සම්මත යුනිකේත ෆොනටික් යතුරු පවරුවක්

269 views
Skip to first unread message

HelaBasa

unread,
Mar 13, 2009, 2:33:29 AM3/13/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඉංග්‍රීසි යතුරු පුවරුව යොදාගෙන (Phonetic) සිංහල යතුරු කරන්නන් හට
පිළිගත් සම්මත යතුරු පුවරුවක් තිබේද?

තිබේ නම් කරුණාකර එය සඳහන් කරන්න.
නොවේ නම් ඔබගේ වදගත් අදහස් උදහස් ඉදිරිපත් කරන්න...

ස්තුතියි!


tidalbobo

unread,
Mar 13, 2009, 4:16:21 AM3/13/09
to Sinhala...@googlegroups.com
for phonetics, we basically use a QWERTY US keyboard, don't we?

What needs to be standardized is key combinations.

Ex : 
mama  = මම
mama = මාමා

To have a standard phonetics system, we might need to make these interpretations standard.

Ideas?



2009/3/13 HelaBasa <webm...@helabasa.com>

සුපුන් පෙරේරා

unread,
Mar 13, 2009, 5:03:43 AM3/13/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මම විශ්වාස කරන හැටියට නම්, නැචුරල් සිංග්ලිෂ් හි භාවිතා වන ක්‍රමය
ඉතාමත් හොඳයි. මම ඒ ක්‍රමය විනාඩි 15ක් ඇතුලත පුරුදු වුනා!

මම දැනටත් භාවිතා කරන්නේ ඒ හා සමාන මෘදුකාංගයක්.
(http://groups.google.com/group/Sinhala-Unicode/web/sinhala%20converter
%20v1.1.zip?hl=si)

අලුතෙන් සිංහල භාවිතා කරන්න පුරුදු වෙන අයට මේ ක්‍රමය ඉතාමත්ම පහසු වෙයි.

සුපුන්

සුපුන් පෙරේරා

unread,
Mar 13, 2009, 5:04:55 AM3/13/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

HelaBasa

unread,
Mar 13, 2009, 6:45:42 AM3/13/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ස්තුතියි !

මෙහි සමහර අකුරු හිතාගන්න අමාරුයි.

මොකුත් help document එකක් නැද්ද?

Susantha Kumara

unread,
Mar 14, 2009, 6:58:45 AM3/14/09
to Sinhala...@googlegroups.com
I have developped a keyboard intercepter that transliterates your keys according to the font selected. This software runs in the background and translates your your keyboard input according to the font type selected. This enables you to use any type setting software to write in sinhala easily. The phonetic scheme used here is Samanala transliteration scheme
You can find the details of this scheme at
 
and
 
And you can download my application from ,
 
 
Please note that I have not written support for unicode yet. I appreciate your input for improvement of this (alomost abandoned) piece of free software.
 
Regards,
Susantha.
2009/3/13 HelaBasa <webm...@helabasa.com>

සුපුන් පෙරේරා

unread,
Mar 14, 2009, 7:05:33 AM3/14/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ක් k
ක ka
කා kaa
කැ kA
කෑ kAa
කි ki
කී kii
කු ku
කූ kuu
කෙ ke
කේ kea
කො ko
කෝ koe
ක්‍ර kra
කෘ kr
කං ka\n
කඃ ka\h

සුපුන් පෙරේරා

unread,
Mar 14, 2009, 7:08:44 AM3/14/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අමතක වුනා.....
ද dha
ඛ Ka
ඹ Ba
භ bha
ඳ nndha


On Mar 13, 3:45 pm, HelaBasa <webmas...@helabasa.com> wrote:

Susantha Kumara

unread,
Mar 14, 2009, 7:14:26 AM3/14/09
to Sinhala...@googlegroups.com
If I remember correct Anuradha Ratnaweera had developped a software for linux that uses this kind of a scheme.

2009/3/14 සුපුන් පෙරේරා <supun....@gmail.com>

සුපුන් පෙරේරා

unread,
Mar 14, 2009, 7:17:04 AM3/14/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඔබේ අකුරු ගැලපුමත් හොඳයි. ඒත් දීර්ඝ ස්වර සඳා ~ ලකුණ භාවිත කිරීම ටිකක්
අපහසුයි. එක අයි අකුරකින් ඉ ශබ්දයත්, අයි අකුරු දෙකකින් ඊ ශබ්දයත් ගැනීම
ඉතා පහසුයි.

මම අප්ලෝඩ් කරපු ට්‍රාන්ස්ලිටරේෂන් එකේ [මගේ නිර්මාණයක් නම් නොවේ.
නිර්මාපකයා අමතකයි. සමාවන්න] ඇත්තේ ඉතාම සරල ක්‍රමයක් [ජාවාස්ක්‍රිප්ට්
වලින්]. ඒ ක්‍රමය භාවිත කලොත් ඉතා පහසුවෙන් ඔබේ වැඩසටහන යුනිකේතයටත්
අනුගත කරගත හැකි වේවි


On Mar 14, 3:58 pm, Susantha Kumara <susanthakum...@gmail.com> wrote:
> I have developped a keyboard intercepter that transliterates your keys
> according to the font selected. This software runs in the background and
> translates your your keyboard input according to the font type selected.
> This enables you to use any type setting software to write in sinhala
> easily. The phonetic scheme used here is Samanala transliteration scheme
> You can find the details of this scheme at
>
> http://vsaparam.awardspace.com/sinhala/samanala.pdf

> andhttp://www.nongnu.org/sinhala/doc/transliteration/sinhala-translitera...


>
> And you can download my application from ,
>

> http://downloads.sourceforge.net/slwriter/SeethalaSetup.exe?use_mirro...


>
> Please note that I have not written support for unicode yet. I appreciate
> your input for improvement of this (alomost abandoned) piece of free
> software.
>
> Regards,
> Susantha.

> 2009/3/13 HelaBasa <webmas...@helabasa.com>

Susantha Kumara

unread,
Mar 14, 2009, 7:21:30 AM3/14/09
to Sinhala...@googlegroups.com
Sorry I forgot something.
 
Once you install Seethala 0.1. You can activate/deactivate the background translator by F8 Key. And the font seleted in the list box should match the font selected in the type setting application (Word etc)
 
Suba Dawasak.
 
Susantha.

 
2009/3/14 Susantha Kumara <susanth...@gmail.com>

Susantha Kumara

unread,
Mar 14, 2009, 7:27:40 AM3/14/09
to Sinhala...@googlegroups.com
Yes Supun. I looked at that javascript file (sinhalaunicode.js) I will use the knowladge there when I find my source code again :) .
 
Thanks,
-Susantha.

Kesara Rathnayake

unread,
Mar 14, 2009, 12:23:59 PM3/14/09
to Sinhala...@googlegroups.com
2009/3/14 Susantha Kumara <susanth...@gmail.com>:

> If I remember correct Anuradha Ratnaweera had developped a software for
> linux that uses this kind of a scheme.

ඔව්.
අනුරාධ රත්නවීරගේ සයුර (sayura-scim) හි අකුරු ගැලපුම් ඉතාම පහසුයි.
වින්ඩෝස් සඳහාද එවැනි ක්‍රමයක් වඩා ප්‍රචලිතවනු ඇත.
වැඩි විස්තර: http://www.sayura.net/im/

තෙරුවන් සරණයි!
කෙසර

දසුන් සමීර

unread,
Mar 14, 2009, 1:47:53 PM3/14/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මේ මගේ පුද්ගලික අදහසක්,
ඉගන ගැනීමට පහසු සහ හොඳම කියන්නේ දෙකක්. ඒ නිසා සම්මත යතුරු පොවරු දෙකක්
අවශ්‍ය වෙන්නේ නෑ. දැනට තියන සම්මත යතුරු‍පොවරුව විජේසේකර යතුරු පොවරුවට
අනුව සැකසුන එකක්. ඉංග්‍රිසි කීබෝඩ් එකකට හුරු වීම නිසා තමයි මේ ගැටළුව
ඇතිවෙන්නේ. ඔය කව්රුවත් මුලින් මේකේ ඉංග්‍රිසි අකරු පිලිවලට නෑ කියලා ඒක
පිලිවලට තියෙන කීබොඩ් එකක් හෙව්වද? ඒ නිසා පුද්ගලිකව මම නම් යල යලිත්
උනන්දු කරවන්නේ සම්මත යතුරුපොවරුව භාවිතා කරන්නටමයි. මුලදී අපහසු තා
දෑනුනත් එය වඩා වේගවත්. අඩු යතුරු පහර ප්‍රමාණයක් භාවිතයෙන් යතුරුලියනය
කළ හැකියි.
මුකුත්ම නොලියනවාට වඩා මොකකින් හරි සිංහල ලියන එක හොඳයි. නමුත් දිගින්
දිගටම සිංහල භාවිතා කරන්න සිතා සිටිනවනම් විජේසේකර යතුරු පොවරුව වඩා
යෝග්යයි. අප විජේසේකර යතුරු පොවරුවට ප්‍රමුකතා වය දිය යුතු බවයි මගේ
හැඟීම. සිංහල යතුරුලියනට පිවිසෙන අයෙකුට අමාරුවෙන් හරි ‍විජේසේකර යතුරු
පොවරුවට යොමුකළහොත් එයින් ලැබෙන ප්‍රතිලාභ බොහෝමයි.

නමුත් කෙටි සටහනක් දමන්නට. වචන කීපයක් ටයිප් කිරීමට පමණක් සිදුවෙන අයෙකුට
ෆොනටික් කීබොඩ් භාවිතය හොඳ විකල්පයක්!
http://www.sigma.lk/

HelaBasa

unread,
Mar 15, 2009, 10:19:16 AM3/15/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
බොහෝ දෙකා මේ සඳහා සම්පත් සබැඳි දක්වා තිබෙනවා...
සියලු දෙනාට ඉතාමත් කෘතඥ වෙනවා...!

දසුන් ගේ මතයට මමත් එකඟයි. එසේ වෙතත් මගේ පෞද්ගලික මතය වන්නේ දැනට සම්මත
විජේසේකර යතුරු පුවරුව (Sri Lanka Standard 1134 Revision 2: 2004) සියයට
සියයක්ම සාර්ථක එකක් නොවන බවයි. උදාහරනයක් ලෙස දක්වතොත්, එදිනෙදා වැඩි
වාර ගනනක් භාවිතා වන "නැවතීමේ තිත", "කොමාව" වැනි විරාම ළකුණු සාමාන්‍ය
ඉංග්‍රීසි යතුරු පුවරුවේ ඇති ස්ථානයට වෙනස් සථානයක පිහිටුවීම සැලකිය
හැකියි. මා දන්නා පරිදි ලංකාවේ සිංහල යතුරු කරන්නන් ගෙන් වැඩි දෙනෙක්
සිංහල මෙන්ම ඉංග්‍රීසි යතුරු කිරීම ද සිදුකරන බැවින් මෙය ඉතාමත් පැටළුම්
සහගත තත්වයක් බව මගේ හැඟීමයි.

කෙසේ වෙතත් සිංහල යතුරු කරන්නන්ගෙන් ගිනිය හැකි ප්‍රතිශතයක් සම්මත යතුරු
පුවරුව වෙනුවට ඉංග්‍රීසි අක්‍ෂරාදී යතුරු පුනරු (Phonetic Keyboards)
භාවිතා කරන බව නම් රහසක් නෙවෙයි. එයට සමූහයේ සගයන්ම සාක්‍ෂි දරනු ඇති.

එබැවින් මගේ අදහස වන්නේ එවැන්නන් හට සම්මත යතුරු පුවරුව භාවිතා කරන ලෙස
බල කිරීමට අපට අයිතියක් නැතුවා මෙන්ම ඔවුන් සඳහා උචිත සම්මතයක් සංවර්ධනය
කිරීව අප සමූහයේ වගකීමක් බවයි.

ඒ සඳහා මෙය අවස්ථාවක් කර ගනු ඇතැයි අපේක්‍ෂා කරමි.

ස්තුතියි...!

දසුන් සමීර

unread,
Mar 15, 2009, 11:27:39 PM3/15/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඔබ සිතන ආකාරය හරි. ඒත් කොම්බුව නැවතීමේ තිත ගැන කියනකතාව පදනම් රහිතයි.
ඔය ප්‍රශ්නය එන්නේ සාමාන්යෙන් විජේසේකර යතුරු පොවරුව භාවිතා නොකරන අයට.
මම කලින් කී පරිදි විජේසේකර යතුරු පොවරුව සාදා ඇත්තේ වැඩිවේගයක් ලබාගත
හැකි ආකාරයටයි. තිත සහ කොමාව තියෙන ස්ථාන වෙනස්වුනේ ඒ ආකාරයටයි.
ඉංග්‍රීසි කීබොඩ් එක එවැනි අකාරයට සැකසුනු එකක් නොවෙයි. ඒ නිසා ඔබ සතුව
දැනට ඇති QWERTY කීබොඩ්‍‍එකේ මුද්‍රණය කළ ඇති අක්ෂර සමග මෙය පටලවා ගත
යුතු නොවේ. නමුත් මිනිසුන් පුරුදු ගුලියක්. ඒවා අත ඇරීමට හරිම අකමැතියි.

මීට පෙර මෙවැනි සංවාද කීපයක්ම ඇති වුනා. ඒත් සො‍යාගන්න අපහසුයි. මට
සොයාගැනීමට හැකිවූයේ පහත පුරුක පමණයි.

සිංහල සදහා “ස්පර්ෂ යතුරු ලියනය” -
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/61990e4638dfda69/9c06d16dd475bd57

දසුන් සමීර෴
http://sigma.lk/

HelaBasa

unread,
Mar 17, 2009, 2:54:30 AM3/17/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඕනෑම සිංහල අකුරක් සඳහා උපරිම වශයෙන් යතුරැ දෙකක් (Key Strokes) භාවිතා
වන පරිදි හා ඔබ විසින් ඉදිරිපත් කරන ලද සිංහල Phonetic යතුරු පුවරු වල
ලක්‍ෂණ එක්කොට මවිසින් නැවත සකස් කළ පහත යතුරු වැල් වල ගුණ අගුණ විමසා
වඩාත් සාර්ථක නව සම්මතයක් නිමානය කර ගැනීමට දායක වන මෙන් ඉල්ලමි.

http://groups.google.com/group/Sinhala-Unicode/web/Proposed%20Phonetic%20Keyboard.pdf

ස්තුතියි.

Sapumal Jayaratne

unread,
Mar 18, 2009, 2:34:30 AM3/18/09
to Sinhala...@googlegroups.com
Hello All,
 
Please excuse me for writing in English.
 
Here are some ideas which might be worth thinking of.
1. Having one standard is more effective as a whole(not in individual level but in community/county level) than having lot of methods.
2. In phonetic keyboards we use English language to write Sinhala text. Somebody who even do not know the English alphabat should be able to type Sinhala and use computers. That is the real indipendance.
3. Wijesekara method allow people to type in the same way they write in paper. Having different methods for typing and writing is not good.
 
Regards,
Sapumal.
2009/3/17 HelaBasa <webm...@helabasa.com>

සුපුන් පෙරේරා

unread,
Mar 18, 2009, 5:21:39 AM3/18/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
දසුන් සහ සපුමල්ගේ අදහස ඉතාමත් වටිනවා. අපි අපේ දේ ගැන අභිමානයකින්
යුතුව කටයුතු කරන්න ඕනා.

මම කිව්වේ දැනට ලංකාවෙ 99% පමණම පරිගණක වල භාවිතා කරන්නෙ සුද්දා හදපු
යතුරු පුවරුව! ඒක දිහා බලාගෙන වෙන අකුරු ලියන එක අමාරු නිසා තමයි මම අර
වගේ අදහසක් ඉදිරිපත් කලේ.

කවුරු හරි සම්මත විජේසේකර පුවරුව සහිත යතුරු පුවරුවක් හදලා ඊට පස්සෙ
කියනවා නම් විජේසේකර පුවරුව භාවිත කරන්න කියලා, ඒකට මම ඒකඟයි. [දැනටත්
යම් ප්‍රමාණයක් එහෙම තියෙනවා]

අනිත් එක තමයි, ෆොනටික් වලින් ගැහුවත්, විජේසේකර එකෙන් ගැහුවත්, හරි
සිංහල ගහනවානම් ඒක තමයි වැදගත්! එහෙම නේද?


On Mar 18, 11:34 am, Sapumal Jayaratne <sapumal.jayara...@gmail.com>
wrote:


> Hello All,
>
> Please excuse me for writing in English.
>
> Here are some ideas which might be worth thinking of.
> 1. Having one standard is more effective as a whole(not in individual level
> but in community/county level) than having lot of methods.
> 2. In phonetic keyboards we use English language to write Sinhala text.
> Somebody who even do not know the English alphabat should be able to type
> Sinhala and use computers. That is the real indipendance.
> 3. Wijesekara method allow people to type in the same way they write in
> paper. Having different methods for typing and writing is not good.
>
> Regards,
> Sapumal.

> 2009/3/17 HelaBasa <webmas...@helabasa.com>


>
> > ඕනෑම සිංහල අකුරක් සඳහා උපරිම වශයෙන් යතුරැ දෙකක් (Key Strokes) භාවිතා
> > වන පරිදි හා ඔබ විසින් ඉදිරිපත් කරන ලද සිංහල Phonetic යතුරු පුවරු වල
> > ලක්‍ෂණ එක්කොට මවිසින් නැවත සකස් කළ පහත යතුරු වැල් වල ගුණ අගුණ විමසා
> > වඩාත් සාර්ථක නව සම්මතයක් නිමානය කර ගැනීමට දායක වන මෙන් ඉල්ලමි.
>

> >http://groups.google.com/group/Sinhala-Unicode/web/Proposed%20Phoneti...

සුපුන් පෙරේරා

unread,
Mar 18, 2009, 5:41:53 AM3/18/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
තව දෙයක් තියෙනවා, අපි ඉංග්‍රීසියෙන් ඩිලන් ලියල ඩිලාන් කියවනවා. ඩයන්
ලියල දයාන් කියවනවා. කාගෙද වැරැද්ද? සුද්දගෙද? ඉංග්‍රීසියෙද? අපේම
නේද?

ඔය නිසා තමයි වැටුනු ලිං කටෙන්ම ගොඩ එන්න හිතාගෙන ඔය ෆොනටික් කියන
සංකල්පය ආවෙ.

අනිත් එක, ප්‍රංශ කාරයා ඉංග්‍රීසි හෝඩිය පාවිච්චි කරල ප්‍රංශ බාසාව
ලියනවා. අපි ඒ හෝඩියම තියන යතුරු පුවරුව භාවිතා කරලා අපේ බාසාව, අපේ
හෝඩියෙන්ම ලියනවා. මම හිතන්නේ ප්‍රංශ කාරයාට වඩා අපි ඉස්සරහින් ඉන්නේ.
අපි ඉංග්‍රීසිය මෙතනදි භාවිතා කලේ උපකරණයක් හැටියට [හරියට ඇණයක් ගහන්න
මිටියක් ගත්තා වගේ]. එහෙම කියලා අපි ඉංග්‍රීසියට වැඳගෙන ඉන්න ඕන නැහැ.
අපිට කියලා වෙනම යතුරු පුවරු හදා ගෙන පවතින ලෝකයෙන් වෙනස් වෙනවට වඩා මම
හිතන්නේ දැනට තියෙන් දෙයින් වඩා හොඳ දෙයක් කරන්න පුළුවන් නම් ඒක ඊට වඩා
කාර්‍යක්ෂමයි කියලා.

ඒ වගේම්, අපි ඉංග්‍රීසි යතුරු පුවරුවක් භාවිතා කල පමණට අපිට සිංහල හෝඩිය
අමතක වෙයිද? එහෙම පොඩි අවදානමක් නැතුවා නෙවෙයි. උදාහරණයක් හැටියට,
සමහරුන්ට සිංහල හෝඩියේ අකාරාදි පිළිවෙල මතක නැහැ. හැබැයි ඒකේ වැරැද්ද
පරිගණකයට පවරන්න බැහැ. තමන්ගේ ජාතික අනන්‍යතාව රැකගෙන, අන් ජාතීන්
නිපදවූ හොඳ දේත් අරගෙන ඉදිරියට යාම තමයි මම මේ ගෝලීයකරණය වූ සමාජය තුල
දියුණු වීම ලෙස අර්ථ දක්වන්නේ.

මම කාටවත් වරදක් කියන්වා නෙවෙයි. මට හරි කියලා හිතෙන දේ ඔබත් සමඟ බෙදා
හදා ගත්තා පමණයි.

On Mar 18, 11:34 am, Sapumal Jayaratne <sapumal.jayara...@gmail.com>
wrote:

> Hello All,
>
> Please excuse me for writing in English.
>
> Here are some ideas which might be worth thinking of.
> 1. Having one standard is more effective as a whole(not in individual level
> but in community/county level) than having lot of methods.
> 2. In phonetic keyboards we use English language to write Sinhala text.
> Somebody who even do not know the English alphabat should be able to type
> Sinhala and use computers. That is the real indipendance.
> 3. Wijesekara method allow people to type in the same way they write in
> paper. Having different methods for typing and writing is not good.
>
> Regards,
> Sapumal.

> 2009/3/17 HelaBasa <webmas...@helabasa.com>


>
> > ඕනෑම සිංහල අකුරක් සඳහා උපරිම වශයෙන් යතුරැ දෙකක් (Key Strokes) භාවිතා
> > වන පරිදි හා ඔබ විසින් ඉදිරිපත් කරන ලද සිංහල Phonetic යතුරු පුවරු වල
> > ලක්‍ෂණ එක්කොට මවිසින් නැවත සකස් කළ පහත යතුරු වැල් වල ගුණ අගුණ විමසා
> > වඩාත් සාර්ථක නව සම්මතයක් නිමානය කර ගැනීමට දායක වන මෙන් ඉල්ලමි.
>

> >http://groups.google.com/group/Sinhala-Unicode/web/Proposed%20Phoneti...

tidalbobo

unread,
Mar 18, 2009, 7:02:21 AM3/18/09
to Sinhala...@googlegroups.com

>
> Please excuse me for writing in English.
>
> Here are some ideas which might be worth thinking of.
> 1. Having one standard is more effective as a whole(not in individual level
> but in community/county level) than having lot of methods.

Who then decides what is the (best) standard to follow?
And what about progress, once we take a certain standard for granted?
What propels improvement and change?

 

> 2. In phonetic keyboards we use English language to write Sinhala text.
> Somebody who even do not know the English alphabat should be able to type
> Sinhala and use computers. That is the real indipendance.

Phonetic keyboards are for ppl who know Phonetics (obviously).  If u don't know any language, then learning sinhala OR english has the same learning curve... Or are you trying to say that TYPING sinhala is harder than typing English? In a way yes. Even for me, i can type English by practice.. and for me using the same English typing skills using phonetics is easy...
But if u dont know English, its a diffrent matter.

 

> 3. Wijesekara method allow people to type in the same way they write in
> paper. Having different methods for typing and writing is not good.
>
>

Are of the view that all ppl should drive in white, petrol, auto gear vans?

Nalaka Jayasena

unread,
Mar 19, 2009, 11:30:57 PM3/19/09
to Sinhala...@googlegroups.com
සිංහල සහ ඉංග්‍රීසිමෙයන් යතුරු ලියනය ගැන මගේ අත්දැකීමත් එක් කරන්නට සිතුවා‍.

සෞඛයට හිතකර සහ වඩාත්ම වේගයෙන්ම යතුරු ලියනය කල හැකි ක්‍රමය යතුරු ලියනය
දෙස නොබලා එය කිරීමයි (touch typing).
නිර්මාණය අතින් ඉංග්‍රීසි සදහා අප භාවිතා කරන QWERTY යතුරු පුවරුවට වඩා
සිංහල (යාන්ත්‍රික යතුරු ලියන) සදහා නිර්මිත විජේසේකර පුවරුව බොහෝ
දියුණුයි. QWERTY යතුරු පුවරුව මීට වසර එකසිය ගණනකට පෙර නිර්මාණය කලේ
(http://home.earthlink.net/~dcrehr/whyqwert.html) යතුරු ලියන වේගය
ඕනෑකමින්ම අඩු කිරීම සදහා යි. ඒ දිනවල අළුතින් නිර්මිත පළමු පරම්පරාවේ
යාන්ත්‍රික යතුරු ලියනවල යතුරු අත් එකිනෙක පැටලවීම වලකන්නටයි ඒ.

මීට දශක කීපයකට ඉහත දී ඉංග්‍රීසි බසෙහි වචන වල අකුරු භාවිතය ගැන දිගු
අධ්‍යයනයකින් පසුව DVORAK
(http://en.wikipedia.org/wiki/Dvorak_Simplified_Keyboard) නමින් වඩා
දියුණු යතුරු පුවරුවක් ඉංග්‍රීසි බස සදහා නිපදවුනා. නමුත් QWERTY පුවරුව
හොදටම මුල් බැසගෙන තිබූ නිසා DVORAK පුවරුව එතරම් ජනප්‍රිය වුනේ නැහැ.

සිංහල සදහා වන විජේසේකර පුවරුව ඊට වෙනස්. සිංහල යාන්ත්‍රික යතුරු ලියන
නිෂ්පාදනය කරන කාලයේ යතුරු අත් ඇමිණීමේ ප්‍රශ්ණ තිබුනේ නැහැ. එනිසා සිංහල
බසෙහි වචන වල අකුරු භාවිතය ගැන දිගු අධ්‍යයනයකින් පසුව නිමවුන විජේසේකර
පුවරුව වඩා ඉහල වාර ගණනක් භාවිත වන අකුරු මැද පෙලේ තබා තිබෙනවා. මගේ
අත්දැකීම නම් ඉංග්‍රිසි ලියන විට යතුරු පුවරුව පුරාම දුවන මගේ ඇඟිලි
විජේසේකර ය භාවිතයෙන් සිංහල ලියන විට මැද පෙලේ (home row- ASDF GH JKL:)
ම වාගේ රැදී තිබෙන බව.

ෆොනටික් පුවරු භාවිතා කරන විට අනවශ්‍ය මනෝ පරිවර්තන ස්ථරයක් එක්ක වැඩ කරන්න වෙනවා.
සිංහල අයන්න --> ඉංග්‍රීසි A ශබ්දය --> A යතුර හොයන්න

ස්පර්ශ ක්‍රමයට විජේසේකරයේ දී
සිංහල අයන්න
(අයන්න කියා සිතු විට අදාල ඇඟිල්ල ස්වයංක්‍රීයව අදාල යතුර වෙත යනවා)
මෙහිදී අකුරු සෙවීමක් ගැන හිතන්නේ නැහැ. භාවිත යතුරු පුවරුවේ කුමක් ලියා
තිබුනත් ප්‍රශ්ණයක් නැහැ.

ඇත්තටම මට කියන්නට ඕන වුනේ ස්පර්ෂ ක්‍රමයට හුරු වුන කෙනෙකුට යතුරු
පුවරුවේ කුමක් ලියා තිබුනත් (ඉංග්‍රීසි, සිංහල, දෙමළ, ජර්මන්, ජපන්, ...,
හිස් http://www.chipchick.com/2007/09/das_keyboard_ii_with_unmarked_keys.html)
තමන්ට අවශ්‍ය දෙය ඔනෑ බසින් ලියන්න පුළුවනි.
එවිට ෆොනටික් ක්‍රම වැඩක් නැහැ.

ඒ වගේම ස්පර්ෂ ක්‍රමය බැරිනම් සහ යතුරු පුවරුවේ සලකුණු කර ඇත්තේ
ඉංග්‍රීසි අකුරු නම් විජේසේකර ක්‍රමයට වඩා ෆොනටික් ක්‍රමය හොදයි.
‍:)

2009/3/18 tidalbobo <tida...@gmail.com>:

--
Nalaka Jayasena (නාලක ජයසේන)
http://nalakajayasena.wordpress.com

සුපුන් පෙරේරා

unread,
Mar 20, 2009, 1:14:19 AM3/20/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
නාලක ජයසේනගේ අදහස මමත් එක හෙලාම අනුමත කරනවා! සිංහල ලියන්න හොඳම
විජේසේකර යතුරු පුවරුව තමයි!
හැබැයි මගේ අදහස වුනේ, අපේ පරිගණක වල විජේසේකර පුවරුව නැති නිසා [1% ක
වගේ හැර] ෆොනටික් ක්‍රමය ඒ අවස්ථාවේ වඩා සුදුසුයි යන වග. මොකද,
ඉංග්‍රීසි පුවරුවේ ඇති ඉංග්‍රීසි අකුරු පෙනි පෙනී සිංහල අකුරු ලියන එක
අමාරු නිසයි.

අපි නැවතත් මේ සාකච්ඡාවේ මූලික අරමුණ දිහා වැලුවොත්, මුල්ම ප්‍රශ්නය
වුනේ, සම්මත ෆොනටික් පුවරුවක් තියනවද යන වග. ඒ අනුව තමයි මම ඉදිරිපත්
කලේ මා දැනට භාවිතා කරන සිංග්ලිෂ් ක්‍රමය [එහි නිර්මාපකයා ගැන අමතක වීම
ගැන කමන්න]. මේ සාකච්ඡාවේ අරමුණ විය යුත්තේ වඩා හොඳ මොන ෆොනටික් පුවරුවද
යන වග නේද? මම භාවිත කරන ක්‍රමයට අනුව, මේ ඊමේල් එක ලියන්න මට ගත වුනේ
බොහෝම ටික වෙලාවයි. ඉතින් ඒක නේද හොඳ යතුරු ලියන ක්‍රමයක මූලිකම අරමුණ
විය යුත්තේ? මට තේරෙන ආකාරයට, හොඳ ෆොනටික් පුවරුවක පහත ගතිගුණ තිබිය
යුතුයි.
- වේගය
- සියලු සිංහල අක්ෂර ලිවීමේ ආකාර පහසුවෙන් මතක තබා ගත හැකි වීම
- ලු ර් කු වැනි වෙනස් පාපිලි සහිත අකුරු සඳහා වුවද භාවිතා වන ඉංග්‍රීසි
අකුරු සමාන වීම (lu, ru, ku)
- මහප්‍රාණ, අල්පප්‍රාණ, න / ණ, ල / ළ ආදිය පහසුවෙන් මතක තබා ගැනීමට හැකි
වීම
- දීරඝ ස්වර ලිවීමේ පහසුව [දි දී -> dhi, dhii]
- තවත් තිබේ නම්...

> 2009/3/18 tidalbobo <tidalb...@gmail.com>:

දසුන් සමීර

unread,
Mar 20, 2009, 5:15:58 AM3/20/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඔය කියන ක්‍රමය ගොඩක් අයිති වෙන්නේ Transliterate ක්‍රමයට නේද? වේගවත්
විදියට ෆොනටික් අක්ෂර ක්‍රමයක් අවශ්‍යනම් කපුටා හදපු sinhal word 2000
මෘදුකාංගයේ භාවිතා කරපු ක්‍රමයම ටිකක් දියුනු කරානම් හොඳයි කියලයි මට
හිතෙන්නේ. එවිට අඩු යතුරු පහර ප්‍රමානයකින් යතුරු ලියන කළ හැකිය. මෙවිට
පිලි සඳහා වෙන වෙනම කී එකක් ඇතුලත් කරන්න වෙනවා. හැබැයි ඒ ටික මතක
තියාගන්නනම් වෙනවා. උදාහරණයක් ලෙදටකොම්බුව ඉස්පිල්ල ඇලපිල්ල පාපිල්ල
ආදියට වෙන වෙන කී එකක් වෙන්කරන්න වෙනවා. හැබැයි එහෙම කරාම වේගය වැඩියි.
උදහාරණයක් විදියට කොම්බුවට z අක්ෂරය ද හල් කිරීමට x ද යොදාගත්තා යැයි
සිතමු. අනෙකුත් සියළු ගත කුරු සඳහා අදාල ශබ්දයට අදාල සිංහල අකුරු ඇතියැයි
සිතමු. (a සඳහා අ, ම සඳහා m ආදී ලෙස.)එවිට ‍මේ කියන අක්ෂර යතුරුලියන
කිරීමට. zmx ලෙස යතුරු ලියනය කළ යුතුයි. මොකද අදහස?

Ishan De Silva

unread,
Mar 20, 2009, 10:19:43 PM3/20/09
to Sinhala...@googlegroups.com
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි.

භාෂා දෙකෙන්ම යතුරු ලියනය පිළිබඳ මගේ අත්දැකීමකුත් එකතු කරන්න කැමතියි. විජේසේකර සහ QWERTY යන යතුරු පුවරු දෙකම භාවිතය පටන් ගත් පසු QWERTY පමණක් භාවිත කළ දිනවල තිබුණු touch typing වේගය අඩු වූ බවක් මට තේරුණා. එය වේගය අඩු වීමකටත් වඩා අකුරු පැටලීමක් වන ලෙසයි පෙනෙන්නේ. උදාහරණයක් ලෙස QWERTY පුවරුවේ නැවතිමේ ලකුණ වෙනුවට single quote එක ‍වදිනවා මොකද විජේසේකර පුවරුවේ නැවතිමේ ලකුණ ‍තියෙන්නේ එතන නිසා. key board layout දෙකක් මතක තබා ගැනීමට සිදුවිමත් එම දෙක අතර නිතරම මාරු වීමේදී මනසට සිදුවන පැටලීමත් මෙයට හේතුව විය හැකියි.

සමහර විට එය මට පමණක් වන දෙයක් වෙන්න පුළුවන්. අනිත් අයටත් මේ අත්දැකීම තියෙනවාද?

කොහොම වුනත් මේකට විසඳුමකුත් නැති බවයි හැඟෙන්නේ.

ස්තුතියි,
- ඉෂාන්


2009/3/20 Nalaka Jayasena <nalakaj...@gmail.com>

Nalaka Jayasena

unread,
Mar 20, 2009, 11:35:14 PM3/20/09
to Sinhala...@googlegroups.com
තිත සහ කොමාව තිබෙන තැන පැටලවෙන්නට පුළුවන් තැනක් තමයි.
නමුත් භාවිතයත් සමඟ එය නැතිව යනවා.

පුවරු දෙක පිළිබද මතකය අපේ motor memory (බයිසිකල් පැදීම වැනි දේ අපට මතක
තිබෙන්නේ මේ වර්‍ගයේ මතකයෙනුයි) මතකයේ හොදින් පැළ පැදියම් වුන පසු එය
ගැටළුවක් වෙන්නේ නැහැ.

නමුත් ටික කාලයක් යනවා එයට.

:)

2009/3/21 Ishan De Silva <ishan....@gmail.com>:

--

Sampath Sri Sitinamaluwa

unread,
Mar 23, 2009, 8:44:05 AM3/23/09
to Sinhala...@googlegroups.com
යතුරු පුවරු ගැන කතා කරන විට මේකත් මතක තියාගන්න ඕන. අපි ඔක්කොම පරිගණක දැක්කෙ ඉංගිරිසි යතුරු ‍පුවරුව සමග. අපිට මුලින් හුරු උනේ ඉංගිරිසි. ඒ නිසා තමයි අපට ෆොනටික් වල අගේ පෙනෙන්නේ.

සමහර විට අපෙන් පසු පරපුරක් ඉඳියි පරිගණකයක් මුල් වර දකින විට සිංහල යතුරු පුවරුවක්, සිංහල මෙහෙයුම් පද්ධතියක් සමග දකින. ඒ අයට ලැබෙන යතුරු පුවරුව ෆොනටික් උනොත් ඒ අයට හොඳටම තේරෙයි ඒ layout එක කාර්යක්ෂම නෑ කියලා.

අපේ පහසුවට අඩු සැලකිල්ලකුත් අනාගත පරපු‍රේ පහසුවට වැඩි සැලකිල්ලකුත් දක්වන එක යහපත් නැද්ද? අදහස් දක්වන්න.

මා නම් කියන්නේ අපේ පහසුවට ෆොනටික් තබාගෙන සම්මතය ලෙස විජේසේකර හෝ එවැනි යතුරු පුවරුවක් තබාගැනීමයි හොඳ. (දැනට ම සම්මතය විජේසේකර නොවැ?)

සම්මත හදන්නේ කවුරුන් ද යන පැනයත් අසා තිබුණා. සම්මත හදන එක රටේම ඉන්න මිනිස්සු සමග කළ හැක්කක් නම් නොවෙයි. විජේසේකර ගැන පැනයක් තිබේ නම් බහුතරයකගේ අදහස් දැනගැනීමේ ක්‍රමයක් සැකසීම අවශ්‍යයි.

2009/3/20 Nalaka Jayasena <nalakaj...@gmail.com>

සුපුන් පෙරේරා

unread,
Mar 23, 2009, 10:31:02 AM3/23/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
දසුන් කිව් ආකාරයට, මේ ෆොනටික් ක්‍රමය යැයි අප සාකච්ඡා කල ක්‍රමය
ට්‍රාන්ස්ලිටරේෂන් ක්‍රමයක් තමයි! ‍

සම්පත් කිව්වා වගේ අපේ ඉදිරි පරම්පරාවකදි සම්පූර්ණයෙන්ම සිංහලෙන් වැඩ කල
හැකි පරිගණක එයි.

මේ අපි පසු කරන්නේ සංක්‍රාන්ති සමයක්!! ඒ කාලයට ගැලපෙන්න තමයි ෆොනටික්
ක්‍රමය තියෙන්නේ. මමත් මුලින් කිව්වා වගේ දැනට තියෙන සුද්දගේ යතුරු
පුවරුව තියෙන් තාක් කල් අපට ෆොනටික් ක්‍රමය පහසු වෙයි හැබැයි සම්මත
විජේසේකර පුවරුව සහිත යතුරු පුවරු එලි දකින කොට අපට තේරේවි ෆොනටික්
ක්‍රමය අනවශ්‍යයි කියලා. ඒ කාලය වෙනතෙක් තමයි ෆොනටික් වල අගේ තියෙන්නෙ.

මගේ අදහස මෙයයි
1. සම්මතය විජේසේකරයම විය යුතු මය. [ඊට වඩා හොඳ ක්‍රමයක් එනතුරු]
2. සංක්‍රාන්ති සමය තුලදී නව පරම්පරාවන් සිංහලයට පහසුවෙන් නැඹුරු කිරීමට
ෆොනටික් ක්‍රමයක් භාවිතා කිරීම මැනවි.

On Mar 23, 5:44 pm, Sampath Sri Sitinamaluwa <sampaths...@gmail.com>
wrote:


> යතුරු පුවරු ගැන කතා කරන විට මේකත් මතක තියාගන්න ඕන. අපි ඔක්කොම පරිගණක දැක්කෙ
> ඉංගිරිසි යතුරු ‍පුවරුව සමග. අපිට මුලින් හුරු උනේ ඉංගිරිසි. ඒ නිසා තමයි අපට
> ෆොනටික් වල අගේ පෙනෙන්නේ.
>
> සමහර විට අපෙන් පසු පරපුරක් ඉඳියි පරිගණකයක් මුල් වර දකින විට සිංහල යතුරු
> පුවරුවක්, සිංහල මෙහෙයුම් පද්ධතියක් සමග දකින. ඒ අයට ලැබෙන යතුරු පුවරුව
> ෆොනටික් උනොත් ඒ අයට හොඳටම තේරෙයි ඒ layout එක කාර්යක්ෂම නෑ කියලා.
>
> අපේ පහසුවට අඩු සැලකිල්ලකුත් අනාගත පරපු‍රේ පහසුවට වැඩි සැලකිල්ලකුත් දක්වන එක
> යහපත් නැද්ද? අදහස් දක්වන්න.
>
> මා නම් කියන්නේ අපේ පහසුවට ෆොනටික් තබාගෙන සම්මතය ලෙස විජේසේකර හෝ එවැනි යතුරු
> පුවරුවක් තබාගැනීමයි හොඳ. (දැනට ම සම්මතය විජේසේකර නොවැ?)
>
> සම්මත හදන්නේ කවුරුන් ද යන පැනයත් අසා තිබුණා. සම්මත හදන එක රටේම ඉන්න මිනිස්සු
> සමග කළ හැක්කක් නම් නොවෙයි. විජේසේකර ගැන පැනයක් තිබේ නම් බහුතරයකගේ අදහස්
> දැනගැනීමේ ක්‍රමයක් සැකසීම අවශ්‍යයි.
>

> 2009/3/20 Nalaka Jayasena <nalakajayas...@gmail.com>> තිත සහ කොමාව තිබෙන තැන පැටලවෙන්නට පුළුවන් තැනක් තමයි.


> > නමුත් භාවිතයත් සමඟ එය නැතිව යනවා.
>
> > පුවරු දෙක පිළිබද මතකය අපේ motor memory (බයිසිකල් පැදීම වැනි දේ අපට මතක
> > තිබෙන්නේ මේ වර්‍ගයේ මතකයෙනුයි) මතකයේ හොදින් පැළ පැදියම් වුන පසු එය
> > ගැටළුවක් වෙන්නේ නැහැ.
>
> > නමුත් ටික කාලයක් යනවා එයට.
>
> > :)
>

> > 2009/3/21 Ishan De Silva <ishan.desi...@gmail.com>:


> > > ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි.
>
> > > භාෂා දෙකෙන්ම යතුරු ලියනය පිළිබඳ මගේ අත්දැකීමකුත් එකතු කරන්න කැමතියි.
> > > විජේසේකර සහ QWERTY යන යතුරු පුවරු දෙකම භාවිතය පටන් ගත් පසු QWERTY පමණක්
> > > භාවිත කළ දිනවල තිබුණු touch typing වේගය අඩු වූ බවක් මට තේරුණා. එය වේගය
> > අඩු
> > > වීමකටත් වඩා අකුරු පැටලීමක් වන ලෙසයි පෙනෙන්නේ. උදාහරණයක් ලෙස QWERTY
> > පුවරුවේ
> > > නැවතිමේ ලකුණ වෙනුවට single quote එක ‍වදිනවා මොකද විජේසේකර පුවරුවේ නැවතිමේ
> > > ලකුණ ‍තියෙන්නේ එතන නිසා. key board layout දෙකක් මතක තබා ගැනීමට සිදුවිමත්
> > එම
> > > දෙක අතර නිතරම මාරු වීමේදී මනසට සිදුවන පැටලීමත් මෙයට හේතුව විය හැකියි.
>
> > > සමහර විට එය මට පමණක් වන දෙයක් වෙන්න පුළුවන්. අනිත් අයටත් මේ අත්දැකීම
> > > තියෙනවාද?
>
> > > කොහොම වුනත් මේකට විසඳුමකුත් නැති බවයි හැඟෙන්නේ.
>
> > > ස්තුතියි,
> > > - ඉෂාන්
>

> > > 2009/3/20 Nalaka Jayasena <nalakajayas...@gmail.com>


>
> > >> සිංහල සහ ඉංග්‍රීසිමෙයන් යතුරු ලියනය ගැන මගේ අත්දැකීමත් එක් කරන්නට
> > සිතුවා‍.
>
> > >> සෞඛයට හිතකර සහ වඩාත්ම වේගයෙන්ම යතුරු ලියනය කල හැකි ක්‍රමය යතුරු ලියනය
> > >> දෙස නොබලා එය කිරීමයි (touch typing).
> > >> නිර්මාණය අතින් ඉංග්‍රීසි සදහා අප භාවිතා කරන QWERTY යතුරු පුවරුවට වඩා
> > >> සිංහල (යාන්ත්‍රික යතුරු ලියන) සදහා නිර්මිත විජේසේකර පුවරුව බොහෝ
> > >> දියුණුයි. QWERTY යතුරු පුවරුව මීට වසර එකසිය ගණනකට පෙර නිර්මාණය කලේ

> > >> (http://home.earthlink.net/~dcrehr/whyqwert.html<http://home.earthlink.net/%7Edcrehr/whyqwert.html>)

Sapumal Jayaratne

unread,
Mar 24, 2009, 6:44:27 AM3/24/09
to Sinhala...@googlegroups.com
2009/3/23 සුපුන් පෙරේරා <supun....@gmail.com>

මගේ අදහස මෙයයි
1. සම්මතය විජේසේකරයම විය යුතු මය.  [ඊට වඩා හොඳ ක්‍රමයක් එනතුරු]
2. සංක්‍රාන්ති සමය තුලදී නව පරම්පරාවන් සිංහලයට පහසුවෙන් නැඹුරු කිරීමට
ෆොනටික් ක්‍රමයක් භාවිතා කිරීම මැනවි.
 
I also believe this.
 
Sapumal.

tidalbobo

unread,
Mar 24, 2009, 7:13:13 AM3/24/09
to Sinhala...@googlegroups.com
just an observation.
in the reference article ( http://home.earthlink.net/~dcrehr/whyqwert.html )  i found the following

" it really didn't matter what keyboard you used. Good typists type fast, bad typists don't. '

" No one wants to take the time and trouble to learn a new keyboard, especially if it isn't convincingly superior to the old. "

This might not be the best technological perspective, but more of a human nature thing.

After all we humans do a lot of things due to human nature.

;)



2009/3/20 Nalaka Jayasena <nalakaj...@gmail.com>

Prabath Ranasinghe

unread,
Mar 24, 2009, 9:57:54 AM3/24/09
to Sinhala...@googlegroups.com
 මමත් මුලින් කිව්වා වගේ දැනට තියෙන සුද්දගේ යතුරු
පුවරුව තියෙන් තාක් කල් අපට ෆොනටික් ක්‍රමය පහසු වෙයි  

ඔබ කියයන්නේ QWERTY යතුරු පුවරුව සම්පූර්ණයෙනම අයින් කරනවා කියලද?එතකොට ඉංග්‍රීසි යෙන් වැඩ කරන්නේ කොහොම්ද?
 
හැබැයි සම්මත
විජේසේකර පුවරුව සහිත යතුරු පුවරු එලි දකින කොට අපට තේරේවි ෆොනටික්
ක්‍රමය අනවශ්‍යයි කියලා.  ඒ කාලය වෙනතෙක් තමයි ෆොනටික් වල අගේ තියෙන්නෙ.

මගේ අදහස මෙයයි
1. සම්මතය විජේසේකරයම විය යුතු මය.  [ඊට වඩා හොඳ ක්‍රමයක් එනතුරු]
2. සංක්‍රාන්ති සමය තුලදී නව පරම්පරාවන් සිංහලයට පහසුවෙන් නැඹුරු කිරීමට
ෆොනටික් ක්‍රමයක් භාවිතා කිරීම මැනවි.
 
මට නම් හිතෙන්නේ ඒක පුද්ගලානුබද්ධයි කියලා

--
Best Regards,
Prabath.

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

Sapumal Jayaratne

unread,
Mar 26, 2009, 12:18:11 AM3/26/09
to Sinhala...@googlegroups.com
2009/3/24 Prabath Ranasinghe prab...@gmail.com

ඔබ කියයන්නේ QWERTY යතුරු පුවරුව සම්පූර්ණයෙනම අයින් කරනවා කියලද?එතකොට ඉංග්‍රීසි යෙන් වැඩ කරන්නේ කොහොම්ද?
 
This keyboard has four languages I guess(see attached photo); Korean, Japanese, Chinese, and English.
 
Regards,
Sapumal.
keyboard.jpg

Kesara Rathnayake

unread,
Mar 26, 2009, 12:56:43 AM3/26/09
to Sinhala...@googlegroups.com
Sorry about using english. :-(

I guess this discussion is going on wrong direction.
This is not about, making QWERTY defacto Sinhala keyboard.
This is about standardizing the phonetic sinhala input methods.
For example I use Sayura on linux, very easy to use.
But on windows, different sinhala unicode entry system.
It would be much easier if we have one standard for SINHALA UNICODE
PHONETIC ENTRY SYSTEMS for QWERTY keyboards, so it won't differ on
different platforms.

And my vote is for sayura-scim like system. :-)

Regards,
Kesara

2009/3/26 Sapumal Jayaratne <sapumal....@gmail.com>:

Sandamali Dhananjani

unread,
Mar 26, 2009, 4:12:40 AM3/26/09
to Sinhala...@googlegroups.com


මම හිතන්නෙ ෆොනටික් ක්‍රමය නිසා වාසි වගේම අවාසිත් ඇති වෙනව‍ා.ෆොනටික් ක්‍රමය භාවිතා කරල  ලියන අය සිංහලයට නම් පහසුවෙන් නැඹුරු වෙයි.ඒත් යතුරු ලියනයෙන් ලියන්න නම් පුරුදු වෙන එකක් නෑ.එයාල තව තවත් QWERTY යතුරු පුවරුවටම ගැති වෙීවි.

මම දකින විදිය‍ට නම් හොද‍ම
ක්‍රමය විජේසේකරය. මොකද ගොඩක් ලංකාවෙ  කාර්යාල වල සිංහල යතුරු ලියනය කරන අය භාවිතා කරන්නෙ විජේසේකර ක්‍රමය.සිංහල ලියන්න උනන්දුවක් තියන අයට පහසුවක්නෙ වෙන්න ඕන.

HelaBasa

unread,
Mar 26, 2009, 5:30:51 AM3/26/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මගේ අදහස වුනේ වඩා උචිත විජේසේකරද? ෆොනටික්ද? කියන එක ගැන තර්ක කිරීම
නෙමෙයි. (මා භාවිතා කරන්නෙත් විජේසේකර යතුරු පුවරුව)

අපි කැමති වුනත් නැතත් සමහරු භාවිතා කරන්නේ ෆොනටික් පුවරුයි...

ඒ සඳහා සම්මතයක් සංවර්ධණය කිරීමයි මගේ අදහස.

ඒ සඳහා වැඩියෙන් දායක විය යුත්තේ දැනටත් ෆොනටික් පුවරු භාවිතා කරන්නන්...

මගේ අදහසට අනුව මම කළ යෝජනාව ගැන සලකා බලා ඔබේ අදහස ඉදිරිපත් කරනවානම්
සතුටුයි.

http://sinhala-unicode.googlegroups.com/web/Proposed+Phonetic+Keyboard.pdf?gda=NkcUn1AAAADCyNWPYNEWDqi695Z99x0CnUiV0pEbgpV4cgTBmUKvJDRGNft1hoGexMCSEhJmfHGB4P6yoaw2VjwKDs5w3-FabcVT3VtYGKLco-_l-8AzjQ

සුපුන් පෙරේරා

unread,
Mar 26, 2009, 5:35:40 AM3/26/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මේ සංවාදය බොහෝ දුර යන වග පෙනෙනවා. :] මට බොහොමත්ම සන්තෝසයි. මෑතක
පලවූ අදහස් සියල්ලටම පිළිතුරු ලෙස මම මෙහෙම කියන්නම්.
- ෆොනටික් ක්‍රමය අවශ්‍ය වෙලා තියෙන්නෙ අද අපි භාවිතා කරන QEWEර්ඨ්‍ය්
පුවරුව නිසා පමණමයි.
- අපේම විජේසේකර පුවරුවක් ඇතිදාට ෆොනටික් ක්‍රමය යල් පැන ගිය දෙයක්
වේවි. [නැත්තම් දෙවැනි තේරීම වෙයි]
- QWEර්ඨ්‍ය් පුවරුව අයින් කරන්න වෙන එකක් නැහැ. එකම පුවරුවේ භාෂා තුනම
තියෙන්න පුලුවන්. එතකොට කැමති විදියකට සිංහල ලියන්න පුලුවන්නෙ.
- මේ සංවාදයේ අරමුණ වුනේ හොඳම මොන ෆොනටික් ක්‍රමයද යන්න සාකච්ඡා
කිරිමයි. ඒත් දැන් වෙලා තියෙන්නේ ෆොනටික් සහ විජේසේකර අතර සංවාදයක්. :]

සංවාදයේ අරමුණ අනුව සයුර, සිංග්ලිශ් වැනි ක්‍රම වල හොඳ නොහොඳ සාකච්ඡා කර,
වඩා හොඳ ක්‍රමය ප්‍රචලිත කිරීමට මම යෝජනා කරනවා. අදහස් දක්වන්න.

On Mar 26, 9:56 am, Kesara Rathnayake <kesara.rathnay...@gmail.com>
wrote:


> Sorry about using english. :-(
>
> I guess this discussion is going on wrong direction.
> This is not about, making QWERTY defacto Sinhala keyboard.
> This is about standardizing the phonetic sinhala input methods.
> For example I use Sayura on linux, very easy to use.
> But on windows, different sinhala unicode entry system.
> It would be much easier if we have one standard for SINHALA UNICODE
> PHONETIC ENTRY SYSTEMS for QWERTY keyboards, so it won't differ on
> different platforms.
>
> And my vote is for sayura-scim like system. :-)
>
> Regards,
> Kesara
>

> 2009/3/26 Sapumal Jayaratne <sapumal.jayara...@gmail.com>:
>
> > 2009/3/24 Prabath Ranasinghe prabat...@gmail.com

root...@gmail.com

unread,
Mar 26, 2009, 3:36:28 PM3/26/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

On Mar 26, 2:30 pm, HelaBasa <webmas...@helabasa.com> wrote:
> මගේ අදහස වුනේ වඩා උචිත විජේසේකරද? ෆොනටික්ද? කියන එක ගැන තර්ක කිරීම
> නෙමෙයි. (මා භාවිතා කරන්නෙත් විජේසේකර යතුරු පුවරුව)
>
> අපි කැමති වුනත් නැතත් සමහරු භාවිතා කරන්නේ ෆොනටික් පුවරුයි...
>
> ඒ සඳහා සම්මතයක් සංවර්ධණය කිරීමයි මගේ අදහස.
>
> ඒ සඳහා වැඩියෙන් දායක විය යුත්තේ දැනටත් ෆොනටික් පුවරු භාවිතා කරන්නන්...
>
> මගේ අදහසට අනුව මම කළ යෝජනාව ගැන සලකා බලා ඔබේ අදහස ඉදිරිපත් කරනවානම්
> සතුටුයි.
>

> http://sinhala-unicode.googlegroups.com/web/Proposed+Phonetic+Keyboar...

ඔබ යෝජනාකර ඇති ක්‍රමයහි එතරම් කාර්‍යශමතාවක් මම දකින්නේ නැත.

ඔබ යෝජනා කරැති ක්‍රමයට,
ක - ka
කා - k SHIFT+a

සයුර-scim ක්‍රමයට,
ක - k
කා - ka

සිංහළ ලිවීමේදී අපි හල් අකුරු භාවිතාවන වාර ගනන, හල් නොවන අකරු භාවිතාවන
වාර ගනනට වඩා ඉතා අඩුයි.
එමනිසා "K" සඳහා "ක්" ලෙස භාවිතවීම, "K" සඳහා "ක" ලෙස භාවිතාවීම තරම්
කාර්‍යශම නොවනබවයි, මට හැඟීයන්නේ.
වැඩි විස්තර - http://www.sayura.net/im/#keys

Udendra

unread,
Mar 26, 2009, 11:37:17 PM3/26/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
එකම යතුරු පුවරුවේ භාෂා 2ක් හෝ වැඩි ගණනකින් වැඩ කරන්න පහසු වෙන්න නම් ඒ
භාෂාවන්ට පොදු සංකේත එකම තැන පිහිටන්න ඕනේ. එහෙම බැලුවාම නම් QWERTY සහ
විජේසේකර අතර පරස්පර තිබෙනවා.
කවුරුහරි පාවිච්චි කරන්නේ විජේසේකර හරි QWERTY කියන දෙකෙන් එකක් විතරක්
නම් මේ ප්‍රශ්නය අදාළ වෙන්නේ නැහැ. ඒත් අපේ කාර්යාලවල හුඟ දෙනෙක්ට භාෂා
2කින් යතුරු ලියනය කරන්න වෙනවා. ඔවුන්ට එවිට යතුරු පුවරු 2 හෝ 3
මුළුමනින්ම මතක තබා ගත යුතු වෙනවා නේද?

On Mar 26, 9:18 am, Sapumal Jayaratne <sapumal.jayara...@gmail.com>
wrote:
> 2009/3/24 Prabath Ranasinghe prabat...@gmail.com


> ඔබ කියයන්නේ QWERTY යතුරු පුවරුව සම්පූර්ණයෙනම අයින් කරනවා කියලද?එතකොට
> ඉංග්‍රීසි යෙන් වැඩ කරන්නේ කොහොම්ද?
>
>  This keyboard has four languages I guess(see attached photo); Korean,
> Japanese, Chinese, and English.
>
> Regards,
> Sapumal.
>

>  keyboard.jpg
> 52KViewDownload

දසුන් සමීර

unread,
Mar 27, 2009, 12:33:56 AM3/27/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

> 2කින් යතුරු ලියනය කරන්න වෙනවා. ඔවුන්ට එවිට යතුරු පුවරු 2 හෝ 3
> මුළුමනින්ම මතක තබා ගත යුතු වෙනවා නේද?

ඔබට වාහන කීපයක් පදවන්න පළුවන් යැයි සිතමු. මෝටර් බයිසි, කලයක්
පාපැදියක් , ත්‍රීරෝද රතයක්, කාර් එකක්, සහ ට්‍රැක්ටරයක් යැයි සිතමු, ඔබට
පාපැදිය භාවිතා කරන විට ජියර් මාරු කිරීමට සිතේද? කාරය අතින් කලච් එක
ඇල්ලීමට සිතෙයිද ? පයින් ජියර් මාරු කිරීමට සිතේද? වෙනත් වෙනස් වර්ගයේ
වාහනපදවා ගැනීමට එකම සම්මතයක් පිහිටිවිය යුතුද? පැටලෙනවා කියා.


Sapumal Jayaratne

unread,
Mar 27, 2009, 1:16:59 AM3/27/09
to Sinhala...@googlegroups.com


2009/3/27 දසුන් සමීර <d_d...@yahoo.com>
When I start using the Wijesekara keyboard, I also felt the same difficulity with fullstop and comma. But if you are keep on going for about week and type little bit more Sinhala you will not feel that anymore.
 
Sapumal.

සුපුන් පෙරේරා

unread,
Mar 27, 2009, 4:32:13 AM3/27/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංග්ලිෂ් වල දී නම්
k - ක්
K - ඛ්
ka - ක
Ka - ඛ
kaa - කා
Kaa - ඛා

ශිෆ්ට් යතුර ඉංග්‍රීසියේදී කැපිටල්/සිම්පල් මාරු කරනවා වගේ, සිංහලයේදී
මහප්‍රාණ/අල්පප්‍රාණ මාරු කිරීමට යොදා ගැනීම තර්කානුකූල බව මගේ හැඟීමයි.
මෙතනදී කාර්‍ය්ක්ෂමතාවයටත් වඩා ඒ බව වැදගත් වනු ඇති බව මට සිතෙනවා. මන්ද
යත්, තර්කානුකූල දෙයක් මතක තබා නොගෙනම උවත්, පුරුද්දට [හෝ ඉවට] මෙන්
කිරීමේ යම් හැකියාවක් තිබෙනවා. මා මෙසේ කීවේ මිනිස් ස්වභාවය අඳුනා
ගැනීමත් මෙහිදී වැදගත් වන නිසාය.

Udendra

unread,
Mar 29, 2009, 11:43:53 PM3/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
yes, I think that's the more logical answer we could settle for (at
least).
කොහොමත් පුරුදු වුණාම නම් ඉතින් කොයිකත් භාවිතය අපහසු නැහැ. අපි හුඟ
දෙනෙක් දැනුත් වැඩ කරන්නේ එහෙමනේ...

සුපුන් පෙරේරා

unread,
Mar 30, 2009, 4:50:15 AM3/30/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඔව් ඒක හරි. මම හිතන්නේ අන්න ඒ පුරුදු වෙන්න යන කාලය [learning curve]
අවම කල හැකි ක්‍රමයක් තමයි වඩා සාර්ථක වෙන්නේ කියලා. මොකද අපේ අයට
ඉවසීම අඩුයිනෙ :) ඒ අනුව බැලුවාම, සිංග්ලිෂ් වගේ ක්‍රමයක් වඩා යෝග්‍ය
වෙයි කියන එක තමයි මගේ විශ්වාසය

Vishva Kumara

unread,
Apr 6, 2009, 2:45:31 AM4/6/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
නැත. මෙම යතුරු පුවරුව කොරියන් හෝ චීන නොවේ. මෙහි ඇත්තේ ජපන් අකුරු
පමනයි. ඒත් ෆොනොටික් ක්‍රමයට..

On Mar 26, 10:18 am, Sapumal Jayaratne <sapumal.jayara...@gmail.com>
wrote:
> 2009/3/24 Prabath Ranasinghe prabat...@gmail.com


> ඔබ කියයන්නේ QWERTY යතුරු පුවරුව සම්පූර්ණයෙනම අයින් කරනවා කියලද?එතකොට
> ඉංග්‍රීසි යෙන් වැඩ කරන්නේ කොහොම්ද?
>
>  This keyboard has four languages I guess(see attached photo); Korean,
> Japanese, Chinese, and English.
>
> Regards,
> Sapumal.
>

>  keyboard.jpg
> 52KViewDownload

Vishva Kumara

unread,
Apr 6, 2009, 2:51:56 AM4/6/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඇත්තෙන්ම කැපිටල් අකුරු සුදුසු ප්‍රාන අක්ශර සඳහායි.
da - ද
DA - ඩ

ta- ත
TA - ට

තවද සංඥක අකුරු සඳහා
nga - න්ග
NGA - ඟ

mba - ම්බ
MBA - ඹ

gna - ඤ
GNA - ඥ

මහප්‍රාන සඳහා h අකුර සුදුසුයි!
kha - ඛ
bha - භ
tha - ථ

> > වැඩි විස්තර -http://www.sayura.net/im/#keys- Hide quoted text -
>
> - Show quoted text -

සුපුන් පෙරේරා

unread,
Apr 6, 2009, 4:29:16 AM4/6/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
විශ්ව ඉදිරිපත් කරන අදහස හොඳයි! ඒ ක්‍රමයේ ඉතා හොඳ තර්කානුකූල බවක් මම
දකිනවා.
අපට පුලුවන්නම් සෑම සිංහල අක්ෂරයක්ම, මේ ක්‍රමයට ලියලා බලන්න, මේ ක්‍රමයේ
සාර්ථක බව මැනගන්න හැකි වේවි.

> > > වැඩි විස්තර -http://www.sayura.net/im/#keys-Hide quoted text -

Sapumal Jayaratne

unread,
Apr 6, 2009, 5:25:43 AM4/6/09
to Sinhala...@googlegroups.com


2009/4/6 Vishva Kumara <vishva...@gmail.com>

නැත. මෙම යතුරු පුවරුව කොරියන් හෝ චීන නොවේ. මෙහි ඇත්තේ ජපන් අකුරු
පමනයි. ඒත් ෆොනොටික් ක්‍රමයට..
 
Is it so. I have seen this sort of keyboard in real in a Korean company and I assumed it has more than one language because I have seen other Korean keaboards with only one letter written on each key. But this has 4 letters in each key.
 
Sapumal.
Reply all
Reply to author
Forward
0 new messages