මහා ගුණ කඳෙන් ගත් බිඳක අසිරිද මහත් ...

14 views
Skip to first unread message

Sidath

unread,
Feb 25, 2018, 2:03:52 PM2/25/18
to

---------- Forwarded message ----------
From: Sachin Chamathka <sachin.c...@gmail.com>
Date: 2018-02-26 0:20 GMT+05:30
Subject: ඊමේල් 5747 : මහා ගුණ කඳෙන් ගත් බිඳක අසිරිද මහත් ...
To: emails...@googlegroups.com



"වර්තමානයේ අපි දකිනවා සමහර වෙලාවට පැවිදි ජීවිතයට පත්වෙච්ච ඇතැම් ස්වාමීන් වහන්සේලා එක්කො පුංචි කාලේ මහණ වෙලා, තරුණ වයසට ආසන්න වෙනකොට නව යොවුන් කාලෙ මහණ වෙලා. ඊට පස්සේ පිරිවෙන් අධ්‍යාපනය ලබලා විශ්ව විද්‍යාල වලට යනවා. දැන් මේ විශ්ව විද්‍යාල වලට යන බහුතරයක් ස්වාමීන් වහන්සේලා අතරේ, සියලු දෙනා වහන්සේලාම නෙමෙයි, නමුත් බොහොමයක්ම ස්වාමීන් වහන්සේලා අතරේ අපි දකින දෙයක් තමයි උන්වහන්සේලා උපාධියක් ගන්නවා. ඊට පස්සේ පත්වීමක් ගන්නවා. 'දැන් ඉතින් රස්සාවක් ලැබුනා, දැන් කිසිම බයක් නැහැ කියලා උන්වහන්සේලා උපැවදි වෙනවා, සිවුරු අරිනවා'.

එතකොට දැන් මේ රස්සාවක් ගන්න අවශ්‍ය වෙන උපාධියක් ලැබුණාම මහණ ජීවිතය තුළ ඉඳලා ශ්‍රද්ධාවෙන් මිනිස්සු දෙන දන් පැන් වළඳලා සිව්පසය පාවිච්චි කරලා ඒ මාර්ගයෙන්, මේ ශාසනයේ උපකාරයෙන් ගත් උපාධියෙන් ඊට පස්සේ එයා රස්සාවක් ලබා ගෙන සිවුරෙන් ගිහිල්ලා ජීවත් වෙන්න ලැජ්ජාවක් තියෙනවද කියලා හිතෙන්න හේතුවෙන බොහෝ පිරිසක් ඉන්නවා.

එතකොට අපි කල්පනා කරනවා මෙහෙම දෙයක්. මේ බුදු සසුන තුළ ධර්මය කෙරෙහි අවබෝධයක් ඇති වුනානම් අර මහණ ජීවිතයේ මුල් කාලයේදී ඔය මඟ නොයන බොහෝ දෙනාත් ඔය අතර ඇති. ඒ කියන්නේ ඔය විදියට විශ්ව විද්‍යාලවල උපාධි අරගෙන සිවුරු ඇරලා යන ඒ පිරිස අතර බොහෝ පින් ඇති අය ඇති, සමහර විට ධර්මය හරියට ලැබුණා නම් ඔය නොමඟට නො යන. ඒ වගේ බොහෝ පිරිස සාසනයේ පිරිලා ඉතිරිලා ගිය වෙලාවක අපේ රටේ සමහර අති උතුම් චරිත මුණ ගැහෙනවා ඊට විරුද්ධ මඟ ගිය.

ඒ අතර විශේෂ චරිතයක් තමයි බොහෝ කලකට පෙර, එක් දහස් නවසිය හතළිස් ගණන්වල අත්සනට ඇඟිලි සලකුණු පවා තියන අය හිටපු කාලයක්. අන්න එහෙම කාලෙක තමන්ගේ උගත්කම හොඳින් හදාගෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් ඉතාම හොඳින් සිදු කරගෙන උපාධි පමණක් නෙමේ පශ්චාත් උපාධිත් අරගෙන එක්තරා තරුණයෙක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් බවට පත් වනවා. කථිකාචාර්යවරයෙක් බවට පත් වෙච්ච මේ තරුණයා මහාචාර්ය බවට පත්වෙන්නත් සුදුසුකම් සකස් කරගෙන ඉන්න කාලයක මේ ගුරුවරයා, මේ විශ්ව විද්‍යාල ආචාර්යවරයා ගිහිගෙයට සමු දීලා පැවිදි බවට පත් වෙනවා.

හාමුදුරුවරු උපාධියක් අරන් සිවුරු අරින වකවානුවක් යද්දි අපිට මේ කාලයට බොහොම ආදර්ශයක් සපයාපු උත්තමයන් වහන්සේ නමක්. පේරාදෙණිය වගේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය තනතුරක් දරාගෙන ඉඳලා ඒ සියල්ල අත ඇරලා බොහෝම සිල්වත්ව පැවිදි ජීවිතයේ අපවත් වෙන දවස දක්වාම කිසිදු ශික්ෂාපදයක් බිඳින්නෙ නැති ආකාරයට ගෞරවයක් හිතේ තියාගෙන පුදුමාකාර ප්‍රඥාවක් හදාගත්ත මහෝත්තමයන් වහන්සේ නමක් උන්වහන්සේ. මේ නොබෝ දිනක අපවත් වුණා. ඒ තමයි  කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේ.

උන්වහන්සේ තමන් වහන්සේගේ අවබෝධයෙන් ප්‍රඥාවෙන් ලියපු ග්‍රන්ථ, දේශනා රාශියක් මේ රට ඇතුලෙ තියෙනවා. ඒ කිසිවක් මුදලකට නෙමේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන්ට ගන්න සලස්වලා තියෙන්නේ.

මේ උතුම් මහා ස්වාමීන් වහන්සේගෙ පළවෙනිම ශිෂ්‍ය රත්නය ශ්‍රී පාදය කිට්ටුව මැටි කුටියක ඔස්ට්‍රියන් ජාතික සුදු ස්වාමීන් වහන්සේ නමක්. උපසම්පදාවෙන් අවුරුදු විසි ගානක් වෙනවා මේ පළවෙනි ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට. (උන්වහන්සේගෙ නම මගේ මතකයේ හැටියට අනිමිත්ත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ දුරකතන කිසිදෙයක් පාවිච්චි කරන්නෙ නෑ, කැළේ හිටියත්. නමුත් උන්වහන්සේට ධර්ම ⁣දේශනා අහන්න ගුවන් විදුලියක් ඒ මැටි කුටියෙ තියෙනවලු. උන්වහන්සේ මට මතක් කරනවා 'මං ඔබවහන්සේගේ සිත් නෙත් අසපුව බොහෝම කැමැත්තෙන් අහනවා' කියලා. මේ සිරිපාද පැත්තෙ කැලේක කුටියක භාවනාවෙන් වැඩ ඉන්න යුරෝපා ජාතික ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට දැන් හොඳට සිංහල පුලුවන් මොකද උපසම්පදා වෙලත් අවුරුදු විසි ගානක්.)

මේ ස්වාමීන් වහන්සේ දවසක් තමන්වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ, කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහලා තියෙනවා

"ස්වාමීනි. ඔබවහන්සේ මහාචාර්ය පදවිය ලබන්න ඔන්න මෙන්න තියෙනකොට, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරු ඒ සියල්ල අත් ඇරලා දාලා පැවිදි බිමට පත් වුනේ. ඔබවහන්සේට පැවිදි වෙලා ආපු මේ අවුරුදු ගණනාවෙම (අඩසිය වසකට වැඩි කාලයක් වෙනවා උන්වහන්සේ පැවිදි වෙලා ඒ වෙනකොට පැවිදි ජීවිතයට) එක දවසක්වත් නිකන්වත් හිතුන්නැද්ද ඒ අත ඇරපු ඔය තාන්න මාන්න ගැන? ඔබවහන්සේ අත ඇරපු ඒ පදවි ගැන, ඒ විශ්ව විද්‍යාල කථිකාචාර්ය තනතුරු දාලා එන්න වෙච්ච එක ගැන එක දවසක එක මොහොතක්වත් පසුතැවිල්ලක් දැනුනෙ නැත්ද?" අහලා තියෙනවා.

මේ ගෝල ස්වාමීන් වහන්සේ අහන්නෙ ගුරු ස්වාමීන් වහන්සේගෙන්. කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේ ඒකට දෙනවා අපූ⁣රු උත්තරයක්.

"ආයුෂ්මතුන්. ඕක මං මෙහෙම කියන්නම්. පාන්දර නැගිට්ටට පස්සෙ කටේ තිබිච්ච කුණු කෙළ අපි එළියට විසි කරනවා. ඒ විසි කරපු, ජීවිතයේ එක දවසක හරි හිතිලා තියෙනවද ඔය ආයුෂ්මතුන්ට 'අනේ ඒ කෙළ ටික ආයෙත් ගන්න තිබ්බානම්' කියලා? ජීවිතේ කවදාහරි හිතිලා තියෙනවද?" කියලා අහලා තියෙනවා.

"අනේ ස්වාමීනි. හැමදාම ඔය කෙළ ටික නම් ගහනවා. හැබැයි අද වෙනකල් ජීවිතේ අපරාද ඒ ටික ආපහු ගන්න තිබ්බානම් කියලා හිතිලා නෑ"

"මටත් ඒ වගේ තමයි. ඔය අත ඇරිච්ච හැම දෙයක්ම මං කෙළ පිඩක් උදේ පාන්දර අත ඇරියා වගේ අත ඇරපුවා. මට පැවිදි ජීවිතේ කිසිම දවසක ඒවා ගැන හිතිලා නෑ" කියනවා. මෙන්න මේ වගේ උත්තම චරිතයක් පින්වත්නි උන්වහන්සේ.."

පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් 2018.02.25 දින පවත්වන ලද ⁣සදහම් දේශනාව මගින් උපුටා ගැනීමකි. 

අති

​ ​
පූජනීය කටුකුරුන්දේ ඤාණනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ශ්‍රී දේහය ආදාහනය කිරීම මහා සංඝරත්නයේ සහ දායක පිරිස ගේ සහභාගිත්වයෙන්, මහත් ගෞරවයෙන් යුතු ව කරදන සදහම් සේනාසනයේ දී සි
​දු
කරන ලදි.

නිවනින් ම නිවේවා නා සමිඳුනි!


http://seeingthroughthenet.net/


මහා ගුණ කඳෙන් ගත් බිඳක අසිරිද මහත් ....pdf
Reply all
Reply to author
Forward
0 new messages