සිංහල මියයමින් පවතින භාෂාවක් ද?

123 views
Skip to first unread message

Pathum Herath

unread,
Sep 17, 2007, 4:21:38 AM9/17/07
to Sinhala...@googlegroups.com
මට මෙම පැනය ඇසීමට සිත් වූයේ එක් ඉන්දියානුවෙක් මා සම්බන්ධව සිටින වෙනත් ජාල සමාජයකදී අසා තිබූ පැනයක් නිසාවෙනි. ඔහු විදේශීය භාෂාවක් ලෙස සිංහල හැදෑරීමට කැමැත්තෙන් සිටින බව දන්වා තිබූ අතර සිංහල යනු මිය යමින් පවතින, අනාගතයක් නැති භාෂාවක් ලෙස සළකන නිසාවෙන් ඔහුට ඒ පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය බවක් දන්වා තිබුණි. මම මට හැකි අයුරින් ඔහුගේ එම අදහස වෙනස් කිරීමට උත්සාහ කළ නමුත් එය එසේ නොවේ යැයි කීමට තරම් ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි බවක් හැඟී ගියා.

මේ සමූහයේ අප සියළු දෙනා උත්සාහ කරනුයේ මිනිසුන් තුළ මෙවැනි අදහස් ඇතිවීම වැළැක්වීමට බව මම දනිමි. නමුත් ඒ සඳහා තව බොහෝ දේ කරන්නට ඇති බව මතක් කර ගැනීමට මෙය හේතුවක් වේ යැයි සිතමි.

--
෴පැතුම්/Pathum෴

Danishka Navin

unread,
Sep 17, 2007, 4:36:15 AM9/17/07
to Sinhala...@googlegroups.com
හිතවත් පැතුම්,

ඔහු සිහල බසට ඇල්මක් ඇතිවීම සතුටක්,
නමුත් සිංහල මිය යන බසක් වෙන්නේ කොහොමද?
ඔහු එහෙම කියන පදනම කුමක්ද? (ඒක අහගන්න)  :P
එයා එහෙම කියන්නේ කොහොමද?
බස සඳහා නුතන මාධ්‍ය වන පරිගණකය සමඟද
සිංහල බස මනාව සුසර වී ඇත. ඉතින් අනිවාර්යෙන්ම
සිංහල ඉදිරියටත් ඇදෙනු ඇත.
(මා විසින් ඉදිරියේදි පළකිරිමට නියමිත පුවත් පත් ලිපියකද
මේ බව සඳහන් කර ඇත.)

සිංහල කලු සුද්දන් වෙතින් ගිලිහුනත්
සිහල මිය යන්නේ නැත....
නමුත් ආනන්දවර්ධන ඉදිරි පත් කළ
අදහසේ පරිදි සිංහල භාශාව කාලයාගේ ඇවැමෙන්
සුළු සුළු වෙනස්කම් වලට ලක්විය හැක.
නමුත් කිසිදාක මිය නොයනු ඇත.

ස්තුතියි,
ඩනිෂ්ක

Pathum Herath

unread,
Sep 17, 2007, 4:53:34 AM9/17/07
to Sinhala...@googlegroups.com
ඩනිෂ්ක,
මමත් ඔහුට ඔය ගැන කිව්වා. පරිගණකය සමඟ සිංහල භාෂාව හැසිරවීමේ ඇති හැකියාව ගැන. සිංහල කියන්නෙ ලෝකය පුරා වියාප්ත වෙමින් පවතින භාෂාවක් බවත් මම ඔහුට කිව්වා. නමුත් සිංහල දැනට බාවිතා කරන්නෙ ලෝක ජනගහණයෙන් ඉතා අල්ප ප්‍රමාණයක් විතරයි. කොටින්ම කිව්වොත් ලංකාවේ ඉන්න අපි ටික විතරනේ. ඒ නිසා ඔවුන්ට එහෙම හිතෙනවා ඇති.
සිංහල කියන්නෙ විශ්වයට පණිවිඩ අරන් ගිය භාෂාවක් බවත් මම කිව්වා (වොයේජර් යානයේ ඇති "ආයුබෝවන්" වදන ගැන ) සිංහල වලට පිටසක්වළ සම්භවයක් ඇති කියල මතයකුත් තියෙනවා නේද?
ඔහුගෙන් පිළිතුරක් නම් තාම නෑ..

හර්ෂණ.෴

unread,
Sep 17, 2007, 5:06:06 AM9/17/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල භාෂාව භාවිතා කරන්නන් අද ලෝකයේ සෑමතැනම වාගේ ඉන්නවා. නමුත් මේ අයගේ
සිංහල භාවිතය අඩු වෙන්න පුළුවන්, නමුත් සිංහල දන්නා අය් සිංහල අමතක කරන්න
උත්සහ කරන්නන්ද අපි අතර නැත්තේමද නොවේ. මේ අය නිසා බොහෝඅය සිතන්න පුළුවන්
සිංහල මියයමින් පවතින භාෂාවක් කියා. නමුත් සිංහල භාවිතා කරන්නන් බොහෝසේ
ඉන්නාබව මේ අය නොදනියි. ඒ වගේම කිවයුතු තවත් දෙයක් නම් පරිගණකය සමග සිංහල
භාවිතා කරන්නන් නම් පැහැදිලිවම වැඩිවී තිබෙනවා.

ධනිෂ්ක කියන්නා සේම කාලයත් සමගම භාෂාවේ වෙනස්වීම් ඇතිවීම සාමාන්‍ය දෙයක්
ලෙස සිතුවත් ලොකු වෙනසක් නම් මම දකින විදිහට සිංහලට වෙලා නෑ. සිංහල
භාෂාවේ ලිවීමේ සහ කියවීමේ පහසුව සදහා අප අපට අවෂ්‍ය ලෙස වෙනස් කරගෙන
තිබුනත් එහි අපූර්වත්වය, රසවින්දනය අප අතර වෙනස්වී නොමැති බවත්
කිවයුතුයි. නමුත් බොහෝ අයට කියන්න පුළුවන් භාවිතය අඩුයි කියලා. ඒකත් අපේම
තිබෙන දුර්වල කමක් තමයි. මොකද කියමනක් තියෙනවනෙ "සිංහලයා මෝඩයා කැවුම්
කන්න යෝධයා" කියලා. මම සිතන්නේ අපි ටිකවත් එකතුවෙලා මේ වැරදි මත මේ
අයගෙන් තුරන්කරමු කියලා.

සිංහල භාවිතය අඩු භාෂාවක් වුවත් මිය යන්නක් නොවේ. එසේම මිය යෑමකට ලක්කලද
නොහැක,

අදහස තරමක් තදද මන්දා,

හර්ෂණ,
www.harshana.info
www.blog.harshana.info

SRIshanu

unread,
Sep 17, 2007, 5:09:15 AM9/17/07
to Sinhala...@googlegroups.com
බොහෝ දෙනා සිංහල මරන්නට උත්සාහ කරනව තමයි. සිංහල මැරෙනව නම් සතුටුවෙන අයත් ඇති තරම් ඉන්නවා. ඒත් ඇත්ත නම්, සිංහල මැරෙණ භාෂාවක් නොවන බවයි. ආසන්නම උදාහරණයක් නම්, නාසා ආයතනයෙන් සූර්යග්‍රහ මණ්‍රඩලයෙන් පිටතට යන්න අභ්‍යවකාෂගත කරපු යානාවල සංස්කෘ‍තෙන්, චීන බසෙන් වගේම සිංහලෙනුත් පණිවුඩ ඇතුළත් කරල තිබීම. මේ කාරණාවට නම් සිංහලේ අනාගතය වගේම වසර දහස් (සමහර විට දසදහස්) ගණනක ඉතිහාසයත් බලපාල තියනවා. (මෙහිදී මා ඉතිහාසය කිව්වෙ, අප දන්න අපට උගන්වන වසර 2500ක සිංහල ඉතිහාසය නෙමෙයි. අප නොදන්න, අපට උගන්වන්නෙ නැති, එහෙත් බටහිරයින් දන්න "අපේ" ඉතිහාසය.)

මීට අමතරව ඩනිෂ්ක කිව්ව ව‍ගේ, සිංහල බස අන්තර්ජාලය ඇතුළු පරිගණක තාක්ෂණයත් සමග යහමින් සුසරවී තිබීම ප්‍රායෝගික සාක්ෂියක්. තවත් දකින්න අහන්න ඇති දෙවල් තමයි, සිංහල ඉගෙන ගන්න ලෝකෙ දියුණු ජාතීන් දක්වන උනන්දුව. විශේෂයෙන්ම චීන ජාතිකයින්.

සාක්කි නං තව දෙන්නං... මේ වගේ මතවාද සමාජ ජාල වැනි ප්‍රසිද්ධ තැන්වල කීම, අපට ගැසුනු අතුල් පහරක් වගේ. පැතුම්ගෙ මිතුරා නොදැන කියන්නත් ඇති. නමුත් ඒව ඒ තැන් වලදිම නිවැරදි කරන එක වඩා හොඳයි. මොකද ඕව සදහටම පවතිනව. සිංහල ගැන ජාලයේ සොයන කෙනෙකුට ඕක දකින්න ලැබේවි. ඉන් පසු එයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබෙන්නත් පුළුවන්.


--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com

නිරංජන්෴

unread,
Sep 17, 2007, 5:14:57 AM9/17/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල සංවර්ධනය වන භාෂාවක්
උදාහරණ
1. දශක ගණනකට පෙර හෙල version එක නිර්මාණය වීම
2. සිංහල‍ පරිගණක ගතවීම
3. සිංහල යුනිකේතය ඇතිවීම
4. සිංහල මුදුකාංග ඇතිවීම
5. සිංහල තොරතුරු බිහිවීම
6. ඉංග්‍රීසි පාරිභාෂික වදන් සිංහල වීම
7. සිංහල භාවිතය වැඩිවීම
8. එය රාජ්‍ය භාෂාවක් වීම
සිංහල සංස්කෘතිය තිබෙන තාක් එය අවශ්‍ය වේවි

Danishka Navin

unread,
Sep 17, 2007, 5:22:31 AM9/17/07
to Sinhala...@googlegroups.com
නිරංජගේ අදහස හරි,
ඒවාගේම සිංහලයින් නොවන
විදේශිකයන් පවා සීටි
මා අසා ඇති ආකාරයට
චිනයේ විශ්ව විද්‍යාලයක
සිංහල භාෂා අංශයක් ද ඇත.

ශ්‍රීශානු

unread,
Sep 17, 2007, 5:34:54 AM9/17/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

> මොකද කියමනක් තියෙනවනෙ "සිංහලයා මෝඩයා කැවුම්
> කන්න යෝධයා" කියලා.

අදහස නම් තද නෑ හර්ෂණ... :) මේ වගේ අදහස් තමයි ඕනෙ...

මා මීට ටික කාලයකට ඉහතදී බදාදා දිවයින පුවත්පත සමග පළ වන "බදාදා
අතිරේකයේ" පල වුනු ලිපියක තිබුනු අදහසක්, හර්ෂණගේ මේ වාක්‍ය සමග
මතක්වුනා. (ලියපු කෙනා නම් මතක නෑ.) ඒක මෙහෙමයි.

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියල සුද්දෝ කියල තියෙන්නේ ඇත්තටම හරි
කාරණාව නොදැනයි. 1818 කැරැල්ලට යද්දී සුද්දෝ දැකල තියනවා හැම සිංහල
සොල්දාදුවෙක් ළඟම කොණ්ඩ කැවුම් මල්ලක් තියනවා. ඒක දැකපු සුද්දෝ හිතල
තියෙන්නෙ, මුන් යුද්ධ කරන්න ආවත් කැවුම් කන්න තියන පෙරේතකම අතඅරින්නෙ නෑ
කියල.

ඒත් ඇත්ත සිද්ධිය මේකයි. කැලෑ වැදිල කඳවුරු බැඳගෙන ඉද්දී වගේම සටන්
කරද්දීත් ඇතිවන තුවාල වලට කැවුම් කෑල්ලක් තියලා සිංහල මිනිස්සු බැඳල
තියනව. දවසක් දෙකක් යනකොට කැවුම මුඩු වෙනව. මේ මුඩු කැවුමෙන් අර තුවාල
සනීප වෙනව.

තවත් දෙයක් තමයි, යුද්දෙ අස්සෙ කැලේ අතරමං වුනොත් - තනි වුනොත්, කැවුම්
පොඩ්ඩක් කෑවම බඩ පිරෙන නිසා. ඒ පොඩ්ඩෙන් ඇති තරමක් ශක්තිය ලැබ ගන්නත්
කැවුම උදව් වුණාලු.

Pathum Herath

unread,
Sep 17, 2007, 5:49:08 AM9/17/07
to Sinhala...@googlegroups.com
සිංහල කියන්නෙ සංවර්ධනය (වූ) වන භාෂාවක් බව ශ්රීලාංකික අපි හැමෝම දන්නවා. සිංහල අපි හැමෝම එකහෙළාම පිළිගන්න දෙයක් ඒක. නමුත් මේ සිද්ධිය නිසා මට හිතුණ දෙයක් තමයි සිංහලෙන් ලෝකයට දැනෙන්න අපි කරපු දේවල් ප්රමාණවත් ද කියන එක (මම මේ විරුද්ධව කතා කරනවා නෙවෙයි)
නමුත් ලංකාව ගැන සිංහල ගැන කිසිත් නොදන්නා කෙනෙකුට ඒ ගැන උනන්දුවක් ඇති වෙන්න, ඇති කරගන්න හෙතූ වන කරුණු ප්රමාණවත් තරමින් තියෙනවද කියල හිතල බලන්න ඕනෙ කියලයි මගෙ අදහස. ලංකාව කියන්නෙ ලෝකයේ හුදෙකලා වෙච්ච රටක් නෙවෙයි. ලංකාවෙන් ලෝකයට ගොඩක් දේවල් දීලත් තියෙනවා. මම කියන්නෙ දැනට ලෝකයේ පවතින අනෙකුත් භාෂාවන්ට සාපේක්ෂව සිංහල කියන්නෙ ඉතා අඩුවෙන් භාවිතා වන භාෂාවක් කියන එක අපි පිළිගන්න ඕනේ. ඒක නැති කරන්න අපි තව දුරටත් කටයුතු කරන්න ඕනේ. නිකම් වංශෙ කබල් ගගා හිටියට හරියන්නෙ නෑ කියලයි මම හිතන්නෙ...
අපිට පුළුවන් නම් ලෝකයටම ප්රෝයෝජනවත් වෙන එක නිෂ්පාදනයක් කරල ඒකෙ user manual  එක සිංහලෙන් ලියන්න, එදාට අනිත් ජාතිකයෝ සිංහල ඉගෙන ගෙන ඒක පාවිච්චි කරන්න ඉගෙන ගනියි.
අපේ මේ සමූහයත්, සිංහල යුනිකෝඩයත් එයට හොඳ අඩිතාලමක්..
යුනිකේතයේ වියාප්තිය තමයි ඉතින් බොහෝ දේ තීරණය කරන්නෙ...

On 9/17/07, නිරංජන්෴ < uni...@info.lk> wrote:

Danishka Navin

unread,
Sep 17, 2007, 5:57:11 AM9/17/07
to Sinhala...@googlegroups.com
Message has been deleted

ශ්‍රීශානු

unread,
Sep 17, 2007, 6:46:44 AM9/17/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
(පෙරවදන : පක්ෂ දේශපාලනය ගැන නොවෙයි. ශ්රී ලංකාව ගැනයි මේ)


>>අපිට පුළුවන් නම් ලෝකයටම ප්රෝයෝජනවත් වෙන එක නිෂ්පාදනයක් කරල ඒකෙ
user manual එක සිංහලෙන් ලියන්න, එදාට අනිත් ජාතිකයෝ
>>සිංහල ඉගෙන ගෙන ඒක පාවිච්චි කරන්න ඉගෙන ගනියි.

අපූරු අදහස.....

සිංහල භාෂාවට වගේම ලංකාවෙ පවතින හැම ගැටළුවකටම මූලික වුණු කරුණක් තියනව.
ඒ තමයි "අපේ දේශපාළුවොයි", "කුම්භකර්ණ (වගකිවයුතු)" නිලධාරීනුයි. මේ
දෙගොල්ලන්ට මෙහෙම විශේෂණ පද මට අද ලියන්න නොවුනානම්............ අනේ මගෙ
රට.......

ඇයි... අපේ මිනිස්සු අළුත් නිර්මාණ කරල නැද්ද? අපි විදේශ විනිමය ගොනි
ගනන් වැය කරල ගෙන්වන ලෑන්ඩ්මාස්ටරේ කතාව කවුරුත් දන්නව ඇතිනේ. මේ එක්
උදාහරණයක් විතරයි. මෙහෙම වටපිටාවක - වැඩක් කරන මිනිහ පාගන වටපිටාවක -
කාටද ආත්ම ශක්තියක් ඇතිවෙන්නෙ? මේ රට ගැන කළකිරුනු බුද්ධිමතුන් කී දාහක්
අද වෙනත් රටවලට සේවය කරනවාද? ඔව්, සමහරු මුදල් නිසා රට අමතක කරල. ඒත්
සමහරු රටට ආදරෙයි, ඒත් මෙහෙදි ඒ අයට ලැබිය යුතු තැන ලැබිල නෑ. එහෙමත්
උදවිය තමයි මොනදේ වුණත් රට ගැන, අපි ගැන හිතල මෙහෙම ඉන්නෙ. මෑතකදි මියගිය
ආචාර්ය අමිත් මුනින්ද්රදිස මහතා එවැනි විරළ විද්වතෙක්.

>>අපේ මේ සමූහයත්, සිංහල යුනිකෝඩයත් එයට හොඳ අඩිතාලමක්..
>>යුනිකේතයේ වියාප්තිය තමයි ඉතින් බොහෝ දේ තීරණය කරන්නෙ...


හැබැයි... ඔය දෙගොල්ල ගැන කිය-කියා බැනල-බැනල හරියන්නෙ නෑනෙ. ඒකාලෙ අයට,
තමන්ට තනිවම කරගෙන යන්න හැකියාවකුත් නැතිනම්, වැඩේ අතඇරල දානව ඇරෙන්න
වෙනත් දෙයක් නොතිබෙන්නට ඇති.

හැබැයි දැන් එක් ක්ෂේත්රයකින් හෝ අපට දොරටුවක් විවර වෙලා. විද්යාගාර,
යතුරු-කියත්, විශාල ආයෝජන අනවශ්ය ප්රබල දොරටුවක්. ඒ තමයි අන්තර්ජාලය සහ
අපට සිංහලෙන් ලෝකෙටම ඇහෙන්න කෑගහන්න පුළුවන් සිංහල යුනිකේතය. අපිට අඩුම
තරමින් අන්තර්ජාලය හරහාවත් මේ දේ - සිංහල ලෝකය වෙත ගෙනයාම - කරන්න
පුළුවන්.

ඒ දේ දැනටමත් වෙන බව පේනවා. ඉතිං සිංහලය මැරෙන්නෙ කොහොමද?

තවත් දෙයක්, අන්තර්ජාලයේ සිංහල දත්ත වැඩි කරනවා වගේම, සිංහල ගැන ඉංගිරිසි
ලිපිද වැඩි විය යුතුයි. ඒ මගින් තමයි සිංහල ගැන ලෝකයා දැනගන්නෙ.
උදාහරණයක් තමයි ඩනිෂ්ක දීපු ගූගල් සෙවුමේ යොමුව. British Council එකේ
සිංහල පාඨමාලා තියනවා කියල මම දන්නෙ අදයි. :)

නිරංජන්෴

unread,
Sep 17, 2007, 4:04:44 PM9/17/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අපට සිංහල වැදගත් සන්නිවේදනය හා තොරතුරු සඳහායි.
පිටරැටියෙකුට සිංහල අවශ්‍ය අපගේ තොරතුරු ලබාගැනීමට හා අප සමග සන්නිවේදනය
දියුණු කරගැනීමට.

අපෙන් ලොවට දීමට සිංහලෙන් තිබෙන දේවල් මොනවාද ?
අපගේ සාහිත්‍යය ගැන අදහස කුමක්ද ? මහගමසේකරගේ "නොමියෙමි" කවදටත් ගැලපෙන
කෘතියක්. ඒත් ඒක සිංහලෙන් තිබීම නිසා අප රටට පමණක් සීමාවෙලා. ජී. බී.
සේනානායකගේ "හඳ සාක්කි කීම" වගේම සයිමන් නවගත්තේගමගේ "දඩයක්කාරයා" ඒවා මට
නම් විශ්ව නිර්මාණ. ඩබ්. ඒ. සිල්වාගේ "විජයබා කොල්ලය" හා "සුනේත්‍රා"
ලංකාවේ ඉතිහාසයට සම්බන්ධ විශ්ව වෘත්තාන්ත. ඒවා හෝමර්ගේ ඉලියඩ් හා ඔඩෙසිට
දෙවැනි නැහැ.

නමුත් ඒවා විශ්ව නිර්මාණ නොවී තිබෙන්නේ ඒවා සිංහලෙන් පමණක් තිබීම. සිංහලට
පෙරලුන "රොබින්හුඩ්", "චෙරි උයන", "කළුදල මල" වගේ අන් භාෂාව‍ලට ඒවාත්
පරිවර්ථනය වෙනවානම්!
අඩුම වශයෙන් දෙමළ හෝ හින්දි වලටවත් ඒවා පරිවර්ථනය වෙනවානම් අගෙයි.
ඉංග්‍රීසි පරිවර්ථන ගැනත් අප සිතිය යුතුයි.

නමුත් අද ප්‍රශ්නය වී තිබෙන්නේ මිනිසුන් මුද්‍රත මාධ්‍යය වෙනුවට
ඉලෙක්ට්‍රෝණික මාධ්‍යයට හුරුවීමයි. මේ නිසා සිසුන් අමතර පොත පතින්
ඈත්වෙලා. උසස් පෙළ මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය හා ගම්පෙරළිය අධ්‍යනය
කරන සිසුන් "රෝහිණී" කියවා නැහැ. රූපවාහිනියෙන් මඩොල්දූව බාගෙට බලා
තිබෙනවා.

මේ තත්වය වෙනස් කරන්නටයි සිංහල සාහිත්‍යය නිර්මාණ කරුවන්ට අප අත දිය
යුත්තේ. බුද්ධිමය දේපල සුරකිමින් එය කරන්නට අපට වැඩ පිළිවෙළක් හදන්න
පුලුවන් නම් හොඳයි.
සිංහල යුනිකේතය තුලින් එය කිරීමට අපට පුළුවන්, අප දුක්ගන්නාරාළගේ නිර්මාණ
(http://rala.info.lk) අන්තර්ජාල ගත කිරීමෙන් කළේ එයයි.
අපට ලැබෙන මුල්ම ප්‍රතිචාර ඉතා අගෙයි.

නිරංජන්෴

unread,
Sep 18, 2007, 1:58:58 AM9/18/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මූර්ධජ, සඤ්ඤක, මහප්‍රාණ හා වියරණ

වරින් වර විවිධ උගතුන් විසින් සංවාදයට භාජනය කෙරෙන ප්‍රශ්නයක් ලියවී
තිබුනා වෙබ්ආලෝචනාවට යමෙක් මා යොමු කලා. මෙහිදී මූර්ධජ, සඤ්ඤක, මහප්‍රාණ
හා වියරණ වල වැදගත්කම අපට තාක්‍ෂණය පැත්තෙන් සළකා බැලිය හැකියි.

ඇයි අපිට සම්මතයක් ? සම්මතයකදී වැරදි හදාගන්නත් හරියට කෙරුණු දෑ අගයන්නත්
මිනුම් දන්ඩක් වෙනවා. මුලදී සිංහල භාෂාවේ මූර්ධජ, සඤ්ඤක, මහප්‍රාණ හා
වියරණ තියෙන්න නැතිව ඇති. නමුත් භාෂාව සංවර්ධනය වීමේදී ඒවා එකතු උනා. ඉතා
සරළ හේතු මෙන්න
මල ≈ මළ
කන = කණ
දන = දණ
රන = රණ
බන = බණ
මේ ප්‍රශ්නයම ඉංග්‍රීසි වලත් තියනවා

Colour=Color=Kalar අක්ෂර වින්‍යාසය වෙනස් එංගලන්ත හා ඇමෙරිකානු හා
ලංකානු

භාෂාව ඉගනගත යුත්තක් මිස හිතේ හැටියට ලියා හරියි කියා තර්ක කිරීම සුදුසු
නැහැ. වියරණ නොදන්නාමුත් අදහස ප්‍රකාශ වීම වෑදගත් එහෙත් වියරණ නොදන්නා
නිසා එය අතහැරිය යුතු යයි කීමනම් ජනයා නොමඟ යාමක්. ඒවා භාෂාවක මූලිකාංග
හා යටිතලය. යමක් විද්‍යානුකූල භාවයෙන් සංවර්ධනය හා අවිද්‍යාවෙන් සංවර්ධනය
දෙකක්

Pathum Herath

unread,
Sep 18, 2007, 2:58:14 AM9/18/07
to Sinhala...@googlegroups.com
මේ සාකච්ඡාවට ආනන්දවර්ධන මහත්මයගෙ අදහසුත් තියෙනවනම් හොඳයි. මූර්ධජ, සඤ්ඤක, මහප්රාණ හා වියරණ ගැන ලොකු කතාවක් පහුගිය දවසක ඇදුනා නේද?
සිංහල ජනප්රිය නොවීමටත් මූර්ධජ, සඤ්ඤක, මහප්රාණ හා වියරණ හේතුවක් කියන අදහස එහිදී මතුවුණා වගේ මතකයි.
 මම නිරංජන් ගෙ "

භාෂාව ඉගනගත යුත්තක් මිස හිතේ හැටියට ලියා හරියි කියා තර්ක කිරීම සුදුසු
නැහැ. වියරණ නොදන්නාමුත් අදහස ප්රකාශ වීම වෑදගත් එහෙත් වියරණ නොදන්නා
නිසා එය අතහැරිය යුතු යයි කීමනම් ජනයා නොමඟ යාමක්. ඒවා භාෂාවක මූලිකාංග
හා යටිතලය. යමක් විද්යානුකූල භාවයෙන් සංවර්ධනය හා අවිද්යාවෙන් සංවර්ධනය
දෙකක් " කතාවට
100% එකඟයි. ඒක තමා විය යුත්තේ
සරල සිංහලයක් තිබීම හොඳයි නමුත් සිංහල සිංහලම විය යුතුයි..

මිය ගියත් මිය යා යුත්තෙ පපුව ඉස්සරහට දාලා... :-)

Danishka Navin

unread,
Sep 18, 2007, 3:55:10 AM9/18/07
to Sinhala...@googlegroups.com

නිරංජන්෴

unread,
Sep 18, 2007, 10:46:21 AM9/18/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මිතුරනි අප සැම දෙනාටම සිංහල හැකියාව මුත්, අප රචකයෝ නොවෙත්.භාෂාව
නිවෑරදි ලෙස භාවිතා කිරීමේ හැකියාව උසස් නිර්මාණ බිහිකල අයගේ ලක්‍ෂණයක්.

මේ සීගිරි ගීය බලන්න
සීගිරි ආමි
කුරුටු ගී ලීමී

මේ කව ගුත්තිලයෙන්
ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මණහර

මේ ගීත ඛණ්ඩය
අහස සේ ඔබ අනන්තයි
පොලව සේ ඔබ අචින්ත්‍යයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබම පමණයි
ඔබ අනන්තයි

මේවාවල අගය භාෂාවේ ශක්තියයි
ඒවා කෙතරම් රස උපද්දද්ද?
මේවා නිර්මාණකරණයේ ඉහළ තැන්. නිර්මාණශීලිත්වය නැතිව කෙතරම් ලීවත් රසයක්
තිබේද? උසස් නිර්මාණ බිහිවන්නේ නිවෑරදිව භාෂාව හැසිරවීමෙන්, නැතිනම්
සාහිත්‍යය = පිදුරු වේවි.

ශිල්පසයුර අඩවියේ සිංහල භාෂා කාටත් ප්‍රයෝජනවත්, එය බලන්න. හුඟක්
ඉගනගන්නට පුළුවන්.

අප ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණය, ගණිත සමීකරණ වල
නිරවද්‍යතාවය ? ඉංග්‍රීසිවල ස්පෙලිං ? අප ඒවා අමතල කරනවාද? ණ, න , ළ, ල
ත් එහෙමයි. අවශ්‍යනම් එය ඉගනීම අපහසු නැහැ. මූර්ධජ ශබ්දවන ස්ථානය අනුව
යෙදෙන්නක් නේද?

සිංහල යුනිකෝඩ් කතන තාක්‍ෂණයේදී වියරණ ඉතා අවශ්‍ය බව චාසල කීවා. gov.lk
ඉංග්‍රීසි හෝ සිංහල වියරණ වරදවා ලීවොත් ජනතාව උදහස් නොවෙත්ද ?

අදහස් ප්‍රකාශ කිරීමේදී ණ, න, ල, ප්‍රශ්න අක්ෂර වින්‍යාස මෙවලමක්
හැදුනාම ප්‍රශ්නය හරියයි. නිර්මාණ කරණයේදී නම් වියරණ ගැන සිතීම
අවශ්‍යමයි.

සිංහල යුනිකේත සමූහයේ මීට පෙරද හැකිතාක් හරියට අක්ෂර වින්‍යාසය ගැන
ලියන්න අප එකඟ වුනා. මාගේ ඉල්ලීම අන්තර්ජාලයේ ප්‍රකාශනයේදී අප ඊ ල‍ඟ
පරම්පරාවට ආදර්ශයක් විය යුතු බවයි. පාසල් ලමුන් සිංහල යුනිකේතයට ගෙන ආ
යුතුයි සිතන අප, දෙමාපියන් පවා අගය කරන දේ පෙන්විය යුතුයි නේද?

පාසල් ළමුන් ණ,න,ළ,ල අතහැර විභාගයෙන් ෆේල් වෙයිද ?

සිංහල විකියක තරඟෙට දෙන්නෙක් ණ,න,ළ,ල වලින් ඇරගත්තොත් මොකද කරන්නේ :)

ඒ නිසා අන්තර්ජාලයේ හැකිතාක් නිවැරදිව භාෂාව හසුරවා ආදර්ශමත් වෙමු.
සිංහල‍ යුනිකේතයට ලද වරම එය එපා කරවන බූමරංගයක් නොකරමු. අපේ රටේ
මිනිසුන්ගේ හද ගැටෙන රාවයටද ඉඩදෙමු.
අන්තර්ජාලයේ නිර්මාණශීලිත්වයට එයට එකතු කරමු.

දසුන් සමීර

unread,
Sep 18, 2007, 1:15:55 PM9/18/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
නිරංජන්ගේ ලිපිය කියවූ පසු පුද්ගලිකව ‍මගේ අදහස නැවතත් වෙනස් කරා.
:) කෙසේ වෙතත් වෙනත් භාශා වලත් මේ වගේ අකුරු තියෙනවා නේ ද? ඒවා ඒ අය
ප්‍රමිතියක් නැතැයි කියා ඉවත්කර තිබේද? ‍

නිරංජන්෴

unread,
Sep 18, 2007, 2:33:50 PM9/18/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
"අපගේ විවිධත්වය අපගේ ශක්තියයි"
සිංහල යුනිකෝඩ් සමූහයේ සංවාද නිසා
අපගේ අදහස් පමණක් නොවේ
ජීවිත පවා වෙනස් මගකට යනවා. ඒක සතුටක්.

විවිධ අදහස් එකට ගැටීමේදී අප ධනාත්මකව සිතුවොත්
අපට වඩාත් සුසංයෝගී දෙයකට යොමුවන්න පුලුවන්.
අප සමූහය නිසා මා බොහෝ අදහස් වෙනස් කරගන තියනවා.

සිංහල යුනිකෝඩ් සමූහයෙන් අන්තර්ජාලයේ සිංහ‍ල බස දියුණු වූවා මිස, එය කෑවා
යනුවෙන් අසන්නට අප කැමති වෙත්ද?

බොහෝ අය අප කාර්යය පසසන අතරම විමසිල්ලෙන්ද සිටින බව අමතක නොකරමු.

අප දැනට නිර්මාණකරණයට තල්ලුවක් දුන්නත් අනාගතයේ එය නිර්මාණකරුවන්ටම භාර
කරමු. අපගේ කාර්යය තාක්‍ෂණය නිෂ්පාදනය පිරිපහදුව සහ බෙදා හැරීම.

ශ්‍රීශානු

unread,
Sep 19, 2007, 12:41:06 AM9/19/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
On Sep 17, 2:22 pm, "Danishka Navin" <danis...@gmail.com> wrote:
> නිරංජගේ අදහස හරි,
> ඒවාගේම සිංහලයින් නොවන
> විදේශිකයන් පවා සීටි
> මා අසා ඇති ආකාරයට
> චිනයේ විශ්ව විද්‍යාලයක
> සිංහල භාෂා අංශයක් ද ඇත.

ඒක හරි. සිංහල බස ඉගෙන ගන්නට උනන්දුවන විදේශිකයින් අතර චීන ජාතිකයන්
විශේෂයි. එහි විශ්වවිද්‍යාල එකක නොවෙයි, බොහොමයක සිංහල උගන්වනවා. ඒ
විතරක් නෙමෙයි, පර්යේෂණ පවා කරනවා.

චීන ජාතික ගුවන්විදුලි සේවයේ සිංහල අංශයක්ද තියනවා. එහි දිනකට පැය
කිහිපයක් බැගින් නිතිපතා සිංහල විකාශයක්ද සම්ප්‍රෙෂණය කරනවා. මට මතක
හැටියට එය ස්වදේශීය සේවය ඔස්සේ ලංකාවෙ අපිටත් අහන්න පුළුවන්. එහි සියළු
කටයුතු (නිවේදන ඇතුළුව) සිදු කරන්නේ චීන ජාතිකයන් විසින්.

නැවතත් පුවත් පතකින් උපුටා ගැනුනක් කියන්නම් :)
එහිදී චීන ගුවන්විදුලියේ සිංහල සේවයේ නිවේදිකාවක් සමග කතාබහක් තමයි
තිබුනේ. එහිදී ඇය කියා සිටියේ, චීන විශ්වවිද්‍යාලයේ ඇය ඇතුළු පිරිසක්
සිංහල උපාධි ලබා ඇති බවයි. නමුත් ඉන් අනතුරුව ඔවුනට රැකියාවක් පිළිබඳ
ගැටළුවක් ඇති වී තිබෙනවා. එහි දී ඔවුනට තිබී ඇති වරණයන් වන්නේ, එම
විශ්වවිද්‍යාලයේම සිංහල ඉගරන්වීම හෝ ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සේවය
කිරීමයි. නමුත් අවසානයේ ඇය චීන ගුවන්විදුලියේ සිංහල අංශයට බැඳී තිබෙනවා.

අමතක කරන්න එපා, ලංකාවෙ ඉන්න චීන තානාපතිතුමා අපටත් වඩා හොඳ සිංහල
උගත්තෙක්. එතුමා "ඉම දිය මංකඩ" ඇතුළු චීන පොත් සිංහලටත්, සිංහල පොත් චීන
බසටත් පරිවර්තනය කර තිබෙනවා.

ශ්‍රීශානු

unread,
Sep 19, 2007, 12:47:38 AM9/19/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
> චීන ජාතික ගුවන්විදුලි සේවයේ සිංහල අංශයක්ද තියනවා. එහි දිනකට පැය
> කිහිපයක් බැගින් නිතිපතා සිංහල විකාශයක්ද සම්ප්‍රෙෂණය කරනවා. මට මතක
> හැටියට එය ස්වදේශීය සේවය ඔස්සේ ලංකාවෙ අපිටත් අහන්න පුළුවන්. එහි සියළු
> කටයුතු (නිවේදන ඇතුළුව) සිදු කරන්නේ චීන ජාතිකයන් විසින්.

නිවැරදි කිරීමයි: චීන ජාතික ගුවන්විදුලිය නොව, එය චීන ජාත්‍යන්තර
ගුවන්විදුලියයි.
මෙන්න එහි සිංහල සේවයේ යොමුව : http://sinhalese.cri.cn/

ශ්‍රීශානු

unread,
Sep 19, 2007, 1:00:21 AM9/19/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

අකුරු විතරක් නෙමෙයි, ව්‍යාකරණ ආදී භාෂාවක සියළුම අංගවල මේ යැයි කියා
ප්‍රමිතියක් පෙන්වන්න බැහැ. මෙය ලෝකයේ සියළුම භාෂාවලට පොදු වූවක්. හේතුව
තමයි භාෂාවක් යනු මිනිසාගේ ආරම්භයේ පටන්ම විවිධ ආකාරයෙන් වෙනස්වෙමින් ආ
දෙයක්. මෙය එක් අයෙක් විසින් හෝ කිහිප දෙනෙක් විසින් බලෙන් සැකසූවක්
නොවෙයි. (පරිගණක ක්‍රමලේඛ "භාෂාවක්" නම් එහෙම හදන්න පුළුවන්)

අප නිරායාසයෙන්ම සංසන්දනයට ගන්නා ඉංගිරිසියෙත් තත්වය මේකමයි.
උදා:
CUT ලිව්වොත් කියවන්නෙ "කට්" කියලා.
PUT ලිව්වොත් "පට්" නෙමෙයි නෙ. ඒක "පුට්" වෙනවා.

ලියද්දී දැම්මත් නොකියවන (Silent letters) අකුරු ඇති වචන ඉංගිරිසියෙ තරම්
වෙන කිසිම භාෂාවක නැතිව ඇති. හැබැයි ඒ Silent අකුරු ලියන්නෙ නැතිව ඉන්නෙ
නෑනෙ. සමහර විට එහෙම ලිව්වොත් වෙන තේරුමක් එන්නත් ඉඩ තියනවා.

දසුන් සමීර

unread,
Sep 19, 2007, 1:24:16 AM9/19/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අදහස් වෙනස් කිරීම ගැන෴
යමක් වැරදීයි යැයි වැටහුනු වහා එය වෙනස් කරගැනීම මගේ ක්‍රමයයි. එය කලින්
දිවිහිමියෙන් පිලිගත් දෙයක් වුවද වැරදීයි යැයි පෙනි පෙනී තියෙද්දී බොරුවට
කලින් මතයම ස්ථාපනය කරන්නට යෑම මොඩකමක්. :) අපේ රටේ බොහො දෙනා තුල නොදකින
දෙයද මෙයම තමයි. :( දැනට ජාලයේ වැඩිමනක් සිංහල භාවිතා කරන පිරිස අපිම
නිසා මේ කරුණ අපිම කතාකි‍රීමේ වරදක් නෑ. නමුත් මේගැන තීන්දු තීරණ ගැනීම
අපේ කාර්යක්‍ නොවේ. එය අපි සිහළ ඇදුරන්ට භාර කරමු෴ (අපේ සමූහයේ අය සිංහල
දන්නේ නෑ කියල නෙමයි කීව්වේ.)

නිරංජන්෴

unread,
Sep 19, 2007, 1:34:05 AM9/19/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල යුනිකෝඩ් දියුණු කරගන්න අපට චීන තානාපති තුමාගෙන්වත් සහයක් ලබාගන්න
පුලුවන්ද?

ලංකා චීන මිත්‍රත්ව සංගමය අඳුරන කෙනෙක් ඉන්නවාද?

ශ්‍රීශානු

unread,
Sep 19, 2007, 1:46:35 AM9/19/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
නියම අදහස! අඳුරන කෙනෙක් නම් නෑ :( ටිකක් හොයල බලමු.
ඒ අය සිංහල ගැන උනන්දු නිසා අපට උදවු කරයි.

බොහෝ විද්වතුන්ට වගේම, හොඳින් බැලුවොත් අපටත් පෙනෙන දෙයක් තමයි, අද
ඇමරිකාවට ලෝකයේ යම් බලයක් ඇද්ද, ඒ බලය නුදුරු අනාගතයේදිම චීනයට ලැබෙන බව.
ඔවුන්ගේ තාක්ෂණය - විධික්‍රම ලෝක අනාගතය තීරණය කරාවි. එහෙව් තාක්ෂණයක
උදවු ගන්න පුළුවන්නම් සිංහල යුනිකේතයට විශාල පිම්මක් පනින්න පුළුවන්
වේවි.

චීන භාෂාව පරිගණකයට එක් වුනේ බොහෝ කලකට පෙර සිටයි. ඔවුන් Simplified සහ
Traditional ලෙස භාෂා දෙවර්ගයක් භාවිතා කරනව නේද? එයින්ද පෙනෙන්නේ ඔවුන්
භාෂා පරිගණකගත කිරීමේ ප්‍රවීනයන් බව නේද? හැබැයි සිංහල අයත්වන යුනිකේත
ගණයට නොවෙයි නේද චීන අයත්වන්නේ?

Pathum Herath

unread,
Sep 19, 2007, 2:09:31 AM9/19/07
to Sinhala...@googlegroups.com
Simplified සහ Traditional සිංහල ලෙස භාෂා දෙවර්ගයක් සිංහලටත් තිබුණොත් කොහොමද කියල හිතුණා.. පිස්සු අදහසක් වගේ වෙන්නත් පුළුවන් ඒත් නිකමට කියන්න හිතුණා.. :)
කොහොමටත් අර නන්නාඳුනන ඉන්දියානුවාට පිං අයිති වෙන්න නොදන්න බොහෝ කරුණු දැන ගත්තා..

SRIshanu

unread,
Sep 19, 2007, 2:29:26 AM9/19/07
to Sinhala...@googlegroups.com
එසේ ඔවුන් භාවිතා කරන්නේ පරිගණකය නිසාම දැයි කියන්න දන්නෙ නෑ. පරිගණකයේන වියුක්තවත් එවැනි භාවිතයක් තියනවා වන්නටත් පුළුවන්.

කොහොම නමුත් මා දන්නා තරමින්, එ‍සේ වී ඇත්තේ චීන භාෂාවේ ඇති අති මහත් අකුරු සංඛ්‍යාව නිසා. එය 26ක් හෝ 56ක් 60ක් හෝ නොවෙයි, දහස් ගණනක්. ඒ නිසා මෙය සිදුවන්නට ඇති. සිංහලයට එවැනි ගැටළුවක් නෑ නේද?

(බටහිර විද්‍යාවන්ට අනුව නම් චීන අකුරු රූපාක්ෂර ගණයට දානවා. එය කෙතරම් නිවැරදිදැයි හෝ සාධාරණදැයි දන්නෑ. කෙසේ නමුත් බොහෝ චීන අකුරු පරිසරයේ ඇති වස්තුවල හැඩ ඇසුරින් සෑදුනු ඒවා.)

Pathum Herath

unread,
Sep 19, 2007, 2:44:34 AM9/19/07
to Sinhala...@googlegroups.com
මම අදහස් කළේ මූර්ධජ, සඤ්ඤක, මහප්රාණ හා වියරණ කියන මේ  අමාරුයැයි සළකන දේවල් ඉවත් කරල ඔන්නම් අපිට (අපි නෙවෙයි.. වග කිව යුත්තන්ට) පුළුවන් සරල සිංහලයක් හදා ගන්න. අපේ සිංහලයත් ඒ විදියටම තියාගෙන. නමුත් එතකොටත් ඉතින් අර ගැටළු ආයෙත් එනවා.. හැමෝම Simplified සිංහල භාවිතා කරන්න පටන් ගත්තොත්.. :)

ඒ නිසා හොඳම දේ තමයි ඇති දේ ඇති සැටියෙන්ම පාවිච්චි කරන එක..

On 9/19/07, SRIshanu <sris...@gmail.com> wrote:
එසේ ඔවුන් භාවිතා කරන්නේ පරිගණකය නිසාම දැයි කියන්න දන්නෙ නෑ. පරිගණකයේන වියුක්තවත් එවැනි භාවිතයක් තියනවා වන්නටත් පුළුවන්.

කොහොම නමුත් මා දන්නා තරමින්, එසේ වී ඇත්තේ චීන භාෂාවේ ඇති අති මහත් අකුරු සංඛ්යාව නිසා. එය 26ක් හෝ 56ක් 60ක් හෝ නොවෙයි, දහස් ගණනක්. ඒ නිසා මෙය සිදුවන්නට ඇති. සිංහලයට එවැනි ගැටළුවක් නෑ නේද?

(බටහිර විද්යාවන්ට අනුව නම් චීන අකුරු රූපාක්ෂර ගණයට දානවා. එය කෙතරම් නිවැරදිදැයි හෝ සාධාරණදැයි දන්නෑ. කෙසේ නමුත් බොහෝ චීන අකුරු පරිසරයේ ඇති වස්තුවල හැඩ ඇසුරින් සෑදුනු ඒවා.)

--

ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com

Danishka Navin

unread,
Sep 19, 2007, 2:45:03 AM9/19/07
to Sinhala...@googlegroups.com
මිතුරනි,

අවශ්යතාවය යුනිකොඩ් දියුණු කිරීමද?
ප්රචලිත කිරීමද?

දියුණු කිරීම නම්:
මගේ පෞද්ගලික අදහස නම් අප පළමුව සිංහල යුනිකොඩ්
වල දියුණු විය යුතු අංශ හදුනා ගත යුතුයි. මේ සඳහා
චීනය කෙසෙ වෙතත් දැනටමත් ඉංදීය තාක්ෂණිකයන්ගේ
අවදානය යොමුවි ඇති අතර, දැනට අවශ්ය කටයුතු
සිදු කරමින්ද පවති. මා දන්න පරිදි චිනයේ සිංහල
භාෂාමය පැත්තට අවදානයක් යොමුවි තිබුනද
තොරතුරු තාක්ෂණ අංශයේදි සිංහල භාෂාවට
යම් තරමක් හෝ සහයක් ලැබෙනුයේ ඉංදීය
තාක්ෂණඥයන්ගෙනි. මේ වන විට ඔවුන් සිංහල
CLDR සඳහා පවා ඔවුන් උනන්දුවක් දක්වයි.
කෙසේ වෙතත් මේ මෙම සමූහයේ සහ
LKLUG මිතුරන්ගේ  දායකත්වය අපට අමතක
කළ නොහැක.
තවද චීන භාෂාව සහ සිංහල භාෂාව අතර
සම්බන්දකමක් තිබේද?
නමුත් ඉංදීය භාෂා සහ සිංහල භාෂා අතර
චීන භාෂාවට වඩා වැඩි සම්බන්ධකමක්
පවතී. චීනය සරල සහ සම්ප්‍රධායි චීන භාෂා
 2 පමණක් භාවිතා කළද ඉංදීයානුවන් භාෂා 9
පමණ යුනිකොඩ් සමගින් භාවිතා කරයි.

චීන මිත්‍රත්ව සංගමයේ සම්බධතා තොරතුරක්
අවශ්‍යනම් ලබා දීමට උත්සාහ කරන්නම්..


ඩනිෂ්ක



Danishka Navin

unread,
Sep 19, 2007, 2:48:27 AM9/19/07
to Sinhala...@googlegroups.com
http://en.wikipedia.org/wiki/Simplified_Chinese_character

http://people.w3.org/rishida/scripts/chinese/


On 9/19/07, SRIshanu <sris...@gmail.com> wrote:
එසේ ඔවුන් භාවිතා කරන්නේ පරිගණකය නිසාම දැයි කියන්න දන්නෙ නෑ. පරිගණකයේන වියුක්තවත් එවැනි භාවිතයක් තියනවා වන්නටත් පුළුවන්.

කොහොම නමුත් මා දන්නා තරමින්, එසේ වී ඇත්තේ චීන භාෂාවේ ඇති අති මහත් අකුරු සංඛ්යාව නිසා. එය 26ක් හෝ 56ක් 60ක් හෝ නොවෙයි, දහස් ගණනක්. ඒ නිසා මෙය සිදුවන්නට ඇති. සිංහලයට එවැනි ගැටළුවක් නෑ නේද?

(බටහිර විද්යාවන්ට අනුව නම් චීන අකුරු රූපාක්ෂර ගණයට දානවා. එය කෙතරම් නිවැරදිදැයි හෝ සාධාරණදැයි දන්නෑ. කෙසේ නමුත් බොහෝ චීන අකුරු පරිසරයේ ඇති වස්තුවල හැඩ ඇසුරින් සෑදුනු ඒවා.)

--

ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com




--
Danishka Navin
dani...@gmail.com
"Free as in Freedom"

SRIshanu

unread,
Sep 19, 2007, 4:11:00 AM9/19/07
to Sinhala...@googlegroups.com

තවද චීන භාෂාව සහ සිංහල භාෂාව අතර
සම්බන්දකමක් තිබේද?
නමුත් ඉංදීය භාෂා සහ සිංහල භාෂා අතර
චීන භාෂාවට වඩා වැඩි සම්බන්ධකමක්
පවතී. චීනය සරල සහ සම්ප්රධායි චීන භාෂා
 2 පමණක් භාවිතා කළද ඉංදීයානුවන් භාෂා 9
පමණ යුනිකොඩ් සමගින් භාවිතා කරයි.
 
ඩනිෂ්ක


වැල යන පැත්තට මැස්ස ගහනව නෙමෙයි. ඩනිෂ්ක කියන දේ හරි. ඉහත චීන බස ගැන ලියද්දීත් මේ ගැන හිතුනා. (ඒක තමයි ඒ වර්ගීකරණයට කියන වචනෙ හරියට දන්නෙ නැතුව "හැබැයි සිංහල අයත්වන යුනිකේත ගණයට නොවෙයි නේද චීන අයත්වන්නේ?" කියල ආහුවේ. :)

යුනිකේතයේදී භාෂා මෙලෙස වර්ගීකරණයක් කරන වග බොහෝ දෙනා දන්නව ඇති. මාත් ඒ ගැන වැඩි යමක් නොදන්නව වුනත් සිංහල අයත් වන්නෙ හින්දි, ගුජරාටි, දෙමළ අයත්වන කුලයටම බව දන්නව. කොම්බුව ආදී පිලි අකුරට වම් පැත්තෙන් එන භාෂා තමයි මේ.

යුනිකේත ගැන නෙමෙයි, භාෂා ගැන : http://en.wikipedia.org/wiki/Indic_script

කෙසේ වෙතත් ඉන්දියානුවනුත් සිංහල යුනිකේතය දියුණු කරන්නට කටයුතු කරනවා කියන්නෙ අපට සුභ ආරංචියක්. ඔවුන්ට අපි ස්තූතියන්ත වෙමු. මේ කතාබහ අරඹන්න මුලවුනු පැතුම්ගෙ ඉන්දියානු මිතුරාත් ඇතුළුව.  :)

නිරංජන්෴

unread,
Sep 19, 2007, 2:18:04 PM9/19/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

දුක්ගන්නාරාළට වගේ චීන තානාපති තුමාගේ සිංහල පොතත් යුනිකෝඩ් කර දැමීමට
යෝජනා කළහොත්, ඒ සමගම සිංහලෙන් චීන බස ඉගනීමට අඩවියක් හදන්නට යෝජනා
කලොත්, ඊට ඔවුන් උදව් කරාවි.

හමිබන්තොට වරායේ රැකියා සඳහා චීන බස ඉගනීම ප්‍රයෝජනවත් වේවි.

Reply all
Reply to author
Forward
0 new messages