OpenOffice.org අනාගතය..

4 views
Skip to first unread message

Danishka Navin

unread,
Oct 2, 2010, 1:16:15 PM10/2/10
to tdf...@googlegroups.com
OpenOffice.org අනාගතය..
OO.org ව්‍යාපෘතිය සඳහා ඔබ දුන් සහාය අගය කරන අතර ඔබ ප්‍රජාසේවයක්
වෙනුවෙන් කළ ඒ කටයුත්ත Oracle සමාගමේ ආධිපත්‍යයට යට නොවන බව සතුටින්
දන්වා සිටිමි.

පසුගිය දිනවල OpenOffice.org ව්‍යාපෘතියේ අනාගතයට අදාලව වෙනස් කම් රැස්ක
සිදුවූ අතර.

අද දින සිට ආරම්ඹ වන The Document Foundation මඟින් මෙතෙක්
OpenOffice.org ප්‍රජාව සිදුකළ මෙහෙය Oracle සමාගමේ බලපැමකින් තොරව සිදු
කරනු ඇත.

දැනට OpenOffice.org වෙළඳ සලකුණ පවා හිමිකරගෙන ඇත්තේ Oracle සමාගමයි,
එනමුත් OpenOffice.org හි කේතය LGPL නිසා කිසිදු ගැටලුවකින් තොරව ඉදිරියට
කටයුතු කරගත හැකි වේ.

The Document Foundation සඳහා සම්බන්ද වීමට Oracle සමාගමටද ඇරයුම් කර ඇති
අතර Red Hat, Novell, Google, Canonical වැනි ආයතන මෙම ක්‍රියාදාමයට
ශක්තිය ලබාදෙන අතර නිදහස් මෘදුකාංග ලොවේ දැවැන්තයා වන RMS පවා මෙම නව
පියවරට සුභපතන ලදි. RMS ඉල්ලා සිටියේ නිදහස් නොවන ඇඩෝන භාවිතයෙන් වලකින
ලෙසයි.

ඉතින් නව LibreOffice වෙත ලොව නන්දෙසින් සුභපැතුම් ගලා එන අතර දැනට
OpenOffice.org සඳහා භාවිතා වන යටිතල පහසුකම් එලෙසම භාවිතාවේ. සිංහල
ආශ්‍රීත පරිවර්තන සියල්ල මේවන විට ආරක්ෂිතව තබාගෙන ඇත (ඔරකල් පිස්සු
කෙලිද දන්නේ නැනේ) ;-)

නිදහස් සහ විවෘත මෘදුකාංග ලොවේ නිවැරදි පියවරක් වූ මෙම කාර්යය සඳහා අපගේ
සහාය නොමදව LibreOffice සඳහා ලබාදෙන අතර ඉදිරියේදි නිකුත්වන ලිනක්ස්
මෙහෙයුම් පද්ධති මඟින් මෙය පෙරනිමියෙන්ම ලබාගත හැක. තවද මෙහිදි ගුණාත්මක
බවෙන් කිසිදු අඩුවීමක් සිදු නිවෙන අතර
පදනමක් යටතේ කටයුතු සිදුවන බැවින් පෙරටත් වඩා හොදින් කටයුතු සිදුවිය හැක.

නිදහස් මෘදුකාංග ලොවේ පදනමක් ලෙස ඉතා විශාල සේවයක් කරන ආයතන දෙකක් ඇත.
Mozilla සහ Gnome එම පදනම් දෙකයි. ඉතින් ඒම පදනම් දෙස බැලිමේදි ඔබට
කිසිදු චකිතයක් ඇති නොවනු ඇතැයි සිතමි.

--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://identi.ca/danishka

Reply all
Reply to author
Forward
0 new messages