සිංහලෙන් ගණන් කිරීම

2,304 views
Skip to first unread message

අබ්දුල් අහද්

unread,
Sep 26, 2010, 10:08:18 PM9/26/10
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අවුරුදු ගණනාවකට උඩදී ගුවන් විදුලි වැඩසටහනක (1988/9 - නෙස්ප්‍රේ කැදැල්ල
කියලා ළමා වැඩසටහනක) දහයේ 55 වන බලය (1 බිංදු 55) වනතුරු සිංහල ක්‍රමයට
ගණන් කරන හැටි ඇහුවා මතකයි. මතක තියෙන හැටියට මේක සකස් කළා. හැබැයි
ප්‍රකෝටියෙන් පස්සේ කොතන හරි වැරැද්දක් වෙලා තියෙනවා. හේතුව, නහුතය
කියන්නේ දහයේ 27 වන බලය බව හොඳට මතකයි. දන්න කට්ටිය කරුණා කරලා වැරදි
නිවැරදි කරලා පුළුවන් නම් සම්පූර්ණ කරන්න.

10^1 දහය
10^2 සියය
10^3 දහස
10^4 දස දහස
10^5 ලක්ෂය
10^6 දස ලක්ෂය
10^7 කෝටිය
10^8 දස කෝටිය
10^9 සිය කෝටිය
10^10 දහස් කෝටිය
10^11 දස දහස් කෝටිය
10^12 ලක්ෂ කෝටිය
10^13 දස ලක්ෂ කෝටිය
10^14 ප්‍රකෝටිය
10^15 දස ප්‍රකෝටිය
10^16 සිය ප්‍රකෝටිය
10^17 දහස් ප්‍රකෝටිය
10^18 දස දහස් ප්‍රකෝටිය
10^19 ලක්ෂ ප්‍රකෝටිය
10^20 දස ලක්ෂ ප්‍රකෝටිය
10^21 කෝටි ප්‍රකෝටිය
10^22 දස කෝටි ප්‍රකෝටිය
10^23 සිය කෝටි ප්‍රකෝටිය
10^24 දහස් කෝටි ප්‍රකෝටිය
10^25 දස දහස් කෝටි ප්‍රකෝටිය
10^26 ලක්ෂ කෝටි ප්‍රකෝටිය
10^27 දස ලක්ෂ කෝටි ප්‍රකෝටිය
10^28 නහුතය

ස්තුතියි

Ishan De Silva

unread,
Oct 2, 2010, 11:46:09 AM10/2/10
to sinhala...@googlegroups.com
“දශ දශයෙක් නම් -----> සියයෙක
දස සියයෙක් නම් -----> දහසෙක
සියක් දහසෙක් නම් -----> ලක්ෂයෙක
ලක්ෂ සියයෙක් නම් -----> කෝටියක
කෝටි සියයෙක් නම් -----> ප්‍රකෝටියක
ප්‍රකෝටි සියයෙක් නම් -----> කෝටි ප්‍රකෝටියක
කෝටි ප්‍රකෝටි සියයෙක් නම් -----> නහුතයක
නහුත සියයෙක් නම් -----> නින්නහුතයෙක
නින්නහුත සියයෙක් නම් -----> හුතනහුතයෙක
හුතනහුත සියයෙක් නම් -----> ඛම්‍භයෙක
ඛම්භ සියයෙක් නම් -----> විෂ්කම්භයක
විෂ්කම්භ සියයෙක් නම් -----> අකෙෂෟභිණියෙක
අකෙෂෟභිණි සියයෙක් නම් -----> බින්දුවෙක
බින්දු සියයෙක් නම් -----> අද්බුදයෙක
අද්බුද සියයෙක් නම් -----> නිරබ්බුදයෙක
නිරබ්බුද සියයෙක් නම් -----> අබබයෙක
අබබ සියයෙක් නම් -----> අටටයෙක
අටට සියයෙක් නම් -----> අහහයෙක
අහහ සියයෙක් නම් -----> කුමුදයෙක
කුමුද සියයෙක් නම් -----> සෞගන්ධියෙක
සෞගන්ධි සියයෙක් නම් -----> උත්පලයෙක
උත්පල සියයෙක් නම් -----> පුණඩරීකයෙක
පුණඩරීක සියයෙක් නම් -----> පදුමයෙක
පදුම සියයෙක් නම් -----> කථානයෙක
කථාන සියයෙක් නම් මහා -----> කථානයෙක
මහා කථාන සියයෙක් නම් -----> අසංඛ්‍යයෙක

සද්ධර්මාලංකාරය ඇසුරෙනි.“

http://www.elakiri.com/forum/archive/index.php/t-216360-p-4.html හි සඳහන් වූ දෙයකි.

- ඉෂාන්

2010/9/27 අබ්දුල් අහද් <shafie....@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.



--
Obey the Lanes and Travel Quickly
- frequent lane switching obstructs efficient flow of traffic -
www.mahamagatapansil.org

Tharindu Lakshitha

unread,
Oct 4, 2010, 7:37:01 AM10/4/10
to sinhala...@googlegroups.com
mata podi udauwak karanawada? Mage computer eke thiyenne windows 7.
Mama word walin sinhala type karanakota podi leda wagayak awa.
akurakota kombuwai , halkireemai 2ma ekata danakota hariyata enne na.
me balanna.

ෙට් ටේ

menna me wage leda enawa. Mata meka niwaradi karaganna karanna ona de
kiyala denawada pls...

අබ්දුල් අහද්

unread,
Oct 10, 2010, 2:37:49 PM10/10/10
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
නහුතය දාලා google search එකක් කරාම ලැබෙන results කිහිපයකම සඳහන් වෙනවා
නහුතය කියන්නේ 10^27 කියලා. මේ නිසා මෙතන වැරැද්දක් තිබෙන බව මට හිතෙනවා.

> http://www.elakiri.com/forum/archive/index.php/t-216360-p-4.htmlහි සඳහන් වූ


> දෙයකි.
>
> - ඉෂාන්
>

> 2010/9/27 අබ්දුල් අහද් <shafie.mari...@gmail.com>

> >http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.

Reply all
Reply to author
Forward
0 new messages