( සිංහල සංවාද) පළමු පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

7 views
Skip to first unread message

ගයාන් තාරක | Gayan Tharaka

unread,
May 4, 2010, 1:59:02 AM5/4/10
to sinhala...@googlegroups.com
ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පුරා පැය 27ක් අඛණ්ඩව පැවැත් වුණි.

එහි අරමුණ වූයේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.

Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව තිබුණි.

100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි සැමට ඇරයුම් කල අතර ඒ සඳහා පාසැල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, තොරතුරු තාක්ෂණ අංශයේ වෘතිකයින්, රාජ්‍ය අංශයේ නිලධාරින් සහ කලා වැනි තොරතුරු තාක්ෂණ අංශයෙන් පරිබාහිර අය මෙන්ම මෙරටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්ද පරිවර්තන මැරතන් තරගය වෙනුවෙන් තම සහයෝගය උපරිමයෙන් දැක්වූහ .

ලංකාවේ පැවැත් වූ පළමු පරිවර්තන මැරතන් තරඟය මෙ වන අතර ලංකාවේ වැඩිම පිරිසක් එකවර ප්‍රජා ව්‍යපෘතියකට එක් වූ පළමූ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ.

වැඩිදුර විස්තර පහත සබැඳි වලින් ලබාගත හැක

පරිවර්තන මැරතන් තරග නිවේදනය
http://si.openoffice.org/marathon10apr.html

පසු සටහන්
http://danishkanavin.blogspot.com/2010/05/2010.html
http://heluwa.blogspot.com/2010/04/openoffice-mit-uok.html


ඔබත් මෙම ව්‍යාපෘතියට දායක වීමට කැමැත්තක් දක්වනවානම් Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න.
ඉන් අනතුරුව "Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න.

OpenOffice.org සිංහල ව්‍යාපෘතිය
http://si.openoffice.org/


--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

--
If you could not read in Sinhal pl. get Unicode For Sinhala
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
 
සිංහලෙන් ලිවීමට අපහසු නම්
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

buddika udayanga

unread,
May 15, 2010, 4:10:39 AM5/15/10
to sinhala...@googlegroups.com
ඔයාලා කවුරැ හරි මහ බැංකුවේ මාණ්ඩලික සහකාර තනතුර ගැන විස්තර දන්නවනම් මට එවනවද?
   ටිකක් හදිස්සියි....ස්තුතියි.
 
Reply all
Reply to author
Forward
0 new messages