ධනිෂ්ක කියන්නා සේම කාලයත් සමගම භාෂාවේ වෙනස්වීම් ඇතිවීම සාමාන්‍ය දෙයක්
ලෙස සිතුවත් ලොකු වෙනසක් නම් මම දකින විදිහට සිංහලට වෙලා නෑ. සිංහල
භාෂාවේ ලිවීමේ සහ කියවීමේ පහසුව සදහා අප අපට අවෂ්‍ය ලෙස වෙනස් කරගෙන
තිබුනත් එහි අපූර්වත්වය, රසවින්දනය අප අතර වෙනස්වී නොමැති බවත්
කිවයුතුයි. නමුත් බොහෝ අයට කියන්න පුළුවන් භාවිතය අඩුයි කියලා. ඒකත් අපේම
තිබෙන දුර්වල කමක් තමයි. මොකද කියමනක් තියෙනවනෙ "සිංහලයා මෝඩයා කැවුම්
කන්න යෝධයා" කියලා. මම සිතන්නේ අපි ටිකවත් එකතුවෙලා මේ වැරදි මත මේ
අයගෙන් තුරන්කරමු කියලා.
සිංහල භාවිතය අඩු භාෂාවක් වුවත් මිය යන්නක් නොවේ. එසේම මිය යෑමකට ලක්කලද
නොහැක,
අදහස තරමක් තදද මන්දා,
අදහස නම් තද නෑ හර්ෂණ... :) මේ වගේ අදහස් තමයි ඕනෙ...
මා මීට ටික කාලයකට ඉහතදී බදාදා දිවයින පුවත්පත සමග පළ වන "බදාදා
අතිරේකයේ" පල වුනු ලිපියක තිබුනු අදහසක්, හර්ෂණගේ මේ වාක්‍ය සමග
මතක්වුනා. (ලියපු කෙනා නම් මතක නෑ.) ඒක මෙහෙමයි.
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියල සුද්දෝ කියල තියෙන්නේ ඇත්තටම හරි
කාරණාව නොදැනයි. 1818 කැරැල්ලට යද්දී සුද්දෝ දැකල තියනවා හැම සිංහල
සොල්දාදුවෙක් ළඟම කොණ්ඩ කැවුම් මල්ලක් තියනවා. ඒක දැකපු සුද්දෝ හිතල
තියෙන්නෙ, මුන් යුද්ධ කරන්න ආවත් කැවුම් කන්න තියන පෙරේතකම අතඅරින්නෙ නෑ
කියල.
ඒත් ඇත්ත සිද්ධිය මේකයි. කැලෑ වැදිල කඳවුරු බැඳගෙන ඉද්දී වගේම සටන්
කරද්දීත් ඇතිවන තුවාල වලට කැවුම් කෑල්ලක් තියලා සිංහල මිනිස්සු බැඳල
තියනව. දවසක් දෙකක් යනකොට කැවුම මුඩු වෙනව. මේ මුඩු කැවුමෙන් අර තුවාල
සනීප වෙනව.
තවත් දෙයක් තමයි, යුද්දෙ අස්සෙ කැලේ අතරමං වුනොත් - තනි වුනොත්, කැවුම්
පොඩ්ඩක් කෑවම බඩ පිරෙන නිසා. ඒ පොඩ්ඩෙන් ඇති තරමක් ශක්තිය ලැබ ගන්නත්
කැවුම උදව් වුණාලු.
>>අපිට පුළුවන් නම් ලෝකයටම ප්රෝයෝජනවත් වෙන එක නිෂ්පාදනයක් කරල ඒකෙ
user manual එක සිංහලෙන් ලියන්න, එදාට අනිත් ජාතිකයෝ
>>සිංහල ඉගෙන ගෙන ඒක පාවිච්චි කරන්න ඉගෙන ගනියි.
අපූරු අදහස.....
සිංහල භාෂාවට වගේම ලංකාවෙ පවතින හැම ගැටළුවකටම මූලික වුණු කරුණක් තියනව.
ඒ තමයි "අපේ දේශපාළුවොයි", "කුම්භකර්ණ (වගකිවයුතු)" නිලධාරීනුයි. මේ
දෙගොල්ලන්ට මෙහෙම විශේෂණ පද මට අද ලියන්න නොවුනානම්............ අනේ මගෙ
රට.......
ඇයි... අපේ මිනිස්සු අළුත් නිර්මාණ කරල නැද්ද? අපි විදේශ විනිමය ගොනි
ගනන් වැය කරල ගෙන්වන ලෑන්ඩ්මාස්ටරේ කතාව කවුරුත් දන්නව ඇතිනේ. මේ එක්
උදාහරණයක් විතරයි. මෙහෙම වටපිටාවක - වැඩක් කරන මිනිහ පාගන වටපිටාවක -
කාටද ආත්ම ශක්තියක් ඇතිවෙන්නෙ? මේ රට ගැන කළකිරුනු බුද්ධිමතුන් කී දාහක්
අද වෙනත් රටවලට සේවය කරනවාද? ඔව්, සමහරු මුදල් නිසා රට අමතක කරල. ඒත්
සමහරු රටට ආදරෙයි, ඒත් මෙහෙදි ඒ අයට ලැබිය යුතු තැන ලැබිල නෑ. එහෙමත්
උදවිය තමයි මොනදේ වුණත් රට ගැන, අපි ගැන හිතල මෙහෙම ඉන්නෙ. මෑතකදි මියගිය
ආචාර්ය අමිත් මුනින්ද්රදිස මහතා එවැනි විරළ විද්වතෙක්.
>>අපේ මේ සමූහයත්, සිංහල යුනිකෝඩයත් එයට හොඳ අඩිතාලමක්..
>>යුනිකේතයේ වියාප්තිය තමයි ඉතින් බොහෝ දේ තීරණය කරන්නෙ...
හැබැයි... ඔය දෙගොල්ල ගැන කිය-කියා බැනල-බැනල හරියන්නෙ නෑනෙ. ඒකාලෙ අයට,
තමන්ට තනිවම කරගෙන යන්න හැකියාවකුත් නැතිනම්, වැඩේ අතඇරල දානව ඇරෙන්න
වෙනත් දෙයක් නොතිබෙන්නට ඇති.
හැබැයි දැන් එක් ක්ෂේත්රයකින් හෝ අපට දොරටුවක් විවර වෙලා. විද්යාගාර,
යතුරු-කියත්, විශාල ආයෝජන අනවශ්ය ප්රබල දොරටුවක්. ඒ තමයි අන්තර්ජාලය සහ
අපට සිංහලෙන් ලෝකෙටම ඇහෙන්න කෑගහන්න පුළුවන් සිංහල යුනිකේතය. අපිට අඩුම
තරමින් අන්තර්ජාලය හරහාවත් මේ දේ - සිංහල ලෝකය වෙත ගෙනයාම - කරන්න
පුළුවන්.
ඒ දේ දැනටමත් වෙන බව පේනවා. ඉතිං සිංහලය මැරෙන්නෙ කොහොමද?
තවත් දෙයක්, අන්තර්ජාලයේ සිංහල දත්ත වැඩි කරනවා වගේම, සිංහල ගැන ඉංගිරිසි
ලිපිද වැඩි විය යුතුයි. ඒ මගින් තමයි සිංහල ගැන ලෝකයා දැනගන්නෙ.
උදාහරණයක් තමයි ඩනිෂ්ක දීපු ගූගල් සෙවුමේ යොමුව. British Council එකේ
සිංහල පාඨමාලා තියනවා කියල මම දන්නෙ අදයි. :)
අපෙන් ලොවට දීමට සිංහලෙන් තිබෙන දේවල් මොනවාද ?
අපගේ සාහිත්‍යය ගැන අදහස කුමක්ද ? මහගමසේකරගේ "නොමියෙමි" කවදටත් ගැලපෙන
කෘතියක්. ඒත් ඒක සිංහලෙන් තිබීම නිසා අප රටට පමණක් සීමාවෙලා. ජී. බී.
සේනානායකගේ "හඳ සාක්කි කීම" වගේම සයිමන් නවගත්තේගමගේ "දඩයක්කාරයා" ඒවා මට
නම් විශ්ව නිර්මාණ. ඩබ්. ඒ. සිල්වාගේ "විජයබා කොල්ලය" හා "සුනේත්‍රා"
ලංකාවේ ඉතිහාසයට සම්බන්ධ විශ්ව වෘත්තාන්ත. ඒවා හෝමර්ගේ ඉලියඩ් හා ඔඩෙසිට
දෙවැනි නැහැ.
නමුත් ඒවා විශ්ව නිර්මාණ නොවී තිබෙන්නේ ඒවා සිංහලෙන් පමණක් තිබීම. සිංහලට
පෙරලුන "රොබින්හුඩ්", "චෙරි උයන", "කළුදල මල" වගේ අන් භාෂාවලට ඒවාත්
පරිවර්ථනය වෙනවානම්!
අඩුම වශයෙන් දෙමළ හෝ හින්දි වලටවත් ඒවා පරිවර්ථනය වෙනවානම් අගෙයි.
ඉංග්‍රීසි පරිවර්ථන ගැනත් අප සිතිය යුතුයි.
නමුත් අද ප්‍රශ්නය වී තිබෙන්නේ මිනිසුන් මුද්‍රත මාධ්‍යය වෙනුවට
ඉලෙක්ට්‍රෝණික මාධ්‍යයට හුරුවීමයි. මේ නිසා සිසුන් අමතර පොත පතින්
ඈත්වෙලා. උසස් පෙළ මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය හා ගම්පෙරළිය අධ්‍යනය
කරන සිසුන් "රෝහිණී" කියවා නැහැ. රූපවාහිනියෙන් මඩොල්දූව බාගෙට බලා
තිබෙනවා.
මේ තත්වය වෙනස් කරන්නටයි සිංහල සාහිත්‍යය නිර්මාණ කරුවන්ට අප අත දිය
යුත්තේ. බුද්ධිමය දේපල සුරකිමින් එය කරන්නට අපට වැඩ පිළිවෙළක් හදන්න
පුලුවන් නම් හොඳයි.
සිංහල යුනිකේතය තුලින් එය කිරීමට අපට පුළුවන්, අප දුක්ගන්නාරාළගේ නිර්මාණ
(http://rala.info.lk) අන්තර්ජාල ගත කිරීමෙන් කළේ එයයි.
අපට ලැබෙන මුල්ම ප්‍රතිචාර ඉතා අගෙයි.
වරින් වර විවිධ උගතුන් විසින් සංවාදයට භාජනය කෙරෙන ප්‍රශ්නයක් ලියවී
තිබුනා වෙබ්ආලෝචනාවට යමෙක් මා යොමු කලා. මෙහිදී මූර්ධජ, සඤ්ඤක, මහප්රාණ
හා වියරණ වල වැදගත්කම අපට තාක්‍ෂණය පැත්තෙන් සළකා බැලිය හැකියි.
ඇයි අපිට සම්මතයක් ? සම්මතයකදී වැරදි හදාගන්නත් හරියට කෙරුණු දෑ අගයන්නත්
මිනුම් දන්ඩක් වෙනවා. මුලදී සිංහල භාෂාවේ මූර්ධජ, සඤ්ඤක, මහප්රාණ හා
වියරණ තියෙන්න නැතිව ඇති. නමුත් භාෂාව සංවර්ධනය වීමේදී ඒවා එකතු උනා. ඉතා
සරළ හේතු මෙන්න
මල ≈ මළ
කන = කණ
දන = දණ
රන = රණ
බන = බණ
මේ ප්‍රශ්නයම ඉංග්‍රීසි වලත් තියනවා
Colour=Color=Kalar අක්ෂර වින්‍යාසය වෙනස් එංගලන්ත හා ඇමෙරිකානු හා
ලංකානු
භාෂාව ඉගනගත යුත්තක් මිස හිතේ හැටියට ලියා හරියි කියා තර්ක කිරීම සුදුසු
නැහැ. වියරණ නොදන්නාමුත් අදහස ප්රකාශ වීම වෑදගත් එහෙත් වියරණ නොදන්නා
නිසා එය අතහැරිය යුතු යයි කීමනම් ජනයා නොමඟ යාමක්. ඒවා භාෂාවක මූලිකාංග
හා යටිතලය. යමක් විද්යානුකූල භාවයෙන් සංවර්ධනය හා අවිද්යාවෙන් සංවර්ධනය
දෙකක්
මේ සීගිරි ගීය බලන්න
සීගිරි ආමි
කුරුටු ගී ලීමී
මේ කව ගුත්තිලයෙන්
ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මණහර
මේ ගීත ඛණ්ඩය
අහස සේ ඔබ අනන්තයි
පොලව සේ ඔබ අචින්ත්‍යයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබම පමණයි
ඔබ අනන්තයි
මේවාවල අගය භාෂාවේ ශක්තියයි
ඒවා කෙතරම් රස උපද්දද්ද?
මේවා නිර්මාණකරණයේ ඉහළ තැන්. නිර්මාණශීලිත්වය නැතිව කෙතරම් ලීවත් රසයක්
තිබේද? උසස් නිර්මාණ බිහිවන්නේ නිවෑරදිව භාෂාව හැසිරවීමෙන්, නැතිනම්
සාහිත්‍යය = පිදුරු වේවි.
ශිල්පසයුර අඩවියේ සිංහල භාෂා කාටත් ප්‍රයෝජනවත්, එය බලන්න. හුඟක්
ඉගනගන්නට පුළුවන්.
අප ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණය, ගණිත සමීකරණ වල
නිරවද්‍යතාවය ? ඉංග්‍රීසිවල ස්පෙලිං ? අප ඒවා අමතල කරනවාද? ණ, න , ළ, ල
ත් එහෙමයි. අවශ්‍යනම් එය ඉගනීම අපහසු නැහැ. මූර්ධජ ශබ්දවන ස්ථානය අනුව
යෙදෙන්නක් නේද?
සිංහල යුනිකෝඩ් කතන තාක්‍ෂණයේදී වියරණ ඉතා අවශ්‍ය බව චාසල කීවා. gov.lk
ඉංග්‍රීසි හෝ සිංහල වියරණ වරදවා ලීවොත් ජනතාව උදහස් නොවෙත්ද ?
අදහස් ප්‍රකාශ කිරීමේදී ණ, න, ල, ප්‍රශ්න අක්ෂර වින්‍යාස මෙවලමක්
හැදුනාම ප්‍රශ්නය හරියයි. නිර්මාණ කරණයේදී නම් වියරණ ගැන සිතීම
අවශ්‍යමයි.
සිංහල යුනිකේත සමූහයේ මීට පෙරද හැකිතාක් හරියට අක්ෂර වින්‍යාසය ගැන
ලියන්න අප එකඟ වුනා. මාගේ ඉල්ලීම අන්තර්ජාලයේ ප්‍රකාශනයේදී අප ඊ ලඟ
පරම්පරාවට ආදර්ශයක් විය යුතු බවයි. පාසල් ලමුන් සිංහල යුනිකේතයට ගෙන ආ
යුතුයි සිතන අප, දෙමාපියන් පවා අගය කරන දේ පෙන්විය යුතුයි නේද?
පාසල් ළමුන් ණ,න,ළ,ල අතහැර විභාගයෙන් ෆේල් වෙයිද ?
සිංහල විකියක තරඟෙට දෙන්නෙක් ණ,න,ළ,ල වලින් ඇරගත්තොත් මොකද කරන්නේ :)
ඒ නිසා අන්තර්ජාලයේ හැකිතාක් නිවැරදිව භාෂාව හසුරවා ආදර්ශමත් වෙමු.
සිංහල යුනිකේතයට ලද වරම එය එපා කරවන බූමරංගයක් නොකරමු. අපේ රටේ
මිනිසුන්ගේ හද ගැටෙන රාවයටද ඉඩදෙමු.
අන්තර්ජාලයේ නිර්මාණශීලිත්වයට එයට එකතු කරමු.
විවිධ අදහස් එකට ගැටීමේදී අප ධනාත්මකව සිතුවොත්
අපට වඩාත් සුසංයෝගී දෙයකට යොමුවන්න පුලුවන්.
අප සමූහය නිසා මා බොහෝ අදහස් වෙනස් කරගන තියනවා.
සිංහල යුනිකෝඩ් සමූහයෙන් අන්තර්ජාලයේ සිංහල බස දියුණු වූවා මිස, එය කෑවා
යනුවෙන් අසන්නට අප කැමති වෙත්ද?
බොහෝ අය අප කාර්යය පසසන අතරම විමසිල්ලෙන්ද සිටින බව අමතක නොකරමු.
අප දැනට නිර්මාණකරණයට තල්ලුවක් දුන්නත් අනාගතයේ එය නිර්මාණකරුවන්ටම භාර
කරමු. අපගේ කාර්යය තාක්‍ෂණය නිෂ්පාදනය පිරිපහදුව සහ බෙදා හැරීම.
ඒක හරි. සිංහල බස ඉගෙන ගන්නට උනන්දුවන විදේශිකයින් අතර චීන ජාතිකයන්
විශේෂයි. එහි විශ්වවිද්‍යාල එකක නොවෙයි, බොහොමයක සිංහල උගන්වනවා. ඒ
විතරක් නෙමෙයි, පර්යේෂණ පවා කරනවා.
චීන ජාතික ගුවන්විදුලි සේවයේ සිංහල අංශයක්ද තියනවා. එහි දිනකට පැය
කිහිපයක් බැගින් නිතිපතා සිංහල විකාශයක්ද සම්ප්‍රෙෂණය කරනවා. මට මතක
හැටියට එය ස්වදේශීය සේවය ඔස්සේ ලංකාවෙ අපිටත් අහන්න පුළුවන්. එහි සියළු
කටයුතු (නිවේදන ඇතුළුව) සිදු කරන්නේ චීන ජාතිකයන් විසින්.
නැවතත් පුවත් පතකින් උපුටා ගැනුනක් කියන්නම් :)
එහිදී චීන ගුවන්විදුලියේ සිංහල සේවයේ නිවේදිකාවක් සමග කතාබහක් තමයි
තිබුනේ. එහිදී ඇය කියා සිටියේ, චීන විශ්වවිද්‍යාලයේ ඇය ඇතුළු පිරිසක්
සිංහල උපාධි ලබා ඇති බවයි. නමුත් ඉන් අනතුරුව ඔවුනට රැකියාවක් පිළිබඳ
ගැටළුවක් ඇති වී තිබෙනවා. එහි දී ඔවුනට තිබී ඇති වරණයන් වන්නේ, එම
විශ්වවිද්‍යාලයේම සිංහල ඉගරන්වීම හෝ ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සේවය
කිරීමයි. නමුත් අවසානයේ ඇය චීන ගුවන්විදුලියේ සිංහල අංශයට බැඳී තිබෙනවා.
අමතක කරන්න එපා, ලංකාවෙ ඉන්න චීන තානාපතිතුමා අපටත් වඩා හොඳ සිංහල
උගත්තෙක්. එතුමා "ඉම දිය මංකඩ" ඇතුළු චීන පොත් සිංහලටත්, සිංහල පොත් චීන
බසටත් පරිවර්තනය කර තිබෙනවා.
නිවැරදි කිරීමයි: චීන ජාතික ගුවන්විදුලිය නොව, එය චීන ජාත්‍යන්තර
ගුවන්විදුලියයි.
මෙන්න එහි සිංහල සේවයේ යොමුව : http://sinhalese.cri.cn/
අකුරු විතරක් නෙමෙයි, ව්‍යාකරණ ආදී භාෂාවක සියළුම අංගවල මේ යැයි කියා
ප්‍රමිතියක් පෙන්වන්න බැහැ. මෙය ලෝකයේ සියළුම භාෂාවලට පොදු වූවක්. හේතුව
තමයි භාෂාවක් යනු මිනිසාගේ ආරම්භයේ පටන්ම විවිධ ආකාරයෙන් වෙනස්වෙමින් ආ
දෙයක්. මෙය එක් අයෙක් විසින් හෝ කිහිප දෙනෙක් විසින් බලෙන් සැකසූවක්
නොවෙයි. (පරිගණක ක්‍රමලේඛ "භාෂාවක්" නම් එහෙම හදන්න පුළුවන්)
අප නිරායාසයෙන්ම සංසන්දනයට ගන්නා ඉංගිරිසියෙත් තත්වය මේකමයි.
උදා:
CUT ලිව්වොත් කියවන්නෙ "කට්" කියලා.
PUT ලිව්වොත් "පට්" නෙමෙයි නෙ. ඒක "පුට්" වෙනවා.
ලියද්දී දැම්මත් නොකියවන (Silent letters) අකුරු ඇති වචන ඉංගිරිසියෙ තරම්
වෙන කිසිම භාෂාවක නැතිව ඇති. හැබැයි ඒ Silent අකුරු ලියන්නෙ නැතිව ඉන්නෙ
නෑනෙ. සමහර විට එහෙම ලිව්වොත් වෙන තේරුමක් එන්නත් ඉඩ තියනවා.
ලංකා චීන මිත්‍රත්ව සංගමය අඳුරන කෙනෙක් ඉන්නවාද?
බොහෝ විද්වතුන්ට වගේම, හොඳින් බැලුවොත් අපටත් පෙනෙන දෙයක් තමයි, අද
ඇමරිකාවට ලෝකයේ යම් බලයක් ඇද්ද, ඒ බලය නුදුරු අනාගතයේදිම චීනයට ලැබෙන බව.
ඔවුන්ගේ තාක්ෂණය - විධික්‍රම ලෝක අනාගතය තීරණය කරාවි. එහෙව් තාක්ෂණයක
උදවු ගන්න පුළුවන්නම් සිංහල යුනිකේතයට විශාල පිම්මක් පනින්න පුළුවන්
වේවි.
චීන භාෂාව පරිගණකයට එක් වුනේ බොහෝ කලකට පෙර සිටයි. ඔවුන් Simplified සහ
Traditional ලෙස භාෂා දෙවර්ගයක් භාවිතා කරනව නේද? එයින්ද පෙනෙන්නේ ඔවුන්
භාෂා පරිගණකගත කිරීමේ ප්‍රවීනයන් බව නේද? හැබැයි සිංහල අයත්වන යුනිකේත
ගණයට නොවෙයි නේද චීන අයත්වන්නේ?
එසේ ඔවුන් භාවිතා කරන්නේ පරිගණකය නිසාම දැයි කියන්න දන්නෙ නෑ. පරිගණකයේන වියුක්තවත් එවැනි භාවිතයක් තියනවා වන්නටත් පුළුවන්.
කොහොම නමුත් මා දන්නා තරමින්, එසේ වී ඇත්තේ චීන භාෂාවේ ඇති අති මහත් අකුරු සංඛ්යාව නිසා. එය 26ක් හෝ 56ක් 60ක් හෝ නොවෙයි, දහස් ගණනක්. ඒ නිසා මෙය සිදුවන්නට ඇති. සිංහලයට එවැනි ගැටළුවක් නෑ නේද?
(බටහිර විද්යාවන්ට අනුව නම් චීන අකුරු රූපාක්ෂර ගණයට දානවා. එය කෙතරම් නිවැරදිදැයි හෝ සාධාරණදැයි දන්නෑ. කෙසේ නමුත් බොහෝ චීන අකුරු පරිසරයේ ඇති වස්තුවල හැඩ ඇසුරින් සෑදුනු ඒවා.)
--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com
එසේ ඔවුන් භාවිතා කරන්නේ පරිගණකය නිසාම දැයි කියන්න දන්නෙ නෑ. පරිගණකයේන වියුක්තවත් එවැනි භාවිතයක් තියනවා වන්නටත් පුළුවන්.
කොහොම නමුත් මා දන්නා තරමින්, එසේ වී ඇත්තේ චීන භාෂාවේ ඇති අති මහත් අකුරු සංඛ්යාව නිසා. එය 26ක් හෝ 56ක් 60ක් හෝ නොවෙයි, දහස් ගණනක්. ඒ නිසා මෙය සිදුවන්නට ඇති. සිංහලයට එවැනි ගැටළුවක් නෑ නේද?
(බටහිර විද්යාවන්ට අනුව නම් චීන අකුරු රූපාක්ෂර ගණයට දානවා. එය කෙතරම් නිවැරදිදැයි හෝ සාධාරණදැයි දන්නෑ. කෙසේ නමුත් බොහෝ චීන අකුරු පරිසරයේ ඇති වස්තුවල හැඩ ඇසුරින් සෑදුනු ඒවා.)
--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com
තවද චීන භාෂාව සහ සිංහල භාෂාව අතර
සම්බන්දකමක් තිබේද?
නමුත් ඉංදීය භාෂා සහ සිංහල භාෂා අතර
චීන භාෂාවට වඩා වැඩි සම්බන්ධකමක්
පවතී. චීනය සරල සහ සම්ප්රධායි චීන භාෂා
2 පමණක් භාවිතා කළද ඉංදීයානුවන් භාෂා 9
පමණ යුනිකොඩ් සමගින් භාවිතා කරයි.
ඩනිෂ්ක
දුක්ගන්නාරාළට වගේ චීන තානාපති තුමාගේ සිංහල පොතත් යුනිකෝඩ් කර දැමීමට
යෝජනා කළහොත්, ඒ සමගම සිංහලෙන් චීන බස ඉගනීමට අඩවියක් හදන්නට යෝජනා
කලොත්, ඊට ඔවුන් උදව් කරාවි.
හමිබන්තොට වරායේ රැකියා සඳහා චීන බස ඉගනීම ප්‍රයෝජනවත් වේවි.