හමුදාවෙන් පවත්වාගෙන ගිය උ/නැ ආයතන ඩයස්‌පෝරාවෙන් ඩැහැගනීද?

1 view
Skip to first unread message

Nadeeka Hemawardhana

unread,
Mar 30, 2015, 10:46:17 PM3/30/15
to manoj....@gmail.com, Kalpawee...@ymail.com, thushara...@gmail.com, H. Sunil Jayathissa, Sliit-kmb, Anushka Ranasinghe, iresha.pr...@gmail.com
 
 
image
 
 
 
 
 
Preview by Yahoo
 

හමුදාවෙන් පවත්වාගෙන ගිය
උ/නැ ආයතන 
ඩයස්‌පෝරාවෙන් ඩැහැගනීද?


සමන් ගමගේ

උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැ`දවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය.... 

ත්‍රිවිධ හමුදාව ව්‍යාපාරික මට්‌ටමින් ක්‍රියාත්මක විය යුතු නැති බවට රජය දරන මතය අනුව මෙම තීරණය ගෙන තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ 'දිවයින'ට පැවැසීය.

මේ අනුව ඉදිරියේදී ටෙන්ඩර් මගින් අදාළ ආයතන පිටස්‌තර පුද්ගලයන්ට ලබාදෙන අතර එහිදී එම ආයතන ලබා ගැනීමට විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දැනටමත් ක්‍රියාත්මක වී සිටී.

එම කටයුතු සඳහා ප්‍රබල කොටි හිතවාදියකු වන චාල්ස්‌ ඥානකෝන්ගේ සොහොයුරකු වන ඩොනල්ඩ් ඥානකෝන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ කටයුතු මෙහෙයවමින් සිටින බව ද වාර්තා වේ.

ඩොනල්ඩ් ඥානකෝන් නමැත්තා මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ උතුරේදී රජයේ ප්‍රබලයකු මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

ත්‍රිවිධ හමුදාව උතුරු ප්‍රදේශයේ ස්‌ථානගතවී සිටින තැන්වලින් ඉවත් කිරීම හා මෙම ආයතන ටෙන්ඩර් මගින් ලබා ගැනීමේ විදේශගත ඩයස්‌පෝරාවේ අරමුණ වී තිබෙන බවද සඳහන් වේ.

මේ අතර උතුරේ¨ හමුදා ස්‌ථානගතව සිටින තැන්වලින් වහා ඉවත්විය යුතු බවට උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරම් මහතා ඊයේ (30 වැනිදා) ප්‍රකාශයක්‌ද කර තිබේ.


Reply all
Reply to author
Forward
0 new messages