Fwd: වෛද්‍ය දැනුම සිංහලෙන්

70 views
Skip to first unread message

සුමල්

unread,
Sep 23, 2010, 7:28:55 AM9/23/10
to suwa_...@googlegroups.com

---------- Forwarded message ----------
From: Wasantha <wasa...@icta.lk>
Date: Sep 22, 2010 11:28 AM
Subject: Re: (
සිංහල සංවාද) වෛද්‍ය දැනුම සිංහලෙන්
To: sinhala...@googlegroups.com
Cc: Chitranganie Mubarak <Chitra...@icta.lk>

ශ්‍රී,
වෙද නැණසලෙහි ඇති වටිනා අන්තර්ගතය අගය කරන අතර ම එහි අන්තර්තයේ තත්ව පරීක්‍ෂාවක් කිරීම සුදුසු බව මගේ හැඟීම යි.
මේ සබැදිය බලන්න.
ඉදිරි දස වසර තුළ හෘදයාබාධයක් මට හැදෙයිද?
http://wedananasala.org/sinhala/index.php?option=com_content&view=article&catid=35&id=230&Itemid=53
මේ තුළ ප්‍රශ්නාවලියක් ඇති බව අඩවිය කියයි.

+++

පටන් ගන්න

හොඳයි දැන් ඔබට මේ ප්‍රශ්නාවලියට පිළිතුරු දීමට පුළුවනි. ඔබ පුරුෂයෙකු නම් දකුණු පසින් ඇති ප්‍රශ්නාවලියද, ඔබ කාන්තාවක නම් වම් පසින් ඇති ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයීමට යොදා ගන්න.

++++

 

ප්‍රශ්නාවලිය නොමැති නිසා මෙම පිටුව ම අප්‍රයෝජනවත් වී ඇත.

එසේ ම අඩවිය පුරාම ඉතාමත් ම පැහැදිලි ව පෙනෙන අක්‍ෂර වින්‍යාස වැරදි බහුල යි.ප්‍රධාන මෙනුවල පවා වැරදි ඇති බැව් පෙනේ. 

දැන් සෑම සිසුවෙකු ම 10-11 වසරවල විද්‍යාව ඉගෙන ගන්නා බැවින් මෙහි ඇති අකුරු වැරදි ඔවුන් ද දකිනු නියතයි. සිංහල භාෂාව පහසුවෙන් ම මරන හා පැමිණිල්ලක් නොමැතිව ම මැරෙන මේ කාලයේ අපත් එයට රුකුල් දීම අයුතු යි නේද?

උදා: පුප්පුශිය ධමනි පද්ධතිය තුල රුධිර කැටියක් සිර විම. මෙය පුප්ඵුශීය විය යුතු නේද? මලලසේකර ශබ්ද කෝෂය, මධුර ශබ්ද කෝෂය හා සා. පෙ. පෙළ පොත් පෙන්වා දෙන්නේ එහෙමයි.

මෙය දමිළ භාෂාවට හැරවීමට මේ ව්‍යාපෘතියෙන් ඉඩක් නැතිනම් රැප් කෙරුවොත් නරකද? මෙහි අන්තර්ගතය එතරම් වටී සහ අගී!

ස්තුතියි!

 

වසන්ත දේශප්‍රිය

අධ්‍යක්‍ෂ

රාජ්‍ය අංශ ප්‍රතිනිර්මාණ වැඩ සටහන

තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියොජිතායතනය

160/24, කිරි මණ්ඩළ මාවත,

කොළඹ 05, ශ්‍රී ලංකාව

 

දුරකථනය: +94-11-2369099

ෆැක්ස්: +94-11-2369091

ජංගම දුරකථනය: +94-77-7584312

ඉමේල්: wasantha@icta.

වෙබ්: http://www.icta.lk

ඔබ මෙම පණිවුඩය ලැබීමට අදහස් කළ ලබන්නා හෝ මෙය එම ලබන්නා වෙත භාර දීමට නියමිත පුද්ගලයා හෝ නොවේ නම් මෙම  පණිවුඩය හෝ එහි කොටසක් හෙළිදරව් කිරීම, පිටපත් කිරීම, අන් ැඅයට ලබා දීම හෝ මෙය තබා ගැනීම නොකළ යුතුය.

 

 


On 09/17/2010 04:29 PM, Shriyananda Rathnayake wrote:

සියල්ලට සම සිතින්.......

 

 

 

දැනුම අපේ ජිවිතයට හරිම වැදගත්. මම පුංචි කලේ මගේ අත්තම්ම මට කියා දුන්න සමහර බේත් පැළෑටි ගැන. ඒවා ලෙඩ සුව කරන්න පාවිච්චි කරන ආකාරය ගැන.    අයට ගස් කොළං දළු පොතු ගැන තිබුනේ පුදුම දැනීමක්. ඒත් දැන් අපි පාවිච්චි කරන්නේ බටහිර වෙදකම. මේ සම්බන්දව කොපමණ දැනුමක් අපි තුල තියනවද කියන එක ගැටළුවක්. සමහර ලෙඩ රෝග ගැන අපිට තියෙන්නේ අනවබෝදයක්. මේ පිළිබඳව අපිට දැනුම ලබාගන්න තියන හොඳම තැන තමයි අන්à

��ර්ජාලය. ඒත් අන්තර්ජාලයේ මේ පිළිබඳව තියන සියලුම ලිපි තියෙන්නේ ඉංග්‍රීසියෙන්.

 

 

 

මේ නිසා තමයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මේ පිළිබඳව සැලකිල්ල යොමු කලේ. අද වෙන විට ඔබටත් වෛද්‍ය දැනුම සිංහලෙන් ලබාගන්න පුළුවන්. යන්න මෙම වෙබ් අඩවියට. මේ සත්කාරය සඳහා කටුතු කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ medical faculty  එක. ඔබට දැන ගන්න අවශ්‍යය සියලු දේ ගැන මෙහි තොරතුරු තියේවි.

 

 

 

පිවිසෙන්න

 

http://wedananasala.org/sinhala

 

 

 

හෝ

 

www.danuma.lk හි සෞඛ්‍ය බලන්න

 

 

 

විශ්වාසී

 

 

 

Shriyananda Rathnayake

 

Content Manager / Project Manager

 

ICT Agency of Sri Lanka

 

* : 160/24, Kirimandala Mw., Col-5

 

(: +94-11-2369099 to 100, ext 363   

 

:: http://www.icta.lk <http://www.icta.lk>

Reply all
Reply to author
Forward
0 new messages