පන්සිය පනස් ‎ජාතක කථා වස්තූන් අන්තර්ජාලයේ

588 views
Skip to first unread message

වසන්ත දේශප්‍රිය෴

unread,
Jul 12, 2008, 2:46:02 PM7/12/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මිතුරු මිතුරියනි,
අතුරුදැළ හෙවත් අන්තර්ජාලයට සිංහල අන්තර්ගතය එක් කරන තවත් වැදගත් පියවරක
ඉක්ටා හි ඉ-සමාජ වැඩ සටහන මේ දිනවල යෙදී සිටිනවා. ඒ නුදුරේ දී ම අතුරුදැළ
ට මුදා හැරීමට නියමිත පන්සිය පනස් ‎ජාතක කථා වස්තූන්.
www.jathakakatha.org.test.htm
මෙය මුදා හැරීමට පළමු ව සිංහල යුනිකේත සමූහයේ මිතුරු මිතුරියන්ගේ අදහස්
දැන ගැනීමට කැමතියි.
(සෙවුම් කවුළුවක් මෙහි නොමැති වීම ගැන දැනටමත් දන්වා ඇත:) මෙය බලා ඔබගේ
අදහස් දන්වන්නේ නම් නොවක් තුති!

(මෙහි පිටු සංඛ්‍යාව දහස් ගණනක්. අංක 529 යටතේ ඇති උම්මග්ග ජාතකය (උමං දා
වත) යටතේ ම පැන 32 ක් සඳහා පිටු 32 කි. නිධාන කථාව හා අතීත කථාව ලෙස සෑම
ජාතක කථාවක් යටතේ ම කථා දෙකකි.)

වසන්ත

Ruki - රුක්ෂාන්

unread,
Jul 12, 2008, 3:03:28 PM7/12/08
to Sinhala...@googlegroups.com
හිතවත් වසන්ත

වෙබ් අඩවිය ගැන ‍බොහොම සතුටු යි.

කුඩා අදහසක් මගෙන්...

කහ පාට පසුබිමේ නිල් පා‍ට අකුරු එක දිග ට ම කියවා ගෙන යන්න අපහසු බ‍ටක් දැනුනා. ඒ ගැන අනිත් අයගෙත් අදහස දැන ගැනීම ට කැමති යී.

රුක්ෂාන්.



2008/7/13 වසන්ත දේශප්‍රිය෴ <wasant...@gmail.com>:



--
Best Regards
Ruki. (Mr.RDX)
www.rukizone.com
www.infinitesbiz.com
www.kegalletown.com
www.mrrdx.com

රාජිත

unread,
Jul 12, 2008, 3:04:51 PM7/12/08
to Sinhala...@googlegroups.com

http://www.jathakakatha.org ඉතාම අලංකාර ලෙස නිමවා ඇත. මුල් පිටුවට ඇතුලු වීමේදී මුලින්ම ජාතක කතා පෙන්වන්නේ අංක වශයෙනි. එය නම් වශයෙන් පෙන්වනවානම් වඩා හොඳ යැයි සිතේ.




2008/7/12 වසන්ත දේශප්‍රිය෴ <wasant...@gmail.com>:



--
රාජිත.

dilan damith

unread,
Jul 12, 2008, 3:12:14 PM7/12/08
to Sinhala...@googlegroups.com
මෙම අඩවිය ඉතාමත් අලංකාර ලෙස නිමවා ඇති අතර කහ පැහැ පසුබිම තුල ඇති නිල් පැහැ අකුරු කියවීමේදී මදක් ‍අපහසු බව පෙනී යයි. මෙහිදී මෙම අකුරු කළු පැහැයෙන් නිමවනවා නම් අගනේ යැයි සිතමි.

2008/7/13 රාජිත <rajitha...@gmail.com>:



--
Dilan Damith Prasanga
Weemansha IT Creations
51' Junction,
Deniyaya.
Tel : + 94 0715 643243
+ 94 0779 317 897
+ 94 0786 446242
http://www.sinharajaforest.info
http://adaraneeya.blogspot.com

හිරන්‍ය ශ්‍රිමාල්

unread,
Jul 12, 2008, 3:17:32 PM7/12/08
to Sinhala...@googlegroups.com
ඉතා අගනා වෙබ් අඩවියක් !
ගැටළුවකට තිබෙන්නේ තැඹිලි පාට පසු බිමක නිල් පාට අකුරු තිබීම තමයි
මෙය තවත් වැඩිදියුණු කරන්න.

2008/7/13 වසන්ත දේශප්‍රිය෴ <wasant...@gmail.com>:



--
http://sinhalalyricx.blogspot.com/

unread,
Jul 12, 2008, 4:32:33 PM7/12/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
වසන්ත,

හුඟක් මහන්සිවෙලා කළ පිං ලැබෙන වැඩක්,

ඉ සමාජ වැඩසටහනේ ප්‍රජාවට වැඩක්වන ලොකු අඩුවක් පුරවන නිරමාණයයක්.
ජාතක කතා අන්තර්ජාල ගතවීම උදාහරණයක් ලෙස ගත් කළ ඉන් දේශිය දැනුම
සුරැකෙනවා, පිටපත් වෙනවා, දැනුම වැඩෙනවා, අන්තර්ජාලය ග්‍රාමීය ප්‍රජාවට
අවශ්‍ය වන තැනක් වෙනවා.

ඉතා හොඳට සෝදුපත් බලා ද තියනවා.
සිංහල, බෞද්ධ සංස්කෘතිය, ඉගන ගන්න අයට ඉතා වැදගත්.

Niranjan

Kelum Jayasinghe

unread,
Jul 12, 2008, 5:53:26 PM7/12/08
to Sinhala...@googlegroups.com
Dear Wasantha,

A great and admirable effort....yes try to use some soothing color having the reader in mind.
Good luck,
Kelum

2008/7/12 වසන්ත දේශප්‍රිය෴ <wasant...@gmail.com>:



--
~~~~~~~~~~~~~~~~~~~// Expect More ! ~~~~~~~~~~~~~~~~~~//

අරවින්ද

unread,
Jul 13, 2008, 12:03:14 AM7/13/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
වැඩේ බොහොම අගෙයි.ඒත් ජාතක පොත වගේ එකක් අන්තර්ජාලයට එකතු කරන විට එහි
අක්ෂර වින්‍යාසය ගැන මීට වඩා බොහෝ දැනුවත් විය යුතුයි.
අකුරු වැරදි බොහෝ ය. මුල් පිටුවට එන ජාතකයේ නම ද ලියා ඇත්තේ වැරදියට ය.
(අපන්නක යන්න අපණ්ණක ලෙස නිවැරදි විය යුතු ය) කරැණාකර ජාතක පොතේ
විශ්වාසදායක සංස්කරණයක් සොයාගෙන වැරදි නිවැරදි කරන්න. පුස්කාල හා
ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් ප්‍රකාශිත ජාතක පොත දැනට පවතින නිවැරදි ම එකකි.
ගුණසේන ප්‍රකාශකයන්ගේ සංස්කරණයේ නම් බොහෝ අඩුපාඩු ඇත. යමක් කරන විට එය
නිවැරදි ව කරන්න. නැති නම් නොකර ඉන්න.

අරවින්ද

unread,
Jul 13, 2008, 12:37:48 AM7/13/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
වැඩේ හොඳයි. ඒත් ජාතක පොත වගේ එකක් අන්තර්ජාලයට එක් කරද්දී අක්ෂර
වින්‍යසය ගැන මීට වඩා බෙහෙවින් සැළකිළිමත් විය යුතු යි. කිසිඳු
සැළකිල්ලකින් තොර ව ඔහේ යතුරු ලියනය කරගෙන ගොස් ඇති බව පෙනේ. ඡේද බෙදා
ඇත්තේ හිතුණු හිතුණු තැන්වලිනි. කිසි දිනක අසා නැති වචන අලුතෙන් නිර්මාණය
කර සමහර තැන්වලට දමා ඇත.

අතීත කතාව වර්තමාන කතාව ලෙස දෙකකට බෙදීම සාර්ථක බෙදීමක් නොවේ.
සමහර ජාතක කතාවල මේ බෙදීම පැහැදිලි ව දැකිය නොහැකි ය. මුල් පිටුවේ ම
වැරදි සංඛ්‍යාව 40 ඉක්මවයි. අපන්නක යනුවෙන් වචනයක් නැත. නිවැරදි වචනය
අපණ්ණක යන්න යි. නිධාන කතාව යන්න ද වැරදි ය. නිවැරදි එක නිදාන කතාව යන්න
යි. පළමු ජාතකයේ ඇති වැරදි සඳහා මෙම තිර පිටපත බලන්න (
http://sinhala-unicode.googlegroups.com/web/JathkaP.PNG?hl=si&gsc=GR4CBhYAAAA2W_OxbzBzEbAcX-ccfG2UvmqfzrIRh74LnVxB_8J-NQ
)

ජාතක පොතේ පිළිගත හැකි සංස්කරණයක් උපයෝගී කරගෙන වැරදි
නිවැරදි කරන්න. පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් ප්‍රකාශිත ජාතක පොත
දැනට ඇති නිවැරදි ම සංස්කරණයකි. බෙහෙවින් ප්‍රචලිත ගුණසේන ප්‍රකාශකයන්ගේ
සංස්කරණයේ නම් බොහෝ අඩුපාඩු ඇත. යමක් කරන විට නිවැරදි ව කරන්න. නැතිනම්
නොකර ඉන්න.

රාජිත

unread,
Jul 13, 2008, 6:17:57 AM7/13/08
to Sinhala...@googlegroups.com
‍අරවින්ද,


"යමක් කරන විට නිවැරදි ව කරන්න. නැතිනම් නොකර  ඉන්න."
මෙම කොටසනම් ටිකක් සැර වැඩි යැයි සිතේ.

 අනෙක් කොටස් වලටනම් එකඟ වෙමි.

2008/7/13 අරවින්ද <aravi...@gmail.com>:



--
රාජිත.

Sapumal Jayaratne

unread,
Jul 13, 2008, 12:56:55 PM7/13/08
to Sinhala...@googlegroups.com
ඉතාමත් ම අනර්ඝ ව්‍යායාමයක්. තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා අදහස් ස්වල්පයක් දෙන්න කැමතියි.

එක දිගට කියවාගෙන යායුතු අඩවියක් නිසා වර්ණ තෝරාගැනීටම්දී ඇහැට මුදු වර්ණ තෝරාගත්තා නම් අගෙයි.
තරමක් යල්පැනගිය තාක්ෂණයක් වන frames යොදාගෙනඇතිබවක් පෙනෙනවා. අපේ සමූහයේ ඉන්න වෙබ් නිර්‍මාණකරුවන්ට පොඩි කාලයක් අරන් මේ අයට උදව්වක් කරන්න පුලුවන්නම් ලස්සනට මේක හදාගන්න පුලුවන්.
තරුණ පරපුර හැටියට අපේ භාෂා ඤාණය අඩු බව අපි හැමෝම අවංකව ම පිලිගන්න ඕන. ඒක නිසා ආරම්භයේදී මෙබඳු විශාල පුස්තකයක් යතුරු කිරීමේදී අක්ෂර වින්‍යාස හා වෙනත් දෝෂ ඉබේම ඇතිවෙනවා. ඒ නිසා අන්තර්ගතය නැවත වතාවක් සෝදුපත් බැලුවොතින් හොඳයි. මොකද මෙබඳු දේවල් අන්තර්ජාලයට එක්වීමත් සමඟම ඊළඟ පරපුර ජාතක පොත කියන්නේ මෙම වෙබ් අඩවියට මිසක් මුද්‍රිත පොතට නොවියහැකියි. එනිසා ඔවුන් ගුරුකොට ගන්නේ මෙහි තිබෙන බස හා අන්තර්ගතය. එනිසා අන්තර්ගතයේ ප්‍රමිතිය හා නිරවද්‍යතාවය අන් සියල්ලට ම වඩා ඉහලින් සැලකිය යුතුයි. මෙබඳු දේවලදී අරවින්ද කියූ ,නිවැරදිව කරන්න, නැතිනම් නොකර ඉන්න යන්නෙහිත් යම් අර්ථයක් තිබෙනවා. මොකද අතිශය වැදගත් මෙවැනි කාර්යයන් වලින් වන බලපෑම අතිවිශාල නිසා.

ඉදිරි කටයුතු සඳහා සුබපැතුම්.

සැරදේවා,
සපුමල්.

වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri)

unread,
Jul 13, 2008, 8:14:42 AM7/13/08
to Sinhala...@googlegroups.com
නොකරනවාට වඩා කරන එකනම් හොදයි. අඩුපාඩු හදා ගත හැකිය. අපි නිවැරදි කර ගමු.

2008/7/13 රාජිත <rajitha...@gmail.com>:
‍අරවින්ද,



--
#########################
# ඔබට ආයුබොහෝ වේවා ! #
#########################

අරවින්ද

unread,
Jul 13, 2008, 11:02:33 AM7/13/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

සමා වෙන්න, ජාතක පොතේ වෙබ් පිටුව දුටු මොහොතේ ඇති වූ කෝපයට එවැන්නක්
කියැවුණාට. එහෙත් බලන්න, එම වැරදි ඔහුගේ නොදැනුවත් කම නිසා සිදු නොවුණා
නම් ව්‍යාකරණ අක්ෂර වින්‍යාස නොසැළකා ලිවීම පෞද්ගලික මතයක් වෙන්න
පුළුවනි. ඒත් ජාතක පොත වගේ ලෝක පූජිත ග්‍රන්ථයකට තම පෞද්ගලික මත ඇතුළු කළ
හැකි ද? ඔහු කළ යුතු ව තිබුණේ කටයුත්තට විද්වතෙකුගේ සහය ලබා ගත නොහැකි
නම් අඩු ම ගණනේ නිවැරදි සංස්කරණයක් බලා ගෙන එහි ඇති හැටියට ම යතුරු ලියනය
කිරීමයි. එ සේ ම එ වැනි කටයුතුවලට පරිගණක හා අන්තර්ජාල දැනුම පමණක්
ප්‍රයෝජනවත් නොවන බව වටහා ගැනීම යි. ජාතක පොතට සිදුකර තිබුණු දේ දුටුවහම
මට ඉවසා ගන්න අපහසු වුණා. හිතවත් වසන්ත ඔබ කෙරෙහි වූ කෝපයකින් එය කීවා
නොවෙයි. ජාකත පොත යනු කතා පොතක් හෝ සුරංගනා කතා පොතක් නොවන බව තේරුම්
ගන්න. එය ඔබට රිසි ලෙස වෙනස් කළ නොහැකියි.
ජාතක පොත යනු කුමක් ද, එය ලියුවේ කවුද, කුමකට ද, එහි අනුගත භාෂා
ශෛලිය කුමක් ද, එහි ඇතුළත් දර්ශනය කුමක් ද යන්න පිළිබඳ දැනුමක් ලබා ගෙන
මෙහි වැරදි නිවැරදි කරන්න. මෙය වටිනා වැඩක් බව මම ද සපුරා පිළිගනිමි.
නමුත් ඒ මෙම වැරදි නිවැරදි කළ විට පමණි.

මිතුර, ඔබ විවේචනවල දී අමනාප නොවී වැරදි වටහා ගනිතැයි මම සැබැවින් ම
විශ්වාස කරමි.

Kelum Jayasinghe

unread,
Jul 13, 2008, 11:05:00 PM7/13/08
to Sinhala...@googlegroups.com
Aravindage mathaya mamada piligannawa. meweni katayuttakata pariganaka denuma pamanak pramanawath ne, mema granthaye ethi arthaya e ayurinma labadeemata uthsaha ganna Wasantha, nethinam obe attempt eka sampurna ne, meya ethem advertising firm walin karana billboard wage...graphics excellent, but text is grammatically wrong..meweni great book ekakata yam haniyak sidu unoth ho kaloth buddhistlata tharaha yaama sadharanay...maath personally ekata kemathi ne, namuth wasantha obage uthsahaya prasananeeyay.
karunakara kithunu bhakthika wachan iwath karanna, spelling mistakes ematay..samawenna Wasantha, oba muuldharmawadee sanwidhanayaka ayeku noweway ma pathanawa..
manda yath owunda meweni kuuta de karanawa buddha dharmaya wikurthi karamin...that monk's sex tape, cheewaradhareen bauddha wesin sita pahath kriyawanhi yedeema etc were recent examples
they are ready to do anything to irradicate buddhism..
kelum
2008/7/13 අරවින්ද <aravi...@gmail.com>:

Dhammike Mendis

unread,
Jul 14, 2008, 12:07:12 AM7/14/08
to Sinhala...@googlegroups.com
ඉතාමත් අගනා වැඩක්. වෙබ් අඩවිය සඳහා ෆ්‍රේම් යොදා නොගන්නේ නම් හොඳයි.1024*728 තිරයේ හරස් ස්ක්‍රොල් කිරීමකින් තොරව මුලු පිටුවම දර්ශනය නොවේ. එමෙන්ම අනෙක් අයද පවසා ඇති පරිදි වර්ණ සංයෝජනය හා සෝදු පත් බැලීම ද අවශ්‍ය වේ.
--
ධම්මික මෙන්ඩිස්෴
Dhammike Mendis

වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri)

unread,
Jul 14, 2008, 3:11:52 AM7/14/08
to Sinhala...@googlegroups.com
අරවින්දගේ කෝපය සාධාරණ බව සැබැවි. වැරදි නම් බොහෝමය. මා බස පිළිබඳ වියෙතෙකු නොවන මුත් අකුරු විනසෙහි ඇති වැරදි නම් ලෙහෙසියෙන් හසු වේ. වෙබයට දැමුමට පලමු එය නිවැරදි කළා නම් යෙහෙකියි. නමුත් දැන් නම් මෙය හැකි විගස සෝදනයට ලක් කළ යුතුමැය. නොයෙකුත් අයුරින් රාමු කරනවාට වඩා සියල්ල නිදහස්ව ගැලීමට දෙනවානම් වඩාත් ප්‍රිය වේවි. ඔබ තැඹිලි පැහැය කරා ගියේ සිවුරේ පඬු පැහැය ගැන්මටයි මට සිතේ. නමුදු එය පෙර බොහෝ දෙනා කියූ පරිදි ඇසට වෙහෙස කරය. මා සිතන්නේ සුදු පසුබිමෙහි කළු අකුරු බෙහෙවින් කැපී පෙනෙන බවයි. තවද, මෙම අකුරු වල ප්‍රමාණය විශාල කිරීමට css උපක්‍රමයක් යොදන්නේ නම් තරමක වයසක උපාසක ඇත්තන්ද සිංහල වෙබයට ඇද ගැන්මට හැකි වනු ඇත. තිරයේ ප්‍රමාණය මත රැදී නොසිටීමට table වල ප්‍රතිශත අගයන්ට යන්නේ නම් යෙහෙකි. උත්සහය අනගියි. නමුත් ප්‍රචාරණයට ඉක්මන් නොවී මෙවැනි ජනකාන්ත ගැදියක් වෙබයට දැමීමේදී පරිස්සම් විය යුතුමය.

නිලන්ත

වසන්ත දේශප්‍රිය෴

unread,
Jul 14, 2008, 1:23:14 PM7/14/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මිතුරනි (සක්‍රීය ව දායක වන මිතුරියන් දැන් සමූහයේ නැති බැව් ද ලිංග බේදය
අනුව ලංකාවේත් අංකිත බෙදුම තදින් පවතින බැව් ද මින් පෙනේ),
‎ඇතැම් මිතුරන් (විශේෂයෙන් ම අරවින්දයන්) උක්ත වෙබ් අඩවිය මා නිම වූ
දෙයක් ලෙස සිතා ප්‍රතිචාර දක්වා ඇති බැව් පෙනේ. එය ‎සන්නිවේදනයේ අඩුවක්
නිසා නො දැනුමෙන් සිදු වූවක් යයි සිතමි).
මෙම වෙබ් අඩවිය නිම වූයේ ඉ-සමාජ වැඩ සටහනේ එක් ප්‍රධාන ක්‍ෂේත්‍රයක් වන
ප්‍රජා සහන අරමුදලෙන් ආධාර ලැබූ ආයතනයකි. (මා ඉක්ටා හි වෙනම අංශයක් වන
රාජ්‍ය අංශ ප්‍රතිනිර්මාණ (හෙවත් ඉ-රාජ්‍ය) වැඩ සටහනේ කටයුතු කලත් සිංහල
අන්තර්ගතය අතුරුදැළෙහි වැඩි කිරීමට ඇති ‎පුද්ගලික උනන්දුව නිසා මෙම
ව්‍යාපෘතිය ගැන ඔබගේ අදහස් දැන ගැනීමට ලිවීමි - එය පාරා වළල්ලක් වී
කූඤ්ඤය ගැල වූ වඳුරා ට වූ දෙය සිහිපත් කරවයි:)
ඉ-සමාජ ව්‍යාපෘති පිළිබඳ වැඩි දුර විස්තර පහත සබැඳියේ තිබේ.
http://www.icta.lk/Sinhala/insidepages/programmes/e-Society_initiative_development.asp

(ප්‍රජා හා පුද්ගලික ආයතන අප ආයතනයට ඉදිරිපත් කරන ව්‍යාපෘති යෝජනා බාහිර,
තොරතුරු තාක්‍ෂණය හා සමීප ව බැඳි දීමනා මඩුල්ලක් (Grants Board) මගින්
පරීක්‍ෂා කොට අනුමත කරන අතර ඉන්පසු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
ශිල්ප සයුර නිම වූයේ ඉ-සමාජ වැඩ සටහනේ සහයෝගිතා සහන අරමුදල මගිනි. දැනට
එවන් ව්‍යාපෘති 100 කට අධික සංඛ්‍යාවක් අරඹා ඇති අතර ඉන් 20 ක් පමණ නිම
වා ඇත. ඔබට ද මේ ගැන සොයා බලා ඉ-සමාජ වැඩ සටහනේ ව්‍යාපෘතියක් සඳහා යෝජනා
ඉදිරිපත් කළ හැක).

උක්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ Vicit-Samajaya නැමැති සංවිධානය
විසිනි. එහි පූජ්‍ය එල්ලාවල විජිතානන්ද ථෙර විසින් අප සමූහයේ සංවාද ගැන
මේ සම්බන්ධයෙන් මට එවූ පණිවුඩයක් ද ඔබ සැමගේ දැන ගැනීම පිණිස පහත දක්වමි.
+++++++++++++++
Dear Wasantha
As per your request I am sending following information regarding
Jathakakatha.org. The given comments are highly appreciated. Updates
are being done. According to them they refer three books of 555
Jathakaya and According to one edition “Apannaka” is න්න.
The grant is not only including digitizing Jathaka Kathawa but also it
includes capacity building of youths & several community awareness
programme; using offline CDs.

Rev.Ellawala Vijithananda
President
VICIT-SAMAJAYA
vi...@bellmail.lk
++++++++++++++++++++++

ඉක්ටා මගින් ක්‍රියාත්මක කරන සංඛ්‍යාවෙන් 500 කට වැඩි වූ සියළු
ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ 50 කට ත් අඩු සේවක මඩුල්ලක් විසිනි. ඉ-සමාජ
වැඩ සටහන ක්‍රියාත්මක කරනුයේ තිදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකිනි. එහි
බහුතරයක් කටයුතු බාහිර ප්‍රජා හා වාණිජමය සංවිධාන මගින් ඉටු කර ගන්නා අතර
එම වැඩ සටහන එහි ව්‍යාපෘතිවල ගුණාත්මක බව ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් ම
ප්‍රජා දායකත්වය අපේක්‍ෂා කරයි. (මෙම අමතර කරුණු දැන්වූයේ මෙවන්
ව්‍යාපෘතියක් අවසන් වන විට එය 100% ක් ම නිවැරදි ව තිබිය යුතු බව ඇතැම්
මිතුරන් සිතන බව හැඟුණු හෙයිනි. එසේ වුවා නම් සිංහල යුනිකේතය ද තවමත්
අතරමග විය යුතුය.)
ඉහත මූල ධර්මය ක්‍රියාවට නගමින් සිංහල යුනිකේත ප්‍රජාව වන ඔබගෙන් ලද අගනා
ප්‍රතිපෝෂණයන් ට මෙම ‎ව්‍යාපෘතියේ නියමුවන්ගේ ප්‍රතිචාර දැනටමත් ලැබී
ඇති හෙයින් ඒවා ඉක්මනින් ම ඵල දරනු ඇතැයි අපේක්‍ෂා කරමි.
ඔබ සැම ඉතා ලැදි ව ලබා දුන් සියළු ප්‍රති පෝෂණයන් ට ඉ-සමාජ වැඩ සටහන
වෙනුවෙන් තුති!
වෙබ් අඩවිය ගැන ඉදිරියට ත් ඔබ දක්වන අදහස් මෙය තව දුරටත් දියුණු කිරීමට
උපකාරී වනු ඇත. ඔබට මේ සඳහා විශේෂ දායකත්වයක් දිය හැකි නම් ඍජුවම පූජ්‍ය
එල්ලාවල විජිතානන්ද ථෙර වෙත ලියනු මැනවි.

තුති!

වසන්ත දේශප්‍රිය


On Jul 14, 12:11 pm, "වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha

Swarna Jayaweera

unread,
Jul 14, 2008, 1:28:07 PM7/14/08
to Sinhala...@googlegroups.com
නොකරනවාට වඩා කරන එකනම් හොදයි ද ?. නැතිනම් නොකර  ඉන්න එක හොදයි ද ?. ජාකත පොත යනු  සුරංගනා කතා පොතක් ?. ලෝක පූජිත ග්‍රන්ථයක්ද ?. 
සමා වෙන්න මා වැරදිනම්
Reply all
Reply to author
Forward
0 new messages