අපි ඉතා ම කරුණාවෙන් මේ අයගෙන් ඉල්ලා හිටින්ට කැමැතියි, තමා තමාට ම අනුකම්පා කරගන්න. තමා තමා කෙරෙහි, සෙනෙහසක් උපදවාගන්න. “තම තමාගේ ජීවිතයට අභිවෘද්ධියක් ඇතිකරගන්ට ඕනැ” කියන අදහස ඇතිකරගන්න. තමන්ට තමන් විතරයි. අන්තිමට කාගෙන්වත් පිළිසරණක් නැතිව යනවා. ඒ නිසා කාලය අපතේ දාගන්ට එපා.අනවශ්‍ය දේවල් කතාකර කර ඉන්ට එපා. සිහින ලෝකවල වාසය කරන්ට එපා. සැබෑ ලෝකය තේරුම් අරගෙන, සැබෑ ලෝකය තුළ වාසය කරන්ට පුරුදුවෙන්න. සැබෑ ලෝකය හඳුනාගත්තොත්, සිහින ලෝකය නිරුද්ධවෙලා යනවා. සිහින ලෝකයක ඉඳීම දුක් සහිතයි. අපට සැබෑ ලෝකය තුළ සුව පහසුවෙන් ඉන්ට පුළුවන්. එතනයි ආරක්‍ෂාව තියෙන්නෙ......
To read the full article please visit: http://dhammamedicine.net/2012/04/25/saba_lokaya_therum_ganimu/