සිංහලයේ හෝ ඒ අතුරු මුහුනතේ අඩුපාඩුවක් නිසා නොව සුපුන් කියන පරිදි හුරු
දෙයක් අමුතු ස්වරූපයකින් දැකීමේදී ඇතිවන අපහසුව නිසායි.
නමුත් මෙවැනි අතුරු මුහුනත් වල වැදගත්කම ඇත්තේ ඉංග්‍රීසි සම්පූර්ණයෙන්ම
නොදන්නා කෙනෙක් පරිගනකය භාවිතාවේදීයි.
මෙහෙයුම් පද්ධතියත්, කාර්යාලීය මෘදුකාංග ගොන්නත්, වෙබ් බ්‍රව්සරයත්,
සෑහෙන තරම් වෙබ් පිටුත් සිංහලෙන් ඇත්නම් ලක්ෂ ගණනක් සිංහල පමණක් දන්නා
අයවලුන් හට පරිගනක භාවිතය පහසු වේවි.
2008/7/15 සුපුන් බුධාජීව <budha...@gmail.com>:
--
Nalaka Jayasena (නාලක ජයසේන)
http://nalakajayasena.wordpress.com
මම අදහස් කලේ ඒකම නොවේ.
මෙවැනි අතුරු මුහුනත් තුලින් සිංහල පමණක් දත්, ඉංග්‍රීසි උගැන්මට
උනන්දුවක් නැති අයටත් පරිගණක භාවිතයට දොර විවර වෙන බවයි.
:)
මිතුරනි,
"සිංහලෙන් ෆයර්ෆොක්ස්" ගැන ජන මත විමසුමක් නම් කදිම අදහසක්!
(බුද්ධජීව කී ලෙස මා නම් එහෙම බලධාරියෙක් ලෙස නෙවෙයි සිංහල යුනිකේත
සමූහයට එන්නේ, මිතුරෙක්, සොයුරු සාමාජිකයෙක් ලෙස පමණයි, ඒ අපේ මව් බසට
තියෙන (සරල වහරින් නම් බොක්කෙන් ම එන) ලැදියා ව නිසයි. මේ කරුණ නිසාම මා
කිසි ලෙස සම්බන්ධ නොවූ දේවලටත් (උදා: "වසන්ත ප්‍රසිද්ධියේ "අ" නැමැත්තාට
පාදඩයා යයි බැන්නා" යයි ) සිංහල යුනිකේත ගැන සාකච්ඡා කරන බ්ලොග් සටහන් වල
මඩ ප්‍රහාරත් වදිනවා. අයසෝ යසෝ! අනෙක බලධාරියෙක් ලෙස නම් මෙවැන්න ක
ලිවීමට එන්න බැහැ, බලධාරීන්ගේ සිරිත වැරදි පිළිනොගැනීම නිසා. සමාවෙන්න
පිට පැන්නාට, බුද්ධජීව එවැන්නක් කී නිසයි උත්තරයක් බැන්දේ)
"සිංහලෙන් ෆයර්ෆොක්ස්" දියුණු කර ගැනීම ට එවැනි මත විමසුමක් සඳහා ඇසිය
යුතු පැන මොනවා ද?
1.වෙබ් ගවේශක හා අනෙකුත් ප්‍රචලිත මෘදුකාංග සිංහලට පරිවර්තනය කළ යුතු ද?
2.එසේ පරිවර්තනය කිරිම පරිගණක මගින් ම ඉංග්‍රීසි ඉගෙන ගැනීමට බාධාවක් ද?
3.ෆයර්ෆොක්ස් 3 හි සිංහල පරිවර්තනය ඔබ භාවිතා කරනවා ද?
4.ෆයර්ෆොක්ස් 3 හි සිංහල පරිවර්තන (වදන්) ගැන ඔබ සෑහීමට පත් වනවා ද?
කරුණාකර මෙයට සුදුසු පැන එක් කරන්න.
තුති!
වසන්ත දේශප්‍රිය
මම ආයිත් සැරයක් උත්සාහ කර බැලුවා.
ටික වෙලාවක් භාවිතා කර බැලුවාම පුරුදුවෙන්නට පුළුවනි වගේ.
සිංහල බස වෙනුවෙන් පුරුදු වෙනවායි හිතුවා.... :)
මම දැනට සිංහල එකත් ඉංග්‍රීසි එකත් දෙකම සමාන්තරව පාවිච්චි කරනවා. සිංහල
එක හොදින්ම හුරු වුනාම ඉංග්‍රීසි එක හලන්නට බැරියැ.
තිර පිටපතකුත් ඇමුනුවා.
ගැටළු නැත්තේ ම නෑ. බොහෝ ඉංගිරිසි වදන් වලට තනා ඇති සිංහළ වදන් හුදෙක්
නාම පද පමණයි. නමුත් ඉංගිරිසි පද වල ක්‍රියා පද සහ අන් ගම්‍ය වන පද තනා
ගැන්ම පහසු යි. මා මේ ගැන බ්ලොග් සටහන් ගනනක් ම ලියා තිබෙනවා
(http://ar-si.blogspot.com).
උදාහරණයක් ලෙස triangle ත්රිකෝණය යි. triangulation යනු ත්රිකෝණමිතිය
යි. එතකොට triangulate යන්න කියන්නේ කොහොම ද?
මේ නිසා, වෙහෙසකින් තොරව මෙවන් දේ ජනයා අතරට ගෙන යා හැක්කේ නිසි ලෙස තැනූ
වදන්මලක් යොදා ගැනුමෙන් පමණක් බව යි මගේ අදහස.
අනුරාධ
--
http://www.sayura.net/anuradha/
වසන්තට,
ඔබ ලෙස වෙනත් කිසිම රාජ්‍ය නිළධාරියකු මෙලෙස සමුහයක සංවාදයන් වලට එක්වනු
මා අසා නැත.
triangulate කියන්නේ ක්රියා පදයක් නේ. ඒ කියන්නේ, ත්රිකෝණ යොදාගෙන දුර
මනිනවා කියන එක යි.
> මෙම මෙහෙයුම ට අදාල යොමුවක් හෝ deb එකක් හෝ තිබෙනවා නම් කරුණාකර
> සඳහන් කරන්න.
සියබස් අඩවියේ තිබෙන්නේ ද අප නිකුත් කරන deb මයි. 64 bit වලට මේ ගැටළුව
විසඳා ගත යුතු ව තිබේ.
Triangulate යන්න විශේෂණ පදයක් නෙවෙයි නෙ.
> උදා:- triangulate button
>
> Use the Triangulate button to let program run triangulation algorithm
> <http://www.codeproject.com/KB/recipes/Art_Gallery_Problem.aspx>
මෙතන "Triangulate button" කියන්නේ විශේෂණයක් නෙවෙයි, ඒ බොත්තමේ තිබෙන
අණ. හරියට "Go button", "Search button" කියනවා වගේ.
එතකොටත්, go, search කියන්නේ ක්‍රියා පද අණක් ලෙස යොදා ගෙන නේ. (යන්න,
සොයන්න කියන එක). ඉතින්, එතකොට triangulate කියන එක අණක් ලෙස දෙන්නෙ
කොහොම ද?
අනුරාධ
--
http://www.sayura.net/anuradha/
හපෝ, ඒ ගැන කිසිම දෙයක් නොසිතා සිතේ ඇති දේ ලියන්න. මට පුද්ගලිකව
විරුද්ධව ලියනවා නොව කාටත් හොඳක් කිරීමේ අදහසින් කරුණු කාරණා පැහැදිලි
කිරීමට නොවැ ඔබේ අරමුණ. ඉතින් ඔබගේ ඒ හොඳ අරමුණ ගැන අමනාපයක් නොව, මහත්
පැහැදීමක් නොවේ ද මා ඇති කර ගත යුත්තේ?
එච්චර හිතන්න එපා. ලියන්න. :-)
මෙහිදී මා වැරදි බව පේනවා. Triangulable යන්න විශේෂණ පදයක් ලෙස ද
වදන්මල් වල දක්වා තිබෙනවා. එය පෙන්වා දීම ගැන ධම්මිකට පිං.
http://www.thefreedictionary.com/triangulate
http://dictionary.reference.com/browse/triangulate
ඇත්තෙන්ම මගේ ගැටළුව එය ක්‍රියා පදයක් ලෙස යෙදීමේදි ඊට ගැලපෙන සිංහළ වදන
කුමක් ද යන්න යි.
Triangulate යන්න බහුල යෙදුම කි. "Solve by triangulation" යන්න ගණිත
ගැටළු ඉදිරිපත් කිරීමේ දී යෙදුන ද, මිණින්දෝරු විද්‍යාවට අදාල පොත් වල
"Triangulate" යන්න වඩා සුලබ බව යි මතක.
සිංහළ යේ ක්‍රියා පදයක නාම පදයක නැමියාව වැඩි නිසා යි එතැනින් පටන් ගැනීම
සුදුසු වන්නේ. මෙය සිප්ලකුවට යොදා ගන්නා අයුරු උදාහරණ 5000ක් පමණ ඊලියන්
සිල්වා සූරීන් ගේ සිංහළයෙන් සිප්යුරු වදන් පොතේ තිබෙනවා. ඒ සැම වදනක් ම
ප්‍රායෝගික නොවන්නට පිළිවන් වුව ද ඔහු ඉදිරිපත් කරන අදහස නම් ඉතා ම
පැහැදිලි යි.
> සිංහල භාෂා විශාරදයින් හදන සමහර වචන වැරදියි.
විශේෂයෙන්ම "පාරිශාෂික ශබ්ද මාලා" වල එන වදන් නම් බොහොම නැමියාවෙන් අඩුයි.
> නැතිනම් විද්‍යාත්මක ක්‍රමවේදයක් දැන්වත් සකසා ගත යුතුයි නේද ?
ක්‍රියා මූලයකින් වදන් සැකසීම, වදනේ ඉඟි සහිත වීම, වදන කෙටි වීම යන
මූලධර්ම තුන ඉතා ම සරිලන බවයි මා සිතන්නේ.
;-)
> මම නම් හිතන්නේ නැහැ ඉහත තේරුම් go button, search button වල ගැබ්ව ඇතැයි කියා.
>
> මා නම් දකින්නේ, Go සහා search යන වදන් ඉහත යෙදී ඇත්තේ නාම විශේෂණ ලෙසයි.
>
> Go button = යන බොත්තම මිස යන්න බොත්තම වන්නේ කෙසේද?
> Search button = සොයන බොත්තම මිස සොයන්න බොත්තම වන්නේ කෙසේද?
හරි, ඒ කාරණාවටත් එකඟයි.
අපි හිතමු "Triangulate" කියන බොත්තම සිංහළයෙන් තියන්න ඕනෙ කියල. එතකොට
කොහොම ද කරන්නෙ? ඒකයි මා කියන්න හැදුවේ. සමාවෙන්න ඒ උත්සාහයේදී ඔබ කී
දේ නොපෙනුනාට.
ආයුබෝවන් මිතුරනි..
මම සාමාන්‍යයෙන් ඔබලාගේ සංවාද කියවනවා.. නමුත් මට අදාල යැයි සිතෙන ඒවාට මම පිලිතුරු දෙවා... මට හිතුනා මේ සංවාදයටත් පොඩි අදහක් එකතු කරන්න... අද තමයි මම මගේ විද්‍යුත් තැපෑල බැලුවේ ටික දිනකට පස්සේ..
මම සමහර විට වැරදි ඇතිද දන්නේ නෑ.. ඔබ සියලුසදෙනා කියන දෙය මට නොතේරුනා වේනත් පුළුවනි..
මේ කණ්ඩායමේ ඉන්න කට්ටිය සිංහල යුනිකේත ප්‍රසිද්ධ කරන්න... ජනතාව අතරට යවන්න.... ප්‍රබල උත්සාහයක් දරනවා... ඒත් ගිනිනරියා සිංහලෙන් ලබා දුනනට පස්සේ ඒගැන මල පනිනවා කියනවා... ඒකෙ තියෙන වචන තේරෙන්නේ නෑ කියනවා.... මොනවද මේ කතා.... මටනන් විකර වගේ...
සිංහල භාෂාව පරිගනකයට ගන්න උත්සාහ කරන කන්ඩායමකට සම්බන්ධ වෙලා ඉන්න ගමන්..... සිංහල යුනිකේත භාවිතා කරන ගමන්.... යුනිකේත භාවිතා කර මෘදුකාංගයක් එළිදැක්වූ පසු අපහසුවෙන් හෝ ඒයට පුරුදු නොවී එය අගය නොකර එය විවේචනය කරනවා හැමෝම නොවේ. ඇතැමුන්..
නමුත් අඩුපාඩු පෙන්වා දිය යුතුයි....
ඉතින් මම කීවේ මට හැගෙන දෙය.. සමහර ව
මේ ලියුමත් බලන්න.
http://en.wikipedia.org/wiki/The_Book_of_Mozilla
හිතවත් ඹබසැමට ආයුබෝවන්!
සිංහල ගිනි නරියා පිළිබඳ දැනුවත් කිරීමට, දනිෂ්ක හා අසංක මාධ්‍යවේදීන් හට
සිංහල Firefox ගැන කළ කථා
(http://sinhala.kalingasblog.com/2008/07/16/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-firefox-3-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80/)
යූට්‍යූබ් (Youtube) නාලිකා හරහා සන්නිවේදනය කළ හැකි නම් කදිමයි.
සිංහල ගිනි නරියා මහජනයා අතර ප්‍රචලිත කිරීමට, අප සැම දෙනට යූට්‍යූබ්
විඩීයෝ (Youtube video reviews on Sinhala Firefox 3) කළ හැක.
මේ වෙබ් අඩවිය හා යූට්‍යූබ් සිංහල විඩීයෝ දර්ෂණ බලන්න:-
http://www.kuppiya.com/about.htm
http://www.kuppiya.com/make.htm
උදා:
Kuppiya.com - A beginners introduction to PHP 1 (සිංහල/Sinhala)
http://www.youtube.com/watch?v=ga5MhK4oLzQ
Kuppiya.com - JavaScript In 15 Minutes Part 1 (සිංහල/Sinhala)
http://www.youtube.com/watch?v=EMgFYqaA6J0
සිංහල ගිනි නරියා ගැන, මෙවැනි විඩියෝ (User Reviews ) සිංහල බසින්, අප
එකිනෙකාට කළ හැක.
Firefox 3 Review (ඉංග්‍රීසි/English)
http://www.youtube.com/watch?v=3a3SrpEc9p4
Firefox 3 Review (ඉංග්‍රීසි/English)
http://www.youtube.com/watch?v=JQG2-pjiGDM
Firefox 3 - Review (ඉංග්‍රීසි/English)
http://www.youtube.com/watch?v=AmHzLpmBsQo
Why Firefox 3 is Awesome and howto make it better (ඉංග්‍රීසි/English)
http://www.youtube.com/watch?v=1g30Xyh6Wqc
Updated Google Translate Firefox Ext. 25 languages alt fixed
(ඉංග්‍රීසි/English) http://www.youtube.com/watch?v=DIH03t2FEfs
මෙයට,
රුවන්෴
සපුමල් ව දැනගෙන අවුරුදු දහයක් ගිහිනුත්, නමේ "අනුරාධ" කොටස ඇහුවේ අදයි.
බලාගෙන ගියාම අපේ ඩොනල්ඩ් මහත්තයාත් ලින්ක් එකක් සපයලා තිබෙන ක්‍රෑසි
ලංකා අඩවියේ තිබෙන කතාව බොරු නොවෙයි වගේ. ;-)
"...Meanwhile, Anuradhapura is in "our" hands, and "Anuradha" becomes
a popular name for boys. Very soon half the male population is named
"Anuradha". Confusion prevails. Matters are compounded when parents
decide that Anuradha is an equally good name for a girl! The
Anuradhapura kingdom lasts for a 1000 years. Everybody is now called
Anuradha!."
http://www.crazylanka.com/history.htm
විහිළුවක් විතරයි. වැඩිය ගනන් ගන්න එපා. ;-)
--------------------------------------------------------------------------------
ඔව් ඇත්තට ද එය තේරුමක් නොමැති වැඩක්.....
Firefox "ෆයර්ෆොක්ස්" මිස වෙනත් නමකට පෙරළීම එතරම් සාර්ථක ක්‍රියාවක් නොවෙයි.
එය Fire Brigade මෙන් නාම පද දෙකක සංයෝගයක් නොවෙයි.
Firefox යනු fire සහ Fox එක් වීමෙන් සෑදුනු දෙයක් නෙවේ.
ඒ අර්ථයෙන් ගිනි නරියා ද එයට නොගැලපෙන බව පෙනුනත්.
අන්වර්ථ නාමයක් ලෙස එය පාවිච්චි කළ හැකි බව ද පෙනේ. (fire සහ fox යන්න ට අර්ථ සැපයීමෙන් නොව වෙනත් අන්වර්ථ නාමයක් ලෙස)
එනමුක් ෆයර්ෆොක්ස්, ෆයර්ෆොක්ස් ලෙස හැඳින්වීම ම සෑහෙන බව පෙනේ.
------- ධම්මික ---------------
පස්ස ගිනිගත් නරියා
මම සමහර විට වැරදි ඇතිද දන්නේ නෑ.. ඔබ සියලුසදෙනා කියන දෙය මට නොතේරුනා වේනත් පුළුවනි..
මේ කණ්ඩායමේ ඉන්න කට්ටිය සිංහල යුනිකේත ප්‍රසිද්ධ කරන්න... ජනතාව අතරට යවන්න.... ප්‍රබල උත්සාහයක් දරනවා... ඒත් ගිනිනරියා සිංහලෙන් ලබා දුනනට පස්සේ ඒගැන මල පනිනවා කියනවා... ඒකෙ තියෙන වචන තේරෙන්නේ නෑ කියනවා.... මොනවද මේ කතා.... මටනන් විකර වගේ...
මා මෙම සංවාදය ආරම්භ කළේ මාගේ පාසලේ සොයුරන් දෙදෙනෙකු විසින් කල කතාවක් මගේ කණ වැටුනු පසු සිංහළ ෆයර්ෆොක්ස් දියුණුව උදෙසා එම තොරතුර එබට දැන්වීම උපකාරී වෙයි යනුවෙන් සිතුනු නිසා.