OpenOffice.org සහ LibreOffice අතර අපි?

4 views
Skip to first unread message

Danishka Navin

unread,
Oct 2, 2010, 1:17:43 PM10/2/10
to tdf...@googlegroups.com
දැනට පවතින තත්ත්වය අනුව OpenOffice.org සඳහා කටයුතු කළ ප්‍රජාව ඉන් ඉවත්
වී ඇති අතර දැනට 100%ක්ම වැඩ කරන්නේ Document Foundation එක යටතේ
ක්‍රියාත්මක වන LibreOffice ඉදිරියට ගෙන ඒම සඳහායි.

දැනට ඉතා සක්‍රීයව මෙම කටයුතු සිදු වන අතර OpenOffice.org සඳහා කටයුතු කළ
ප්‍රජාවේම කොටසක් වන ශ්‍රී ලාංකික OpenOffice.org ප්‍රජාවද මෙම මෙලෙසම
කටයුතු කරනු ඇත. මෙතෙක් සිදු කළ පරිවර්තන එලෙසම සුරැකී ඇති අතර, එම
පරිවර්තන ඉදිරි LibreOffice සඳහා කෙරෙන සිංහල පරිවර්තන කටයුතු සදහා
භාවිතා වේ.

මෙම ලිපිය ලියන මොහොත වන Document Foundation වෙත Oracle සමාගම සහාය
දක්වා නැත. ලොව ප්‍රධාන පෙලේ Linux සමාගම් වන Red Hat, Novell, Canonical
මෙම LibreOffice සඳහා සහාය දක්වන නිසා ඉදිරියේදි Fedora, Red Hat, Suse,
OpenSuse, Debian, Ubuntu, Mandriva යන මෙහෙයුම් පද්ධතිවල ඔබට දැකගනු
හැකි වන්නේ OpenOffice.org නොව LibreOffice මෘදුකාංගයයි.

පැහැදිලිව තවමත් OpenOffice.org පවතින්නේ Oracle සමාගමේ සෙවනැල්ල යටතේ
බැවින් OpenOffice.org සඳහා දායකත්වය දීම නවතා ඇත. නමත් OpenOffice.org
නමිත් නව පදනමේ ඉදිරි කටයුතු ඇරඹීමේ හැකියාව ඇතත් එය සිදුවන්නේ Oracle
සමාගම පැහැදිලිව Document Foundation පදනමට නිසි බලතල සහිතව
OpenOffice.org හි නිළ වෙළඳ නාමයන් ලබා දිමෙන් පසුවයි.

Document Foundation පදනම හුදෙක් වෙබ් අඩවියකට හෝ තැපැල් ලිපිවලට සීමා
නොවි මේ වන විට යටිතලපහසුකම් සංවර්ධනය වෙමින් පවති.

--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://identi.ca/danishka

Reply all
Reply to author
Forward
0 new messages