H. Madhawa Ranga
unread,Dec 24, 2009, 11:22:55 PM12/24/09Sign in to reply to author
Sign in to forward
You do not have permission to delete messages in this group
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to සිංහල විකිපීඩියාවට ලියන්නෝ.
Felidae එකෙන් ලිපි 3000ක් දානව කියල තමා එයාල ICTA එකත් එක්ක එකතු වෙලා
වැඩ කලේ. දැනට එම ලිපි 3000ම සුදානම්ලු, නමුත් ඒවයෙ හරි වැරදි බලන එක තමා
එයාලට තියෙන ලොකුම ප්‍රශ්නෙ. දැනට ගුරුවරු, කථිකාචාර්යවරු තමා මේව
පරික්ෂා කරන්නෙ. අපි ලිපි ලියනවනම් ඒවයේ තියෙන තොරතුරු නිවැරදි විය
යුතුයි. කවුරුහරි ඒ පිළිබඳ හොඳ දැනුමක් ඇති අයෙකු ලවා ඒව පරික්ෂා කරවගන්න
පුළුවන් නම් හුඟක් හොඳයි..
English Wikipedia එකෙත් සියළුම තොරතුරු නිවැරදි නෑ නෙ. ඒත් ඒක හැමෝම වගේ
පාවිච්චි කරනව. මේකත් හැමෝම පාවිච්චි කරන තත්වයට පත් කරන්න නම් නිවැරදි
තොරතුරු තිබිය යුතුයි.
මම හිතන්නෙ පාසල් සිසුන් ඉලක්ක කරල ලිපි ලියැවෙනව නම් වඩා හොඳයි දැනට.
මොකද බොහොමයක් ලාංකික පාසල් සිසුන්ගෙ ඉංග්‍රීසි දැනුම එතරම ඉහළ නෑ. මම
හිතන්නෙ ඉතිහාසය, විද්‍යාව, සමාජ අධ්‍යයනය වගේ ඒව තමා වැඩිපුරම අවශ්‍ය
වෙන්නෙ.
මම දන්නෙ නෑ ඔයල කොහොම හිතනවද කියල, මම හිතන මම දන්න දේවල් ටිකක් තමා
කිව්වෙ.