සිංහල යුනිකෝඩය භාවිතය හා ව්‍යාප්තිය

13 views
Skip to first unread message

පොඩි ගමරාළ

unread,
Oct 13, 2007, 12:53:58 AM10/13/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ආයුබෝවන්. සැමටම.

මේ පිළිබදව මෙම සමූහයේ අතීතයේ කථා බහ කරලා තියෙනවා කියලා මම දන්නවා. ඒත්
මටත් වුණු අත්දැකීමක් කියන්නයි මෙම මාතෘකාව යලි යොදා ගත්තේ.

රජයේ ආයතනවලට සිංහල යුනිකේතය භාවිතා කිරීමට තවම කිසිදු සූදානමක් නෑ
වගෙයි.

මොකද මම මගේ වැඩක් කරවා ගැනීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කලාප අධ්‍යාපන
කාර්යාලයකට ගියා. මම සියළු කටයුතු හමාරවෙලා ඒ ලිපිය කලාප අධ්‍යාපන
අධ්‍යක්ෂකට කියලා අත්සන් කරවා ගැනීම පමණක් සිදු කිරීමට තිබූනා. ඔහු මට
පැවසුවේ මෙම ලිපිය අතින් ලියා තිබෙන නිසාත් පැහැදිලි තාවයෙන් පොඩි අඩුවක්
ඇති නිසාත් ලිපිය ආයතනයේ පරිගණක ක්‍රියාකරැ ලෙස සේවය කරන අයෙකුට දී සකසා
ගෙන එන ලෙසත්ය. මම ඒ අනුව මෙම ලිපිය එම කාර්යාලයේම පරිගණක ක්‍රියාකරැ ලෙස
සේවය කරන මගේ හිතවතාට දී සකසා දෙන ලෙස ඉල්ලා සිටියා. ඔහු මෙම ලිපිය සදා
නිම කිරීමට නම් පැය දෙකක් පමණ ගත වේ යැයි පවසා සිටියා. ඒ අනුව මා එම පැය
දෙකක කාලය නිකරැණේ එම කාර්යාලයේ සිටි අතර ඔහු එම ලිපිය සකසන අයුරැ ද මම
බලා සිටියා. ඔහු එහිදී සිංහල අකුරැ එකින් එක අමුණමින් තමා මේ රාජකාරිය
කලේ. එහිදී මම ඔහුගෙන් සිංහල යුනිකේතය පිලිබදන විමසා සිටියා.
ඔහු සිංහල යුනිකේතය පිළිබද ව අසා සිටියත් භාවිතා කිරිමට නොදැන සිටියා. මේ
පිළිබදව ඔහු පැවසුවේ රජයෙන් සිංහල යුනිකේතය භාවිතා කිරීමට කියා ඇතත් ඒ
පිළිබදව වැඩි විස්තරයක් එම කාර්යාලයට ලැබී නොමැති බවත් ය. ඔහුමේ පිලිබද ව
දැන ගත්තේ නැණසල පරිගණක මධ්‍යස්ථානයක ක්‍රියාකරැවෙකුගෙන් බවත් දැන ගත්තා.
ඉන් පසු ඔහුට මම සිංහල යුනිකේතය භාවිතා කිරීම පීලිබදව දැනුමක් ලබා
දුන්නා. දැන් ඔහු සිංහල යුනිකේතය භාවිතා කරමින් ආයතනයේ වැඩ කටයුතු
කරනවා.
‍‍
මේ මට ලැබුණු පොඩි අත්දැකීමක් පමණයි.

මම මේ පිලිබදව කියන්න ගත්තේ අපේ රටේ කිසියම් වැඩක් පටන් ගත්තොත් ඒක පටන්
ගන්නා අවස්ථාවේ පමණයි එහි උණුසුම ඇත්තේ. මෙම කරැණ සෑම ක්ෂේත්‍රයකටම
පොදුයි. මම හිතනවා දැන්වත් මෙම සිංහල යුනිකේතය ව්‍යාප්ත කිරීමේ වැඩ
කටයුතු ටිකක් කඩිනම් ‍කලොත් ‍හොදයි කියා. මොකද මට වුනා මගේ මේ රටේ තව කී
දෙනෙකුට මේ ගේ කාලය නාස්ති කරන්න වෙනවාද?
මේ මාතෘකාවට අනුව නම් මට පොඩි යෝජනා කිහිපයකුත් කරන්න තියෙනවා,

01. සිංහල යුනිකේතය පාසල් මට්ටමින් ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම.
02. රාජ්‍ය මට්ටමින් මෙම වැඩ පිලිවෙල සදහා විශේෂ අනුග්‍රහයක් ලබා
දී සිංහල යුනිකේතය රාජ්‍ය අංශයේ ගොඩනැංවීම
03. නැණසල පරිගණක මධ්‍යස්ථාන හා විදාතා තාක්ෂණික මධ්‍යස්ථාන සමග එකතු
වී රාජ්‍ය අංශයේ සිංහල යුනිකේතය ගොඩනැංවීමට කටයුතු කිරීම.
මෙම ආයතනවල ක්‍රියාකරැවන් යොදා ගනිමින් රාජ්‍ය අංශයේ සියළු සේවකයන්
සදහා සිංහල යුනිකෝඩ් පුහුණු වැඩපිලිවෙලක් නිර්මාණය කිරීමටත් හැකියි.

දැනට මට දැනගන්නට ලැබී ඇති ආකාරයට නම් රාජ්‍ය අංශයේ වෙබ් අඩවි වල පමනයි
සිංහල යුනිකේතය යොදා ඇත්තේ.

මේ පිලිබදව ශ්‍රී ලංකා තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ
නිළධාරීයෙකුගේ පිලිතුරක් බලාපොරොත්තු වෙමි. (වසන්ත දේශප්‍රිය මහතාගේ
අදහසත් ‍බලාපොරොත්තු වෙමි.)


ස්තුතියි.

මම පොඩි ගමරාළ

වසන්ත දේශප්‍රිය෴

unread,
Oct 13, 2007, 11:28:25 AM10/13/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ප්රි ය පොඩි ගමරාළ මහතාණෙනි,
ඔබගේ දුක් ගැනවිල්ල සාධාරණ ය.
නමුත් සිංහල යුනිකෝඩ් භාවිතා කිරීම අනියවාර්ය ලෙස දන්වා යැවූ ලිපි පෙළෙ
හි සිංහල යුනිකෝඩ් ලබා ගන්නා ආකාර කිහිපයක් ම දන්වා ඇත. www.siyabas.lk
ඇතුළු වෙබ් අඩවිවලින් මෙන්ම අපට ලියා තැපෑලෙන් සංගත තැටි ලෙස ද නැතහොත්
අපේ තාක්‍ෂණික නිලධාරියකු යවා එය ස්ථාපනය කළ හැකි බව ද දන්වා ඇත.

කරැණාකර ඒ විස්තර හා ලිපි මෙම සබැඳියෙන් බලන්න.
http://www.siyabas.lk/sinhala_unicode_gov_usage
මේ අනුව රාජ්යd ආයතන රාශියකට හා පුද්ගලයින් ට සංගත තැටි රාශියක් තැපෑලෙන්
යවන ලද අතර අනුරාජ් (අපේ සිංහල තාක්‍ෂණික නිලධාරියා) රාජ්යා ආයතන 100 කට
වැඩි ගණනකට යවා පරිගණක 500 ක පමණ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කොට ඇත. එයින්
සෑහීමකට පත් නොවී මෙය නොනවතින කටයුත්තක් ලෙස අප කර ගෙන යන්නෙමු. සිංහල
යුනිකෝඩ් නැතිනම් අපේ ඉ-රාජ්යකයක් ද නැත.
තව ද දැනටමත් සිංහල යුනිකෝඩ් ප්රsචාරණය සඳහා සැලසුම සකසා අනුමැතියට යවා
ඇත. එය ඉතා නුදුරේදීම දියත් වනු ඇති. (මේ ගැන ඔබ සාමාජික වීමට පෙර මෙහි
මේ ගැන දීර්ඝ ව සාකච්ඡා කළා)
කරුණාකර මේ ගැන වැඩි දුර විස්තර මෙම සබැඳියෙන් බලනු මැනවි.
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/cfb56da35d12fbd4/36f42f762ebdd973?hl=si&lnk=gst&q=%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD#
ස්තුතියි
වසන්ත

නිරංජන්෴

unread,
Oct 14, 2007, 5:15:49 AM10/14/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල යුනිකේතයේ භාවිතය සංවර්ධනය කෙරහි යම් ආයතනයක් හෝ නිළධාරියෙකුට තනි
වගකීමක් පැවරීම සුදුසු නොවන අතර එසේ බලා පොරොත්තු වීමද ප්‍රායෝගික නොවේ.
භාෂාච සම්බන්ධයෙන් ICTA එකට නිල බලයක් නොවන අතර ඒ සඳහා රාජ්‍ය භාෂා
දෙපාර්ථමේන්තුව පිහිටුවා ඇත. සෑම ප්‍රධාන රාජ්‍ය ආයතනකම අවම අන්තර්ජාල
පහසුකම් තිබෙන අතර, බොහෝමයක තාක්‍ෂණ අංශයක්ද තිබේ.

මේ අනුව ICTA කාර්ය භාරය පහසුකම් සැපයීම, පුහුණුව අවශ්‍ය අයට එය ලබා
දීම, උපදෙස් සැපයීම වුවද එම ආයතන පරිගණකවල සියු ස්ථාපනය දක්වා තම සේවාව
දිගු කිරීම අප අගේ කළ යුතුය.

කෙසේ වුවද අප කෙතරම් උත්සාහ කලද වෙනසක් ඇතිවීමට කාලයක් ගතවන බවද, ඒ සඳහා
වැඩ පිළිවෙලක් සකසා ඒ අනුව කටයුතු කිරීම ක්‍රමය බවද අප ප්‍රායෝගික
අත්දැකීම් වලින් වටහා ගෙන සිටිමු.

විශේශයෙන් රාජ්‍ය අංශයේ ප්‍රමුඛතා අතරට සිංහල යුනිකේතය නැංවීම පහල සිට
උඩට මිස උඩ සිට පහලට නොවන බව සිතිය හැක. පොදු ජනතාව රජයට සියු වලින්
සන්නිවේදනය කරන්නේ නම්, අනිවාර්යෙන්ම රජයටද සියු වලින් ප්ල්තුරු දීමට
සිදුවේ.

මේ අනුව රාජ්‍ය පරිපාලන අමත්‍යංශය සියූ වීම ඉතා වැදගත්ය. එහි චක්‍රලේඛ
සියූ වූ විට අන් අයටත් සියූ වීමට සිදුවේ. එමනිසා සියු ට මර්මස්ථානයන්
වූ, ජනාධිපති කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, රාජෘ භාෂා
දෙපාර්ඒමණ්තුව හා මුදල් අමාත්‍යංශය වැනි ආයතන ඉතා වැදගත්ය.

අතීත රාජ්‍ය සේවකයෙකු ලෙස මා ලද අත් දැකීම් අනුව සියලු නිල රාජ්‍ය කටයුතු
වන්නේ මුද්‍රිත මාධ්‍යයෙනි. එම නිසා සි යු වලිනි කලත් යවන්නේ මුද්‍රිත
පිටපත නමි එය කුමන ප්‍රමිතියද යන්නෙන් පලක් නොවේ.

මේ නිසා රාජ්‍ය අංශයේ සියු භාවිතය ගැන ඉතා විමසිල්ලෙන් වෑඩ සටහනක් සැකසිය
යුතුය. සිංහල යුනිකේතය මිනිසුන්ට පැටවීමට වඩා එයට මිනිසුන් ආකර්ශණය වඩා
වැදගත්ය. ඒ සඳහා රාජ්‍ය සේවකයින්ට වැදගත්වන තොරතුරු සියු තුලින් නිර්මාණය
අතිශයින් මූලික වේ.

ආයතන සංග්‍රහය (AR, FR), චක්‍ර ලේඛන මෙන්ම රාජ්‍ය සේවකයින් සඳහා වූ විභාග
කෙරෙහි වූ ආධ්‍යයන තොරතුරු සියුගත කිීම වැදගත්ය. ඒ සමගම රාජ්‍ය සේවාව
සඳහා වියුණෙන් වැඩකරන විලියුම් සේවාවක්ද තිබීමෙන් සංවර්ධනය තීව්ර වේ.
එහිදී අප සිංහල යුනිකේතය සංවර්ධනයට මේ දේ කරනවා කීමට වඩා, සමස්ස රාජ්‍ය
සංවර්ධනයට සියු වල්න් කළ හෑක්ි බල පෑම ගැන කථා කළ යුතුය.

සංවාදයට පහසු වුවත් ප්‍රායෝගිව ක්‍රියාවට නෑංවීමේදී ඊට අදාල කාලයන් ගතවන
බව දැන ගන සිටීම ප්‍රායෝගික වේ.

තාම කුඹුරට වතුර හරවා ගත්තා විතරනේ, සීසැම, ඉන්දවීමේ සිට අස්වැන්න එනතෙක්
කාලයක් ගතවෙනවා.

නිරංජන්෴
www.queen.lk
dv.info.lk

Reply all
Reply to author
Forward
0 new messages