( සිංහල සංවාද) අපි, අපේ පරිසරය සහ අපේ ආකල්ප

58 views
Skip to first unread message

Sujith Jayasuriya

unread,
May 3, 2010, 7:45:15 AM5/3/10
to sinhala...@googlegroups.com
ස්ථානය - රාවණා ඇල්ල අසළ




අවුරුදු නිවාඩු දවස්වල පවුලෙ අයත් එක්ක නුවර එළියෙ පැත්තෙ යන අතර අපිත් රාවණා ඇල්ල අසළ දහවල් කෑම ගත්ත. නිවාඩු දවස් නිසා හොදටම සෙනග. පරිසරයත් සමග මුසු වෙලා විනෝද වෙනවා. නමුත් හිතා හෝ නොහිතා හෝ පරිසරයටම හානි කරනවා.

කෑම ටික කාලා හරිම පහසුවෙන් කිසිම වග විභාගයකින් තොරව ඉතුරු කෑම, පාර්සල් හා අපද්‍රව්‍ය අසළ කාණුවට තමයි දාන්නෙ (බහුතරයක් දෙනා). ටිකක් එහාට මෙහාට උනොත් කසළ එකතු කරන තැනකට දාන්න පුළුවන්, නැත්නම් තමන් පැමිණි වාහනයේ අරගෙන යන්න පුළුවන්.

බහුතරයකගෙ මතය "අපි විතරක් ඔහොම කළා කියල ඇති ඵලය මොකක්ද" කියන එකයි. අපිට මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් ආකල්පමය වෙනසකින් පමණයි. බොහෝ කුඩා දරුවන් තුළ පාසල් අධ්‍යාපනය තුළින් මේ සම්බන්ධව හොද නැඹුරුතාවයයක් පෙනෙනවා.

දෙයක් තේරුම් ගතහැකි අයට, සහ විශේෂයෙන් අපේ දරු පරම්පරාවට හැකි තරම් මේ පණිවිඩය දෙන්න උත්සාහ කරමු. අපි ආදර්ශමත් වෙලා සැබෑ උත්සාහයක් ගත්තොත් වෙනසක් කරන්න පුළුවන් කියල මම අත්දැකීමෙන් දන්නවා...

සුජිත්

http://sujithjayasuriya.blogspot.com/2010/04/blog-post_23.html


--
If you could not read in Sinhal pl. get Unicode For Sinhala
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
 
සිංහලෙන් ලිවීමට අපහසු නම්
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

Dr. Kolitha Lelwala

unread,
May 4, 2010, 4:09:16 AM5/4/10
to sinhala...@googlegroups.com, Dulakshi Wakishta, dilith jayaweera, Somasiri Brahner, sunil somaweera, Dr. Menaka Liyanage
ඉතාම සුදුසු මාතෘකාවක්. ඔබට බොහොමත් ස්තුතියි. ලංකාවෙ බොහොමයක් පිරිස් මේ විදියයි. ඔබ ශ්‍රී පාදය නගින්න ලඟකදී ගියානම් පුදුම හිතෙයි. හෑම දෙයකටම රජයට පරිභව කරන දුර්වල මනසැති මිනිසුන් සිටින දේශයක් බවට ලංකාව පත්වෙලා බව කනගටුවෙන් වුනත් පැවසිය යුතුයි. සමනළ කන්ද මුදුනෙහි කුනු ටොන් ගනනාවක් ගොඩ ගසා තිබේ. දකින හැමෝම බලධාරීන්ට දොස් කියති. නමුත් කුනු දමන්නේ බලධාරීන් නොවේ. ඔබෙන් ඉකුත්වන සියලුම අපද්‍රව්‍ය (මලපහ,මුත්‍රා හැර )නැවත ඔබට රැගෙන ආ හැකියි. වරුසාවකට පසු මේ කුනු සෝදාගෙන එන්නේ පංච ගංගා ජල පෝෂක ප්‍රදේශ වලට නේද?
ඔබ නිවැරදියි. රටක දියුණුව රජයකට හෝ නීති පද්ධතියකට පමනක් කල හැකි දෙයක් නොවෙයි. ආකල්පමය වෙනසක් අවශ්‍යයි. එනමුදු අප කොපමන කලක් එ වෙනස එනතුරු බලා සිටිය යුතුද? 1967 වසරෙහි ලී ක්වාන් යූ අගමැතිඳා පැවසුව කරුණක් ඔබට මතක ඇති. එනම් සිංගප්පූරුව ලංකාව වගේ කරන්නට ක්‍රියා කරන බව. අහෝ ඛේදයකි. අපේ රටත් ඔහුගේ රටත් අතර වෙනස කෙලෙසද?
අප දැන් ඔවුනගෙන් පාඩම් ඉගෙනිය යුතු යයි මා සිතමි. ඒ රට දියුණුව ලබන කලයෙහි දැඩි නීති පනවන ලදී. කොටින්ම කියතොත් පාර තොටේ දී සෙම්, සොටු කෙල දැමිය නොහැක. දඩගසනු ලැබේ. දඇන් එම රට ඉතාම පිරිසිදු රමනීය දිවයිනකි. නීති ක්‍රියාත්මක වීම තුලින් හදන්නට බැරි උන් හට ආණ්ඩු මට්ටුවක් ලැබෙන අතර බුද්ධිමත් පිරිස් තුල සැබැවින්ම ආකල්පමය වෙනසක් අපේක්ෂා කල හැක.  එම නිස අනිවාර්යයෙන්ම නීති පද්ධති ක්‍රියාත්මක කිරීම සිදු විය යුතුයි. දැන් බලන්න අපේ රටේ ප්‍රසිද්ධ ස්ථානවල දැන් මිනිසුන් දුම් නොබොත්. එයම ඉතා සුබවාදී පැහැදිලි උදාහරනයකි.
සබඳ,
අපගේ රට සුන්දර දිවයිනකි. පිටින් මදුරුවෙකුටවත් ඇතුලුවිය නොහැකි සේ ස්වභව ධර්මයෙන්ම වැටක් සේ මහා සාගරය පිහිටා ඇත. අප රට දූෂනය කරන්නෝ ලාංකිකයෝම වන්නහුය. එනමුදු ඔබවැනි පිරිසක් රටතුල සිටීම සැබැවින්ම ඉතාමත් අස්වැසිල්ලකි. හැකිතරම් හොඳ ගුණ ධර්ම වගා කරගත්, ආධ්‍යාන්මිකව දියුණු සමාජයක් බිහිවීම උදෙසා අප හැම සතු වගකීම හොඳින් වටහා ගෙන තිබීම ඉතාමත් සතුටුදායකය.
මම ඔබට සුබපතමි.
වෛද්‍ය කෝලිත ලේල්වල
 


--- On Mon, 5/3/10, Sujith Jayasuriya <sujithja...@gmail.com> wrote:

Devika Mendis

unread,
May 12, 2010, 12:37:22 AM5/12/10
to sinhala...@googlegroups.com, Dulakshi Wakishta, dilith jayaweera, Somasiri Brahner, sunil somaweera, Dr. Menaka Liyanage
ඔබ දෙදෙනා හරි. අපි වෙනස අපේ ගෙදරින්ම පටන් ගමු. ඒක අමාරු නෑ.
කුස්සියෙන් ඉවත් කරණ දිරන කුණු, අතුගාන කොල රොඩු, බෑරල් එකකට දමමු. සාමාන්ය පවුලකට නම් බෑරලයක් පිරෙන්න අවුරුද්දක් විතර ගත වෙයි. පොහොර ටික ගස් වලට දමන්න පුලුවනි.
 
කඩදාසි, පත්තර විකුණමු.වීදුරු, ප්ලාස්ටික්, පොලිතීන් විතරක් කුණු ලොරියට දාමු.හිටපු පරසර  ඈමතිගෙ පෑට්‍රල් වියාපෘතිය වෑඩ කලානම් ඒක හොදම විසදුමක්.
 
වෑස්සට කලින් වෑහිපීලි, වතුර රෑදෙන තෑන් පිරිසිදු කලානම් ඩෙන්ගු වලක්වා ගන්නත් හරි පහසුයි.

මේ ටික විතරක් දරුවන්ට පුරුදු කලොත් හෙට දවස අදට වඩා හොද වනවා සිකුරුයි.

Devika


2010/5/4 Dr. Kolitha Lelwala <drkolith...@yahoo.com>

Sujith Jayasuriya

unread,
May 19, 2010, 3:01:25 AM5/19/10
to sinhala...@googlegroups.com, Dulakshi Wakishta, dilith jayaweera, Somasiri Brahner, sunil somaweera, Dr. Menaka Liyanage
ස්තූතියි අදහස් වලට....
අපි ක්‍රියාවෙන් ආදර්ශමත් වුවහොත් එය ආකල්ප වෙනසකට රුකුලක් වෙයි. උත්සහ කරමු.

සුජිත්

2010/5/12 Devika Mendis <devika...@gmail.com>



--
- Sujith
Reply all
Reply to author
Forward
0 new messages