උසස් පෙළ ICT සිංහල මාධ්‍යයෙන්

1,629 views
Skip to first unread message

නිරංජන්෴

unread,
Apr 27, 2012, 10:54:20 AM4/27/12
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා මම උසස් පෙළ ළමුන් කීප දෙනකුට
ICT විශය ඉගැන්වීම කරනවා. අළුතින්ම උසස් පෙළට ප්‍රධාන විශයක් ලෙස හඳුන්වා
දුන් තොරතුරු තාක්‍ෂණ විශය නිර්දේශය, ඉතා නවීන වන අතර එය ලන්ඩන් උසස්
පෙළට වඩා ගැඹුරුයි. පයිතන්, ජාවා ස්ක්‍රිප්ට්, දත්ත සන්නිවේදනය හා
ජාලකරණය, දත්ත ගබඩා හා මෙහෙයුම් පද්ධති ද, පද්ධති විශ්ලේශණය, ව්‍යාපාර
කටයුතුවල ICT භාවිතා මෙන්ම Agent Systems, Web 2.0, xHTML, Ajax, Cloud
Computing, Mobile Communications ආදිය පවා ඊට අඩංගුයි.

මේ දක්වා මම ඉංග්‍රීසි නිබන්ධන භාවිතා කර සිංහලෙන් ඉගැන්වුවද, කලා විෂයන්
කරන ළමුන් රැසක්ම සිංහල මාධ්‍යෙයෙන් ICT ඉගනීමට කැමැත්තෙන් සිටිනවා. යම්
ආකාරයක පාරිභාශික වචන මාලාවක් භාෂා දෙපාර්ථමේන්තුව විසින් නිකුත් කර
තිබෙනවා.

බලන්න
http://advanced-level-ict.blogspot.com/2011/10/ict-sinhala-ict-glossary.html


නමුත් උසස් පෙළ ICT මට්ටමට සිංහලෙන් පොත පත නැහැ. තිබෙන ගුරුඅත්පොතද
සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය කරන්නේ නැහැ. මේ නිසා ග්‍රාමීය සිසුන්ගේ
උසස් පෙළ ICT සඳහා ඉහල තත්වයේ සිංහල පාඩම් අවශ්‍යතාවය සපුරා ලීමට ඉ
ඉගැනුම (e Learning) සඳහා ශිල්ප සයුර සිංහලICT නමින් කුඩා ව්‍යාපෘතියක්
සැලසුම් කරනවා. ඊට සහය ලබා දිය හැකිද?

දැනට ICT උපාධියක් හදාරා ඇති අය 20ක් පමණ ලිවීමට, සංස්කරණයට හා තත්ව
පාලනයට අපට අවශ්‍යයි. ස්වේච්චා මට්ටමේ වැඩක් උවද ඔබගේ සේවයට ගෙවීමක්ද
කරනවා. මාස හයක පමණ part time කණ්ඩායමක් ලෙස වැඩ කර මේ කාර්යය නිම කිරීම
අපගේ අදහසයි.

සෙත් වේවා

නිරංජන් මීගම්මන
http://www.shilpasayura.org

Milinda Arambawela

unread,
Apr 27, 2012, 12:39:17 PM4/27/12
to sinhala...@googlegroups.com
2012/4/27 නිරංජන්෴ <uni...@info.lk>:
> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

මමත් ICT A/L කරන කෙනෙක් 2012 A/L කණ්ඩායමේ.
මම ගාව අයියා කෙනෙක් දීපු Competency වගයක් තියෙනවා (12 ක් විතර). එයාට
ඒවා හම්බවෙලා තියෙන්නේ NIE එකෙන් වෙන්න ඕනා. ඒවයේ සමහර ඒවා ඉංග්‍රිසියෙන්
තියෙන්නේ සමහර ඒවා ඉංග්‍රිසියෙන් සහ සිංහලෙන් 2න්ම තියෙනවා.
.doc/.docx /.ppt /.pptx ඒවා තමයි තියෙන්නේ. 200MB විතර ප්‍රමානයක් තියෙන
නිසා අප්ලෝඩ් කරන්නත් අමාරුයි. ලිපිනයක් දුන්නහොත් තැපැල් කරන්නට හෝ
වෙනත් මාර්ගයක් තියෙනවා නම් කියන්න. මම CD එකක එවන්නම්.

Chinthaka Senanayaka

unread,
Apr 28, 2012, 12:44:06 AM4/28/12
to sinhala...@googlegroups.com
ශිල්පසයුර කියන්නේ ICTA or government aithi project ekak da? government aithi project ekakata nam apith kemathi help ekak denna
--
It's all about attitude and moral, trust yourself and always be confident !!!
 
W. Chinthaka Senanayaka,
Mobile: +94 71 844 39 72
Facebook, Twitter
B.Sc. in MIT, UOK, SL (ug)

ඉංදික Jayasinghe

unread,
Apr 28, 2012, 3:41:31 AM4/28/12
to sinhala...@googlegroups.com
මම ICT AL උගන්වනු ලබනුයේ කෑගලු විද්‍යාලයේ ය. මේ වන විට මා M.Sc. in Computer Science උපාධිය ලබා ගෙන සිසුන්ගේ ICT දැනුම ප්‍රවර්ධනය කිරීමේ කාර්යේ නියෙලෙනවා දිගටම . . . ළමුන් වෙනුවෙන් ඕනෑම උදව්වක් කිරීමට කැමතියි හැකි අයුරින්.
අපි ඊයේ NIE හි උසස් පෙළ ගුරුවරුන් සඳහා වන වැඩමුළුවකට සහභාගි වූවා. .  එය ඉතා සාර්ථයි. 
නමුත් තවම ICT ඉගැන්විය හැකි ගුරුවරුන්ගේ හිදැස පවතිනවා. ඔවුන් මේ සඳහා හොඳින් පුහුණු කිරීම පළමුව කළ යුතු බවයි මාගේ හැඟීම. 
මෙවර දේශන පැවැත්වූයේ කැළණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධිය ලත් ප්‍රවිණ දේශකවරුන් විසින් වීම සතුටට කරුණක්.
ඔවුන් අප වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ අතර ඒ සම්බන්ධව ඉදිරියේ දීත් කැපවීමට සුදානම් බව ප්‍රකාශ කළා. මෙහි දෙවන අදියර මැයි 22-25 NIE හිදි පැවැත්වේ.දේශන සිංහලෙන් සිදු කිරීම අගනේය.
IFS ආයතනය මූල්‍ය අනුග්‍රහය දැක්වීම නිසා මෙවර ඉතා සාර්ථකව මෙය නිම කළා. NIE මුදල් ප්‍රතිපාදන නොමැති නිසා ICT දියුණු කරන්න ක්‍රමයක් නැහැ වගේ
අප විසින් එම අභියෝගය ජයගෙන අපි ළමුන් වෙනුවෙන් මේ දේ හරියට කඩිනමින් කළ යුතුව ඇති බව නිදහස් අධ්‍යාපනය ලත් සෑම කෙනෙක් ම තේරුම් ගත යුතු වුනනෙමු! 
මා මේ වන විට පරිහරණය කරනු ලබන සියලු දේ ඔබ සෑම දෙනෙක් වෙතම හුවමාරු කරන්න සුදානම්. ඒ අතර NIE විශ්ව විද්‍යාලයේ සටහන් සහ මා විසින් ඉගැන්වීමට සකස් කළ  දේ පවතී. ඉදිරියේ දී ඒවා හුවමාරු කිරීමට ක්‍රමයක් දන්වන්න. අන් අයගේ ඒවාත් හුවමාරු කර ගනිමු! 

ඔබගේ කැප කිරීම් අගයමු!!

ඔබ සැමට ජය වේවා!!!

ඉංදික Jayasinghe
mob:  0714 165 800

Kasun Alwis

unread,
Apr 29, 2012, 9:56:19 AM4/29/12
to sinhala...@googlegroups.com
mama nam oya kiana tharan sankirnathwayak oya sylabus eke dakinne na, methana wadihariyak sylubs eka amaru wela tienne uganwana guruwarunge tiena eganweeme adakshathawa saha ee karunu pilibadawa tiena anawabodaya, mokada eka mama ath widala tienawa hodatama Computr kiana subject eka hari lesi english danne nati lamayekta unath english walin igena ganna e laminge oluwata pc eke basic concept hariyata pahadala dunnama eth ada ape guruwaru karanne computr programming hardwear kiana eka ugannanawa computr kianne monawage sakasmakda kiala awaboda karaweemakin thorawa itin laminge mole nodanuwathwama meka amarui english natiwa igena ganna ba kiana matheta hada gahenawa, man nam kianne mekata jathika mattame puhunuwak guruwarunta diya yuthui itath ada apita inne namata computr techerla egollonta upadi tienawa certificate lot ganan tienawa eth computing kiana concept eka danne na itin e wage ayata ugannanda bari wena eka ahanna eak nane.

Udendra

unread,
Apr 30, 2012, 12:53:10 AM4/30/12
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
නිරන්ජන්,

තත්ත්ව රක්ෂණය, සංස්කරණය ආදී කාර්යයන්ට දායකත්වය ලබා දිය හැකිය. නමුත්,
සිදු කළ යුතු වැඩ කටයුතු ප්‍රමාණය හා කාල රාමුව ආදිය සලකා බැලිය යුතු
නිසා, කරුණාකර ඒ පිළිබඳව දන්වන්න.

ජය!


On Apr 27, 7:54 pm, නිරංජන්෴ <unic...@info.lk> wrote:
> පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා මම උසස් පෙළ ළමුන් කීප දෙනකුට
> ICT විශය ඉගැන්වීම කරනවා. අළුතින්ම උසස් පෙළට ප්‍රධාන විශයක් ලෙස හඳුන්වා
> දුන් තොරතුරු තාක්‍ෂණ විශය නිර්දේශය, ඉතා නවීන වන අතර එය ලන්ඩන් උසස්
> පෙළට වඩා ගැඹුරුයි. පයිතන්, ජාවා ස්ක්‍රිප්ට්, දත්ත සන්නිවේදනය හා
> ජාලකරණය, දත්ත ගබඩා හා මෙහෙයුම් පද්ධති ද, පද්ධති විශ්ලේශණය, ව්‍යාපාර
> කටයුතුවල ICT භාවිතා මෙන්ම Agent Systems, Web 2.0, xHTML, Ajax, Cloud
> Computing, Mobile Communications  ආදිය පවා ඊට අඩංගුයි.
>
> මේ දක්වා මම ඉංග්‍රීසි නිබන්ධන භාවිතා කර සිංහලෙන් ඉගැන්වුවද, කලා විෂයන්
> කරන ළමුන් රැසක්ම සිංහල මාධ්‍යෙයෙන්  ICT ඉගනීමට කැමැත්තෙන් සිටිනවා. යම්
> ආකාරයක පාරිභාශික වචන මාලාවක් භාෂා දෙපාර්ථමේන්තුව විසින් නිකුත් කර
> තිබෙනවා.
>

> බලන්නhttp://advanced-level-ict.blogspot.com/2011/10/ict-sinhala-ict-glossa...

Buddhika Chandradeepa Kurera

unread,
Apr 30, 2012, 1:12:01 AM4/30/12
to sinhala...@googlegroups.com
2012/4/27 නිරංජන්෴ <uni...@info.lk>:

මුලදීම සිංහලෙන් ඉගැන්වීමට වඩා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදු කලා නම්
එය ඉතා වැදගත්වෙනවා.
දැනට ලංකාව තුල කිසිම තොරතුරු තාක්ෂණ උපාධියක් සිංහලෙන් ඉගැන්වීම සිදු
කරන්නේ නෑ. එවන් තත්වයක් උඩ
සිංහලෙන් අයි.ටී. ඉගැන්වීම එතරම් හොද දෙයක් ලෙස මා දකින්නේ නැහැ. නමුත්
උසස් පෙල සිසුන් හට
එකවිට මාධ්‍යයය මාරු වීම ගැටලුවක් වන නිසා අඩුතරමින් පාරිභාෂික වදන් ටික
පවා ඉංග්‍රීසියෙන් ඉගැන්විම
වටිනා බව මාගේ පුද්ගලික මතයයි.

කෙසේ වෙතත් සිසුන් වෙනුවෙන් කරන කාර්යයක් හට සහාය දිය හැකියි, මුදලක්
අවශ්‍යයය වන්නේ නෑ. හැකි පමණින්
සහයොගය ලබා දෙන්නම්, දන්වන්න.

--
Regards,

Buddhika Chandradeepa Kurera
Editor in Chief - FOSS User Magazine(ISSN 2012-7650)

Chanaka Madushan

unread,
Apr 30, 2012, 2:01:48 AM4/30/12
to sinhala...@googlegroups.com
මම මේ අවුරුද්දෙ(2012) උසස් පෙළ ICT කරන කෙනෙක්. පුළුවන් දෙයක් තියනවනම් කරන්නම්. මගෙත් අදහසනම් සිංහල වචන මාලාවත් එක්කම ඉංග්‍රීසියෙනුත් උගන්වනවනම් හොඳයි. තනිකරම සිංහලෙන් කරන්න ගියාම ඉංග්‍රීසියෙන් තියන ටියුටෝරියල් එකක් වගේ කියවල තේරුම් ගන්න අමාරුයි.

බුද්ධික අයියගෙ යෝජනාව ගොඩක් හොඳයි කියල හිතෙනව.

--
චානක මධුෂාන් | Chanaka Madushan
Love for FOSS and feel the freedom that never ends
http://blog.chanakalin.com
http://facebook.com/chanaaklin
http://twitter.com/chanakalin


Saman Bandara herath

unread,
Apr 30, 2012, 3:51:23 AM4/30/12
to sinhala...@googlegroups.com
විස්තර දන්වන්න. මමත් පුළුවන් විදියට සම්බන්ධවන්නම්.

සමන් හේරත්
ගෝණිගොඩ ශ්‍රී පියරතන මමවි
මහනුවර

2012/4/30 Chanaka Madushan <chana...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.



--

H.M.D.S.B.Herath
සමන් බණ්ඩාර හේරත්
ICT Teacher - ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

Email :- hmdsb....@gmail.com
Blog :- samanbandaraherath.blogspot.com
web :- spmmv.sch.lk

Thushara Wijekoon

unread,
Apr 30, 2012, 3:59:26 AM4/30/12
to sinhala...@googlegroups.com
පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්නම්.විස්තර දන්වන්න.

තුෂාර චමින්ද.
මොරටුව.


2012/4/30 Saman Bandara herath <hmdsb....@gmail.com>

නිෂාන් සුගතදාස

unread,
Apr 30, 2012, 11:47:08 PM4/30/12
to sinhala...@googlegroups.com
දයාබර නිරන්ජන.

මම ඉතා කමතියි සිංහලෙන්, තොරතුරු සන්නිවේදන තාක්ෂණය (තො.ස.තා) ඉගැන්වීම ගැන. ඒක ලංකා වැසියන්ට කරන ලොකු සේවයක්. මම පවුත්ගලික අත්දැකීමෙන් කියන්නෙ මොකද මම මගෙ ඉනග්‍රීස නොදන්න අම්මාට සිංහල පරිගනිකයක් පාවිච්චි කරන්න උගැන්නුව ( සිංහල උබුන්ටු වල ). දැන් මට කරදර කරනව එක එක එව අහල. අම්ම ඉතින් යූටියුබ් එක තමයි වැඩිය පාවිච්චි කරන්නෙ.

ඉල්ලුම අඩු නිසා යෙදුම් අඩුයි. ඉල්ලුම් වැඩි කරොත් සමාගම් සිංහල වෙබ් අඩවි සහ සිංහල යෙදුම දිගට හරහට හදාවි.

මම දැන්ට රැකියාව කරන්නේ තායිලන්තයෙය. මෙරටේ සියලු දෙයම කරන්නෙ මෙයාලගෙම තායි භාශාවෙන්. ආයතන එයාලගෙ වෙබ් අඩවි තායි භාශාවෙන් නඩත්තු කරන්නෙ.  පරිගනික දැනුම දුශ්කර පලාත්වලත් ලංකාවට වඩා ඉහලයි, මේ හේතුව උඩ. ඉනග්‍රීසි වචනයක් දන්නෙ නැති අය අනතරජාලය භාවිතා කරනව එදිනදා කටයුත වලට.

නිරංජන. මම පුලුවන් විදියට ඔබ පටන්ගත් ව්‍යාපෘතියට උදවු කරනවා.

කරුනාකර තවත් කෙරෙන්න ඕන දේවල් ගැන විස්තර එවන්න.

මීට නිෂාන්.


2012/4/27 නිරංජන්෴ <uni...@info.lk>
පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා මම උසස් පෙළ ළමුන් කීප දෙනකුට

Kasun Alwis

unread,
May 1, 2012, 7:02:59 AM5/1/12
to sinhala...@googlegroups.com
ඔයගොල්ලො උපාදි කාරයොද ඕක කරන්න සම්බන්ද කරගන්නෙ එහෙනම් ඕකත් තවත් එක පුස්සක් විතරයි ගොබ්බ පොත් ගුල්ලො හදන. තවත් එක මැජික් පොතක් හික් හික්. මේ රටේ උපාදි කාරයිනව ඔඩොක්කුවේ තියාගෙන කම්පියුටර් තියරි ප්‍රක්ටිකල් දෙන්න පුළුවන් අත්දැකීම් බහුල කොල්ලො ඉන්නව උපාදි හාල්පාරුවන්ට නැති දැනුමක් ඇත්දැකීම් තියෙන අන්න එවගේ සෙට් එකක් හොයාගන්න ඕක කරන්න නැත්තන් ඔකත් තවත් එක පුස්සක් වේවි කිසිම කෙනෙක්ට වැඩක් නැති, එවගේම කිසිම තාක්‍ෂනික වචනයක් සිංහලට හරවල උගන්නන්නෙපා අපෙ ළමයි අතරමන් වේවි ඉස්සරහට යන්න බැරිව එතනින් එහා.

Dasun Sameera

unread,
May 1, 2012, 7:34:54 AM5/1/12
to sinhala...@googlegroups.com
@Kasun

මම සාමන්‍ය ක්‍රමයට කැම්පස් ගිහින් උපාදි හදාරුපු කෙනෙක් නෙමෙයි. නමුත් ඔබ කතා කරන ස්වරයේ තියෙන්නේ උපාදියක් ඇති අයකේරේ ද්වේශ සොභාවයක් වගේ. කෙනෙක්ගේ දක්ෂතාවය උපාදියකින් පමණක් බලන්න බෑ වගේම. උපාදියක් තිබ්බ පමණින් කෙනෙක් මෝඩයෙක් කියලකියනවනම් ඒ තරම් මොඩකමක් තවත් නෑ. 

@නිරංජන් 

ඔබට මම අමතන්නම් :)

NiMa Pathiranage

unread,
May 2, 2012, 1:35:29 AM5/2/12
to sinhala...@googlegroups.com
තාක්ෂණික වචන සිංහලට හරවල ඉගැන්වීමට නම් මමත් විරුද්ධයි. අපි ජාත්‍යන්තරයට යනව නම් ජාත්‍යන්තර භාෂාවක් ප්‍රවීනත්වය තියෙන්න ඕනේ. සිංහල වචන දැනන් ඉන්න එක හොඳයි නමුත් මූලිකවම ඉංග්‍රීසි භාවිතයෙන් ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම නැත්තම් මේක පුස්සක් වේවි. මොකද සිංහලේන තොරතුරුතාක්ෂණ රැකියා දෙන්නේ කවුද

2012/5/1 Dasun Sameera <s.da...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.



--
http://www.nikansalli.co.cc

Nilantha M Pathiranage
39D, Mahavidyala Mawatha
Doragamuwa Road
Polgolla
20250
Sri Lanka

Mobile : 0094 - 71 - 4426054

nilanthap...@gmail.com
nilanth...@yahoo.com

Dasun Sameera

unread,
May 2, 2012, 2:40:44 AM5/2/12
to sinhala...@googlegroups.com
@NiMa Pathiranage 

ඔබගේ තර්කය හරි, නමුත් අපි උසස් පෙල ජීව විද්‍යාව සිංහලෙන් හැදෑරුවාට වෛද්‍ය උපාදිය සිංහලෙන් හදාරනවද? ඇයි උසස් පෙලජීව විද්‍යාව සඳහා සිහංල වචන භාවිතය වැරිදියි කියලා කියන්නෙ නැත්තේ? ඒ වගේ තමයි, උස්ස පෙල සිංහලෙන් හැදරා පසුව ඉංග්‍රිසි මාධ්‍යෙයන් උසස් අධ්‍යාපන හැදෑරිය හැකියි. නමුත් කෙනෙක් ඉංග්‍රිසි මාධයෙන් හදාරනවනම් එය වඩාත් යෝග්‍ය බව මාත් පිලිගන්නව. මම දන්නා විදියට උසස් පෙල තාක්ෂණ විශයට සිසුවාට අවශ්‍යනම් ඉංග්‍රිසි වචන භාවිත කළ හැකියි. ඒ නිසා එය ගැටලුවක් වෙන එකක් නැහැ.



2012/5/2 NiMa Pathiranage <nilanthap...@gmail.com>

Sapumal Jayaratne

unread,
May 2, 2012, 8:30:51 AM5/2/12
to sinhala...@googlegroups.com
හිතවත් මිතුරනි,

සිංහලෙන් පරිඝණක ශිල්පය ඉගැන්වීම ඉතා සංකීර්ණ ව්‍යායාමයක්. මේ සඳහා නොයෙකුත් පුද්ගලයන් හා ආයතන නොයෙකුත් ආකාරයේ ප්‍රවේශයන් අරගෙන තිබෙනවා. නමුත් විසඳී නොමැති ගැටලු රාශියක් තවමත් පවතිනවා. බොහොමයක් සංකීර්ණතා වලට හේතුව වන්නේ මෙම ගැටලුව විසඳන ආකාරයේ නොවෙයි මෙම ගැටලුව තේරුම් ගන්නා ආකාරයේ කියලයි මට හිතෙන්නේ.

සිංහල පරිගණක පරිශීලකයාට තමාට ඇවැසි කාර්යයක් පරිගණකය ලවා 100%ක් සිංහල භාශාව යොදාගනිම්න් කිරීමට හැකියාව තිබිය යුතුයි. උදාහරණයක් ලෙස ලේඛණ (වර්ඩ් ප්‍රොසෙසින්, ස්ප්‍රෙඩ්ෂීට්, ප්‍රසන්ටේෂන් වැනි) සකස් කරගැනීම, විද්‍යුත් ලිපි භාවිතය, සිංහල වෙබ් අඩවියක් පරිශීලණය කිරීම වැනිදෑ දැක්විය හැකිය. නමුත් කේතනය වැනි විශයන් 100%ක් සිංහල වදන් යොදා උගන්වන්නට උත්සාහ කිරීම නිරර්ථකයි.

පලමුව දැක්වූ භාවිතය සඳහා ඇවැසි සිංහල වදන් නිර්‍මාණය කලයුතු වුවත් දෙවැනි භාවිතය සඳහා වදන් නිර්මාණය කිරීමට යෑම අනවශ්‍යයයි. ඉංග්‍රීසියෙන් ඉගැන්වීමේදී ගැටලුව වන්නේ ඉංග්‍රීසි තාක්ෂණික වදන් සඳහා සිංහල වදන් නොමැති වීම නොව ඉංග්‍රීසියෙන් කරනා පැහැදිලිකිරීම් (පොතපතේ හෝ පන්තිකාමරය තුල) ඉංග්‍රීසි කතා නොකරන සිසුනට නොතේරීමයි. එනිසා, නිවැරදි ඉංග්‍රීසි තාක්ෂණික වදන් යොදාගනිමින් සිංහල පැහැදිලිකිරීම් තුලින් මෙම ශිල්පය ඉගැන්වීම වඩාත් ඵලදායක වේ.

භාෂා දෙපාර්තුමේන්තුවේ අයගේ උත්සාහය අනර්ඝයි. නමුත් "collection - එකතු කිරීම : එක්රැස් කිරීම" වැනි වැරදි ගනනාවක් එහි තිබෙනවා. කේතනයේදී  collection  යන්න යෙදෙන්නේ නාමපදයක් විදියට "එකතුව" යන අර්ථයෙන්. මීට අවුරුදු කිහිපයකට පෙර සමහර අය ඉදිරිපත් කරපු පාරිභාශික ශබ්ධ මාලා වලට වඩා මෙය බොහෝම උසස් තත්වයේ තිබෙනවා.

නිරංජන්, මට පිටපත් කීපයක් එව්වොත් සෝදුපත් බලා දෙන්න පුලුවන්. 

සැරදේවා,
සපුමල්.

2012/5/2 Dasun Sameera <s.da...@gmail.com>

Chanaka Madushan

unread,
May 2, 2012, 10:13:13 PM5/2/12
to sinhala...@googlegroups.com


@Sapumal Jayaratne
අදහසට සම්පූර්ණයෙන්ම මමනම් එකඟයි. සිංහලෙන් පරිගනකයක් පාවිච්චි කරන්න හැකියාව තියෙන්න ඕනෙ. ඒත් විෂයක් විදියට තොරතුරු තාක්ෂණය සිංහලෙන් විතරක් උගන්වන්න යන එක ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. ක්‍රමලේඛන කිරීම, වෙබ් පිටු නිරමාණය, දත්ත සමුදා වගේ එක්ක කටයුතු කරද්දි කොහොමත් වැඩ කරන්න වෙන්නෙ ඉංග්‍රීසියෙන්. ඒක නිසා සිංහලෙන් උගන්වද්දි ඒත් එක්කම ඉංග්‍රීසි වචනත් පාවිච්චි කරල පැහැදිලි කීරීම් කරානම් ඒක හොඳයි. නැත්නම් ටියුටෝරියල් එකක් වගේ කියවල තනියම දෙයක් ඉගෙනගන්න ගියාම පස්සෙ කාලෙකදි ඒක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියනව.

රුගා

unread,
May 3, 2012, 12:05:51 PM5/3/12
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
චීන්නු ඉංග්‍රීසි වෙදකම චීන බසින් ඉගෙන ගන්නවා. ඒ අතර උදේ පාන්දර
පිට්ටනියට ගිහින්
ඉංග්‍රීසි වචන මහ හයියෙන් කිය-කිය ඒවත් කටපාඩම් කර ගන්නවා. කව්රුත් ඒ
වැඩේට
හිනා වෙන්නෙ නැහැ.

මව්බසින් ඉගෙන ගන්න එක මොළේට විතරක් නෙවෙයි, හදවතටත් වදිනවා.
සිංහල වැඩේ දිගටම කර ගෙන යන්න. ඒ ගමන් ඉංග්‍රීසි වචනත් උගන්නන්න.
ආකල්ප වෙනසකුත් වෙනව නම්, අපේ ළමයිත් සිංහල-ඉංග්‍රීසි දෙකෙන් ම වැඩ
කරාවි.

නිරන්ජන් මාතෘකාවක් දුන්න එක හොඳයි. නැති නම් සමූහය තිබ්බෙ ඇති-නැති
ගානට.
ඒකට හේතුව බොහෝ සියු ප්‍රශ්න විසඳිලා තිබීම වෙන්න ඇති. නමුත් සියු
ව්‍යාපෘතිත් නැවතිලා ද?
තව බොහොම යෙදවුම් නිර්මාණය කිරීම අවශ්‍ය යි නේ ද?
අලුතින් සරසවිවලින් පිටවෙන-සියු වැඩට කැමති ළමයි මේ සමූහයට එකතු වෙන්නෙ
නැති ද?
ක්‍රියාකාරීව හිටපු අය දැන් ලංකාවෙ නැති ද?

-රුගා-

Nayana Adassuriya

unread,
May 3, 2012, 9:00:11 PM5/3/12
to sinhala...@googlegroups.com
මම  චීන්නුත් එක්ක වැඩකරන කෙනෙක් උන් කරන ජාතිනම් කරන්න යන්න එපා. බහුතරයක්  චීන්නු හරිම අස්වාභාවිකයි (Abnormal). කලාතුරකින් තමයි හොද කෙනෙක් ඉන්නෙ.

නිෂාන් සුගතදාස

unread,
May 4, 2012, 2:31:07 AM5/4/12
to sinhala...@googlegroups.com
නයාන,
 
රුගා කියුවෙ චීන්නු කරන හැමදේම කරන්න කියල නෙමෙයිනෙ. එයා කියුවෙ චීන්නු ලැබජ්ජ නැතිව එයාලගෙ මවු බස කතාකරනව ලියනව කියනව එ සවගව ඉන්ග්‍රීසිත් ඉගෙන ගන්නව කියන එකනෙ.

චීන්නු අස්වාභාවික ඇති අපට. ඒසමගම අපව ඔවුන්ට අස්වාභාවික විදියට පෙනෙවෙ ඇති. මේක සාපේකශාවාදය.

මම ජපන්නුන් හැසිරෙන හැටි දැකල තියනව. එයාලත් හරිම අස්වාභාවික විදියට මට පෙනෙන්නෙ.

මට සමාවෙන්න මාතෘකාවෙන් පිට ගියාට.

මම හිතනව මෙතන භාශා ගැන හොඳ සාකච්ඡාවක් යනව කියල.



2012/5/4 Nayana Adassuriya <naya...@gmail.com>
මම  චීන්නුත් එක්ක වැඩකරන කෙනෙක් උන් කරන ජාතිනම් කරන්න යන්න එපා. බහුතරයක්  චීන්නු හරිම අස්වාභාවිකයි (Abnormal). කලාතුරකින් තමයි හොද කෙනෙක් ඉන්නෙ.

Kasun Alwis

unread,
May 6, 2012, 6:05:50 AM5/6/12
to sinhala...@googlegroups.com
ow oya godak durata hari mata upadi tiena aya gana dwashayak nam na mokada mamath NVQ 7 hadarana student kenek nisa ape wadipura upadi karainge thathwaya oki mokada mage guruwaru wadihariyak upadi miti ganan tiena practicl bari modayo handai man ehema kiwe e wagema upadi tiena aya liana poth samanya ayata kiawala terum ganna ba egollo egollange mattamin liana nisa, enisa hodama de oya wage wadak karathdi practicl knolage tiena minissunwa wadakarana field eke inna minissunwa wadipura sambanda karaganna eka poth gullo witharak natiwa.

Kasun Alwis

unread,
May 6, 2012, 6:14:31 AM5/6/12
to sinhala...@googlegroups.com
thawaduratath methana Sapumal Jayaratne kiana kathawa aththatama watina ekak apita programming wage ewa sinhalen ugannanda giyama pissu hadenawa eka kala nohaki mattame tienne e wagema tiena english wachana wala sinhala artha kunuharupa ganaye ewa ewa english walin tiena mattamin kawadawath mata nam sinhalen therune na, man dan awurudu 3k tisse programming ugannanawa lami kianne english walin kiala dila sinhalen bara wachana natiwa pahadili karanna kiala man hithanne anna eka thmi wenna ona eka karanna pothe danuma witharak madi apita ekama karuna gana eka eka widiyata udaharana denna puluwan set ekak ona wenawa me wade karathdi anna eki upadi karin witharak gawa ganna epa kianne hoda practicl knolage ekak wishala parasayaka awabodayak tiena ayawa okata lan karaganna. wade sarthaka wewi.

naitaupul

unread,
Apr 8, 2014, 1:03:02 PM4/8/14
to sinhala...@googlegroups.com

naitaupul

unread,
Apr 8, 2014, 1:03:36 PM4/8/14
to sinhala...@googlegroups.com
I also need

naitaupul

unread,
Apr 8, 2014, 1:05:23 PM4/8/14
to sinhala...@googlegroups.com
ඒක හොද අදහසක්
Reply all
Reply to author
Forward
0 new messages