මටත් මේ ප්‍රශ්නට ඇවිල්ල තියෙනව මා පාවිච්චි කරන පරිගණක දෙකක.
1. Windows XP Professional SP3
2. Windows 7 Starter
මේ ප්‍රශ්නය එන්නෙ සමහර වෙලාවල් වලට විතරයි. මේක ලියද්දි එන ප්‍රශ්නයක් නොවෙයි වගේ. මොකද එකම වෙබ් පිටුව වෙනස් වෙලාවල් වල (එකම පරිගණකයෙන් වුනත්) බලද්දි සමහර විට කොටු ඇතුවත්, නැතුවත් පෙනෙනව.
මා පාවිච්චි කරන්නෙ ක්රෝම් බ්‍රවුසරය. අනෙක් බ්‍රවුසර වල මේ ප්‍රශ්නය තිබෙනවාදැයි දන්නේ නැහැ. (ඊළඟ වතාවේ බලන්න ඕන.) හැබැයි ස්කයිප් වැනි අනෙක් මෘදුකාංග වල මේ ප්‍රශ්නය නැහැ.
මට පෙනෙන්නෙ ක්රෝම් වල රෙන්ඩරින් ප්‍රශ්නයක් වගේ.
--
Best Regards,
Sampath Sitinamaluwa