මුලින්ම සරළ පරිපථය ගැන කියන්නම්..
පරිපථ සටහනේ නම් පෙනෙන ආකාරයට දෝශයක් නැත. දෝශය ඇත්තේ කොතනද කියල හොයාගන්න විදිහ කියන්නම්.. try at your own risk.
-සූර්ය කෝෂය වෙනුවට 12v ලෙඩ් ඇසිඩ් බැටරි දෙකක් ශ්‍රේණිගත කිර හෝ 2A පමණ ගතහැකි power supply එකකින් 20V පමණ ලබා දී නැවත output ධාරව සහ voltage මනින්න.
-නිවැරදිව ක්‍රියා නොකරයි නම් 12V බැටරිය ඉවත් කර බැටරියේ ධන හා ඍණ අග්‍ර සම්බන්ධව තිබිය යුතු තැන් වලට බැටරිය වෙනුවට 8.2ohm ප්‍රතිරෝධකයක් සවිකර ඇමීටරයයේ දෙකෙලවර නිවැරදිව සවි කර පරිපථය කියාකාරීත්වය නිවැරදිද බලන්න. සැයු. ඇමීටරය 2A පමණ මැනිය හැකි එකක් විය යුතු අතර කාලය තත්පර දෙක තුනකට සීමාකරන්න.
-තවමත් නිවැරදිව ක්‍රියා නොකරයි නම් 100ohm ප්‍රතිරෝධකය විසන්ධි කොට පරිපථය කියාකාරීත්වය නිවැරදිද බලන්න. ක්‍රියා කරයි නම් 0.5ohm ප්‍රතිරෝධකයේ අගය නිවැරදිද බලන්න.
තවමත් ක්‍රියා නොකරන්නේ නම් IC එක දෝශ සහිතය. ඉහත එක අවස්ථාවකදී හෝ නිවැරදිව ක්‍රියා කරන්නේ නම් පරිපථයේ දෝශයක් නොමැත.
දෙවන පරිපථය switching mode චාජරයකි. ඉතා සරළ චාජරයකි. වෙනස ඇත්තෙ පළමු චාජරයට වඩා කාර්යක්‍ෂමතාවය වැඩිය. වියදම වැඩිය. පරිපථය ආධුනිකයකුට තරමක් සංකීර්ණය.