සුබ වෙසඟක් වේවා!

4 views
Skip to first unread message

Sameera Jayawardena

unread,
May 30, 2010, 11:19:23 AM5/30/10
to sinhala...@googlegroups.com
හැම දෙනාටම සුබ වෙසඟක්!  සුබ අළුත් අවුරුද්දක් කියනව වගේ දැන් අපි පුරුදු වෙලා ඉන්නේ ප්‍රීතිමත් වෙසඟක් කියලා කියන්නයි කීවොත් කවුරුත් එකඟ නොවෙන එකක් නෑ.  මම පහුගිය දවසක මගෙ හොඳම මිතුරෙක් මට සුබ වෙසඟක් කියනකොටයි මට හිතුනේ ඇත්තටම ‍මොකක්ද අපේ මේ සිරිතේ තේරුම කියලා,

සමහරවිට මට හිතෙනවා මේ සමාජයත් එක්ක වෙසක් සැමරුම උත්සවයක් බවටත් හිත නිවෙන වෙසඟ ප්‍රීතිමත් වෙසඟක් බවටත් පෙරලිලා කියලා. හැබෑටම මොකක්ද වෙසඟේ සතුට? බුදුන් වහන්සේගේ ඒ ආශ්චර්යමත් තෙමඟුල විතරමද? මම හිතන්නේ මේ සතුට කියා කියන්නේ බුදුන්ගේ උපත බුදුවීම පිරිනිවන යන සියල්ල අවබෝධකර ගැනුමෙන් පහල වන ශාන්තිය කියලයි! මේ අනුව වෙස‍ඟේ සැබෑ ප්‍රීතිය කියන්නේ කොයි විදිහේ දෙයක්ද?

මම හිතන්නේ මේ අපූර්වතම ගීතය ලියවී තිබෙන්නේ ඒ සියල්ල එක්තැන් කරමින්. සියළු සැප විඳිමින් දිවි ගෙවන අයෙකුට වුවත් දුගී පැලක අහිංසක මිනිසකුට වුවත් එක සේ බලපාන ජීවිතය නම් ඔරුවක නැගී යන අත කොයිදැයි නොමදැන ගෙවෙන මිනිස් දිවිය ගැන මෙතරම් ව්‍යක්ත ලෙස පද ගැලපීම අපේ කාලයේ යතිවරයකුගෙන් ඉටු වූ නිසි යුතුකමක් බැව් සිතමි.

ඉතින් වෙසඟේ නිසි සතුට අ‍වබෝධයම බැව් මාගේ විශ්වාසයයි!

http://subadawasak.ning.com/video/api-asarana-wela-wage-hithata


හැමටම සුබ වෙසඟක් වේවා!

සමීර

www.subadawasak.ning.com


Ananda Wijesinghe

unread,
May 31, 2010, 12:53:59 AM5/31/10
to sinhala...@googlegroups.com
සමීර,
 
හරිම අපූරුයි ඔබේ ලගන්නා සුළු වෙසක් පණිවුඩය...!

ඒ වාගෙම, "අපි අසරණ වෙලා වගෙයි....." යන ඉමිහිරි
ගීතය මා නිතර අහන, හරියට අගේකරන අර්ථවත් එකක්...!!

ඒ අසහාය ගායක ගුණදාස කපුගේ ශිල්පියාට නිවන් සුව අත්වේවා...!!!
 
=ආනන්ද විජේසිංහ=
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී


--- On Sun, 5/30/10, Sameera Jayawardena <samee...@gmail.com> wrote:
--
If you could not read in Sinhal pl. get Unicode For Sinhala
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
 
සිංහලෙන් ලිවීමට අපහසු නම්
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

Reply all
Reply to author
Forward
0 new messages