සිංහ ධජය අපි අපිම පිරිසිඳු කර ගනිමු (Sinhala PDF Attached~TLN & SB)

42 views
Skip to first unread message

Sathya Wimasuma

unread,
Feb 4, 2011, 2:26:03 AM2/4/11
to

post Link: http://dharmadveepayeiranama.blogspot.com/2011/02/time-to-clean-up-flag.html





සිංහල ජාතියේ ප්‍රෞඩත්වය, කොන්ද දීර්ඝ කාලීන මොළ සේදීම හරහා සහමුලින් බිඳ දමා ඇත. තවදුරටත් සිංහල කියා ජාතියක් නිල වශයෙන් නොපවතී. ඕනෑම රජයේ, පෞද්ගලික ආයතනයක, යම් කටයුත්තක් සඳහා පෝරමයක් පුරවන විට, ජාතිය යටතේ දැමිය යුත්තේ, පෙර කල නම් "සිංහල" කියාය, දැන් කුමක්ද? "ශ්‍රී ලාංකික" කියායි. මෙය දෙමළ පුද්ගලයාටත්, මුසල්මානුවාටත් එක සේ දැමිය හැක. එසේ නම් අප රටේ තව දුරටත් සුළු ජාතිකයන් කියා කිසිවෙක් ඉතිරිද?, නැත. දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් වී අවසන් බැවින්, මුසල්මානුවා හා දෙමළා දෙදෙනාටම මෙහිදී 100% සම තත්වය දී අවසානයි නොවේද?


දැන් අපි අපගේ ජාතික කොඩිය දෙස බලමු. එහි සිංහයාට ඉදිරියෙන් තැඹිලි හා කොල පැහැ තීරු දෙකක් වෙයි. කුඩා කල අපිට කියා දුන්නේ මේවා සුළු ජාතිකයන් නිරූපනය කිරීමට යොදා ඇති බවයි. සුළු ජාතිකයන් සිටිනවානම් එසේ තිබීමෙන් කිසි ගැටළුවක් නැත. නිල හෝ නොවන කිසිම ආකාරයකින් නොමැති සුළු ජාතිකයන් වෙනුවෙන් තවදුරටත් කොඩිය කිළිටි කිරීමේ තේරුම කුමක්ද?


අද පටන්ම අපගේ සිංහ කොඩි අපි අපිම පිරිසිඳු කර ගනිමු. තේරුමක් නොමැති කිළිටි අයින් කර දමමු. ගෙදරදීම පිරිසිඳු කරගන්නා ලද පහත කොඩිය පමණක් අපගේ භාවිතය පිණිස යොදා ගනිමු. කපා ඉවත් කරන කිලිටි පුලුස්සා දමමු.



මෙම නිදහස් දිනයේදී අප රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ජාතීන් තව දුරටත් ශ්‍රී ලාංකික කිරීම සඳහා ඉතිරි වැඩ කොටසත් කරණ ලෙසයි. එනම් 70% වූ සිංහලයාට අති අසාධාරණ වූ දෙමළ ජාතියට පමණක් අතිශයින් වාසි සහගත වූ "තේසවලාමේ නීතිය" වහාම ලංකාවෙන් අතු ගා දමන්න. සිංහලයාට අති අසාධාරණ වූ මුසල්මානුවාට පමණක් වාසි සහගත වූ අතිශයින් ම්ලේච්ඡ "ෂාරියා නීතිය හෙවත් මුස්ලිම් නීතිය" ලංකාවෙන් අතු ගා දමන්න. අපගේ ජනාධිපති තුමාගේ අති උතුම් ප්‍රකාශය එනම් "ලංකාවෙ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා එකම නීතියක් ගෙන එනවා" යන්න යථාර්තයක් කරන්න. සිංහල බෞද්ධ අපිට කාලය වේගයෙන් අහිමි වෙමින් යයි.
 
වෙනත් ඕනෑම රටක මෙන් රටේ ප්‍රධාන ජාතියේ සංස්කෘතිය, සභ්‍යත්වය, ඉතිහාසය සියල්ලට ගරු කරමින් ක්‍රමයෙන් එවා උගෙන එවාට අනුගත වීමට මෙම ජාතීන්ට වැඩ පිළිවෙලක් සකසන්න. නැතහොත් වල් බූරුවන් සේ තම තමාගේ ආත්මාර්ථකාමී වූද රටට අතිශයින් හානිකර වූද ඉල්ලීම් පමණක් ඉල්ලමින් ඔවුන් සියල්ලට සෙවන දුන් මහ ජාතිය වනසමින්, කල හැකි විනාශ අන්තර්ජාතික උරුමයන්ටද කරමින්, මෙම ධර්ම ද්වීපය ලෝකයේ තවත් ම්ලේච්ඡයන්ගේ දේශයක් බවට පත් කිරීමට දෙමළ ජාතියට හා මුසල්මානුවාට ඇත්තේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.


මෙම ඉල්ලීම් වලට සිංහල බෞද්ධයෝ එකමුතු වනතෙක් නමට පමණක් මහ ජාතිය වූ කිසිවෙකුට යටත් පිරිසෙන් නිදා ගැනීමටවත් ප්‍රමාණවත් නිදහසක් නොමැති බව අපි ප්‍රකාශ කරන්නේ ඉතාම බැරෑරුම් සහගත ලෙස අතිශය වේදනාවෙනි.

මෙම නිදහස් දිනයේ පටන් අපි ඉහත ආකාරයෙන් සකසාගත් කොඩිය පමණක් භාවිතයට ගනිමු.
 
- Muragala Admin Committee
Must read
http://dharmadveepayeiranama.blogspot.com/p/disciplines-that-can-save-us.html
Mailing list
http://groups.yahoo.com/group/Muragala/join
facebook id
Bauddha Kandaayama
 

කොළ තැඹිලි වර්ණ පටි ඉවත් කරමින් වර්ගවාදය නොමැති ජාතික කොඩියක් අද සිට ඔසවමු



By රංග ජයවර්ධන, on February 3rd, 2011

“සිංහල දේශයේ” සම්මත නම වන ශ්‍රී ලංකාවේ “සම්මත නිදහස් දිනය” අද නිසා “සම්මත ජාතික කොඩිය” ඔසවා එයට ගරු කිරීමට සිතුවෙමි. නමුත් ප්‍රශ්නය වන්නේ සම්මත නම භාවිතා කරනවානම් එයට තබා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටවත් සම්මත ජාතික කොඩිය නොගැලපීමයි.

ශ්‍රී ලංකා ජාතික කොඩිය

ඉහත ධජය නැරඹීමෙන් ලේ කෝප වෙන පොෂ් වූ අයට ඒ ගැන සවිස්තරාත්මකව පැහැදිලි කරන්නම්. රටේ සම්මත නම සහ සම්මත නිදහස් දිනයට ගරු කරනවානම් සම්මත ජාතික කොඩියට අකමැති ඇයි දැයි ඔවුන්ට ඇසීමට පුළුවන. එයට ප්‍රධානතම හේතුවනම් මේ සම්මතයන් පරස්පර විරෝධී වීමයි. පහත දක්වෙන හේතු නිසා සුළු ජාතීන්ට කියා ජාතික කොඩියෙන් වෙනම ම පටි වෙන් කිරීමට අවශ්‍ය නැත.

 

(1) ඔබ දන්නා පරිදි දැනට ඇති රජයේ මතය අනුව ජනවාර්ගිකත්වය අනුව සුළු ජාතීන් – මහ ජාතීන් කියා දෙයක් නැත. ඉන්නේ රටට් ආදරේ කරන අය සහ රටට ආදරේ නොකරන අයයි. එය යහපත් ප්‍රවනතාවයකි. එසේනම් ජනවාර්ගිකත්වය අනුව සුළු ජාති, මහ ජාති නොමැති රටේ, සුළු ජාතීන් වන දෙමළ සහ මුස්ලීම් ජාතීන් ට කියා රතු සහ කොළ කහ පාටින් කුඩා පටි වෙන් කරන්නේ ඇයි. ඒ අය රටට ආදරේ නැති අය ලෙස රජය නිර්වචනය කරනවානම් එහි වරදක් නැත.

 

(2) ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව සියලුම ජනවාර්ගිකයින්ට සම තැන ලැබේ. එය මානව හිමිකමකි. එසේනම් ජාතික කොඩියෙන් කුඩා කොටසක් නියෝජනය කිරීමට දීමෙන් ඔවුන්ට සම තැන හිමි වේද? එයින් ගම්‍ය වන්නේ ඔවුන් සුළු ජාතීන් බව නේද? එය අසාධරණයකි. සිංහයාව නියෝජනය කිරීමට සියලුම ශ්‍රී ලාංකිකයින්ට හැකි විය යුතුය. ක්‍රීඩාවේදී සිංහයාව නියෝජනය කිරීමට හැකිනම් ජාතියක් ලෙස සිංහයාව නොපිළිගන්නේ ඇයි?

 

(3) වර්තමානයේදී සියලුම රාජ්‍ය ලිපි ලේඛන වලදී ජාතිය ලෙස දක්වන්නේ “ශ්‍රී ලාංකික” යන්නයි. නැතිව සිංහල, දෙමළ, මුස්ලීම් යනාදී ලෙස නොවේ. උප්පැන්න සහතිකයේද ජාතිය “ශ්‍රී ලාංකික” කිරීමට දනටමත් කටයුතු කෙරෙමින් පවතී. ජනවාර්ගිකත්වය අනුව කිසිදු වෙනසක් නැත. එසේනම් කොහේවත් නැති ජනවාර්ගිකත්වයක් ජාතික කොඩියේ පමණක් ඇයි?

 

(4) ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් සියලුම ජනවාර්ගිකයින්ව නියෝජනය වෙනවා යැයි කියයි. එනමුත් මුස්ලීම් සහ දෙමළ ජනතාවට වෙනම පටි තිබුනද අනෙකුත් වාර්ගිකයින්ට ඇත්තේ කහ පාටය. කහ පාටින් අනෙකුත් සියලුම සුළු ජාතීන්ව නියෝජනය කිරීමේ පදනම කුමක්ද? උදාහරණ ලෙස වැදි ජනතාව තම වර්ගයාව නියෝජනය කරන පැහැය ලෙස කහ පාට පිළිගන්නවාද? ඉතින් ඒ සුළු වාර්ගිකයින්ට මෙය අසාධාරනයක් නේද? නමුත් එලෙස නියෝජනය කළ හැකියැයි උපකල්පනය කරනවානම් මුස්ලීම් සහ දෙමළ අයට විතරක් විශේෂත්වය කුමක්ද? අනෙකුත් සුළු ජාතීන්ට වඩා මුස්ලීම් සහ දෙමළ වාර්ගිකයින් මහජාතියක්ද?

 

(5) ලංකවේ සුළු ජාතීන් කියා දෙයක් නැති වුවද ජනවාර්ගිකත්වය පිළිගන්නා නිසා (පිළිගන්නේ කොතනදී දැයි පළමුව ඔවුන් පැවසිය යුතුය) පාට පාට තීරු අවශ්‍ය බව කියයි. එකී ඊනියා පොෂ් වූවන් සෑම විටම බටහිරින් ඒ සඳහා ආදර්ශ ලබා ගන්නා නිසා අපි කුඩා පැණයක් ඇසීමට කැමතියි. “ඇමරිකා එක්සත් ජනපදයේ” ජාතික කොඩියේ සුළු වාර්ගිකයින් (minority) නියෝජනය කිරීමට වෙනම කොටසක් තිබේද? එමෙන්ම ලෝකයේ ආර්ථිකයෙන් දියුණු යැයි සම්මත රටවල් වලින් ඊනියා සුළු ජාතීන් ට වෙනමම පාට පාට දී ඇත්තේ කොපමණක් වූ රටවල් වලද?”

 

(6) ඉන්දියාවේ සිටින බහුතරයක් වූ හින්දු වරුන්ට වඩා අඩු වුවත් මිලියන ගනනාවක් සිටින මුස්ලීම් සහ දෙමළ ජාතිකයින්ව නියෝජනය කිරීමට ඉන්දියන් කොඩියේ වර්ණ භාවිතා කරන්නේ නැත්තේ ඇයි? එනම් ඔවුන් වර්ගවාදී ලෙස බෙදීම ව්‍යවස්ථානුකූලව නොපිළිගැනීමයි. සිංගප්පූරුව සහ මැලේසියාව යනාදී රටවල පවා ස්වභාවය මෙයයි. ඉතින් ශ්‍රී ලංකාව තුල ව්‍යවස්ථානුකූල වර්ගවාදී බෙදීමක් අවශ්‍යද?

 

(7) එසේම කොළ සහ තැඹිලි වර්ණ දෙක ඇත්තේ සිංහයා සහිත ප්‍රධාන කොටසින් කහ පාට තීරුවක් හරහා වෙන් වීමෙන්ය. ඉන් ගම්‍යමාන වෙන්නේ ප්‍රධාන සංස්කෘතික ධාරාවෙන් ඔවුන්ව ඉවත් කර ඇති බවයි. එනම් ඉන් පැවසෙන්නේ වර්ගවාදය නේද? අනාගතයේදී වෙනම රටක් ඉල්ලීමට ඔවුන්ට මෙය යොදා ගැනීමට හැකියාව තිබේවි නේද?

 

(8) 1948 සිට 1951 දක්වා “Ceylon” හෙවත් “සිංහල දේශයේ” තිබුනේ කොළ සහ කහ පටි නැති ජාතික කොඩියක් වන අතර 1951 සිට එම වර්ණ ඇතුලත් කරන ලදී. කවුරුත් දන්නා පරිදි වර්ගවාදී මතවාදයන් සහිත දෙමළ දේශපාලඥයින් කරලියට ආවේද 1951 සිටය. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම දක්වා එය දුරදිග ගොස් අන්තිමේදී දසක 3 ක් තිස්සේ වූ ත්‍රස්තවාදයකින් එය තාවකාලිකව නැවතී ඇත.

 

මෙහිදී අපි පැහැදිලිවම පවසන්නේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් කාලය තුල තිබූ, අනෙකුත් ජනවාර්ගිකයින්ටද තම ජනවාර්ගික අනන්‍යතාවට ආරක්ෂා කරගැනීමට හැකියාව ඇති සිංහල බෞද්ධ රාජ්‍යය නම් අකෘතිය මත පිහිටා අපගේ ජාතික චින්තනය හැඩ ගැසිය යුතු බවයි.

 

සම්මත රාමුවෙන් පිට සිටිනවා යැයි කියාගන්නා උදවිය තවමත් සිටින්නේ රාමුව තුලමය. එනිසා සියල්ලන්ටම සම තැන යැයි කියමින් නන් දොඩවන ඔවුන්, ජාතික කොඩිය තුළ වර්ගවාදය ඇවිස්සී තිබීමම ගැන කතා කරන්නේ නැත. එනිසා බහුතරයගේ කැමැත්ත අනුව අපි වර්ගවාදය ඉවත දමමු. පටි නැති සුළු ජාතීන් හෝ මහ ජාතීන් කියා දෙයක් නැති සිංහලත්වයේ රාජ්‍යය තුල ජාතික කොඩිය සම්මත කරගැනීමට අපි එකාමෙන්ම පෙළගැසෙමු

ජාතික කොඩියේ කොළ සහ තැඹිලි වර්ණ භාවිතා කරමින් සුළු වාර්ගිකත්වය පෙන්වීම ගැන ජනමතය





ආශ්‍රිත:
TIME TO CLEAN UP THE FLAG – සිංහ ධජය අපි අපිම පිරිසිඳු කර ගනිමු
Sri Lanka Flag-Change it for the betterment of ALL Communities!


Read more: http://sinhalabuddhist.com/2011/02/national-flag/#ixzz1CyJWkpZl
Under Creative Commons License: Attribution
 
Top Lanka News
 
 
 
 
 
 
 
 
 

සිංහ ධජය අපි අපිම පිරිසිඳු කර ගනිමු
අපි අපගේ ජාතික කොඩිය දෙස බලමු. එහි සිංහයාට ඉදිරියෙන් තැඹිලි හා කොල පැහැ තීරු දෙකක් වෙයි. කුඩා කල අපිට කියා දුන්නේ මේවා සුළු ජාතිකයන් නිරූපනය කිරීමට යොදා ඇති බවයි. සුළු ජාතිකයන් සිටිනවානම් එසේ තිබීමෙන් කිසි ගැටළුවක් නැත. නිල හෝ නොවන කිසිම ආකාරයකින් නොමැති සුළු ජාතිකයන් වෙනුවෙන් තවදුරටත් කොඩිය කිළිටි කිරීමේ තේරුම කුමක්ද?.....ලිපිය කියවන්න


Kodiya pirisidu karema.pdf
Reply all
Reply to author
Forward
0 new messages