දෙස බස රැස

813 views
Skip to first unread message

jayantha colombage

unread,
Aug 10, 2008, 5:17:20 AM8/10/08
to sinhala...@googlegroups.com
සියල්ල අනිත්‍ය සියල්ල අනාත්ම ධර්මතාවයක් පවතින මේ ලෝක ධාතුවේ භාෂාව පමණක් වෙනස් නොවී තිබිය නොහැක. එමෙන්ම කිනම් හෝ භාෂාවක් වෙනස් නොවී ඒ ලෙසම පවතින බවක් කිසිවිටෙක සිදුනොවේ. යම් භාෂාවකට අලුතින් වචන එකතුවීම වැලැක්විය නොහැක. එසේ අලුතින් වචන එකතු වූ නිසාම භාෂාවක් විනාෂ නොවන අතර එය භාෂාවක විකාෂණයක්ද වේ. රටක පරම්පරාව විකාශනය වීම සමාන්තරගතව භාෂාවද විකාශනය වේ. එම නිසා එය ජාතියකින් හෝ පරපුරකින් ව්‍යුක්ත භාෂාවක් නොවේ. අලුතින් වචන එකතුවීම තුල භාෂව යම් පමණකට පොහොසත් වේ.
සත්ත්වයාට හැගීම් පහල වන්නේ භාෂාවකින් නොවේ. සත්ත්වයා හැගීම් පලකරන්නේ භාෂාවෙන්ය. එම භාෂාව ඔහු නිරන්තරයෙන් භාවිත කර ඇත්තම් හෝ ඔහුට ‍හොදින් හුරැපුරැදු නම් තම හැගීම් පහසුවෙන් පලකිරීමටත් අන්‍යයන්ගේ හැගීම් පහසුවෙන් තේරුම් ගැනීමටත් හැකිවේ.
භාෂාව අවශ්‍යවන මූලිකම කරැණ මෙයයි
Reply all
Reply to author
Forward
0 new messages