මුලු Subtitle file එකේම පාට වෙනස් කරන්න code එකක් තියනවද?

63 views
Skip to first unread message

Amal

unread,
Feb 26, 2014, 12:54:10 AM2/26/14
to tech...@googlegroups.com
Subtitle file එකක Subtitles ලයින් වල වෙනන වෙනම color වෙනස් නොකර මුලු Subtitle file එකේම Subtitles පාට වෙනස් කරන්න code එකක් තියනවනම් මට කියන්න.

Akila DJ

unread,
Feb 26, 2014, 12:38:35 PM2/26/14
to TK
subtitle file එකේ format එක මොකක් ද?

ASS වල නම් default හෝ හැම එකටම apply කරල තියන පාට එක තැනකින් වෙනස් කරන්න පුලුවන්...

MicroDVD SUB (plain text .sub) වලත් මුලින්ම පුලුවන් පාට (සහ වෙනත් ඒව) දෙන්න, මට මතක විදිහට...

SRT වල නම් Style file එකෙන් (තනම තියන .srt එකේ නමෙන්ම තියන .style file එක). පුලුවන් කියල තමයි කියන්නෙ!..
ඒත් වැඩකරන විදිහ අත්දැකීමෙන් දන්නෙ නෑ. සහ මොන program වලින් ඒක support කරනවද කියලත් දන්නෙ නෑ!..
ඒ වගේම SRT වල subtitle entry එකින් එක පාට වෙනස් කරන එක subtitle tool එකකින් එක පාර කරන්න පුලුවන් නෙ!.. පොඩ්ඩක් professional නැති ක්‍රමයක් වුණත්, එච්චර වෙලා යන්නෙ නෑ!.. :D

.

Amal

unread,
Mar 1, 2014, 10:52:19 PM3/1/14
to tech...@googlegroups.com
1 subtitle file එකේ format එක SRT.
2 SRT වලදි .style file එකක් හදල පාට වෙනස් කරන්නෙ කොහොමද?
3 මම subtitle workshop කියන subtitle tool එ‍කෙන් එක පාර පාට වෙනස් කරල බැලුව ඒත් ඒව වැඩකරන්නෙ නැහැනෙ?

Dhanushka Gunasinghe

unread,
Mar 2, 2014, 8:26:41 AM3/2/14
to tech...@googlegroups.com
VLC Tools>Preferences-.> Subtitles & On Screen Display Settings වලනම්
වලින් වෙනස් කරන්න පුලුවන්.It depend on player you used.
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/groups/opt_out.



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT(UoC)
MBCS,MCSE,MCTS,CCNA
www.dhanushkasline.com
www.dhanushka4u.blogspot.com
www.facebook.com/dhanushkagunasinghe
www.twitter.com/Dhanushkapg
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com

Akila DJ

unread,
Mar 2, 2014, 11:35:26 AM3/2/14
to TK

පොඩ්ඩක් බලන්න search කරල මේ වගේ link වල
මම style file වැඩ කරන විදිහ දන්නෙ නෑ ප්‍රායෝගිකව පාවිච්චි කරල නැති නිසා.
කොහොමත් තාමත් SRT වල one by one style effect tags (normally HTML tags) 100% support කරන්නෙ නෑ ලංකාවෙ බොහෝ දෙනා පාවිච්චි කරන Chinese සහ Korean player වල (KMPlayer, GOM player) ....
Hungarian VobSub filter සහ MPC, MPC-HC player වලයි (Gabest හදපු) Hungarian+European MPC-BE වගේ ඒවගෙ නම් ඒ tag fully supported අනාදිමත් කාලෙක ඉඳන්....

SRT එකෙන් වැඩේ කරගන්න බැරි නම් ASS වලට convert කරල කළොත් නරක ද?

එන්න ඕනෙ පාට මොකක්ද කියල SRT එක attach කළොත් ඒක හදන එක මෙහෙම reply type කරන්වට වඩා ලේසියි :D

.

Amal

unread,
Mar 2, 2014, 8:46:30 PM3/2/14
to tech...@googlegroups.com
මේ attach කරපු Subtitle file එකේ Subtitles ලයින් කොළ පාට කරන්න තමයි ඕන. <font color="#00FF40"> Subtitle </font> මේ code එක ලයින් වලට දැම්මම හරි. copy & past නොකර එකපාර කරගන්නයි ඕන.
BBC Great Rift Africa.s Wild.Heart 3 Grass.srt

Akila DJ

unread,
Mar 3, 2014, 11:13:34 AM3/3/14
to TK

Style වලට වඩාත් සුදුසු ASS වගේ format නිසා මම මුලින්ම ඕක ASS වලට convert කරල (මම කළේ Jubler එකෙන්, මොකෙන් convert කලත් එකයි) text editor එකකින් පාට වෙනස් කළා... එක තැනක විතරයි වෙනස් කරන්න ඕනෙ...
ASS එක text editor එකකින් open කරල බලන්න කොහොමද කියල. කැමති විදිහට style එක edit කරල බලන්න... style කීපයක් හදන්නත් පුලුවන්!..

SRT ඉල්ලපු නිසා මම පොඩි ජිල්මාට් එකක් දාල ඒක හදා ගත්තෙ... (ඒත් වෙලා යන දෙයක් නෙමෙයී).
SubRip වලින් SRT open කරල ඒක ඇතුළෙන් font color tag දාන්න කියන tick එක දාල save as කළා... එතකොට ඒකෙන් වෙන පාටක් නැත්නම් සුදු පාට දාල save කරගන්නව... ඊට පස්සෙ text editor එකකින් Replace All පාරක් දැම්ම #ffffff වෙනුවට #00FF40 .. :)

තිබ්බෙ Jubles සහ SubRip විතරයි...
නැත්නම් AegisSub වගේ එකකින් මම හිතන්නෙ ඔය වැඩ දෙකම jilmart නොදා කරගන්න පුලුවන් මම හිතන්නෙ!.. :D

format දෙක සළකල බැලුවොත්,
SRT වල styles HTML වගේ...
ASS වල styles CSS  වගේ.... :)
ඒ වගේම ASS එක ඇතුළෙ styles කොටස (define වෙන තැන) CSV format එකට වගේ තියන්නෙ...

2 files attached
.
ASS - BBC Great Rift Africa.s Wild.Heart 3 Grass.ass
SRT - BBC Great Rift Africa.s Wild.Heart 3 Grass.srt

Amal

unread,
Mar 3, 2014, 10:45:11 PM3/3/14
to tech...@googlegroups.com
අඩේ..! වැඩේ හරි Akila DJට ප්‍රණාමය. බොහොම ස්තූතියි..!

Amal

unread,
Mar 3, 2014, 11:10:31 PM3/3/14
to tech...@googlegroups.com
මම තව SRT එකක් ඔයා කියු විදියට හදන්න හැදුව SubRip download කරාම එන සිප් ෆයිල් එකේන් folder දෙකක් විතරයි එන්නෙ ඒකෙන් Subtitle file එක SRT open කරන්නෙ කොහොමද? මේ වැඩේ Subtitle workshop කියන tool එකෙන් කරන්න බැරිද?
http://sourceforge.net/projects/subworkshop/

Akila DJ

unread,
Mar 4, 2014, 3:02:53 AM3/4/14
to TK
SRT ම ඕනෙ ද?... ASS නරකද?
Styles දානවනම් ASS තම්යි හරියන්නෙ!..


SubRip
¯¯¯¯¯¯
SubRip තියන නිසා ඒ ගැන කියන්නම්!..
SubRip වල අරමුණ DVD වගේ ඒවගෙන් textsub හදාගන්න එක...
ඔබ බාපු subrip එකේ folder දෙකක් විතරයි කියන්නෙ file මොකුත්ම නැද්ද?
subrip.exe කියල එකක් නැද්ද?.. එහෙනම් ඇතැම් විට ඔබ බාල ඇත්තෙ source code හෝ linux/mac එකක් වෙන්න පුලුවන්!...
subrip.exe එක run කරල ඒකෙ එන window එකේ තියන "SHow/hide subtitles text window" එක open කළාම textsub open කරන්න පුලුවන් window එකක් වෙනම එනව. (Rip කළාම ඒක auto එනවා. ඒකෙ Output format වගේ settings වලට යන්න...


Subtitle Workshop
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
ඕකෙන් නම් හරි ලේසියි!..
පොඩ්ඩක් අතපත ගාල බලන්න එපැයි!.. :/

Load the Subtitle,  Select All Subtitle Lines,  Edit -> Style -> Set Color
එච්චරයි!.. :D
(Normal Select all Shortcut: Ctrl+A,... or manually select all Click 1st one Shift+Click last one, or...  ඕනෙ ක්‍රමයක්!)


AegiSub
¯¯¯¯¯¯¯
Style එක්ක ගොඩක් වැඩ කරනව AegiSub නම් වගේ එකක් තියන එකත් හොඳයි!..
http://www.aegisub.org

.

Amal

unread,
Mar 5, 2014, 2:38:04 AM3/5/14
to tech...@googlegroups.com
1.ASS වලදි Subtitles ස්කීන් එකේ ‍පේන්නෙ පත සයිස් එකෙන් වස කැතයිනෙ. අනික ස්කීන් එකේන් බාගයක්ම සබ් වලින් වැහෙනව.
2.SubRip ගත්ත තැන වැරදිල තමයි.
3.මම අර මුලින් කරල බැලු‍ව කියුවෙ ඔයා කියපු විදයට තමයි ඒත් Subtitles වැඩ කරේ නෑ. Subtitle Workshop එකෙන් කරේ.

Akila DJ

unread,
Mar 5, 2014, 1:36:13 PM3/5/14
to TK
1.
ඒ කියන්නෙ video එක resolution ටිකක් අඩු එකක් නේද?
Subtitle font වලට size එකක් තියනව...
ASS එකේ font size එක 24/22 වගේ ඇත්තෙ... එතකොට Full HD video වල ගාණට පේනව මම හිතන්නෙ.... low res. ඒවගෙ අකුරු ලොකුවට පේන්නෙ.. කරන්න තියෙන්නෙ font size එක වෙනස් කරන එක විතරයි!... නිකමට හරි ASS එක open කරල බැලුව නම් පේනව... තව ගොඩක් font effect තියනව ass වල...


2. :D


3. !?
ආය කරල බලන්න... වැඩ.. :)

.

Amal

unread,
Mar 9, 2014, 7:22:09 AM3/9/14
to tech...@googlegroups.com
1.resolution ටිකක් අඩු නිසයි එහෙම පේන්නෙ එහෙනම්.
2 ASS එඩිට් කරන්නෙ මොන ටූල් එකෙන්ද?
3.Subtitle Workshop එකෙන් කලර් කලාම Subtitles ලයින් වලට ඉස්සරහින් මෙන්න මේ කොඩ් එක ඒන්නෙ c:#008080
ඒත් එන්න ඕන මෙහෙම නේද
<font color="#00FF40">Subtitle.</font> මම හිතුවෙ ඒක නිසයි වැඩ නොකරන්නෙ කියල.
4.අර SubRip වලින් ass srt කර හැටි මට තේරුනෙ නෑ ආයෙත් කියන්න කො?

Akila DJ

unread,
Mar 9, 2014, 3:49:29 PM3/9/14
to TK
  1. ...

  2. Text Sub ඕනෙම එකක් Plain Text editor එකකින් open, edit කරන්න පුලුවන්. notepad වගේ එකකින් පුලුවන්.
    උඩ comment වල මම කියල තියනව ඒ ගැන... :/

  3. ඒ ඒගොල්ලන්ගෙ format එකක් වෙන්න ඇති... ඕක SRT editor එකක් නෙමෙයි නෙ. ඒක SRT විදිහට save කළාම SRT විදිහට save වෙයි. වෙන වර්ගෙකින් කළොත් ඒ විදිහට.. . එහෙම කරල බැලුව නම් හරි නෙ. group වලට ඇවිල්ල ප්‍රශ්න අහල උත්තර හොයල කරන එකට වඩා නිකන් පොඩ්ඩක් check කරල බලන එක කොච්චර ලේසි ද?!
    අමතර: SubtitleWorkshop එකේ Settings, Output settings වලටත් ගිහිල්ල බලන්න. එතකොට පෙනෙයි එතනත් styles වලට අදාළ දේ තියනව. හැබැයි SRT නම් එතන නෑ, මොකද SRT styles වලට use කරන්නෙ අඩුවෙන්/නෑ!..

  4. මම ASS, SRT කිරීමක් ගැන කියල නෑ... කොහෙද එහෙම කිවුවෙ?.... ඔබ comment හරියට කියවන්නෙ නෑ වගේ!..
.

Amal

unread,
Mar 10, 2014, 8:30:23 AM3/10/14
to tech...@googlegroups.com
3. SRT විදිහට save කරල ඒ file එක notepad වලින් open කරාම තමයි c:#008080 Subtitle විදියට පෙන්නුවෙ. <font color="#00FF40">Subtitle.</font> විදියට නෙවේ.

Thisara Neo

unread,
Mar 10, 2014, 10:01:46 AM3/10/14
to tech...@googlegroups.com
Subtitle Edit මේ මෘදුකාංගයෙන් ඔබට උපසිරැසි නිර්මාණය කල හැක. අවශ්‍ය වර්ණ වෙනස් කිරීම් පවා කල හැක


2014-03-10 18:00 GMT+05:30 Amal <prasa...@gmail.com>:
3. SRT විදිහට save කරල ඒ file එක notepad වලින් open කරාම තමයි c:#008080 Subtitle විදියට පෙන්නුවෙ. <font color="#00FF40">Subtitle.</font> විදියට නෙවේ.
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Reply all
Reply to author
Forward
0 new messages