practice Mindfulness

41 views
Skip to first unread message

Sidath Chameera

unread,
Jun 16, 2017, 1:28:47 AM6/16/17
to

If you are free  Tomorrow..........

 

පිය උරැමය තුල සියලු දුක් පීඩා වලින් සදහටම නිදහස් වන මග කියා දෙන

පූජ්‍ය අතුරුගිරියේ ධම්මවිහාරි හිමියන් විසින්  සතිය පිහිටුවීම සදහා මුල සිට පුහුණුකරන භාවනා වැඩසටහන

2017 - 06 -17 
සෙනසුරාදා  එක් දින භාවනා වැඩසටහන
 (
උදේ 8.00 සිට  ප.ව. 5.00 දක්වා )

සති පාසල - කඩුවෙල, බෝමිරිය (වැඩිහිටියන් සඳහා)

දානය සහ ගිලන්පස සපයනු ලැබේ.

විමසිම් - Malathie – 076 542 5859

Location:

https://www.google.com/maps/place/Mindfull+School/@6.9312518,80.0034893,2833m/data=!3m1!1e3!4m5!3m4!1s0x0:0x3d2fa00188b44d02!8m2!3d6.9341924!4d80.0161785?hl=en-LK






ජිවිතයේ වේගවත් බව මදක් අඩුකර මේ අම්ල ත්‍යාගය ඔබේ දරුවාටත් ලබාදෙන්නට කාලයයි මේ.....
============================
සුවපත් වු දරුපරපුරක් බිහිකිරිමේ යුගමෙහෙවර සදහා මීතිරිගල නිස්සරන වන සෙනසුනේ සේනාසනාධ්පති අතිපූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව නාහිමිපානන්ගේ මෙහෙයවීමෙන් සතිපාසැල (mindful school) ආරම්භ කල ඒ පින්බර මොහොත...

කල්‍යාණි නදියේ සිසිලසත් තුරු ලතාවන්ගෙන් හමා එන සිසිලසත් සමගින් කුඩා දරුවන්ට සතිමත් බව පුහුනුකිරීම

සදහා සෑම ඉරිදා දිනකම සවස 3 සිට 5 දක්වා මෙම පුහුනු පාසැල පැවැත් වේ.මේ සදහා ඔබගේ දරුවන් ද සහභාගි කල හැකියි.

සතිමත් සිත හැමවිටම අපව නිවැරදි මග ගෙන යයි
=+++++++++++++++++
සති පාසැල හැඳින්වීම
සති පාසලයනු ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට සතිය හඳුන්වාදීම සඳහා ආරම්භ කළ වැඩ සටහනක්.  මුලින්ම සතිය අර්ථ දක්වන්නේ කොහොමද කියල බලමු. සතිය යනු :

   
යෙදෙන කාර්යයට සිත යොමු කර වර්තමාන මොහොතට එළැඹ සිටීමෙන් හා තීන්දුතීරණවලින් තොරව, ඒ ඒ මොහොතේ සිහිය පැවැත්වීමේ අත්දැකීම තුළින් මතු වෙන දැනුවත් වීමයි.

සතිය පිහිටුවීමේ වැඩ සටහන් හඳුන්වාදීම තුළින් ලද සැලකිය යුතු ප්‍රතිලාභ පිළිබඳව බටහිර රටවල් වාර්තාගත කර තිබුණත්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තවම මෙවැනි වැඩ සටහන්වලට විවෘත වී නැහැ.

ගැටවර වයස මොළයේ වර්ධනය පිළිබඳ ඉතා තීරණාත්මක කාලයක් බවද, විශේෂයෙන්ම තීරණ ගැනීම, චිත්ත වේග පාලනය හා සමාජ අවබෝධය සඳහා වගකිව යුතු මොළයේ කොටස් වර්ධනය වන්නේ ඒ වයස් මට්ටමේදී බවද, ස්නායු විද්‍යාඥයන්ට පැහැදිලි වී තියෙනවා. තරුණ සිසුන්ගේ සතිමත් බව වැඩීම නිසා අවධාන පරාසයත්, පන්තියේ වැඩට ඒකාග්‍ර වීමේ හැකියාවත්, සංජානන හා චිත්ත වේග නම්‍යශීලි ගතියත් වැඩි දියුණු වන බවට වාර්තාද තියෙනවා.

මේ තොරතුරු යොවුන් වයසේ අයට මෙන්ම,ඔවුන්ට මාර්ගෝපදේශකත්වය දෙන මාපියවරුන්, ගුරුවරුන් හා උපදේශකයන්ටත් එක සේ වැදගත් වන බව, යොවුන් විය මනස සංවර්ධනය පිළිබඳ විශේෂඥයන් විශේෂයෙන් අවධාරණය කරන කාරණයකි. මෙහි වටිනාකම සති පාසල සංකල්පය යටතේ අපි හොඳින් වටහාගෙන සිටිමු.

මෙම පොතින් විස්තර කරන්නේ, සිසුන්ට, ගුරුවරුන්ට, පාසල් පරිපාලකයින්ට සහ මාපියවරුන්ට සතිමත් බව පිළිබඳව ඉගෙනීමෙන් මහත් ප්‍රයෝජන ලබාගත හැකි අන්දමේ වැඩ සටහනටකට ස්වේච්ඡාවෙන් සහභාගී වන ලෙස පාසල්වලට ආරාධනා කරන අලුත්ම ආරම්භක පියවරක්. මෙම පොතේ සතිමත් බව ගැන ඉගෙනීමට සරලව, නමුත් රසවත් ආකාරයට භාෂා තුනෙන්ම ලියන ලද උපදේශාත්මක රචනා අඩංගු වෙනවා. විදුහල්පතිවරුන් මෙන්ම පාසල් ගුරුවරුන්ද මෙම පොතේ අඩංගු උපදෙස් කියවා ළමුන්ට සතිපතා මග පෙන්වීමක් කිරීම මගින් මෙම නව ක්ෂේත්‍රය වඩා ස්ථාවර කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. පාසල් තම තමන්ගේ නිර්මාණශීලිත්වය අනුව යමින් ලබන අත්දැකීම් මගින් අප වෙත නිතර දෙන ප්‍රතිචාර උපයෝගී කරගෙන මෙම උගැන්වීම් තව දුරටත් ක්‍රමවත්ව සංශෝධනය කිරීමෙන්, සතිමත් බව කෙටි කාලසීමා තුළදී පන්ති කාමරය ඇතුළත මෙන්ම පිටතදීද දෛනිකව වැඩි දියුණු කිරීමයි අපේ අරමුණ.

මෙම වැඩ සටහනේ නායකත්වය දරන්නේ තම ජීවිත කාලයෙන් අවුරුදු තිස් පහක්ම සතිමත් බව පුහුණු වීමට කැප කළ ශ්‍රී ලංකාවේ ආරණ්‍යයක නායක ථෙරවාදී බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකි. සතිමත් බව පුහුණු කිරීම වෙනුවෙන් කැප වී සිටින වෘත්තිකයින් කණ්ඩායමක්, මේ ආරම්භක ප්‍රයත්නය සාර්ථක කරගැනීමට තමන්ගේ විශේෂඥ දැනුම සහ සම්පත් ඒකරාශී කරනවා. මේ පිරිසගේ නම්, පොතේ අවසානයේ පළ කර ඇත. මෙම වැඩ සටහනේ උගැන්වීම් ආගම් භේදයකින් තොර අරමුණු මත පදනම් වී ඇති බැවින්, වැඩ සටහනට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වීමට කරන ආරාධනාව ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සඳහා ජාති භේදයකින් තොරව ඉදිරිපත් කර ඇත.

++++++++++++++++

වැඩිවිස්තර-

https://satipasela.wordpress.com/

 

https://satipasela.wordpress.com/2016/10/10/sati-pasala-at-kaduwela-bomiriya/

 

http://www.nissarana.lk/

               

https://www.youtube.com/watch?v=suVg0mH85NY



====================

message from - ven . Udaeriyagama Dhammajeeva Theo

I have been practicing mindfulness in an unlimited manner during the past thirty five years. Every task I undertook and all the responsibilities I shouldered whilst practicing mindfulness, ended up with enormous success. Moreover, the variety of tasks I accomplished in the midst of a multitude of challenges, were executed with minimal complications. And I attribute this accomplishment to my unrelenting practice of
mindfulness.

My journey in mindful practice began at the age of twenty six. Having considered all my experiences during these several decades, I can confidently recommend that the earlier this practice is imbibed, the better it will be. Hence my great delight to be able to share this practice with school children.However, I am extremely sensitive to the fact that we have to tread very cautiously and carefully in this new initiative we are launching today.

During the past few months we have been testing this ‘Sati Pasela’ program in a limited way with students from schools in Mitirigala as well as from nearby Sunday schools. We have encouraged children who have expressed interest in joining this program, to practice mindfulness with us in short spells.

I am indeed encouraged by the response I encountered.

I wish to highlight a few points in relation to the program we are launching today.

    1 . This is intended for schools that will volunteer to be included into the ‘Sati Pasela’ program. Any school that willingly expresses interest will be enlisted.
   2.  The teaching of mindfulness practice will be devoid of any religion. This will be a secular or non-religious practice.
   3.  We wish to introduce mindfulness as a wholesome skill, that will benefit students in the class room, when interacting with teachers and other authorities, and with their families, neighbours and friends. With time, we expect this program to provide a protective fence and guard the children who belong to ‘Sati Pasela’.
    4. Just as much as the students would, the school teachers and Principals, other advisors and neighbours and friends of the school, too would benefit from this practice.
    5.The program will be facilitated by a group of sincere volunteers who have practiced mindfulness themselves, and who have the interest of students, at heart.
    6. There will be no financial commitments for this program since everyone will be working as volunteers.
   7.  Eventually we hope the schools themselves will adopt this program and that the teachers themselves will become mindfulness practitioners and facilitators. Thiswould certainly ensure sustainability of ‘Sati Pasela’ as a school-based program.

It is my fervent wish that the initial set of instructions included in this booklet and the rest of instructions we will prepare in the days to come, will assist you to understand this program better.

May ‘Sati Pasela’ go from strength to strength with your help, as well as with help from all seen and unseen beings…

direction from google map

https://www.google.com/maps/place/Mindfull+School/@6.9312518,80.0034893,2833m/data=!3m1!1e3!4m5!3m4!1s0x0:0x3d2fa00188b44d02!8m2!3d6.9341924!4d80.0161785?hl=en-LK



https://www.google.com/maps/place/Mindfull+School/@6.9325127,80.0128814,16z/data=!4m12!1m6!3m5!1s0x0:0x39987c4a084b5eed!2sprimary+school!8m2!3d6.9353492!4d80.0083154!3m4!1s0x0:0x3d2fa00188b44d02!8m2!3d6.9341924!4d80.0161783?hl=en-LK

 

 

"

Reply all
Reply to author
Forward
0 new messages