අක්ෂර වින්‍යාසය සහ ණ, න සහ ළ, ල ‌භේදය

7,188 views
Skip to first unread message

Ravin

unread,
Jun 2, 2006, 12:43:58 AM6/2/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
සිංහල නිවැරදි ‌ලෙස ලිවීම
පිළිබඳ ලිපි‌පෙළක් නිරංජන්
මීගම්මනයන් විසින් මිතුරු
හවුලට ‌යොමු කිරීම පැසසිය
යුතු කරුණකි.

සිංහල භාෂා රචන‌යේ දී,
‌‌බො‌හෝ විට අක්‍ෂර
වින්‍යාසය පිළිබඳ
සැලකිල්ලක් ‌‌නොදක්වන බව
‌පෙනේ. ‌මෙයට ප්‍රධාන
‌හේතුව වන්‌නේ විවිධ
විද්වතුන් සම්මතයක් සකසා
ගැනීම ගැන දක්වන
මන්‌දොත්සහය සහ අනවධානය යි.
‌ජේ. බි. දිසානායකයන් වැනි
විශාරදයන් පවසන්‌නේ,
භාෂාවක් වර්ධනය වන ‌වෙමින්
කලින් කලට ‌වෙනස්වන නිසා
ව්‍යවහාරය මත භාවිතය
තීන්දු කළ යුතු බවකි. එවිට
රචනය අවුලින් අවුලට පත් වීම
වැළැක්විය ‌නොහැකි ‌වෙයි.
වි‌ශේෂ‌යෙන් ම, භාවිතා
කරන්න‌න්ගේ විවිධ
පරස්පරතාවන් නිසා‌වෙන්
නිවැරදි වැහැරීම කුමක්දැයි
අපැහැදිලි තත්ත්වයකට
පත්‌වෙයි.

අක්‍ෂර වින්‍යාස‌‌යෙදී
‌පොදු වැරදි කිහිපයක් පහත
දැක් ‌වෙයි:

සියලු (සියල්ල)
- සියළු (ව්‍යවහාර වන
ස‌දොස් ආකාරය).
ගැටලු (ප්‍රශ්නය)
- ගැටළු ( ව්‍යවහාර වන
ස‌දොස් ආකාරය).
තුළ (ඇතුළ)
- තුල (ව්‍යවහාර වන ස‌දොස්
ආකාරය).
ප්‍රශ්න (ගැටලුව)
- ප්‍රශ්ණ (ව්‍යවහාර වන
ස‌දොස් ආකාරය).
‌ලේඛනය
- ‌ලේඛණය (ව්‍යවහාර වන
ස‌දොස් ආකාරය).
දර්ශන
- දර්ශණ (ව්‍යවහාර වන
ස‌දොස් ආකාරය).
දෘෂ්ටිය
- දෘෂ්ඨිය (ව්‍යවහාර වන
ස‌දොස් ආකාරය).
ශිෂ්ටාචාරය
- ශිෂ්ඨාචාරය (ව්‍යවහාර වන
ස‌දොස් ආකාරය).

කළ (කිරීම/ කළය) - කල (කාලය).
පහන (ප්‍රදීපය/පහන්/එළිය) -
පහණ (ගල/ සඳකඩ පහණ).
සුළු (කුඩා; අල්ප; සරල) - සුලු
(ගතිය: බියසුලු, වැ‌නෙනසුලු).
වළ (ආවාටය) - වල (කැලය/ වලිගය/
බහුවචන හඟවන ප්‍රත්‍යයක්)

තවත් නිදර්ශනයක්: නිවැරදි
කවරක් ද?

‌ලේ දං ‌දෙන්න!
‌‌ලේ දණ් ‌දෙන්න!
ලේ දන් ‌දෙන්න!

ඉංදන පිරවුම්හල
ඉණ්දන පිරවුම්හල
ඉන්දන පිරවුම්හල
ඉන්දණ පිරවුම්හල
ඉණ්දණ පිරවුම්හල
ඉංධන පිරවුම්හල
ඉන්ධන පිරවුම්හල
ඉණ්ධන පිරවුම්හල
ඉන්ධණ පිරවුම්හල
ඉණ්ධණ පිරවුම්හල

අවුලින් අවුලට පත් වී ‌නේ ද?


රවින්෴

නිරංජන්෴

unread,
Jun 3, 2006, 5:48:18 PM6/3/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
හිතවත් මිතුර
ඔබගේ ප්‍රසංශාවට ස්තූතියි.
සිංහල භාෂාවෙන් මිදුනු
සිරසාදී ව්‍යවහාර අපට අද
දක්නට ඇතත්
සම්මත සිංහල අක්‍ෂර
වින්‍යාසය පවත්වාගැනීම අප
සතු කාර්යයකි.

නිවැරදි අක්‍ෂර වින්‍යාස
මතක තබා ගැනීම ගුරුන්ටත්
අපහසු බැවින් නිතර ලිවීම සහ
අක්‍ෂර වින්‍යාසය ගැන
උනන්දු වීම සුදුසු බව මම
සිතමි.

න,ණ,ළ,ල ආදී ඉදිරි පාඩම් වලදී
අපි මේ ගැන ගැඹුරින් සලකා
බලමු.

"දියනා" යන වචනය හතරාකාර
අදහස් දෙන අයුරින්
ලියැවුනු කවියක් අනුරාධ
විසින් සමුහයට ලියුවා
මතකයි. ගද්‍ය රචනයේදී
කවුරුත් දන්නා වචන භාවිතා
කලද පද්‍ය රචනයේදී නැවුම්
වචන යොදා ගැනීම සම්මත
සිරිතකි.

ලේ දං/දණ්/ලේ දන් ‌දෙන්න! යන
ගැටලුව ගත්කල

දං යන්න යෙදෙන අනිත්
අවස්ථාවක් නම් දං ගෙඩිය,

මූර්තජ ණයන්නෙන්
සාමාන්‍යයෙන් වචන ඉවර
වන්නේ නැහැ,

දන්සැල, දන්ගෙය ආදියේ දන්
යෙදෙන්නේ දානය යන අදහසිනි.
එමනිසා නිවැරදි උච්චාරනයය
නම් දන් දෙන්න.
ලේ දන් දෙන්න! නිවැරදියි.

න් වෙනුවට ං යෙදෙන අවස්ථා ජන
වහරේ පද්‍ය රචනයේ තියනවා
පිං, රංබණ්ඩා, නිරංජන් , මං,
යං,පං

අද ගොයන් ඉන්දන දවසයි.
මම ඔවුන් ඉන්දවා අන් අයව
සොයා ගියෙමි.
රජ මැති ගෙයි ඉඳුවා (ඉන්දවා) -


fuel යන්න ශබ්ද කෝශයේ තිබෙන්නේ
ඉන්දන නමින්
http://www.lanka.info/dictionary/EnglishToSinhala.jsp

ඉන්ධන යන්න විද්‍යත්මක
වචනයක් ලෙස සිතුවහොත්
'බන්ධන' යන්න උදහාරණයක්.

ඉන්ධන පිරවුම්හල - සංස්කෘත
ඉන්දන පිරවුම්හල - හෙළ

අවුල දැන් ලිහා ගන්නට
පුලුවන්ද ?

Reply all
Reply to author
Forward
0 new messages