නව ඉන්ෆ්ලුවෙන්සා (H – 1, N – 1) වෛරසය ගැන අපව දැනුවත් නරන්න.
නව ඉන්ෆ්ලුවෙන්සා (H – 1, N – 1) වෛරසය පාසල් හි පැතිරීම වැළැක්වීම සඳහා
සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් උපදෙස් අද හෙටම සියලුම පාසල්වලට නිකුත් කරන
බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා දැනුම් දෙයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදුන්
උපදෙස් අනුව විදුහල්පතිවරුන් සඳහා විශේෂ චක්‍රලේඛයක් සූදානම් කෙරෙන බව ද
ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
මේ වයිරසය පැතිර යෑමෙන් පාසල් පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු පියවර
ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් උපදෙස් පදනම් කරගෙන එම පියවර
ගන්නා බවත් වැඩිදුරටත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් එක්තරා ජාත්‍යන්තර පාසලක සිසුන් කිහිප දෙනෙක්
රෝගී වූ බවට වාර්තාවීමෙන් පසු පාසල් පද්ධතිය ආරක්ෂා කිරීම පිණිස සෞඛ්‍ය
අමාත්‍යාංශයෙන් උපදෙස් ලබාගත් බව ද ඇමැතිවරයා සඳහන් කරයි. සෞඛ්‍ය
අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ලබාදෙන උපදෙස් තරයේ පිළිපදින ලෙස ඇමැතිවරයා
විදුහල්පතිවරුන්ට දැනුම් දෙයි.