හිතවතුනි, අහිතවතුනි,
අද, 2008 අගෝස්තු මස 26 වැනිදා,
අඳින් වසර 135 ට පෙර, එනම් 1873 අගෝස්තු 26 සහා 28 වන දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී "මොහොට්ටිවත්තේ ගුණානන්‍ද" හිමියන් සහා "දාවිත් ද සිල්වා" පාදිලි තුමන් අතර බුදුදමහ සහා ක්‍රිස්තියානි ආගම පිළීබඳව විවාදයක් පැවැත් වීය.
මෙම විවාද ය "පානදුරා වාදය" නමින් ලෝක ප්‍රසිද්ධියට ද පත් වූවා ය.
පසුව, මෙම විවාදය සම්බන්ධව සිදු වූ විශේෂ ම සිද්ධිය වන්නේ අමෙරිකානු ජාතික "හෙන්ද්‍රි ස්ටීල් ඕල්කට්" තුමා සහා රුසියානු ජාතික "බ්ලැවැට්ස්කි" මැතිනිය 1880 මැසි මස 16 වන දින ළංකාවට සැපැත් වීමයි.
අද බෞද්ධ පාසැල් නමින් හඳුන්වන ආනන්ද, නාලන්ද, ධර්මරාජ, විජය, මහින්ද, ශ්‍රී සුමංගල පාසැල් ඕල්කට් තුමා ගේ මැදිහත් වීමෙන් පිහිටු වූවක්.
ඕල්කට් තුමා ගේ ම මැදැහත් වීම නිසා ම බෞද්ධ කොඩියකුත් අපට ලැබුණී.
වෙසක් පොහෝ දිනය නිවාඩු දිනයක් වූයේ ත් ඕල්කට් තුමා ගේ මැදිහත් වීම නිස යි.
බෞද්ධන් විවාහ කිරීමට ද, බෞද්ධ රෙජිස්ට්‍රාර්වරු පත් කිරීම එතුමා ගේ ම මැදිහත් වීමෙන් සිදු වූවක්.
එකල සිටි සමහර ගැමියන්ට නම් මේ ඕල්කට් තුමා ගේ ක්‍රියාකාරීත්ව ය නොරිස්සු අවස්ථා ද තිබුණා යැ යි මාගේ සීයා විසින් පැවසූ යම් යම් දෑ අතර විය.
"පවුල් කන්නත් නීතියක් ඕනෑ දැ යි" සමහර ගැමියන් සහා ගැමිළියන් විසින් විමසා විරෝධය දැක් වූ බව මාගේ සීයා විසින් මා හට පවසා ඇත.
අද ඕල්කට් තුමා ගැන නොදන්නා කෙනෙකු නැති තරම් ය.
ඒ තරම්ට ම ඕල්කට් තුමා අප සමාජය තුළ ස්ථාපිත වී ඇත.
එහෙත් "මොහොට්ටිවත්තේ ගුණානන්‍ද" හිමියන් ගැන දන්නා කී දෙනෙකු අප අතර සිටිත් ද?
ගුණානන්‍ද හිමියන් අභීතව නැඟී නොසිටින්න 1850 තිබූ, ලංකාවේ බෞද්ධ තත්ත්වය අනුව, 19 වන සියවස අවසානය වන විට (එනම් 1800 යේ වර්ෂ කාණ්ඩය අවසන් වන විට) බුද්ධාගම ලංකාවෙන් අවසාන වන්නේ යැ යි "ජේමිස් ද අල්විස් පඬිතුමා විසින් සිය සිදත් සඟරා විවරණයට ලියු ප්‍රස්ථාවනාවේ දක්වා ඇතැයි" නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශිත "පංච මහා වාදය" නම් පානදුරා වාදය ද ඇතුළත් පොතේ දැක්වා ඇත.
එහෙත් "මොහොට්ටිවත්තේ ගුණානන්‍ද" හිමියන් ගැන දන්නා කී දෙනෙකු අප අතර සිටිත් ද?
මොහොට්ටිවත්තේ ගුණානන‍්‍ඳ හිමියන් සහා ක්‍රිස්තියානි පාර්ශවය අතර සිදු වූ මේ විවාදය කියව වූ කී දෙනෙකු අප අතර වෙත් ද?
මේ විවාදයේ දී ගුණානන්‍ද හිමියන් භාවිතා කළ තාර්කීක ක්‍රමවේදය ඔබ කී දෙනෙකු අසා දැන තිබේ ද?
ගුණානන්‍ද හිමියන්ගේ විචාරශීලී බුද්ධිය දන්නා කී දෙනෙකු අප අතර වෙද් ද?
එම හිමියන් මිසදුටු මත ඛණ්ඩනය කළ ක්‍රමවේදය දන්නා කී දෙනෙකු අප අතර වෙද් ද?
පානදුරා වාදය ද ඇතුළත් පංච මහා වාදය කියව වූ කී දෙනෙකු අප අතර වෙද් ද?
අද අප පසු කර සිටින්නේ ගුණෘනන්‍ද හිමිවරුන් සියයක් වත් ඇවැසි යුගයක යි.
අදින් වසර 55 කට පෙර පානදුරා වාදය ද ඇතුලත් "පංච මහා වාදය" නිවැරැදි ලෙස ලියා තැබු "ටී. ඇස්. ධර්‍මබන්ධු" නැමැත්තාට ද එය මුද්‍රණය කළ ගුණසේන සමාගමට ද අද දිනයේ අප ස්තූති වන්ත විය යුතු ය.
නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ද "පංච මහා වාදය" නමින් එම පොත නව පරපුර වෙනුවෙන් මුද්‍රණය කිරීම ද එම මධ්‍යස්ථානයට ස්තූතිය හිමි වියු කරුණකි.
මා හට හැගෙන පරඳි අප මේ සිදු කරන්නේ දෙවන පානදුරා වාදය යි.
මෙහි සම්පූර්ණ බර "නලීන් ද සිල්වා මහතාට ම" බාර දී අහක බලාගෙන සිටිමට ඉහත "මොහොට්ටිවත්තේ ගුණානන්‍ද" හිමියන්ගෙන් ද, නලීන් ද සිල්වා මහතා ගෙන් ද, අසා දැන මානා ලෙස ප්‍රගුණ කරමින් සිටින්නා වූ මා සතු මාගේ විචාරශීලී බුද්ධිය මට ඉඩ නොදේ.
යමෙකුට මා නතර කළ හැක්කේ මා සංගතව ඉදිරිපත් කරන කරුනු සංගතව ම ඛණ්ඩනය කිරීමෙනි.
නැතහොත්, මේ සමුහය තුළ මාගේ සමාජිකත්වය අත්හිටු වීමෙනි.
මා හදිසියේ ලෙඩ වී හෝ අනතුරකට මුහුණ පෑමෙන් හෝ සිදුවන්නා වූ අබල දුබල තත්ත්වයකින් ද මා නතර විය හැකිය.
ගහක් ගලක් මෙන් නිරෝගී මා හඳිසියේ ලෙඩක් වැළදීමේ ඉඩකඩ නම් බොහෝ අඩු ය.
එහෙත් අදිසි අනතුරන් ගැන නම් කිව නොහැක.
සංගතව යමක් පෙන්වා දීම යනු ඊනියා තර්ක කරන සියල්ල සත්‍යය නොවේ යන ගොඩට දැමිය හැකි දෙයක් නොවේ.
පුටුව සහා පොත යනුවෙන් එකිනෙකට වෙනස් දෑ අප හඳුනා ගන්නේ සංගතව ය.
තර්ක කරන සියල්ල සත්‍යය නොවේ යැ යි කියා, පුටුව සහා පොත යනුවෙන් දෙකක් නැතැයි කියන්නෙකු සිටිය හැකි ද?
සංයුක්ත පුටුවක් සහා සංයුක්ත පොතක් හඳුනා ගන්නේ ද සංගතව ය.
"වචන" තිබෙන්නේ හිතට එන ඕනෑ ම දෙයක් ඔහේ ලියන්නට නොවේ.
එසේ ලිවීම, තමනුත් සියදිසි නසා ගෙන අනනුන්ගේ ද දිවි නැසීමකි.
ඔවුන් මරාගෙන මැරෙන්නෝ වෙති.
එකේ සිට සියය දක්වා වන ලෙස ඉලක්කම් යෙදු කොල මිටියක් සලකන්න.
එක් කොලයකට එක වචන ය බැඟින් හිතට එන ඕනෑම වචනයක් ලියා ඉලක්කම් පිළිවෙලට එම කොල වල අඩංගු වචන කියවා ගිය විට අදහසක් ජනිත වේ යැ යි යමෙක් සිතයි නම් ඔහුගේ බුද්ධීයේ යම් හීන තාවයක් වේ.
එසේ වචන ලියා සිංහල බෞද්ධයෙකු ව නතර කළ හැකි යැ යි යමෙක් සිතන්නේ නම් හේ මූලා වූවෙකු ම වේ..
තවද, මෙහි දී විශේෂයෙන් ම කිව යුතු වන දෙයක් ද වේ.
එනම්, මොහොට්ටිවත්තේ ගුණානන්‍ද හිමියන් පමණක් ද නොව, ඉහත නලීන් ද සිල්වා මහාතා ව ද මා අද වන තුරුත් මාගේ නේත්‍රා දෙකෙන් තවම දැක නොමැති බව යි.
අවම වශයෙන්, දුරකතනයකින්වත්, මා නලීන් ද සිල්වා මහතා සමඟ කිසිදු වචනයක් කතා කර ද නොමැත.
සෑම විටම මා සම්බන්ධයෙන් දත යුක්තක් ද වේ.
කිසිවෙකු සමඟ මාගේ අහිතක් නොමැති බව ය.
--- තෙරුවන් සරණයි--
--- ධම්මික ----