Re.My 1st ever NISADESA which I wrote

30 views
Skip to first unread message

සමන් ජයසිංහ

unread,
Jun 2, 2010, 3:01:14 AM6/2/10
to sinhala...@googlegroups.com

විපුල්
සිංහල යුනිකේත පමනක් භාවිතා කරන්න

................................................
අරුණෝදයක චමත්කාර හිරු සේවයක
අතරින් මව්බිමට සපැමිණි බව’’’’’’

අහස් කුස සිසාරා
රාති්‍රය පහන් කරමින්
මව්බිම කරා මැද පෙරදිගද පසුකරමිනා
ඇදෙමින වේගයෙන් යනෙනා
සුවහසක් මගී දන අතරේ මාද එක් අයෙකුව
රැගෙමින අහස් යන්තරේ සුවපහස සමගිනා
දකිමින ඈතින් දිස්වනා අසිරියක මහිමය
අරුමයක සුන්දර දසුනක දැක්මකි
සිරිලක් අහස් තලය නහවනා
පාන්දර යාමයක පහන්වන අඳුර සමගින්
රතු රෝස වර්ණයන් එකතුවක චමත්කාරය
කියාපානා අරුණෝදයක හිරු සේවයක
අතරින් වෙහෙස නිවාළමින්දෝ
ලක්බිමේ අහස්තලයට සපැමිණි අසිරිය

ගැටෙනා හ~ දැනෙනා ඇසෙනා විට
යානයේ රෝදයන් ලක් පොලොතලයෙහි
තටු විහිදමින් අහස් කුරුල්ළා
සිප වැළඳ ගන්නා විට
ධාවන පථය කටුනායක
කීසA’’දඩ්ඩස්’’’ම්’’’ම්’’’ම්’’ම්
හඬින් රසවත් ව රැව්දෙයි කනට සුමිහිරි
අපි කොළඹ සිරිලකට
ඇත පැමිණ පවසයි නියමුවා

අතරමග මැද පෙරදිගින්
නැගුනු ලක් හිතවතුන්
නගති අත්පොලසන් මහත් සතුටෙන්
දැනෙනා සතුට උතුරා යමින් හිත පුරා
හදවත එක්විටම මහටද නොහැකිව දරා
එක තැන නතර වී ගිය අයුරිනා
සතුටින් පිරී සැනසෙයි සුවබරව නිසසල
දක්නට මව්පියන් සොයුරු සොයුරියන්
යන්නට මා හැදී වැඩුනු ගම රටට
යළිත් කවÞ නම් සබඳ
සැබෑවන්නද ඒ අසිරිමත් සිහිනය
මව්බිමේ අසිරිය දකින්නට නිබඳවම

එච්’එම්’විපුල් හේරත්
ඉතාලියේ සිසිලි දූපතේ කතානියා නගරයේ සිට

 

---------- Forwarded message ----------
From: "Vipul  Herath .......................................Herath Mudiyanselage" <vipulher...@hotmail.com>
Date: Jun 2, 3:58 am
Subject: My 1st ever NISADESA which I wrote
To: සිංහල සංවාද (Sinhala Discussions )


wrefKdaohl pu;aldr ysre fiajhl

w;rska uõìug imeñKs nj’’’’’’

wyia
l=i isidrd

rd;s%h
myka lrñka

uõìu
lrd ueo fmros.o miqlrñkd

wefoñk
fõ.fhka hfkkd

iqjyila
u.S ok w;f¾ udo tla wfhl=j

/f.ñk
wyia hka;f¾ iqjmyi iu.skd

olsñk
wE;ska osiajkd wisrshl uysuh

wreuhl iqkaor
oiqkl oelauls

isrs,la
wyia ;,h kyjkd

mdkaor
hduhl mykajk w÷r iu.ska

r;=
frdai j¾Khka tl;=jl pu;aldrh

lshdmdkd
wrefKdaohl ysre fiajhl

w;rska
fjfyi ksjd<ñkafoda

,laìfï
wyia;,hg imeñKs wisrsh

.efgkd
y~ oefkkd wefikd úg

hdkfha
frdaohka ,la fmdf,d;,fhys

;gq
úysoñka wyia l=re,a<d

ism
je<| .kakd úg

Odjk
m:h lgqkdhl

lSiA’’oâvia’’’ï’’’ï’’’ï’’ï

yçka
rij;a j /õfohs lkg iqñysrs

wms
fld<U isrs,lg

we;
meñK mjihs kshuqjd

w;ru.
ueo fmros.ska

ke.=kq
,la ys;j;=ka

k.;s
w;afmd,ika uy;a i;=fgka

oefkkd
i;=g W;=rd hñka ys; mqrd

yoj;
tlaúgu uygo fkdyelsj ord

tl ;ek
k;r ù .sh whqrskd

i;=áka
msÍ iekfihs iqjnrj ksii,

olakg
uõmshka fidhqre fidhqrshka

hkakg
ud yeoS jevqkq .u rgg

h<s;a
ljÞ kï in|

ienEjkako
ta wisrsu;a isyskh

uõìfï
wisrsh olskakg ksn|ju

tÉ’tï’úmq,a fyar;a

b;d,sfha isis,s ¥mf;a l;dkshd k.rfha isg

 

Victor Gunasekara

unread,
Jun 2, 2010, 4:06:12 AM6/2/10
to sinhala...@googlegroups.com

 

 

MEMO

SUBJECT:

කවුද සිංහළ?

TO:

කාටත්

DATE:

6/2/2010

 

පහත දැක්වෙන ලිපිය JC අහංගම සිංහලෙන් ලියා තිබෙන නිසා මේ පිලිතුරත් මම සිංහලෙන්  ලියනවා. ඔහුගේ ලිපියේ වැඩි කොටසක් යොදා තියෙන්නේ 'අන්දරේ' ප්රශ්නයටයි. මේක මේ සමූහයේ කිහිප දෙනෙකුට වැළඳ තියෙන ලෙඩකි. ඔවුන්ට ලිපිය නෙවෙයි ලිපිකරුයි වැදගත් වන්නේ. මෙසඳහා බුදුහාමුදුරුවෝ දුන්න උපමාවක් වැදගත් වේ. ඊතලයකින් තුවාල වූ මිනිහෙකුට ප්රතිකාර දෙන්නෙ නැතුව ඊතලය එව්ව එකා හොයනවා වගේ. මේ නිසා මේ ප්රශ්නය ගැන වැඩි දුරට කතා කරන්න අදහස් කරන්නේ නැත.

JC හදන්නේ 'සිංහළ' නම් පදය නිර්වචනය කරන්නයි. ප්රතමයෙන් මම කියන්න ඕන ඔහු 'සිංහලයෝ' හැටියට හන්දුන්වන පිරිස මම 'නවසිංහලයෝ' හැටියටයි ගන්නේ. මුං සම්භාවනීය සිංහලයන්ගෙ ගතිගුන අත්හැරලා නිසා. නවසිංහලයෝ ජාතිමාමකයෝ සහ ධනපාලකයෝ වෙති. තව දෝෂත් ඔවුන් වැලඳ ගෙන තිබේ.

JCගේ නිර්වචනය මෙයයි: "ලංකාවේ ඉපදී සිංහල භාෂාව තම ජන්ම භාෂාව ලෙස සලකන කව්රුත් සිංහලයෝයි". මේක වැරදි නිර්වචනයකි. පදයක් නිර්වචනය කිරීමේදී එම වචනයම යොදන එක දෝෂයකි (circular reasoning). මෙහි 'සිංහල' තේරුම් කිරීමට භාෂාවක් 'සිංහල' හැටියට හන්දුන්වනවා! ඒ කියන්නේ අපි සිංහල කියන්නේ කුමක්ද කියා දැනගෙන ඉන්න ඕන. ඇතැම් විට මේ තර්කය නවසිංහලයන්ට වටහාගන්න බැරිවේවි. එම නිසා JCගේ නිර්වචනයේ ඇති තව දෝෂ උදාහරනයකින් පෙන්වන්න හැකිය.

JC කියනවා පීටර් කාසි චෙට්ටි සිංහලෙක්ය කියා. නමුත් පීටර් කියන්නේ ඔහු කොලඹ චෙට්ටියෙක්ය (colombo chetty) කියා. තවද ඔහු කියනවා ඔහු ලාංකිකයෙක්ය කියා. ඔහු සිංහල භාෂාවෙන් වචනයක්වත් ලියා නැත. කොටහේනේ උපදින්න ඇති. සිංහල තේරෙනවා ඇති. නමුත් සිංහලයෙක් නොවේ. කොලඹ හෙට්ටි ජාතික ලාංකිකයෙකි.

පීටර් සිංහලයෙකු නම් ප්රභාකරනුත් සිංහලයෙකු. එයාට තිබුනා පීටර්ට තිබුනු සියළු ලක්ෂනම. "කොලඹ හෙට්ටි" වෙනුවට දෙමළ ජාතිකයෙක් වීම විතරයි වෙනස. මේ විදියට බලන කොට සිංහල-දෙමළ අරගලයක් නැත.  කවුරුත් දැන් සිංහලයෝ! එතකොට ඇයි දෙමලුන්ට තමිල්නාදුවට යන්න කියන්නේ? දෙමළු සිංහල හැටියට බෞතීස්ම කරන්න බැරිය.

නවසිංහලයෝ කිසි විටකට ඔවුන්ගේ ජාතිමාමකත්වය අතහරින්නේ නැත. ඔවුන්ගේ නායකයා කියනවා වගේ "මම සිංහල, රට සිංහල, නැතිනම් පල". JCගේ වචන නිර්මානයට කවුරුත් රැවටෙන්නේ නැත. ලඟදීම ඇමරිකාවත් ඉනදියාවත් මහිඳගේ "ඩෙවලූෂනය" යතා තත්වය කරාවි. එතකොටයි හෙළයන්ගේ ඇස් ඇරෙන්නේ.

VG


 

From: JC Ahangama [mailto:ahan...@gmail.com]
Sent: Wednesday, June 02, 2010 12:20 AM
Subject: Re: Peter again [WAS: RE: Is This a free and fair election ???]

වැඩ බහුලතාවය නිසා මම මෙතෙන්ට මේ දිනවල එන්නේ වරින්වරයි.

මේ වගේ ද්වෙශ සහගත දේවල් කීම වික්ටර් ගුණසේකර මහතාගේ හා (ඔහුගේ බද්ධ නිඹුල්?) අන්දරේ ගේ ස්වභාවය බව කියන්නත්, මම දන්න තරමට 'සිංහලයා' කියන්නේ කාටද කියන එකත් තේරුම් කළ යුතුය කියා හිතලායි මේක ලිව්වේ.

මුළින්ම කිව යුතුයි පීටර් කැසී චෙට්ට් සර්වසම්පූර්ණ සිංහලයෙක්‌ය කියා. පීටර් යම් විදිහකින් අඩු කරලා බාග හෙළයෙක් වගේ හෝ පරයෙක් ලෙස පෙන්නලා කිවූ කතාවල් වැරදි සේම අශික්‍ෂිතයි.

අශික්‍ෂිතයි කිව්වේ 'ඩොක්ටර්' කියන නම්බුනාමය ගන්න අයට ගැලපෙන්නේ නෑ කිව්ව එකයි. නමුත් මං වගේ සරං කාරයෙක් කිව්වොත් ඒක සාධාරණයි. මේක තොප්පියේ මල් ගහගෙන ඉන්න මිනිස්සුන්ට අවවාදයක්. ගරු සම්මාන ඉල්ලනවානම් ගුරුසරු විදිහට හැසිරෙන්නත් ඕනෙ. තමන්ට උගතෙකු ලෙස සැලකිලිගන්න කව්රුවත් නොදැක්ක තීසිස් එක වනනවා නම් හැසිරීම ඒකට අනුකූලව කළ යුතුයි.

'
කව්ද සිංහල?' කියන ප්‍රශ්නය හරියට නොදන්න එක අපි භේදභින්න වෙන්න ප්‍රධාන හේතුවයි. කෙනෙකුගේ කතාව හා විලාසය දැකලා සිංහලයෙක් ය කියන එක අපි හිතට ගන්නවා. සිංහලයෙක් විදිහට හැසිරෙන කව්රුත් සිංහලයෝයි. යට ගිය පරම්පරාව අනුව ජාති වෙන් කරන එක යුදෙව් ආගමෙන් පටන්ගෙන යුරෝපීයයන්ගේ මාර්ගයෙන් අපිට ආපු දෙයක්.

ලංකාවේ ඉපදී සිංහල භෑභාෂාව තම ජන්ම භාෂාව ලෙස සලකන කව්රුත් සිංහලයෝයි.

මගේ දරුවා වගේ පිටරට ඉපදී පිටරට ඉන්න නමුත් සිංහල කතා කරන, කව්රුන් ඈහුවොත් නමන් සිංහල එකියෙක්‌ය කියන අය වගේ අයත් සිංහලයෝමයි. අවුරුදු 17දී ලංකාවට ඈවිත් ලංකාවේම මහළු වී සිංහල කතාකරන මෙත්තවිහාරි හාමුදුරුවොත් සුදු හම වුවත් සිංහලයෙක්. එහෙමයි මට මේක පේන්නේ.

සිංහලයන්ට තියෙන්නේ මිශ්‍ර ලේ. ඒ කියන්නේ, එක එක ජාතිවලට වෙන වෙන වර්ගවල ලේ තියෙනවා නම් ඒ ඒ නොයෙක් නොයෙක් ජාති එකට ජීවත්වෙලා මිශ්‍ර වෙලා ඉන්න මිනිස්සු ජාතියක් තමා සිංහල. මේක අහගෙන ඉන්න පණ්ඩිතයන්ට මම අභියොග කරනවා මස කපලා කොහොමද සිංහල කම පෙන්නන්නේ කියලා.

වික්ටර් හා අන්දරේ එක්කෙනාම නොවන වග අපිට අන්දරේම කිව්වානේ? ඉතිං අපි පිළිගන්න ඕනෙ ඒ කියමන අන්දරේ කියන්න ඈත්තේ ඈත්තටමය කියා. ඒකට පටහැනි අදහසක් අපිට නැති නිසායි. නමුත් අපි දන්නවා එවන පණිවිඩ විටින් විට සොයා බැලූවිට එකම පරිගණකයෙන් පිටවෙන වගත්, මේ දෙන්නා එකම එක සමාන දේ එකම එක කරුණු ගැන කියන වගත්. ඒත් එකම අදහස්ම කියා පෑවත් 'මම එයා නොවේ' කියන නිසා මේ දෙන්නා අඩුම ගණනේ එකම තැන ඉන්න නිඹුල්ලන් දෙන්නෙක් කියලායි මට පෙනෙන්නේ.

ඉතිං මම මේ දෙන්නාගේ ඥාති සම්බන්ධතාවය ගැන ඒ මතය ගෙනාවේ ඈයි? අන්දරේගේ නියම නම කුමක් විය හැකිද කියා සැක කිරීමටයි. ඒ හැටියටනම් එයාගේ වාසගමත් ගුණසේකරමයි.

ගුණ-සේකර කියන නමේ 'සේකර' කෑල්ල ආවේ ඉන්දියාවෙනුයි. ඒක හින්දි භාෂාව ආශ්‍රයෙන් කිව්වේ 'ශෙකර්' හෝ 'ශේඛර්' හෝ 'සේකර්' කියලායි. ශයන්න හා ෂයන්න සිංහල අකුරින් ලියන්නේ සංස්කෘත හෝ වෙනත් පර බාසා වදන්වල විතරයි. (ඒවා හෙළයෙත් නෑ, පාලියෙත් නෑ). සිංහලයාට ශයන්න කටට හුරු නැති නිසාත් නමක අගට තනි ගතකුරක් ගන්න එක හෙළ සිරිත නොවෙන නිසාත් ඒක නිකංම්ම නිකං 'සේකර' වුනා. හරියට රාජපක්‍ෂ කියන එක සංස්කෘතෙන් හෙළට හරවලා රාජපක්ස කියලා කියනවා වගෙයි. මේ නමේ තේරුම 'ශිව' යන්න කියලයි මම කියවලා තියෙන්නේ.

රටක මිනිස්සු තමන්ගේ පෙළපත ගැන පරම්පරාවෙන් පරම්පරාවට කියා දෙන්නේ කරුණු දෙකකක් නිසායි. අනිවාර්‍ය්‍යම කරුණ තමා තමන් රටේ අඩු ගණ කොටසකට අයත් වීම. දෙවැන්න තමා තමන් ඒ අඩු ගණයට අයත් වීමට හේතුව දරුවන්ට කියා දීමයි. ඒ දෙවැන්න කරන්නේ රදළයන් නම් අනුන්ගේ මෝඩ කම් වලින් අයුතු ප්‍රයොජන ගන්න උගන්නන්ටයි. එහෙම නැත්නම් පහත්‌ය කියා සිතන මෝඩ අදහස නිසා ඒකෙන් වෙන බාහිර බාධක කල්පනාකාරීව දැනගෙන සිටීම තම වරිගයේ සුරැකීමට උදව්වෙන නිසාත් හා එකමුතු කමෙන් බලය වැඩිකර ගැනීමට උදව්වෙන නිසාත් ය.

මම සුදු ඈමරිකන්කාරයෙකුගෙන් 'උඹේ මුතුන්මිත්තා කොහෙන්ද ආවේ?' කියලා ඈහුවොත් අම්මා අර ප්‍රාන්තයේ හිටියේ තාත්තා අහවල් රටෙන් ආවේ කියනවා වගේ දෙයක්වත් කියන්න දන්න අය විරලයි. ඈයි උඹ ඒවා දන්නේ නැත්තේ කියලා ඈහුවොත් කියන්නේ 'ඒකෙන් මට ඈති පලේ මොකක්ද?' කියලා අහන එකයි. ඒකට හේතුව රටේ බලවත් ජාතියට අයත් වීමත් තමන්ගේ සුදු හමේ හේතුවෙන් විශෙෂ වරප්‍රසාද කොහොමටත් නොඉල්ලාම ලැබෙන නිසායි. 'අම්මා කව්රුවුනත්, තාත්තා කව්රුවුනත් ඒ අයගේ පාරම්පරික ඉතිහාසයෙන් මට වැඩක් නෑ, මගේ සුදු හම මට තියෙන වැඩකට ඈති ලොකුම උරුමයයි' යන්න ඒ අය හිතේ තියා ගන්නවා.

ඒ වගේම 'ගොයිගම' කියලා කියා ගන්න මිනිස්සුන් අතර පරම්පරා දෙකකට වඩා දුරට කරුණු කියන්න දන්න මිනිස්සු හොයාගන්න අමාරුයි. අඩුවක් පිරිමසාගන්න හෝ රදළකම් කියා විශෙෂ වරප්‍රසාද ගන්න වැඩි උවමනාවක් ඔවුන්ට නැති නිසායි.

එතකොට ගුණසේකර කියන අයගේ මුතුන්මිත්තෙක් ආවේ ඉන්දියාවෙන් වග සේකර කෑල්ලෙන් අපිට හිතෙනවා නේ? එහෙම් නැත්නම් ඒ නම තිබුන කෙනෙකුට බැලමෙහෙ කරපු දිවයින් වැසියෙක්ගෙන් පැවතෙන එන අය වෙන්නත් පුළුවන්. අද ලංකාවේ ඉන්න 'ශෙකර්'ලා කොටසක් දෙමළ හැටියටත්, කොටසක් සිංහල හැටියටත් ගන්න එක ලංකාවේ සිරිතයි. ඒ වගේම 'හෙට්ටි' කියන විදිහට කිව්වත් 'චෙට්ටි' විදිහට කිව්වත් ඒ අයත් තමන් සිංහලයන්‌ය කියනවා නම් සිංහලයි. මම පුද්ගලිකවම දන්නවා 'චෙට්ට්' නම ඒ විදිහටම තියාගෙන ඉන්න සිංහල අය. ඒක හරියට ශිව භක්තික ආදිමිත්තන්ගෙන් පැවත එන්නන් සිංහල වෙලා ශිව භක්තිය අතහැරියත් නම ඒ ලෙසම තියාගත්තා වගේ එකක්.

වික්ටර්ගේ මව්පියන් තමන් අඩු කුළේ හෝ රදළ කුළේ කියලා කියා දුන්නානම් පරම්පරා දෙකකට වඩා පස්සට ඉතිහාසය දන්නවා ඈති. ඒකෙන් අපිට පරම්පරා කීයක් තමන් සිංහල වෙලා හිටියාද කියලා කියන්න පුළුවන් වෙයි. මම 'අඩු' කිව්වේ අඩු ගණනක් කියන එක මිස පහත් කියන එක නොවෙයි. 'අඩු' කියන පදය ජාතියක් ගැන කියන්න ගත්තේ පහත් කියන අදහසට නොවේ, නමුත් කාලේ ඈවෑමෙන් 'පර' කියන පදයට වෙච්ච විකෘතියම මේකටත් වෙලා තියෙනවා. ඒකට ඉංග්‍රීසියෙන් 'අන්ඩර් ප්‍රිවිලෙජ්ඩ්' කියන එකට හා සමාන තේරුමක් සාධාරණව ඈවිත් නිදහස ලැබුනාට පස්සේ ඒ තත්ත්වය දේශපාලන කාරයන් හා සිවුරු දරන්නන් විසින් අයුතු ලෙස ප්‍රයෝජනයට අරගත්තු නිසා බෞද්ධ සංස්කෘතියට පටහැනි කුළ භේදයක් ඈතිවෙලා තියෙනවා. (සිංහල කියවන්න ලැජ්ජා නැත්නම් මහාවංශය සිංහලෙන් කියවලා හොයන්න කුළය ගැන). අනුමානයක් නෑ මේකත් අපේ හතුරු ඉන්දියාවෙන් ආපු අපිට වැඩක් නැති අවැඩක්ම වෙන බේදයක්.

ජ්.වි.පෙරමුණේ රහස් අදහසක් කුළ පළිගනීමක්‌ය කියලා මගේ ඉතා ලඟ යාලුවෙක් 1970දී මට කිව්වා. ඒක කිව්වේ මෙහෙමයි: 'එපා ජයන්ත ඒකට බැඳෙන්න. ඒක හදන්නේ ඔයගොල්ලන්ව මරන්නටයි'. මට 'ඔයගොල්ලන්' කිව්ව එකේ තේරුම මොකක්ද කියලා තේරුනේ ඊට අවුරුදු විස්සකටත් පස්සෙයි. ඒහෙම තේරුනේ තමන් කරාවේ කියලා යාළුවා මට තේරුම් කළාට පස්සෙයි.

කුල බේධ, මෑතක සිංහල වුන, අතීතයේ සිංහල වුන, බොදු හෙළ, කිතු හෙළ, සිංහල මරක්කල, උඩරට, පහත රට ආදී වශයෙන් අපි එකිනෙකාගේ වෙනස්කම් උලුප්පමින් කරන්නේ ජාතියේ එකමුතුව විනාශ කිරීමයි. ඒකයි දමිළයන් එලිපිටම් අපිට කියන්නේ, 'උඹලා වගේ නෙවෙයි, අපි එකමුතුයි' කියලා. (මතකද 'එ ටැමිල් ප්‍රෙසිඩන්ට් ෆොර් ස්‍රී ලංකා' කියලා එකක් ටික කලකට පෙර දැක්කා?)


 

 

 

 

Dr. Kolitha Lelwala

unread,
Jun 3, 2010, 1:42:27 AM6/3/10
to sinhala...@googlegroups.com
සාදරවයි!
මෙම ලිපි කියවනා විට ඉමහත් සංවේගයක් ඇතිවෙයි. කරුණාකර හෙලයේ මූලික ගුණාංග සුරැකිමින් විවාදයෙහි යෙදෙන්න.
ඔබට තෙරුවන් සරණයි,
වෛද්‍ය කෝලිත ලේල්වල


--- On Wed, 6/2/10, Victor Gunasekara <zzvg...@uqconnect.net> wrote:

 

 

 

 

--
If you could not read in Sinhal pl. get Unicode For Sinhala
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
 
සිංහලෙන් ලිවීමට අපහසු නම්
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html


Reply all
Reply to author
Forward
0 new messages