අහෝ!!!! සිංහල යුනිකෝඩ් ගැන දුරකථන සංවාදයක්

23 views
Skip to first unread message

Anandawardhana

unread,
Aug 11, 2007, 1:42:03 AM8/11/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ ( http://www.ceit.pdn.ac.lk/
) දුරකථන අංක 81 2384848 ට මම ඇමතුවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ්
අඩෙවිය නිමැවීමටත් මේ අය සම්බන්ධ වුණා ලු.

මම - හලෝ මම මේ **** කතා කරන්නෙ පොඩි තොරතුරක් දැනගන්න. මේ කවුද කතා
කරන්නෙ කියල මට දැනගන්න පුළුවන්ද?

ඔහු - මම **** මොකක්ද කාරණය?

මම - අපි මේ සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෘති කීපයක අන්තර්ජාල සංස්කරණ
සූදානම් කරගෙන යනවා. ඒ සම්බන්ධ වෙබ් අඩෙවියකුත් ළඟදි නිකුත් වෙනවා. මම මේ
අපේ වැඩේට අවශ්‍ය තාක්ෂණික පසුබිම ගැන පොඩි තොරතුරු ටිකක් ලබාගන්න කතා
කළේ. මොකද අපට දැනගන්න අවශ්‍යයි අපි පළ කරන්න යන දේවල් කියවන්න පහසුකම්
තියෙන විශ්ව විද්‍යාල ආයතන ගැන.

ඔහු - හරි

මම - මට දැනගන්න පුළුවන් ද ඔබතුමාගෙ අයි ටී සෙන්ටර් එකේ පරිගණකවලින්
අන්තර්ජාලයේ සිංහල කියවන්න පුළුවන් ද කියල? මම අහන්නෙ සිංහල යුනිකෝඩ්
කන්ටෙන්ට් (content) ගැන.

ඔහු - එහෙම දෙයක් ගැන නම් මම කියන්න දන්නෙ නෑ. අපේ නම් එහෙම විශේෂ
පහසුකම් නෑ.

මම - එහෙම නම් අපි යෝජනා කළොත් ඔතන තියෙන කට්පියුටර්වල සිංහල යුනිකෝඩ්
enable කරන්න පුළුවන් නේ ද? මොකද මේ පොත්පත් කියවන්න අවශ්‍ය ගොඩක් දෙනා
විශ්ව විද්‍යාලෙ ඉන්නවනෙ. අනික සිංහල මාධ්‍යයෙන් දැන් ලොකු දියුණුවක්
වෙගනනෙ යන්නෙ. ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි...

ඔහු - ඔය ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරන්න කියලද කියන්නෙ?

මම - නෑ නෑ මේක ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරනවට වඩා වැඩි යමක්. ප්ලැට්ෆෝම් හරහා
විශ්ව ව්‍යාපී විදිහය "යුනිවසලි" සිංහල පාවිච්චි කරන්න පුළුවන් සිංහල
යුනිකෝඩ් තියෙනවා නං. අද අලුත් ම OS ඔක්කොම එන්නෙ සිංහල සහිතව. එක්ස් පී
වලට විතරක් පොඩි පැක් එකක් තියෙනව ඉන්ස්ටෝල් කරන්න. එතකොට ඉස්සර වගේ
ෆොන්ට් අමුණ අමුණ ඊමේල් යවන්න අවශ්‍ය නෑ.... වෙබ් අඩවිත් එහෙමයි. ‍ෆොන්ට්
ඩවුන්ලෝඩ් කරකර ඉන්න අවශ්‍ය නෑ. ගූගල් වල සිංහලෙන් සර්ච් කරන්නත්
පුළුවන්.

ඔහු - මේ ගැන අපේ අධ්‍යක්ෂතුමා ඉන්න වෙලාවක කතා කරනවද?

මම - හොඳයි. ඒත් ජනාධිපති චක්‍රලේඛයකුත් ආවනේ මාස ගාණකට ඉස්සර රාජ්‍ය
ආයතන සඳහා සිංහල යුනිකේත පාවිච්චි කරන්න කියලා?

ඔහු - ආ ඇත්ත ද?

මම - ඔව්. ඔයාට දැන් ඉන්ටනෙට් ඇක්සස් තියෙනව නම් බලන්න fonts.lk සයිට්
එක. එතනින් චක්‍රලේඛය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ක්‍රමයට තමයි අනාගතේ
දී ඉන්ටනෙට් එකේ සිංහල පාවිච්චි වෙන්නෙ.

ඔහු - මොකද්ද ‍මොකද්ද සයිට්එ එක font ද ?

මම - නෑ නෑ fonts.lk මේකෙ තමයි අන්තර්ජාල සිංහල සඳහා අවශ්‍ය දේවල් ගන්න
තියෙන තැන. දැන් ුවුරුදු ගාණක් තියෙන සයිට් එකක් නෙ මේක.

ඔහු - හොඳයි මම ඒ සයිට් එකට ගිහින් බලන්නං. ඔයා අපේ ඩිරෙක්ට ඉන්න වෙලාවට
කතා කරන්න.

-------------------------------------------------------------------------------------------------------------------------------------

මම ඉන්නෙ ලංකාවෙද? මේ ආයතනය තමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ තියෙන ලොකු ම
පරිගණක මධ්‍යස්ථානෙ. එතන වැඩ කරන අය යුනිකෝඩ් කියන්නෙ මොකක්ද කියල දන්නෙ
නැද්ද? fonts.lk ගැන අහල නැද්ද? මේ අය දැනුවත් කරන්න තියෙන යාන්ත්‍රණය
මොකක්ද?

ආනන්දවර්ධන෴

Malinthe Samarakoon

unread,
Aug 11, 2007, 1:54:35 AM8/11/07
to Sinhala...@googlegroups.com
මේක නිකං හරියට Computer Stupidities විහිළු කතාවක් වගේ. :D පුදුමයට කාරණය මේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය වීම!

෴...Hashonline...෴

unread,
Aug 11, 2007, 2:35:25 AM8/11/07
to Sinhala...@googlegroups.com
අහෝ දුකකි............ වෙනස් කල නොහැකි අපේ රට........
 
අපිට දෙවියන්ගේම පිහිටයි....... :)

 

සුපුන් සුදාරක (www.SriBox.com)

unread,
Aug 11, 2007, 4:06:10 AM8/11/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
තවමත් යල් පැනගිය අදහස් වලින් පිරිච්ච සමාජයක් තියෙනකන් ලංකාවට තාක්ෂණික,
අන්තර්ජාතික වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි බව කිවයුතුයි. තාක්ෂණය,
අන්තර්ජාලය වැනි දෑ දිනෙන් දින අළුත් මුහුණුවරක් ගනු ලබනවා. එබ‍ැවින් එයට
සරිලන ලෙස දිනෙන් දින අපේ මානසිකත්වය, කුසලතා යවත්කාල කරගත යුතුයි. මා
කළිනුත් කිව්වා ලාංකීය ඩොමේන ලියාපදිංචි කිරීමේදීත් වෙනසක් විය යුතු බව.
මා බොහොම ආසාවෙන් සිටිනවා මේ ඩොමෙන ලියාපදිංචි කිරීමට නවතම ක්‍රමවේදයක්
හඳුන්වා දෙන තෙක් (වෙන වෙන දේවල් මෙතැනට ඇදලා ගන්නවාට සමාවෙන්න ඕනෑ.) මා
සිතන විදිහට සිංහල යුනිකේතය ඵලදායී ලෙස භාවිතා කරන පුද්ගලයින් සිටින්‍නේ
මේ සමූහය භාවිතා කරන 274 දෙනා පමණයි. මෙම ගණන සන්සන්දනාත්මකව බැලුවොත්
ඔබට පෙනේවි සිංහල යුනිකේතය භාවිතා කරන්නේ සුළු පිරිසක් බව. ඉතින් මේ
වටිනා සමස්ත ශ්‍රී ලාංකිකයින් තම තමන්ගේ කුසලතාවත් දියුණු කර ගන්නා දිනයක
එන තෙක් අර Hashonline කියුවා වගේ අපිට සියළු දෙවි දෙවතාවුන් වහන්සේලාගේම
ආරක්ෂාවයි!

යුනිකේතයට ජයවේවා!

--
සුපුන් සුදාරක
www.SriBox.com | www.FreeLankan.com | www.SNICTweb.com |

Malinthe Samarakoon

unread,
Aug 11, 2007, 6:55:44 AM8/11/07
to Sinhala...@googlegroups.com
මට නම් පෙනෙන්නේ සිංහල භාවිතයට උද්‍යෝගයක් නැති බවයි. මගේ මිතුරන්ට පවා සිංහලයෙන් ඊමේල්, වෙබ් අඩවි ගැන කියූ විට ඔවුන් දක්වන්නේ බොහෝ උදාසීන ආකල්පයක්. පරිගණක ක්‍රීඩාවකට දක්වන බලවත් උනන්දුව කිසිවෙක් සිංහල යුනිකේත තාක්ෂණයට දක්වන්නේ නැහැ.

Danishka Navin

unread,
Aug 11, 2007, 7:32:49 AM8/11/07
to Sinhala...@googlegroups.com
මලින්ත....

> මට නම් පෙනෙන්නේ සිංහල භාවිතයට උද්යෝගයක් නැති බවයි. මගේ මිතුරන්ට පවා සිංහලයෙන්
>ඊමේල්, වෙබ් අඩවි ගැන කියූ විට ඔවුන් දක්වන්නේ බොහෝ උදාසීන ආකල්පයක්. පරිගණක ක්රීඩාවකට
 >දක්වන බලවත් උනන්දුව කිසිවෙක් සිංහල යුනිකේත තාක්ෂණයට දක්වන්නේ නැහැ.


First they ignore you.

Then they laugh at you.

Then they fight you.

Then you win.

--Mohandas Gandhi




:-)

ඉෂාන් www.ishan-liyanage.blogspot.com

unread,
Aug 11, 2007, 1:39:55 PM8/11/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

> First they ignore you.
>
> Then they laugh at you.
>
> Then they fight you.
>
> Then you win.
> --Mohandas Gandhi
>

I participated several school workshops recently and I showed my
partially completed GNU/Linux sinhala version for students. They are
really like it. As Danishka suggested, all we have to do is just carry
on our great work. Then finally we can win. :-)

හර්ෂණ.෴

unread,
Aug 14, 2007, 4:58:05 AM8/14/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මා මීට පෙර එක් අදහසක් දුන්නා මතකද ? ශබ්දකෝෂයක් ගැන. මම යෝජනා කරනවා අපි
ජාවා වගේ පරිගණක භාෂාවක් භාවිතා කරලා windows application එකකුයි, ඕනෑම
අයෙකුට වචන ඇතුලත් කල හැකි web base Application එකකුයි ලියලා ප්‍රචලිත
කරමු. එතකොට ඉබේම සිංහල යුනිකේත භාවිතා වේවි. (භාවිතා කරන්නන්ට නව දත්ත
සමුදාය අන්තර්ජාලයෙන් බාගත හැකි වන ලෙස) ඕන භාෂාවක් හොදයි (.Net or
Java). මම සිතනවා PHP, Python වගේ භාෂා භාවිතා කරනවාට වඩා .Net or Java
භාවිතා කරනවානම්, මොකද අපිට executable එකක් පහසුවෙන්ම සෑසිය හැකියි.
අපි .Net භාවිතා කරන්නේ නම් ,msi ගොනුවට අඩංගු කල යුතු දෑ දැමිය හැකියි.
උදා. .Net Framework redistributable, or any other pre installers such
as XP-Sinhala Enable Pack..

සිතලා බලලා අදහස් තිබේනම් කියන්න (මොකද මම තිබේනම් කියලා කිවුවෙ අප
සමූහයේ බොහෝ අය අදහස් නොදක්වන නිසා)

හර්ෂණ වීරසිංහ.
www.harshana.info

tidalbobo

unread,
Aug 14, 2007, 5:10:01 AM8/14/07
to Sinhala...@googlegroups.com
Good idea.
Since we will have to keep adding new words, its best to make this a web based app. So ppl can add english==>Sinhala Unicode word mappings online. that way we can have rapid and well discussed and debated meathod of building the word base.
Cant we use something like a wiki?

Ex:
can have 26 pages for A B C D .. 
Each page ( of coz) having words of a particuler letter, in alphabetical order.
IMHO this is the quickest and easiest way to collaborate and work as a group on the words.

Sorry about the English.

හර්ෂණ.෴

unread,
Aug 14, 2007, 5:35:32 AM8/14/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
විකියක් හොදයි, හැබැයි අපි හදාගත් එකක් විය යුතුයි, මන්දයත් දත්ත හුවමාරු
කර ගැනීමට ලේසි විදිහකට දත්ත සමුදාය අපිට හදාගන්න වෙනවා. නැතිනම් අපට
windows app. එකට නව දත්ත සමුදාය සෑදීමේදී ගැටළුවක් ඇතිවේවි. (මම නම්
සිතුවෙ java Applets ගැන. Java, Java Applets, any DB without support DB
S/W e.g. SQLite can make .db Files).

මේ මගේ අදහසස පමනයි,
.Net වුවත් ගැටළුවක් නැහැ.


හර්ෂණ
www.harshana.info

Chamara Peiris

unread,
Aug 14, 2007, 5:46:16 AM8/14/07
to Sinhala...@googlegroups.com
Windows OS පමනක් නොව, Lynux හා Mac OS ගැනද සිතිය යුතුයි. එසේම Browser Compatibility ගැනද වැඩි අවධානයක් යොමු කල යුතුයි.

Cheers,
--
Chamara Peiris | http://www.apramana.com | +94 712 967 967

On 8/14/07, හර්ෂණ.෴ <wmhar...@gmail.com> wrote:

හර්ෂණ.෴

unread,
Aug 14, 2007, 6:09:19 AM8/14/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
පැහැදිලිවම අපි එසේ කරන්නේ නම් O/S Independent විය යුතුයි. Java n .Net
දැනට යම්තාක් දුරට මේ කර්තව්‍ය කරනවා. Java VM දැන් Linux හා Ms Windows
වලටත් .Net Framework එක MS Windows වලටත් Mono Framework එක Linux
සදහාත් තියෙනවා. බොහෝ අය Mono ගැන නොදන්න‍වා ඇති. ‍ගිහිල්ලා බලන්න.
http://www.go-mono.com.

ඒ වගේම .Net 2.0 වලින් ලියූ programs java වලට හරවා JRE තුල run කල හැකි
පරිවර්ථකද අද තිබේ. බලන්න "Mainsoft for Java EE" on http://www.mainsoft.com

මම සිතනවා සමූහයේ සියළුම දෙනාටම මෙය වැදගත් වේවි කියා.

හර්ෂණ
www.harshana.info

tidalbobo

unread,
Aug 14, 2007, 6:13:30 AM8/14/07
to Sinhala...@googlegroups.com
I create a wiki to test the online sinhala transalation mechanism

pls see...

http://sinwiki.wikidot.com/a
i have already added a word.
;)

my idea is for us to work online as a team and add refine and finalize words. I know many ppl have progressed very far in perfecting sinhala words. So they can now combine efforts and we can all benefit.


Feedback?

Chamara Peiris

unread,
Aug 14, 2007, 6:20:14 AM8/14/07
to Sinhala...@googlegroups.com
ඔව්, මෙය ඕනෑම කෙනෙකුට පහසුවෙන් භාවිත කල හැකි විය යුතුයි. කොටින්ම පරිගනක දැනුමක් නැති අයෙකුට වුවද ඉතා පහසුවෙන් භාවිත කල හැකි විය යුතුයි.


Cheers,
--
Chamara Peiris | http://www.apramana.com | +94 712 967 967

On 8/14/07, හර්ෂණ.෴ <wmhar...@gmail.com> wrote:
පැහැදිලිවම අපි එසේ කරන්නේ නම් O/S Independent විය යුතුයි. Java n .Net
දැනට යම්තාක් දුරට මේ කර්තව්ය කරනවා. Java VM දැන් Linux හා Ms Windows
වලටත් .Net Framework එක MS Windows වලටත් Mono Framework එක Linux
සදහාත් තියෙනවා. බොහෝ අය Mono ගැන නොදන්නවා ඇති. ගිහිල්ලා බලන්න.

Anandawardhana

unread,
Aug 14, 2007, 6:42:25 AM8/14/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මම මීට පෙර wetpaint නම් විකි සේවාවව ලබා දෙන විකියක් භාවිතා කළා. එය
WYSWYG ක්‍රමයට සංස්කරණය කළ හැකියි. මට නම් පුද්ගලිකව විකිමීඩියා පන්නයේ
විකි සංස්කරණය අපහසුයි. මට ඒ ටැගි ක්‍රම තේරුම්ගන්න අමාරුයි. සිංහල
විකිපීඩියාවට කිසිම එකතු කිරීමක් මට කිගන්න බැරි ඒකෙ තියෙන ටැග් ක්‍රම
පරිගණක "ගීකයකු" නොවන මට හිසරදයක් වන බැවින්.

චාමර කියන කාරණය හරියට හරි.

On Aug 14, 4:20 pm, "Chamara Peiris" <pei...@gmail.com> wrote:
> ඔව්, මෙය ඕනෑම කෙනෙකුට පහසුවෙන් භාවිත කල හැකි විය යුතුයි. කොටින්ම පරිගනක
> දැනුමක් නැති අයෙකුට වුවද ඉතා පහසුවෙන් භාවිත කල හැකි විය යුතුයි.
>
> Cheers,
> --
> Chamara Peiris |http://www.apramana.com| +94 712 967 967
>

ඩිලාන් දමිත්

unread,
Aug 17, 2007, 1:27:56 AM8/17/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

මේක නම් නිකං විහිළු කථාවක් වගේ. මම නම් හිතන්නේ මේ සිංහල යුනිකෝඩ් කියන
දේ ගැන තවම කවුරැවත් හරියට දන්නේ නෑ. මම හිතන විදියට සිංහල යුනිකෝඩ්
සම්පූර්ණයෙන් භාවිතා කරන්නේ මේ සමූහයේ සාමාජිකයන් පමණයි. සමාජිකයන්ගෙනුත්
හැමෝම නොවෙයි. හැමදාම සමූහයට ලියන අය විතරයි මේක ප්‍රධාන වශයෙන්ම භාවිතා
කරන්නේ.
මේකට අපි කාටවත් දොස් කියලා වැඩක් නෑ. මේක ප්‍රචාරය කරන්න අපේ තොරතුරැ
තාක්ෂණ නිළධාරීන් ගන්නා උත්සාහය ප්‍රමාණවත් මදි කියලා තමයි මම නම්
හිතන්නේ.

Dhammike Mendis

unread,
Aug 17, 2007, 1:55:45 AM8/17/07
to Sinhala...@googlegroups.com
දිනක් මම මිතුරකුගේ කාර්යාලයට ගොස් සිටින විට ඔවුන්ගේ පරිගනක නඩත්තු කරන ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයකින් ශිල්පියෙක් පැමිණියා. මා ඔහුගේ කාර් ය අවසන් වූ පසු මෙම පරිගනක වලට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර ඇත්දැයි විමසා සිටිය විට ඒ කුමක්ද යන්න ඔහුගේ පිලිතුර විය. තාක්ෂණික ශිල්පීන්ගේ තත්වය මෙයනම් අනෙක් අය ගැන කුමන කතාද? මා සිතන්නේ අපේ රටේ පරිගණක අලෙවි කරන හා නඩත්තු කරන පිරිසට සිංහල යුනිකෝඩ් පිලිබඳ දැනුම ව්‍යාප්ත කිරීම ඉතාමත් වැදගත් වන බවයි.
--
ධම්මික මෙන්ඩිස්෴
Dhammike Mendis

M:+94-77-781-0899
E: dham...@mail.ru, dhammik...@gmail.com
W:http://dhammike.blogspot.com

SRIshanu

unread,
Aug 17, 2007, 3:20:06 AM8/17/07
to Sinhala...@googlegroups.com
මෙම නොදැනුවත් කමට කරුණු කිහිපයක් බලපානවා. මේ ගැන කාටවත් දොස් කියලා වැඩක් නම් නෑ. හැබැයි වගකිව යුතු නිලධාරීනුත් නොසිටිනවා නොවෙයි!

1. මූලිකවම සිංහල යුනිකේත කියා දෙයක් ඇතිබවත්, එයින් පරිගණකයේ (යුනිකේත සඳහා සහාය දක්වන) ඕනෑම අංශයක සහ විවිවි (www) හි සිංහල භාවිතා කළ හැකි බවත් බොහෝ දෙනා නොදනී. පරිගණකයේ සිංහල භාවිතා කරනවායැයි අප වුවද කලින් දැන සිටියේ වර්ඩ් වැනි මෘදුකාංගයක අකුරුරටාව සිංහලට මාරුකර ටයිප් කිරීම බවත් එතනින් එහාට සියල්ල ඉංගිරිසි බවත් ය. දැන්නම් මා සමහර ගොනු, ෆෝල්ඩර් නාම, login name පවා අවශ්‍යතාව මත සිංහලෙන් ලියනවා. මේ අන්ඩරදෙමළයක් නොවන බව ප්‍රචලිත කළ යුතුයි.

2. දැනට බොහෝ සමාන්‍ය පරිගණක පරිශීලකයන් භාවිතා කරන්නේ වින්ඩෝස් xp. (හෝ ඊට පැරණි සංස්කරනයක්) ඉතින් මේ අයට අමතර මෘදුකාංග භාවිතා කිරීමට සිදුවීම, සාමාන්‍ය වැඩකට පමණක් පරිගණක භාවිතා කරන්නන් හට හිසරදයක් විය හැකියි. ඔබ අප වැනි අය නම් දකින දකින මෘදුකාංගය ස්ථාපනය කර සොයාබලන්න උනදුවක් දක්වනවා. නමුත් සමාන්‍ය පරිශීලකයන්ට එය එසේ නොවේ. (මේ සඳහා නම් ධම්මික කී පරිදි පරිගණක අලෙවි කරන්නන් හා නඩත්තු කරන්නන් දැනුවත් කිරීම හොඳ විකල්පයක්) තව කල් යත්ම විස්ටා සහ ලිනක්ස් ප්‍රචලිත වෙද්දී මේ ගැටළුව ඉබේම විස‍ඳේවි. (මැක් වල සිංහල ගැන අත්දැකීම් නැත)

3. මේ සියල්ලම කරගත්තා යැයි සිතමු. ප්‍රධානම ගැටළුව ඇත්තේ සිංහල ටයිප් කිරීමේදියි. පරිශීලකයන් මේ සඳහා හුරුකරවීම හ‍ඳෙන් හාල් ගේනවා වැනි වැඩක් වේවි. නමුත් හ‍ඳේ හාල් වවන්නට අප සියල්ල සැදී පැහැදී සිටින වගත් මතක් කරගත යුතුයි. මා භාවිතා කරන්නේ සිංහල එක්ස්.පී. මත විජේසේකර පුවරුවයි. ග්‍රැප් භාවිතා කර නැහැ. ග්‍රැප් ක්‍රමය සාමාන්‍ය පරිශීලකයන්ට ලෙ‍හෙසි දැයි අදහස් දක්වන්න. කෙසේ නමුත් පරිගණක වල සිංහල ස්ථාපනය කිරීම, අඩුතරමින් සිංහල වියුණු සහ වියුණු සටහන් කියවීමටවත් පෙළඹවීමක් වේවි.

--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com

ශ්‍රීශානු

unread,
Aug 17, 2007, 3:33:37 AM8/17/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
තව දෙයක්...

සිංහල අකුරු මුද්‍රිත යතුරු පුවරු ඇතත් ප්‍රචලිතවී නැත. ඊටත් හේතුව එහි
භාවිතය පිළිබඳ නොදැනුවත්කම සහ සිංහල ටයිප් කිරීම මේ ආත්මයේ ඉගෙනගත නොහැකි
බවට ඇති මිත්‍ය විශ්වාසයන්ය.

සිංහල අකුරු මුද්‍රිත යතුරු පුවරු ප්‍රචලිත කිරීමට පරිගණක අලෙවි කරන්නන්
හා නඩත්තු කරන්නන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ සහාය ලබා ගැනීම ප්‍රයෝජනවත්

pujithadimuthu

unread,
Aug 17, 2007, 4:42:38 AM8/17/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
1. There are small number of Unicode fonts available for use. We need
more Sinhala Unicode fonts.
2. Those who are in Graphic Designing uses CorelDRAW, Photoshop,
Flash, Mac OS X, etc. We need to inform these companies ( Eg : Adobe,
Corel, etc. ) to develop their applications compatible to Unicode
fonts.
- pd

pujithadimuthu

unread,
Aug 17, 2007, 5:48:58 AM8/17/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

Danishka Navin

unread,
Aug 19, 2007, 6:56:08 AM8/19/07
to Sinhala...@googlegroups.com
මිතුරනි,

ආනන්දවර්දන විසින් ලබාදුන් වටිනා සබැඳියක්..
http://tipitaka.org/sinh/

මේ ගැන විස්තර දන්න කෙනෙක් කියන්න...
මෙය මෙම සමුහයේ කෙනෙක් කළ වැඩක්ද?

ස්තුතියි,
ඩනිෂ්ක


විශ්ව කුමාර

unread,
Oct 4, 2007, 3:21:24 PM10/4/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
windows application එකකින් web based දත්ත සමුදායකට සම්බන්ධ වෙන්න නම්
හොඳම වැඩේ web services පාවිච්චි කරන එක. එතකොට Database එක web server
එකක දාල client side එකෙන් .net හරි java හරි මෘදුකාංගයකින් පාවිච්චි
කරන්න පුලුවන්.
මම හිතන්නේ යුනිකෝඩ් පාවිච්චි කරීමෙන් විශේෂ පහසුවක් දෙන (උදා: text to
speach) වගේ දෙයක් කලොත් කට්ටිය යුනිකෝඩ් වලට බහී.
මේවගේ වැඩ වලට සාමාන්‍ය අවස්ථා (senario) අධ්‍යයනය කරන්න ඔ‌්නා. එ‌්
කියන්නේ මිනිස්සුන්ට ඇත්තටම සිංහල ඔ‌්නා වෙන අවස්ථා ගැන.

http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/41e570bcea322148
බලන්න


On Aug 14, 2:58 pm, හර්ෂණ.෴ <wmharsh...@gmail.com> wrote:
> මා මීට පෙර එක් අදහසක් දුන්නා මතකද ? ශබ්දකෝෂයක් ගැන. මම යෝජනා කරනවා අපි
> ජාවා වගේ පරිගණක භාෂාවක් භාවිතා කරලා windows application එකකුයි, ඕනෑම
> අයෙකුට වචන ඇතුලත් කල හැකි web base Application එකකුයි ලියලා ප්‍රචලිත

> කරමු. එතකොට ඉබේම සිංහල යුනිකේත භාවිතා වේවි. (භාවිතා කරන්නන්ට නව දත්ත


> සමුදාය අන්තර්ජාලයෙන් බාගත හැකි වන ලෙස) ඕන භාෂාවක් හොදයි (.Net or
> Java). මම සිතනවා PHP, Python වගේ භාෂා භාවිතා කරනවාට වඩා .Net or Java
> භාවිතා කරනවානම්, මොකද අපිට executable එකක් පහසුවෙන්ම සෑසිය හැකියි.
> අපි .Net භාවිතා කරන්නේ නම් ,msi ගොනුවට අඩංගු කල යුතු දෑ දැමිය හැකියි.
> උදා. .Net Framework redistributable, or any other pre installers such
> as XP-Sinhala Enable Pack..
>
> සිතලා බලලා අදහස් තිබේනම් කියන්න (මොකද මම තිබේනම් කියලා කිවුවෙ අප
> සමූහයේ බොහෝ අය අදහස් නොදක්වන නිසා)
>
> හර්ෂණ වීරසිංහ.www.harshana.info

Reply all
Reply to author
Forward
0 new messages