software engineer කෙනෙක් වෙන්න තෝරගන්න ඕනෙ ඔබව software engineer කෙනෙකු බවට පත්කරන course එකක්. ඒ කියන්නෙ හර්ෂණ කිව්ව වගේ degree එකක් තමා.
නමුත් ප්රශ්නය අහල තියන නිසා කියන්නම්.
BCS : මේ ගැන උඩින් කියල තියන කාරණා වලට අමතරව. අදාල පාඨමාලාව හදාරලා ලබාගන්නත් පුළුවන්. බොහෝ විශ්වවිද්‍යාලවල මෙය උපාධියකට සමාන සුදුසුකමක් හැටියට සළකල masters කරන්න අවස්ථාව දෙනව. Masters එකක් වගේ කරන්න අදහසක් තියනවනම් මේ මාර්ගයත් නරකම නෑ.
HND : මේක නමේ හැටියටම “උසස් ඩිප්ලෝමා“ පාඨමාලාවක්. HND එකත් බොහෝ විශ්වවිද්‍යාලවල පළමු හෝ දෙවන වසරට සමාන සුදුසුකමක් හැටියට සළකල උපාධි පාඨමාලාවට බඳවගන්නව. නමුත් ඒ තෝරගන්නෙ ඔබ HND එකට කරල තියන විශයයන් මොනවද කියන එක අනුවයි. (HND වල අනිවාර්ය විශයන් වලට අමතරව ඔබට කැමති විශයන් කිහිපයක් තෝරගන්න පුළුවන්) නමුත් ලංකාවෙ HND කරන ආයතන වල මේ තෝරගැනීම ඉතාම සීමිතයි හෝ ඔබට තෝරගැනීමක් කොහෙත්ම නෑ. මොකද ඒ ආයතනවල සිටින ගුරුවරු අනුව ඒ අය කරන විශයයන් තමා බොහෝවිට ඔබට කරන්න වෙන්නෙ. HND පාඨමාලාවකට බැඳෙනවනම් ඒ ආයතනය ඔබට ලබාදෙන විශයයන්, ඔබ පසුව බැඳීමට බලාපොරොත්තු වන විශ්වවිද්‍යාලයක බඳවා ගැනීමේ පටිපාටියකට අදාල වෙනවාද කියල සොයාබලන්න.