ශිල්ප සයුර සඳහා තේමා පාඨය

396 views
Skip to first unread message

නිරංජන්෴

unread,
Oct 23, 2006, 3:47:56 AM10/23/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ශිල්ප සයුර සංකල්ප අනුව
තේමා පාඨයක් සැකසීමට අපට
උදව් වන්න
දැනට යෝජනා වී ඇති පාඨ මෙසේය
සිසු උගනා ගම වඩනා
සිසු උගනා ගම දිලෙනා

නිරංජන් මීගම්මන෴

Pathum Herath

unread,
Oct 23, 2006, 4:32:45 AM10/23/06
to Sinhala...@googlegroups.com
නිරංජන්

මේ මට මේ දැන් ආපු අදහස් කිහිපයක්..
ශිල්ප උගෙන ගම දිනවමු
ශිල්ප සයුරෙන් එතෙර වන්නට..
පුංචි අපේ දැනුම් සයුර..

තවත් දෙයක් තියෙනව
මම පහුගිය දවස් වල නිකන් ඉන්න වෙලාවල් වලදී "ලෝකෝපකාරය" පොත නැවත වරක් ලියන්න පටන් ගත්තා..ඒ කිව්වේ
මගෙ ලඟ තිබුණු පරණ පොතක් මම යුනිකේතය යොදාගෙන ආයෙත් මුදු පිටපතක් සකස් කරන්න පටන් ගත්තා මේ වෙන කොට මම කවි 10ක් විතර තේරුම සහිතව පොතේ තියෙන ආකරයෙන්ම නැවත ලිව්වා

මට හදිස්සියෙම එහෙම කරන එකේ නීතිමය පැත්ත ගැන මතක් උණා..අනිත් එක ඒක කොතරම් දුරට සදාචාරාත්මකද යන එකත් හිතුවා..

පුළුවන් නම් මට ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවද..

මගේ අදහස ඉඩ තියෙන වෙලාවට අපේ පැරණි දැනට එතරම් භාවිතයේ නැති බුදුගුණඅලංකාරය, සුභාෂිතය වගේ වටිනා පොත් පත් වල මුදු පිටපත් හදන්න..

ඒක ටිකක් කල් ගතවන වැඩක් තමයි ඒත් කරන එක හොදයි කියල හිතුනා.
අවශ්‍ය නම් අපිට ශිල්ප සයුරටත් ඒව දාන්න පුළුවන්..

මොකද මගෙ ළඟ තියෙන පොත අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සකස් කරපු එකක් පාසැල් වලට දෙන්න.. ඒත් මට ඒක හම්බ වුණේ බස් එකක පොත් විකුණන මනුස්සයෙකුගෙන් රු.25 කට...බුදුගුණඅලංකාරයත් තියෙනව දෙකම මම ගත්තෙ රු 50 කට..මීට වසර 2කට විතර කලින්..

පැතුම්


Pathum

පුසා

unread,
Oct 23, 2006, 4:38:02 AM10/23/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
නිරංජන් මහතා


සිසු දැනුම ගම වඩමු

‍ඉහත පාඨ සුදුසු නමි
යොදාගන්න

Malinthe Samarakoon

unread,
Oct 23, 2006, 11:36:25 AM10/23/06
to Sinhala...@googlegroups.com
නැණ වඩමු - ගම හදමු
මලින්ත෴

නිරංජන්෴

unread,
Oct 23, 2006, 4:05:17 PM10/23/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ඔබ අදහස් අනුව පද හතරකින්
යුතු රිද්මයකට කියවෙන
පාඨයක් සුදුසුයි කියා මම
සිතනවා. අප එය තෝරාගන්නා
ක්‍රමය වන්නේ යෝජනා වෙන පාඨ
සියල්ල 6-11 ශ්‍රේණිවල ළමුන්ට
ලබාදී ඔවුන්ගේ වැඩිම මනාපය
ලැබෙන පාඨය තෝරා ගැනීමයි

නැණ වඩනා ගම වැඩෙනා
නැණ වඩනා ගම දිලෙනා

පසූව අප එය ශිල්ප සයුර තේමා
ගීතයක් ලෙස සංවර්ධනය කර ගත
යුතුයි.

ඔබ සැම සහයට ස්තූතියි
තවත් අදහස් දෙන්න, තියෙන
අදහස් තව සංවර්ධනය කිරීමටද
හැකියි. අප සමූහයේ සංවාද කරන
දෑ GPL නේ :)
නිරංජන්෴

නිරංජන්෴

unread,
Oct 23, 2006, 4:29:50 PM10/23/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ශිල්ප සයුර යටතේ පැරණි ලේඛන
කොටසක් යුනිකේතනය වනවා,
දැනට ඇතුලත් කළ ලේඛන නම්

සීපද හා ජන කවි
යසෝධරාවත
ලෝවැඩ සඟරාව
සඳකිඳුරු ජාතකය
ගණ දෙවි හෑල්ල
වෙස්‌සන්තර
සුභාෂිතය
බිණික්‌මන් වරුණ
ධාතු විස්‌තරය
ළමා කවි
මනමේ කථාව
වදන් කවි පොත
සිරිත් මල්දම
පුරාණ පන්නන් කතුර
පුරාණ තුන්සරණය
පත්තිනි හෑල්ල

සිංහල භාෂා අධ්‍යයනය හා
නිර්මාණකරණය දියුණු
කරලීමත් පැරණි සිංහල ලේඛන
සංරක්‍ෂණයත් ශිල්ප සයුරින්
වෙනවා.

මේ සිරිත් මල්දමේ කවියක්

සිඟා කා ගෙන වත්
කිලුටු වැරහැලි ඇඳවත්
බිම වැටී ඉඳවත්
මහත් සැපවෙයි ඉගෙන ගතහොත්

අල්ලට සිඟාවත් යන කවියත් මේ
වගේ නේද ?

ශිල්ප සයුරට තිබෙන ප්‍රධාන
ප්‍රශ්නයක් නම් මෙවැනි ඒවා
ලිවීමට වඩා සිංහලෙන්
නොතිබෙන එහෙත්
ඉංග්‍රීසියෙන් ඇති තොරතුරු
සරළ ලෙස පරිවර්ථනය

විශේෂයෙන් විද්‍යා දැනුම
උදාහරණයක් වශයෙන්
රොකට්ටුවක
ක්‍රියාකාරීත්වය
සහා
o/L ගණන් විසඳුම්

පැරණි සිංහල ලේඛන
යුනිකේතනය කිරීමට පෙර අපට
මීට වැඩි ජනතාවකට යුනිකේතය
හුරුකරවන්නට වෙනවා.
නිරංජන් ෴

සපුමල් ජයරත්න

unread,
Oct 24, 2006, 1:21:36 AM10/24/06
to Sinhala...@googlegroups.com
හිතවත් මිතුරනි,

මගේ ඡන්දය මලින්ත යෝජනා කල 'නැන වඩමු - ගම හදමු' යන්නටයි. එහි කිසියම් සාමූහික බවක් මෙන්ම අධිෂ්ඨානයක් ද ගැබ්ව තිබෙනවා. නමුත් 'නැන වඩනා - ගම වැඩෙනා' වැන්නක් අලංකාර වුවත් එහි කිසිදු බලයක් අන්තර්ගත නොවෙන බවයි මගේ හැඟීම.

බොහෝ විද්‍යාලවල හා සරසවි වල ලාංඡනයේ තිබෙන පාඨ සලකන්න. මගේ පාසලේ තිබුනේ 'අධිෂ්ඨානයෙන් පෙරට යමු' කියලා. තව ද පරිසර සංවිධාන හා ස්වේඡ්චා සංවිධාන වලත් තියෙන්නේ එබඳු සාමූහිකත්වට හා උද්‍යෝගය දනවන පාඨ.

;-) නිකං අදහසක් විතරයි. වැරදි ඇත්නම් කමන්න.

ස්තූතියි,
සපුමල්.
--
ThAnKs,
සපුමල් ජයරත්න.

sirimal

unread,
Oct 25, 2006, 3:32:43 AM10/25/06
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
නිරංජන්,
මම දන්නා තරමින්, විවෘත
විශ්ව විද්‍යාලයේ සිංහලෙන්
විද්‍යා විෂයයන් ඉගැන්වීමේ
වෑයමක් තිබුනා. විපරම් කර
බලන්න. ඒ අයගේත් සංකල්පය
නැණසල/ශිල්ප සයුර ආදියට
සමීපයයි සිතෙනවා.

රසායන ‍විද්‍යා අංශයේ
ආචාර්ය බණ්ඩාරගේ ඔබට කථා කල
හැකි කෙනෙක්. මගේ නම සඳහන්
කලත් වරදක් නැහැ.

- රන්සිරිමල්

On Oct 23, 2:29 pm, "නිරංජන්෴" <unic...@info.lk>
wrote:

Reply all
Reply to author
Forward
0 new messages