ලිංගික ගැටළුවලට www.happylife.lk පිළිතුරු

157 views
Skip to first unread message

විමල්

unread,
Dec 16, 2009, 12:09:03 PM12/16/09
to suwa_...@googlegroups.com

අන්තර්ජාලය ඔස්සේ දිවයිනේ ප්‍රථම වරට ප්‍රජනන සෞඛ්‍යය පිළිබද තොරතුරු හා උපදේශන සේවා
ලබාදීම අරමුණු කර ගනිමින් "හැපී ලයිෆ‍්" ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ විය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මෙහෙයවීම මත ශ්‍රී ලංකා
පවුල් සංවිධාන සංගමය විසින් ක්‍රියාවට නංවා ඇති මෙම ව්‍යාපෘතිය මගින් අන්තර්ජාලය ඔස්සේ
www.happylife.lk යන වෙබ් අඩවියට පිවිස කෙටි පණිවිඩ ඉ- මේල් චැට් සහ දුරකතන මගින් මෙම
සේවාවන් ජනතාවට ලබාගත හැකි බව පවසයි.

ප්‍රජනන සෞඛ්‍ය පිළිබද විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් විසින් සිංහල දෙමළ සහ ඉංග්‍රිසි යන
භාෂා ත්‍රිත්වයෙන්ම මෙම තොරතුරු සේවාවන් ලබාදෙන බව ද සඳහන්ය.

මව්වරු සහ පියවරු, යෞවනයන් සහ යෞවනියන් වශයෙන් ප්‍රධාන අංශ දෙකකට බෙදා එම පිරිස් වලට
ගැලපෙන පරිදි මෙම තොරතුරු හා සේවා ලබාදීමට නියමිත අතර රජයේ රෝහල් සහ එම දුරකතන අංක
මෙන්ම වෛද්‍ය සායන පැවැත්වෙන ස්ථානද මෙමගින් දැනුම් දේ.

 
Happy Life.jpg
Reply all
Reply to author
Forward
0 new messages