විශ්ව,
මම ඉතිහාසය යනුවෙන් අදහස් කරන්නේ ග්‍රන්ථාරූඩ වූ වෘතාන්තයන් පමණක්ම
නෙමෙයි. සෙල්ලිපි, සන්නස්, ග්‍රන්ථ වල සඳහන් ඉතිහාසය මෙන්ම ජනශ්‍රැතියේ,
සංස්කෘතියේ, ශිල්පක්‍රමයන් ආශ්‍රිතව සාමූහික ජන විඥාණයේ තැන්පත්ව ඇති
කරුණු සියල්ලම ඉතිහාසය අවබෝධ කරගැනීමට ඉතා වැදගත්. ඔබ කියූ පරිදිම
ග්‍රන්ථ හා සෙල්ලිපි යනාදිය ජයග්‍රාහකයාගේ හෝ ආධිපත්‍යය උසුලන්නවුන්ගේ
උවමනාවට/දෘෂ්ටිකෝණයන්ට අනුව රචනා වන බව ඇත්ත. එසේ හෙයින් එවන්
මූලාශ්‍රවලින් හෙළිකරගත හැක්කේ සත්‍යයම නොවෙයි. නමුත් සාමූහික ජනවිඥාණය
ඔස්සේ හෙළිවන ඉතිහාසය කාගේවත් උවමනාවට නිර්මාණය වී තිබීමට ඇති ඉඩකඩ
ඉතාමත් සීමිතයි. මානව විද්‍යාඥයින්ට අනුව එවන් පුරාවෘතයන් 'සත්‍යය' යැයි
පිළිගන්නා දේට වඩා සත්‍ය විය හැකියි. එයට හේතුව, එවන් පුරාවෘතයන් සාමූහික
ජන මනසේ දීර්ඝකාලයක් තැන්පත්ව තිබීමත්, විශාල ජනකොට්ඨාශයක ඒකමතික
පිළිගැනීමට ලක්වී තිබීමත් නිසයි.
එමෙන්ම කුඩා කල සිටම ඕනෑම අයෙක් ලිඛිත මූලාශ්‍ර කියවා නැතත් සාමූහික ජන
විඥාණය විසින් පෝෂණය වෙනවා. එනිසා ඉතිහාසයේ ජීවත්වී තිබීම, ඉතිහාසය
දැනගැනීමට අත්‍යාවශ්‍ය නැහැ.
එම කාරණය හෙඳාකාරවම අවබෝධකොටගත්තවුන්ට අවශ්‍ය නම් ඉතා සූක්ෂම ලෙස හා
සංවිධානාත්මක ලෙස සාමූහික ජන විඥාණය තුලට පවා විවිධ ප්‍රවාද ඇතුල්
කිරීමේ හැකියාවක් පවතිනවා. ලිඛිත මූලාශ්‍ර නම් බොහෝවිට අතිශයෝක්තියෙන් හා
කතෘ විසින් හිතාමතාම ඇතුලත්කළ අසත්‍යයන්ගෙන් යුක්ත වනවා.
මහාවංශයේ කතෘ මහානාම හාමුදුරුවන්ගේ පටන් කොඩ්රිංටන් හා පරණවිතාරණ දක්වාම
ඉතිහාසඥයින් ඉන්දියාවට පක්ෂග්‍රාහීව ලංකා ඉතිහාසය තමන්ට අවශ්‍ය විදියට
ලියපු අය. ඔවුන් ඉතා සූක්ෂමව තමාගේ කරුණු නිෂේධනය කළ හැකි සාක්ෂි වසන් කර
ඇති බව ඇතැම් ඉතිහාසඥයින් පවසනවා. අනුරාධපුර යුගයේදී අභයගිරි විහාරයේ
තිබූ ඇතුන් හත්දෙනෙකුගේ ප්‍රමාණයේ පොත් කන්දක් ගිනිතබා ඇත්තේත්, සෙල්ලිපි
රාශියක් ගල්කටු වලින් කොටා කියවිය නොහැකි ලෙස විනාශකර ඇත්තේත්, අදටත්
ඇතැම් පුද්ගලයින් විවිධ ලිඛිත මෙන්ම ජනශ්‍රැති මූලාශ්‍ර විකෘති කරන්නේත්
(උදාහරණයක් ලෙස බලංගොඩ, කුරගල පූජාභූමියේ ඇති සෙල්ලිපි ඉස්ලාම් ජෛලානි
භක්තිකයින් විසින් විකෘති කර, ඔවුන්ගේ ඉතිහාසයක් ලියා ඇත්තේත්,
අනුරාධපුරයෙන් හමුවූ නෙස්තෝඩියන් කුරුසයක් හා රෝම කාසී අලලා
ක්‍රිස්තියානි භක්තිකයින් විසින් ඔවුන්ගේ ඉතිහාසයක් ලියා ඇත්තේත් (මෙය
රහසිගතව හංගාගෙන සිටියත් දන්නෝ දනිති...), ශ්‍රීපාද කන්දට තම තමන්ගේ
ආගමික උත්පත්ති කතා ආශ්‍රයෙන් ඉතිහාසයක් ගොඩනඟා ඇත්තේත්) තමන්ගේ කරුණු
නිෂේධනය වීම වැලැක්වීමටත්, සංවිධානාත්මක ඉදිරි වැඩපිළිවෙලක මූලික
පියවරයන් වශයෙනුත්ය. (ඉහත උදාහරණ කියවූ සැනින් මම අන්තවාදියෙක් යැයි
යමෙකුට කිව හැකියි, නමුත් එය තවදුරටත් පැහැදිලි කරනවා නම්, අභයගිරියේ
තිබූ පොත් ගිනිතැබුවේ ඉන් පෙර ලංකාවේ ශාසනය වශයෙන් තිබූ මහායාන බුදුදහම
අතුගාදමා ථේරවාදය ස්ථාපිත කිරීමටත්, ක්‍රිස්තියානි හා ඉස්ලාම්
උත්පත්තිකතා වල ලංකාවේ භූගෝලීය ලක්ෂණවලට සමාන දෙවියන්ගේ දේශයක්/
පාරාදීසයක් පිළිබඳව සඳහන් වීම නිසා එම ලබ්ධිකයින් ලංකාව වෙත විශේෂ
අවධානයක් යොමුකරන නිසාත් බව කිව යුතුය. කෙසේවෙතත් කොඩ්රිංටන්, පරණවිතාරණ
හා අද සිටින ඇතැම් පුරාවිද්‍යාඥයින් ක්‍රිස්තියානි ලබ්ධිකයින් නිසා (ඔව්,
ජැක්සන්ද ඇතුළුව) ඔවුන්ගේ අදහස් හා ක්‍රයාපටිපාටිය පිළිබඳව මම සාධාරණ
සැකයෙන් බලන බවද නොසඟවා කිවයුතුය. ඒ මම බෞද්ධයෙකු වන නිසා නොවේ.
බොරුකාරයන්ගෙන්, වංචාකාරයන්ගෙන් පිරුණු ලෝකයක එසේ නොබැලුවොත් මා මෝඩයෙකු
වන බැවින් පමණි.)
එමෙන්ම නිර්මාණවල පක්ෂග්‍රාහීබව තේරුම් ගැනීමට ඔබ පැවසූ එලිසබත් රැජින
පිළිබඳ උදාහරණයම ගත්තොත්, අපිට පේනව නේද ඉන්දියාවට විශාල හානි සිදුකර
ඉන්දියාව කොල්ල කෑ එංගලන්ත කිරීටය ගැන උදම් ඇනීමෙන් ඉන්දියානු
අධ්‍යක්ෂකවරයා තම නිර්මාණයෙන් ඉන්දියානුවන්ට විශාල අසාධාරණයක් කර ඇති බව.
ඒ වගේම ඉංග්‍රීසි ජාතිකයෙක්ගේ පැත්තෙන් ගත්තොත්, තම රට ලෝකයේ බලවත් රට
බවට පත්කර තම රටට අභිමානයක් ගෙනදීමට මුල්වූ තම රටේ රැජිණ කපටි ස්ත්‍රියක්
ලෙස තම නිර්මාණයෙන් හුවා දැක්වීම කොච්චර අසාධාරණද?
Market කල හැකි කථාවස්තු ආශ්‍රයෙන් චිත්‍රපටි හැදීම ගැන කතාකරනවා නම්,
දැන් බලන්න ඇපකැලිප්ටෝ සිනමාපටය ලොකෙ වටේ හොඳට මාකට් උනත්, අපි කොතරම්
රසවින්ඳත්, එමගින් ඉන්කා-මායා පරපුරේ ජනතාවට, ඔවුන්ගේ ප්‍රතිරූපයට සිදුවන
හානිය ගැන එහි අධ්‍යක්ෂකවරයාටත්, අපිටත් හිතන්නබැරි ඇයි? නානාවිධ
අධ්‍යක්ෂකවරුන් විසින් ඇමරිකාවේ රතු ඉන්දියානුවන් ගැන හැදෙන චිත්‍රපටි
වලින් ඔවුන්ට, ඔවුන්ගේ ප්‍රතිරූපයට වන හානිය අපි ඔවුන්ගේ පැත්තෙන් බලා
තක්සේරු නොකරන්නේ ඇයි? එයාකාරයෙන්ම දකුණු ඇමරිකාවේ සිට, අප්‍රිකාව,
ලංකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ටොංගා, ෆිජි දක්වා රටවල ස්වදේශිකයින්ට
එවන් නිර්මාණවලින් ඇතිවන අසාධාරණය පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි
නේද? අනික කලාව කියන්නේ අපිව උසස් ආධ්‍යාත්මයක්, ප්‍රඥාවක් කරා ගෙනයා
හැකි දෙයක් මිස අපේ මනස දූෂණයකට, වියවුලකට පත්කරන නිර්මාණ වලටද? යම් ජන
කොට්ඨාශයකට අයුක්තියක්, අසාධාරණයක් කරණ නිර්මාණ වලටද?
ලංකාවේ අපේ පැත්තෙන් ගත්කළ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳ(ගඳ)ගම වැනි
තමන්ගේ අඹුවගේ නිරුවතත් ඩොලර් වෙනුවෙන් තම නිර්මාණ ඔස්සේ විකුණන
නිර්ලජ්ජිත අක් මුල් නැති මන්දබුද්ධිකයින් ඔවුන්ගේ නිර්මාණ වලින්
ජාත්‍යන්තරය ඉදිරියේ අපේකමට කරන හානිය ගැන අපි මීට වඩා සංවේදී විය යුතුයි
නේද? ඔවුන්ට රාජ්‍ය සම්මාන දීමට තරම් මේ රටේ මිනිසුන් රටට ජාතියට ආදරේ
නැද්ද?
හුදෙක් නිර්මාණයක් බලා රසවිඳීමට වඩා එය හා බැඳුනු සමාජ ආර්ථික දේශපාලන
සංස්කෘතික පසුබිම පිළිබඳවත් සොයාබැලීම කලා කෘතියක් රසවිඳින සැබෑ
කලාකාමියෙකුගේ වගකීම විය යුතුයි, එමගින් එය හදවතින්ම රසවිඳිය හැකි බවයි
මගෙ හැඟීම.
කෙසේ වෙතත් නැවතත් මාතෘකාවට ආවොත්, "අබා" හි ට්‍රේලරය පමණක් බලා ඒ ගැන
උදම් ඇනීමත්, එය විවේචනය කිරීමත් සාධාරණ නැහැ. නමුත් අපි කරන මේ සංවාදය
නිසා එය නරඹන අපේ කණ්ඩායමේ අයට චිත්‍රපටය මැදිහත් සිතකින් නැරඹියහැකි වනු
ඇති බවත්, විශ්ව කියූ පරිදි බුද්ධි කලම්බනයක් සිදුවනු ඇති බවත් මමත්
හිතනවා.
එමෙන්ම ජැක්සන් ඇන්තනී මහතාටත් මෙම සංවාදයට එක්වීමට හැකියාවක් පවතිනවා
නම් අපිට මීට වඩා පැහැදිලිව මේ ගැන කතා කරන්න පුළුවන්.
-නිලක්ෂ-