Composite Font සහ Single Font කියල විධි දෙකක් තියනව.
Composite (සංයුක්ත) Font එකෙන් වෙන්නෙ ඒ ඒ භාෂාවෙදි, ඒ ඒ භාෂාවෙ Default Font එකෙන් පෙන්වීම. Single Font එකේදි ඒ font එකට
පමණක් සීමා වෙනව...
Composite Font නිසා තමයි අපිට යමක් type කරද්දි font එකක් දෙන එක කරන්න
අත්‍යවශ්‍ය නොවෙන්නෙ... සිංහල වගේ භාෂාවකින් type කරද්දි font මාරු කරන්න
ඕනෙ නැත්තෙ ඒකයි.
BabelMap වගේ Font/Character Tool/Manager එකකින්
පුළුවන් Unicode font ගැන ගොඩක් දේ බලා ගන්න. අධ්‍යයනය කරන්න...
Online
http://www.babelstone.co.uk/unicode/babelmap.html
Download (recommended)
http://www.babelstone.co.uk/software/babelmap.html
Download කරල open/run කරල බලන්න...
English වගේ ඒව අයිති වෙන්නෙ Basic Latin වලට. Basic Latin වල Composite
Fonts වල Configure ගිහින් බලන්න. ඉංග්‍රීසි font එක්ක හැම සිංහල ෆොන්ට්
එකම වගේ තියනව දකුණු පැත්තෙ. Click කරල බැලුවම Unicode සිංහල ඒවගෙ
ඉංග්‍රීසි අකුරු පෙනෙද්දි, non-unicode DL, FM වගේ ඒවගෙ සිංහල අකුරු පේනව.
Unicode ඒවගෙ English font තිබෙන සහ map වෙලා ඇති නිසා තමයි language එක
සිංහලට මාරු නොකර English තියෙද්දි Font එක විතරක් මාරු කළාම සිංහලෙන්
නොපෙනී ඉංග්‍රීසියෙන්ම පේන්නෙ. යුනිකේත නොවන පැරණි සිංහල ෆොන්ට වලදි භාෂාව
ඉංග්‍රීසි වුණත් සිංහල අකුරු පේන්නෙත් ඒ නිසාම තමයි.
ඒ ඒ භාෂාවෙ font mapping හොයාගන්න ඕනෙ නම්
Select Unicode Block
එකෙන් භාෂාව තෝරල, Composite Font හි Configure තෝරන්න. එතකොට පේනව ඒ
භාෂාවෙ Font List එකක් පහත screenshots වල පරිදි.