගණන් ගැන පොඩ්ඩක් කියන්නම්.
> දැනට Nikon D40 D60 වගේ කැමරා නිෂ්පාදනය කෙරෙන්නේ නෑ. අලුතෙන්ම ගන්නවා
> නම් Mid Rang එකෙන් D90 හෝ D7000 Entry Level නම් D3000 හෝ D3100 තමයි
> ගන්න වෙන්නේ.
> D90 මිළ දැනට රු 1,20ත් රු 1,35ත් අතර වෙයි. D3000 එක ‍රු70000-රු80000
> අතරත් D31000 එක රු80000-රු90000ත් අතර වෙයි. Canon ගැන බැලුවොත් ගන්න
> තියන අඩුම කැමරාව 1000D. රු65000ක් විතර වෙයි. මේක Entry Level එකටත් පහල
> මට්ටමේ එකක්. Entry Level එක ගත්තොත් 550D එක 18-55mm Lens එකත් එක්ක
> 1,20ක් වෙයි. Canon Mid Range එක නම් 1,75 පනිනවා. Canon ද Nikon ද හොඳ
> කියනවට වඩා ‍ඔබේ අතේ ඇති මුලදට වැඩි පහසුකම් ඇති කැමරාවක් බලන්න. Canon
> නම් ටිකක් ගණන් වැඩියි. ලංකාවේ එච්චර තාමත් ජනප්‍රිය නැති උනත් ලෝකයේ
> වේගයෙන් ජනප්‍රිය වෙන Sony Alfa කැමරාත් මිල අඩු ඉතාම හොඳ කැමරා
> වර්ගයක්.  Canon ගැන බලන්න බොරැල්ලේ Metropolitan එකට, Sony ගැන බලන්න
> Seedles එකට ගිහින් බලන්න. Nikon ගැන බලන්න Photo Technika යනවට වඩා නම්
> පිටකොටුවේ බතික් සෙන්ටර් හෝ හෙළදිව එකට යන එක ඇඟට ගුණයි.
>
>

Mata Dana Ganna Puluwan Da පිටකොටුවේ බතික් සෙන්ටර් Ha හෙළදිව Eke Phone
No Ekak

Gayan Dias

unread,
Jan 17, 2011, 11:55:01 PM1/17/11
to tech...@googlegroups.com
මට Metropoliton එකේ දුරකථන අංකයක් ලබා ගන්න පුලුවන්ද??????

Pravin ඉන්දරේ Indranama

unread,
Jan 18, 2011, 12:33:22 AM1/18/11
to tech...@googlegroups.com
2011/1/18 Gayan Dias <gdicre...@gmail.com>

මට Metropoliton එකේ දුරකථන අංකයක් ලබා ගන්න පුලුවන්ද??????


http://mcentre.lk/ බලන්න

--

Kasun Warnakulasuriya

unread,
Jan 18, 2011, 12:38:54 AM1/18/11
to tech...@googlegroups.com
ඇත්තටම මමත් SLR කැමරාවක් ගන්න හිතාගෙන ඉන්නෙ. ඔළුවෙ තිබුනෙ Nikon and Canon. ඒත් අරවින්ද සහෝදරයා කියපු විදිහට Sony Alfa ටිකක් ගාන අඩුයි වගේ.

ඇත්තටම Sony Alfa කැමරාව ලෝකයේ ජනප්‍රිය වෙන්න හේතුව මේ මිළ අඩු කමද නැත්නම් Nikon, Canon වලට වඩා එහි ගුණාත්මක බවේ වෙනසක් තියනවද?

දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න.

ස්තූතියි !

කසුන්

2011/1/18 Gayan Dias <gdicre...@gmail.com>
මට Metropoliton එකේ දුරකථන අංකයක් ලබා ගන්න පුලුවන්ද??????

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/

ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
Thank You and Best Regards,

Kasun Warnakulasuriya
කසුන් තාරක වර්ණකුළසූරිය

???????

unread,
Jan 18, 2011, 7:24:44 AM1/18/11
to tech...@googlegroups.com

>2. Photo Technica එකේ තියෙන අඩුම මිල DSLR එකත් රු 95,000 ක්.

 Photo Technica එකේ කොහොමත් ගණන් වැඩියි. Service එකත් අවුල්.

>ඇත්තටම Sony Alfa කැමරාව ලෝකයේ ජනප්‍රිය වෙන්න හේතුව මේ මිළ අඩු කමද නැත්නම් Nikon, Canon වලට වඩා එහි ගුණාත්මක බවේ වෙනසක් තියනවද?

එකට නම් ඉතිං හරියටම උත්තරයක් කියන්න අමාරුයි. Nikon කැමරාවල උනත් Sensor එක හදන්නේ Sonyලා. Sony කැමරා මිල අඩු බව නම් ඇත්ත. අනික් අතට Nikon Canon වගේ ප්‍රධාන කැමරා වර්ග එක්ක සරල‍ව සංසන්දනය කළත් ලොකු වෙනසක් කියන්න අමාරුයි. ලංකාවේ නම් තාමත් Sony DSLR ජනප්‍රිය නෑ. අනික කැමරාවක් ගත්තහම තව ගන්න ඕනේ වෙන ලෙන්ස් ෆ්ලැෂ් වගේ දෙවල් ගැන බලන කොට Nikon Canon ලංකාවේ තාමත් ඉදිරියෙන්. සීඩ්ල්ස්ලා ළඟ DSLR කැමරාත් නැත්නම් Sony ලෙන්ස් එකක් හොයාගන්න කොච්චර අමාරු වෙයි ද.   
පොඩ්ඩක් Search එකක් දාලා බලන්න Sony-Nikon-Canon සංසන්දනය කරපු ලිපි ‍ඕනේ තරම් ඇති

>Mata Dana Ganna Puluwan Da පිටකොටුවේ බතික් සෙන්ටර් Ha හෙළදිව Eke Phone
No Ekak

බතික් සෙන්ටර් එකේ No එක නම් නෑ. එක තියෙන්නේ මල්වත්ත පාරේ 200m විතර යනකොට වම් පැත්තේ.
හෙළදිව -  0112324850 / 0113075105

KAPILA

unread,
Jan 18, 2011, 8:42:02 AM1/18/11
to Techකතා
මේකට මට මෙහෙම පිළිතුරක් දෙන්න පුළුවනි. මේක ප්‍රායෝගික එකක් පමණයි.
සාමාන්‍යයෙන් මම හැමදාම වැඩට යන්නේ කෝච්චියෙන්. ජපන්නු හරියට කෝච්චිවල
පින්තුර ගන්නවා. හැමදාම වගේ station එකට යනකොට කැමරා 2-3 ක් තියාගෙන ඔහේ
පින්තුර ගන්නවා. හැබැයි මම හරිම හරිම කලාතුරකින් තම දකින්නේ sony alfa
ඒක. මම ඒක සැහෙන්න try කරලා තියෙනවා. ප්‍රශ්නයකට තියෙන්නේ ජපානේ තියෙන
sony alfa එකේ විතරක් multi language support කරන්නේ නැහැ. මම සැහෙන්න
shop වල ඉන්න අයත් එක්ක try කළා multi language menu එකක් තිඑනවද බලන්න,
එත් නැහැ. හැබැයි වෙනත් රටවල ඒවා වල නම් තියෙනවා. අනෙක් ඕනෑම මොඩලයකම
multi language support කරනවා. මමත් හිතනවා පෞද්ගලිකව මම sony alfa වලට
අකමැති උනත්, ඒක හොඳ මිලෙන් අඩු කැමරාවක් කියල. මට හිතා ගන්නත් බැහැ ඇයි
ඒක ඒ තරමටම ජපනෙත් ප්‍රසිද්ධ නැත්තේ කියල. සාමාන්‍යයෙන් දවසකට මම කැමරා
බොහෝ ගණනක් දකිනවා, එත් sony alfa එකක් කලාතුරකින් තමා දකින්නේ. ඉතින්
එහෙම දෙයක් තියෙනවා. මම තව ටිකක් test කරලා බලල update එකක් දාන්නම්
සෙනසුරාදට.

ස්තුතියි.

On Jan 18, 2:38 pm, Kasun Warnakulasuriya <kasu...@gmail.com> wrote:
> ඇත්තටම මමත් SLR කැමරාවක් ගන්න හිතාගෙන ඉන්නෙ. ඔළුවෙ තිබුනෙ Nikon and Canon.
> ඒත් අරවින්ද සහෝදරයා කියපු විදිහට Sony Alfa ටිකක් ගාන අඩුයි වගේ.
>
> ඇත්තටම Sony Alfa කැමරාව ලෝකයේ ජනප්‍රිය වෙන්න හේතුව මේ මිළ අඩු කමද නැත්නම්
> Nikon, Canon වලට වඩා එහි ගුණාත්මක බවේ වෙනසක් තියනවද?
>
> දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න.
>
> ස්තූතියි !
>
> කසුන්
>

> 2011/1/18 Gayan Dias <gdicreati...@gmail.com>


>
>
>
>
>
>
>
>
>
> > මට Metropoliton එකේ දුරකථන අංකයක් ලබා ගන්න පුලුවන්ද??????
>
> >  --
> > Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> > Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> > ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >http://www.techkatha.com/rules-and-regulations/
>
> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> > ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> > Teckකතා හින් ඉවත්වීම සඳහා

> >http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> > වෙබ් අඩවියhttp://www.techkatha.com

PKT Sampath

unread,
Jan 18, 2011, 8:55:26 AM1/18/11
to Techකතා

>
> බතික් සෙන්ටර් එකේ No එක නම් නෑ. එක තියෙන්නේ මල්වත්ත පාරේ 200m විතර යනකොට වම්
> පැත්තේ.
> හෙළදිව -  0112324850 / 0113075105


Thanks Bro

Kasun Warnakulasuriya

unread,
Jan 20, 2011, 5:25:03 AM1/20/11
to tech...@googlegroups.com
ස්තූතිය කපිල සහෝදරයා තොරතුරු වලට. Update එක එනකම් බලන් ඉන්නවා එහෙනම්. මොකද මොන දේටත් වඩා කෙනෙක් ගේ අක්දැකීම් වැදගත් මේ වගේ වැඩ වලදි.

2011/1/18 KAPILA <kapila...@gmail.com>
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/

ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

KAPILA

unread,
Jan 23, 2011, 12:48:44 AM1/23/11
to Techකතා
පොරොන්දු වූ පරිදි මම ඊයේ(සෙනසුරාද) sony alfa කැමරාව ගැන බලන්න ගියා
වැඩට ගොස් එන ගමන්. අනේ මන්ද ඇයි sony කොම්පැනිය competitive DSLR එකක්
හදන්නේ නැත්තේ ඇයි කියලා. සමහරවිට sony සමාගමේ ලොකු target එකක්
නොවෙන්නත් පුළුවනි professional photographers ල. මේ දිනවල හැම show room
එකකම තියෙන්නේ Sony Alfa 33 සහ 55 කියන මොඩල දෙකයි. මේ දෙකෙන් එකක් මම
ගන්නේ වෙන ගන්න කැමරාවක් ඇත්තෙම නැතිනම් පමණයි. viewfinder එකට ඇහැ තියල
බලපු ගමන්ම alfa ගැන වෙන බලන්න දෙයක් නැහැ කියල. එකේ තියෙන්නේ electronic
viewfinder එකක්. photography කලාවක් විදියට කරන්න නම් optical
viewfinder එකක් විය යුතුමයි. optical viewfinder කියන්නේ, අපි eye piece
එකට ඇහැ තියල බලපුවම ප්‍රිස්ම හරහා ලෙන්ස් එක හරහා අපි ගන්න හදන පින්තුරය
ඇහැට පෙනෙනවා. electronic viewfinder කියන්නේ, eye piece එකට ඇහැ තියල
බලපුවම පුංචි රුපවාහිනී තිරයකින් බලනවා වගේ පෙනෙන්නේ. සමා වෙන්න මේක
සිංහලෙන් පැහැදිලි කරන්න අමාරුයි. තවත් විදියකින් කියනවනම්, ඇහැ තියල බලන
එක ඇතුලේ තියෙන්නේ පොඩි TV එකක්. ඒකෙන් අපට පේනවා අපි ගන්න හදන පින්තුරය.
professional කැමරා වල තිබෙන්නේත් optical viewfinder එක පමණයි. අනිත්
කරුණ නම්, විශාල lens වර්ග ප්‍රමාණයක් නැහැ අපිට තෝරා ගන්න Nikon, canon
කැමරා වල වගේ. මිලෙන් නම් සැහෙන්න අඩුයි. මගේ ඇස් වලටනම්, නිකන් ladies
කැමරා models වගේ. සමා වෙන්න මෙහෙම කිව්වට. මටනම් කිසිම පැහැදීමක් නැහැ
sony alfa කැමරා. ඊට වඩා pentax කැමරා ගොඩක් advanced. ඔබට අවශ්‍ය කැමරාව
LR3 බැටරි වලින් හෙවත් පෙන් ටෝච් බැටරි වලින් වැඩ කරන එකක් නම් Pentax
හොඳයි. එකට කෙලින්ම LR3 දාන්න පුළුවනි. හැබැයි D90 එකටත් LR3 බැටරි
ඇඩප්ටර් තියෙනවා. ඔබ creative photography කලාවක් විදියට නම් කරන්න
හදන්නේ, sony alfa ගැන දෙසැරයක් හිතන්න. තවත් දෙයක් තියෙනවා මට හිතුන
සෝනි ඇල්ෆා ගැන, viewfinder එක electronic නිසා, ඉතා ඉක්මනින් බැටරිය
බහිනවා. තවත් ප්‍රශ්න තියෙනවනම් අහන්න.
ස්තුතියි,
කප්පා.

On Jan 20, 7:25 pm, Kasun Warnakulasuriya <kasu...@gmail.com> wrote:
> ස්තූතිය කපිල සහෝදරයා තොරතුරු වලට. Update එක එනකම් බලන් ඉන්නවා එහෙනම්. මොකද
> මොන දේටත් වඩා කෙනෙක් ගේ අක්දැකීම් වැදගත් මේ වගේ වැඩ වලදි.
>

> 2011/1/18 KAPILA <kapila.sud...@gmail.com>

Kasun Warnakulasuriya

unread,
Jan 23, 2011, 10:35:17 PM1/23/11
to tech...@googlegroups.com
හිතවත් කපිල,

බොහොම ස්තූතියි මේ පැහැදිලි කිරීමට. Electeronic View Finder එක Professional Photographers ලාට හරියන්නෙ නැති විත්තිය නම් මම අහලා තිබ්බා. ඒත්ඔයාගෙ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. එහෙමනම් ඉතින් කොහොම හරි දත කාලා Nikon, Canon දෙකෙන් එකකට යන එක හොඳයි එක පාරම.

බොහොම ස්තූතියි !

කසුන්

2011/1/23 KAPILA <kapila...@gmail.com>
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/

ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

P K T Sampath

unread,
Jan 25, 2011, 7:56:34 AM1/25/11
to tech...@googlegroups.com
Kapila Oyata Puluwada Mata LKR 40000 Adu Hoda Camara Ekak Hoyala Kiyanna. Podi Professional  Penumak Thiyana Ekak
Loku Udauwak

Thilina Jayanath

unread,
Jan 26, 2011, 2:16:02 AM1/26/11
to tech...@googlegroups.com


2011/1/25 P K T Sampath <pktsa...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
සෝනි HX1 කියන එක පොඩ්ඩක් බලන්න.

KAPILA

unread,
Jan 26, 2011, 8:55:20 AM1/26/11
to Techකතා
D90 එක 1,20ක් වෙන්නේ kit lens එකත් එක්කද, නැතිනම් body එක පමණක්ද?

KAPILA

unread,
Jan 26, 2011, 8:57:12 AM1/26/11
to Techකතා
OK සම්පත් මම ආයෙ ගිහින් බලන්නම් ඔයාට උදව්වක් ලෙස.

P K T Sampath

unread,
Jan 26, 2011, 8:23:01 PM1/26/11
to tech...@googlegroups.com


2011/1/26 KAPILA <kapila...@gmail.com>
OK සම්පත් මම ආයෙ ගිහින් බලන්නම් ඔයාට උදව්වක් ලෙස.


Thanks Kapila
> --
> P K T Sampath Siriwardana

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

123

unread,
Jan 26, 2011, 9:51:46 PM1/26/11
to Techකතා
Kit Lens එකත් එක්ක. 18-105mm
Nikon හරි හමං ඩීලර් කෙනෙක් නැති නිසා මිළ නිතර වෙනස් වෙනවා. අපේ
යාළුවෙක් උදේ හෙළදිව එකට කෝල් කළාම 1,20 කියලා.හවස ගන්න කියලා යනකොට
1,28යි. එක නිසා මිළ ස්ථිර නෑ. දැනට මාස 5කට විතර කලින් 1,40ට නැග්ගා
මිළ. දැන් නම් ආයෙත් අඩු‍ වෙලා.

KAPILA

unread,
Jan 27, 2011, 8:00:45 AM1/27/11
to Techකතා
ස්තුතියි, මෙහෙ LKR 120,000ක් වගේ වෙන්නේ අවුරුද්දක වගකීම සමඟ. එකම වගේ
ගණන් නේද.

123

unread,
Jan 27, 2011, 11:09:59 PM1/27/11
to Techකතා
පිටකොටුවෙන් ගන්නවා නම් වගකීම මාස 6යි. වැඩිපුර තව මාස 6ක් ඕනේ නම් ටිකක්
ගාණ වැඩිවෙයි. කොහොමත් පිටකෝටුවේ වෙළදාමක් නිසා මේවට හරි හමං පිළිවෙළක්
නෑ. සමහර කාලවල අවුරුද්දේ වගකීම තියනවා. සමහර කාලවලට මාස 6යි. මිළ වගේම
තමයි

Chinthana

unread,
Jan 29, 2011, 6:57:46 AM1/29/11
to tech...@googlegroups.com
Thanks Kapila.

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com


--
බ්ලොග් ශ්‍රී ලංකා - http://blogsrilanka.tk
පරිගණක - http://blogsrilankapariganaka.tk
සිංහලෙන් Tutorials - http://blogsrilankasinhalentutorials.tk
e නිදහස - http://blogsrilankaenidahasa.tk
ෂා - http://blogsrilankasha.tk
ටෙක් - http://blogsrilankatech.tk
e News >> - http://blogsrilankaenews.tk

බ්ලොග්කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය. ෴

tharanga madalakanda

unread,
Jan 29, 2011, 8:25:02 AM1/29/11
to Techකතා
Panasonic Lumix DMC-FZ range එකේ කැමරාවක් ඔය ගානට ගන්න පුලුවන් 24 x
Zoom එක්ක. වැඩිදුරටත් විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න photo quality
කොහොමද කියලා.

P K T Sampath

unread,
Jan 29, 2011, 10:07:51 AM1/29/11
to tech...@googlegroups.com
FujiFilm Digitel Camera Hodada
Mama Ganna Baluwe S2950 Model Eka
RS: 34000 Wge Wenne

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

අරවින්ද චන්ද්‍රපද්ම

unread,
Jan 29, 2011, 11:50:18 PM1/29/11
to tech...@googlegroups.com
FujiFilm ලංකාවේ ඩීලර් ළඟ උනත් තියෙන සමහර මොඩල්ස් චීන ඒවා. අතට ගත්තහම දැනෙනවා බාල ගතිය. ඒක නිසා හොඳට හොයලා බලලා ගන්න.

KAPILA

unread,
Jan 30, 2011, 8:21:09 AM1/30/11
to Techකතා
Fujifilm digital කැමරා හොඳයි. හැබැයි මේ මොඩල් එකේ මම අකමැතිම දේ තමා
Lens මාරු කරන්න බැරිකම. ඒක ලොකු limitation එකක්. මම එහෙම කියන්නේ
practically. මමත් D90 එකත් එක්ක 18-200mm ලෙන්ස් ඒක පාවිච්චි කරද්දී
දැන් 300mm, 400mm එකක් ඕනි කියල හිතෙනවා කුරුල්ලන්, කැලෑ සතුන්ගේ
පින්තුර ගනිද්දී. එසේම macro පින්තුර ගනිද්දී extension tube එකක් අවශ්‍ය
වෙනවා. ඉතින් DSLR මොඩලයක් නෙවේ නම්, limitation ගොඩයි.

On Jan 30, 12:07 am, P K T Sampath <pktsamp...@gmail.com> wrote:
> FujiFilm Digitel Camera Hodada
> Mama Ganna Baluwe S2950 Model Eka
> RS: 34000 Wge Wenne
>

> On 29/01/2011, tharanga madalakanda <tharangasuje...@gmail.com> wrote:
>
>
>
>
>
>
>
>
>
> > Panasonic Lumix DMC-FZ range එකේ කැමරාවක් ඔය ගානට ගන්න පුලුවන් 24 x
> > Zoom එක්ක. වැඩිදුරටත් විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න photo quality
> > කොහොමද කියලා.
>
> > On Jan 25, 6:56 pm, P K T Sampath <pktsamp...@gmail.com> wrote:
> >> Kapila Oyata Puluwada Mata LKR 40000 Adu Hoda Camara Ekak Hoyala Kiyanna.
> >> Podi Professional  Penumak Thiyana Ekak
> >> Loku Udauwak
> >> --
> >> P K T Sampath Siriwardana
>
> > --
> > Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> > Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> > ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >http://www.techkatha.com/rules-and-regulations/
>
> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> > ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> > Teckකතා හින් ඉවත්වීම සඳහාhttp://googlegroups.com/group/techkatha/subscribe
> > වෙත යන්න.
>

> > වෙබ් අඩවියhttp://www.techkatha.com

Pathum Herath

unread,
Feb 3, 2011, 12:25:52 AM2/3/11
to tech...@googlegroups.com
බොහෝම වැදගත් සාකච්චාවක්... මමත් කැමරාවක් ගන්න විස්තර එකතු කරන ගමන් ඉන්නෙ මේ දවස් වල.. මටත් වියදම් කරන්න නම් පුළුවන් 40-60ක් වගේ ගානක් තමයි. හැබැයි මම බැංකොක් යන්න හිතාගෙන ඉන්නවා අප්‍රේල් වල.. එහෙ මිල ගනන් කොහොම ද දන්නෑ නේද?  DSLR එකක් ගන්න ආසයි.. ඔය ගානට ගන්න පුළුවන් වෙයි ද? බ්‍රැන්ඩ් එක නම් මොකක් වුණත් කමක් නෑ..

ස්තූතියි...
෴පැතුම්/Pathum෴

2011/1/30 KAPILA <kapila...@gmail.com>
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/

KAPILA

unread,
Feb 3, 2011, 9:08:53 AM2/3/11
to Techකතා
DSLR කියන අකුරු හතරට අහුවෙන්න එපා. ඔයා කරන්න බලාපොරොත්තු වෙනදෙයට අදාල
කැමරාවක් මුලින්ම ඉන්ටර්නෙට් එකෙන් හොයල බලල තීරණය කලොත් පසුවට පසු
තැවෙන්න වෙන එකක් නැහැ කියලයි මගෙ අදහස. 40-60 වගේ ගණනකට පාවිච්චි කරපු
එකක් තමා සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන්. කලින් Nikon D40, D60 වගේ අලුත්
කැමරා ඔය ගන්නට ගන්න තිබුනත් දැන් නම් ජපානේ shops වල නැහැ දකින්න. මම
හිතන්නේ out of production.

On Feb 3, 2:25 pm, Pathum Herath <virtualpat...@gmail.com> wrote:
> බොහෝම වැදගත් සාකච්චාවක්... මමත් කැමරාවක් ගන්න විස්තර එකතු කරන ගමන් ඉන්නෙ මේ
> දවස් වල.. මටත් වියදම් කරන්න නම් පුළුවන් 40-60ක් වගේ ගානක් තමයි. හැබැයි මම
> බැංකොක් යන්න හිතාගෙන ඉන්නවා අප්‍රේල් වල.. එහෙ මිල ගනන් කොහොම ද දන්නෑ
> නේද?  DSLR එකක් ගන්න ආසයි.. ඔය ගානට ගන්න පුළුවන් වෙයි ද? බ්‍රැන්ඩ් එක නම්
> මොකක් වුණත් කමක් නෑ..
>
> ස්තූතියි...
> ෴පැතුම්/Pathum෴
>

> 2011/1/30 KAPILA <kapila.sud...@gmail.com>

> >http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.

අරවින්ද චන්ද්‍රපද්ම

unread,
Feb 4, 2011, 2:57:35 AM2/4/11
to tech...@googlegroups.com
60කට නම් සමහර විට Nikon D3000 එක හෝ Canon 1000D එක ගන්න පුලුවන් වෙයි. එත් මේ දවස්වල ගණන් කොහොමද කියලා හරියටම දන්නේ නෑ. Nikon site එකේ හැටියටත් D40, D40X, D50, D60, D70, D80 ඔක්කොම production නවත්තලා. D90ත් ඉක්මනටම නැවතෙයි D7000 එක නිසා.
ඔයා කැමරාවෙන් ‍වෘත්තීයව වැඩ කරන්නෙත් නැත්නම්, DSLR එකක් අරගෙන ඊට පස්සේ ලෙන්ස්වලට කැමරාබෑග් වල‍ට වියදම් කරන්නත් බැරිනම්, ආසාවට කලාත්මක ඡායාරූපකරණයේ යෙදෙනවා පමණක් නම් ලොකු Zoom Rang එකක් තියන හොඳ තත්ත්වයේ Compact කැමරාවක් ඔය ගාණට ලේසියෙන් ම ගන්න පුලුවනි.

P K T Sampath

unread,
Feb 4, 2011, 9:38:12 PM2/4/11
to tech...@googlegroups.com


2011/2/4 අරවින්ද චන්ද්‍රපද්ම <achand...@gmail.com>
60කට නම් සමහර විට Nikon D3000 එක හෝ Canon 1000D එක ගන්න පුලුවන් වෙයි. එත් මේ දවස්වල ගණන් කොහොමද කියලා හරියටම දන්නේ නෑ. Nikon site එකේ හැටියටත් D40, D40X, D50, D60, D70, D80 ඔක්කොම production නවත්තලා. D90ත් ඉක්මනටම නැවතෙයි D7000 එක නිසා.
ඔයා කැමරාවෙන් ‍වෘත්තීයව වැඩ කරන්නෙත් නැත්නම්, DSLR එකක් අරගෙන ඊට පස්සේ ලෙන්ස්වලට කැමරාබෑග් වල‍ට වියදම් කරන්නත් බැරිනම්, ආසාවට කලාත්මක ඡායාරූපකරණයේ යෙදෙනවා පමණක් නම් ලොකු Zoom Rang එකක් තියන හොඳ තත්ත්වයේ Compact කැමරාවක් ඔය ගාණට ලේසියෙන් ම ගන්න පුලුවනි.

--
FujiFilm S2950 Model Eka Mama Ganna Hithuwa.
 
RS:34000 Wage Wenawa Middle East wala

   E camara eka hodada

   Mama Rs: 40000 adu ekak heuwe

Pathum Herath

unread,
Feb 9, 2011, 2:08:48 AM2/9/11
to tech...@googlegroups.com
බොහෝම ස්තූතියි අදහස් වලට . ඔයා කියපු විදියටම  මම කැමරාවෙන් ‍වෘත්තීයව වැඩ කරන්නෙ නෑ, DSLR එකක් අරගෙන ඊට පස්සේ ලෙන්ස්වලට කැමරාබෑග් වල‍ට වියදම් කරන්නත් බැ, ආසාවට කලාත්මක ඡායාරූපකරණයේ යෙදෙනවා පමණයි. මම හිතන්නේ කැමරා ගන්න ගොඩක් දෙනෙක් මේ විදියේ අය තමා. ඒ වගේ අයට හරි යන, මේ දවස් වල ගන්න පුළුවන්, ලංකාවේ මිලත් එක්ක හොඳ මොඩ්ල්ස් ටිකක් දෙන්න පුළුවන් නම් හැමෝටම ලොකු උදව්වක් වෙයි.

ස්තූතියි
෴පැතුම්/Pathum෴


2011/2/5 P K T Sampath <pktsa...@gmail.com>
--

KAPILA

unread,
Feb 9, 2011, 9:45:45 AM2/9/11
to Techකතා
මේ discussion එකට අවසාන වශයෙන් මම ලියන්නම් මොකද සැහෙන්න ලීව නිසා ඇති
කියල හිතෙනවා. මගේ අත්දැකීමෙන් පමණක් මම ලියන්නම්. මමත් sony cybershot
එකක් මගේ girl friend ගෙන් තෑග්ගකට ලැබිල එකෙන් තමා photography ගැන ආසාව
වැඩි උනේ. පින්තුර අරගෙන අරගෙන මට අවශ්‍ය තව වීදිවලට පින්තුර ගන්න හදපුවම
බැහැ. මොකද point and shoot නිසා ගොඩක් restrictions තියෙනවා. මට පින්තුර
ගන්න ආසාව වැඩි උන නිසා DSLR එකක අවශ්‍යතාව තදින්ම දැනුන. ඒ නිසයි DSLR
එකක් ගත්තේ. කලින් photography කරන්න කොහෙත්ම ආශාවක් තිබුනේ නැහැ. එත්
කැමරාවක් පාවිච්චියට ගත්තම එකෙන් ගොඩක් දියුණු විදියට පින්තුර ගන්න ආශාව
වැඩි වෙනවා කියල මම හිතනවා. ඒ නිසා, කැමරාවක් ගනිද්දී, පසුව පසු
නොතැවෙන්න, මුදල් නහස්ති නොවෙන්න, අවශ්‍යතාව හොඳින්ම තේරුම් අරගෙන
කැමරාවක් ගන්න කියලයි මම කියන්නේ. ගන්නන් වාලේ බජට් එකට ගැලපෙන එකක් හොයන
එක ගැන තව ටිකක් හිතන්න.
ස්තුතියි

**********
To Gayan-ගයාන් මම ඔයාට කැමරා සහ ලෙන්ස් වල මිල ගණන් ඊමේල් එකකින් එව්වා.
ලැබුනේ නැතිනම් නැවත මෙතන ආයේ දාන්නම්. මේ ජපානයේ මිල ගණන්. ජපානයේ දැනට
තිබෙන්නේ නිකොන් වලින් D3100, D90 සිට ඉහලට කැමරා මොඩල පමණයි.

D90 Body - LKR 108,000/=
D90 with 18-55mm (kit)Lens - LKR 110,970/=
D90 with 18-105mm (kit)Lens - LKR 114,750/=
(NIKON)AF-S DX 18-55mm F3.5-5.6G VR - LKR 38,880/=
(NIKON)AF-S DX 18-105mm F3.5-5.6G VR - LKR 78,300/=
(NIKON)AF 70-300mm F4-506G LKR 27,000/=

(SIGMA) DC 18-50mm F2.8-4.5 OS HSM - LKR 33,750/=
(SIGMA) DC 18-200mm F3.5-6.3 - LKR 47,600/=
(SIGMA) DG 70-300mm F4-5.6 OS - LKR 60,750/=
(SIGMA) DG 70-300mm F4-5.6 APO - LKR 37,395/=
(SIGMA) DG 70-300mm F4-5.6 MACRO - LKR 25,300/=

(TAMRON) AF28-300mm F3.5-6.3 Di VC MACRO - LKR 73,035/=
(TAMRON) AF18-200mm F3.5-6.3 Di II MACRO - LKR 29,700/=

Dhanushka Samarakoon

unread,
Feb 9, 2011, 10:25:55 AM2/9/11
to tech...@googlegroups.com
මටත් කියන්න තියෙන්නේ ඒකම තමයි. දැනට පුලුවන් විදිහට DSLR එකකුයි එක lens එකකුයි ගන්න.

2011/2/9 KAPILA <kapila...@gmail.com>

indika rajapaksha

unread,
Feb 10, 2011, 7:31:58 AM2/10/11
to tech...@googlegroups.com
"ඔයා කියපු විදියටම මම කැමරාවෙන් ‍වෘත්තීයව වැඩ කරන්නෙ නෑ, DSLR එකක් අරගෙන ඊට පස්සේ ලෙන්ස්වලට කැමරාබෑග් වල‍ට වියදම් කරන්නත් බැ, ආසාවට කලාත්මක ඡායාරූපකරණයේ යෙදෙනවා පමණයි"

එහෙමනම් ඉතින් Nikon Coolpic කැමරා එක හෝ Kodak eazy share Z981 කැමරා එක හොඳයි. මේ කැමරා දෙකම හරිම ලාබයි වගේම කරන්න පුලුවන් වැඩ ප්‍රමානය වැඩියි. වෙනමම ලෙන්ස් ගැනීමට අවශ්‍ය නොවන නිසා එම වියදමද ඉතිරියි. Kodak Easy Share Z981 කැමරා එක USD 250 ක් වගේ මුදලකට ගෙන්න ගන්න පුලුවන්. අනික ඒකෙ තියෙන 26 mm zoom ලෙන්ස් එක සහ 14 MP නිසා ඉතා ඉහල මට්ටමේ ෆොටෝ ගන්න පුලුවන්. විනෝදෙට වගෙ ෆොටො ගහනව නම් මේ කැමරා දෙක හොඳයි.


2011/2/9 Dhanushka Samarakoon <dha...@gmail.com>



--
Indika

KAPILA

unread,
Feb 10, 2011, 8:07:52 AM2/10/11
to Techකතා
To Gayan-මම ඔයට email එකක් දැම්ම.

Gayan Dias

unread,
Feb 11, 2011, 1:16:08 AM2/11/11
to tech...@googlegroups.com
ස්තුතියි කපිල........................................

Pathum Herath

unread,
Feb 11, 2011, 4:51:46 AM2/11/11
to tech...@googlegroups.com
ඉන්දික කිව්ව 

Kodak EasyShare Z981 සහ  Nikon COOLPIX P500 අපි ගොඩක් අයගේ අවසශ්‍යතා වලට හරි යනවා වගේ.. බොහෝම ස්තූතියි විස්තර හොයල දුන්නට...

කපිල, ඔයා ජපානේ ඉන්න නිසා අපි එහෙන් මේ 2න් එකක් ගන්නකොට මිල කොහොම වෙයි ද කියල හොයල බලන්න පුළුවන් ද? පිට රටකින් ගන්න එක ද මෙහෙන් ගන්න එක ද වඩා හොඳ? 


ස්තූතියි
෴පැතුම්/Pathum෴


2011/2/11 Gayan Dias <gdicre...@gmail.com>
ස්තුතියි කපිල........................................

KAPILA

unread,
Feb 12, 2011, 8:25:23 AM2/12/11
to Techකතා
මම අද ගියා ඉහත කියපු කැමරා ගැන බලන්න. Kodak කැමරා නම් කොහෙත්ම නැහැ
මොකද මෙහෙ Kodak ඒවාට market එකක් නැති නිසා. පොඩි පොඩි shop වල තමා
හොයාගන්න පුළුවන්. Nikon Coolpix P500 මොඩලය නම් නැහැ. P7000 ඒක තමා
තියෙන්නේ. එය LKR 46,500/=ක් වෙනවා. මෙහෙ තියෙන්නේ latest ම මොඩල්. ඉතින්
ලංකාවේ තියෙන හැම එකම මෙහෙ නැහැ. DSLR කැමරා නම් ලක්ෂ 15 විතර ඉහල ගණන්
දක්වා තියෙනවා. ඉතින් ඔහොමයි මෙහෙ. මම ආයෙමත් DSLR සහ Point and shoot
කැමරා ගැන පැහැදිලි කිරීමට අදහසක් නැහැ කරපු නිසා ඒවායේ ප්‍රයෝජන සහ
දුර්වල කම්. හොඳ DSLR එකක් නම් Megapixel 6 ක් පමණටත් වඩා. හිතන්න,
හිතන්න, හිතන්න. පසු නොතැවෙන්න. ස්තුතියි.

On Feb 11, 6:51 pm, Pathum Herath <virtualpat...@gmail.com> wrote:
> ඉන්දික කිව්ව Kodak EasyShare Z981 සහ  Nikon COOLPIX P500 අපි ගොඩක් අයගේ
> අවසශ්‍යතා වලට හරි යනවා වගේ.. බොහෝම ස්තූතියි විස්තර හොයල දුන්නට...
> කපිල, ඔයා ජපානේ ඉන්න නිසා අපි එහෙන් මේ 2න් එකක් ගන්නකොට මිල කොහොම වෙයි ද
> කියල හොයල බලන්න පුළුවන් ද? පිට රටකින් ගන්න එක ද මෙහෙන් ගන්න එක ද වඩා හොඳ?
>
> ස්තූතියි
> ෴පැතුම්/Pathum෴
>

> 2011/2/11 Gayan Dias <gdicreati...@gmail.com>


>
>
>
>
>
>
>
> > ස්තුතියි කපිල........................................
>
> >  --
> > Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> > Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> > ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >http://www.techkatha.com/rules-and-regulations/
>
> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> > ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> > Teckකතා හින් ඉවත්වීම සඳහා

> >http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.

KAPILA

unread,
Feb 12, 2011, 10:18:51 AM2/12/11
to Techකතා
මට ඉහත පොඩි වැරදීමක් සිදු උනා. ඉහත මුදල Coolpix P100 එකෙයි. P7000 එකේ
මිල LKR 64,400/=. සමහරවිට රුපියල් වලින් බලනකොට ජපානේ මිල වැඩිද කියල මම
දන්නේ නැහැ. මොකද යෙන්(Yen) එක හරිම strong වෙනවා එන්න එන්නම. සමාවෙන්න
අතපසුවිමට.
ස්තුතියි

Pathum Herath

unread,
Feb 12, 2011, 10:57:49 AM2/12/11
to tech...@googlegroups.com
ගොඩක් ස්තූතියි කපිල
෴පැතුම්/Pathum෴


2011/2/12 KAPILA <kapila...@gmail.com>
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/

ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

Suminda Wickramasinghe

unread,
Feb 15, 2011, 2:15:33 AM2/15/11
to tech...@googlegroups.com
හිතවතුනි,
සාමාන්‍යයෙන් කැමරා කාචවල මෙන්න මේ වගේ අගයන් කිහිපයක් සඳහන් වෙනවා.
1. 15-55 mm, 55-200mm
2. 1:3.5-5.6G, 1:4-5.6G
3. Φ58mm, Φ65, Φ49
4. 0.25m/0.82ft

මේවායින් දැක්වෙන්නේ මොනවගේ තොරතුරුද? (විශේෂයෙන් අංක 01) . කැමරාවක් මිලදී ගැනීමේදී මේ තොරතුරු ගැන සැලකිලිමත් විය යුතු නැද්ද? මේ අගයයන් වල ප්‍රායෝගික භාවිතාව මොකක්ද? ටිකක් පැහැදිලි කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.


ස්තුතියි.

2011/2/12 Pathum Herath <virtua...@gmail.com>



--
Regards and Best Wishes,

Suminda Wickramasinghe


KAPILA

unread,
Feb 15, 2011, 8:21:16 AM2/15/11
to Techකතා
සුමින්ද, තරහා වෙන්න එපා මෙහෙම ලිවට. ඔයාගේ මේ request එක නිසා හැමෝටම
බලාගන්න මම මගේ බ්ලොගයේ විස්තර රූප සටහන් ඇතිව පෝස්ට් එකක් දාන්නම්
මාසයක් ඇතුලත මොකද මම වැඩ අධික නිසා නිවාඩු වෙලාවල් අඩුයි. එත්
අනිවාර්යයෙන්ම මම දානවා. මගේ බ්ලොගයේ ලිපිනය පහල තිබෙනවා.

http://kapilasudesh.blogspot.com/

අරවින්ද චන්ද්‍රපද්ම

unread,
Feb 15, 2011, 9:06:21 AM2/15/11
to tech...@googlegroups.com
ඒක හොඳ දෙයක්. අපිත් බලාගෙන ඉන්නවා ඔබේ ලිපිය පල වෙනතුරු

Suminda Wickramasinghe

unread,
Feb 15, 2011, 1:48:11 PM2/15/11
to tech...@googlegroups.com
බොහොමත්ම ස්තුතියි කපිල. ඔබේ බ්ලොගයේදී හමුවෙමු!

2011/2/15 KAPILA <kapila...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
Regards and Best Wishes,

Suminda Wickramasinghe
Graphic Designer

Ideal Design & Display LLC
P.O. Box: 20592,
Dubai, UAE.
T  : +971 4 2670525
M : +971 50 9911574
W : www.idealsign.com


Dhanushka Samarakoon

unread,
Feb 15, 2011, 2:26:55 PM2/15/11
to tech...@googlegroups.com
1. This means the focal length. 55-200mm means it can capture objects that falls between that focal lengths
On higher end lenses (L series) minimum aperture is fixed. (http://www.photographyreview.com/cat/lenses/35mm-zoom/canon/PRD_104368_3128crx.aspx)

But in most of the consumer lenses it varies. In a KIT lens like 18-55mm it will be 3.5-5.6
which means at 18mm focal length you will get a min aperture of 3.5 and at 55mm it will be 5.6.

3. This is I think the focal length for fixed focal length/ prime lenses.
You cannot zoom these lenses.

4. I think that's the macro distance. Unless you are at least that far away from the object, the lens would not be able to lock the focus on the object.

2011/2/15 Suminda Wickramasinghe <sumind...@gmail.com>

KAPILA

unread,
Mar 28, 2011, 10:43:40 AM3/28/11
to Techකතා
පහත ප්‍රශ්නයට පිළිතුරු වීඩියෝ එකකින් පැහැදිලි කළා. මෙන්න link එක.
http://kapilasudesh.blogspot.com/2011/03/digital-photography-in-sinhala-episode.html

On Feb 15, 4:15 pm, Suminda Wickramasinghe <sumindahe...@gmail.com>
wrote:


> හිතවතුනි,
> සාමාන්‍යයෙන් කැමරා කාචවල මෙන්න මේ වගේ අගයන් කිහිපයක් සඳහන් වෙනවා.
> 1. 15-55 mm, 55-200mm
> 2. 1:3.5-5.6G, 1:4-5.6G
> 3. Φ58mm, Φ65, Φ49
> 4. 0.25m/0.82ft
>
> මේවායින් දැක්වෙන්නේ මොනවගේ තොරතුරුද? (විශේෂයෙන් අංක 01) . කැමරාවක් මිලදී
> ගැනීමේදී මේ තොරතුරු ගැන සැලකිලිමත් විය යුතු නැද්ද? මේ අගයයන් වල ප්‍රායෝගික
> භාවිතාව මොකක්ද? ටිකක් පැහැදිලි කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
>
> ස්තුතියි.
>

> 2011/2/12 Pathum Herath <virtualpat...@gmail.com>


>
>
>
>
>
>
>
>
>
> > ගොඩක් ස්තූතියි කපිල
> > ෴පැතුම්/Pathum෴
>

> > 2011/2/12 KAPILA <kapila.sud...@gmail.com>

> Regards and Best Wishes,
>
> Suminda Wickramasinghe

> **

Reply all
Reply to author
Forward
0 new messages