සිදත් සඟරා පාඩම - අංක 2

8,755 views
Skip to first unread message

Anuradha Ratnaweera

unread,
Apr 8, 2006, 5:30:07 AM4/8/06
to Sinhala...@googlegroups.com
හිතවත් මිතුරනි,

කලින් ආරම්භ කල ව්‍යාකරණ පාඩම ඉදිරියටම ගෙනියමු. අනවශ්‍ය දේ වලටත් ගොඩක්
කාලය නාස්ති වුනානෙ. නිරංජන් කියුව වගෙ කාලය හරි වැදගත්. එ වගේම අපේ
තිබුනු මිත්‍රශීලි සුහද සංවාදත් අඩු නැතිව කරගෙන යමු... :-)

අපි මුලින්ම කලේ සිදන් සඟරාවෙ මුල් කවිය. ඊලඟට සපුමල් වදන් කවි පොතෙන්
පාඩමක් කලා. මෙන්න සිදත් සඟරාවෙන් තවත් පාඩමක්:

සන් සඳ ලිඟු විබත් සමස් පියවි
පස කිරිය ලොපදෙස් අගම් පෙරරූ දෙරූ පෙරලී
අඩු වැඩි නිපා නියම්, අනියම් අවිදුමන් විදි
වී විසි වැදෑරුම් වියරණ විදි සපයා

මේ කවියෙන් කියවෙන්නේ, සිදත් සඟරාවේ ඇති වියරණ (ව්‍යාකරණ) විදි විස්සයි.

1. සන්: සංඥා
2. සඳ: සන්ධි
3. ලිඟු: ලිංග
4. විබත්: විභක්ති
5. සමස්: සමාස
6. පියවි: ප්‍රකෘති
7. පස: ප්‍රත්‍ය
8. කිරිය: ක්‍රියා
9. ලොප: ලොප් කිරීම
10. (අ)දෙස්: ආදේශ
11. අගම්: ආගම
12. පෙරරූ: පූර්ව රූප
13. දෙරූ: ද්විත්ව රූප
14. පෙරලී
15. අඩු
16. වැඩි
17. නිපා: නිපාත
18. නියම්
19. අනියම්
20. අවිද්‍යාමාන විදිය

ඊලඟ මාසය වගේ ඇතුලට මේ වියරණ විදි විස්ස සම්පූර්ණ කරන්න මම උත්සාහ කරන්නම්.

අනුරාධ
--
http://www.linux.lk/~anuradha/
http://anuradha-ratnaweera.blogspot.com

නිරංජන්෴

unread,
Apr 8, 2006, 2:19:21 PM4/8/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
අගෙයි, අගෙයි අනුරාධ
ඔහොම යං,ඔහොම යං

සිල්ප සයුරේ සිංහල පලවැනි
පාඩම 1.001
ගූණ අගුණ සඳහා ඉදිර්පත්
කරමි

සිංහල අ්කෂර මාලාව
සිංහල අ්කෂර මාලාව හෙවත්
සිංහල හෝඩිය භාෂා භාවිතය
අනුව ශුද්ධ සිංහල හෝඩිය හා
මිශ්‍ර සිංහල හෝඩිය ලෙස
ව්‍යාකරණ ග්‍රන්ථ වල
හැඳින්වේ. ශුද්ධ සිංහල
හෝඩියේ අකුරු 32 කි. එහි
මහප්‍රාණ නැත. පුරාණ පොත පත
හා කාව්‍ය ග්‍රන්ථ ලියවී
ඇත්තේ එයිනි. මිශ්‍ර සිංහල
හෝඩියේ අකුරු 54කි.

අද භාවිතාවන සිංහල හෝඩියේ
පාලි හා සංස්කෘත අකුරුද, ෆ
යන අකුරද ඇතුලත්ය. ඏ ඐ අකුරු
භාවිතා නොකෙරේ.

ස්වර නොහොත් පණකුරු 16 කි.
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ

ව්‍යංඦන නොහොත් ගතකුරු 43 කි.
ක ඛ ග ඝ ඞ ඟ
ච ඡ ඦ ඣ ඤ ඦ ඥ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ ෆ
ය ර ල ව
ශ ෂ ස හ ළ
ං ඃ (අං අඃ)

මිශ්‍ර සිංහල හෝඩියේ
මහප්‍රාණ 10 කි
ඛ ඝ ඡ ඣ ඨ ඪ ථ ධ ඵ භ

ඛ - දුක්ඛ, ප්‍රමූඛ
ඝ - සංඝ, පරිඝණකය
ඡ - ඡායාරූපය, සාකච්ඡාව,
ඣ - පිරිත් සඦ්ඣායනය
ඨ - පාඨශාලාව, ඨුපාරාමය
ඪ - පෞඪ, ආරූඪය
ථ -පථය, රථය,
ධ - අනුරාධපුරය, අවබෝධය
ඵ - ප්‍රතිඵලය, නිශ්ඵලවූ
භ - අභය , භාවිතාව

සිංහල බස ඦාත්‍යන්තර
පිළිගැනීමකට ලක්ව ඇත්තේ
යුනිකෝඩ් නම් ප්‍රමිතිය
අනුවය. එස් එල් එස් 1134 යන
ශ්‍රී ලංකා ප්‍රමිතිය අනුව
එය සැකසී ඇත. ඔබ දකින මෙම
පාඩම හා ශිල්ප සයුර සිංහල
යුනිකේත ප්‍රමිතිය අනුව
සකසා ඇත.

ස්වර වෙනුවට පිල්ලන් යෙදීම
අ ා ඇලපිල්ල -
ඇ ැ ඇදය
ඈ ෑ දීර්ඝ ඇදය
ඉ ි ඉස්පිල්ල
ඊ ී දීර්ඝ ඉස්පිල්ල
උ ු පාපිල්ල
ඌ ූ දීර්ඝ පාපිල්ල
ඍ ෘ ගැටය සහිත ඇලපිල්ල
ඎ ෲ ගැටය සහිත ඇලපිලි දෙක
එ ෙ කොම්බුව
ඒ ේ කොම්බුව සහ හල් කිරීම
ඓ ෛ කොම්බු දෙක
ඕ ෝ කොම්බුව සහ හල් ඇලපිල්ල
ඖ ෞ කොම්බුව සහ ගයනුකිත්ත
ය්ය ්‍ය යංශය
ර්ම ර්ම රේපය
ත්‍ර ්‍ර රකාරාංශය
අං ං බිංදුව
අ ඃ බිංදු දෙක

ක+ආ -->කාලය
ක+ඇ --> කැලය
ක+ඈ --> කෑරලා
ක+ඉ --> කිරණ
ක+ඊ --> කීර
ක+උ --> කුඹුර
ක+ඌ --> කූර
ක+ඍ --> කෘදන්ත
ක+ඎ --> කෲර
ක+ෙ --> කෙල්ල
ක+ේ --> කේතුව
ක+ඓ --> කෛ
ක+ඕ --> කෝමල
ක+ඖ --> කෞශල්‍ය
ව+්ය --> කාව්‍ය
ර+් --> කාර්ය
ක+්‍ර --> ක්‍රමය
ං බිංදුව --> අංකෙලිය
ඃ බිංදු දෙක -->අඃ

ඇදය හා දීර්ඝ ඇදය ත්‍රසව
මාත්‍රාංශය හා
දීර්ඝ මාත්‍රාංශය ලෙසින්
පැරණි පොත්වල දැක්වේ.

පහත ආකාර වචන 20 ක් බැගින්
සොයන්න

තෛලය,වෛද්‍ය,සෛලය,වෛරය
කෘතිම, වෘන්දය,කෘදන්ත
ගෲෂා, පෲෆ්, බෲක් බොන්ඩ්
අනිත්‍ය, මධ්‍ය, රාඦ්‍ය,
සාවද්‍ය
ගෞරවය, කෞශලී, කෞරව,මහෞෂධ
෴ කුණ්ඩලය පැරණි ග්‍රන්ථවල
අවසානය දැක්වීමට යොදා
ගැණිනි.

සරල අකරාදිගත කිරීම්වල
භාවිතා කරන අ්කෂර අනු
පිළිෙවල නම්
අ ආ ඇ ඈ ඉ ඊ
උ ඌ එ ඒ ඔ ඕ
ක ග ච ඦ ට ඩ
ත ද න ප බ ම
ය ර ල ව
ස හ ල අං

නිරංජන් මීගම්මන෴
http://www.sinharaja.com

Anuradha Ratnaweera

unread,
Apr 9, 2006, 3:00:41 AM4/9/06
to Sinhala...@googlegroups.com
On 4/9/06, නිරංජන්෴ <uni...@info.lk> wrote:
>
> ශුද්ධ සිංහල හෝඩියේ අකුරු 32 කි.

සිංහල බසට වෙසෙසි "ඇ" යන්න, පැරණීම සිංහල හෝඩියේ දක්වා නැත. උදාහරණයක්
ලෙස, සිදත් සඟරාවේ පලමු වියරණ විදිය වන සන් (=සංඥා) වල දක්වා ඇත්තේ ස්වර
(පණකුරු = ප්‍රාණාක්‍ෂර) 10කින් යුත් අකුරු 30ක හෝඩියකි (ඇ සහ ඈ නොමැතිව)
- "පණකුරු පසෙක් එද ලුහු ගුරු බෙයින් දසවේ, අ ආ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ මේ දස
පණකුරු නම්". නමුත් සිදත් සඟරාව පුරාවට ම ඇ යන්න භාවිතා වේ (උදා: "පසැස්
ඈ සරලොප් නැතද සර ගතට පැමිණවූ බැවින් සර සඳ නම්")... :-)

වෙනත් දකුණු ආසියානු භාෂා වලට ඇයන්න අමුත්තෙකි (උදා: දමිල, හින්දි).

කොලඹ යුගයේ ඇ යන්න පිලිබඳ මේ "ගැටළුව" ප්‍රසිද්ධ වූයේ, කුමරතුඟුවන් සමග
පැවති "කට ඇද වාදය", එනම් ඇයන්න කීමේදී කට ඇද වන බවට සමහරෙක් කීම නිසා
ඇතිවුන විවාදය නිසායි.

නිරංජන්෴

unread,
Apr 10, 2006, 4:19:40 PM4/10/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
පාඩම තවත් ලස්සන වූවා, කට ඇද
වාදය පිළිබඳ කරුණින්
සිංහල පලමු පාඩමට එකකු
කරගන්නවා මෙයත්
හොඳ පදනමක් සත්තයි මේ
පාඩම්වැල ඇමිණෙන මුතුසේ
අප ආපසු යනවා ගුරුගෙදරට
සියුකේතයෙන්
Reply all
Reply to author
Forward
0 new messages