වෙල්ගම සුන්දර ගමේ ලෙන්ගතු ලංගම.........

20 views
Skip to first unread message

චතුර

unread,
Jun 15, 2010, 11:15:58 PM6/15/10
to sinhala...@googlegroups.com
කොළඹ-ලංකාපුවත් වෙබ් අඩවියෙන්................
 
මනුෂ්‍යත්වයේ අපූර්වත්වය විහිදෙන ඉහල වෙල්ගම ‘ලංගම’ය
පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 ජූනි 01 වෙනි අඟහරුවාදා, 14:19

(කොළඹ-ලංකාපුවත්-ජුනි 01) මිනිසාගේ දයාව, ලෙංගතුකම, සුහදත්වය, වියැකී ගිය තැන් අනන්ත තිබුණද ඒ සුන්දරත්වය විඳීමට හැකිවන අවස්ථාද අපට කලාතුරකින් හමු වේ.

පසුගිය දිනෙක, පැය තුනකට පමණ වරක් මතුගම සිට ඉහල‍ වෙල්ගම බලා ධාවනය වන මතුගම - ඉහල වෙල්ගම බස්රථයට මා ගොඩ  වූයෙමි. බසය නියමිත වේලාවට ගමන් ආරම්භ කළේය.

නාගරික සීමාවන් පසුකර (පොලේගොඩ සිට) බස්රථය ඉදිරියට ගමන් කරනවාත් සමගම මා අත් වින්‍‍ඳේ කලක‍ට පසු ලද අපූරු අත්දැකීමකි.
එනම්, එම මාර්ගයේ ලංගමයත්, ගැමියාත් අතර ඇත්තේ අපූරු බැඳීමකි. බසයත්, රියදුරුත්, ගමන් මාර්ගයත් මග දෙපස රැඳි මිනිසුන් මෙන්ම බසයට මගදි හමුවන මිනිසුන්ද ‍බොහෝ ලෙන්ගතුය.

බසය ඉදිරියට පැමිණෙන මිනිසුන්ද මග දෙපස සිටින මිනිසුන්ද රියදුරු සමග සිනාසෙති. ඒ සිනහව නතර වන්නේ බසයේ යන මගීන් හරහාද ගමන් කරමිනි. සුන්දරම අත්දැකීම නම් කුඩා දරුවන්ද බස් එක දුටු විට අත්පොළසන් දෙති. ‘සැලියුට්’ දෙති.

අනෙක් අතට බසයේ ගමන් කරන මගීන්ද කඩයකට යෑමට හෝ ගෙදරකට පණිවුඩයක් දීගෙන යෑමට බසයෙන් බැස ගොස් කඩිනම්ව යළි පැමිණේ. රියදුරු හෝ කොන්දොස්තර ඔවුන්ට කෑගසන්නේ නැත.

තවත් පිරිසක් සන්දේශ යවන්නේත් බසයෙනි. තවත් පිරිසක්  වී කවරයක්  හෝ  වෙනත් පාර්සලයක් ගෙනගොස් දෙන ලෙස බසයට බාර දේ.  රියදුරුත් බසය නවත්වා අදාල පුද්ගලයාට එය භාර දේ. අදාල පුද්ගලයා බසය ළඟාවත්ම පෙරමගය.

පොළේගොඩ සිට ඉහල වෙල්ගම දක්වා වූ ගමන් මාර්ගය ඉතා පටුය. දුෂ්කරය. සමහර තැන්වල පාර අයින පල්ලමට කඩා වැටිලාය. මාර්ගය පුරාම වාගේ වාහන දෙකක් මාරු වන්නේද අසීරුවෙනි. ගෙවල් නැති පාළු ප්‍රදේශද බොහොමයක් පසුකර යා යුතුය. එසේ වුවද මෙම ගමන් මාර්ගය දෙපස ගහ කොළෙන්, ඇළ දොලෙන් පිරී ඇත.

එහෙත් රියදුරු වේගයෙන් යා හැකි තැන් වේගයෙන් යයි. හෙමින් යා යුතු තැන් හෙමින් යයි. ඉතාමත් ආරක්ෂිතව සහ ප්‍රමාදයකින් තොරව බසය ගෙන යාමට ඔහු කටයුතු කරයි.

කොන්දොස්තරද රළු පරළුවෙකු නොවේ. ඔහු කියන්නේ ‘රුපියලක් දෙන්න’ කියා නොව ‘රුපියලක් ගන්න තියෙනවද’ කියාය.
ප්‍රදේශවාසීහු පැවසූයේ නියමිත වේලාවට බසය පැමිණෙන බවත් වසර ගණනාවක් තිස්සේ එම මාර්ගයේම ‍සේවය කරන රියදුරු එම දුෂ්කර මාර්ගය පිළිබඳවත් ගැමියා පිළිබඳවත් මනා අවබෝධයෙන් කටයුතු කරන බවත්ය.

ලංගමයත් ගැමියාත් අතර තිබෙන බැඳීමේ අපූර්වත්වය නම් මෙයමය. ලංගමයේ අනන්‍යතාවයද මෙයමය. මිනිසාද, මිනිසාගේ මෙහෙවරද මෙවැනි විය යුතුය.

අහංකාර මිනිසුන්ගෙන් අඩුවක් නැති ගෙන්දගම් පොළවේ ජීවත් වන මා පැයක පමණ ගමන් කාලයකදී විඳගත්තේ සැබවින්ම අපූරු අත්දැකීමකැයි මට සිතිණි.

දිනක් හිටපු ප්‍රවාහන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ලංගම බසයකදී ම, කී යමක් මට සිහිපත් විය. එනම් ‘ලංගමයේදී මගියා සුරක්ෂිත බවත්, ගෞරවාන්විත බවත්’ ය. මෙම ගමනේදී මට ඊට යමක් එක්කරන්නට සිතුණි. ඒ, ‘ලංගමත්, මගියාත් ලෙන්ගතුය’ යන්නය.

 

 

 

 

 

 

 

Mahesh Rajasuriya

unread,
Jun 15, 2010, 11:35:31 PM6/15/10
to sinhala...@googlegroups.com, off...@lankapuvath.net
ආයුබෝවන්,

මේ ලියුම ලියූ අපූරු ලාංකිකයා හමු වීමට ඉමහත් දොළකින් පසු වෙමි.

කවුද මට උදවු කරන්නේ? ඊ-තැපැලෙන්?

පින්.

මහේෂ් රාජසූරිය



2010/6/16 චතුර <chath...@gmail.com>
--
මෙහි පළවන ලිපිවලින් ප්‍රකාශ වන්නේ එම ලිපියේ කර්තෘගේ මතය යි
 
If you could not read in Sinhal pl. get Unicode For Sinhala
http://www.siyabas.lk/
 
සිංහලෙන් ලිවීමට අපහසු නම්
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

Ari Pitipana

unread,
Jun 15, 2010, 11:28:40 PM6/15/10
to sinhala...@googlegroups.com

 මමත් මේ ලංගම වැඩ කල අයෙකි. තවමත් මෙවැනි දේ ඇසීම ගැන සතුටු වෙමි. ලංගම නගා සිටවීමට බලධාරීන්ට සිත් පහල වේවා. ඔබට ස්තුතියි.

Date: Wed, 16 Jun 2010 08:45:58 +0530
Subject: ( සිංහල සංවාද) වෙල්ගම සුන්දර ගමේ ලෙන්ගතු ලංගම.........
From: chath...@gmail.com
To: sinhala...@googlegroups.com
--
මෙහි පළවන ලිපිවලින් ප්‍රකාශ වන්නේ එම ලිපියේ කර්තෘගේ මතය යි
 
If you could not read in Sinhal pl. get Unicode For Sinhala
http://www.siyabas.lk/
 
සිංහලෙන් ලිවීමට අපහසු නම්
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

Lankaviththi

unread,
Jun 16, 2010, 2:47:59 PM6/16/10
to sinhala...@googlegroups.com
හිතවතුනි!
 
ඔබට හැකි නම් ඒ ලිපිය ලියූ කෙනාගෙ නම හොයලා දෙන්න. ස්තුති!
 
දයා ආනන්ද රණසි0හ 
Reply all
Reply to author
Forward
0 new messages