Fwd: DhammaMedicine:::: VERY IMPORTANT: අදම අහන්න.. !!!

4 views
Skip to first unread message

Sandun Pradeep

unread,
Dec 1, 2016, 6:49:29 AM12/1/16
to

---------- Forwarded message ----------
From: Kumara Edirisinghe <kumara.ed...@gmail.com>
Date: 2016-11-30 21:09 GMT+05:30
Subject: DhammaMedicine:::: VERY IMPORTANT: අදම අහන්න.. !!!
To:





"අද අද එයි මරු පින් කරගන්නේ..."
-------------------

ජීවිතයේ තාවකාලික බව තේරුම් ගනිමු....

අපේ ජිවිතයේ තිබෙන දුර්ලභ බව අපි තේරුම් ගන්ට ඕනෙ. මනුස්ස ජීවිතයක දුර්ලභ බව අපට සිහි වෙනවා නම් අපි සතුටින් වාසය කරනව. අපට මේ සුගතිගාමී ජීවිතය නො ලැබුණා නම් අපි කොහෙද ඉන්නෙ? 

එක්කො අපි ප්‍රේත ලෝකයේ ප්‍රේත ජීවිතයක් ගත කරනව. එහෙම නැත්නම් අපි තිරිසන් ලෝකයේ තිරිසන් සතෙක් විදිහට ජීවත් වෙනව. එහෙම නැත්තං අපි නිරයේ ඉපදිල. මේ වෙනකොට අපි එබඳූ තැනක හිටිය නම්, කොයි තරම් දුක් විඳින අය බවට පත් වෙලා තියෙයි ද? කොයි තරම් බයක් තැති ගැනීමක් සහිතව අපි වාසය කරයි ද?

බලන්න දැන් අපට ඒ වගේ තිරිසන් ලෝකයේ ප්‍රේත ලෝකයේ නිරයේ විඳින දුක් නැ නේද? "තිරිසන් ලෝකයේ ප්‍රේත ලෝකයේ නිරයේ දුක් සහිත ලෝක වලට සාපේක්ෂව අපි කොයි තරම් සැපයක් සුව පහසුවක් විඳිනවද" කියල කල්පනා කරන්න. අපි තිරිසන් ලෝකය ගැන යම් පමණකින් ඉගෙනගෙන තියෙනව. මිනිස් ලෝකය අපට පේනව. ප්‍රේත ලෝකය නිරය ගැන අපි අහල තියෙනව. අපට දැන් තාවකාලිකව ඒ දුගති ලෝකවලින් නිදහස් වීමක් තියෙනව නේද? දැන් අපට අවස්ථාවක් තියෙනව ආයෙ දුගතියේ නොවැටෙන විදිහට හිත සකස් කර ගන්ට. අපට මේ සඳහා බොහෝ කල් තියෙනවද? නෑ.

"අද අද එයි මරු පින් කරගන්නේ..."

එහෙම නේද අපි අහල තියෙන්නෙ. පොඩි කාලෙ ඉඳල අපි ඒක අහල තියෙනව නේද? අපට තව ගොඩාක් කල් ජීවත් වෙන්ට නෑ මේ ජිවිතයේ. ටික කලයි තියෙන්නෙ. බුදු රජාණන් වහන්සේ අපට කියා දෙන්නෙ දියේ ඇන්ද ඉරක් වගේ ජීවිතේ ටික කලයි තියෙන්නෙ, තණ අග රැඳූණු පිනි බින්දුවක් වගේ මේ ජිවිතේ ටික කලයි තියෙන්නෙ කියල. අපි අද උදේ අවදි වුණා.. තව ටිකකින් අපි නිදා ගන්නව. රාත්‍රිය ගෙවෙනව. හෙට ආයෙ අවදි වෙනව. ආයෙ හවස් වෙනව, ආයෙ රෑ වෙනව, ආයෙත් නින්දට යනව. මේ විදිහට අපේ ජීවිතයේ දිවා රෑ කීයක් ගත වුණා ද? අපට තව දිවා රැයවල් කීයක් ගත කරන්ට තියෙයි ද? තව ගොඩක් කල් ගත කරන්ට තියෙයි කියල හිතන්ට එපා. ජීවිතේ ටික කලයි තියෙන්නෙ. කාලය වේගයෙන් ගෙවෙනව. ඒ කියන්නෙ අපට ජිවත් වෙන්ට තියෙන කාලය අඩු වෙනව. මරණයට අපි ළං වෙනව. ජීවත් වෙන්ට බොහෝ කල් තියෙනවා කියල අපට හිතන්ට බෑ. තව අවුරුදු පනහක් වෙනකොට අපි බොහෝ දෙනෙක් මෙලොවිත් චුත වෙලා. ඒ වෙනකොට තාවකාලිකව වාසය කරන මේ සුගතිගාමී ජීවිතය "තාවකාලික වාසයක්" කියල තේරුම් නොගත්තොත් ආයෙත් අපට දුගතියේ ම ඉපදෙන්ට සිද්ධ වෙනව.

ඉතින් මේ විදිහට අපි ධර්මය කල්පනා කළොත් අප තුළ සංසිඳීම ඇති වෙනව, වීරිය ඇති වෙනව, උනන්දුව ඇති වෙනව. ප්‍රමාදී බව දුරු වෙලා යනව. අප්‍රමාදී බවට පැමිණෙනව. ඉතින් ඔබත් ඒ විදිහට ධර්මය සිහි කළොත් ඔබ බුදු රජාණන් වහන්සේ කෙරෙහි නැමුනු සිතින් වාසය කරන අය බවට පත් වෙනව.

ඔබට සිහි කරන්ට පුළුවන් නම් "මේ ජීවිතය දුර්ලභව ලැබුණු දෙයක්. තාවකාලිකව අපි දුගතියෙන් නිදහස් වෙලා තියෙන්නෙ. ඉතින් මේ ජීවිතය ඉතා කෙටි කලයි තියෙන්නෙ. අපි දැනට දුගතියෙන් නිදහස් වෙලා සිටියත් ආයෙ දුගතියට වැටෙන්ට සිද්ධ වෙනව".. මේ විදිහට අපි සිහි කළොත් සිහි කරන්නෙ ධර්මය නේද? ඒ කාගෙ දැණුමක් ද අපි සිහි කරන්නෙ. ඒ බුදු රජාණන් වහන්සේගේ අවබෝධයයි සිහි කරන්නෙ. ඒ අවබෝධය සිහි කරද්දී අපි ඒ කෙරෙහි පහදිනවා නම් අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන වාසය කරන අය බවට පත් වෙනව. එසේ ශ්‍රද්ධාවෙන් වාසය කළොත් සිත ආරක්ෂා වෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි !

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.


ජීවිතයේ තාවකාලික බව තේරුම් ගනිමු.. [PaperArticle]

-----------------------------------------------------------------

Kumara.ed...@gmail.com

--
The incomparable & most precious medicine
‘The Medicine of Dhamma’
Discovered on his own
By the greatest person appeared ever on this earth
And advised us with heartiest mercy……..
 
Dear sons & daughters,
Come and have this most powerful medicine and get you entire soul healed
Attain Nibbana……
The only utmost luxury you could have and retain forever……
In this uncertain world
-------------------------------------------------------
If this email is addressed wrongly, if you receive more than one, or if you no longer wish to receive emails, kindly inform us so that we may correct and update our lists.
 
You received this message because you are subscribed to the Google
Groups "DhammaMedicine" group.
To post to this group, send email to dhammamedicine@googlegroups.com
To unsubscribe from this group, send email to
dhammamedicine+unsubscribe@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/dhammamedicine?hl=en
---
You received this message because you are subscribed to the Google Groups "DhammaMedicine" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to dhammamedicine+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--

May The Blessings Of The Noble Triple Gem Be With You...!!!

Sandun


Reply all
Reply to author
Forward
0 new messages