අබා සිනමා වීර කාව්‍ය

314 views
Skip to first unread message

රන්දුනු.

unread,
Mar 6, 2008, 1:52:28 AM3/6/08
to සිංහල යුනිකෝඩ් සමූහය
සිංහල සිනමා ඉතිහාසයට නවමු යමක්‌ එක්‌ කරමින් නිශ්පාදනය කරන ලද අබා සිනමා
කෘතියේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීමේ කාර්ය සියළු මාධ්‍ය සගයන් ගේ
සහභාගිත්වයෙන් ඊයේ සවස පැවත්විණ.

මේ පිළිබඳව ඔබ දැනුවත් කරනු රිසියෙන් මෙම ලිපිය ලියමි. එහි පූර්ව
ප්‍රචාරක පටය නැරඹීමෙන් චිත්‍රපටයේ ගුණාත්මක බව ඉහල මට්‌ටමක පවතින බව කිව
හැකිය. වෙබ් අඩවිය මගින් ඔබටත් එය නැරඹීමේ හැකියාව ලැබෙනු ඇත.

මෙහි නිශ්පාදක මඩුල්ලේ අරමුණ මෙය ජාත්‍යන්තරය කරා ගෙන යාමය. එහි පළමු හා
ප්‍රධාන උත්සාහය මෙම වෙබ් අඩවිය මුදා හැරීමයි. දේශියත්වය ජාත්‍යන්තරයට
ගෙන යාමට වෙර දරන අපේ සමූහයේ සියළු සමාජිකයින් ගේ සහය මීට ලැබෙනු
නොඅනුමානය.

http://www.aba.lk

රන්දුනු
http://trandunu.blogspot.com

Pathum Herath

unread,
Mar 6, 2008, 3:02:21 AM3/6/08
to Sinhala...@googlegroups.com
රන්දුනු,
ඔබට ස්තූතියි විස්තර දැන්වූවාට..
අඩවිය ඉතාමත් හොද තත්වයක තියෙනවා. මම අදහස් කළේ තාක්ෂණික හෝ වෙනයම් බරපතල දේවල පිළිබදව නොවේ දැක්ක ගමන් හිත යන ගතියක් තියෙනවා. නමුත් දුක හිතෙන දේවළුත් තියෙනවා.
 එහි ඇති බොහෝ රූපක, සහ අඩවියේ සැකසුම ආදිය තුළින් අපේ කමට වඩා මතු වෙන්නෙ බොහෝම ප්‍රසිද්ධ විදේශීය අනන්‍යතාවයන් කිහිපයක මුසු වීමක්.. දැක්ක ගමන් හිතෙන්නෙ මේක හදල තියෙන්නෙ අරක වගේනෙ කියල.. (මට හිතුන දේ තමයි මේ කියන්නෙ..).

කොහොම වුණත් අනිවාර්‍යයෙන්ම පළමු සතියෙම ගිහින් බලන්න ඕනෙ. 

ස්තූතියි

පැතුම්..
--
෴පැතුම්/Pathum෴

විශ්ව කුමාර

unread,
Mar 6, 2008, 7:54:16 AM3/6/08
to සිංහල යුනිකෝඩ් සමූහය
අපේ ඉතිහාසය මේ යැයි
ලෝකයටම ආඩම්බරයෙන් කිව හැකි
ඉතා උසස් මට්ට්මේ සිනමා කෘතියක්
බව පෙනෙන්නට තිබෙනවා.

> එහි ඇති බොහෝ රූපක, සහ අඩවියේ සැකසුම ආදිය තුළින් අපේ කමට වඩා මතු වෙන්නෙ
> බොහෝම ප්‍රසිද්ධ විදේශීය අනන්‍යතාවයන් කිහිපයක මුසු වීමක්.. දැක්ක ගමන්
> හිතෙන්නෙ මේක හදල තියෙන්නෙ අරක වගේනෙ කියල.. (මට හිතුන දේ තමයි මේ කියන්නෙ..).
ලෝකයේ කොහේ හැදුවත් කාර් එකක් කාර් එකක් වගේ, ගෙයක් ගෙයක් වගේ.
චිත්‍රපටයක් ප්‍රචාරණය සඳහා කරන වෙබ් අඩවි බොහෝමයක තිබෙන පොදු ලක්ශණ ඒ
විදිහටම ගෙන යාමේ වරදක් මා දකින්නේ නැහැ. එවිටයි එය ජාත්‍යන්තර මට්ටමේ
පිලිගැනීමකට ලක් වෙන්නේ.

පොඩි ප්‍රශ්නයකට තිබෙන්නේ මෙම වෙබ් අඩවිය හොඳින්ම දර්ශනය වන්නේ 1400 X
900 Widescreen මොනිටර වලින් වීමයි. දැනට ලංකාවේ වැඩියෙන්ම භාවිතා වන්නේ
1024 X 768 විභේදනය සහිතවයි.

Pathum Herath

unread,
Mar 6, 2008, 8:16:47 AM3/6/08
to Sinhala...@googlegroups.com
මම අදහස් කළේ අබා තුළින් මතුවන අපේ ඉතිහාසය ලෝකයට ගෙන යන්න අපි අනුන්ගේ පහන් වල එළිය ගන්න ඕනෙ ද කියන එක.
අපිට (මට) ඒ  ඒ රූපක දුටු සැණින් ඒවා තුළ තිබුණු එම විදේශීය අනන්‍යතාවය එකපාරටම දැනුනේ ඔවුන් ඔවුන්ගේ අනන්‍යතාවය ඒ තුළින් මනාව පිළිඹිබු කරල තිබුණ නිසා වෙන්න ඇති. අප තුළ තියෙන නිර්මාණශීලීත්වය තව පොඩ්ඩක් වෙනස් විදියට යොදා ගන්න පුළුවන් නම් කවද හරි දවසක වෙන කවුරු හරි තවත් මෙවැනිම නිර්මණයක් කරල "අපිත් අර අබා සයිට් එක වගේ මේක හදමු" කියල කියයි. අබා කියන්නෙ එවැනි වෙනසක් ඇති කරන්න හොඳ බීජයක් කියලයි මම හිතන්නෙ.

Anjana

unread,
Mar 7, 2008, 11:30:38 AM3/7/08
to සිංහල යුනිකෝඩ් සමූහය
www.aba.lk film sinhala version of Lord of the Rings
or is it truly pacndukabaya story ?

එම්-එන්

unread,
Mar 8, 2008, 4:56:25 AM3/8/08
to සිංහල යුනිකෝඩ් සමූහය
මම හිතාගෙන හිටියේ ජැක්සන් ඇන්තනී 'අබා' තුලින් නිර්මාණයක් කරයි කියලා...
ඒත් මේක ඉන්ටර්නැෂනල් මට්ටමේ රේස් එකකට දුවන්න හදලා වගේ...
ලෝඩ් ඔෆ් ද රිංග්ස්, අශෝක්, ඇපකැලිප්ටෝ වගේ ලෝකප්‍රකට කෘතීන්ගේ
අනුකරණයනුත්,
දකුණු ඉන්දියානු, උතුරු ඉන්දියානු, අප්‍රිකානු, කව්බෝයි හා රතු ඉන්දියානු
සංස්කෘතීන්ගේ අනන්‍යතාවයනුත් අවශ්‍ය තරමටත් වඩා උලුප්පාදක්වා ඇති බව නම්
ට්‍රේලර් එක දුටු පමණින්ම පේනවා...
පුදුමේ කියන්නේ සිංහල අනන්‍යතාවයන් ඉතා අඩු බව...
ඒ වගේම සිංහලයින් කියන්නේ කොන්ඩේ රැවුල් වවාගත්ත, ගස් ගල් යට ජීවත් වුනු
ගෝත්‍රිකයින් කියලා මවාපා තිබීම සහ ලෝක තලයට ගෙනයන විට තමන්ගේ
ශිෂ්ටාචාරයේ අනන්‍යතා හා වටිනාකම් ඉස්මතුකරන්න වෙනත් ජාතීන්ගේ නිර්මාණ
උත්සාහ දැරුවත්, මේක ඊට හාත්පසින්ම වෙනස් උත්සායක් දරණ බව මට හැ‍ඟේ... :(

කොහොම උනත් කතාවේ හරය සැලකීමේදී මට නම් හිතෙන්නේ "අබා" පිටතින් පැණි
ගුලියක් වගේ පෙනෙන්නට තිබ්බට ඇතුලතින් ඉන්දියන් ලඩ්ඩුවක් වගේ ‍බවයි.
බලන්න දෙයක් තිබ්බට ගන්න දෙයක් නැති සිනමා කෘතියක් වෙයිද?

බලමු....

Rajith Vidanaarachchi

unread,
Mar 8, 2008, 5:22:06 AM3/8/08
to Sinhala...@googlegroups.com
කෙසේ වුණත් මට නම් අවබෝධ වුණේ ලංකාවේ මෙතෙක් සෑදූ චිත්‍රපට අතර තත්වයෙන් උසස් - රටට යමක් ගෙනෙන චිත්‍රපටයක් බවයි

ඉන්‍දියානු ගතියක් ඇති බව මුලදී දක්නට ලැබෙන්නට පුළුවන්, ඒත් මට නම් එසේ නොපෙනේ - හේතුව මෙය ලාංකේය කථා වස්තුවක් අනවශ්‍ය "ආදර කතා"(ඉන්‍දීය සිනමාවේ ඉතිහාස කතා තුළ පවා ඇති උදා:- අශෝක්, ජෝදා-අක්බාර්) නොතිබීමයි. එසේම මෙහි කථා නායකයා ළමයෙකු වීමත් දැක්විය හැකියි.

කෙසේ වෙතත් විවේචනයට පෙර චිත්‍රපටය නැරඹිය යුතු බව මගේ අදහසයි. කොතරම් පිටරට ආභාසය ඇති වුණත්(ඔබ එසේ සිතනවානම්) සිංහළ සිනමාවට හා ඉතිහාසයට මහඟු සේවයක් වන බව නොඅනුමානයි.
කෙසේ වෙතත් "අප්‍රිකානු, කවුබෝයි, රතු ඉන්‍දියානු" අනන්‍යතා දැක්වෙන බව කීම විහිළුවට කරුණක්. සිංහල අනන්‍යතාවය නොදැක්වේ යයි ඔබ පැවසුවද එය දැක්වෙන බව නම් නොපසුබටව කිව හැක
උදා:- රජ මාලිගය, පණිවුඩකරු, ඇඳුම් පැලඳුම්(ඉන්‍දියානු ඇඳුම් වලට වඩා බොහෝ සේ වෙනස්),ගහලයින්, සටන් ක්‍රම(මේවා ඔබ දක්වා තිබූ එකඳු සංස්කෘතියකට හෝ එබඳු චිත්‍ර පටයක අන්තර්ගතව නොමැත)

සිංහළයින් ගැන වැරදි වැටහීමක් ලබා දෙන බව පැවසුවත්, මට නම් එය සිතාගැනීමට වත් බැහැ... කොණ්ඩය රැවුල වැවීම වනචාරී බව පෙන්වන්නක් නොවේ - එය අතීතයේ තම අභිමානය ප්‍රකාශකිරීමට භාවිතා කළ දෙයක්. බිතු සිතුවමක පවා පැරණි රජවරු නිරූපණය කරනුයේ කොණ්ඩය දිගට බව අමතකද?ගස් ගල් යට ජීවත්වන බවට ඉඟියක් වට trailer එකෙන් නොදැක්වේ. එහෙත් නිවෙස් කීපයක් නම් දක්නට ලැබුණු බව මතකයි. එසේම කරත්තයක්ද තිබුණා - මේ වනචාරී බවේ සංකේතද?

තම ජාතිය ගැන අභිමානයක් ඇති අයෙකුට නම් මෙම සිතුවම්පටය අභිමානය වැඩි කිරීමට හේතුවනු ඇත, එහෙත් හීනමානයකින් තම ජාතිය දෙස බලන්නේ නම් මෙය අන් එකක කොපියක් ලෙස දැනීම වැලැක්විය නොහැක.


බුදුසරණයි.
 
--
රජිත් විදානආරච්චි
Rajith Vidanaarachchi

   .-  - .
  | o_o |
  | :_ /  |
 / /      \ \
( |         | )
/' \_      _/`\
\___)=(___/

එම්-එන්

unread,
Mar 8, 2008, 9:19:46 AM3/8/08
to සිංහල යුනිකෝඩ් සමූහය
රජිත්,
මම කිව්වේ ට්‍රේලර් එක බලලා හිතුන දේ... කාත් එක්කවත් ඇරගන්න හිතාගෙන
නෙමෙයි. :D
කොහොම උනත් ඔබේ ප්‍රතිචාරයට මගේ ප්‍රතිචාරයත් කියවන්න....

On Mar 8, 3:22 pm, "Rajith Vidanaarachchi"
<rajith.vidanaarach...@gmail.com> wrote:
> කෙසේ වුණත් මට නම් අවබෝධ වුණේ ලංකාවේ මෙතෙක් සෑදූ චිත්‍රපට අතර තත්වයෙන් උසස් -
> රටට යමක් ගෙනෙන චිත්‍රපටයක් බවයි
>
ලංකාවේ චිත්‍රපටි කර්මාන්තය තුල කවදාවත් රටට විනිමය උපයන්න බලාගෙන
චිත්‍රපට හැදිලා නැහැ ඉන්දියාවේ වගේ...
ඇත්තටම ලංකාවේ චිත්‍රපට කර්මාන්තය සිටින්නේ ඉතා අල්ප නිර්මාණකරුවන්
පිරිසක්, අනෙක් (බහුතරය) අය ව්‍යාපාරිකයෝ මිසක් නිර්මාණකරුවෝ නෙමෙයි.
ලංකාවේ නිර්මාණ විදියට ලෝකයට මෙතෙක් ගිහින් තිබුණේ හඳ(ගඳ)ගම, විමුක්ති
ජයසුන්දර වගේ ඩොලර් කාක්කන් විසින් සම්මාන උළෙලවල් හා ඩොලර් ඉලක්ක කර
හදපු ගඳගහන නිර්මාණ කීපයක් විතරයි.

ඉතින් ඒවත් එක්ක මේක සංසන්දනය කරන්න බෑ...
ඒ වගේම ඉතිහාසය ගැන, වංශකතා ගැන, වීරකතා ගැන ලංකාවේ හදලා තියෙන වෙනත්
චිත්‍රපටත් එක්කත් මේක සංසන්දනය කරන එක අසාධාරණයි...
කොහොමත් මේක ඒවට වැඩිය හොඳ වෙන්න ඕන....

> ඉන්‍දියානු ගතියක් ඇති බව මුලදී දක්නට ලැබෙන්නට පුළුවන්, ඒත් මට නම් එසේ නොපෙනේ
> - හේතුව මෙය ලාංකේය කථා වස්තුවක් අනවශ්‍ය "ආදර කතා"(ඉන්‍දීය සිනමාවේ ඉතිහාස කතා
> තුළ පවා ඇති උදා:- අශෝක්, ජෝදා-අක්බාර්) නොතිබීමයි. එසේම මෙහි කථා නායකයා
> ළමයෙකු වීමත් දැක්විය හැකියි.
>
මම ඉන්දියානු ගතියක් ගැන කිව්වේ රූපමය වශයෙන් නෙ‍මෙයි, මතවාදමය
වශයෙන්....
මොකද, දැන් ඉන්න බොහෝ ඉතිහාසඥයෝ (ජැක්සනුත් ඇතුළුව) සිංහලය විජයගෙන් හා
ඉන්දියානු සම්භවයෙන් පැවතගෙන එන බවට ගොතා ඇති "ටොම් පචය" අදහමින්, ලාංකික
සංස්කෘතිය, ශිෂ්ටාචාරය හා අනෙකුත් සියළුම දේ ඉන්දියාව වෙත ඌනනය කිරීමේ
උත්සාහයක් දරන නිසා....
ඇත්ත කතාව නම් විජයාගමනය හා සම්බන්ධ සිංහලයින්ගේ (දැනට පිළිගන්නා)
වංශකතාව - සිංහබාහු කතාවත් ඇතුළුව- සම්පූර්ණයෙන්ම ගොතන ලද මිථ්‍යාවක්
බවයි. එය මහාවංශය ලියූ මහානාම හාමුදුරුවන්ගේ පටන් අද දක්වා සිටින විවිධ
ඉන්දියානු ඌනනවාදීන්ගේ මතයක් මිසක් ඇත්ත වංශකතාව නොවෙයි.

> කෙසේ වෙතත් විවේචනයට පෙර චිත්‍රපටය නැරඹිය යුතු බව මගේ අදහසයි. කොතරම් පිටරට
> ආභාසය ඇති වුණත්(ඔබ එසේ සිතනවානම්) සිංහළ සිනමාවට හා ඉතිහාසයට මහඟු සේවයක් වන
> බව නොඅනුමානයි.

ඔව් ඒක ඇත්ත, මෙච්චරකල් සිංහල සිනමාව කොපි කළේ ඉන්දියානු සිනමාව නේ....
දැන් බටහිර හා වෙනත් සිනමාවන් කොපිකර හෝ ඉන්දියානු සිනමාව කොපි කිරීම
අත්හැරීම නම් හොඳ ප්‍රවණතාවයක් තමයි.... :D

> කෙසේ වෙතත් "අප්‍රිකානු, කවුබෝයි, රතු ඉන්‍දියානු" අනන්‍යතා දැක්වෙන බව කීම
> විහිළුවට කරුණක්. සිංහල අනන්‍යතාවය නොදැක්වේ යයි ඔබ පැවසුවද එය දැක්වෙන බව නම්
> නොපසුබටව කිව හැක

මමත් විහිළු වලට කැමතියි... :D හැබැයි මම ඒ වගේ ලක්ෂණ දැක්ක නිසයි එහෙම
විහිළුවක් කළේ... උදා. විදියට අර බෙරයක් ගහන දර්ශනයක් තිබ්බා නේද?, ඒ
වර්ගයේ බෙර නම් මම දැකලා තියෙන්නේ අප්‍රිකානු ගෝත්‍රිකයින්ගේ දර්ශන
ඇතුලත් චිත්‍රපටි වල... ලංකා‍වේ ඒ ජාතියේ බෙර තියද? මම නම් දැකලා නැහැ..
තියනවා නම් සමාවෙන්න...

> උදා:- රජ මාලිගය, පණිවුඩකරු, ඇඳුම් පැලඳුම්(ඉන්‍දියානු ඇඳුම් වලට වඩා බොහෝ සේ
> වෙනස්),ගහලයින්, සටන් ක්‍රම(මේවා ඔබ දක්වා තිබූ එකඳු සංස්කෘතියකට හෝ එබඳු
> චිත්‍ර පටයක අන්තර්ගතව නොමැත)

මම නම් ඔය ඒ දවස් වල තිබ්බ කිසිම දෙයක් හැබැහින් දැකලා නැහැ... මම කිව්වේ
බාහිරව පෙනෙන දේ ගැනම නෙමෙයි, අභ්‍යන්තරව දෙන පණිවිඩයන් ගැන....

>
> සිංහළයින් ගැන වැරදි වැටහීමක් ලබා දෙන බව පැවසුවත්, මට නම් එය සිතාගැනීමට වත්
> බැහැ... කොණ්ඩය රැවුල වැවීම වනචාරී බව පෙන්වන්නක් නොවේ - එය අතීතයේ තම අභිමානය
> ප්‍රකාශකිරීමට භාවිතා කළ දෙයක්. බිතු සිතුවමක පවා පැරණි රජවරු නිරූපණය කරනුයේ
> කොණ්ඩය දිගට බව අමතකද?ගස් ගල් යට ජීවත්වන බවට ඉඟියක් වට trailer එකෙන්
> නොදැක්වේ. එහෙත් නිවෙස් කීපයක් නම් දක්නට ලැබුණු බව මතකයි. එසේම කරත්තයක්ද
> තිබුණා - මේ වනචාරී බවේ සංකේතද?
>

සිංහලයෝ කොණ්ඩෙ රැවුල වැව්වේ පෙරේතයෝ වගේ නෙමෙයි... පිළිවෙලකට පීරලා
ගැටගහලා... තවමත් ඒ වගේ හොඳ ප්‍රියමනාප පෙනුමක් තියන සීයලා ඈත ගම්දනව් වල
නම් ඉන්නවා... සිංහලයින්ගේ කොණ්ඩය වැවීම හා බැදීම තේරැමක් ඇතිව කළ
දෙයක්... ඒකට හේතුසහගත කතාවක් තියනවා... (අර චීන්නුන් කොණ්ඩෙ බදින්න
හේතුව වගේ)
කොණ්ඩෙ රැවුල වැව්වම අභිමානය පෙනෙන්නේ ඒක පිළිවෙලකට කලොත් විතරයි.
රජවරු කොණ්ඩෙ වවන්න ඇති බව නම් ඇත්ත, ඒත් එහෙම දෙයක් අමතක වෙන්න එහෙම
සිංහල රජවරු ඉන්න බිතුසිතුවම් මම නම් දැකලා නෑ... (අර මහනුවර යුගයේ වඩුග
රජවරුන්ගේ සිතුවම් ඇරෙන්න). පුලතිසි පිළිමයේ ඉන්නෙත් පිළිවෙලකට කොණ්ඩය
බැඳපු රජකෙනෙක්.

ගස් ගල් යට කතාව කෙසේ වෙතත්, ඉන්දියානු ඌනතිවාදීන් කොහොමත් හැම අයුරකින්ම
උත්සාහ කරන්නේ ලංකාවේ විජයාවතරණයට පෙර හිටියේ අර අප්‍රිකාවේ වගේ නොදියුණු
ගෝත්‍රිකයෝ ටිකක් විතරයි කියන්න.
එතකොට අර කොළඅතු ඇඳගත්ත ළමයි, කොටිදත් බෙල්ල වටේ දාගත්ත මිනිස්සු,
ගෝත්‍රික ලක්ෂණ නෙමෙයිද?

> තම ජාතිය ගැන අභිමානයක් ඇති අයෙකුට නම් මෙම සිතුවම්පටය අභිමානය වැඩි කිරීමට
> හේතුවනු ඇත, එහෙත් හීනමානයකින් තම ජාතිය දෙස බලන්නේ නම් මෙය අන් එකක කොපියක්
> ලෙස දැනීම වැලැක්විය නොහැක.
>

අපිට අපේ ජාතිය ගැන අති විශාල අභිමානයක් (අතිශයෝක්තියෙන් නෙමෙයි
යථාර්තවාදීව ගවේශනය කිරීමෙන්) තියනවා... ඒ අභිමානය කෙලෙසන විදියේ නිර්මාණ
වලට අපි කවුරු කොහොම කිව්වත් විරුද්ධයි.... ජැක්සන් ඇන්තනීගේ
නිර්මාණශීලීත්වය හා හැකියාව කෙතරම් අගය කළත්, ඔහුගේ මේ නිර්මාණයෙන් අපේ
අභිමානය අවතක්සේරු කරලා තිබ්බොත් ඒක සාධාරණව විවේචනය කළ යුතුයි.

Ruki - රුක්ෂාන්

unread,
Mar 8, 2008, 10:28:51 AM3/8/08
to Sinhala...@googlegroups.com
ට්‍රේලර් එක දුටු හැටියේම මගේ මතකෙට ආවෙ "අසෝක්"  චිත්‍රපටය.

- රුක්ෂාන්
--
Best Regards
Ruki. (Mr.RDX)
www.rukizone.com
www.infinitesbiz.com
www.kegalletown.com
www.mrrdx.com

Rajith Vidanaarachchi

unread,
Mar 8, 2008, 11:30:23 AM3/8/08
to Sinhala...@googlegroups.com
එම්-එන්,

ලංකාවේ විජයට පෙර තිබුණු වසර තිස්දහසක පමණ අතීතය පිළිබඳව අපි ආඩම්බර වීම වියයුතු දෙයක්. ඒත් මේ චිත්‍රපටියට වඩා දේවල් ඒ ඉතිහාසයට හානි කිරීමට සිදුවෙලා තියෙන බව එම ඉතිහාසය පිළිබඳව අවබෝධයක් ඇති කෙනෙකු වශයෙන් ඔබ දන්නවා ඇති.

ඒ වුණාට ලංකාවේ සිනමාව නව මඟකට ගෙනියන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබේවි. ඒ වගේම ඔබත් මමත් දෙදෙනාම ඒ ඉතිහාසයේ මෙරට උදවිය ජීවත් වුණු ආකාරය දැක නොමැති බව ඇත්ත - ඒ නිසා මේ විදියමයි/ මේ විදිය නොවෙයිමයි යන අදහස් ප්‍රකාශ කිරීමට කිසිවෙකුට බැහැ.ඒ වගේම ඒ කාලේ කොණ්ඩේ වවපු විදිහ ගැන කතාකරන්නත් බැහැ - ඒත් මම සුද්දො ලංකාවට ආවට පස්සෙ තමයි අපේ අයගෙ කොණ්ඩ කැප්පෙවුවෙ කියන එක නම් දන්නව :P

අභ්‍යන්තරව දෙන පණිවිඩය අවබෝධ කර ගන්නට නම් චිත්‍ර පටිය බලන්නම ඔනෑ නේද? ඒ නිසා මම නම් දැනට කථා කරන්නෙ මට බාහිරින් බලන්න පුළුවන් උපරිමෙන්.ඒ නිසා අභ්‍යන්තරය ගැන කතාකරන්න නම් මේක බලල ඉන්න ඕනෙ - මම මෙය අනිවාර්‍යයෙන්ම නරඹන නිසා ඉන් පසු මෙයට පිළිතුරක් දීමට හෝ ඔබේ මතය පිළිගැනීම කළ හැකියි.

කොටි දත් බෙල්ලෙ එල්ලගත්තු අය නම් දැන් කාලෙත් බලා ගන්න පුළුවන් - ඒක වනචාරී බවකට සාධකද?

ඔබට. මට අභිමානයක් තිබුණට, එහෙම දෙයක් තියා ඉතිහාසයක් ගැනවත් නොදන්න අය ඉන්න නිසා ඒ වගේ අයට හෝ ඉතිහාසය මෙන්න කියා පෙන්වන්න හැකියාව තියෙන චිත්‍රපටියක් බව පිළිගන්න බැරිද?

විවේචනය කළ යුතුයි එහෙත් නැරඹීමෙන් පසු. එසේ නැරඹිමෙන් පසුව මගේ අභිමානයට ජාතියේ අභිමානයට හානියක් වෙන දෙයක් දැක්කොත්, එම විවේචනයට මාත් බොහොම සතුටින් එකතුවෙනවා
//උපුටා ගැනීම

ඔව් ඒක ඇත්ත, මෙච්චරකල් සිංහල සිනමාව කොපි කළේ ඉන්දියානු සිනමාව නේ....

දැන් බටහිර හා වෙනත් සිනමාවන් කොපිකර හෝ ඉන්දියානු සිනමාව කොපි කිරීම
අත්හැරීම නම් හොඳ ප්‍රවණතාවයක් තමයි.... :D
මම ඉන්දියානු ගතියක් ගැන කිව්වේ රූපමය වශයෙන් නෙ‍මෙයි, මතවාදමය
වශයෙන්....

මෙය නම් පරස්පර විරෝධී අදහස්...

කොහොමත් මම ඔබේ අදහස් වලට විරුද්ධ වන බවක්වත්, ඔබට ජාතිකාභිමානයක් නැතිබවක්වත් නෙමෙයි කිවුවෙ. ඉතිහාසය ගැන බොහෝ කාලයකට පසුව චිත්‍රපටියක් පැමිණීම ගැනත්, එය උසස් තත්වයෙන් ඇති බව පෙනෙන්නට තිබෙන නිසාත් එය මට මගේ රට ගැන ආඩම්බරයට කරුණක්.ඔබට එය එසේ නොවිය හැකි බවත් මට තේරුම් ගන්න පුළුවන්.

ඒත් මම පෙන්වල දුන්නෙ ඔහොම දරුණු විදියට විවේචනය කරන්න trailer එකක් බැලීම ප්‍රමාණවත් නෑයි කියන එක. මොකද trailer එකකින් චිත්‍ර පටිය ගැන අවබෝධයක් ගැනීම අපහසු නිසා.

බුදුසරණයි.

පලි. - මටත්

විශ්ව කුමාර

unread,
Mar 9, 2008, 5:26:28 AM3/9/08
to සිංහල යුනිකෝඩ් සමූහය
අන්තර්ජාතික මට්ටමේ සිනමා කෘතියක් දෙස හීනමානයෙන් යුතුව දකිනම් එක
කනගාටුවට කාරනයක්. මෙය Lord Of The Rings තරම්ම හොඳ වුනත් ලාංකීය බවක්
පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඇයි, "අපේ දෙයක් එච්චර හොඳ වෙන්න බැරිද?"

ළූනු ගෙඩියක් ලොකු නම් ඒක "රට ළූනු", පොඩි ඒවා "ලංකා ළූනු". ලොකු හාවෝ
"රට හාවෝ", පොඩි වුන් "අපේ හාවෝ". මේකට කියන්නේ හීන මානය කියලා නේද.

ඊයේ ජැක්සන් ඇන්තනී ගේ රැජිනි දැක්මේදී මේ ගැන බොහෝ දේවල් කතා බහට ලක්
වුනා. ඔහුගේ ඉතිහාසය ගැන දැක්ම ටිකක් රැඩිකල්.

Sapumal Jayaratne

unread,
Mar 9, 2008, 9:58:24 AM3/9/08
to Sinhala...@googlegroups.com
හිතවත් මිතුරනි,

මමත් හිතන්නේ අපි ටිකක් විවෘතව සැමදේම දිහා බැලුවොත් හොඳයි කියා. ඔබලා බලලා තියනවාද 300 කියන චිත්‍රපටිය (http://en.wikipedia.org/wiki/300_(film) ). එය ගිය වසරේ බොහොම ජනප්‍රිය වූ epic චිත්‍රපටයක්. මේ වසරේ ඒක විහිලුවක් කරගෙන meet the spartans  (http://en.wikipedia.org/wiki/Meet_the_Spartans) කියලා ෆිල්ම් එකක් ආවා.  300 කියන්නේ ශ්‍රේෂ්ඨ ග්‍රීක වීරයෙකුගේ කතාවක්. අනිත් එක නම් මහා විහිලුවක්. එම වීරයා නින්දිත විදියට අපහාසයට ලක්කරන්නක්.

දැනගැනීම උදෙසා පමණයි! :-)

සැරදේවා,
සපුමල්.

රන්දුනු.

unread,
Mar 10, 2008, 6:31:44 AM3/10/08
to සිංහල යුනිකෝඩ් සමූහය
හිතවත් මිතුරනි

Trailer එක විතරක්‌ බලල මදි.. Making of වීඩියෝ ටිකත් බැලුවහම තේරෙනවා මේ
මිනිස්‌සු කොයිතරම් මහන්සි වෙලා තියනවද මේ නිර්මාණයට කියලා.

යමක්‌ සඳහා විවේචන අනවශ්‍යයැයි මම නොපවසමි..

නමුත් කොපියක්‌ හෝ අනුගමනය කිරීමක්‌ හෝ
එහෙමත් නැත්නම් අනුකරණය කිරීමක්‌ හැටියට එකිනෙකා මෙය දුටුවත්...

මෙවැනි යමකින් හෝ සිංහල සිනමාවේ යම් වෙනසක්‌ කිරීමට
ගන්නා උත්සාහය විවේචනයට වඩා අගය කල යුතුයි නේද?

බොළඳ ප්‍රේම කතාවක
සතුරා පරජය කරලා වීරයා දිනවට
වඩා කොයි තරම් ලස්‌සනද
අපේ ඉතිහාසයේ වීර කථා
චිත්‍රපට වශයෙන් කරලියට එන එක ?

එවැනි නිර්මාණයක්‌ ලොව ප්‍රකට අනෙකුත් නිර්මාණවල
හැඩය ගත්තාට කම් නෑ නේද?
කතාවේ අන්තර්ගතය තුලින් ලොවට පෙන්වන්නේ
අපට උදම් ඇනිය හැකි අපේම ඉතිහාසයේ ප්‍රෝ‍ෟඩත්වය නම්...

Mr. Sanjeewa Guruge

unread,
Mar 9, 2008, 8:40:52 AM3/9/08
to Sinhala...@googlegroups.com
අනෙ අම්මපා මුන්ට ෙමානවා වෙලාද.....?
තවම ජැක්සන්ෙග් 'අබා' චිත්‍රපටිය බලලා වත් නෑ....
ෙමතන ෙකලගන්න හදනවා....

ෙබාලාට පිටරටින් ඒන ඒවා නං විශිෂ්ඨ නිර්මාණ...
අෙප් ඒෙකක් අමාරුෙවන් සල්ලි ටිකක් ෙහායාෙගන චිත්‍රපටියක් කරාහම
ඒක කොපියක්... 
ඒ උනාට කතා කරන්ාන් ජාතිකාභිමානයක් ගැන....

අම්මපා ෙබාලාටත් ඉර හද පායනවා ෙන්....

--
මම ලංකාවෙ ඒෙකක්.

එම්-එන්

unread,
Mar 10, 2008, 6:42:53 AM3/10/08
to සිංහල යුනිකෝඩ් සමූහය
රජිත්,
ඇත්ත, සම්පූර්ණ චිත්‍රපටියම බලන්නේ නැතිව සාධාරණ විවේචනයක් කරන්න බැහැ.
මම ඒ අදහස් දැක්වුවේ ට්‍රේලර් එකේ දුටු දේ ගැන පමණයි.
ඔව් අපේ සැබෑ ඉතිහාසයට මීට වඩා දැවැන්ත හානි කරපු අය ඉඳලා තියෙනවා...
අදටත් ඉන්නවා...
පරණවිතාරණගේ ඉදන් එපිටවත්ත දක්වා අදටත් අපේ ඉතිහාසය වළලමින්, වැළලෙමින්
තියෙනවා...
දැනට රාවන යුගය පිළිබඳව සෙල් ලිපි 160කට අධික ප්‍රමාණයක් හමුවී තිබෙනවා,
විජයාවතරණයක් ගැන සෙල්ලිපි කීයක් හම්බවෙලා තියෙනවද?
ඒ සෙල්ලිපි විනාශ කළේ කවුද? ඇයි ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ?
ජනශ්‍රැතියේ විජයාවතරණයක් ගැන සාධක කොච්චර හමුවෙලා තියද? රාවන යුගය ගැන
කොච්චර සාධක තියද?
ඒ වගේම අභයගිරියේ තිබූ ඇත්තු 7 දෙනෙකුගේ ප්‍රමාණයේ ග්‍රන්ථ ගොඩක් ගිනි
තැබුවේ ඇයි? කාගේ උවමනාවටද?
චීන බුදුසමයේ (සෙන් දහමේ) මූලග්‍රන්ථයක් වන ලංකාවතාර සූත්‍රයේ සඳහන්
බුදුරජාණන්වහන්සේට ලංකාවේදී, මලයගිරෙහි පිහිටි තම මාලිගයට වැඩමකර ධර්මය
දෙසන්නැයි ආරාධනා කළ ලංකාධිපති රාවන කවුද?
සීගිරියේ, දුම්බර කඳු අතර (ලකේගල අවට), මාතලේ, හලාවත, කතරගම,
ත්‍රිකුණාමලයේ, බලං‍ගොඩ ආදී ප්‍රදේශයන්හි ඇති වසර 2500 ට වඩා පැරණි
නටඹුන් මොනවාද? ඒවා සංරක්ෂණය කරන්නැත්තේ ඇයි?
නාසා, සී.අයි.ඒ. වැනි ඒජන්තයින් ලංකාවේ පුරාවිද්‍යාවට ඇඟිලි ගසන්නේ ඇයි?
ඔවුන් දැනටමත් පැහැරගෙන ගොස් ඇති දෑ මොනවාද?
වගේ දහසකුත් එකක් ප්‍රශ්න වසන් කරන්න "අබා" චිත්‍රපටියත් සමහරවිට උදව්
වෙයි. මොකද, මහා සිංහලේ වංශ කතාවෙනුත් ඒක වුන නිසා.

මේ චිත්‍රපටියෙන් සිංහල සිනමාව නව මගකට ගියාට වැඩක් තියෙයිද, සිංහල
ඉතිහාසට වැරදි මගකට යවලා...?

> ඔබට. මට අභිමානයක් තිබුණට, එහෙම දෙයක් තියා ඉතිහාසයක් ගැනවත් නොදන්න අය ඉන්න
> නිසා ඒ වගේ අයට හෝ ඉතිහාසය මෙන්න කියා පෙන්වන්න හැකියාව තියෙන චිත්‍රපටියක් බව
> පිළිගන්න බැරිද?

පෙන්වන්නේ වැරදි ඉතිහාසයක් නම්? වෙන්නේ ලොකු ඇබැද්දියක් නේද?

> මෙය නම් පරස්පර විරෝධී අදහස්...

එතනදී මම අදහස් කළ දේ ඔබට වැටහී නැති හැඩයි....
නැවත පැහැදිලි කරන්න ගියොත්........... වෙලාව තමයි ප්‍රශ්නේ...
පස්සේ අපි වෙනම කතා කරමු.... පුළුවන් උනොත් බ්ලොග් එකේ ලියන්නම්....


විශ්ව,
දීර්ඝ කාලයක් තිස්සේ විකෘති කිරීම්වලට ලක්වෙච්ච ලංකා ඉතිහාසය දැන් උඩු-
යටිකුරු වෙලා තියෙන්නේ...
ඒක දැන් අපිට පෙනෙන්නේ යථාර්තය (ප්‍රකෘතිය) විදියට.
විකෘතිය නැවත ප්‍රකෘතිය කරලා විස්තර කරන්න දැවැන්ත උත්සාහයක් අවශ්‍යයි.
ඒක මට මෙතන වචන කීපයකින් ලියන්න බැහැ.
දැන් අපි ඇත්ත කියලා හිතාගෙන ඉන්න අපේ ඉතිහාසය ගැන කලා නිර්මාණ කෙරෙනකොට
එය අගය කිරීම හෝ හොඳ යැයි කීම වරදක් නැහැ. ඒ ඒක සාපේක්ෂ නිසා.
අපිට (සිංහලයින්ට) අනන්‍ය චින්තනයක් තියෙනවා. අපි මොකටද ඉන්දියානු
චින්තනයට යටවෙන්නේ?
ලංකාවේ ඉන්දියානු චින්තනයට යටවුනු අය තමයි (විශේෂයෙන්ම සමාජයේ කැපීපෙනෙන
අය) අනිත් මිනිස්සුත් ඉන්දියානු චින්තනයට යටකරන්න හදන්නේ...
ඒක වැඩියෙන්ම සන්නිවේදනය වෙන්නේ චිත්‍රපටි හා සංගීත නිර්මාණ වලින්...

ජැක්සන්ගේ ඉතිහාසය ගැන දැක්ම රැඩිකල් බව ඇත්ත... ඒ ඔහු කරන වැඩ වලින්
පැටලිලා තියෙන නූල් බෝලය තවත් පටලවන්න හදන නිසා...

මේක සංවේදී සහ සිත් රිදුම් ඇතිවිය හැකි සංවාදයක්...
අනිත් කාරණය මේ ගැන මම බලන කෝණය වෙනස් නිසා මම කියන දේවල් විකාර විදියට
පේන්නත් පුළුවන්... :D
මොකද, සම්මතයට බැහැරව කතාකරන, හිතන අය පිස්සෝ කියලා ඕන කෙනෙක්ට හිතෙන
නිසා....

-නිලක්ෂ-






On Mar 8, 9:30 pm, "Rajith Vidanaarachchi"
> ...
>
> read more »

විශ්ව කුමාර

unread,
Mar 10, 2008, 11:24:47 AM3/10/08
to සිංහල යුනිකෝඩ් සමූහය
මට ඔබ අදහස් කරන දේ තේරෙනවා. නමුත් මම ඉතිහාසයේ ජීවත් වූ බවක් මට දැනට
මතක නැති නිසා මට එය ආඩම්බරයෙන් කිව හැකි / ඇසිය හැකි කථාන්තරයක් පමණයි.

කතාවක් තියනවානේ ඉතිහාසය යනු ජයග්‍රාහකයාගේ උවමනාවට අනුව රචනා කල
කථාන්තරයක් ය කියාලා.

ඉතිහාසය යනු සමහර විට උපමා රූපක, අතිශයෝක්ති එකතු වූ යථාර්ථයෙන් ඈත් වූ,
බොහෝ මූලාශ්‍ර වලින් සැක හැර දැනගත යුතු විශයයක්...

චිත්‍රපටයක් සඳහා අවශ්‍ය වන්නේ හොඳින් Market කල හැකි කථාවස්තුවක්.
චිත්‍රපට සඳහා ඉතිහාසයෙන් කථාවක් ගන්නා විට එය වැඩිදියුනු කිරීම හෝ කරුනු
එක් කිරීම බොහෝ විට සිදු වන්නක්. එසේ නොමැතිව ඉතිහාසය එලෙසම චිත්‍රපටයකට
නැගීම හඳුන්වන්නේ Documentry යනුවෙන්. උදාහරනයක් වශයෙන් Elizabeth the
Golden Age (Movie) සහ Gunpowder Trason And Plot (Documentry) ගෙන
බලන්න. එම කථා දෙකම ඉතිහාසයේ එකම සිදුවීම මාලාවක් දෙස වෙනස් දෘශ්ටිකෝණ
දෙකකින් බලන වෙනස් කථා දෙකක්. ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ශක වරයාගේ
දෘශ්ටි කෝනයෙන් එලිසබෙත් රැජින උතුම් කාන්තාවක්. BBC යේ අධ්‍යක්ශක වරයාට
අනුව ඇය කපටි ස්ත්‍රියක්.

උණුසුම් සංවාදයක් අන්තර්ජාල සමූහයක සිදු වන්නේ ගහ මරාගැනීමේ අදහසින් නොව
සාමන්‍ය දෙයකි, එය බුද්ධි කලම්බනයකි. ජැක්සන් ඇන්තනී මහතා මෙම සංවාදය
දුටුවොත් ආඩම්බර වනු ඇත. (මා ඔහු නම් මෙසේ සංවාදයක් ඇතිවීම ආඩම්බරයට
කාරණයක් සේ සලකමි)


අප රටේ උරුමය වනසන්නේ එය රැකගැනීමේ වේශයෙන් පැමිනෙන විදේශීය සංවිධානයි.
යුනෙස්කෝවද මෙසේ අපේ උරුමය විනාශ කිරීමට දායක වන බවට ආරංචි ලැබෙනවා. ජ,
පුර සිසුවෙකුගෙන් ලද වී සී ඩී එකකට අනුව ඔවුන් විසින් මේ ගැන බොහෝ
තොරතුරු රැස් කරගෙන ඇති බව දුටුවෙමි. අපේ රටේ ඓතිහාසික උරුමය ආරක්ෂා
කිරීමට යැයි ඔවුන් (යුනෙස්කෝ) ආධාර දෙන මුවාවෙන් කරන්නේ අපේ ඓතිහාසික
නටබුන් සහිත ප්‍රදේශ මිලට ගැනීමක් වැන්නකි. එවිට එම ප්‍රදේශ වල ඔවුන්ගේ
නීති ක්‍රියාත්මක කල හැක. ඒ අනුව ඓතිහාසික නටබුන් ආරක්ෂා කරන මුවාවෙන්
ඒවා ආරක්ෂා නොකර විනාශ වීමට ඉඩ හැරිය හැකිය.

තිවංක පිලිම ගෙය මතට මහත් යකඩ ගොඩක් ගෙන අතහැරීම මේ විදේශීය සංවිධානයේ
අමන කමක්ද නැතිනම් සිතාමතා කල වැඩක්ද යන්න අපිනම් දන්නේ නැත!

එම්-එන්

unread,
Mar 12, 2008, 6:51:19 AM3/12/08
to සිංහල යුනිකෝඩ් සමූහය
විශ්ව,
මම ඉතිහාසය යනුවෙන් අදහස් කරන්නේ ග්‍රන්ථාරූඩ වූ වෘතාන්තයන් පමණක්ම
නෙමෙයි. සෙල්ලිපි, සන්නස්, ග්‍රන්ථ වල සඳහන් ඉතිහාසය මෙන්ම ජනශ්‍රැතියේ,
සංස්කෘතියේ, ශිල්පක්‍රමයන් ආශ්‍රිතව සාමූහික ජන විඥාණයේ තැන්පත්ව ඇති
කරුණු සියල්ලම ඉතිහාසය අවබෝධ කරගැනීමට ඉතා වැදගත්. ඔබ කියූ පරිදිම
ග්‍රන්ථ හා සෙල්ලිපි යනාදිය ජයග්‍රාහකයාගේ හෝ ආධිපත්‍යය උසුලන්නවුන්ගේ
උවමනාවට/දෘෂ්ටිකෝණයන්ට අනුව රචනා වන බව ඇත්ත. එසේ හෙයින් එවන්
මූලාශ්‍රවලින් හෙළිකරගත හැක්කේ සත්‍යයම නොවෙයි. නමුත් සාමූහික ජනවිඥාණය
ඔස්සේ හෙළිවන ඉතිහාසය කාගේවත් උවමනාවට නිර්මාණය වී තිබීමට ඇති ඉඩකඩ
ඉතාමත් සීමිතයි. මානව විද්‍යාඥයින්ට අනුව එවන් පුරාවෘතයන් 'සත්‍යය' යැයි
පිළිගන්නා දේට වඩා සත්‍ය විය හැකියි. එයට හේතුව, එවන් පුරාවෘතයන් සාමූහික
ජන මනසේ දීර්ඝකාලයක් තැන්පත්ව තිබීමත්, විශාල ජනකොට්ඨාශයක ඒකමතික
පිළිගැනීමට ලක්වී තිබීමත් නිසයි.
එමෙන්ම කුඩා කල සිටම ඕනෑම අයෙක් ලිඛිත මූලාශ්‍ර කියවා නැතත් සාමූහික ජන
විඥාණය විසින් පෝෂණය වෙනවා. එනිසා ඉතිහාසයේ ජීවත්වී තිබීම, ඉතිහාසය
දැනගැනීමට අත්‍යාවශ්‍ය නැහැ. ‍

එම කාරණය හෙඳාකාරවම අවබෝධකොටගත්තවුන්ට අවශ්‍ය නම් ඉතා සූක්ෂම ලෙස හා
සංවිධානාත්මක ලෙස සාමූහික ජන විඥාණය තුලට පවා විවිධ ප්‍රවාද ඇතුල්
කිරීමේ හැකියාවක් පවතිනවා. ලිඛිත මූලාශ්‍ර නම් බොහෝවිට අතිශයෝක්තියෙන් හා
කතෘ විසින් හිතාමතාම ඇතුලත්කළ අසත්‍යයන්ගෙන් යුක්ත වනවා.
මහාවංශයේ කතෘ මහානාම හාමුදුරුවන්ගේ පටන් කොඩ්රිංටන් හා පරණවිතාරණ දක්වාම
ඉතිහාසඥයින් ඉන්දියාවට පක්ෂග්‍රාහීව ලංකා ඉතිහාසය තමන්ට අවශ්‍ය විදියට
ලියපු අය. ඔවුන් ඉතා සූක්ෂමව තමාගේ කරුණු නිෂේධනය කළ හැකි සාක්ෂි වසන් කර
ඇති බව ඇතැම් ඉතිහාසඥයින් පවසනවා. අනුරාධපුර යුගයේදී අභයගිරි විහාරයේ
තිබූ ඇතුන් හත්දෙනෙකුගේ ප්‍රමාණයේ පොත් කන්දක් ගිනිතබා ඇත්තේත්, සෙල්ලිපි
රාශියක් ගල්කටු වලින් කොටා කියවිය නොහැකි ලෙස විනාශකර ඇත්තේත්, අදටත්
ඇතැම් පුද්ගලයින් විවිධ ලිඛිත මෙන්ම ජනශ්‍රැති මූලාශ්‍ර විකෘති කරන්නේත්
(උදාහරණයක් ලෙස බලංගොඩ, කුරගල පූජාභූමියේ ඇති සෙල්ලිපි ඉස්ලාම් ජෛලානි
භක්තිකයින් විසින් විකෘති කර, ඔවුන්ගේ ඉතිහාසයක් ලියා ඇත්තේත්,
අනුරාධපුරයෙන් හමුවූ නෙස්තෝඩියන් කුරුසයක් හා රෝම කාසී අලලා
ක්‍රිස්තියානි භක්තිකයින් විසින් ඔවුන්ගේ ඉතිහාසයක් ලියා ඇත්තේත් (මෙය
රහසිගතව හංගාගෙන සිටියත් දන්නෝ දනිති...), ශ්‍රීපාද කන්දට තම තමන්ගේ
ආගමික උත්පත්ති කතා ආශ්‍රයෙන් ඉතිහාසයක් ගොඩනඟා ඇත්තේත්) තමන්ගේ කරුණු
නිෂේධනය වීම වැලැක්වීමටත්, සංවිධානාත්මක ඉදිරි වැඩපිළිවෙලක මූලික
පියවරයන් ව‍ශයෙනුත්ය. (ඉහත උදාහරණ කියවූ සැනින් මම අන්තවාදියෙක් යැයි
යමෙකුට කිව හැකියි, නමුත් එය තවදුරටත් පැහැදිලි කරනවා නම්, අභයගිරියේ
තිබූ පොත් ගිනිතැබුවේ ඉන් පෙර ලංකාවේ ශාසනය වශයෙන් තිබූ මහායාන බුදුදහම
අතුගාදමා ථේරවාදය ස්ථාපිත කිරීමටත්, ක්‍රිස්තියානි හා ඉස්ලාම්
උත්පත්තිකතා වල ලංකාවේ භූගෝලීය ලක්ෂණවලට සමාන දෙවියන්ගේ දේශයක්/
පාරාදීසයක් පිළිබඳව සඳහන් වීම නිසා එම ලබ්ධිකයින් ලංකාව වෙත විශේෂ
අවධානයක් යොමුකරන නිසාත් බව කිව යුතුය. කෙසේවෙතත් කොඩ්රිංටන්, පරණවිතාරණ
හා අද සිටින ඇතැම් පුරාවිද්‍යාඥයින් ක්‍රිස්තියානි ලබ්ධිකයින් නිසා (ඔව්,
ජැක්සන්ද ඇතුළුව) ඔවුන්ගේ අදහස් හා ක්‍රයාපටිපාටිය පිළිබඳව මම සාධාරණ
සැකයෙන් බලන බවද නොසඟවා කිවයුතුය. ඒ මම බෞද්ධයෙකු වන නිසා නොවේ.
බොරුකාරයන්ගෙන්, වංචාකාරයන්ගෙන් පිරුණු ලෝකයක එසේ නොබැලුවොත් මා මෝඩයෙකු
වන බැවින් පමණි.)

එමෙන්ම නිර්මාණවල පක්ෂග්‍රාහීබව තේරුම් ගැනීමට ඔබ පැවසූ එලිසබත් රැජින
පිළිබඳ උදාහරණයම ගත්තොත්, අපිට පේනව නේද ඉන්දියාවට විශාල හානි සිදුකර
ඉන්දියාව කොල්ල කෑ එංගලන්ත කිරීටය ගැන උදම් ඇනීමෙන් ඉන්දියානු
අධ්‍යක්ෂකවරයා තම නිර්මාණයෙන් ඉන්දියානුවන්ට විශාල අසාධාරණයක් කර ඇති බව.
ඒ වගේම ඉංග්‍රීසි ජාතිකයෙක්ගේ පැත්තෙන් ගත්තොත්, තම රට ලෝකයේ බලවත් රට
බවට පත්කර තම රටට අභිමානයක් ගෙනදීමට මුල්වූ තම රටේ රැජිණ කපටි ස්ත්‍රියක්
ලෙස තම නිර්මාණයෙන් හුවා දැක්වීම කොච්චර අසාධාරණද?

Market කල හැකි කථාවස්තු ආශ්‍රයෙන් චිත්‍රපටි හැදීම ගැන කතාකරනවා නම්,
දැන් බලන්න ඇපකැලිප්ටෝ සිනමාපටය ලොකෙ වටේ හොඳට මාකට් උනත්, අපි කොතරම්
රසවින්ඳත්, එමගින් ඉන්කා-මායා පරපුරේ ජනතාවට, ඔවුන්ගේ ප්‍රතිරූපයට සිදුවන
හානිය ගැන එහි අධ්‍යක්ෂකවරයාටත්, අපිටත් හිතන්නබැරි ඇයි? නානාවිධ
අධ්‍යක්ෂකවරුන් විසින් ඇමරිකාවේ රතු ඉන්දියානුවන් ගැන හැදෙන චිත්‍රපටි
වලින් ඔවුන්ට, ඔවුන්ගේ ප්‍රතිරූපයට වන හානිය අපි ඔවුන්ගේ පැත්තෙන් බලා
තක්සේරු නොකරන්නේ ඇයි? එයාකාරයෙන්ම දකුණු ඇමරිකාවේ සිට, අප්‍රිකාව,
ලංකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ටොංගා, ෆිජි දක්වා රටවල ස්වදේශිකයින්ට
එවන් නිර්මාණවලින් ඇතිවන අසාධාරණය පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි
නේද? අනික කලාව කියන්නේ අපිව උසස් ආධ්‍යාත්මයක්, ප්‍රඥාවක් කරා ගෙනයා
හැකි දෙයක් මිස අපේ මනස දූෂණයකට, වියවුලකට පත්කරන නිර්මාණ වලටද? යම් ජන
කොට්ඨාශයකට අයුක්තියක්, අසාධාරණයක් කරණ නිර්මාණ වලටද?

ලංකාවේ අපේ පැත්තෙන් ගත්කළ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳ(ගඳ)ගම වැනි
තමන්ගේ අඹුවගේ නිරුවතත් ඩොලර් වෙනුවෙන් තම නිර්මාණ ඔස්සේ විකුණන
නිර්ලජ්ජිත අක් මුල් නැති මන්දබුද්ධිකයින් ඔවුන්ගේ නිර්මාණ වලින්
ජාත්‍යන්තරය ඉදිරියේ අපේකමට කරන හානිය ගැන අපි මීට වඩා සංවේදී විය යුතුයි
නේද? ඔවුන්ට රාජ්‍ය සම්මාන දීමට තරම් මේ රටේ මිනිසුන් රටට ජාතියට ආදරේ
නැද්ද?

හුදෙක් නිර්මාණයක් බලා රසවිඳීමට වඩා එය හා බැඳුනු සමාජ ආර්ථික දේශපාලන
සංස්කෘතික පසුබිම පිළිබඳවත් සොයාබැලීම කලා කෘතියක් රසවිඳින සැබෑ
කලාකාමියෙකු‍ගේ වගකීම විය යුතුයි, එමගින් එය හදවතින්ම රසවිඳිය හැකි බවයි
මගෙ හැඟීම.

කෙසේ වෙතත් නැවතත් මාතෘකාවට ආවොත්, "අබා" හි ට්‍රේලරය පමණක් බලා ඒ ගැන
උදම් ඇනීමත්, එය විවේචනය කිරීමත් සාධාරණ නැහැ. නමුත් අපි කරන මේ සංවාදය
නිසා එය නරඹන අපේ කණ්ඩායමේ අයට චිත්‍රපටය මැදිහත් සිතකින් නැරඹියහැකි වනු
ඇති බවත්, විශ්ව කියූ පරිදි බුද්ධි කලම්බනයක් සිදුවනු ඇති බවත් මමත්
හිතනවා.

එමෙන්ම ජැක්සන් ඇන්තනී මහතාටත් මෙම සංවාදයට එක්වීමට හැකියාවක් පවතිනවා
නම් අපිට මීට වඩා පැහැදිලිව මේ ගැන කතා කරන්න පුළුවන්.

-නිලක්ෂ-

විශ්ව කුමාර

unread,
Mar 13, 2008, 12:11:21 PM3/13/08
to සිංහල යුනිකෝඩ් සමූහය
ඒකත් ඇත්ත තමයි!...

unread,
Mar 27, 2008, 7:25:35 AM3/27/08
to සිංහල යුනිකෝඩ් සමූහය
අබා සංවාදයට රූපමය පිළිතුරක්
http://media.aba.lk/

මේ චිත්‍රපටිය අති දැවැන්තයි, ආකර්ශණීව බවට උදාහරණ රැසයි
එපමණක් නොව අබා අඩවිය (www.aba.lk)
සිංහල යුනිකෝඩ් භාවිතා කරන ප්‍රථම චිත්‍රුපටි වියුණයි

Waruna Perera

unread,
Mar 27, 2008, 7:42:24 AM3/27/08
to Sinhala...@googlegroups.com
සිනමා නිර්මාණයක් සම්පූර්ණයෙන්ම නරඹන්නෙ නැතුව ඒක හොදද නරකද කියන එක තීරණය කරන්නෙ
කොහොමද  කියන එක ගැටලුවක්. ලංකාවෙදි සිවිල් සංකේතගත නිර්මාණ කලහම නිර්මාණය ගැන කාගෙවත් අවධානය යොමු වෙන්නඑ නෑ. අදාල සිවිල් සංකේතගත චරිත උඩ දානව මිසක්.ජහොදම උදාහරණය "උත්පලවණ්නා" , විචාරකයො විචාර ලිව්වෙ සුනිල් ආරියරත්න කියන නමට මුලින්ම ලකුණු එකතු කරල. චිත්‍රපටය ගැන කතා කරනව වෙනුවට කතා කලේ සංගීතා වීරරත්න හිස බු  ගෑම ගැන. ඒක නිසා "උත්පලවණ්නා"  විශිෂ්ඨ චිත්‍රපටයක් කියල ලියවගෙන සුනිල් ආරියරත්න ගොඩ ගියා.
 
මම හිතන්නෙ ලංකාවෙදි කලාව පල් වෙන්නෙ ඒකයි. පොතක නම් බලන්නෙ අන්තර්ගතය නෙවෙයි. ප්‍රකාශකයා කවුද, ලස්සනද මුල් කවරයක් තියෙනවද , ලිව්වෙ සිවාල් සමාජයේ බලගතු චරිතයක්ද වගේ කාරණා.
ඒක නිසා මුලින්ම ජැක්සන්ගෙ නිර්මාණය බලබ ඉඳිමු. එකිනෙකාගෙ පිට කසා ගත්තා කියල තමන්ට ආත්ම තෘප්තියක් ලැබෙයි. ඩීල් එකේ අවසානයෙදි රැවටිලා කියල දැනේවි. ජැක්සන් නිර්මාණය එළියට ගේනකම් ඉඳිමු .
 
dont judge the book by it's cover කියල කියමනක් තියෙනවා.
 
නිර්මාණයක advertising   වාණිජමය කාරණාවක් මිස නිර්මාණයටවත් කලාවටවත් සත පහකට අදාල කාරණා නෙවෙයි කියන රඑක සිහිපත් කරන්න කැමතියි.

saman...@gmail.com

unread,
Mar 27, 2008, 9:31:09 PM3/27/08
to සිංහල යුනිකෝඩ් සමූහය
aba.lk එකේ අබා දැනගන්න හුඟක් දේ තියනවාගැන . අබා කලා අධ්‍යක්‍ෂණය අති
විෂිස්ඨ බව පෙනෙනවා.

Waruna Perera

unread,
Mar 27, 2008, 11:27:57 PM3/27/08
to Sinhala...@googlegroups.com
මම මතු කරන්නෙ සමස්ත නිර්මාණය රස විදීමෙන් අනතුරුව විචාරය කරමු කියන එක. අහස ගොබවන තරමට වහින්නෙ නැති වෙන්න පුලුවන්. සිනමාවෙදි මේ කාරණාව බොහෝ විට අදාලයි.

Danishka Navin

unread,
Mar 28, 2008, 12:25:47 AM3/28/08
to Sinhala...@googlegroups.com
well said
++1
--
Danishka Navin

Danishka Navin

unread,
Mar 28, 2008, 12:42:31 AM3/28/08
to Sinhala...@googlegroups.com
On Fri, Mar 28, 2008 at 7:01 AM, saman...@gmail.com <saman...@gmail.com> wrote:
 අබා කලා අධ්‍යක්‍ෂණය අති විෂිස්ඨ බව පෙනෙනවා.

 සිනමා විචාරකිරිමට අවශ්‍යම නම් සරසවිය කතෘ හෙෝ එවැනි පුත්පතක් සමඟ සම්බන්ධ වෙන්න. මෙම සමුහය ආරම්භ කිරිමේ අදහස සිනමා විචාර නෙමේ නේද?

සිංහල යුනිකොඩ් ගැවෙන හැමදේම මෙතනට ගෙන්න ඒපා. මතකනේ රටේ නායකයට යුනිකොඩ් භාවිතාකර බ්ලොග් ලියලා, අන්තිමට සමුහයෙනුත් එලියට යන්න උනා. ;-)

මොකද හිතෙන්නේ එදිරිසිංහ (ඇන්ටිගේ) සිනමා විචාරත් මෙතන පටන්ගත්තොත්. :P
 





--
Danishka Navin

Anjana

unread,
Mar 28, 2008, 2:01:18 AM3/28/08
to සිංහල යුනිකෝඩ් සමූහය
> මොකද හිතෙන්නේ එදිරිසිංහ (ඇන්ටිගේ) සිනමා විචාරත් මෙතන පටන්ගත්තොත්. :P
better if we mind our language not to insult people
I think Aba is a good film compared to many we see
Thx
අංජන


Danishka Navin

unread,
Mar 28, 2008, 2:15:01 AM3/28/08
to Sinhala...@googlegroups.com
On Fri, Mar 28, 2008 at 11:31 AM, Anjana <anjana...@gmail.com> wrote:
> මොකද හිතෙන්නේ එදිරිසිංහ (ඇන්ටිගේ) සිනමා විචාරත් මෙතන පටන්ගත්තොත්. :P
better if we mind our language not to insult people

I didn't... 
I just used only one producer, instead of putting film names.


I think Aba is a good film compared to many we see

then???
What do you want do now?
Do we need to discuss about each N every good movie over here?


Thx
අංජන






Waruna Perera

unread,
Mar 28, 2008, 1:02:00 AM3/28/08
to Sinhala...@googlegroups.com
අවාසනාවට අබා = aba.lk + aba චිත්‍රපටිය + සිංහල යුනිකේත භාවිතයෙන් aba.lk සෑදිම

On Fri, Mar 28, 2008 at 10:12 AM, Danishka Navin <dani...@gmail.com> wrote:



සිංහල යුනිකොඩ් ගැවෙන හැමදේම මෙතනට ගෙන්න ඒපා. මතකනේ රටේ නායකයට යුනිකොඩ් භාවිතාකර බ්ලොග් ලියලා, අන්තිමට සමුහයෙනුත් එලියට යන්න උනා. ;-)

 





--
Danishka Navin



Waruna Perera

unread,
Mar 28, 2008, 2:03:20 AM3/28/08
to Sinhala...@googlegroups.com
ප්‍රශ්නෙ අබා තාම එළියට ආපු නැති එක. ඒක අාපු දාට කතා කරමු.

On Fri, Mar 28, 2008 at 11:31 AM, Anjana <anjana...@gmail.com> wrote:

unread,
Mar 28, 2008, 4:30:04 AM3/28/08
to සිංහල යුනිකෝඩ් සමූහය
ආයුබෝවන් මිතුරනි
සමූහයේ ප්‍රතිපත්තියක් ලෙස
අප සමූහය කවදත් සාහිත්‍යට කලාවට විවෘතයි
සිදත් සඟරාවත් කාලයක් පල උණා
අපි කවිත් ලිව්වා
සිංහල සිත් සටහන් පටන්ගත්තෙත් සමූහය හරහා
භාෂාවක අභිනය සාහිත්‍යයි, සාහිත්‍ය තාක්‍ෂණයට සුනම්‍යයි
කලාවක් රසවිඳීමට කුඩා කාලෙම හුරු කරවන්නේ
හිස් මිනිසුන් බිහිවීම අඩු කිරීමට කලාව හේතු වෙනවා
රාජ්‍ය අඩවි, සිත් සටහන් පවා අප සංවාදයට ලක් කරනවා

විශේෂයෙන්ම සිංහල යුනිකෝඩ් භාවිතා වන මෙන්ම සමූහ මාජිකයින්ගේ නිර්මාණ
ඇගයීමට හා ප්‍රතිචාර ලබාගැනීමට සමූහයේ තියෙන පහසුකම අගය කළ යුතුයි

යම් සංවාදයට සහභාගී වීමෙන් වැලකෙන්න තාක්‍ෂණ පහසුකම් ද සමූහයේ තියන නිසා
ඊට අකමැති අයකුට වරදක් නෑ. උදා : ඊ මේල් නවතා ලීම, ෆිල්ටර් කිරීම මෙන්ම
සමූහය නොබැලීම , ඉවත්වීම ආදී අන්තයනුත් තියෙනවා.

කරුණාකරලා මිතුරන් ලෙස ලියමු කියමු,
තරහ යන ෆෝරම් සම්ප්‍රදායෙන් ඉවත්වී,
සිංහලෙන් එන තාක්‍ෂණ නිර්මාණ අගය කරමු.
මිත්‍රශීලි බව කෙතරම් වැදගත්ද ?

ජයක්ම වේවා



"අද අපේ ජන සමාජය වීරත්වයෙන් පිරිහිණු අසුභවාදී, සෘණ මාණසිකත්වයකට ඇද
වැටෙමින් තිබෙනවා යයි කියැවෙන මතවාදයට වර්තමාන සිනමාව වග කිව යුතුය.
ඛේදනීය සමාජ මනෝභාවයන් අතරට එකතුවන වීරත්වය, සුභවාදය, අභිමානය, මාමකත්වය,
වාත්සල්‍යය ආදී ධනාත්මක තේමාවන් කැඳවීම සිංහල සිනමා නව සම්ප්‍රදායක
ආරම්භයයි."

ජැක්සන් ඇන්තනි - 2007
www.aba.lk

Anuradha Ratnaweera

unread,
Mar 28, 2008, 6:41:44 AM3/28/08
to Sinhala...@googlegroups.com
On Fri, Mar 28, 2008 at 2:00 PM, ෴ <uni...@info.lk> wrote:
>
> කරුණාකරලා මිතුරන් ලෙස ලියමු කියමු, තරහ යන ෆෝරම් සම්ප්‍රදායෙන් ඉවත්වී,
> සිංහලෙන් එන තාක්‍ෂණ නිර්මාණ අගය කරමු. මිත්‍රශීලි බව කෙතරම් වැදගත්ද ?

සිංහල යුනිකෝඩ් සමූහය පිලිබඳව අපි ආඩම්බරයෙන් කතා කරන්නේ එහි ඇති, අනිත්
අන්තර්ජාල කණ්ඩායම් වල සැමවිටම නැති, මිත්‍රශීලී, ධනාත්මක, එකිනෙකාගේ
වෙනස් මතවාද දැරීමේ අයිතිය ගරු කරන පරිසරය නිසයි.

එම තත්ත්වය සැමදා එසේම තිබේවා යි ප්‍රාර්තනා කරමි!

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

Sapumal Jayaratne

unread,
Mar 28, 2008, 7:01:30 AM3/28/08
to Sinhala...@googlegroups.com
"අද අපේ ජන සමාජය වීරත්වයෙන් පිරිහිණු අසුභවාදී, සෘණ මාණසිකත්වයකට ඇද
වැටෙමින් තිබෙනවා යයි කියැවෙන මතවාදයට වර්තමාන සිනමාව වග කිව යුතුය.
ඛේදනීය සමාජ මනෝභාවයන් අතරට එකතුවන වීරත්වය, සුභවාදය, අභිමානය, මාමකත්වය,
වාත්සල්‍යය ආදී ධනාත්මක තේමාවන් කැඳවීම සිංහල සිනමා නව සම්ප්‍රදායක
ආරම්භයයි."

ජැක්සන් ඇන්තනි - 2007

සිනමාවට පමණක් නොව අනෙකුත් කලා නිර්‍මාණ වලටත් මෙය එකසේ අදාල වේ යැයි සිතමි. සිනමාවටත් වඩා මෙයට වගකිවයුත්තේ පසුගියකාලයේ ගීත ලෙස එලිදුටු අඳෝනා සමූහයත් එවා නිතර නිතර ප්‍රචාරය කරමින් බස් එකක යන්නවත් අපට ඉ‍ඩ නුදුන් ගුවන්විදුලි නාලිකා සමූහයත් බව මතක් කලයුතුයි. ජැක්සන් ඇන්තනි කියන ආකාරයට වීරත්වය, සුභවාදය, අභිමානය, මාමකත්වය ආදී ධනාත්මක තේමාවන් ඔස්සේ සිංහල ගීතයත් ඉදිරියට යා යුතු බව මම සිතමි. අදටත් සුපර් ස්ටාර් කෙනෙක් වීමට නම් ජෝතිපාල, බෙග් වැන්නන්ගේ ගීත ගායනා කිරීමට සිදු‍වීමෙන් පෙනෙන්නේ එම ගීතවල දක්නට ඇති ඉහත සඳහන් ධනාත්මක ලක්ෂණ වියයුතුය.

උදාහරණයක් ලෙස යමක් කර පෙන්වීම යම්කිසි බලපෑමක් ඇතිකිරීමට ඇති ප්‍රධානම ක්‍රමය නොවේ. එය ඒ සඳහා ඇති එකම ක්‍රමයයි. - ඇල්බට් අයින්ස්ටයින්.

මම හිතන්නේ ජැක්සන් ඇන්තනි සිංහල සිනමාවේ නව සම්ප්‍රදායක් ආරම්භ කිරීමට එකම හා නිවැරදි ක්‍රමය තෝරාගෙන තිබෙනවා. සාර්ථක අසාර්ථක භාවය යථාකාලයේදී සිනමා රසිකයන් තීරණය කරාවි.
Reply all
Reply to author
Forward
Message has been deleted
0 new messages